Monday, December 30, 2013

Good Bye 2013


දෙසැම්බර් 30ත් වෙලා... 2013 ඉවර වෙන්න තව දවසයි... මේ ටිකේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා අද තමයි දිනේ කවද්ද කියලත් මතක් උනේ... කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් කියන්නෙ මොන තරං ජොලි කාලයක්ද කියල... අද ලියන්න හිතුනෙ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් 31 ගැන... 

ඒ කාලේ වීසීඩී / ඩීවීඩි ප්ලෙයර් තිබ්බෙ නෑ නේ හැම ගෙදරකම... ඩෙක් පීස් ප්ලෙයර් එකක් තිබ්බෙත් එහෙමත් ගෙදරක තමයි... අපේ ගෙදරත් ටීවී එක තමයි සැපට දුකට හූනියම් පෙට්ටිය වෙලා හිටියෙ...ඉතිං 25 වෙනිද වෙනකොට පටං ගන්න නත්තල් ෆිල්ම් වල ඉඳලා 31 රෑ තියෙන බහුබූත ටික බලාගන්න සැදී පැහැදී ඉන්නෙ.... හි හි... 

31 රෑ, ඡන්දෙ දවස් එහෙම කොච්චර ඇඩ් දැම්මත් රෑ එළිවෙනකං බෙල්ල කඩං බලන දවස් තමයි... මුලදි නං එක එක ෆිල්ම්ස් දැම්මත් පස්සෙ පස්සෙ මියුසිකල් ෂෝ දාන්න පටං ගත්තනෙ.. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක... ඒක මහපාරට ගෙනාපු එක තමයි විශේෂත්වයකට තිබ්බෙ මට මතක විදියට... ඒ භාතිය සන්තුෂ්ලා ආපු කාලේ... ඒ ඇරෙන්න මට නං මියුසිකල් ෂෝ අල්ලන්නෙම නෑ.. ඒක හින්ද 31 රෑ නිදා ගන්න පුරුදු උනා ඊට පස්සෙ... 

ඊට පස්සෙනෙ ඔය රිදී රැයක් කතාව පටං ගත්තෙ... මතක විදියට මුලින්ම අනුග්‍රහය මන්චි එකෙන්.. එතකොට ඒක මන්චි රිදී රැයක්... දැන් නං ලංකාවෙ කලාකරුවො සංගම් දෙකක් වෙන වෙනම ෂෝ දෙකක් කරනවා මං දන්න විදියට... ඒක නං එක්තරා විදියක විකාරයක් විදියට මට පෙනුනට මං කලාකාරයෙක් නොවෙන නිසා ඕවයෙ ඇතුලේ කේස් දන්නේ නෑ... 

කොහොම උනත් මං මේ කියන්න ගියේ රිදී රැයක් මුලදි මාර ගති... අපි හින්දි සහ ඉංග්‍රීසි ඔය වගේ ෂෝ බලලා තිබ්බට ලංකාවෙ නළු නිළියෝ, ගායකයෝ හති මුනි දාගෙන ස්ටේජ් එකක් උඩ නටනවා දැකලා තිබ්බෙ නෑ නේ කලින්... හි හි... මට හොදට මතක එකක් තමයි අර ආරිච්චි බෝරිච්චි සින්දුවට නළු‌ෙවා ටිකක් ගෑණු වගේ ඇඳගෙන ආපු එක.. ඒක නං තාමත් මතක් වෙනකොට හිනා යනව... තව ලස්සන අයිටම් තිබ්බ බලන්න ආස හිතෙන විදියෙ.. ඒත් ළගකදි නං රිදී රැයක් එකත් බලන්න කම්මැලි ගතියක් තියෙනව.. මෙදා පාරත් ෂෝ එකක් තියෙන බව දැනගත්තට එච්චර උනන්දුවක් නෑ බලන්න නං... ඒත් ඉතිං ඔය වයෝවෘධ කලාකරුවන්ට උදවු කරන කතාවක් තියෙන නිසා සිනෙ රිදී රැයක් ෂෝ එක කරන එක නරක නෑ.. ( මට දැන් ඔය සංගම් දෙකේ ෂෝ දෙක මොනාද කියල තෝර බේර ගන්න බෑ... එකක් රූපවාහිනියේ යනවා, අනික ස්වාධීනෙ යනවා මං හිතන්නෙ..)  

කොහොම හරි මේ ලිව්වෙ ඉස්සර 31 රෑ ගත කරපු හැටි... දැං නං දෙසැම්බර් 31 කියන්නෙත් අනිත් මාස වල 31 වගේම තමයි.. විශේෂයක් නෑ... මොකද මේ ඩිසයින් වැඩේ එක්ක මට දවස් යනවා මතකයක් හිටින්නෙ නැති හින්ද... කොහොම උනත් සමහර ඩිසයින් වලට මසයක් විතර යනව... ඒ වෙලාවට නං හිතෙනවා අම්මපා ග්‍රැෆික්ම කරගෙන හිටියනං ඉවරයි කියල.. වැඩිම ලොකු වැඩකට උනත් ඕන්නං සතියක් යයි... හි හි... 

ඒ උනාට හිතේ ආසාව තියෙන නිසා කරගෙන යනවා බිස්නස් එකක් විදියට නොවුනත්... බිස්නස් එකක් කියන්නෙ සල්ලි හොයන්න කරන දෙයක්නෙ.. දවසක් අර සහන් කිව්ව වගේ විනෝදාශයක් බිස්නස් එකක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.... එකක් අපේ රටේ ආර්ථිකය.. අනිත් එක මිනිස්සුන්ගේ මානසික මට්ටම... 

කොහොම උනත් විනෝදාංශයක් විදියට කරපු දෙයක් බිස්නස් එකක් උනාම ඒකෙ කොලිටිය බාල වෙනව කියල මට හිතෙනව... අපේ රටේ ශ්‍රමයට සහ නිර්මාණශීලීත්වයට ලැබෙන්නෙ බොහොම අඩු මිලක්... ඒත් ඇත්තටම කොලිටිය තියෙනව නං වෙළඳපොළක් නිර්මාණය කරගන්න අමාරු නෑ කියල මම හිතනව.. ස්ථාවර වෙන්න යම් කාලයක් ගත උනත් ඒ ව‌ෙග් ව්‍යාපාරයක් යම් කාලයකදි සාර්ථක වෙනව... එතකං අල්ලං ඉන්න එකයි තියෙන්නෙ ... හි හි... 

මේ ටිකේම ඇති වෙන්න බැනුම් ඇහනව... උදේ ඉඳන් ටීවී සිරීස් එකක් දාගෙන ඉන්නකෙට අපේ මහත්තයා බයිනවා ඕක දැං වත් ඕෆ් කරනවකෝ කියල... ඒත් මට ඒක ඕනෙ.. මොකද ටීවී සීරීස් එකක තියෙන රිදම් එකත් එක්ක මගේ වැඩෙත් එක දිගටම යන නිසා.. මට අහල පහල සද්ද බද්ද වලින් කන් දෙක නිදහස් කරගැනීමේ උවමනාව තියෙන නිසා... ෆිල්ම්ස්, සින්දු හරි යන්නෙ නෑ මේ වැඩේට... මේ දවස්වල White collar & The Mentalist තමයි මගේ උදව් කාරයෝ වෙලා ඉන්නෙ... අනිත් ඒවයෙ සද්ද බද්ද වැඩියි... 

කොහොම උනත් ආපස්සට හැරිලා  බැලුවාම 2013 මං හිතපු තරං නරක නෑ ... ඒ කියන්නෙ කොච්චර කලු වලාකුලක උනත් රිදී රේඛාවක් හොයාගන්න මට බැරි කමක් නෑ කියල එක කියල මට හිතෙනව.. මගෙ පැත්තෙන් බැලුවම ඒකම ලොකු ජයග්‍රහණයක්... 

බ්ලොග් කටුවෙත් මාසෙකට පෝස්ට් දෙකක් හරි අඩුම ගානෙ වැටෙන විදියට ලියවිලා තියෙනව.. දැනුත් වෙලා තියන්නෙ ලියන්න දේවල් නැතිකමක් නෙවෙයි.. වෙලාව මදි කමක්.... මොකද පෝස්ට් ලිව්ව වගේම කමෙන්ට් කියවන්න සහ රිප්ලයි කරන එකත් මගේ යුතුකමක් විදියට සලකන නිසා ඒකටත් කාලය වෙන් කරන්න ඕනෙ... පහුගිය ටිකේ පෝස්ට් කියවීම බොහෝ දුරට මඟෑරුනා.. ඒත් නොකියවාම හිටියෙ නෑ... ‌කොහොම උනත් බ්ලොග් කියවීම පත්තර, පොත් කියවීම වෙනුවට ආදේශ වෙලා තියෙන නිසා ඒක අතෑරෙන එකක් නං නෑ මට...

දැං ඉතිං 2013ට බායි කියලා 2014ට වෙල්කම් කියන්න කාලෙ හරි.... හි හි.. 


118 comments:

  1. අඩේ ඔන්න එහෙනම් හීරූටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    31 රෑ මට වාම් පාටි තමා....

    ReplyDelete
    Replies
    1. වාම් පාටි වත් තිබ්බනං බැරියැ නේ... මං නං සුබ පතන්න පරක්කුයි මෙදා පාර...

      Delete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා හිරූ..
    පටන් ගත්ත බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා..:)

    ReplyDelete
  3. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් හිරු ඇතුළු සියලුම බ්ලොග් කරුවන්ට.

    මම අලුත්ම අලුත් බ්ලොග් කරුවෙක් මගේ පළමු ලිපිය කවුරුවත් කලින් නොලියපු දෙයක් ගැන ඒ තමයි. අපි කප් ගැසුවේ sex වලින් පමණද? මගේ බ්ලොග් එකට නාව අය ඇවිත් කියවලා කමෙන්ට් කර සහය පලකරන්න.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... මං නං පරක්කුයි සුබ පතන්න‌...

      කලින් කවුරුවත් නොලියපු...?? ෂුවර්ද.... හි හි....

      එන්නං බලන්න...

      Delete
  4. අපි ඩෙක් එක කියලා කිව්වට ඕකේ නම වී.එච්.එස් ප්ලේයර් ද කොහෙද. ටේප් එක පුස්කන එක තමයි ඕකේ තියන ලොකුම අවුල. ටීවී ප්‍රොග්‍රෑම් බර ගාණක් රෙකෝඩ් කරලා තිබ්බත් කාලෙකින් ඒවා බලන්න බැරි වෙන්නම පුස් කාලා...

    31 රෑ... බොහෝ වෙලාවට යාලුවෝ ටිකක් එකතුවෙන දවසක් දැන් අවුරුදු කීපෙක ඉඳන්. හෙටත් එහෙම වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. හිරුටත් අපේ මහත්තයාටත් සුභ 2014ක් වේවා.

      ඔව් තිසර. ඕකට කියන නියම නම වී සී ආර් එක නොහොත් video cassette recorder. VHS සහ බීටාමැක්ස් කියලා ෆෝම්මැට් දෙකක් තිබ්බා ඔය ටේප් වල. ලංකාවේ ජනප්‍රිය වුනේ VHS.

      Delete
    2. ඔන්න දැනුයි මතක් උනේ ඒ නම්... හි හි...

      පරක්කු වෙලා එසේම වේවා කියන්න තමයි ඉතිං වෙන්නෙ දැං...

      Delete
  5. මුල් කාලෙ රිදී රැයක් ස්ක්‍රිප්ට් එක ලිව්වෙ බන්දුල නානායක්කාරවසම්. මනුස්සය වගේ ඕකට දක්ෂ අය අඩුයි. දැන් ලියන්නෙ වෙන අය. ඒකයි මූලික වෙනස.

    සුභ 2014 වේවා!

    ReplyDelete
  6. මට අළුත් අවුරුද්දේ වීනස් ප්‍රතිමාවක් ඕන.. හැක්..

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන එක ..?

      Delete
    2. එච්චරයි අඩු වෙලා තියෙන්නෙ දැං... හි හි

      Delete
  7. සුබ අළුත් අවුරුද්දක් වේවා හිරුවෝ......අළුත් අවුරුද්දටත් බිස්නස් එක ජයටම කර ගෙන යන්න හැකියාව ලැබේවා... ඒ වගේම තව අළුත් බිස්නස් කරන්න අදහසක් හිතේ තියේ නම් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේවා......

    ReplyDelete
    Replies
    1. එසේම වේවා බටිටියටත්...

      Delete
  8. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක...

    මේ වර්ශ 2000 ලබනකොට තියපු සගීත ප්‍රසංගය නේද ?? මට මතක ඒ විදියට
    මතක අති කාලෙ ඉදං 31 රෑ අපි හිටියෙ පන්සලේ .. පිරිතක් කියනව වාර්ශිකව අලුත් අවුරුද්ද ලබන මොහොතේ.. ඉතින් නෝ ටී.වී.. නෝ ෆිල්ම්ස්...

    සුභ නවවසරක් වේවා හිරු අක්කේ ..

    ReplyDelete
    Replies
    1. //මට මතක ඒ විදියට මතක අති කාලෙ ඉදං 31 රෑ අපි හිටියෙ පන්සලේ//
      same fate සමියෝ. බෑ කිවුවොත් කනෙන් ඇදගෙන හරි අපේ අම්මා පන්සලට එක්කගෙන යනවා පිරිත් අහන්න.

      Delete
    2. හොඳ වෙලාවට අපේ ගෙදර කට්ටියට පන්සල් යෑම අගුණයි තාම... හි හි

      Delete
  9. Replies
    1. අඩෝ උබ තවත් පොඩ්ඩක් කෙටියෙන් ලියපන් 2014 කියල විතරක්....

      Delete
    2. හා හා මේ අපේ කකාට එහෙම කියනවද !!

      කකා තරහ අවසර ඕං !!

      Delete
    3. ගාලු...උඹ මටත් වඩා වයසින් අඩුයි...එහෙව් එකේ කකා වගේ වැඩිහිටියෙක්ට එහෙම කථා කරන එක කැතයි....

      Delete
    4. අඩේ හැමෝටම සමාවෙන්න ඕන.... විශේෂයෙන් කකා අයියේ...
      ... මොකද මම දන්නෙ නෑ වයස... මම හිතුවෙ ඇත්තටම සම වයස් කියල.... මගෙන් උන අත්වැරැද්දට හැමෝටම සොරි.....

      Delete
    5. අම්මපා කකා... හි හි

      Delete
  10. 2014 වසර තුළදී අපේ දිහාත් දෙන්නා තුන්දෙනා වෙන ලකුණු තියෙනවා... ලබන්නා වූ නව වසරට සුබාසිරි හිරු.... හිරුගේත් ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. වැඩි වැඩියෙන් වෙළඳපොළ තුළ සක්‍රීය දායකත්වයක් දැරීමට හැකි වේවා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං තුන්දෙනාටම සුබපැතුම්.

      Delete
    2. සහන් අයියාටත් එහෙනම් සුභපැතුම්.......!!! :)

      Delete
    3. කොල්ලෙක් උනොත් මගේ නම දාපං !!

      ආයෙ මොනාද සීදේවියට ඉඳී නමේ හැටියටම !!

      බොරු නං දාල බලපං මං කීවට !!

      Delete
  11. කිරි දරුවෙක් අඬන සද්දේ අහන්න ලැබෙන සුබ නව වසරක් වේවා ! :)

    ReplyDelete
    Replies
    1. අපොයි එකක් නෙවෙයි... දෙතුන්දෙනෙක්ම ඉන්නවා බලාපොරොත්තුවෙන්... අහන්න බැරියැ ඇඬුම් සද්ද ඕනෙ තරං.. හි හි...

      Delete
  12. හිරුට සිතන පතන දේ එලෙසින්ම ඉටුවෙන, දීප්තිමත් නව වසරක් ප්‍රාර්තනා කරනවා!!! :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් එසේම වේවා...

      Delete
  13. තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙන
    සුබ නව වසරක්!!
    මටත් අර මොණරෙක් ඕන ඈ....

    ReplyDelete
    Replies
    1. මොණරු නං බැරියැ... හි හි

      Delete
  14. සුභ පැතුම් නව වසරට අක්කෝ !!! කාලෙකින්ද මන්දා මේ ගොඩ වුණේ :) 

    ReplyDelete
    Replies
    1. මාත් මදාරව දැක්කෙ කාලෙකින් තමයි... හි හි

      Delete
  15. අවුරුද්ද එනවා අවුරුද්ද යනවා. මම ජනවාරි පලමුවනිදට මගේ අඩවි දෙකෙන්ම කියන්නම් අවුරුද්ද ගැන මම හිතනදේ.

    අපේ උන්දැත් ටී.වී. එකේ යන ඉවුම් පිහුම් බලාගෙන දවස පුරාම පොත්වල ලියනවා. උයන දවසක් තමයි නැත්තේ. :D

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයට පුලුවංනෙ ඒ ලියාගත්ත ඒව අත්හදා බලන්න. :D

      Delete
    2. හනෙ අම්මෙ... මං ඕවට නෑ... රෙසිපි පොතක් තියෙනව ඔය හදිස්සියට බලාගන්න.. හි හි

      Delete
  16. හිරූටත් සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවා.

    අපිටනං ඉතිං දෙසැ. 31 කියල වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙම තමයි බිසි අයට...

      Delete
  17. වැඩි වැඩියෙන් හිරු පායන සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා උමේෂ්ටත්...

      Delete
  18. 2014 බිස්නස් සාර්ථක වෙන සුබ නව වසරක් වේවා හිරු.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. මොකද මේ ටිකේ සද්ද බද්ද නැත්තෙ ඉවාන්.....

      Delete
  19. සුභ නව වසරක් වේවා හිරූ අක්කෝ.......!

    ඇයි එක පාරක් සංගීතායි ජැක්සන් ඇන්තනියි නැටුවේ මෆට් වගේ.."අහා හැඩයි රූපේ " සින්දුවට...මගේ හිත ගත්තේ ඒක තමයි වැඩිපුරම..

    ReplyDelete
    Replies
    1. ඒක මටත් මතක යි! සංගීතා කොණ්ඩේ එහෙම ගොතලා දෙමළ ගෑනු ළමයෙක් වගේ නටපු එක නේද?

      Delete
    2. රෙහානිටත් එසේම වේවා....

      ඔය වගේ හිනා යන ඒවා තිබ්බ තමා...

      Delete
  20. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් .. ඔයාගේ අත්කම් නිර්මාණ වල වැඩි අගයක් ලබන වසරේදී එකතු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔමාටත්...

      Delete
  21. සතුට,සෞභාගය පිරි නව වසරක් වේවා!හිරුවෝ

    ReplyDelete
    Replies
    1. ශානුටත් එසේම වේවා.... මං නං මෙදා පාර හොදටම පරක්කුයි.. හි හි

      Delete
  22. එළඹෙන 2014 නව වසර ඔබ දෙපලට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද මුලදිම බොහොම දුක් සහිත ආරංචියක් ලැබුනත් ජීවිතේ තවදුරටත් ඉදිරියට යා යුතුයි කියල දන්න වැඩිහිටියෙක් හැටියට හැලපයියටත් පවුලෙ කට්ටියටත් 2014 සාර්ථක වසරක් වේවා කියල පතනවා....

      Delete
  23. සුබ නව වසරක් වේවා හිරුටත්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලීන් අයියටත්...

      Delete
  24. හිරු අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2014 දී හරි අර මොනරා හදන හැටි අපිට කියලා දුන්නා නං :)

    ReplyDelete
    Replies
    1. හරි සිම්පල්.. ෆොටෝ ගන්න බැරි කේස් එකක් තමයි තියෙන්නෙ ඒකට... හි හි

      Delete
  25. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හනේ දෙයියනේ... ඇයි අප්ප නොවෙන දේවල් මතක් කරන්නෙ අවුරුද්ද මුලම.... හි හි

      Delete
  26. මේක කියවද්දී මට අර පරණ විදුසර (1990 ගණන්) වල ගිය දිනපොත ද මොකද්ද ඒ සටහනේ තිබ්බ ගතිය මතක් උනා. මේ අවුරුද්ද නම් අපෝ.... කියන්න වෙන අවුරුද්දක්. වැඩිම කියන්නේ මේ සටහන උදේ කියෙව්වේ වහලේ උඩ ඉඳල. මේ කමෙන්ට් එක දාන්නේ සාලේ කොනකට වෙලා.. අපූ මහා එපා කරපු අවුරුද්දක්. බ්ලොග් එක නම් ලියවුනා තමයි මගෙත්. ඒ උනාට අනික් ඒවා නම්....
    අක්කටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හි හි... ඕවා ඔ‌ෙහාම තමයි මලයා... ගනං ගන්න එපා.. ජීවිතේට අවුරදු ගොඩක් තියෙනව...

      Delete
  27. හිරුට පට්ට බිසි කියන්නෙ ඉතිං සරුයි කියන එකනෙ..මම කිව්වෙ ව්‍යාපාරය දියුනුයි කියන එකනෙ. සතු‍ටුයි..!

    මට නම් මල මගුලක් ඕය රිදී රෙයක් කියන්නෙ..(රෙයක්ම තමා) වයසක ඇන්ටිලා බූත විදියට නටනව දැක්කම හිනා යනව..!

    මනෝහාරී වගේ වැඩසටහන් නම් මරු.

    මහත්තයාටත් ඔබටත් සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  28. හිරුවටත් මහත්තයටත් සුබම සුබ 2014ක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නටත් එසේම වේවා....

      Delete
  29. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  30. රිදී රැයක් බලද්දි මොලේ මඥ්ඥං වෙනවනෙ හිරු අක්කෝ... අර වයසක තඩි ඇන්ටිලා සිංදු වලට පැද්දෙනව දකිද්දි අවුරුද්දම ඉවරයි.

    31 රෑ ගෙදර හිටියොත් අපේ අම්මා අනිවාර්යෙන් අපිව ඇදගෙන යනවා පන්සලට. මේ පාර නම් බෝඩිමට වෙලා දොයියන්නයි වෙන්නෙ 31 රෑට.

    හිරු අක්කාටත්, පවුලෙ හැමෝටමත් ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා! වැඩි වැඩියෙන් පෝස්ට් ලියන්නට සිතේවා!! බිසිනොස් සරුසාර වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකෙ ජොලිය තියෙන්නෙ ඇන්ටිලගේ වැඩ වලට තමා ඉතිං...

      එසේම වේවා බස්සිටත්...

      Delete
  31. මමත් ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් "රිදී රැයක්" ඒත් පස්සේ ඒක බලන එක මඟහැරිලම ගියා..

    හිරු අක්කටත් පවුලේ හැමෝටමත් 2014 සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සිතූටත්...

      Delete
  32. හිරු ඇන්ටී

    2014 සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. දුවපිය ගෙම්බා.... හි හි..

      එසේම වේවා...

      Delete
  33. 2014 වසර හිරුටත්
    හිරුගේ පවුලේ සැමට සුභ නව වසරක් වේවා කියා පතමි!

    ReplyDelete
    Replies
    1. බතීටත් සුබ නව වසරක් වේවා... පරක්කු විෂස්.... හි හි

      Delete
  34. 31 රෑ අපි නම් පාරේ.. ඊට පස්සේ වෙන දේවල් ඕන නෑ..

    එහෙනම් සුභ 2014 වේවා.. දෙන්නා තුන්දෙනා වේවා.. ^_^

    ReplyDelete
    Replies
    1. කාණුවෙද... හි හි

      එසේම වේවා...

      Delete
  35. අම්මේ අපිත් ඉතිං ඔලුව නිදහස් කරගෙන ඉන්නේ ටීවී සීරිස් හින්දා තමයි. දත කට මැදගෙන ඉන්නේ හෙට ඉදලා සීසන් එක පටන් ගන්න කල්.
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. හි හී.... කියලා වැඩක් නැත....

      එසේම වේවා කලූටත්...

      Delete
  36. හිරු ඇතුලු "හිරු නැති හෝරාව" රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  37. සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නාඩියටත්... හි හි

      Delete
  38. එළඹෙන නව වසරේ...ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ! වැඩිපුර රෝස මල් හැදේවා....අපේ මහත්තයට සහ බොට කිරි ඉතිරේවා...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොටත් කිරි ඉතිරේවා... හි හි

      Delete
  39. සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මලයෝ...

      Delete
  40. සුබ නව වසරක් වේවා.....! :)

    ReplyDelete
    Replies
    1. ඔයාව නං දැක්කෙත් අද තමයි.... එසේම වේවා....

      Delete
  41. සිතු පැතුම් ඉටු වන සුබම සුබ නව වසරක් වේවා!!!!!!
    අද ඉදන් දිගටම ගොඩ වදින්න අවසර...

    ReplyDelete
    Replies
    1. අද ඉඳන්... ඇයි ඉස්සර ආවෙ වෙන ෂැගියෙක්ද...

      Delete
  42. හිරුට සුභ නව වසරක් වේවා.....!!!

    දෙක තුන වේවා....!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මාතලන්ටත් ගෙදර කට්ටියටත්...

      Delete
  43. හාරිච්චි බෝරිච්චි රංගනයට මහේන්ද්‍ර පෙරේරත් හිටිය නේද? මම කැමතිම නළුවෙක්...:)

    ඊයෙ බැලුව රිදී රැයක්..මළ විකාරයක් දැං ඒක...:(

    සුබ නව වසරක් හිරූස්!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රවී...

      නළුවෙක් කියල ඕනෙ තැනට ලැජ්ජ නැතුව කියන්න පුලුවන් නළුවෙක් තමයි මහේන්දු...

      Delete
  44. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ගයනි.. බ්ලොග් එකත් ලියමු නේ.... හි හි

      Delete
  45. මේ ඔයා පැය විසිහතරෙම ඔන්ලයින්ද හිහි.ඔයා මේ ලෝකෙ තියෙන හැම සයිට් එකේම කොමෙන්ට් දැම්මට මගෙ සයිට් එකට තව ඇවිත් නෑනෙ.එන්නකො

    මම සින්ඩියෙ චාරිකාවක් ගියා.ඔයා නැති බ්ලොග් එකක් නෑ.කොයි වෙලාවෙ බැලුවත් නෙට් එකේ.හොඳයි හොදයි

    ReplyDelete
    Replies
    1. පැය විසිහතරම ඔන් ලයින් තමයි.. නෙට් කනෙක්ෂන් එක කැපුවොත්, කරන්ට් එක ගියොත් විතරයි මං මේකෙන් විසි වෙන්නෙ... හි හි

      මේ ටිකේ බ්ලොග් හන්ටින් යන්නවත්, කමෙන්ට් දාන්නවත් විදියක් නැතුව ඉන්නෙ.. ඔක්කොම කියෝනව.. කමෙන්ට් දාන්නෙ නං අඩුවෙන්.. ඒ පැත්තෙත් රවුමක් දාන්න එන්නං...

      Delete
  46. කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ( මේ කෙහෙල්මලේ බයිට් ටික හම්බුවෙන්නෙ අනිද්දට හින්දා මේ ටිකේ ස්ලෝ හොඳටම... ඒක නිසා මෙන්න මෙහෙම එක කමෙන්ට් එකෙන් රිප්ලයි දාලා ෂේප් වෙන්න වෙලා මෙදා පාර.. අවුරුද්ද මුලම සොරි.කොටි තමයි.... හි හි)

    ReplyDelete
    Replies
    1. හයියෝ හයියෝ මදැයි අලුත් අවුරුද්දේ ගෙදරකට ගොඩ උනා... තේ උගුරක් තියා දොරවත් ඇරියේ නැහැ නෙව මේ දැරිවි ...

      Delete
  47. suba nawa wasarak wewa !!

    iskole yana kale kuch kuch hotha hei pennuwa mathakai 31st night. ekkenekwath miss kare na edanam.
    ridi reyak math kipa gamanak baluwa. dannam mukuth balanne na...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම දවසක තමයි ඒක බැලුවෙ මුලින්ම... මුලු පන්තියම බැලුවද කොහෙද ... හි හි

      Delete
  48. හිරු ඇතුලු පවුලේ සැමට, සුභ නව වසරක් වේවා.....!

    ReplyDelete
  49. හිරු ඇතුලු පවුලේ සැමටම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හහ්, ඇදල ඇරිය නේද කොපි-පේස්ට් පාරක්. අම්මපා , හපන්න හිතෙනව ඔහෙගෙ නැට්ට

      ඇත්තම කිව්වොත් , මාත් කලේ ඕකම තමා :)

      Delete
    4. එසේම වේවා අරෑ... මාත් කොපි පේස්ට් තමයි... දැං නං ඇති වෙලා බොල... හි හි

      Delete
  50. මම එද්දි බොහෝ දේ මිස් වෙලා... හිරු ලිපි හෙමින් කියවනවා, කමෙන්ට් කරන්න බැරි වුනාට. සුභ නව වසරක් වේවා යි පතමි.

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතිං වැඩනේ.. හිමින් කියෙව්වට කමක් නෑ.... එසේම වේවා....

      Delete
  51. 31 රෑ මඤ්ඤං රෑ... රිදී රැයක් පජාත රැයක්. හින්දි සිංදු වලට පණුවො වගේ ඇඹරෙණ හැටිද ලස්සනයි කිව්වෙ ඈ. මට නං ඔය සිලව්ගෙ හොදයි කියන්න දෙයක් නෑ අම්මපා. මේ දවස් වල කාටුන් බලනව විතරයි සිරාවටම ටෙලි නං බලන්නෙත් නෑ. ලංකාවෙ බලන්න දෙයක් නෑ. මොනා උනත් පුළු පුළු වං වෙලාවට දාන්න පෝස්ටුවක්. මං අදයි මේ පැත්තෙ ආව එන්නං මීට පස්සෙ දිගටම.
    සකල පැතුම් ඉටුවන ශ්‍රී සුභ නව වසරකට ආසිරි...

    ReplyDelete
    Replies
    1. මාත් උදේට ටීවී එක දාන පැය දෙක විතරයි .. ඒත් බලන්නෙ නෑ.. අහගෙන ඉන්නවා විතරයි... ඒකත් උයන ගමන්.... හි හි

      එසේම වේවා....

      Delete
  52. හිරුට සුබ නව වසරක් වේවා.අපි බ්ලොග් ලෝකෙට හාපුරා කියල එන්නයි මේ මුට්ටිය දැම්මෙ.ඉහ ගහන්න පුළුවන් වෙයිද මන්ද හිහි

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්... හි හි..

      එසේම වේවා....

      (හම්මෝ ඇති යන්තං.. ඉවරයි.... හි හි... )

      Delete