Thursday, January 16, 2014

අපේ චිත්‍ර පන්තිය සහ ඕලෙවල්....


මම ඕලෙවල් කළේ 2000 දි... මම සෞන්දර්ය විශයට තෝරගෙන හිටියෙ චිත්‍ර... නැටුං අතෑරියෙ කෙල්ලො ගොඩක් නටන නිසා... මියුසික් නං බෑම තමයි කියලා පොඩි කාලෙ ඉඳලම දැනං හිටිය... ඒක තමයි අද වෙනතුරු මං ගැන හිතං හිටිය දේවල් වලින් ඇත්ත වෙලා ඉතුරු වෙලා තියෙන එකම එක.. හි හි... 

චිත්‍ර කෙරුවාව ගැන කියනවනං ඉතිං හෑල්ලක් තියෙනව.. ඒත් මේ කියවන්න පටං ගත්තෙ එකම සිද්ධියක් මට මතක් වෙච්ච හින්ද... මේක උනේ ඕලෙවල් කරනකොට... ඊට කලින් පසුබිම් විස්තරයක් තියෙනව ඉතිං හැමදාම වගේ... 

ඔය තෝරගැනිල්ල තියෙන්නෙ 6දිනේ... ඇත්ත කතන්දරේ නං මට චිත්‍ර ඇඳිල්ලත් බැහ් තමයි... හි හි... ඒ උනාට අපේ ගෙවල් පැත්තෙ චිත්තර පන්තියක් තිබ්බ.. ටීචරුත් හොඳයි... ගෙදර ඉඳන් මට හූවයි බල්ටියයි... සෙනසුරාදා තමයි පොඩි පන්ති වලදි ක්ලාස් තිබ්බෙ.. ඉතිං ඕකත් එක හේතුවක් මං චිත්‍ර තෝරගන්න...සෙනසුරාදට ඉතිං 10ට විතර චිත්‍ර පොතයි, පාට පෙට්ටියයි, පැන්සල්, පින්සල් ටිකයි කිහිල්ලෙ ගහගෙන, ගෙදර ඉඳන් පන්තියටම දුවන එකම එකා මං... ගෙදර වැඩ කවදාවත් කරන්නෙ නෑ... චිත්‍ර ටීචර්ට මාව පෙන්නන්න බෑ... පාට නෙවෙයි මං ගොමලු ගාන්නෙ... හි හි... ( ඒ උනාට මට හෙන ආදරෙයි... ඒක ඉතිං වෙනම කතාවක්... ) 

ඕලෙවල් වෙද්දි ඕක වෙනස් උනා... පන්තිය අඟහරුවාදට මාරු උනා... අලුත් සෙට් එකක්... ( ඒ කිව්වෙ අලුත් කොල්ලො සෙට් එකක්... හි හි).. මං ඉතිං ඉස්කෝලෙ ඇරිලා, ‌කෝච්චියෙ පිස්සු නටාගෙන ගෙදර ඇවිත්, පොත් බෑග් එක ගෙදරින් අතෑරලා, ඒ පිම්මෙම දුවනවා පන්තියට... ඒ වෙනකොට පන්තිය පටං අරන් පැයක් විතර ගිහින්... හි හි.. 

ඔය චිත්තරේ කරපු අය දන්නවා ඇති ඕකෙ ප්‍රශ්න පත්තරේ කොටස් තුනක් තියෙනව.. එකක් මොකක් හරි මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක.. අනිත් එක බලා ඇඳීමක්... අනිත් එක ලියන්න තියෙන පේපර් එක... ඔය තුනේම ලකුණු එකතු කරලා 3න් බෙදලා තමයි අපේ ලකුණු දෙන්නෙ... 

විභාගෙ ලකුණු දෙන ක්‍රමය ගැන නං ඉතිං කියන්න දෙයක් නෑ.. අපේ අනිත් විශයමාලා වලට වෙලා තියෙන සන්තෑසියම තමයි ඒකටත් වෙලා තියෙන්නෙ... 8දිද කොහෙද අපේ පන්තියෙ හිටපු, අපේ විභාග ක්‍රමය අනුව අනිවාර්යයෙන් ෆේල් වෙන ජාතියෙ ළමයෙක් තමයි, පන්තියම චිත්‍ර ඇඳපු, ලෝක ප්‍රසිද්ධ ජපානේ කනගාවා චිත්‍ර තරඟෙන් දෙවනි ස්ථානයක්ද කොහෙද දිනා ගත්තෙ.... 

ඔය මාතෘකාවට චිත්‍ර ඇඳිල්ල කියන්නෙ ඉතිං අපි කටපාඩං වෙනකං ඇඳපු චිත්තරයක් ආපහු අඳින එක තමයි... මොකද විභාගෙට එන මාතෘකා ටික සාමාන්‍යයෙන් එකම ටික තමයි.... ඉතිං අපි ඕක අවුරුදු තුනක් තිස්සෙ ඇඳලා ඇඳලා පුරුදු වෙලා තියෙන නිසා ගානක් නෑ... 

එත‌ෙකාට බලා ඇඳීම කියන්නෙ මේසයක් උඩ තිබ්බ බඩු ගොඩක් අඳින එක... ඕකත් ඉතිං අපි කටපාඩං කරලා තමයි විභාගෙට යන්නෙ.. බෝතල් හාරපන්සීයක් අඳලා, පොල් ගෙඩිත් ඒ තරම්ම ගානක් ඇඳල, පොත් ඊටත් වඩා ගානක් ඇඳල, එක එක විදියෙ රෙදි ජාතිත් ඒ තරම්ම ඇඳලා...අහල පහල තියෙන ඇන්තූරියම්, ක්‍රෝට්න් ගස් වල කොළ ගනං කරල... හි හි.... 
මේක නං හොයාගත්තෙ ගූගල් සර්ච් එකක් දාලා... මේ වගේ වැඩක් උනාට මෙහෙම බඩු නෙවෙයි අපිට අඳින්න දුන්නෙ.. මගේ පරණ චිත්‍ර ටිකක් ඇති ගෙදර.. පස්සෙ වෙලාවක හොයලා දන්න ඕනෙ... 
ඔන්න ඔය ප්‍රැක්ටිකල් එකේ තමයි මේ කේස් එක උනේ... ඔක්කොටම කලින් මතක් කරන්න ඕනෙ ඉතිං මේක වෙලා දැං අවුරුදු 14ක් වෙනව කියල... හි හි

දැං ඔය මේසෙ උඩ තියෙන බඩු ලිස්ට් එක විභාග දෙපාර්තමේන්තුවෙන් එවනවනෙ... බෝතලයක්, පොත් මෙච්චරක්, ඇන්තූරියම් පෝච්චියක්, සිල්ක් රෙද්දක්... ඔහොම කියලා බඩු ටික තියන්න ඕනෙ විදියත් ඇඳලා එවනව... ඊට පස්සෙ විභාගෙ ඉවර උනාම ළමයි ටික වාඩි වෙලා හිටපු පිළිවෙලත් එතන ඉන්න විභාග පරීක්ෂක ඇඳලා, අපේ පේපර් එක්කම අමුණලා යවනවා... එහෙම තමයි view එක බලලා, විභාගෙට හොර කළේ නෑ කියල පිළිගන්නෙ... 

ඔය බඩු ලිස්ට් එක තමයි විභාගෙට කලින් දවසෙ ඔපන් කරල බලන විබාගෙට අඳාල එකම ලියවිල්ල.. හේතුව තමයි මේ බඩු ටික කලින් හොයලා තියාගන්න ඕනෙනෙ ඉතිං... ඔන්න ඔය ලිස්ට් එක ලීක් වීමේ අවදානමක් තියෙනව ඉතිං... 

ඔය ලීක් වීම හින්ද අපේ ටීචර්ට විභාගෙට කලින් දවසෙ දැනගන් ලැබෙනව මෙන්න මේ බඩු ටිකයි විභාගෙට එන්නෙ කියල... ඕක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි.. මොකද එන බඩු ටික ඔක්කොම කලින් අපි ඇඳලා පුරුදු වෙච්ච දේවල්... හැබැයි අපේ අවුරුද්දෙ මේක වෙනස් උනා.. 

හේතුව තමයි අපේ විභාගෙට ලෙලි ගහපු පොල් ගෙඩියක් අඳින්න ආපු එක... එච්චර කල්ම ඕලෙවල් වලට ආවෙ ලෙලි පිටින් පොල් ගෙඩිය අඳින්න විතරයි... ලෙලි ගහපු පොල් ගෙඩිය ඇඩ්වාන්ස් වැඩියි...ඒක එන්නෙ ඒලෙවල් වලට... ඉතිං ඇත්තටම අපි ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු වෙලා හිටියෙ නෑ ... අපේ ටීචර් ‌කළේ එදා රෑ පන්තියක් තියල අපිට ඔය පොල් ගෙඩිය අඳින්න පුරුදු කරපු එක.. හැබැයි බඩු ටික තියන පිළිවෙලත් දැනගත්තට, ඒක අපිට පුරුදු කළේවත්, අඩුම ගානෙ අපිට කිව්වෙවත් නෑ එදා... 

ඉතිං මාත් ඕක හොඳට පුරුදු වෙලා ගියාට දැං එදා උදේ මගේ හිතට හරි නෑ... එකක් මගේ යාලුවො නොදන්න රහසක් මම දන්නව.. මම ඒක දැනගත්ත එකෙන් එයාලට පාඩුවක් වෙන බවත් මම දන්නව.. හැබැයි මට මේක කියන්නත් බෑ.. මොකද මේක හොර වැඩක් බවත් මම දන්නව.. අවුරදු 16දි මේක ලොකුම ප්‍රශ්නයක්...

උදේ 10ට තමයි විභාගෙ පටං ගන්න තිබ්බෙ... මං උදේ පන්තියට ගියේ දෙයක් තීරණය කරගෙන... කලින් දවසේ පුරුදු වෙච්ච චිත්‍ර ටිකත් බෑග් එකේ දාගෙන ගිහින්, අපේ පන්තියෙ හිටපු 15 දෙනාටම ( ආර්ට් තිබ්බෙ එක පන්තියයි...) උදේම විභාගෙට ආපු පරීක්ෂකවරු ගැවසෙන්නෙ නැති පන්තියකට වෙලා අර පොල් ගෙඩිය අඳින්න මම පුරුදු කළා... පැය දෙකක් ඇතුලත උන්ට ඒක අඳින්න පුරුදු උනාට පස්සෙ අර ඇඳපුවා ටික මගේ බෑග් එකට දාලා, අපි ගිහින් විභාගෙට ඇන්දා.... තාමත් මං ගාව පුරුදු වෙන්න ඇඳපු චිත්‍ර ටික තියෙනව... හි හි... 

අපේ 15ම චිත්‍ර පාස් උනා... එහෙම උනේ පොල් ගෙඩිය හින්දමද කියල මම දන්නෙ නෑ... කොහොමත් ඊට පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගත්තෙ ඒ 15න් දෙන්නෙක් විතරයි... එකෙක් මං.. අනිකා අන්තිම දක්ෂයෙක්.. පොල් ගෙඩිය නැතත් උෟ‌ට ඩී එකක් ෂුවර්... ඒත් අදටත් ඔය සිද්ධිය මතක් වෙනකොට මට හරි සතුටක් දැනෙනවා... කාවවත් අමාරුවෙ දාන්නෙ නැතුව, හරි දේ කරන්න මං ක්‍රමයක් හොයාගත්ත නිසා.... අනිත් එක එදා මම ආත්මාර්ථකාමී නොවුන නිසා... තනියෙන් බුදු වෙනවට වඩා කට්ටියක් එක්ක බුදු වෙන එක ජොලි... හි හි... 

මාත් පස්සෙ ඒලෙවල් වලට චිත්‍ර තෝරගෙන, එකක් ගත්තට, ඇත්ත කතාව නං මං චිත්‍ර ඇන්දට වඩා හොඳට කළේ චිත්‍ර ලිව්ව එක කියල... ඒ ගැන ඉතිං දන්නෝ දනිති... හි හි... 

ඔය තියෙන්නෙ අපේ පන්තිය තමයි.. මේ ඕලෙවල් දවස්වල... ඔය මං ඉන්නෙ ඉණේ අත් දෙකත් ගහගෙන ආච්චි අම්මා වගේ චිත්‍ර ටීචර්ගෙ පිටිපස්සට වෙලා... ඕක තමයි මං වැඩිපුරම කළේ.... පිස්සු නටපු එක.. අනිත් උන්ටත් වැඩක් කරගන්න ඉඩ නොදී... හි හි
අපේ පන්තියෙ ටීචර් ඒ ලෙවල් පන්ති නොකෙරුවත්, මට ඒ ලෙවල් වලටත් උදවු කළා... මොකද මං එච්චරකල් ඇඳ ඇඳ හිටපු විදිය ඒලෙවල් වලට මදි කියල කියපු නිසා.. ටෙක්නික් එකක් මාරු කරන එකේ අමාරුව දන්නෙ ඒක කරපු එකෙක්ම තමයි... කොහොම හරි ඒලෙවල් කරලා ඉවර වෙනකොට මට චිත්‍ර එපා වෙලා තිබ්බ... අපේ චිත්‍ර ටීචර් නං දැං වයසයි.... ඒ උනාට ඔය ෂොප් එකේ තියලා තියෙන මගේ දැං කරන නිර්මාණ එහෙම දකිද්දි ටීචර් කියන මරු කතාවක් තියෙනව... 

මට තාම මතකයි මෙයා ඉස්සර ගොම ගාපු හැටි.... කියන එක... හි හි...  

අද වෙනතුරු මං අදහන දෙයක් තියෙනව... දෙයක් ඉගෙන ගත්තම ඒකෙ ලස්සනම දේ තමයි තව කෙනෙක්ට කියල දෙන එක... ඒ වගේම ඉගෙන ගත්ත දේ තව දියුණු කරගන්න එක... ඒ වගේම ඉගෙන ගත්ත තැනට දියයුතු ගෞරවය දෙන එක.... ඉගෙන ගත්තෙ මෙතනින් කියන එක කිව්ව කියල අපේ දැනුමෙ අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල මම හිතන්නෙ... මම ඉගෙන ගත්ත පන්තිවලට රිසල්ට්ස් කියන්නවත් ගියෙ නෑ..  කලින්ම කියලා ආවා ‌‌‌ෆේල් උනොත් විතරයි පන්තිය පැත්ත පලාතෙ එන්නෙ කියල... හි හි ....  ඒ ගුරුවරු ගැන හිතේ තියෙන ගෞරවය තවමත් නැති වෙලා නෑ... ඒ හා සමානම ගෞරවයක් මේ බ්ලොග් වලින්, වෙබ් සයිට් වලින් දැනුම බෙදාගන්න අය ගැනත් අද වෙනකොට මගේ හිතේ තියෙනව... 


ප/ලි :

2014 ජනවාරි බ්ලොග් එක පාලුවට යන තත්වයක් තමයි තිබ්බෙ.. මාසෙන් බාගයක් හරි ගිහින් මේක ලියාගන්න ලැබුන එක ගැනත් මාර සතුටක් තියෙන්නෙ... පහුගිය ටිකේ බ්ලොග් වල වෙච්ච දේවල් බලාගෙන ඉඳිද්දි තමයි මට මේ සිද්ධිය ආයිත් මතක් උනේ... ඒ පාර ලියලා දැම්මෙ දැං මේක කිව්ව කියලා කාටවත් පාඩුවක් නොවෙන නිසා.... 

ඒ වගේම තව දෙයක් මං බලාගෙන හිටියත් මුකුත් නොකියා හිටපු තැනකදි, කතා කරපු අපේ තිසර, රවී, අටම්, කෙන්ජි, පත්තර මල්ලි සහ ඉන්දික කියන කට්ටියටම ස්තුතියක් කරන්නත් ඕනෙ...බොහොම වෙලාවට ගැහැණියකට අපහාස කරන්න පුලුවන් කියල ඒ කෙනා හිතපු දෙයක් යොදා ගෙන තමන්ගෙ නොදියුණු මානසිකත්වය ලෝකෙට පෙන්වා දීලා තමන්ටම අපහාස කරගත්ත කෙනෙක් හින්දා, ඒ අසරණයා සහ ඒ කතාවෙන් හිතට සතුටක් දැනුන කෙනෙක් ඉන්නවනං, එයාලට  තියෙන්නෙ ලෙඩක් නං දොස්තර කෙනෙක් ගාවට යන්න කියන අවවාදය දෙන්න බැරි, ඕක ලෙඩක් නෙවෙයි මොලේ වර්ධනය අඩු වීමක් කියල හිතෙන හින්ද එහෙම අවවාදයක් දෙන්නත් බැරි හින්දයි මම ඇත්තටම ඒ සිද්ධිය අමතක කරලා දැම්මෙ... 

95 comments:

  1. මම එකොළහේදි අවසාන විභාගේ ඕලෙවල් නෙමෙයි. ඒකෙදි චිත්‍ර ප්‍රශ්න පත්තරේ අතෑරල කොල්ලොත් එක්ක දං කඩන්න කැලේ වැදුනා.. හැක්.. අඩල අඩල තමා ඊට පස්සේ සර්ගෙන් ඇඩ්මිෂන් එක ඉල්ලගත්තේ.. චිත්‍ර පුළුවන් උන් මොකටද විභාග ලියන්නේ කියල අහල.හැක්..

    පලිය නං අංඤඤකොරොස්ම තමා...

    ReplyDelete
    Replies
    1. මං නං චිත්‍ර ගොඩ ගියෙත් ලියලම තමයි... හොඳ වෙලාවට එහෙම පේපර් එකක් තිබ්බෙ.... හි හි

      Delete
  2. චිත්‍ර, නැටුම්, සංගීතය තුනෙන් එකක් තොරගන්න තිබ්බ වෙලාවේ නැටුම් අල්ලලා දැම්මා. සංගීතයට තෝරගත්තේ සිංදුවක කොටසක් කියන්න දීලා. ඒකෙනුත් බැරි වෙච්ච කස්ටිය තමා චිත්‍ර වලට ගියේ. උවමනවෙන් ගිය අයත් හිටියා. මාත් ඉතිං ගියා සිංදු කෑල්ලක් කියන්න.. මට කලින් හිටිය එක හෙන සද්දෙට "ලෝනා මුනි රාජගේ" සිංදුව වැඩ දාලා කිව්ව. මගෙ වාරෙ එනකොට මට සිංදුවක් මත උණේම නෑ... ඔය වැඩේට යන අතරේ කවුරු හරි කිව්වා, බැරිම උනොත් ජාතික ගීයවත් කියමු කියලා.. ඕක මතක් වෙලා මම "ශ්‍රී ලංකා මාතා" කියලා ජාතික ගීයෙන් කෑල්ලක් කිව්වා... කොහොමින් හරි තේරුණා මාවත්. 9 වසරෙදි ඉස්කෝල මාරු කරලා, ඊට පස්සෙ සංගීත පීරියඩ් එක හැකි හැම වෙලාවෙම කට් කරලා (ඒ සංගීත ටීචර්ගෙ දුවත් දැන් බ්ලොග් රචිකාවියක්), කොහොමහරි අන්තිමේ ගත්තා D එකක්. ඒක නම් තනිකර කණා. ඔය සිද්ධිය ලියන්න ඕනේ කියලා හිතං හිටියා. ඒත් මේ බ්ලොග් කියවලා ඉගෙන ගන්න, දැනුම වර්ධනය කරගන්න, බුද්ධිමත් සංවාද වලට ගියාම ලියන්න කොහෙද වෙලාවක්...

    ReplyDelete
    Replies
    1. ඒත් මේ බ්ලොග් කියවලා ඉගෙන ගන්න, දැනුම වර්ධනය කරගන්න, බුද්ධිමත් සංවාද වලට ගියාම ලියන්න කොහෙද වෙලාවක්...//


      හි හි....

      Delete
  3. මම කරේ සංගීතය.... පට්ටම ආතල්... කරපු එකම දේ සිංදු ගහපු එක....

    ReplyDelete
    Replies
    1. ඔය තුනේදිම කළේ පිස්සු නටපු එක තමයි අපේ කෙල්ලො ටිකත්... හි හි

      Delete
  4. ලෙලි ගහපු පොල් ගෙඩි ඇන්දානම් ඉතින් හොඳ දක්ෂයොම වෙන්ට ඕනි. ඒ කාලේ කෙසේ වෙතත්, දැන් හොඳට චිත්‍ර පුලුවන්නේ.:)

    අර පලි කෑල්ල නොදැම්මානම් වැඩිය හොඳයි කියලා හිතුණා. එතකොට අතීතය අමතක කල බව හොඳටම ඔප්පු වෙන හන්දා...

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං.. හැක්.. ප.ලි.යත් එක අතකට පලියක්ම තමා..

      Delete
    2. ස්තූතිය සඳහන් කරන්න ඕනෙ නිසා එක වාක්‍යයක් විතරක් ඒ ගැන ලිව්වා...

      Delete
  5. මගේ චිත්‍ර හැකියාවත් මාරයි....
    ඇන්දට පස්සෙ මටවත් හිතාගන්න බැ මොකද්ද ඇන්දේ කියලා,අඳින්න පටන්ගන්නේ අලියෙක්ව ඇන්ඳට පස්සේ ඉන්නේ වලහෙක්...


    අඩේ 2000හේ ඕලෙවල් කියන්නේ හිරුවට දැන් 30යිනේ

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා හලෝ... හි හි

      Delete
    2. අඳින්න පටන්ගන්නේ අලියෙක්ව ඇන්ඳට පස්සේ ඉන්නේ වලහෙක්...

      :D

      Delete
  6. චිත්‍ර කතාව වැඩක් නෑ.. මම මේකෙන් ගණිත පාඩමක් නම් ඉගෙන ගත්තා..

    ඕ ලෙවල් කරන් එකෙකුගේ වයස = 16
    මේ කතාව සිඳුවී අදට වසර = 14

    එමනිසා, හිරුගේ අද වයස = 30

    ReplyDelete
    Replies
    1. මම ඔය ගාණ හදා ගත්තේ මම ඔලෙවල් කොරපු වසරෙත් හිරු කරලු වසරත් අතර වෙනස මගේ වයසට 'එකතු' කොරලා :))

      Delete
    2. මම අවුරුදු දෙකකට කලින් පෝස්ට් එකක්ම ලිව්වා තව දෙකයි කියල... ඒ පෝස්ට් එක මඟෑරෙන්න ඇති නේ... හි හි

      Delete
  7. චිත්‍ර නම් කොහොමත් බෑ..සංගීතයත් ඒ වගේම තමයි. වෙන කරන්න දෙයක් තිබුනෙම නැති නිසා නැටුම් කලා.10 වසරෙදි ආයෙත් විශයන් වෙනස් කරන්න චාන්ස් එකක් හම්බ උනා. ඒ වෙනකොට නාට්‍ය හා රංග කලාව කියලත් විශයක් එකතු වෙලා තිබුනා..ඊටපස්සෙ ඒකට මාරු උනා. ඒ සබ්ජෙක්ට් එක නම් පුදුම ආසාවෙන් කලේ :)

    //අද වෙනතුරු මං අදහන දෙයක් තියෙනව... දෙයක් ඉගෙන ගත්තම ඒකෙ ලස්සනම දේ තමයි තව කෙනෙක්ට කියල දෙන එක... ඒ වගේම ඉගෙන ගත්ත දේ තව දියුණු කරගන්න එක... ඒ වගේම ඉගෙන ගත්ත තැනට දියයුතු ගෞරවය දෙන එක.... //
    +++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මං ඒලෙවල් කරපු කාලෙද කොහෙද ඔය නාට්‍ය හා රංග කලාව ආවෙ...

      Delete
    2. Teaching is Learning කියලා කතාවක් අහලා තියෙනවද ?

      Delete
  8. මමත් ඕලෙවල් චිත්‍ර වලට චිත්‍ර කලේ. බලාගෙන අඳින වැඩේ නම් මට හොඳට හුරුයි. ඔබට අමතක වුනාද හෙල්මට් හිටන් අඳින්න දෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. හෙල්මට් අඳින්න දුන්න කියල මතකයක් නෑ... එක්කො අපේ ටීචර්ලගෙ ගෙවල් වලට බයිසිකල් තිබ්බෙ නැති හින්ද වෙන්නැති... හි හි

      Delete
  9. ඔය ගැජමැටික් එකට කියන්නෙ ද්‍රව්‍ය සම්පිණ්ඩනේද මොකක්ද කියල. මටත් ඔය බඩු ටික තියෙන විදියත් එක්කම දැනගන්න පුලුවං උනා විභාගෙට කලින් දවසෙ මම අඳුනන ටීචර් කෙනෙක්ගෙන්. ඒත් ඉතිං මම අඳින්න දන්න චිත්‍රයක් නෑ ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. අන්න... මාත් මතක් කළාට මතක් උනේ නෑනේ ඔය නම... හි හි....

      Delete
  10. මට නං සංගිතෙයි චිත්තරයි දෙකම පුළුවන්.. හෙට අනිද්දට මං විකාර ද කෙනෙක්.. මී ඇස් දෙක පල්ලා... :)

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ දැනටම එහෙම එක්කෙනෙක් කියල... අතුරුදහන් වෙලා හිටපු විදියට... හි හි

      Delete
    2. එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? මරේ මරු එහෙනම් මමත් එහෙමයි දැන්...

      Delete
    3. එහෙම අතුරුදහන් වෙලා හිටියම විකාරද කෙනෙක් වෙනවැයි? මරේ මරු එහෙනම් මමත් එහෙමයි දැන්...

      Delete
  11. මමනම් මුලින් කලේ වෙසටර්න් මියුසික් 9වසර වෙනකන්, ඊට පස්සෙ 10ඉදල ආර්ට් කලා, මට මතක විදිහටනම් o/l වලට අපිට අදින්න තිබ්බෙ ගඩොලයි අරක්කු බෝතලයයි ලේන්සුවයිද කොහෙද :D

    ReplyDelete
    Replies
    1. මෙයාලා ලේසියෙන් බේරිලා... හි හි

      Delete
    2. අරක්කු බෝතලේ අැතුලෙ මොනවත් තිබුණෙ නැද්ද?

      Delete
    3. හුලන් තිබ්බ :D

      Delete
  12. මම නම් නැටුම් එපා වෙලා කෙලින්ම බැස්සේ නාට්‍ය හා රංග කලාවට. චිත්‍ර අමාරුයි කියලා අහලා තිබුණා ඒකයි.
    අක්කගේ චිත්‍ර හැකියාව වෙන්න ඇති ග්‍රැෆික් ඩිසයින් වලට පාර කියන්න ඇත්තෙත්...

    ReplyDelete
    Replies
    1. මට කොයිද චිත්‍ර හැකියාවක්.. යන්තං ගොඩ ගියා මිසක්.... හි හි

      Delete
  13. //නැටුං අතෑරියෙ කෙල්ලො ගොඩක් නටන නිසා// අනේ මන්ද එතකොට මෙයාට ඒ කාලේ කෙල්ලොත් පෙන්නන්න බැරිව ඉදලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙමද මන්දා

      Delete
    2. ඒ කාලෙ නං කොහොමත් මට කෙල්ලො පෙන්නන්න බෑ.. උන් එක්ක වින්ඩෝ ෂොපිං කර කර රස්තියාදුවෙ යන්න මට වෙලාවක් තිබ්බෙත් නෑ... හි හි

      Delete
  14. අපේ බ්ලොග් එකට ඔයා දාපු කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. දැන් ඔබට අප සමග සම්බන්ධ වීමේඅ පහසුකම් හැදුවා.

    ReplyDelete
  15. මම නම් සාහිත්‍යය කළේ... හොඳ වෙලාවට!

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට... හි හි

      Delete
  16. චිත්‍ර වලට පන්ති.... සාාදරණයි දැන් අම්මලා හැම විෂයටම පන්ති යවන එක.....මම නම් පන්ති ගිහින් නැහ කිසිම දවසක ඒක තමයි අපි විබාගෙ පේල් වුනේ ඒ වුණාට චිත්තරාට මම ආදරෙයි මේන් මේක චුටිටියක් බැලුවනම් ආඩම්බරේට එහෙම නෙමේ ඕං

    http://wewismatha.blogspot.com/2013/08/blog-post_5767.html

    ReplyDelete
    Replies
    1. චිත්‍ර පන්තිය ජොලියට ගිය එකක්.. ඕකෙ ඉතිං උගන්නනවා කියල එකක් නෑ... කට්ටිය ‌ගොඩේ කයිය ගහගෙන තරඟෙට චිත්‍ර අඳිනකං විතරනෙ ඉතිං චිත්‍රයක් හරි අඳින්නෙ.. නැත්තං ඒකත් ගෙදට්ට වෙලා පොතක් බදාගෙන, නැත්තං ටීවී එකේ එල්ලිලා ඉඳියි... හි හි.. ඒ මදිවට මං එක වසරෙ ඉඳලා දුර ඉස්කෝල වලට ගිය එකා වෙච්චි.. ගෙවල් ළඟ හිටපු ළමයි දෙතුන් දෙනා අඳුරගත්තෙත් ඔය පන්තියෙන් තමයි...

      අපි බැලුවා කලින්ම...

      Delete
  17. මට නම් හිරුවෝ නටන්න ,ගයන්න බෑ ලාවට බලි රූප අදින්න දන්නවා.....අපේ සා.පෙ. චිත්‍ර මිසුත් කියලා වැඩක් නෑ .....අපි කලේම ඔය පිරියඩ් එකේ ඕපාදූප කියෙව්ව එක..මට නම් මිස් බනින්නේ මොකක්ද ළමයෝ බලි රූප අදින්නේ කියලා......හෙහ්.හෙහ්....ලංකාවට ගියාම ඉස්සර චිත්‍ර පොත් බලද්දි හිතෙනවා මේ චිත්‍ර වලටත් මිස් ලකුණු දුන්නනේ කියලා.....

    ReplyDelete
    Replies
    1. හි හි... මගෙත් හයේ හතේ පොත් ටික තිබ්බනං ඕවා බලලා ඔය විදියටම හිතන්න තිබ්බ තමයි...

      Delete
  18. මට කොහොමත් ඔය චිත්‍ර අදින්න බෑ! ඒ හින්දා ළමයි බයකරන්නවත් කියලාහිතාගෙන සංගීතේ කළා!

    ReplyDelete
    Replies
    1. ළමයි බය උනාද ඉතිං.... ? හි හි

      Delete
  19. චිත්‍ර කොහොමත් බැහැ මට.කොටින්ම කියනවනම් හරියට පෙති පහක මලක්වත් ඇදගන්න බැහැ..ඒ නිසා ගිය සංගීතයට..ඒකත් යන්තම් ගොඩ දාගත්ත..

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම යන්තං ගොඩ ගිය අයනේ බැලුවම... හි හි

      Delete
  20. මටනං හතර, පහ වසර වල ඉඳන් තිබුනෙ සංගීත පිස්සුව. ඒ හිරු අක්කට වගේම අපේ ගෙදෙට්ට හූවකුයි, බල්ටියකුයි දුරින් තිවුනෙ සංගීත පන්තියක් නිසා වෙන්ට ඇති.

    මොනා උනත් වටේ පිටේ ඉන්න යාලු මිත්තරයො සේරම එක්කහු කරන් බුදු වීම නම් ලොකූම පිනක් අක්කේ....

    ReplyDelete
    Replies
    1. මට නැටුං පන්තියක් තිබ්බ චිත්‍ර පන්තියටත් වඩා ළඟින්... ඒත් මට ඔය නැටිල්ල ඇල්ලුවෙම නෑ ඉස්සර.... වැඩිය කෙල්ලො නොකරන දේවල් තමයි මං කරන්න දැඟළුවෙ... හි හි

      Delete
  21. පොඩි කාල් තිබුන චිත්‍ර අඳින්න බය නැතිකම මොට්ට වුනේ සමහර ගුරුවරු නිසා. මම ඇඳපු බැලුන් කාරයකුගේ චිත්‍රය පාසලේදී හොඳම චිත්‍රයට තේරුනා. අද ඒ හැකියාව කොහේ ගියාද නැහැ. ස්තුතියි ඔබේ අතීතය තුලින් මගේ අතීතයට මාව රැගෙන ගියාට.

    ReplyDelete
    Replies
    1. මටත් චිත්‍ර එපා උනේ ඒලෙවල් කරන්න ගියාම... මට එච්චරකල් හදාගෙන තිබ්බ නිදහස් ශෛලිය වෙනස් කරලා එයාලා ලකුණු දෙන ශෛලියට මාරු උනාට පස්සෙ මගේ චිත්‍ර මටම ලස්සන නැති උනා....

      Delete
  22. මටත් චිත්‍ර බැරි නිසා ගියා සංගීතය කොරන්න. යාන්තම් ලංවිමට යන්න සුදුසු කමක් ලැබුනා ඒකෙන්... ඕන් ඔහොමයි වුනේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ මදෑ ඉතිං.... හි හි

      Delete
  23. අපේ කාලේ සතියකට පීරියඩ් හතරක් ඔය සෞන්දර්ය හරි තාක්ෂණ හරි දෙකෙන් එක විෂයයක් තෝරාගෙන කරන්න වෙන් වෙලා තිබ්බා. ඒ පැය කිහිපය තමයි සතියේ ජොලිම කාලය .

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ සෙතේම තමයි... කොහොමත් වැඩක් කළත් නැතත් චිත්‍ර පීරියඩ් එක නිදහස් තමයි...

      Delete
  24. මෙයා 2000 ඕලෙවල් කරද්දී මම 8 වසරේ අෆ්ෆා.. ;)

    මම නම් කලේ සංගීතයනේ.. මතක ඇති සමහරවිට මම ඒක ගැන ලිවුවා.. මට ඉතින් අන්තිමේ සංගීත සෑර්ම ඒකත් තහනම් කලානේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒක මට අහු උනේ නෑ.. මට පෙරලලා බලන්නං බ්ලොග් එක... හි හි

      Delete
  25. යකෝ ඒ කියන්නේ මම හිරුට අක්කා කියන එක නැවත සලකා බැලිය යුතුයි.. මම 2 වසරේ ඉද්දිනේ මෙයා සාපෙ කරලා තියන්නේ...
    මම සාපෙ කරේ 2009!!
    හැබැයි මොනා උනත් මමත් කරේ චිත්තර තමා.. අනික් දෙක තුනම බැරි නිසා චිත්‍රත් බැරි උනත් ඒකට බැස්සා.. හැබැයි මොනවා ඇඳලා හරි ගොඩ ගියා...

    ReplyDelete
    Replies
    1. මොනවා ඇන්දත් ගොඩ යන්න පුලුවන් එකම විශය... හි හි

      Delete
  26. 2000 සාපේ??? යකෝ මේ ඉන්නේ නැන්දා කෙනෙක්!!!! ^_^

    අක්කේ කීම පිළිබද නැවතත් සමාව අයදිමි ;)

    මට හැබැයි බලාගෙන අදින්න පුළුවන් ලෙසටම. හිතලා තමයි බැරි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. මාත් 9 වසරෙදි මුලින්ම තෝර ගත්තෙ චිත්තර අදින්න.අනේද කියන්න වචන නෑ චිත්‍ර උගන්නපු ටීච ගැන.ඒ හන්දමයි ගියේ.ටීචගෙ ලස්සනයි චිත්තර අදින්නයි දෙකක් බැරි හංදා මං චිත්‍ර අදින එක අත ඇරියා

    ReplyDelete
    Replies
    1. එතකොට කළේ මොනාද.. ටීචර්ගෙ ලස්සන බල බල හිටපු එකද... හි හි

      Delete
    2. :-D අක්කණ්ඩිට තේරුනා

      Delete
  28. හරියකට චිත්‍ර අඳින්න බැරි උනත් මාත් කලේ චිත්‍ර...B result එකක් ආපු එක ගැන මට අදටත් පුදුමයි...

    ReplyDelete
  29. මේකි නම් ඒ කාලේ ඉඳලා තියෙන්නේ තනිකර කොල්ලෙක් වගේ...දැක්කම හිතාගන්ට පුලුවං...හෙහ්...

    මට චිත්‍ර බෑ....සංගීත ,නැටුම් දෙකටම ආසාව තිබුණා...ඒත් දෙකම කරන්ට බෑනේ....ඒ නිසා නැටුම් කලා.එතකොට ගායනාව ඔන වෙනවනේ කොහොමත් ..ඒ නිසා. උ.පෙ. ට නැටුම් කලා නම් හරි කියලා දැන් හිතෙනවා..අපරාදේ මතක් වෙනකොට දුකයි :(

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නෙවෙයි... තාම එහෙමයි... හි හි

      Delete
  30. සිරා කොලුවා නම් පුංචි එකා කාලෙ ඉදලම සංගීත කාරයා...6 වසරෙදි මම දෙපාරක් හිතන්නෙ නැතුව සංගීතය තෝරා ගත්තා...සංගීතයට තෝරා ගන්න කලියෙන් සින්දුවක් කියන්න කියලා එය අහගෙන ඉන්නවා අපේ ගුරුතුමියො....(ඒ කාලෙ අපේ සංගීත අංශයෙ ගුරු වරියෙ 3 දෙනෙක් සේවය කලා) මගේ ගායනයට ඒ අය බොහොම කැමති වුනා...පුතාට හොදට ගයන්න පුලුවන් අපි තෝරාගන්නවා කියලා එතැනින් ඇරඹුන මගේ පාසල් සංගීත ජීවිතය ගායනයට සමස්ත ලංකා සහතිකත් අරගෙන බෑන්ඩ් ගැහිල්ල දක්වාම දුර දිග ගියා. අදටත් මට හිතෙන්නෙ මම සංගීතය පැත්තෙන්ම ඉස්සරහට ගියා නම් මීට වඩා සාර්ථක මිනිහෙක් කියලයි.

    බොලා චිත්‍ර අදින කාලෙ සබන් කැටෙන් කැටයම් කපන කේස් එකක් තියෙනවා නේද ? අපේ පන්තියෙ චිත්‍ර කරපු උන් ඔය සබන් කැටයම් කැපුවෙ පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවට...ඒ අතර හැබෑම දස්සයො හිටියා...අපි වගේ උන් සල්ලි දිලා අපිටත් කපා දිපියව් කියලා කිව්වට එකෙක්වත් ඒ වැඩේ කොරලා දුන්නෙ නෑනෙ හැබෑටම...

    ReplyDelete
    Replies
    1. සබන් කැට කැටයම් ගැන වෙන කතාවක් තියෙනව.. පස්සෙ ලියන්නං...

      Delete
  31. හොඳයි, තමනුත් ගොඩ ගිහින් අනුත් උන්වත් ගොඩ දාපු එක. ඒ වුනත් ඒ ටීචර් කරපු වැඩේ හරියි කියලා මම හිතන්නේ නෑ. ඔයා නම් අවුරුදු දාසයක ළමයෙක්නේ.

    ඔය භාණ්ඩ දිහා බලාගෙන ඇඳීමට කියන්නේ Still Life කියලා. එහෙම ගහලා search කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔතන උනේ වෙන කේස් එකක් ඩූඩ් අයියේ... ලෙලිගහපු පොල් ගෙඩිය එදා ඇවිත් තිබ්බෙ විශය නිර්දේශයෙන් පිට.. මට මතක විදියට කේස් එකක් ගියා ඕකට... උගන්නපු නැති එකක් විභාගෙට ආව කියල... ( විශය චිත්‍ර හින්ද ඉතිං ලොකුවටම වැඩේ ඇදුනේ නෑ...) වැඩේ හරි නැති හින්ද තමයි මං හිතන්නේ අනිත් බඩු ටිකත් දැනගෙන උනත් ඒවා අපිට කිව්වෙ නැත්තෙ...

      අපිට ඒලෙවල් වලදිත් ඔහෙම එකක් උනා... ඉරි ගහන පේපර් එක ඉතිං සැමදා කණානේ... අපේ පාර ඉකෝන් පේපර් එක දීලා තිබ්බ, හරි උත්තර ඔක්කොටම ඉරි ගහන්නය කියල උත්තර දෙක තුන දීලා... මං හිතන්නෙ ගොඩක් ළමයි අමාරුවෙ වැටුනා ඒ කරපු වැඩේ හින්ද.... මොකද ඊට කලින් එහෙම ඇවිත් තිබ්බෙත් නෑ..ඊට පස්සෙ ආවෙත් නෑ....

      අන්න වචනේ... මතක් කළා... කළා.. ම්හු.... ආවෙම නෑ... හි හි

      Delete
  32. කොහොම හරි හිරැගේ වයසත් හෙලි වුනා. ඒක නෙමේ ලිපියේ අන්තිමට ඔබ ලියූ කරැණු සමඟ මමත් එකඟයි. ඔබට ජයෙන් ජය!! ඒකනෙමේ නංගී ඇයි ධාරා මේ දවස්වල නිශ්ෂබ්ද? ඇයට කරදරයක් නොවේවායි පතමි. දැන ගත්තොත් විස්තර කියන්න.

    ReplyDelete
    Replies
    1. මගේ වයස මේකෙ හැමතැනම වගේ තියෙනව... ඕකෙ ඉතිං මට අමුතුවෙන් හංගන්න දෙයක් තියෙනවයි... හි හි...

      ධාරා ගැන නං මං දන්නෙ නෑ... දැක්කෙ නෑ තමයි කාලෙකින්...

      Delete
  33. මාත් මුලින්ම චිත්‍ර තමයි කරන්න ගියේ .කෝ ඉතිං අපේ චිත්‍ර මැඩම්ට ලියනාඩෝඇන්ජොලලා,සෝලියස්ලා ගේ චිත්‍ර මිසක් පිකාසෝගේ චිත්‍ර අගය කරන්න දැනැන් හිටියේ නෑනේ,අනික හිරු 30 වුණා කියන්නේ බඩුම තමයි 30ඉඳන් 45 වෙන්න යන්නේ 28 ඉඳන්30 වෙන්න ගියාටත් වැඩිය අඩුකාලයක්, හා බොරු නම් ඔය දේශකයාගෙන් අහලා බලන්න

    ReplyDelete
    Replies
    1. හි හි... තාම 30 උනේ නෑ...

      Delete
  34. චිත්‍ර බැරි නිසා.....සංගීතයට ගියා......ඒකත් බැරි නිසා නැටුම් කලා.....තාම නටනවා. හිරු නම් කලා රිටක්නේ :D

    ReplyDelete
    Replies
    1. නටන්න බැරි උනොත් පොළව ඇදයි හරි කියන්න බැරියැ... හි හි...

      Delete
    2. බම්බුව තමා මේකි කලාකිරිංඤඤයක් බං ..

      Delete
    3. ඒක නම් ඇත්ත. වන් ශොට් නොකවුට්.

      Delete
  35. මමත් සංගීතය කරා .. අවුරුදු 2 ටම දවස් 5ක් විතර music room එකට යන්න ඇති .ටීචර් මාව දැකලවත් නෑ .. රිසල්ට් කියන්න ගියාම ඔය ළමය කවුද අහනවා .. කෙල්ලොන්ගේ පොත් කට පාඩම් කරලා A එකක් ගත්තා

    ReplyDelete
  36. මටත් දීලා නේද සැටිපිකට් එකක් !! ස්තුතියි.
    මං කරේ සංගීතෙ නොවැ මොකෝ මියුසික් උන බෑන්ඩ් සැරටම තිබුනා මට නං !! අපේ සංගීත පේපරේ තිබුන තබ්ලාව ඇඳල නම් කරන්නයි තව මොකද්ද වගේකුයි.
    මං ඒක ලියල පේපරේ එහා පැත්තෙ එකාට දුන්නා . උගෙන් හෝල් එක වටේම ගිහින් එකතු කරන්න ඔන්න මෙන්න තියලා එකෙක් මට කොල බෝලෙකින් ගැහුවා !!!
    හැක් !! බලද්දි අනේ ඒ මගෙ පේපරේ . දුංකලේ වගේ වෙලා..

    උනුත් පාස් මාත් පාස් බං දෙයියනේ කියලා !!

    ReplyDelete
    Replies
    1. පුදුමයි පේපර් එක බාර ගත්තා... හි හි

      Delete
  37. හිරුව උන්නද මලාද කියල මටත් බලන්න බැරි උනා..කනගා‍ටුයි ඒ ගැන ඒත් බොලා..වෘත්තීය ජීවිතේ ජයගන්න නොවැ තනන්නෙ. ඔය කිව්වට මටත් කිසි ඉස්පාසුවක් නෑ බොල.

    මේ කෙල්ල කොයි වෙලෙත් හිනාවේගනමද ඉන්නෙ ඈ..? නැත්තං එහෙම පොටෝම ‍තෝරල දානවද මන්ද..:))))

    මමත් චිත්‍ර විශය කලේ ඕ ලෙවල් වලට..අපේ පන්තියෙ හොඳින්ම බලා ඇඳීම කරන්න පුලුවන් උනේ මට...ඕන වීව් එකක් පුලුහන්.....ඒ උනාට මට වඩා වැඩ්ඩො අල්ලපු පන්තියෙ ගොඩක් උන්න. අපේ පන්තියෙ දි මට ලකුනු නම් ලැබුන්නෑ කවදාවත්..හේතුව ටීචගෙදුව අපේ පන්තියෙ වීම.
    කියන්න සතු‍ටුයි හිරු මගේ ලොකු දුවට බලා ඇඳීමේ හැකියාව දැනටම හොඳට පුලුහන්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නං හිනා වේගෙනම තමයි ඉතිං හිටියෙ.. මොනවට කියල දුක් වෙන්නද... ළඟ හිටපු එකෙක්ටවත් වැඩක් කරගන්න දෙන්නෙ නැතුව, දඟල දඟල, කෑ ගගහා... පිස්සු නටපු එක තමයි වැඩි හරියක්ම කළේ.. පුදුමයි විභාග පාස් උනා... හි හි

      Delete
  38. එස්.ඒ. දිසානායක වගේ ගුරු පියෙක් ඉඳලත් මම චිත්‍ර අතහැරියා. ඒ කාලේ අපිට වාණිජ / කෘෂිකර්ම හෝ චිත්‍ර/නැටුම්/සංගීත තිබ්බ නිසා වාණිජ සර්ගෙන් බැනුම් අහගෙන කෘෂිකර්මය කරා. එහෙනම් හිරු කෙල්ල තාම ඉන්නවා ඈ

    ReplyDelete
  39. මටනම් චිත්‍ර කියන නාමයක් පිහිටලා නෑ. කොටින්ම කිව්වොත් මගේ අකුරුත් කොල්ලෙක්ගේ වගේ. මෙලෝ ලස්සනක් නෑ. ඉතින් මන් කරේ සංගීතේ. එකනං ඔන්න පිහිටලා තියනවා මොකාටද වගේ.

    දැනුම බෙදාගැනීම ගැන ඔයා කියපු එක හරියටම හරි. කවුරු හරි මොනවා හරි දෙයක් ඉගනගත්තොත් මාරම සතුටක් තමයි දැනෙන්නේ.

    ReplyDelete

  40. ඉඳල හිටල සමහරුත් එක්ක මල පැන්නට, සමස්තයක් වශයෙන්, සිංහල බ්ලොග් ලියන හැමෝම ගැන, මට තියෙන්නෙ ගෞරවයක්. මං අකමැතිම දේ තමා, ලියන අයට පන්න පන්න තඩිබාන එක. කෙලින්ම තමන්ගෙ විරුද්ධත්වය , තර්කාණුකූලව හෝ උප්‍රහාසයෙන් ඉදිරිපත් කිරීම වෙනම දෙයක්. ඒත් ඒක ඇනෝ ඇවිත් පෞද්ගලික අපහාස කිරීම හෝ මඩ බ්ලොග් හදල කුණුහබ්බ ලිවීමන්ං කුජීතයි

    අනිතිමට කියන්න තියෙන්නෙ ආරේ ගති නෑරේ කියල තමා. මේ හුටප්පර අස්සෙ, එව්වත් ඉවසගෙන තාමත් ලියන අපේ කස්ටිය,ආයෙත් මගේ ප්‍රනාමය

    ReplyDelete
  41. හිරුවෝ මේ ලිපිය කියවන්න ඕන කියල ඔලුවේ තිබ්බට අද තමයි කියවන්න ලැබුනේ. මාත් ඉතින් අවාරෙට පොල් වැටෙන්න වගේනේ බ්ලොග් කියවන්නේ. හැබැයි හිතට අල්ලන මාතෘකාවක් දැක්කොත් මෙමොරි එකට දාගන්නවා පස්සේ කියවන්න .

    බොට වෙච්ච දේම වගේ එකක්නේ මට වුනේ . හයේ පන්තියට යද්දී මට චිත්‍ර ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. අපේ අක්කටයි අය්යටයි අඳින්න පුළුවන් වුනාට මට එහෙම හැකියාවක් ඇතැයි කිසිම සාධකයක් ලැබිල නැහැ ඒ වෙද්දී. .අපේ අධ්‍යාපනයේ හැටි තමයි. ඉතින් සින්දු කියන්නත් බැරි එකේ නටලාවත් බලන්න කියල නැටුම් තෝරාගත්තා. අවුරුද්දක් ගිහිනුත් නමස්කාරය විතරයි උගන්නල තිබ්බේ. මට එපා වුනා . ඉස්කෝල වල කරන්නේ පුළුවන් එකාව වෙන් කරගෙන උඩට ගන්න එක මිසක් බැරි එකාට මක්කයි වුනේ කියල බලන එක නෙමේනේ.
    මන් ගියා චිත්‍ර ටීචර් හම්බ වෙන්න . මන් එන්නද ඇහුවා . නැටුම් ටිචටත් මොකෝ. එකෙක් අඩු වුනහම ලෙසිනේ. යන්න කිව්වා. එදා ගිය පාර මට චිත්‍ර අඳින්න පුළුවන් බව තේරුම් ගත්ත. රනිල් ලෝකට ස්තුතිවන්ත වෙන්න අපට වැඩ හය නිසා චිත්‍ර විෂය හරියට ඉගෙන ගන්න බැරි වුනා. උසස් පෙලට චිත්‍ර කරන්න බය වුනා. කලාව කන්නද කියලා කවුද ඇහුවනේ. මෙහෙට ඇවිත් චිත්‍ර දැකල ආයේ ආස වුනා .

    ReplyDelete
  42. මාත් පොඩි කාලේ චිත්‍ර කලා. මම හිතන්නේ මම ඉගනගන්න කාලේ තොරාගැනීමක් නෑ වෙන්න ඕනේ. පොඩි ළමයි අනිවාර්යෙන් අඳින්න ඕනේ. ඉතින් මට චිත්‍ර අඳින්න පුළුවන් හැබැයි මිනිස්සු එහෙම අඳින්න බෑ. බලාගෙන වස්තුන් ඕනේ එකක් අඳින්න පුළුවන්කමක් තිබ්බා ජීවින් හැර. ඒ වුනාට අපේ අම්මා චිත්‍ර එක්ස්පර්ට්. හෝම් වර්ක් තිබ්බා නම් මිනිස්සු අඳින්න මම ගොඩ. පන්තියේ නම් ඇඳලාම නෑ වෙන්න ඕනේ. කොහොමත් මම චිත්‍ර මිස්ට කැමති උනෙත් නෑ. එයාට බබාල ගොඩාක් හිටියා. ඒ ළමයි අපේ පන්තිවලටත් එක්කන් ආවා. ඒකට තරහින් මම හිටියේ. (මේ කියන්නේ බොහොම පොඩි කාලේ.) ඒත් ඒ මිස්ගේ හස්බන්ඩ් වෙඩි තියලා මැරුවා. ඒ මැරෙන දවසේම ඒ මනුස්සයා අපේ අයියයි මායි අක්කයි ඉන්න තැනට ඇවිත් යන්නම් කියලාත් ගියා. අපි ගෙදර එනකොට ඒ මනුස්සයා මැරිලා කියලා ආරංචි වුනාම මට චිත්‍ර මිස් ගැන පුදුම විදිහේ කනගාටුවක් ඇති වුනේ. ඊට පස්සේ අපි ඒ ස්කෝලෙට ගියේත් නෑ. අර මිස් මුණ ගැහුනේත් නෑ. ළඟදි කාලෙක හොයලා බැලුවාම දැන් ඒ මිස් සතුටින් ඉන්නවලු වෙන කෙනෙක් බැඳලා.
    එතනින් එහාට මගේ චිත්‍ර පාඩමත් ඉවරයි

    ReplyDelete
  43. චිත්‍ර පේපර් එක මතක උනා...

    මාතෘකාවක් දීලා චිත්‍රයක් අඳින්න කියන එක ශේප්. ලියන්න තියෙන පේපර් එක ගොඩ. බලාගෙන ඇඳීම ඉවර කරල ටිකාක් වගෙ වෙලිගෙන එද්දි ඒකට වතුර ඉහුනා මගේ අතින් :( ආයේ අඳින්න වේලාවක් නැති නිසා, ඒකම බාර දිලා ගෙදර ආව.

    ReplyDelete
  44. මිස් ගේ පාඩම් වැඩ ගැන තිබ්බා ලිපිය බැලුවා. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි මිස් චිත්‍ර අඳින්න. කොහොම වුනත් මිස්ගේ බ්ලොග් එකේ ලිපි මම හරිම ආසාවෙන් මම කියනවා. මම හිතන්නේ මිස් හරිම හොඳ කෙනෙක් කියලා.

    ReplyDelete
  45. ආනේ හිරු, පෝස්ට් ගොඩක් මිස් වෙලා... ඔයාගේ ක්‍රියේෂන් පිටුව බැලුවා.. හැබෑම දක්ෂකමක් හිරුවෝ ඒක ! ඇත්තමයි කළින් දන්නවනම් වැඩ කීපයක් කරගන්න තිබ්බා. අපේ ළමා වාට්ටුවේ බිත්ති පුරා චිත්‍ර අඳින්න හිතන් ඉන්නවා... ඒකට ප්‍රතිපාදන කවදා කොහොම ලැබෙයිද මන්දා... එහෙම උනොත් අනිවාරය‍ යෙන් හෙල්ප් එකක් ඕනේ හොඳේ !

    ReplyDelete
  46. Me post eka mawa athithayata ekkagena giya. Eththatama math O/L kale 2000di. Mata mathaka widiyata 2000-12-16 Saturday thama chithra thibbe. Pol gediyak bala andinna thibba thamayi :-). Mamath Arts kale dancing and music mata beri nisa. Ath mata ape schhol eke madamla godak udaw kala. Oya O/l paper eke thibba amaruma prashne wune ara liyana paper eke thibba chithrayak balan liyana kotasayi. Eththatama eda e apu chithre kohen apu ekakda kiyala mama thama danne ne,:-)

    ReplyDelete