Tuesday, July 23, 2013

කෙල්ලොන්ව ඇස් වගේ පරිස්සම් කරන අම්මලට... Drugs and youth




මගේ බ්ලොග් එකටයි, මගේ බ්ලොග් කියවිල්ලටයි පහුගිය ටිකේ පොඩි නිවාඩුවක් දෙන්න උනා... වෙඩිමක් හින්දා... ඒත් වෙලාවක් අහු උන ගමන් කට්ටියගේ පෝස්ට් ටික නම් කියෝගෙන කියෝගෙන ගියා... කමෙන්ට් එකක් දෙකක් නොදා එන්න බැරි තරමට අත කසන ගතියක් දැනුන ඒවට විතරක් අපේ මහත්තයගෙන් බැනුම් අහ අහ කමෙන්ටුත් දැම්මා... කොහොමහරි දැන් නං එහෙ මෙහෙ දිවිල්ල ඉවරයි... දැන් ගෙදර... හි හි... 

ගොඩක් දේවල් ලියන්න කියලා ඒ ඒ වෙලාවට හිතාගත්තට දැන් නම් ඒ මොනාද කියලවත් මතක නැති ගානයි... වෙනදට නං පොඩි නෝට් එකක් ගහගන්නවා ළඟ තියෙන නෝට් බුක් එකේ.. මේ ටිකේ ඒකත් බැරි උනා... 

ඒ අතරෙම පොඩියට පටන් ගත්ත වෙඩින් කාඩ් වැඩෙත් කරගෙන යනව.. මගේ මාකටින් නං අන්තිමයි... මං කාඩ් සාම්පල් ටික දැම්මේ ලොකුම වෙඩින් සීසන් එක පහු උනාට පස්සෙ... ඒක ඉතිං මගේ මෝඩකම.. ඒකට හේතුව උනේ ඉතිං අතේ සල්ලි තිබිච්ච නැති එක... 

ඒ අතරේ ඊයේ ඕපදූප ටයිප් එකේ ආරංචියක් ආවා අපේ ගෙවල් පැත්තේ කොල්ලො කීප දෙනෙක්ම කූඩු ජාවාරමට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් කියලා... අපෙ තාත්තා කියන විදියට ඒ පැත්තේ, ඒ කිව්වේ පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල පැත්තේ මීට අවුරුදු 15-20කට කලින් බොහොම ජයට කෙරිච්ච ජාවාරමක් තමයි ඕක.. හැබැයි පහුගිය කාලේ නං ගොඩක්ම අඩු වෙලා තිබ්බේ... මට මතක ඇති කාලෙක කුඩු ගහපු කෙනෙක් හිටියේ නෑ අපේ ගෙවල් පැත්තේ එහෙම... ඒත් මෙදා පාරනං අහුවෙලා තියෙන්නේ අපෙ අම්මලගෙත් හොඳම යාලුවෙක්ගේ පුතෙක්... කුඩු ගහලා නෙවෙයි ළඟතියාගෙන කියලා තමයි අම්මා කිව්වේ.. කොහොම හරි ඔය ජාවාරමේ ලොකු අතු වලට මේ දවස්වල අමතක වීමේ ලෙඩක් තියෙන බවත් ආරංචියි... මේවා ඉතිං ඕප තමයි... හැබැයි ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නෑ නේ...

මං අද උදේ නිවුස් බලාගෙන හිටියේ මේ ගැන යමක් තියෙයිද කියලා.. කුඩු කතන්දර කීපයක් තිබ්බත් මේ ගැන දෙයක් නම් ඇහුනේ නෑ හැබැයි... ඉතිං මේවා ලියලා මගේ බ්ලොග් එකට දෙයියන්නේ පිහිට වෙයිද දන්නෙත් නෑ.. ඒත් ඉතිං හිතට වැදිච්ච දේ ලියන්නත් එපැයි...

කොහොමහරි මට ඕනේ උනේ මේ කුඩු කතන්දරේ ආයිත් බරපතල විදියට ඔලුව උස්සන බව පේන්න තියන බව කියන්න.. ආශ්චර්ය දීපයේ කුඩුත් නැත්තං මොන මඟුලක්ද කියලා හිතනවද දන්නේ නෑ.. හැබැයි මේවට අහුවෙලා නාස්ති වෙන්නේ ලොකු ලොක්කන්ගේ පුත්තු දුවලා නං නෙවෙයි... අම්මලා තාත්තලා නොකා නොබී ඉස්කෝල වලට යවලා, උගන්නලා තැනකට ගන්න දඟලන දුප්පත් ළමයි... කුඩු ගැහීමට වඩා ලොකු දඬුවම් කුඩු ළඟතබාගැනීමට, විකිණිමට තියෙනවා... ඒක නිසා අපේ ළමයි මල් වගේ, ඕවට යන්නේ නෑ ...  කියලා හිතං ඉන්න අම්මලා තාත්තලා දැනට වඩා ළමයි ගැන හොයලා බැලුවනං හොඳයි කියලා මතක් කරන්නත් ඕනේ... විශේෂයෙන් අවුරුදු 15-22 වගේ වයස්වල ඉන්න ළමයි ගැන... මොකද එයාලා මේවට අහුවෙන්නේ නොදැනුවත්වමයි.... 

මම මේ වෝනිං එක මුලින්ම දුන්නේ අපෙ අම්මට... මොකද අපෙ මල්ලිත් දැන් පුරුදු වෙලා ඉන්නේ මොනා ඇහුවත් ආඳා උත්තරයක් දීලා ලිස්සලා යන්න.. අම්මලත් කොල්ලා කියලා පස්සෙන් පන්නන්‌ෙන් නැති නිසා මෙයාට ලේසියි ... අපේ අම්මලා තාත්තලා කෙල්ලන්ව පරිස්සම් කරනවා වගේ කොල්ලන්ට පරිස්සම් කරන්නේ නැත්තේ මොන කෙහෙල්මලකටද කියලා මට තේරෙන්‌නේ නෑ... කෙල්ලෙක් හවස 6 පහුඋනොත් ගෙදරට එන්න, රට ගිනි තියන්න දඟලනවා... කොල්ලෙක් රෑ 10ට ආවත් ගානක් නෑ... හැබැයි ඌ බීලද, කුඩු ගහලද, රස්තියාදුවෙ ගිහිල්ලද කියලා හොයලා බලන්නෙත් නෑ... පොඩ්ඩක් බැනලා නිකා ඉන්නවා.. අපි කරපුවයෙ හරියට මේවා මොනාද කියලා හිනා වෙනවා... 

මගේ අත්දැකීමට අනුව නම් අවුරුදු 16 විතර ඉඳලා වයස් වල කොල්ලන්ගෙ වැඩ අම්මලට වඩා උන්ගේ යාලුවෝ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවා... අම්මලා.. අපේ කොල්ලා එහෙම නෑ... කියාගෙන සුද්ධ කරද්දි කෙල්ලන්ට හිනායන එක අහන්න දෙයක් නෙවෙයි... මටත් එහෙම අත්දැකීම් තියෙනවා... ඊයේ දෙවනි පාරටත් මං මේ කියන දේ හරි කියලා මට ඔප්පු උනා... අපේ මල්ලි ආශ්‍රය කරන යාලුවෝ ගැන අපි නොදන්න ගොඩක් දේවල් ඒකගේ ගර්ල් ‌ෆ්‍රෙන්ඩ් දන්නවා.... මට ඒකයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ... 

අම්මලා තාත්තලා, තමන්ගේ පිරිමි දරුවෝ ආශ්‍රය කරන්නේ මොන වගේ යාලුවොද කියලා හොයලා බලලා විතරක් මදි.. අපේ එකා හොඳයි, ඕවට යන් නෑ ... කියලා හිතං ඉන්න අම්මල තාත්තලට කියන්න තියෙන්නේ දැන් කොල්ලෝ අරක්කු සිගරට් බොන්න පටන් ගන්නේ, කුඩු ගහන්න පටන් ගන්නේ, මසාජ් ක්ලිනික් වලට යන්න පටන් ගන්නේ අවුරුදු 15 ඉඳන්... ඒක නිසා කල්පනාවෙන් ඉන්න.. 

කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... 

117 comments:

  1. කොල්ලෙක් වෙලා ඉපදීමේ වාසිය තමයි ඉතින්.

    එහෙමයි කියලා ඉතිං කොල්ලෝ බල්ලෝ වෙන්න හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. මේකවම ස්පැම් වෙලා තිබ්බනේ... හි හි

      Delete
  2. >> කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... <<
    මේක තමයි නියම කියමන.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මුලු පෝස්ට් එකම මේ වචන ටිකේ ගැබ් වෙලා..!

      Delete
    2. ඇත්තටම ඕක මං මුලින්ම කිව්වේ අපේ අම්මට වී... මට දාපු සද්ද ටිකෙන් බාගයක්වත් මල්ලිට දැම්ම නං ඔය වගේ දේවල් වෙන්න කලින්ම අම්මලට දැනගන්න තිබ්බා.. ඒත් මූ හැම එකටම ආඳා උත්තරයක් දීලා හිනස්සවලා මාරු වෙනවා, අම්මලත් ඒවා ගනං ගන්නේ නෑ.. ඉතිං අර ළමයව පොලිසියෙන් අල්ලන් යනකම් දන්නේ නෑ වෙන්නේ මොනාද, මුන් කරන්නේ මොනාද කියලා... අම්මලට අපේ ළමයි ඕවා කරන්නේ නෑ කියන විශ්වාසය තියන් ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක....

      Delete
  3. කෙල්ලෝ කොල්ලෝ කියලා නැ බං , දෙගොල්ලන්ටම අවධානම් තියනවා , ඉස්සර කොල්ලෝ පරිස්සංකරේ ගල්කාරයන්ගෙන් , දැන් පරිස්සන් කරන්ඩ වෙලා තියෙන්නේ සමනල්ලුන්ගෙන් , ගල්කාරයන්ගෙන් බේරෙන්ඩ දැන් කොල්ලෝ දන්නවා , හැබැයි උන් සමනල් මොත්තෙට අහුවෙනවා , කෙල්ලො පරිස්සං කරන එක තමා දැන් තියන ලොකුම කාරිය , ඉස්සර අම්මලා හෙවිල්ලෙන් හිටියේ කෙල්ල රවට්ටලා කොල්ලෙක් අකුලක් අස්සට ඇදගන යයිද කියලා , දැන් ඉතින් ඒ තැනට ඇවිත් තියෙන්නේ ආප්ප සෙල්ලම , අනේ මන්දා නානාප්‍රකාර කෙසෙල් තියෙද්දි මොකට ආප්ප කනවද කියලා , ඔව්වට උඩගෙඩි දෙන එකාල එකීලත් ඉන්නවනේ ,

    ජීව විද්‍යත්මක කරුනුයි , අරවයි මෙව්වයි ඉස්සරහට දාගන ඔව්වා සාදාරණිකරනය කරන්න හැදුවට , දෙයියනේ සමාජ සම්මතයක් , සමාජ රීතියක් ,කියලා දෙයක් තියනවා නේද , සමහරක් විට දැන් කියයි ඔව්වා කන්ඩද කියලා , එහෙනං ඉතින් ඇයි මේ අනිත් දේවල් වලට නීතී හදාගන රාමු හදාගන දගලන්නේ , කැමති එකෙකුට කැමති විදිහකට ඉන්ඩ දීලා නිකා හිටිය හැකිනේ .

    කුඩු කතාවනං හිරුවෝ දැන් ගොඩක් දුර‍ට අඩුයි . ඉස්සර මේ පැත්තේ අම්බානකට තිබ්බා , රාගම ප්‍රදේශය ගත්තහම මම දන්න තැන් දහයක් විතර තිබ්බා කුඩු විකුණන , දැන් ඒ එකම තැනකවත් කුඩු නෑ , ඒත් කුඩු නැත්තේමත් නැ , කුඩුත් දැන් අධී සුපෝපබෝගී භාංඩයක් වෙලා තියෙන්නේ , මිලදී ගන්නවානං එක වර ලොකු ප්‍රමානයකින් ගන්න ඕන , සල්ලී ඩයලොග් ඊසී කෑෂ් කරපුවහම අතනට එන්න මෙතනට එන්න කියලා එහෙට මෙහෙට කරකවලා , එකපාරට කොහෙන් හරි එන එකෙක් අතට දීලා මාරු වෙනවා , කාගේ බඩුද කියලා ගන්න එකා දන්නෙත් නැ ,

    ඔය කාරනවා නිසා දුප්පත් කොල්ලෝ ටිකනං බේරෙනවා , සල්ලි තියන පවුල් වල කොල්ලෝ තමා අහුවෙන්නේ , අනික දැන් හැදෙන තරුණ පරපුර සිකරට් බොනවා උනත් අඩුයිනේ . 70 දශකයේ 80 දශකයේ මුල් භාගයේ ඉපදුන අපි වගේ උන් තමා ඔව්වට අහු උනේ .

    හැබැයි පහුගිය කාලේ පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම වාගේ සෙල්ලං තිබුනා උනත් එව්වත් දැන් මීළදී ගන්න කොල්ලන්ට අමාරුයි , කොරැක්ස් ඩි බෝතලයක් 900ක් විතර වෙනවා , ඩැමඩොල් කාඩ් එකක් 300ක් විතර වෙනවා බ්ලැක් මාර්කට් , පාමසි වලින් දැන් දෙන්නෙම නැති සයිස් එකක් තියෙන්නේ , ඒක නිසා කොල්ලෝ දැන් බොනවා අඩුයි , අනික අර දෙතුන් දෙනෙක් මැරුන නිසා කට්ටිය ටිකක් බය උනා ,

    අනික ගංජා . ඉස්සර සිකරට් එකක් මීළදී ගන්නවා වාගේ පහසුවෙන් ගංජා මීළදි ගන්න පුවවන් කම තිබුනා , බස් ස්ටෑඩ් වල හිටං හිටියා ජංගම මල් පැට්ටෝ අලවිකරන්නන් . දැනට මාස හත අටකට කලින් කලා ලෝකෙට සම්බන්ධ පොරකට ආගන්තුක සත්කාර දක්වන්න මලක් හොයන්ඩ මම කාපු කට්ටක් , කිලෝ මීටර් පහක් විතර දුර බයික් එකේ ගිහින් තමා මලක් හොයා ගත්තේ ,

    ඔන්න ඔහොම තහනං මත්ද්‍රව්‍ය ගැන අද අපේ රටේ තත්වේ ,

    හැබැයි දැන් වැඩේ යනවා තව පැත්තකට , පොඩ්ඩක් බලන්ඩලාකෝ වයින් ස්ටෝස් එකක් ලග වාහනය නවත්තගන ඉදලා ටික වෙලාවක් , 21කෙන් පහල උන්ට විකුණන්නේ නැ කියලා ‍තඩී බෝඩ් එකක් එල්ලා තිබ්බට , හවසට පන්ති ගිහින් එන කොල්ලෝ බීයර් කෑන් එකක් අරගන බීලා තමයි යන්නේ , ( සමහර විට තිබහට වෙන්ට ඇති ) , හවසට පාරවල් දිගේ වැඩ ඇරිලා ගෙවල් වලට පාරේ පයින් යන උන් බීයර් කෑන් එකක් ගගහ තමා යන්නේ , ( බොරැනං බලන්ඩ පාරවල් දෙපැත්ත ) සමහරක් පොරවල් පළතුරු බිම බෝතලයක් අරගන බාගයක් බීලා ඒකට කාලක් අරන් හලාගන යන ගමන් ගගහ යනවා .

    සිකරට් බොන එකනං ගොඩක් දුරට අඩුයි , හැබැයි සකරට් නොබොන උන් බියර් සහ අරක්කු බොනවා .

    බලන්න නිකමට වෙඩින් එකකට ගියහම ගෑණු අය ඉන්නවා දෙයියනේ කියලා බියර් බෝතල් ‍දකක් බඩට බස්සා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අප්පට සීරි මේක හෙන දිගයි , මම දාපු දිගම එකද කොහෙද ,

      Delete
    2. හිරුගෙ ලිපියට වඩා ඔබේ කොමන්ට් එක දිගයිනෙ.
      ඊයෙ බඩු තාම වැඩද?

      Delete
    3. සීරාවටම ඊට වැඩිය දිගද කොහෙද තමා කෙන්ජියෝ , ඇයි බං හැම වෙලාවෙම මං බීලා කියලා කියන්නේ , මං පවු නැද්ද

      Delete
    4. මටත් පේන්‌ෙන අටම් දාපු දිගම කමෙන්ට් එකද කොහෙද මේක... හි හි...

      නෑ අටම්... කුඩු ගැහිල්ලයි කුඩු විකිණිල්ලයි දෙකක්... මං කියපු සීන් එකේදි අහුවෙලා තියෙන්නේ ඔක්කොම දුප්පත් කොල්ලො... ඒ කුඩු විකුණලා.. මේවා ගෙන්නන්නේ ලොකු ව්‍යාපාරිකයෝ.. බෙදන්නේ මේ වගේ පොඩි උන් අල්ලලා... අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා කියන්නයි මං මේක ලිව්වේ... පරිස්සම් කරනවා කියලා හැමෝම දන්න දේවල් ඇරෙන්න ළමයින්ව පරිස්සම් කරගන්න තව කොච්චර දේවල් තියෙනවද... මේවා අම්මලට කිව්වම එකපාරටම කියන්නේ “ අනේ අපෙ ළමයි ඕවා කරන් නෑ ” කියල.. ඒත් එයාලත් හරියට දන්නෑ.. විශ්වාස කරගෙන ඉන්නවා විතරයි....

      ගේ ලෙස් සීන් නං ඉතිං මං එච්චර ගනං ගන් නෑ.. මොකද කිව්වොත් මොකා මොන විදියට පෙළඹෙව්වත් ඒකට කැමැත්තක් ස්වාභාවිකවම ඇවිල්ලා නැත්තං ඒ වැඩේ අල්ලලා යන් නෑ... මාත් ගියේ බාලිකා ඉස්කෝල දෙකකට නේ... ඒවයෙත් ඕවා තිබ්බා... දැන් මේවා ගොඩක් ලොකුවට පේන්න තියෙන නිසා අලුත් ප්‍රවණතාවයක් කියලා හිතුවට වෙලා තියෙන්නේ මෙච්චර කල් හැංගිලා තිබ්බ ඒවා එළියට ආවිල්ලා තියෙන එක විතරයි කියලා මං හිතන්නේ...

      කුඩු කේස් එක එහෙම නෙවෙයි... ඇත්තටම කුඩු කේස් නැත්තටම නැති වෙලා තිබ්බේ අපේ පැත්තේ නං... දැන් මේ අලුතින් ආයිත් පටං අරන්....

      අනිත් එක මේ තාත්තලගේ වැඩ.. තාත්තලා බොනවා කියන එක ළමයින්ට ගොඩක් අප්සට් යන කේස් එකක්.. තාත්තලා ගෙවල් වල ප්‍රශ්න කියලා (හරි මොකක් හරි හේතුවක් හදාගෙන හරි) බිව්වම කවදහරි ළමයිනුත් ප්‍රශ්නෙකදි බොන්න පටන් ගන්න ඉඩ තියෙනවා... ‌තාත්තලා පුතාලා කරන වැරදි වැඩ වලදි කියන්නේ අපි කරපුවයෙ හැටියට ඕවත් වැරදිද කියලා.. හැබැයි ඒවා දුරදිග ගියාම බනින්නේ අම්මලට.. ළමයි ගැන බලන්නේ නෑ කියලා...

      Delete
    5. "ගේ ලෙස් සීන් නං ඉතිං මං එච්චර ගනං ගන් නෑ.. මොකද කිව්වොත් මොකා මොන විදියට පෙළඹෙව්වත් ඒකට කැමැත්තක් ස්වාභාවිකවම ඇවිල්ලා නැත්තං ඒ වැඩේ අල්ලලා යන් නෑ... මාත් ගියේ බාලිකා ඉස්කෝල දෙකකට නේ... ඒවයෙත් ඕවා තිබ්බා... දැන් මේවා ගොඩක් ලොකුවට පේන්න තියෙන නිසා අලුත් ප්‍රවණතාවයක් කියලා හිතුවට වෙලා තියෙන්නේ මෙච්චර කල් හැංගිලා තිබ්බ ඒවා එළියට ආවිල්ලා තියෙන එක විතරයි කියලා මං හිතන්නේ...


      වැරදියි හිරුවෝ මගේ අත්දැකීම් අනුව හොඳට පවුල් කාලා ජීවත් උන සමහර අයත් පහු කාලීනව ඔය වගේ දේවල් වලට පෙළඹිලා තියනවා. මම දන්නා එක පොරක් හිටියා දරුවෝ දෙන්නෙකුගේ පියෙක් මම ලඟින්ම ආශ්‍රය කල කෙනෙක් පොඩි කාලේ ඉඳන්. මොකක් හරි සිද්දියකට මිනිහට එළිමහන් සිර කඳවුරකට යන්න උනා කියමුකෝ. මැන් ඔකේ ඉඳන් ආවට පස්සේ ගේ කුරුල්ලෙක් උනා නොවැ . මොකෝ ඕකෙදි බෙහෙතක්වත් විද්දයි .

      Delete
    6. නිශාන්ත කිව්වමයි මට මතක් උනේ.. මාත් කතා කරලා තියෙනවා කසාද බැඳලා ළමයි හදාගෙන ඉඳලා පස්සේ ගේ ලෙස් කියලා තේරුම් ගත්ත අය ( සමාජයට හොරෙන්).. හැබැයි ඒ අය එක්ක කතා කරද්දි කිව්වේ එයාලා සමාජ සම්මතයට කසාද බැන්දට ඇත්තටම ලිංගික තෘප්තිය ලැබුවේ පස්සේ කියලා.. මට එතන්දි ඇත්තටම දුක හිතුනා... මොකද සමාජයට බයේ එයාලා පවුල් ජීවිතයක් ගත කරලා තිබ්බෙ... ලිංගික ජීවිතයටත් නිදහසක් නැත්තං එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද කියලත් මට හිතෙනව අප්පා... ඒත් ඔයා කියන කතාව ඇත්ත... ඒ වගේ උනාම දරුවොත් අතරමං වෙනවා... ජීවිත කීපයක් නාස්ති වෙනවා... කොහොමත් මං සමලිංගික සේවනය කියන එකට කැමති නෑ.. ඒත් ඒක ඒ අයගේ නිදහස... මං හිතන්නේ එහෙමයි...

      Delete
  4. කේට් ට පුතෙක් ලැබිලලු.
    බැදල මාස 9යි.
    ඔන්න කෙල්ලො.

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ , කවුද දන්නේ හොද නැකතක් තිබිලා කලින්ම එලියට ඇද්දද කියලා

      Delete
  5. පහුගිය ටිකේ අඩූ වේලා තියේලා.ළඟදී වැඩි වුනා නම් ඉතිං හාස්කමින් ලෙඩ සුව වේච්ච එව්වායේ ප්‍රතිඵල වෙන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. හාස්කම් වෙච්ච කාලේ ඉඳලාම තමා....

      Delete
    2. ලෙඩ වෙලා හිටපු කාලේ හෙංචයියන්ගේ වැඩ මේවා...

      Delete
  6. අන්තිම වාක්‍යය නම් නියමයි. අපිට ඉතිං ඕවගේ තේරුමක් නෑ වැඩිය...

    ළමයි එක්ක කිට්ටු සම්බන්ධතාවයක් අම්මලා තාත්තලා හදාගන්න ඔය කොයි දේටත් හොඳයි. මොකද කාලෙන් කාලෙට එක එක දේවල් නේ. සමහර දෙමව්පියෝ වැරැද්දක් කරනවා, ඒ තමයි යාළුවන්ව ගෙදරට එක්කං එන එකට බර බරේ දැමීම. නමුත් තමන්ගේ යාළුවොත් එක්ක ගෙදර එන එකා, උන් එක්ක නොදන්න තැන්වල ගිහින් නොදන්න දේවල් කරනවට වඩා කොච්චර දෙයක්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා හරියට මේ වගේ වැරදි කරනවා තිසර.. ඒත් අන්තිමට බැනුම් අහන්නේ එහා ගෙදර එකා, නැත්තං අම්මා විතරයි... නැත්තං අහල පහල ඉන්න උන්.. ඇත්තටම තමන්ගේ ළමයා ගැන විශ්වාස කරන එක වගේම අවධානෙන් එන්න එකත් කරන්නම ඕනේ..

      Delete
  7. කොල්ලෙක් උනාම කුඩුයි බඩුයි ඇරෙන්නේ අනෙක් දේවල් පොඩ්ඩ පොඩ්ඩ වුට්ටක් විතර කරාට කමක් නෑ මගේ හිතේ :) හැබැයි අවුට් ගියොත් තමයි අවුල......

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අර මං උඩ කියලා තිබ්බ ජාතියේ එක්කෙනෙක්.. තාත්තල තමන්ට අවුට් යන තරමවත් මෙච්චර නාකි වෙලත් දන්නේ නෑ ... කාණුවේ තමයි නවතින්නේ... ඉතිං කොහෙද...

      Delete
    2. කුඩු විතරක් නොකල හිටියම ඇති නේද බන්....අනිත් එව්වා හැම එකම පොඩ්ඩ පොඩ්ඩ කරලා බැලුවාට අවුලක් නැහැ තමයි.....හැබැයි ඕනෑ එකක් පොඩ්ඩ පොඩ්ඩ හොඳේ ..අනිත් එව්වා වුනත් කුඩු ගහන්න පුරුදු වුනා වාගේ කරන්න යන්න හොඳ නැහැ...

      Delete
    3. ඔය මොකවත් නොකර ඒවයෙ ආදීනව තේරුම් ගන්න බෑ කියලද ඔය කියන්නේ.. ?

      Delete
    4. mayya kiuwe aththa kathawa
      kudui badui arenna anith ewa tika tika try karla thibbata awlak na

      Delete
  8. අර අන්තිමට නිල් පාටින් දාල තියෙන වාක්‍ය තමා නියමම වාක්‍ය.

    අපේ අක්කලාගේ ගෙවල් පැත්තෙත් කුඩු ගහන කොල්ලෝ සෑහෙන ඉන්නවලු. හොදම වැඩේ කියන්නේ උන්ට කුඩු ගහන්න සල්ලි නැති වුනාම ගෙවල් වලට පැනලා පොඩි පොඩි දේවල් හරි උස්සන් යනවා. අපේ අක්කලාගේ ගෙදරටත් දවසක් පැනල වහලෙට අල්ලලා තියෙන මල් කෑලි කීපයක්ම ගලවන් ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේ ඊයේ පෙරෙදයි කතා උනේ දැන් අර ඉස්සර හොරු වගේ ගෙවල් වල තියෙන ඇලුමිනියම් හට්ටි ටිකත් උස්සන් යන එක නං නැවතිලා කියලා... අනේ මන්දා මේ රට...

      Delete
  9. හිරූ... කවදාවත් අපෙ අම්මල අපි ගැන වඩිපුර හොයල නෑ හිරූ... මොකද අපි ඉන්න සමාජය අනුව අපි දැන ගන්න ඕන අපි කොහොමද හැදෙන්න ඕන කියල.... මම පිලිගන්නව මම බොනව කියල .. නමුත් හිරූ ඒකට කාලයක් වෙලාවක්, කලාවක් තියෙනව, මූසලයෙක් වගේ බොන්නෙ නැතුව ඉදල හිටල බිවුවට කමක් නෑ කියන මතේ තමා ඉන්නෙ... ඒකත් වරදියි තමයි.. ඒකිඅත් මම පිලිගන්නව... මම මේ කොලබ සමාජයට පය ගැහුවෙ හිරූ වයස අවුරුශු 10යෙදි..

    01. http://jeevithayasundharai.blogspot.com/2012/12/blog-post_18.html#.Ue4eyb0iRzs

    02. http://jeevithayasundharai.blogspot.com/2013/01/02.html#.Ue4ejb0iRzs

    03. http://jeevithayasundharai.blogspot.com/2013/02/blog-post_16.html#.Ue4e0b0iRzs

    නමුත් මම කුඩු ගහන්නෙ, ගන්ජ ගහන්නෙ නෑ... මොකද මම හොද නරක කියන දේ දන්න නිසා... තේරුන නිසා... අපි බොන්නෙ මගේම යාලුවො 05 දෙනත් එක්ක විතරයි.. වෙන එක තැනකදිවත් මම කටේවත් තියල නෑ... මොකද මම ඉන්න ඕන තැන මම දන්නව... හැසිරෙන්න ඕන විදිය මම දන්නව... ඒව අපෙ අම්මල හදල තියෙන්නෙ, කියල දීල තියෙන්නෙ,

    අපි මේ තැන අද ඉන්නෙ සමාජය ගැන දැන ගෙන, සමාජයක් එක්ක හැප්පිල, මාරගෙන, එක එක ජාතියෙ මිනිස්සු ආශ්‍රය කරල තමයි.. නැතුව අපි එක පාරට මේ තත්වෙට එන්නෙ නෑ හිරූ... අනික මගේ යාලුවො ඉන්නව කුඩු ගහන , ගන්ජ ගහන, ක්ලබ් ගානෙ යන, තව එකී නොකී දේවල් කරන... නමුත් මම ඕව කරන්නෙ නැත්තෙ මම ඕව ගැන හොදට දන්න නිසා... ඒක දැන් ඉන්න හරක්ට තෙරෙන්නෙ නෑ... උන් හිතන් ඉන්නෙ සිකරට් එක කටේ ගැහුවහම ඌ පොර කියල.. අරක්කු උගුරක් බිවුවහම ඌ පොර කියල...

    මම කවදාවත් බීල ගෙදර ගිහිල්ලවත්, බිමට වැටිලවත්, වමනෙ දාලවත් නෑ හිරූ.. මොකද මගේ මට්ටම මම දැනගන්න ඕන...

    අනික අපි යාලුවො සෙට් වෙන්නෙ මාසෙකට සැරයක් නිසා එදට කතා කරන්න බොහොයි.. අපි බිවුවට පස්සෙ කවදාවත් දේශපාලනය සහ කෙල්ලො කියන මාතෘකා කතා කරලම නෑ... උබල විශ්වාස කරනවනම් කරපන් මම මගේම කියල වි‍යාපාරයක් ආරම්භ කරේ යාලුවො එක්ක කතා කරපු නිස... ඒ වගේමයි අනිත් උන් නුත්..

    බොන්න ඕන වෙරි වෙන්න තමයි, නමුත් ලිමිට් එකක් ඕන...

    අපේ රටේ උන විනාස වෙන්නෙ ලිමිට් එකක් නැති නිස.... මම ආපහු කියනව බොන එක වැරදියි.... ඒක නිසා මමත් වැරදියි....

    ReplyDelete
    Replies
    1. මම ආපහු කියනව බොන එක වැරදියි.... ඒක නිසා මමත් වැරදියි....//

      ඉතිං හලෝ කිය කිය ඉන් නැතුව නවත්තනවකෝ ඕක.. එතකොට ඉවරයිනේ.... මම බොනවා.. හැබැයි නිදහසට කරුණුත් තියෙනව ඇතිවෙන්න.. ඔයත් හරියට මගෙ තාත්ත වගේ... “ මම බිව්වට අනිත් නරක වැඩ කරන්නෙ නෑ නේ.... ” .... ගර්ර්ර්ර්....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් හිනා වෙන්න.. ඔය කරන ඒවයින් කවදහරි දුක් විඳින්නේ ඔයා නෙවෙයි... ඔයා වටේ ඉන්න ඔයාට ආදරේ කරන අය... ( කවදහරි ඕවා එනවා පුතෝ කරකිලා.. මොන ලිමිට් තියාගත්තත්... අත්දැකීමෙන් කියන්නේ..)

      Delete
  10. හිරූ කෙල්ල කාලෙ අම්මල ඔයාව සිරාවටම පරිස්සම් කලාද.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒක ගැන නං කතා කරලා වැඩක් නෑ... 6 වෙනකොට ගෙදර ආවේ නැත්තං පොලිසියෙන් එවනවා හොයන්න.. ඒකට මල්ලි.. රෑ 12ට ආවත් අම්මල අහන එකට ආඳා රිප්ලයි එකක් දීලා මාරු වෙනවා...

      Delete
    2. ඕං බලන්න හැලපයියේ..පරිස්සං කරලා මෙහෙමනං.පරිස්සං නොකලනං කෝමට හටීද කියලා.. නේද ඈ.?:D

      Delete
    3. ඇයි දැන් මට මොකද වෙලා තියෙන්නේ... මේ අගේට ඉන්නේ... හි හි...

      Delete
  11. මේ පෝස්ට් එකනං තනිකරම කොල්ලන්ගේ ඇති නිදහසට කෙලවන්න ලියාපු එහෙං පිටින්ම ඉරිසියාකාර එකක් බව වගකීමෙන් පොරකාස කොර සිටිමි...

    යකෝ මුංව ගෙවල් ඇතුලේ දාං හැදුවා කියලා අහිංසක කොල්ලෝ පලිද..? හවස හය වෙද්දී ගෙදර එන්න කොල්ලෝ කියන්නේ බබාලද.. හුහ්...

    ReplyDelete
    Replies
    1. // අහිංසක කොල්ලො...// ???

      අනේද කියන්නේ... හි හි

      Delete
  12. වෙන මොකට නැතත් අද නම් මාරයියා සමඟ 100 % ක් එකඟ වෙමි.

    අහිංසක කොල්ලන්ට මෝටාර් එල්ල කිරීම තරයේ හෙලා දකිමි.

    දැන් හැදෙන කෙල්ලො ගානට වැඩියි. 6 ට නෙවි, හතරාමාර වෙනකෙට ගෙදර වර කියල නීති දාන්ට ඕනා. කොල්ලො නම් ඊට පස්සෙන්දා උදේ ගෙදර ආවත් මැදෑ අනේ.

    ReplyDelete
    Replies
    1. මම මෝටාර් එල්ල කරන්නේ අම්මලා තාත්තලට .... ඔයා මොකෝ කලබල වෙන්නේ... හි හි

      Delete
    2. අම්මලා තාත්තලට .... පිෂ්ෂුද.

      ඕව අන්තිමට පුපුරන්නෙ මේ පැත්තක ඉන්න ‘අහිංසක‘ කොල්ලොන්ගෙ කකුල්දෙක මුල.

      Delete
    3. අහිංසක උනාට වැඩක් නෑ නේ DDT... අම්මල තාත්තලට මේ වගේ රැවටිලි වැඩ කරනවා නං ...

      Delete
    4. අයියෝ ... හිරු, ඔයා කියන එක ඇත්ත. ඒකට ඉතිං වෙන මොනව කරන්නද. ඇත්ත තත්ත්වෙ නොතේරෙනව නෙවි, ඕක ලොකුවට ඔළුවට අරන් කමෙන්ට් කොටන්න කම්මැලි නිසානේ මේ විහිළුවක් කළේ. ගනන් ගන්න කාරි නෑ.

      Delete
    5. උඹ මහ කම්මැලියෙක් වෙලා බං මේ ටිකේ.. මොකද ඒ... හි හි...

      Delete
  13. මේ කුමන්ත්‍රණයක් කොල්ලන්ට කෙළින්න ලියපු එකක්.....හැක් හැක්...

    //කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං..//

    එහෙම එකෙක්වත් බාර ගන්නවනං බැරියෑ. දැන් ඉන්නේ පාවිච්චි කරලා ඇතැරලා දාන උන්නේ වැඩියෙන්ම.

    මෙතැන කොලු කෙලි බේදයක් නැ හිරුවො කවුරුත් දරුවෝ ඒ හැම දරැවා ගැනම විමසිල්ලෙන් ඉන්න එක තමයි නුවනට හුරු.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ නලීන් අයියේ කෙල්ලන්ට එක විදියකටයි කොල්ලන්ට එක විදියකටයි සැලකලා හරි යන් නෑ කියලා.. කෙල්ලෙක්ට කරදරයක් උනාටත් හපන් කොල්ලෙක් මෙහොම දේකට අහු උනොත්... මොකද අවුරුදු 18-20 වෙද්දි මෙහෙම එකකට අහුවෙලා ඇතුලට ගියොත් එළියට එන්න වෙන්නේ ජීවිතේ වැඩක් කරගන්න තියෙන කාලේ ඉවර වෙලා.. ඊට පස්සේ ඉතිං කරන්න ඉතුරු වෙන්නෙත් ඕකම තමයි.. ඒකයි මං මේක ලිව්වේ... මේකෙ අපි නොහිතන පැති ගොඩක් තියෙනවා... නිකං ආතල් එක විතරක් නෙවෙයි...

      Delete
  14. මේ ගැන නියම ඉන්ටවිව් එකක් තිබුනා සිරස-සම්පූර්න කතාව-කියන වැඩසටහනේ.දැනටත් භාවිතා කරන කෙනෙක් එක්ක.වටිනා සාකච්චාවක්.මෙන්න ලින්ක් එක http://www.col3negoriginal.org/watch.php?id=37920

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං.. ලබන මාසේ තමයි බලන්න වෙන්නේ... බයිට් ඉවරයි.. හි හි...

      Delete
  15. කාරණා ඇත්ත හිරු අක්කේ ..අම්මලා තාත්තලා ඇත්තටම කොල්ලන්ට දීල තියන නිදහස වැඩියි තමයි ,මල ගෙවල් වල බණ ගෙවල්වල කියලා ගියාට කොහේ යනවද කව්ද දන්නේ ... සමහර දාට අපේ අය්යා ත් ගෙදර එන්නේ පාන්දර 2 ට 3 ට ! ඒ උනාට ඒ ගමන් ගහලා බැනල නවත්තන්ඩ පුළුවන් වයසකුත් නෙවෙයි .කාරණා තේරුන් කරලා දෙන එක තමයි කරන්න තියෙන්නේ ..මේ කතාවෙන් මට තව සිදුවීමක් මතක් උනා ...හ්ම්ම් දාන්නම්කො ඒ ගැන පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පෝස්ට් එකත් කියෙව්වේ දැන්... කොල්ලන්ට ඕනෙවටත් වඩා නිදහස දෙනවා මදිවට තාත්තලත් “ අපි මොනවා කරත් ලිමිට් එකට ” නැත්තං “ අපි කරපුවයැ හැටියට මේවත් වැරදිද...“ ඒත් නැත්තං “ කොල්ලෝ උනාම කෝකත් ටික ටික කළාට කමක් නෑ” කිය කිය උඩ ගෙඩි දෙනවනේ රෙහානි... ඉතිං කොහෙද කාරනා තේරුම් කරලා දෙන්නේ... උනුත් අන්තිමට “ අපෙ තාත්තලත් මේවා ලිමිට් එකට කළේ හරිද..” කිය කිය මේවම කරයි... මේ පේන් නැද්ද මේකෙ තියෙන කමෙන්ට්ම විතරක්...

      Delete
  16. කොල්ලෝ කොහේ ගිහින් ආවත් නාවලා ගෙට ගන්න රටක් නිසා අවුලක් නෑ. ඔය කිව්වට ඉස්කෝලේ යන එකෙක්ට කුඩු ගහන්න බෑ. පැකට් එකක් රුපියල් හත්සීයයි. ඒ වගේ ගානක් පොඩි උන්ට දවසකට දෙන්නේ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. කුඩු ගහන්න නෙවෙයි මාතලන් කුඩු විකුණන්නයි, එහෙට මෙහෙට යවාගන්නයි තමයි ඔය වයසේ පොඩි උන් අල්ලගන්නේ.. මාතලන් මේවා මට වඩා දන්නවා ඇතිනේ....

      Delete
    2. මට මතක් වෙන්නේ රත්නපුරේ කොටකෙතන අම්මයි දුවයි මැරුව සිද්ධිය. ඒ පොඩි කෙල්ල අතේනේ කුඩු පාර්සල් යැව්වේ.

      Delete
  17. දරුවෝ මරුවෝ නොකර දරුවෝ දරුවෝ ලෙසම හදාගන්න නම් හැම දෙනා ගැනම සෙවිල්ලෙන් සිටීම වැදගත්, එකට ගැහැණු පිරිමි භේදයක් තිබියයුතු නෑ මම හිතන්නේ,

    ReplyDelete
    Replies
    1. තිබිය යුතු නෑ තමයි ඉවාන්.. ඒත් තියෙනවනේ... කොල්ලො නං නාවලා ගෙට ගනී... ( මට පේන්න බැරි කතාව..) හැබැයි හිරේට ගියාම එන්නේ හොඳ කාලේ ඉවර වෙලා.... ඊට පස්සේ ඉතිං රැකියාවටත් කුඩුම තමයි කරන්න වෙන්නේ.. අපේ මිනිස්සු ගෑණු පිරිමි හේද හදාගෙන කරන ලොකුම මෝඩකම කෙල්ලන්ගේ කන්‍යාභාවය හොයන එක තමයි... ඒකෙනුයි මේ හැම මෝඩ කතාවක්ම පටන් අරන් තියෙන්නේ.. අනිත් පැති වලින් කොච්චර හොඳ පිරිමියෙක් උනත් මේ දේවල් කරනවා නං ඒකෙන් දුක් විඳින්නේ උන්ගේ වටේ ඉන්න උන්ට ආදරෙ කරන අය.. ගෑණු ජීවිතෙන් බාගයක් කන්‍යාභාවයක් හින්දා විදෝනවා.. ඉතුරු බාගේ පිරිමින්ගේ මේ වැරදි නිසා විදෝනවා...

      Delete
    2. ඉස්සරහට ගෑනුන්ට විඳවන්න වෙන්නේ පිරිමින්ගේ වැරදි නිසා විතරයි, මොකද කන්‍යාභාවය "රීඉන්ස්ටෝල්" කරගන්න යන්නේ රුපියල් 50000.00 ක් විතර ලංකා හොස්පිටල් එකේ. ඉස්සරහට තව අඩුවෙයි.

      Delete
    3. මං නං ඒකට කැමතියි ඉවාන්.. එතකොටවත් ඕකෙන් ගෑණියෙක්ගේ චරිතේ මනින්න හදන එක නවතියිනේ.... මෝඩයන්ට ‌හොඳ පාඩම...

      Delete
  18. //කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... //

    සිරාවටම.

    කොල්ලෝ හැටියට අපිත් දන්නවනේ ඇහැ වහලා කරපු දේවල්. ඒවා ඔළුවට අරන් තමයි ඊළඟ පරම්පරාව එක්ක වැඩ කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අනිවා සඳුන්... ළමයි ගැන හොයලා බලන්න ඕනේ අපේ කාලේ, අපේ මට්ටමෙන් නෙවෙයි.. අපි දැන් ඉන්න වර්තමානයත් එක්ක.. නැත්තං උන් අපේ නාහෙන් රිංගනවා...

      Delete
    2. ඒක හැබැයි හැබැයි තමයි....

      Delete
  19. හ්ම්ම් හෑබෑව හෑබෑව

    ReplyDelete
  20. මම නම් කොල්ල කාලෙ ගන්න ඕන ආතල් සුපිරියටම ගත්ත.කෝ මම නරක් වෙලාද?
    අද කර උසට දරුවො දෙන්නෙකුත් හදාගෙන ජොලි පවුල් ජිවිතයක් ගත කරනව.
    ඕනවට වඩා දරුවන්ට නීති දමන එක මම නම් අනුමත නොකරමි.
    විය යුත්තෙ දෙමාපිය භාවයට හානි නොවෙන අයුරින් දරුවන්ගෙ පලමු මිතුරා වීමයි.
    එහෙම වුනාම තාත්තට/අම්මට කියන දේත්,මිතුරු/මිතුරියන් සමග කතා කරන දේවල් පළමුව කතා කරන්නෙ ගෙදර.

    ReplyDelete
    Replies
    1. //කෝ මම නරක් වෙලාද?//

      ඒක අහන්න ඕනේ කෙන්ජිගේ අම්ම තාත්තගෙනුයි බිරිඳගෙනුයි... එයාලගේ උත්තරේ “ අපෝ ඒ කාලේ හිටිය විදියට නං දැං සීයට දෙසීයක් හොඳයි ..” කියන එක නං මට කියන්න තියෙන්නේ ඔයාගේ ආතල් හින්දා ඒ හැමෝම එක දවසක් හරි බය වෙලා, දුක් වෙලා විදවලා තියෙනවා කියන එක... එහෙම නං ඔයාගේ ආතල් එක කියලා ඔයාට සන්තෝස වෙන්න පුළුවන්ද... ?

      Delete
  21. අපේ ඔ‍ෆිස් එක අල්ලපු වැට ගෙස්ට් හවුස් එකක්..මේ ලඟදි තිබුන වෙඩින් එකකට ආපු තරුන ගෑනු ලමයි ගොඩක් අය..බියර් බීව..කීප දෙනෙක් විස්කි බීව..ඊ ලඟට කොල්ලොන්ගෙ අතින් අතට මාරු වෙවී..අල්ලන්න ඕන තැන් අල්ලගෙන මිරිකගෙන..කෙලින් ඉඅන්න බැරි වෙනකන් ඩාන්ස් කලා.
    මෙහෙම අය අම්මලා උනාම...උන්කලදේ වගේ දෙගුනයක් දරුවො කරන එක අහන්නත් දෙයක්ද..?

    ලොකු කමෙන්ට් එකක්ලියල මැකුව....එක අතකින් මේව කතා කරලමොටද..බ්ලොග් ලියන කියවන හැමෝම මේ ගැන දැනුවත්නෙ.

    ReplyDelete
    Replies
    1. දැනුවත් නෑ වී.. හැමෝම හිතන්නේ කුඩු බොන එකයි වරැද්ද කියලා.. හැබැයි කුඩු විකුණන්න තමන්ගෙ ළමයි අල්ලගත්තොත් එතනින් එහාට ඒ ළමයගේ ජීවිතේම ඉවරයි.. මොකද ඇතුළට ගියාම එළියට එන්නේ ජීවිතේ හොඳ කාලේ ඉවර උන, කුරුවල් වෙච්ච මනුස්සයෙක්... බොහොම කීප දෙනයි ජීවිතේ හරි මාර්ගෙට දාගන්නේ.. හිරේ ගිය එකෙක් කියලා සමාජේ ගහන ලේබල් එකත් එක්ක ගොඩක් අය එළියට එන්නෙම දැන් ඉතිං මට තියෙන්නෙත් මේකම තමයි කියලා හිතාගෙන... මේවා කතා නොකර හදන්න බෑ.. අඩු ගානේ එකෙක් දෙන්නෙක් හරි හැදෙනවානං මේ ලියන එක වටින්නේ ඒකයි...

      Delete
  22. මට මේක කියවද්දි මතක් වුනේ මං කාලෙකට ඉස්සර වෘත්තීය පුහුණුවකට ගිය ආයතනයක අනුබද්ධව තිබුණු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. එතන ඉන්න අයත් එක්ක අපිට කතා කරන්න අවස්ථාව ලැබුනෙ නම් හරිම අඩුවෙන්. ඉඳ හිට ඉඩක් ලැබුනම කතා කරනව. වැඩි හරියක් හිටියෙ සාමානය මට්ටමට වඩා වැඩි ආර්ථික මට්ටමක් තිබුණු අයගෙ දරුවෝ..

    කොහොමත් දෙමව්පියෝ දරුවනුත් එක්ක සමීප සම්බන්ධතාවයක් තියා ගන්නව නම් වැරදි මාර්ග වලට යොමු වෙනව අඩුයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන උන් කුඩු ගැහැව්වට, කුඩු විකුණන්න අහුවෙන්නේ දුප්පත් ළමයි චන්දන.. ඒකයි මට පෙන්නේ...

      Delete
  23. ඔය කුඩු ප්‍රශ්ණේ මෙහෙ ඉන්න අපිටත් හරිම තදින් බලපානවා. පුදුම ඇනයක් තමයි.

    ReplyDelete
    Replies
    1. මොකක් ඒ කොහොමද අයියේ . විස්තර ටිකක් කියහං

      Delete
    2. පාරේ යනකොට කුඩු ගහන්න සල්ලි ඉල්ලන්න බලා ඉන්න උන් ඉන්නවා. (මම නම් දෙන්නේ නෑ) ගෙවල් වලට පැනලා බඩු හොරකම් කරනවා කුඩු ගහන්න. පුෂ් බයිසිකල් එකක් බේරාගන්න දම්වැල් ඉබ්බෝ ඕනෙ. (මගේ පොඩි එකාගේ බර්ත්ඩේ එකට අරන් දීලා තිබ්බ ස්ටන්ට් බයික් එක ඉස්සුවා මම එලියේ තියලා ගොඩනැගිල්ලක් ඇතුලට ගිහින් විනාඩි දහයක් යන්න කලින්.

      Delete
    3. මල් හතයි.. තව ටික කාලෙකින් මෙහෙත් පටං ගනී....

      Delete
  24. කුඩු විතරක් නෙමේ මත් ද්‍රව්‍යය කෝකත් වසංගතයක්....
    කොහොමින් හරි නතර කරලා දන්නා ඕනේ දෙයක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝජ්.. කොල්ලෝ උනාම හැම එකම ටික ටික කළාට කමක් නෑ කිය කිය ඉඳලා හරි යන්නේ නෑ...

      Delete
  25. ගොඩක් ගම්වල ඉඳල කොළඹට එන කොල්ලො ඕවට පුරුදු වෙන්නෙ නොදැනුවත්කම හින්දයි. ඒ දෙමාපියන්ට ඕව කියල දෙන්න තරං දැනුමක් නෑ බොහෝ විට.

    කොල්ලන්ව ඕනවට වැඩිය පරිස්සං කරන්න යාමත් භයානක ප්‍රතිඵල අත්කරදෙන්නක් වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. පරිස්සං කරනවා කියන්නේ නීති දාන එක කියලනේ ප්‍රසා අයියේ අපේ අය හිතං ඉන්නේ.. නීති වලින් බේරෙන්න ක්‍රම කොච්චර හදාගන්න පුළුවන්ද.. බැරිම උනොත් ඇවිල්ලා බැනුම් අහන්න ගුටි කන්න හිතාගෙන හරි වැරැද්ද කරන්න පුළුවන්.. එහෙම නෙවෙයි.. ළමයි ගැන අවධානෙන් ඉන්නයි ඕනේ.. ආශ්‍රය කරන්නේ මොනවගේ අයද, මෙයාලා සල්ලි වියදම් කරන්නේ මොනවගේ දේවල් වලටද, ගැවසෙන්නේ මොන වගේ තැන් වලද වගේ දේවල් අම්මලා තාත්තලා හරියටම දැනගෙන ඉන්න ඕනේ.. එතකොට මෙහෙම දෙයක් වෙන්න කලින් නවත්තගන්න පුලුවන්... ඔය වගේ වැරැද්දක් කියලා දන්න දෙයක් එකපාරක් කළාම දෙවනි පාරක් කරන්න පෙළඹෙනවා වැඩියි.. එකපාරක් හරි නොකරපු එකා පරිස්සම් කරගන්න එකයි කරන්න ඕනේ...

      Delete
  26. වෙන මොනවා කියන්නද? නාගරික පරිසරය තුළ හැසිරීම් දැන් ගම් තුලටත් රිංගාගෙන අවසන්.
    //මතක ඇති කාලෙක කුඩු ගහපු කෙනෙක් හිටියේ නෑ අපේ ගෙවල් පැත්තේ එහෙම...//
    මේ තත්ත්වයම අපේ ගමේද උදා වී අවසන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේ වගේ වසංගතයක් නැතිවෙලාම තිබිලා ‌ආයිත් පටං ගන්නකොට නං පුදුම තරහයි නිර්මලා...

      Delete
  27. දන්නා තරමින් ඇඹිලිපිටියෙත්... මල් පැටවූ ඉන්න ගමෙත්.. කුඩු නං තිබ්බේ නැහැ .. දැන් වෙනම පැත්තක් තියනවා කුඩු ප්රාන්තේ කියලා.. අහෝ දුකකි.. හැබැයි මෙහෙ වසංගතයක් වගේ ගිහිල්ලා නැහැ.. ගන්ජා කෙසේ වෙතත් කුඩු ගහල මොකෙක් හරි ඉන්නවා දැක්කොත් කොල්ලෝ වට කරන් උට නෙලනවා.. හරිද වැරදිද මන්දා අපිත් තලනවා..

    කෙල්ලෝ තරං නං කොල්ලෝ ගැන බලන්න ඕනි නැහැ එහෙම උනොත් ප්‍රසන්න අයිය කිවුව වගේ භයානක ප්‍රතිපල තමයි... එක ශුවර්...

    ReplyDelete
    Replies
    1. //කෙල්ලෝ තරං නං කොල්ලෝ ගැන බලන්න ඕනි නැහැ එහෙම උනොත් ප්‍රසන්න අයිය කිවුව වගේ භයානක ප්‍රතිපල තමයි... එක ශුවර්...//

      ඒ මෝකෝ අප්පා එහෙම වෙන්නේ.. ඇයි කෙල්ලො මිනිස්සු නෙවෙයිද... කෙල්ලන්ට කුතුහලය කියන එක නද්ද... මොකද්ද හේතුව...

      Delete
    2. කුතුහලය වැඩිම කෙල්ලන්ට. ඒත් සංස්කෘතික ලක්ෂණ නිසා කෙල්ලෝ ඒ දේවල් කරන්න මැලියි. කොහොම හෝ පොළඹවා ගත්තොත් කොල්ලෝ පරාදයි කෙල්ලන්ට. ඒ අපරාධයෙන් කෙල්ලන් බේරගත යුතුයි.

      Delete
    3. දෙගොල්ලොම බේරගන්න ඕනේ... නැත්තං වැඩක් නෑ නලීන් අයියේ....

      Delete
    4. අලේ මන්දා මම 7 වසරේ ඉඳන් දැනට සති තුනකට කලින් විතර වෙනකන් ඔය කියන ගුලි කැස්ස පැණි ගන්ජා අරක්කු සිගරට් කසිප්පු රා හැම එකම වගේ පාවිච්චි කරලා තියනවා (කුඩු හැර) කුඩු පාවිච්චි නොකරේ වාසනාවකට කියල හිතෙනවා... එත් ඕවා වැඩක් නැහැ .. බොරු වීරයෝ වෙන්න දගලන අයට හොඳ ඒවා කියල තේරෙන්න එකම එක සිද්දියක් ඇති.. !

      Delete
  28. ගංජා(මල්-කංසා) ගැන අටම් අයියා එහෙම කියලා තිබ්බට මේ ඉසව්වේනම් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්.දැන් පොඩි උන් වැඩියෙන්ම දාන සෙල්ලම තමා ගුලිය! හොයා ගන්නත් ලේසිසි.. කෑවට වැඩිය හොයන්න කරන්නත් බෑ....
    හැබැයි මුළු ජීවිතේම ඉවරයි!

    ReplyDelete
    Replies
    1. ආහ්.. ඔය කියලා තියෙන්නේ තව එකක්...

      Delete
    2. රජරට මලයලගේ තැන පහුකරල පොඩි දුරක් ගියාම තියන පෙට්ටි කඩෙනුත් ගන්න හැකියි බඩු නම් මලයා

      Delete
    3. නලීන් අයියේ.... ගර්ර්ර්ර්....

      Delete
    4. ගුලිය ඔය කින තරන් හානියක් නැහෙයි කියල මේ කට්ටිය කියන්නේ..

      Delete
  29. අම්මලා තාත්තලා දූලාට දක්වන සැළකිල්ල වගේම පොඩිකාලෙ ඉඳන් කොල්ලන්ටත් දක්වන්න ශ්නේ. ඒඇරත් කරදඬු උස්මහත් වුනාම ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක ගුණයි

    ReplyDelete
    Replies
    1. පස්සෙන් ඉන්න ඕනෙ කාලෙනේ අපේ අතෑරලා දාන්නේ අයියේ.. ඊට පස්සේ වි‌දෝනවා...

      Delete
  30. //කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං//

    kiyala wadak na...

    ada sinhala nathi hinda diga comment ekak kotanna yanne na...eth ara atha kasana gathiya aphu hinda podi comment ekak damma onna :D

    ReplyDelete
    Replies
    1. සමහර පෝස්ට් වලට අත කසන එක ඉවසන්නම බෑ නේද... හි හි..

      Delete
  31. //මගේ අත්දැකීමට අනුව නම් අවුරුදු 16 විතර ඉඳලා වයස් වල කොල්ලන්ගෙ වැඩ අම්මලට වඩා උන්ගේ යාලුවෝ, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා දන්නවා... අම්මලා.. අපේ කොල්ලා එහෙම නෑ... කියාගෙන සුද්ධ කරද්දි කෙල්ලන්ට හිනායන එක අහන්න දෙයක් නෙවෙයි... //

    සහතික ඇත්ත... ඔය අපේ නැන්දලා එහෙම එයාලගේ පුතාල ගැන කියන්නේ "අනේ අපේ පුතා හරිම හොඳයි. මලක් වගේ අහිංසකයි කියල". ඒ අයියලාගේ හැටි දන්න බැඳපු අක්කල එතකොට කට වහන් හිනාවෙනවා. හැබැයි හිනාවෙන්නේ සතුටට නෙවෙයි දුකට.


    අපේ අම්ම නම් මායි මල්ලියි පොඩි කාලේ කිව්ව දෙයක් තමයි "අද කාලේ කෙල්ලන්ටත් වඩා කොල්ලෝ පරිස්සම් කරන එකයි අමාරු" කියලා.

    අපේ මලය කැම්පස් එකේදී බෝඩිමේ හිටපු යාලුවෝ බොනවා ගංජා ගහනව කියල එයාම යි අපි එක්ක කිව්වේ. එතන ඉන්න බෑ කියල එයාම වෙනින් කාමරයක් හොයා ගත්තා. බෝඩිමෙන් යන දවසේ අම්මයි තාත්තයි ගියා බඩු ටික ඇදල දෙන්න. එතෙන්දි ඒ බෝඩිමේ සාලේ හැම තැනම ගොඩ ගහල තිබුණු බෝතල් මහා ගොඩක් එක්කම සිගරක් කොට ගොඩත් දැකල එයාල පුදුම වෙලා මේ වයසට මෙහෙම බොනවද කියල. මල්ලිට ඒ කට්ටිය ගේ රැලට නොවැටෙන්න කොන්ද පණ තිබුණ එකට අපි හැමෝම සතුටු උනා.


    හැබැයි ළමයි හිර කරගෙන හදන එකත් counter productive වේවි. වැදගත් දේ ළමයින්ට දුරස් නොවී ලං වීම. හරි වැරැද්ද කියල දෙන එක. සමාජේ මෙහෙමයි කියල මුලින්ම අම්මල තාත්තල කියල දෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වෙන දේවල් හංගන්නේ නැතුව අම්ම තාත්ත එක්ක කියන්ඩ පුළුවන් තත්ත්වයක් ගෙදරක තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //තමන්ගේ ජීවිතේ වෙන දේවල් හංගන්නේ නැතුව අම්ම තාත්ත එක්ක කියන්ඩ පුළුවන් තත්ත්වයක් ගෙදරක තියෙන්න ඕනේ.//

      ඒකත් එකක්.. ඒ වගේම එයාලට නොදැනෙන්න අම්මල තත්තලා හොයලා බලන්නත් ඕනෙ.. මොකද කිව්වොත් වැරද්දක් කියලා දන්න එකක් කළාම, ඒක ඇවිල්ලා කියන්නේ නෑ නේ... ලැජ්ජාවට, බයට.. වැරැද්දක් කළා කියන හැඟීමට....

      Delete
  32. මට මතක නැනෙ කියවපු කිසි දෙයක්..

    ReplyDelete
    Replies
    1. හි හි... ආයිත් අහලා....

      Delete
  33. වැදගත් කියමනක් හිරු ..අම්මපා මාත් කල්පනා කරන්නේ කෙල්ලෝ දෙන්නට උන්ගේ තාත්ත වගේ කොල්ලෝ දෙන්නෙක් ලැබෙනවා නම් මට එච්චරයි ඕනේ.

    සොයා නොබලන්වටත් වඩා හිරු ප්‍රශ්නේ කොල්ලෝ නාහෙට අහන්නේ නැති කම . අපේ දිහා කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ දෙන්නයි නිසා අපිටත් හරියට දැනුන ඔයා කියන දේ .විශේෂයෙන් අවුරුදු 15 16 වගේ වෙද්දී කොල්ලෝ ටිකක් අමාරුකාරයෝ . කෙල්ලොත් ඉන්නව එහෙම නමුත් සමාජ ආකල්ප , ලැජ්ජාව වගේ දේවල් නිසා ටිකක් විතර හිතනවා .

    ගැහැණු ළමයිනුත් ලේසියි කියන්න බැහැ. අපේ ලොක්කි හයේ පන්තියට යන්නේ . පහේ පන්තියෙදීම දෙමාපියන්ට ළමයින් මේ වයසේදී දක්වන කායික සහ මානසික පරිවර්තනය ගැනත් එයට අපි මුහුණ දෙන්න ඕන කොහොමද කියලත් කියන්න වැඩමුළු රැසක් පැවැත්තුවා .මේ වයසේදී ඒගොල්ල දන්නේ නැහැ තමන් ඉන්න තත්වය . වැඩිහිටියෙක් වෙන්නත් ඕනේ ..හැබැයි හුරතල් වෙන්න අවධානය දිනා ගන්න හෙමත් ආසයි .ළමයි හදන එක ලේසි රාජකාරියක් නම් නෙමේ . ඉස්සරත් අනතුරු තිබුණ . නමුත් ඒ හුඟක් ඇසට පෙනෙන මට්ටමේ දේවල් . නමුත් ලෝකය එක මිටට ගත හැකි අන්තර්ජාලය වැනි දේ සමග එන අනතුරු අපට එක වර පෙනෙන දේවලුත් නෙමේ .

    මේවා කරන අයට මතක නැති කොට ...වැටත් නියරත් කන ගොයම් ගැන පවසා වැඩකුත් නැති කල අඩු ගානේ ළමයි මේවායේ ආදීනව ගැන දැනුවත් කිරීම විතරයි අපිට කරන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. හි හි... තාත්තා වගේ කෙනෙක් කිව්වම කල්පනා උනේ.. මං හෙව්වෙම තාත්තා වගේ, හැබැයි තාත්තගේ තියෙන වැරදි ටිකත් නැති කෙනෙක්.. හැබැයි හම්බුවෙලා තියෙන්නේ තාත්තා වගේම ඇරපු අතක් නැති කෙනෙක්... ඕකට කියන්නේ කරුමෙද කොහෙද....

      ඇත්ත බින්දි.. කොල්ලන්ගේ නාහෙට අහන්නේ නැති ගතියට පෝර දාන්නේ තාත්තලා තමයි.. හැබැයි වැඩ වැරදුනාම බැනුම් අහන්නේ අම්මලා... ඒකයි අවුල... ළමයි ගැන කල්පනාවෙන් ඉන්න කාලයක් නැති එක තමයි ලොකුම අවුල...

      Delete
  34. මට මතක නෑ මේ කතාව ඇහැව්වේ කොහෙන්ද කියලා .... එත් කොල්ලොන්ගේ වැඩ ගැන කියාපු කථාව......... ඔන්න එක කොල්ලෙක් යාලුවෝ එක්ක සෙට් වෙලා ඉදලා රැ 10ට ගෙදර ආවලු ... තාත්තා මුව අල්ලාගෙන බලපන් දැන් කියාද වෙලාව රැ10යි කියලා ගැහැව්වලු වේවැල් පාර 10ක්. පහුවදා මු එනකොට වේලාව 11යි ලු දුන්නලු තාත්ත 11ක් ඊලග දවසේ රැ 12ට ලගයිලු මු යාළුවන්ට විස්ටරේ කිව්වලු පෙරේදා 10ක් කෑවා ඊයේ 11ක් කෑවා... අද 12ක් කන්න වෙනවා කියලා..... ඒ පාර යාලුවෙක් කිව්වලු තව පැයක් ඉදලා 1ට පලයන් කන්න වෙන්නේ 1යි නේ කියලා.....

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔයාටත් හොඳ ඒවා මතක් වෙන්නේ..

      Delete

  35. අපේ ගමේ රා ටිකක්,කසිප්පු ටිකක් බිපු මහා මිනිස්සු වෙරි මතින් විකාර කරනවා දැකල තිබුනට කූඩු ගැන නම් ලංකාවෙදි මගේ අත්දැකිම අඩුයි.හැබැයි හිරු ඒකට මේ රටේ කොල්ලෝ,කෙල්ලන්ට මහ උන්ට සිකුරාදා,සෙනසුරාදා වෙද්දි කෑල්ල(මල් කියන ජාතියේ මත්ද්‍රවයක්) නැතුව බෑ.ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් සිගරට්,කෑලි,වයින්,බියර් වගේම වොට්කා,ටිකිලා කියන සැර ජාතිත් කෙල්ලෝ,කොල්ලෝ පාවිච්චි කරනවා. ඔය මත්ද්‍රවය වල මිල යුරෝපයේ ගොඩක්ම අඩු නිසා මත්ද්‍රවය පාවිච්චිය උන්ගේ ස්ටයිල් එක වෙලා....ඔය රොත්තට එකතු උන ලංකාවේ මෙහේ ඉස්කෝලවල් වල ඉගෙන ගන්න සමහරක් දරුවොත් නාස්ති වෙනවා එකට නම් සම්පුර්ණ වග කියන්න ඕන ලංකාවේ ළමයින්ගේ අම්මලා,තාත්තලා මන් එහෙම කිව්වේ මන් දැකපු ගොඩක් දෙමව්පියෝ ළමයින්ව යුරෝපයේ සංස්කෘතියට තල්ලු කරන්න හදනවා.එකෙන් වෙන්නේ ළමයි නොමගට ඉබේම යොමු වෙන එකයි.......මොකද යුරෝප් සංස්කෘතිය කියන්නේ අජ පල්ය දන්නෝ දනිති :)
    හිරු ගොඩක් වටින ලියවිල්ලක් ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. මම ඔය සමහර ජාති වල නම් ඇහුවෙත් අද... හි හි...

      Delete
  36. සිගරට් වලට එක එක වචන කියනවනේ. "ෆැන්ටා එකක් ගහලා එන්නම්" කියලා යාලුවෙක් කියනවා. තව ඒ වගේ ඒවා ඇතිනෙ. බන්ධනාගාරෙදි ඕකට ලෝකල් කියනවා.කුඩු , ගංජා, මල් වගේම තමයි සිගරට්, අරක්කු එහෙමත්. වෙරි වෙන් නෑ කිවට බියර් වුනත් එක්තරා ආකාරයකට මද්‍ය පානයක්. සම්පූර්ණ ඇත්ත තමයි හිරු කොල්ලෙක් වුනාම ඌ ගැන තියෙන හෙවිල්ල බැලිල්ල සම්පූර්ණයෙන් නැතිවෙනවා වයස 12- 13 වෙද්දී. කොල්ලෙක්නෙ කියලා. අපේ එකත් එහෙමයි. අපේ මලය ගැනත් අම්මා වැඩිය හොයන් නෑ. උදේට යනවා ටෙක් යනවා කියලා ගිහිල්ලා ආපහු රෑ 7 - 8 වෙද්දි ගෙදර එනවා. ඊට පස්සේ කම්පීතරේ ගාව. ඔහොමයි ගෙවෙන්නේ. ඒ අතර කාලෙදි මොන මොන එව්වට නාස්ති වෙලා එනවද කියන්න දෙමවුපියෝ හොයන් නෑ. මමවත් ගෙදර නැති එක අඩුපාඩුවක්. රැල්ලට ගහගෙන ගිහින් අන්තිමට එල්ලෙන්න පිදුරු ගහකුත් නැති සමාජයක් මේක.බොරු මත වලට ඇනදෙන තරම අනුව තමා ඒකෙන් ගැලවෙන්න දරන අපහසුවේ තරම තීරණය වෙන්නේ. ඒ නිසා ඒ ගැන අවබෝධ කරගෙන ඒ උගුලෙන් ගැලවුනොත් තමා සබෑ නිදහස….

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් සීන් එක මම ගෙදර නැති එක තමයි රතී... මොකද මල්ලිගේ යාලුවෝ මාත් එක්ක ෆිට්.. උන් එක්කත් කතා කරන්න හම්බුවෙන්නේ නෑ දැන්.. නැත්තං ඉස්සර ඒ සෙට් එකටම මට බොරු කරල මුකුත් කරන්න බෑ... අම්මලට එක පැත්තකින් වෙලාවක් නෑ.. අනිත් පැත්තෙන් නොසැලකිල්ල... අන්තිමට ඔක්ක‌ොම උනාට පස්සේ අහල පහල උන්ට දොස් කියනව...

      Delete
  37. හිරුගෙ ලිපිය නම් මල් හතයි. හරිම වැදගත්. මාත් විරුද්දයි කොල්ලන්ට හා කෙල්ලන්ට වෙනස් විදියකට අපේ සමාජය සැලකීම ගැන. කොල්ලො හෝදල ගෙට ගන්න පුලුවන් කතාව ඇහෙද්දි මට නම් හරිම තරහයි.ඇයි ගැනු ලමයින්ව හෝදල ගෙට ගන්න බැරි? ? අර කෙනෙක් කියල තිබුන වගේ කන්යා භාවය නැවත පිහි‍ටුවන එකෙන් ගොඩක් කාන්තාවන්ට සහනයක් වේවි, ඒකම හොය හොය නටන පිරිමි නිසා.

    කොච්චර කිව්වත් තාම ගොඩක් දෙමාපියො පිරිමි දරුවන්ට තියෙන තර්ජන ගැන හරියට දැනුවත් නෑ. ඒ අයට ගොඩක් නිදහස තියෙනව වැරදි කරන්න. අහු වෙන කොට ඉතින් වෙලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. තමන්ගේ ළමයව සුද්ධ කර කර අහල පහල උන්ට දොස් කියන එකයි, කොඩිවින කපන්න යන එකයි තමයි ඉතිං ඊළඟට කරන්නේ...

      Delete
  38. ඔබ කියන දේ හරි හිරු අක්කා..

    ReplyDelete
  39. හරි ඉතින් ඕකට කරන්න ඇහැකි වැඩ පිලිවෙලකුත් එපැය. ඔය වගේම ඒ ගැනත් කියහන්කෝ. ඕකුන් පස්සේ හැම තිස්සෙම පන්නන්ය. මහ මිනිස්සු කන්න අඳින්න දෙන්නත් යමර යුද්ද්යක්නෙව දැන් කොරන්නේ. එහෙවු එකේ ඒ වැඩ නවත්තලා මුං පස්සේ ඇවිදින්නය.

    ReplyDelete
    Replies
    1. ආව්.. ඒක ලස්සනට කියලා.. හි හි..

      ඒක නිදහසට කරුණක් නෙවෙයි නිශාන්ත.. ළමයි කරදර වල වැටෙන්නේ නැතුව හදාගන්න එකත් දෙමවුපියන්ගේ වගකීම... කන්න බොන්න දෙන එකයි අධ්‍යාපනය දෙන එකයි විතරක් නෙවෙයි..

      Delete
  40. හිරු නංගිගෙන් ඉතා වැදගත් ලිපියක් . අද සමාජයට මේවැනි ලිපි අවස්‍යමයි . මේ මගේ පලමු සටහනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. කෙනෙක් හරි වැඩක් ගන්නවනං මේ ලියන දේවලින් මට ඒ ඇති ඉතිං...

      Delete
  41. සහතික ඇත්ත අක්කේ, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ,,, නංගිලා මත්තෙම නැහුනට අපි ඉන්නවද මලාද කියලවත් දන්නේ නැහැ .... :(
    කවුරු හෙව්වත් බැලුවත් තමන් හරියට ඉන්නවනම් මේ එක ප්‍රශ්නයක්වත් නැහැනේ...


    ''''කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... ''' - ඇත්තෙන්ම වටිනා කියමනක්

    ReplyDelete
  42. (සම)ලිංගිකත්වය ට මනාප බව කලාතුරකින් හිතේ ඇති වෙන දෙයක් මිසක් අනිවාර්ය දෙයක් නෙමෙයිනේ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න බැරිනම් තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක් ලැබෙනකම් සමාජේ කන්නේ නැතුව ඉන්න එකයි වැදගත් වෙන්නේ.
    එක්කෙනෙක් අසම්මත ජිවිතයක් ගතකරන්න පෙළඹුනොත් ඒකෙන් අසරණ වෙන්නේ නැති වෙන්නේ දෙකට වෙන්නේ වටිනා පවුල් රාශියක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  43. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම කිවුවා වගේ දෙමව්පියන් තමන් ගේ දරුවන් ගැන, ගැහැනු පිරිමි භේදයක් නැතුව සැළකිළිමත් වෙන්න ඕනා. හොඳම දේ තමා අම්මා තාත්තා ළමයාගේ යාළුවක් වගේ ඉන්න එක, එතකොට ගොඩාක් ප්‍රශ්න මඟ ඇරෙන්න පුළුවන්.

    "කෙල්ලන්ව ඇස් වගේ පරිස්සම් කරලා වැඩක් නෑ කවදහරි උන්ව බාරගන්න ඉන්නේ නාස්ති වෙච්ච කොල්ලො පරම්පරාවක් නං... " මේකේ මුළු පෝස්ට් එකම අන්තර්ගතයි.

    ReplyDelete
  44. හිරු....

    ගුරුවරියන් අතරත් සමලිංගික හැසිරීම් තියෙනවාලු.....

    මේවා දැක්කහම දරුවෙක් පාසල් යවන්නත් බයයි.... කෙල්ලො කෙල්ලොන් ගෙන් පරිස්සං කරන එක තමා දැන් තියන ලොකුම කාරිය...
    මාත් ගියේ බාලිකා ඉස්කෝලකට නේ... ඒවයෙත් ඕවා තිබ්බෙ නෑ.. මොකද මේ ලංකාවෙ කාන්තාවන්ට වෙලා තියෙන්නේ...... ????

    ReplyDelete