අපේ ඉස්කෝලෙ ඉස්සර ලොකු කොස් ගස් දෙකක් තිබ්බ.... හරියටම තුනේ පන්ති පේලිය ඉස්සරහා.. එතකොට පහේ පන්ති පේලිය පැත්තකින්... අනිත් පැත්තෙන් බුදු මැදුර... කොස් ගස් දෙකට ඉස්සරහින් තිබ්බෙ වතුර මලක් එක්ක පොඩි පොකුණක්...
කොස් ගස් දෙක කොච්චර ලොකුද කියල කියන්න මට මතකයක් නැත්තෙ මං කවදාවත් ඒ ගස් වල මුදුන දැකලා නැති හින්ද... හැබැයි පොළවෙන් උඩට ඇවිල්ල තිබ්බ ඒ කොස් ගස් වල සමහර මුල් මගේ ඉණ ගාවට විතර තිබ්බ... මගේ ඔලුවෙ ගෑවෙන හරියෙ විතර කොස් ගෙඩි තිබ්බ...
පහේ පන්තියෙදි මං හැමදාම පන්ති පෝළිමේ අන්තිමයට කලින් එකා... මට පස්සෙන් පබයිය... එයාට පබයිය කිව්වෙ පබා කියන එයාගේ නම අපේ කටට එච්චර හරිගියෙ නති හින්ද.. අනිත් එක පන්තියෙ උසම එකා හින්ද... රැස්වීමට පිට්ටනියට යන එක මට මහ එපා කරපු වැඩක් වෙල තිබ්බෙ.. හැමදාම අව්වම හරියෙ ඉන්න වෙන්නෙ මට... කලන්තෙ දාන පුරුද්දක් තිබ්බෙ නැති හින්ද හැමදාම අව්ව දරාගෙන පැයක් විතර ඔය පෝළිමේ අන්තිමට හිටගෙන ඉන්න උනා මට...
පහේ පන්තියෙදිත් අපේ සෙල්ලම් කිරිල්ලෙ මුල් තැන ගත්තෙ ඔය කොස් මුල් අස්සෙ කරන හැංගිමුත්තං සෙල්ලම තමයි... අපි තුන් හතර දෙනෙක්ට ඔය ගහේ එක පැත්තක හැංගිලා ඉන්න පුළුවන්කම තිබ්බ...
පස්සෙ කාලෙක සුදු වැද්ද පොත කියවන කොට හෑන්ස් ගස් දෙකක අතු අල්ල අල්ල ව්‍යායාම කරනව බලං ඉන්න ගැස්පයි එඩ්මන්ටුයි මං හිතේ මවා ගත්තෙ ඔය ගස් දෙකත් එක්ක...
ප/ලි :
දැං මාසෙකට කලින් පහුගිය අවුරුදු තුනට පස්වෙනි පාරටත් ගෙවල් මාරු කරන්න සිද්ධ උන නිසා බ්ලොග් එක පැත්තකින් තියන්න උනා... කියවන්නවත් හම්බුනේ නෑ හරියකට.. ඩයලොග් ලෙඩේ හින්ද එක පැත්තකින් බ්ලොග් බැලිල්ල එපා උනා... අන්තිමට බිල් ගෙවන්නෙ නැතුව ඉඳලා නෙට් කනෙක්ෂන් එකත් කපලා දැම්ම ඩයලොග් ගොයිය...
ඇත්තටම කිව්වොත් කියවන්න හිතෙන තරං හිතට අල්ලන බ්ලොග් පෝස්ට් දෙක තුනක් විතරයි තිබ්බෙ.. හැමෝටම රයිටර්ස් බ්ලොක් ඇවිල්ලද මන්ද... ආයිත් පටං ගන්නෝනෙ බ්ලොග් හන්ටින් යන්න... හි හි..
අලුත් ගෙදර මං වැඩ කරන තැන ඉඳල බැලුවම ජනේලෙන් එළියෙ තියෙන්නෙ පොඩි කොස් ගහක්... අපේ ඉස්කෝලෙ කොස් ගස් මතක් උනේ ඒ හින්ද... මං මේ කල්පනා කරන්නෙ මට කොස් වලින් අඩුපාඩුවක් නැත්තෙ මං මහ කම්මැලියෙක් හින්දමද කියල... හි හි...
ප/ප/ලි :
කොස් ගස් දෙක ගැන කලින් ලිව්ව වගේ මතකයක් තිබ්බ හින්ද පොඩ්ඩක් බැලුවම අපේ කොස් කෑම පෝස්ට් එකේ ඒ කෑල්ල ලියවිලා නෑ.. ඒත් ඒ පෝස්ට් එකේ කමෙන්ට් ටික දැක්කම දැං ගිහින් කොස් ගෙඩියක් හොයන් ඇවිත් කෑමක් හදන්න හිතෙනව... ( මගෙ කම්මැලිකම තමයි කේස් එක... හි හි)
ගහේ ගෙඩි නං පේන්න නෑ හැබෑටම මේ කොස් වාරෙද.
ReplyDeleteතාම නෑ නේද...
Deleteඅර හැංගිමුත්තං කොරද්දි කොස් කිරුවේ නැද්ද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteනලින් අයියා දැක්කෙ නැද්ද මං කියල තිබ්බෙ ඒ පහ වසරෙදි කියල... හි හි
Deleteකම්මැලි කමට ලියපු පොස්ට් එකක්ද කොහෙද? කොහොම හරි මොකක් හරි ලියපු එක නම ලොකු දෙයක්
ReplyDeleteයෑස්... කම්මැලි සහ වෙලාව නැති කම....
Deleteකොස් කන්න කවුද අනේ අකමැති.
ReplyDeleteඔන්න මාත් හා හා පුරා කියල ගොඩ වැදුන හිරු අක්කෙ
අපෝ ඉන්නවා ඕනෙ තරං... හි හි
Deleteඋදේ රැස්වීමට යන්න කැමති නැත්තං ඒක කට් කරන එකනෙ කරන්න තියෙන්නෙ. අපිනං කළේ එහෙමයි.
ReplyDeleteමං ඔය කට් කිරිලි දැනගෙන හිටියෙ නෑ අප්ප ඒලෙවල් කරන කාලෙ වෙනකං.... හි හි
Deleteහිරු ආ ගමන් කිව්වෙ අපි ලිව්ව එව්ව කමකට නෑ කියලනෙ.. බොහොම හිතට අමාරුයි..මොන කොස්ද ?
ReplyDeleteඑහෙම හිතන්න එපා...අර කියවන්න ආසා පෝස්ට් දෙක තුනක් තිබිලා තියෙනවනේ.....ඒවයින් එකක් ඔබතුමාගේ කියලා හිතාගෙන සංතෝසෙන් ඉන්න...පොසිටිව් තින්කින් ;)))
Deleteආං අනිත් බ්ලොග් දෙක මගේ එකයි ප්‍රසන්න අයියගෙ එකයි ..:D
Deleteදෙපැත්තම බේරලා ඒක ලිව්වෙ... හි හි
Deleteකොස් කෑමට වඩා මම ප්‍රිය කරන්නේ කොස් කිරන්න.
ReplyDeleteකවුද අප්පා අකමැති.... හි හි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොස් පොලොස් කොහොමත් ඉතිං අපේ පොෂ් කෑම ටිකනේ!!!
ReplyDeleteඋපරිම පොෂ්.... හි හි
Deleteඅපේ ගෙදර කෝස් ගහක් තියෙනව ගෙඩි නිකං වාංගෙඩි වගේ... හිරු අක්කෝ කම්මැලි නැතුව ඉස්සර වගේ ලියන්ටකො අනේ.....
ReplyDeleteකම්මැලි නැතුව ගෙඩියක් මේ පැත්තටත් එවන්නකො,මළ පෙරේතකොමේ බෑ අප්පා.
Deleteඋඹලයි ගෙදර කොස් විතරක් නෙමෙ බං ගෙදර උනුත් වංගෙඩි වගෙ තමා..
Deleteලියනවා ලියනව... මැල්ලුං....
Deleteහි හි
අපේ පැත්තේ පොරක් හිටියා සාදිරිස් කියලා. මිනිහා ඩෝප් එක දාලා කියව කියව යන්නේ " කොෂ් කන්න මෂ් ඕන-මෂ් කන්න කොෂ් ඕනා" කිය කිය. මට ඒක මතක්වුනා.
ReplyDeleteමෂ් මොකටද කොෂ් තියෙද්දි....
Deleteහි හි
මේකේ කෑල්ලක් හැලිලද මේ එක පාරටම බ්‍රේක් ගහලා වගේ පේන්නේ?
ReplyDeleteනැහ්... ඒ වගේද පේන්නෙ.... හි හි
Deleteහැක් .. හෙන්‍රි අයියා කිව්ව වගේ පෝස්ට් එකේ බාගයයි බං පබ්ලිශ් වෙලා තියෙන්නේ, කෝ ඉතුරු ටික :D
ReplyDeleteඋඹේ ඇස් පේන්නෙ නෑ බං.... හි හි
Deleteඉක්මනටම කොස් ගෙඩියක් හොයන් ඇවිත් කෑමක් හදලා විස්තර දැම්මනම් පංකාදුයි... හි.. හි..
ReplyDeleteහහ්.. හීනෙං තමං... මං ආයිත් නං මේ බ්ලොග් එකේ කෑම හදල දාන්නෙ නෑ... එක පාරින් හොඳ පාඩමක් ඉගෙන ගත්ත... හි හි
Deleteමමනම් කොස් වලට වඩා ආසයි කිරි කොස් වලට.. :)
ReplyDeleteමට නං ඉතිං ඕනෙ එකක්.... හි හි
Deleteකම්මැලි නැතුව ඊලඟ පාර එනකොට රහාආආආ, කිරිකොස් එකකුත් හදාගෙන එන්ට හොඳේ.:D
ReplyDeleteදුවන්න කිව්වෙ... හි හි
Deleteකම්මැලි හටන්වලට ඉතිං කොස් නෙවෙයි මොනවා තිබ්බත් ඔච්චර තමා.. :D
ReplyDeleteආයිත් අහල... නේද මාරයියෙ.... හි හි
Deleteකොස් වලට කලින් මගේ හිත ගියේ අර පන්තියෙන් උසම එකාට පස්සේ එකා වෙච්ච එක. හබෑට දැන් මෙහෙම උනාට 5 වසරේදී වගේ පන්තියෙන් උසම එකා උනේ මන්. ඉතින් අනේමන්දා මොකක් උනාද කියල ඒ ලෙවල් වෙනකොට මට වැඩිය කොටට හිටපු එවුන් ටික පොල් ගස් වගේ උස ගිහින් තිබුනා. තාම මගේ උස කියන එකනම් මේ දවස් වල අපේ අම්මට ප්‍රශ්නයක් ;)
ReplyDeleteආ... කොස්! කොස් ගස් එක්ක නම් වැඩි සම්බන්ධයක් මගේ නැති උනාට මන් ආසයි කොස් බැදලා සීනි දාලා කන්න ^_^
මටත් උනේ ඒ ටිකම තමයි අප්ප...
Deleteමකුළු දැල් කැඩීමක් කොහෙද කියලා හිත හිතා අවා.. පස්සෙ මතක් උනේ බ්ලොගයේ මකුළු දැල් කැඩීම බව.
ReplyDeleteමකුළු දැල් කැඩුවට වැඩක් උනේ නෑ අප්ප.. රිප්ලයි දාකොට ආයිත් මකුළු දැල් බැඳිලා.... හි හි
Deleteපලිය දැක්ක නිසා උඹ ගොඩ නැත්නං ඉතිං කලින් කොස් කාපු එක ගැන බොට ඉස්ම යන්න කියන්නයි මං බලං හිටියේ.. හැක්.. උඹලට වගේ අපිට ඔහොම ඉර්තු පරිදි වෙනස් කරන්න මාලිගා නැහැනේ බං
ReplyDeleteආයිත් මාරු කරන්න වෙන එකක් නෑ කාලෙකට... මෙදා පාර නං හිර උනා බෙල්ලටම.... හි හි
Deleteඅපිට කොහෙන්ද කොස් කීවලු....
ReplyDeleteඅපි පොඩි කාලේ අපිට ෆුට් බෝල් ගහන්නත් තිබ්බා ඕනේ නම් කොස් වලින්.
වරකා හෙම අපි කන්නේ තෝරලා බේරලා. රසම රස ඒවා විතරයි. ඒකටත් එක්ක දැන් කොස් ගෙඩියක් තියා පොලොස් කෑල්ලක් කන්නත් ගෙදර එනකම් ඉන්න වෙනවා.
රට පැටවුනාම ඉතිං ඕක තමයි කේස් එක...
Deleteඔන්න මමත් ආවා කොස් කන්න... :D මගෙත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න ඕනි..
ReplyDeleteඒකෙ නං ලේසියෙන් මකුළු දැල් කඩන්න වෙන්නෙ නෑ... හි හි
Deleteකොස් කිව්වම මට මාර කතාවක් මතක් වෙනවා.අපි හිටපු හරියෙ හිටියා ගෑණු කෙනෙක්.කවුරුත් කිව්වෙ සොට්ටා කියලා.එයා ගස් යන්න හරි දක්ෂයා.කොස් ද දෙල් ද කියලා වෙනසක් නැහැ.
ReplyDeleteහැම වෙලේම එයා ඉන්නෙ දිය රෙද්ද පිටින්.ගවුමක් ඇදල වෙන ඇදුමකින් දකින්න ලැබෙන අවස්ථා ඉතාම අඩුයි.දවස් කිහිපයක්ම මහා ඉහළ විශාල ගස්වල ඉද ගෙන එයා මාව දැකලා කතා කරලා තියෙනවා.
ඒකත් ඉතිං කොස් තමයි.වැල ද වරක ද කියන්නනම් දන්නෙ නැහැ.
මකුළුදැල් කැඩීමනම් මරු!
ඔය කිව්වෙ ඉතිං කතාවක්... හි හි
Delete