Friday, May 16, 2014

කම්මැලි කවි....

සුදෝ සුදු බිත්ති
ටයිල් ඇල්ලූ බිම
ලස්සන ත්‍රී ලේයර් කර්ට්න්ස්....

හැමෝම කියන්නෙ
ගෙවල් විනාස කරන්නෙ නැති ළමයි ඉන්න ගෙයක්....

අනේ පවු අප්පා....








ප/ලි : 

අපේ අම්මයි මායි, ආච්ච් ගෙනත් දුන්න රටහුණු පෙට්ටිය ඉවර වෙනකං ගෙදර සිමෙන්ති බිමේ චිත්‍ර ඇඳපු හැටියට, ඒ නිර්මාණශීලීත්වය A4 කොලේකට, වයිට් බෝර්ඩ් එකකට සීමා වෙලා තියෙන දැං කාලෙ ළමයි ගැන විතරක් නෙවෙයි,  අම්මලා ආච්චිලා පණ වගේ පරිස්සම් කරන ගෙවල් වල බිත්ති, කවදාවත් අත්දකින්නෙ නැති ළමා ලෝකයෙ සුන්දරත්වය.... කාට පවු කියන්නද මන්දා... 

60 comments:

  1. ඇත්තට අපි ඒකාලේ බිත්ති වල ලියපු හැටි මතක් වෙනකොට තාමත් නිකන් අමුතු හැගීමක් දැනෙන්නේ..

    ------
    නියම පද ගැලපුම..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ... හි හි... මට අවුරදු 25 දි තමයි මගේ කාමරේ බිත්තිය පේන්ට් කලේ.. එතකම් අපේ පවුලේ හැම පොඩි එකාම කුරුටු ගෑවේ ඒ බිත්ති‌ෙය තමා....

      Delete
  2. හුම්...හුම්.. අප්පොච්චියේ අපේ ගෙවල් නම් මොකට කියනවද...?
    සීගිරි කුරුටු ගී හැමතෑනම..!!:)))

    ReplyDelete
    Replies
    1. ෂා.............. පිටුවෙ ලස්සන...මං දැක්ක ලස්සනම වර්ණ සංකලනය හරිම අගෙයි..!

      Delete
    2. සීගිරි කුරුටු ගී නැති ගෙවල් හෙන පාලුයි අප්පා... හි හි

      පිටුව වෙනස් කළා පොඩ්ඩක්... මාස ගානක් එකම විදියට තිබ්බනෙ...

      Delete
  3. කවිවලට ආස නැති එකි කවි ලියන්න අරන්.. කොහොම හරි කමක් නෑ වැලිපිල්ලේ ලිව්ව අපට නං මේ ගැටලු තිබ්බේ නෑ. ඒ වගේම ඒ ගැටලු දුවල දෙන්නට ඉතිරි කළෙත් නෑ. ඒ ගැන සතුටුයි තාමත්..

    ReplyDelete
    Replies
    1. මේ කවියැ නලීන් අයියේ... හි හි

      Delete
  4. ඉතින් ලමයි මොකටද ගෙයක් තිබ්බම අැතිනේ....

    ජය වේවා!!!

    ReplyDelete
  5. දරුවන් ඉන්න ගෙවලුත් මෙහෙම තියාගෙන ඉන්නවා හිරු, අනේ පවු අප්පා....

    ReplyDelete
    Replies
    1. පවු නේන්නං අප්පා...

      Delete
  6. හිරු බොහොම කම්මැලි කමට ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාතෘකාවෙම ඇත්තම කිව්වෙ.... හි හි

      Delete
  7. කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා නේ?

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා තිබ්බෙ නෑ අනේ.. ඒත් ලියන්න බැරුව හිටියෙ.... හි හි

      Delete
  8. අපේ කෙල්ලෝ දෙන්නා පොඩිකාලේ චිත්‍ර ඇන්දේ දෑවැද්දට හම්බවුන තේක්ක අල්මාරියේ පියන් දෙකේ. අදටත් ඒවා එහෙමම තියනවා සමහරක් මැකිලා, සමහරක් මකන්න බැරි තරම් තද තීන්ත, පර්මනන්ට් මාකර් චිත්‍ර.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම එකක් තමයි අපේ ගෙදරත් තිබ්බෙ.. අපි දෙන්නගෙ කාමර පේන්ට් කලේ මට අවුරදු 25ක් උනාම.. එතකම් බිත්ති ඔක්කොම විනාස කරලා තිබ්බෙ.. අපේ ගෙදරට එක හැම එකාම ..( පොඩි කියන්න බෑ.. බැඳලා ළමයි හම්බුන එවුනුත් ..) ඒ බිත්ති වල කුරැටු ගෑවා....

      Delete
  9. බිම බුදියගෙන .....හුණු කූරු වලින් චිත්‍ර ඇඳලා....නැගිට්ටම තමයි මාර ගති... :D
    පාට දෙකේ අමුතු සතෙක්..

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... හි හි.. දැං ළමයින්ට හුණු වලින් චිත්‍ර අඳින්න දෙන්නෙ නෑ නේ... හුණු නහයට යන්න හොද නෑ කියල....

      Delete
  10. මොකෝ මේ ආයේ බිම කුරුටු ගාන්න හිතුනද?

    ReplyDelete
    Replies
    1. මං ඉතිං ඔය කුරුටු ගෑම නවත්තලා නෑ නේ තාම... හි හි

      Delete
  11. ආයේ මොකට කියනවද ඒ ගැන. මමත් පොඩි කාලේ ඇති තරම් බිම චිත්‍ර අන්දා. බිත්තියේ නම් අඳින්න තනහම් මොකද අපි ඒ කාලේ හිටියේ නිල නිවසක නේ.

    ReplyDelete
    Replies
    1. කුලී ගෙවල් වලත් ඔය තහනම තියෙනවනෙ ළමයින්ට ඉතිං..

      Delete
  12. හම්ෙම්... අෙප් අ්මල අපිට කවදාවත් අරක ඒපා ෙම්ක ඒපා කීෙව නෑ...ඒ් හිංද ෙදයිය ෙන් කියල හිෙතන ෙදයක් නිදහෙස් ෙකාරං ඉ්නව ඔව්...

    ReplyDelete
    Replies
    1. හි හි.. මං නං ඉතිං එපා කියපුවමනෙ කළේ...

      Delete
  13. ඉස්සර ළමයි අත්විඳපු සුන්දර ළමා කාලය අද ළමයින්ට නෑ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අප්පා...

      Delete
  14. රටහුණු නං මැකියහැකිනෙ. අපේ එකා ඇන්දෙ පැස්ටල් වලින්. දැන්නං කාමරයක් වෙනමම දීල තියෙන්නෙ ඇඳගන්න.

    ReplyDelete
    Replies
    1. හි හි.. හිතාගත්තෑකි.. මගේ බිත්තියෙත් පැස්ටල් විතරක් නෙවෙයි දිය සායං චිත්‍රත් තිබ්බා....

      Delete
  15. ඔහොම ඇන්දාද කියලා මට මතක නැහැ නොවැ.අදින්නත් ඇති එත් මට මතක නැහැ.ඒ මම චිත්‍ර වලට දක්ෂ නැති නිසාත් වෙන්න ඇති.

    ReplyDelete
  16. අපේ ලොක්කි නම් ගෙයක්ම වැනසුවා. මේවා ඉතින් අනුන්ගේ නිසා පොඩි දුට ඒ චාන්ස් එක නැති වුනා . හැබැයි ඉස්කෝලේ නම් කොරිඩෝ වල විවේක වෙලාවට අඳින්න චෝක් තියල තියනව.
    දැන් ඔය ලොකු කොළ තියෙන්නේ .හතරක් පහක් බිම එලලා හරි බිත්තියේ අලෝලා හරි දෙන්න පුළුවන්. නැත්තන් ලොකු වයිට් බෝඩ් එකක් ගෙනත් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක හරි කරනවා නං ලොකු දෙයක්නෙ බින්දි.. දැං ළමයින්ට චිත්‍ර අඳින්න වෙලාවක් නෑ නේ... එයාල චිත්‍ර අඳිනවා කියල හිතං ඉන්නෙ ඉස්කෝලෙ චිත්‍ර පීරියඩ් එක‌ට ටීචර් දෙන මාතෘකවකට ඔහේ මොකක් හරි කුරුටු ගාන එකනේ...

      Delete
  17. කවි පේන්න බෑ කිව්වා නේද? දැක්කද ලොකු කතාවක් කෙටියෙන් කියන අපූරුව.

    ReplyDelete
    Replies
    1. මේ කවියැ මාතලන්... හි හි

      Delete
  18. ඉස්සර අපේ ගේ කාර්ඩ් බෝර්ඩ් නිසා මං හිතේ හැටියට කුරුටු බලි ලිවුවා. ගොඩක් වෙලාවට ඇන්දේ යක්කුන්ගේ ,සර්පයන්ගේ චිත්‍ර, ගොඩක් බය හිතෙන විදියට අදින්න පුළුවන් නිසා .බිම නම් තිබ්බේ පස් විතරයි නිසා බිම අඳින්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. //අපේ ගේ කාර්ඩ් බෝර්ඩ් නිසා// ???

      Delete
    2. ඔව් අනේ අනේ මායි තාත්තයි අම්මා රට ඉද්දි හිටියේ පොඩි කාඩ් බෝඩ් ගේක අර tv ෆ්‍රිජ් එහෙම දාලා එවන්නේ අනේ ලොකු පෙට්ටි අන්න එවුවා,,, හි හි වැස්සට සවුත්තු වුණාම අලුතෙන් දානවා. මගේ පරණ පෝස්ට් වල ඇති

      Delete
    3. හි හි... මට මතක නෑනෙ අප්ප මං මොනාද ඇන්දෙ කියල.. ඇන්ද කියල නං මතකයි....

      Delete
  19. ඔතන පැති දෙකක් තීනව. ඇත්ත, පොඩි උන්ගෙ නිර්මාණාත්ම දේට ඉඩ දෙන්න ඕන. සීමා කරන්න හොඳ නෑ. ඒ එක්කම ඒ යට තේරුම් ගන්න දෙන්න ඕන තම්න්ගෙ අවට පරිසරය පිළිවෙලට පිරිසිදුව තියා ගන්න පොඩි කාලෙ ඉඳම්ම.

    අපේ ගෙදරත් දෙන්නෙක් ඉන්නවනෙ. මට A0 කොල ඇතිවෙන්න ගේන්න පුලුවන් කන්තෝරුවෙන් මොකද පරන ඩ්‍රෝවින්ස් තියෙන නිසා. ඒව බිම එලාගෙන ඒ අයම ටේප් ගහල ජොයින්ට් කරගෙන විසාල චිත්‍ර අඳිනව, බිත්තිත් පරෙස්සන්, ළමයිත් අඳිනව.

    එහෙම නික A0 නොලැබෙන අයටත් පරණ ඒව ගන්න පුලුවන් අඩුවට හොයල බ්ලුවොත් ඔය ඩ්‍රොවින් ප්‍රින්ට් කරන තැන් වලින්, බිල්ඩින් සයිට් වලින් වගේ.

    මම පුද්ගලිකව කැමති නෑ ඔය දකින දකින බිත්ති කුරුටු ගාන පොඩි උන්ට. ඒ අය තමයි ගොඩක් වෙලාවට පස්සෙ කාලෙ ට්‍රිප් ගියාම ගස් ගල් වලත් නං ගං ගහල එන්නෙ, මොකද පරෙස්සම් කිරීම කියන හැඟීම නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අවට පරිසරය පිරිසිදුව තියා ගන්න කියල දෙන වැඩ ඕනෙ තරං තියෙනවනෙ සිංහයො... නමුත් සීමාරහිත ඉඩක නිර්මාණයක් කිරීමෙ හැකියාව හම්බුවෙන මේ වගේ දේකින් කොච්චර නිර්මාණශීලී හැකියාවන් මතු වෙනවද...

      මගේ කාමරේ බිත්ති හතර හරියට කැටපත් පවුරක් වගේ.. මොකද අපේ පොඩි උන් හැම එකාම වගේ ඕකෙ චිත්‍ර ඇඳලා තිබ්බ.. එකෙක් අඳින චිත්‍රෙ තව එකෙක් ඇවිල්ල තව කෑල්ලක් එකතු කරනවා...අන්තිමට බිත්ති හතරෙම එකම චිත්‍රයක්.. දොර, ජනෙල් හරියෙ ඒවට ගැලපෙන්න නිර්මාණය වෙනස් වෙලා තිබ්බ... ( ඒ කාලේ හැම එකම ෆොටෝ ගන්න පුරුද්දක් තිබ්බෙ නැති හින්ද පේන්ට් කරන්න කලින් ෆොටෝ එකක් ගන්න අමතක උනානෙ.. ෂික්..) එක එකා පදේ පදේ ලියල කවි ලියල තිබ්බ.. සින්දු කෑලි තිබ්බ.. සමීකරණ තිබ්බ.. ආවර්තිතා වගුව තිබ්බ... පත ඒ අකුරු තිබ්බ... හි හි... උන් පස්සෙ කාලෙක අපේ ගෙදර ආවමත් ඔය බිත්ති දිහා බලල පරණ කතන්දර කියෝ කියෝ හිනා උනා... හැබැයි මං දන්න විදියට ඔය බිත්ති වල කුරුටු ගාපු එකෙක්වත් දකින දකින බිත්ති වල කුරුටු ගාන්න පුරුදු උනේ නෑ.. එහෙම කුරුටු ගාන්න හම්බුවෙච්ච නැති උන් නං පැන්සලක් පෑනක් අහු උනාම ලොකු අය අහක බලනකං ඉඳලා කොහෙ හරි පොඩියට හරි කුරුටු ගානව දැකලා තියෙනව මං... ඒ කරන්නෙ ආසාවටත් වඩා තරහට මට හිතෙන්නෙ...

      Delete
    2. හිරු,

      ළමයි තුල නිර්මාණශිල්ලිත්වය ඇති කරනව කියන්නෙ හැමතැනම කුරුටු ගාන්න දෙනවට වඩා එහා ගිය දෙයක්. ඒ අයට නිදහස වගේම අදහසුත් දෙන්න ඕන අලුත් අත්හදා බැලීම් කරන විදි ගැන.

      බිත්ති වල අඳිනවට වඩා ඒක සාර්ථකව කරගන්න පුලුවන් ක්‍රම තීනව. මේ මගේ ප්‍රායොගික අත්දැකීම් වලින් පොඩි උදාහරණ.

      මේ එයා අවුරුදු පහේදි තාත්තට දීපු උපන්දින සුභ පැතුම

      මේ එයා අවුරුදු හයේ උපන්දිනේට විශ් කරපු මගේ එෆ් බී මිතුරන්ට දීපු තෑග්ග

      //එහෙම කුරුටු ගාන්න හම්බුවෙච්ච නැති උන් නං පැන්සලක් පෑනක් අහු උනාම ලොකු අය අහක බලනකං ඉඳලා කොහෙ හරි පොඩියට හරි කුරුටු ගානව දැකලා තියෙනව මං... ඒ කරන්නෙ ආසාවටත් වඩා තරහට මට හිතෙන්නෙ... //

      ඕව වැඩිපුර කරන්නෙ බිත්තිපරෙස්සම ගැන කිසි අදහසක් උවමනාවක් න්ති පිටිසර පැතිවල හැදුනු දරුවො. මම මේ වගකීමෙන් කියන්නෙ. මොකද ඉස්සර බෞද්ධ සම්මේලනේ ඉන්න කාලෙ අපි ලංකාවෙ නොයෙක් පැතිවල ළමයි සංවිධානය කරපු විනෝද චාරික විසාල ප්‍රමාණයකට සහභාගි වෙල තීනව. එතනදි දැකපු දෙයක් තමයි අති බහුතරයක් ගම්වල ළමයි ගස් ගල් වල කුරුටුගාන්න උනන්දු බව සහ නාගරික පාසල්වල බහුතරය ඒ දේවල් ප්‍රතික්ෂේප කල බව. ඒ වගේම උඩරට දමිළ දරුවොත් හරිම කුරුටුගෑමේ සූරයො.

      Delete
  20. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  21. මේක සීමා කරන්න වෙලා තියෙන්නෙ ආර්ථිකය හින්දා.අපිටනම් කුලී ගෙවල් වල ලියන්න දෙන්න බැහැ.ඒක ප්‍රශ්නයක් වෙනවා.තව අයට බිත්තියෙ ලියන එක නවත්තන්න විකල්ප දේවල් ගෙනත් දෙන්න විදිහන් නැහැ.ආර්ථිකය එක්ක.මොන තර්ක ගෙනාවත් මේ දේශපාලන ආර්තික ක්‍රියාවලිය අපේ දරු සෙනෙහසේ තීරනාත්මක සාධකයක් සහ මිම්මක් වෙලා.
    කිසිවක්ම නොඇදපු
    අපේ මව් පිය හිත් මත
    අපි තවරාපු පාට
    ලස්සන චුම්බන වලින්
    පිලිගත් පෙර කළ
    කාලයත් සමග
    හැකිලින.
    සායම් ද මැකී ඇත
    ඒකයි අපේ දරු පෙම
    මේ තරම් හීතල

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් ඒක ඇත්ත.. ඒත් ඉතිං ආර්ථිකය කියල නෑ නේ ළමයි ඉලකියුෂන් පන්ති වලටයි, කරාටෙ පන්තිවලටයි, අර පන්තියටයි මේ පන්තියටයි ඇදන් යන්න...

      Delete
  22. යකෝ බෑ කියා කියා අපූරුවට ලොකු පණිවිඩයක් දීලා තියෙන්නේ හිරුවා ,ලෙසටම කවියෙන්

    ReplyDelete
  23. හෑ...
    මම මේ නෙප්චුන් වලටවත් ආවද බැලුවා.. පලාතම නිල් වෙලා තියන්නේ...
    කවිය නම් කෙටියි ඒ උනාට තේරුම නම් ලොකුයි. දැන් කාලේ ළමයින්ට අඳින්න කරන්න විතරක් නෙවේ හරියකට සෙල්ලම් කරන්න කතා කරන්නවත් නිදහසක් නෑ. ඉගෙනගන්නෙත් විභාගේ පාස් වෙන්න මිසක් ඇත්තටම ඒක ප්‍රයෝජනයට ගන්න නෙවේ. 8 වසරේ ළමයින්ගෙන් මම ඇහුව ඔහු කියල පටන් ගන්න සිංහල වර්තමාන කාල වාක්‍යක් ඉවර කරන්නේ කොහොමද කියල.
    උදාහරනෙකට "ඔහු ගමට...... හිස්තැන පුරවන්න කිව්වම "ගියේය, ගියාය, යතී, යයි, යෙහු ඔය ඔක්කොම ආව.
    ඔන්න ඕකයි තත්වේ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ඉතිං... වැඩක් තියෙනවයැ දිව්වා කියල හති හලාගෙන...

      Delete
  24. මමත් බිත්තියේ ඇඳපු කෙනෙක්.. ඒ වගේම මගේ කොල්ලත් බිත්තියේ ඇන්දා. දුවත් අඳියි කියලා හිතාගෙන ඉන්නේ.

    හැබැ‍යි අපි යමක් කරලා ලබා ගත්ත දේවල්, අද ළමයිනුත් ඒ දේවල්ම කරලා ලබාගන්න ඕනේ කියන මතයේ නම් මම නැහැ. අපිට කලින් පරම්පරාවල ළමයි කරපු කොච්චර දේවල් අපි දන්නෙවත් නැතුව ඇද්ද? ඒවා දැනගෙන හිටි අය පොඩි කාලෙ අපි දිහා බලලත් කියන්න ඇති, අනේ පව් කියලා. අපි ඉන්නේ ලෝකෙ කවදාවත් නොවෙච්ච තරම් වේගෙන් වෙනස් වෙන කාලෙක. අපි බිත්තියේ ලියලා ගත්ත ආතල් එක, ඉගෙනගත්ත දේ, අද පොඩි එකෙක් අයි පෑඩ් එකක ඇඟිල්ලෙන් ලියලා ගන්නවා. කාලය, උපකරණ, ක්‍රමය වෙනස්.. නමුත් යටින් තියන දැනුම, සතුට එකමයි. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අද තියෙන්නෙ තනියෙන් බුදු වෙන සිස්ටම් එකක් තිසර... අද ළමයින්ට ගෘප් ඇක්ටිවිටීස් කියල කරවන දේවල් වල අපි කරපු පුංචි පුංචි දේවල් වලින් ලබපු අත්දැකීම් වලින් බාගයක්වත් ලැබෙන්නෙ නෑ....

      Delete
  25. හපොයි බං අපේ ගෙදර ඇවිත්බලහං වෙලාවක.. යන්තං උන් දෙන්නෙගේ අත නොගැවෙන තැං විතරක් ඉතුරු වෙලා තියෙනවා.. හැක්.. ටයිල්.. වල කෑලි නෑ මුං බැට් එකෙන් ගහලා.. දොරවල්.. කෑලිත් කැඩිලා

    ReplyDelete
  26. මට නම් බිත්තිවල අකුරු අඳිනවා පේන්ට බෑ... :D

    ReplyDelete
    Replies
    1. රස්සාවට ඒකම කරනු අයත් ඉන්නවනෙ පොඩ්ඩි... හි හි

      Delete
  27. පවු නේන්නම් හිරු. අන්තිම පව්. අපි අඟුරු කෑල්ලෙන් පටන් අරන් අතට අහුවෙන හැම එකකින්ම ඇන්දා. ඒ පුරුද්දටමද මන්දා පස්සේ තාප්පවලත් ඇන්දා.

    හැබැයි හිරු මම මෙහෙම දෙයක් දකිනවා මෙහේ. මේ පොඩි එවුන් එහෙම බිත්තිවල අඳින්නේ නැහැනේ. උන් එහෙම කරනවා මම දැකලා නැහැ. එහෙම කරන්නේ නැති නිසාද දන්නේ නැහැ ලොකුවුනාම මහා අමුතු තැන්වල මාර ගති graffiti කරනවා. පුදුම නිර්මානාත්මක දේවල් තියෙනවා. Banksy එහෙම පොරක්නේ.

    ReplyDelete
    Replies
    1. උන්ට ගෙවල් වල නැති උනාට ඉස්කෝල වල ඒ චාන්ස් එක තියෙනවනෙ අරෑ...

      Delete
  28. කම්මැලිකමට වුණත් ලස්සනට ගලපලා, ලොකු අදහසක් දෙන කවියක් වගේ නිසදැසක්.

    ReplyDelete
    Replies
    1. මොනා නැතත් මාතෘකාව නං ගැලපෙනව නේ... හි හි...

      Delete
  29. මගේ දුව පොඩි කාලේ එක කාමරයක්ම වෙන්කරලා දීලා තිබුණා බිත්තිවල චිත්‍ර අඳින්න!

    ReplyDelete

  30. මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete