වෙනදා වගේම සර්ච් එකක් දාලා පින්තූරෙ හොයාගත්තෙ... ඕනෙ නං කට්ටිය ඉමේජ් සර්ච් දාලා අලගිය තැන් වැල ගිය තැන් හොයාගන්නවා හොඳයි... හි හි... |
මේක ලියන්නම ඕනෙ කියලා හිතුනේ අපේ කකාගේ පරණ කතන්දරයක් කියෙව්වම... පොඩි නෙවෙයි ලොකු නොස්ටලොජියා සීන් එකක්... මම කලින් දවසකත් මගේ පොත් කියවීමේ පිස්සුව ගැන ලිව්වා.. හැබැයි මේ ටික ලියවුනේ නෑ වගෙයි මතක.. කොහොම උනත් අද මාත් කියන්න යන්නේ කකා වගේම කතන්දරයක් වෙන්න ඇති.. හැබැයි ටිකක් දිගයි... හි හි..
අපේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න පිස්සෝ කියලා තමයි තාත්තා මට කියන්නෙ.. ඒත් මට මතක ඇති කාලෙක අම්මා පොත් බදං කියෝනවා මට මතක නෑ... මං ඉපදෙන්න කලින් ගෙදර තිබ්බ චිත්‍රකතා පත්තර ටික නං ගිනිතිබ්බා කියලා තාත්ත කියනවා... මං ඇහුවම ඒ ඇයි කියලා හැමෝම කිව්වලු ඒවා ළමයින්ට හොඳ නෑ කියලා... අනිත් එක අම්මට මං ඉපදෙන්න ඉන්න කාලේ ඔය වගේ ඒවා කියවන්න දෙන්න එපා කියලා තාත්තගේ නෑයෝ කිව්වලු... මං එදත් කිව්වා ඒක මහ පිස්සු වැඩක් කියලා.. අදත් කියන්නේ ඒකමයි.. මොකද කිව්වොත් අම්මගේ පොත් පත්තර කියවීමෙ ආසාව මට එහෙම පිටින්ම ඇවිත් තියෙන නිසා....
සමහර විට ඒකට තාත්තගේ පොත් කියවීමේ ආසාවත් එකතු වෙලා මගේ මේ පිස්සුව හැදෙන්න ඇති.. මොනා උනත් මං මේ කියන්නේ මට හැමදේම අම්මගෙන් එන්න ඇති.. හැබැයි අම්මට වඩා තදට මට ඇවිල්ලා තියෙන්නෙ පොත් කියවිම සහ ලිවීම... ඒ කියන්නේ ඒ දෙන්නටම පොදු එකම ලක්ෂණය ඩබල් වෙලා මට ඇවිල්ල... හි හි...
පොඩි කාලෙ නෙවෙයි දැන් උනත් මට ඕනෙ දේකට එකපාරටම හිත යන්නේ නෑ.. ඒක ඇඳුමක් උනත්, වෙන දෙයක් උනත් ( කම්පියුටර් කෑලි සම්බන්ධව ඇරුනම) ... හැබැයි තාත්ත කියන විදියට තාත්තට ගොඩක්ම සන්තෝස වෙන විදියට මං හැසිරුනේ මට පොතක් ගෙනත් දුන්නමලු... මට මතකයි අවුරුදු 8දි විතර තාත්ත ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත මට ගෙනත් දුන්න... තාත්ත පොත අතට දුන්නම මං ඒකත් අරං ගිහින් ඉඳගත්ත පුටුවෙන් නැගිට්ටෙ පාන්දර 2 වෙනකම් කියෝලා පොතම ඉවර කරල...
අම්මගෙන් මට ඇවිත් තියෙන තව දෙයක් තමයි කනකොට පොතක් ඕනෙ වෙන එක... ඕක ගෙදර ඉන්දැද්දි මට තදට තිබ්බා.. පොත කියෝලා ඉවර වෙලා තමයි ඇඳෙන් නැගිටින්නේ... මට විතරක් නෙවෙයි.. අපේ මල්ලිටයි නංගිටයි දෙන්නටත් ඔය පුරුද්ද තියෙනවා... හැබැයි මං කවදාවත් දැකලා නෑ අම්මා එහෙම කරනවා... ඒකයි පුදුම වැඩේ කියන්නේ... අම්මා බඳින්න කලින්ලු ඒ පුරුද්ද තිබ්බෙ.. කොහොමත් අදටත් මං රස කෑමක් හම්බුනොත් කෙලින්ම උස්සගෙන කාමරේට ගිහින් ඇඳට වෙලා පොතක් පෙරළගෙන තමයි කන්නෙ.. පුටුවක ඉඳගෙන කෑවට මට ඒක හරියට රස විඳින්න බෑ... අපේ මහත්තයා කොච්චර බැන්නත් ඒ පුරුද්ද අතෑරගන්න මට බෑ...
පොත් කියවිල්ල ගැන කකා කියලා තිබ්බ දේ ගැන කල්පනා කරද්දි මං කල්පනා කළා මට එහෙම වෙලා නැත්තේ ඇයි කියලා... මාත් ඔය බර බර පොත් කියෙව්වා පොඩි කාලේ ඉඳලම... අපේ අම්මයි තාත්තයි දෙන්නගෙන් අමාරැ වචන ඇහුවා කියලා මට මතකක් නෑ... මං හිතන්නේ මගේ කියවිල්ල ගොඩක්ම වැඩි නිසා මට අමාරු වචන එන්න නැතුව ඇති... එහෙම නැන්තං මං එහෙම ඒවා ඇහුවම අම්මයි තාත්තයි හිනාවෙලා නිකං ඉන්න ඇති...
කොෙහාමත් මං පොඩි කාලේ කරපු ගොන් වැඩ වලට කට්ටියම එකතු වෙලා තාමත් මතක් කර කර හිනා වෙන හැටියට මට හිතෙන්නේ ඒවටත් කට්ටියම එකතු වෙලා හිනාවෙන්න ඇති කියලා.. හි හි...
අපේ තාත්ත අම්මට ගෙනත් දුන්න පොතක් තිබ්බා “ හෙළු කඳුළු මුහුදට එක් උනාදෝ ” කියල.. ඕක හංගලා තිබ්බෙ අම්මගේ අල්මාරියෙ.. මං ඕක හොරෙන් කියෙව්වෙ අවුරුදු 13දි විතර.. මට නං ඒකෙ අර තහනම් වැඩක් හොරෙන් කරනකොට තියෙන ආතල් එක වගේ දෙයක් මිසක් වෙන අමුතු දෙයක් තිබ්බේ නෑ.. මොකද තාත්ත මට කියවන්න ගෙනත් දෙන ට්‍රාන්ස්ලේෂන් වල ඒකෙ තිබ්බට වැඩිය ලිංගික චර්යා ගැන විස්තර තිබ්බා...මං ඊට වැඩිය පොත් ඒ වෙනකොට කියෝලා තිබ්බා.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, කොලරා කාලේ ආලේ, ඊවා ලූනා එහෙම මං ඒ කාලෙත් කියවලා තිබ්බෙ කතාවෙ මෙලෝ හසරක් තේරුණේ නැති උනාට... හි හි.. ඒවයේ ඇතුලේ කතාව තේරුම් ගත්තේ ඒලෙවල් පන්තිවලදි ආයිත් කියෝනකොට..
මම 9 වසරේ ඉන්නෙකාට මගෙන් එක කෙල්ලෙක් ඇහුවා දූෂණය කරනවා කියන එකේ තේරුම.. මං ඒ වෙනකොට මට ඒක තේරිලා තිබ්බ විදියට කිව්වා මේකයි කියලා.. අවුරුදු කීපයකට පස්සෙ මම දැනගත්තෙ මම ඒක එදා හරියටම කියලා දීලා තියෙනවා කියලා.. එහෙම කියලා දෙන්න මම ඒක තේරුම් ගත්තේ පොත් කියෝල තේරුම් ගත්ත දේවල් වලින්මයි... මොකද ඉස්කෝලවල ඕව කියලා දුන්නයැ...
කකාෙග කතාවත් එක්කම මට මතක් උනේ මං පොඩි කාලේ අපේ ගෙදර පරිසරය ගැන... සල්ලි තිබ්බෙ නැති මට මතකයි... අපේ ගේ ලෑලි වලින් හදලා තිබ්බා කියලා මට මතකයි... අපේ තාත්තට හරියට කේන්ති යන නිසා මං තාත්තා ගෙදර නැති වෙන දවසට හරි කැමැත්තෙන් හිටියා කියලා මට මතකයි... ඒත් ඒ ඇරුනම අපේ ගේ මට හරිම නිදහස් පරිසරයක් තිබ්බෙ... අම්මා මාත් එක්ක හරියට කතා කරනවා... ගොඩක් වෙලාවට තාත්ත ගෙදර එන්නෙ මං නිදාගත්තම.. උදේට තාත්ත වැඩට යනකොටත් මං නිදි.. ඒත් තාත්ත ගෙදර ඉන්න දවසට තාත්ත හරි ජොලි... කොස්සක් අරන් ගිටාර් ගහනවා... පොඩි රබානක් තිබ්බා, ඒක ගගහා සින්දු කියනවා... ( අපේ තාත්තට සින්දු කියන්න බෑ... හි හි) ආනමාලු ගෙඩියක් කටවල් දෙකට කාලා දානවා... පොල් ගෙඩිය එකපාරින් බිඳිනවා... මාව බයිසිකල් පද්දනවා... මට අවුරදු 7ක් වෙනකම් ඔය සිද්ධිය තමයි... මට මතක විදියට ඒ කාලේ තාත්ත එච්චරම කේන්ති ගත්තේ නෑ.. පස්සෙ තමයි කේන්ති ගැනීම වැඩි උනේ..
අවුරුදු 13 විතර වෙද්දි මට ගෙදර නීති තිබ්බා කියලා මතකක් නෑ... කොහොමත් ඉස්කෝලෙ යන කාලේ මගෙන් එච්චර කරදරයක් තිබ්බේ නෑ අම්මලට... ඔය ඉඳලා හිටලා කොල්ලෙක් ගැන කතාවක් ගෙදට්ට ආරංච් උනොත් ඇරෙන්න... ඒත් ඉතිං ඕවට වත් අපේ අම්මා මට බැන්‌ෙන නෑ නේ.... රණ්ඩු නං තිබ්බා.. ඒවා සාමාන්‍යයි නේ.. හැබැයි ඕනෙ එකක් අහන්න පුළුවන් කම තිබ්බ මට... අම්මයි තාත්තයි දන්න විදියට මට කියල දුන්න.. ඒක නරකයි කියලා විතරක් කියන්නේ නැතුව ඇයි ඒක නරකයි කියලා කියන්නේ කියන එකත් මට තේරෙන විදියට කියලා දුන්න... අදටත් ඒ පුරද්ද මට තියෙනවා... අපෙ තාත්තත් එක්ක දේශපාලනේ කතා කරන්න පටන් ගන්නේ මම තමයි හැමදාම... ඊට පස්සේ හැමෝම සෙට් වෙනව ... මං ෂේප් වෙනව.. හි හි
මට හිතෙන්නෙම අපේ ගෙදර ඒ නිදහස මට තිබ්බේ අපේ අම්මයි තාත්තයි තරුණ අය නිසා සහ අපේ ගෙදර වයසක අය හිටියේ නැති නිසා කියලා... ඒ කිවවේ අපේ ගෙදර අපි හතර පස් දෙනා විතරයිනේ... ( පහ කිව්වේ නංගි.. ඒ හොල්මන අපේ ගෙදරට සෙට් උනේ මට 16දි විතර..)
ආච්චිලා ආපු දවසට හයියෝ කරදරේ.. ( හැබැයි අනිත් ළමයින්ගේ ආච්චිලා එක්ක බලනකොට නං මගේ ආච්චිලා දාහෙන් සම්පනයි.. ඒකත් කියන්න එපැයි..)
“ මොකද්ද ළමයෝ ඔය ඇඳන් යන්න හදන එක...”
“ ඇයි මක් වෙලද මේකට... මං වෙනදටත් පන්ති අඳින්නෙ මේක තමයි...” ( කොට සායක් ඇදන් ක්ලාස් දුවන්න හදනකොට..)
“ කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගියේ...”
“ ඇයි ආච්චි.. කෝච්චිය ආපු වෙලාවට තමයි ආවේ...” ( ඉස්කෝලෙ ඇරිලා එනකොට..හැබැයි මේක නං කළාතුරකින් වෙන්නෙ..)
“ මොකද්ද ළමයො ඔය ඉඳගෙන ඉන්න හැටි..”
“ ඇයි මක් වෙලාද ඉඳගෙන ඉන්න හැටියට..” ( අපේ සාලේ තිබ්බ දිග පුටුවෙ දිගෑදිලා ටීවී බලනකොට..)
“ මොකද්ද ළමයෝ ඔය කෑම කන හැටි..”
“ අයියෝ ආව්චි.. වද නොදී යන්නකෝ කන්න දීලා...” ( පොතක් පෙරළගෙන ඇඳේ බඩ ගාගෙන, තුන් දෙනා තුන් පැත්තට වෙලා බත් කන කොට.. මේක කියන්නේ තුන් දෙනාම එකපාරට..හි හි)
“ ළමයෝ ඔය ටීවී එකේ එල්ලිලා හිටියා ඇති.. ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැද්ද...”
“ උදේ ඉඳන් පොත් බල බල තමයි හිටියේ ආච්චි..” ( ඉස්කෝලෙ දවස් වලට..)
“ මොකද්ද ළමයෝ මේ කාමරේ හැටි.. පොත් මේසේ වනසලනේ..”
“ කොහොමත් මගේ කාමරේ ඔහෙම තමයි ආච්චි... ” ( පොත් ටික වනසලා තියෙනකොට විතරයි මට ලේසියෙන් හොයගන්න පුලුවන්.. පිළිවෙලට අස් කරපු දාට මොකක් හරි ඕනෙ දෙයක් හොයන්න මේසෙම පෙරළන්න ඕනෙ.. අල්මාරියටත් ඒ සෙතේමයි...)
” ළමයෝ.. කාමරේ අස්සෙම රිංගලා ඉන්නෙ නැතුව කුස්සියට ගිහින් අම්මට උදවු වෙන්නකෝ..”
“ මං පොල් ගාලා දීලා ආවේ ආච්චි...” ( මං ඒ කාලේ අම්මට උදව්වකට කියලා කළේ පොල් ගාලා දීපු එක විතරයි... )
“ දැන් ඔෙහාම ඉඳලා කසාදයක් බැන්දම අගේට හිටී..”
“ හයියෝ .. මං බඳින්නේ නෑ ආච්චි... මොන කරදරයක්ද මන්දා...” ( ඇත්තටම කොෙහාමත් අවුරුදු 22ක් විතර වෙනකම් මං බඳින්නෙ නෑ කියලමයි හිටියේ... හි හි)
“ මේ ළමයින්ව කොහොම හදනවද මන්දා මුන් දෙන්න..”
“ අම්මෙ ඔය ළමයට කෑ ගහන්න එපා... දැන්නෙ ගෙට ගොඩ උනේ..” ( අම්මලා මුකුත් කරන්නෙ නැති තැන අම්මත් එක්ක එල්ලෙන්න හදන හැටි තමයි..)
වැඩේ කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මටයි නංගිටයි විතරයි... මල්ලිට මුකුත් නෑ... මට ඒ කාලේ ඉඳලා යකා නඟින එක වැඩක් ඕක තමයි...
මං එදා ඉඳලම හිතන දෙයක් තමයි අනේ අම්මේ මගේ ළමයින්ට නං ආච්චිලගේ වදේ දෙන්නෙ නෑ කියලා... හි හි... අපේ අම්ම ගැන මට එච්චර ගානක් නෑ.. එයා තාමත් කෙල්ල වගේ... (තාත්ත තමයි ෂුවර් නැත්තෙ..) හැබැයි අපේ නැන්දම්මා නං තාම 70 දශකේ... අනිත් එක පරණ විශ්වාසයන් ගැන ගොඩක් හිතන කෙනෙක්.. අපේ අම්ම මට එදත් කිව්වෙ ඔයාලගේ ළමයි ඔයාලට ඕනෙ විදියට හදාගන්න කියලා.. නැන්දම්මත් එහෙමයි කියලා තමයි කියන්නෙ.. බලන්න වෙන්නෙ හැදුවට පස්සෙම තමා... හි හි
ප/ලි - මේක ලියලා දැන් ටිකක් දවස්... අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්‌ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා....
කෝ අර ස්කූල් වෑන් එකේ කතා ටික... හිහි ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩේ කෝ ඇත්තට ඒවා...
Deleteස්කූල් වෑන් කතා ටික තව ටික දවසකින් දාන්නං.. දැං ගොඩ කාලෙකට කලින් ලියපු එකක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා ස්ටයිල් එක... හි හි
Deleteමමත් ඉස්සර පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටියා දැන්නම් පොතක් අල්ලපු දවසක් මතක නැහැ
ReplyDeleteමාත් ඉස්සර කියෝපු තරමක් පරිවර්තන තමයි... දැං නං එහෙනං මෙහෙන් අහුවෙන පොත් ටිකක් කියෝනව...
Deleteපරිවර්තන වලින් එපාම වුන එක තමයි මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා. කොටස් 5 ක් විතර තිබුණු කතාවක්.
Deleteහිත් ගත් එකක් තමයි වානේ පන්නරය ලබපු හැටි. එකේ තමයි ඉවාන් පවුලුෂා ඉන්නේ ඉවාන් පවුලුෂා කියන්නේ පාවෙල් ගේ සුරතල් නම. ඔබ පරිවර්තන කියවපු නිසා බොහෝ විට ඕවා කියවලා ඇති.
ඕවා ඔක්කොම ඇවිල්ල මට කටපාඩං පොත්... මොන්ත ක්‍රිස්තෝ පොත් 6ක් තියෙනව... පාවෙල් හිටියේ අම්මා පොතේ නේද...
Deleteමම O/L ලියුවේ 1997 ඔය පොත් ඊට කලින් කියවපුවා. ගොඩක් එවයි සාරාංශයක් විතරයි මතක ලොකු මතකයක් නැහැ. ගොඩක් ඒවා නැවත කියවන්න ආසයි. එහෙම පුළුවන් වෙයි අන්තර්ජාලය ලෝකෙන් චුත වුන දවසට. එහෙම වුන දවසට මට ජොබ් හොයන්නත් වෙනවා.
Deleteඅන්තර්ජාලය ලෝකෙන් චුත වෙයිද, පොත් කියලා ජාතියක් නැති වෙයිද දන් නෑ... හි හි
Deleteඒ ටිකට බ්ලොගේ දියසෙවලුත් බැඳිලා.
ReplyDeleteඅපෙත් ගෙදර ඔක්කොම පොත් ගුල්ලෝ.
මමත් කෑම කනකොට, නිදාගන්න ගිහින් ඇඳේදි විතරක් නෙවෙයි, ටොයිලට් එකේදිත් කියවනවා.
හෙඩිම මාස දෙකක් විතර පරණයි නේ... වෙනස් කරන්න ඕනෙ... හි හි...
Deleteමං හරි කැමතියි අප්ප පොත් ගුල්ලන්ට.. කිසි කරදරයක් නෑ...
මට පොත් පිස්සුව හැදුණෙත් අම්මගෙන් තමයි.. තාත්ත නම් පත්තරයක් ඇරෙන්න පොතක් කියවනව ජීවිතේට දැකල නෑ...
ReplyDeleteඅර කෑම කද්දි, ටොයිලට් එකේදිත් පොත් බලන පුරුද්ද මටත් තිබුණා.. ගෙදර අයගෙ දැඩි විරෝධතා නිසා ටොයිලට් එකේදි කියවීම අත්හරින්න වුණා.. මොකද මට එළියට එන්න අමතක වෙනවනේ....
දැන් නම් වැඩි හරියක් කෝචිචයෙදි තමයි... කියවන්නෙ....
ටොයිලට් එකේ පදිංචි වෙලා ඉන්න පුරුද්ද මට තිබ්බෙ නෑ.. ඒකට ගියාම පුළුවන් තරං ඉක්මණට එළියට එන්නයි මට ඕනෙ.. හැබැයි පළවෙනි ලවු ලෙටර් එක නං කියෙව්වෙ බොහොම බයෙන් බාත්රූම් එකේ රිංගලා තමයි.... හි හි...
Deleteඅපේ තාත්ත නං තාම පොත් කියෝනව.. මගේ පොත් රැක් එක මං ගෙදර තියලා ආවෙ.. අපේ තාත්ත තාම හෙන දුකින් ඉන්නේ මං නැති එකට.. කාමරේ හිස්නෙ...
ඊයේ රෑ කියෝපු රවී ගේ ලිපියෙත් කොමෙන්ට් වලට තිබ්බේ එකිනෙකාගේ පොත් කියවිල්ල ගැන ,, කතුවරු ගැනයි පොත් ගැනයි එකිනෙකාට නොදෙවනි අත්දැකීම් ,, හිරු අක්කටත් අපේ අත්තම්මා වගේම කෙනක් ඉදලා තියෙන්නේ ,,
ReplyDeleteමට ඉස්සර පොත් දෙකක් එකපාර කියවන පුරුද්ද තිබ්බා ,, ඒක හරිම රසවත් ,,, ඇනා කැරනිනා එක කියවලා ඔළුව කරකෙද්දී මනුතාපය පිටු දෙකක් කියෝලා හිත එකග කරගෙන ඒක අතේ තියාගෙන ඇනා කැරනිනා පිටු හතර පහක් කියෝනව ඉදගෙන හි හි
මටත් පොත් දෙකක් එකපාර කියවන්න පුළුවන්.. ඒත් මං ඒකට ආස නෑ... මට කියවන්න අමාරු කියල පොත් ජාතියක් තිබ්බෙ නෑ... කොහොමත් අතට ගන්න පොත කියවලා ඉවර කරලා මිසක් මං නැගිටින්නෙ නෑ.. ඒක පළවෙනි වතාවටද සියවෙනි වතාවටද කියන එකත් වලංගු නෑ... හි හි...
Delete// ( පොත් ටික වනසලා තියෙනකොට විතරයි මට ලේසියෙන් හොයගන්න පුලුවන්.. පිළිවෙලට අස් කරපු දාට මොකක් හරි ඕනෙ දෙයක් හොයන්න මේසෙම පෙරළන්න ඕනෙ.. අල්මාරියටත් ඒ සෙතේමයි...)//පිලිවෙලට ඉන්නව කියන්නේ මටනම් එපාම කරපු දෙයක්....එත් ඉතින් බොඩිමෙදි විතරයි..මට මතක විදියට මුලින්ම කියවපු ලොකු පොත සුනඛ ශාපය, ශර්ලොක් හොම්ස් මුලින්ම ආපු පොතනේ..එ 96දි විතර,එතකොට ඉතින් මම 1 වසරෙ,සතියක් විතර ගියා පොත කියවන්න,දැන්නම් ඉතින් එ වගෙ පොතකට උපරිම පය 2ක් යයි..වෙලාවකට කියවන ස්පීඩ් එක වැඩි උනාම එපා වෙනව.ඇයි ඉතින් අනිත් උන් කියවනකන් බලන් ඉන්න වෙනවනෙ...
ReplyDeleteඅයියෝ වැඩක් නෑ මගේ පිළිවෙල ගැන කියල.. තාමත් අල්මාරියෙ මගේ තට්ටු දෙකම පිස්සන් කොටුව වගේ... හි හි...
Deleteමොන පොත්ද බං... ඔන්න පොඩි කාලේ ගඩොල් අස්සේ හංගං ප්ලේබෝයි කොල කෑලි බැලුවා මතකයි හැබැයි උවමනා වෙලාවට බලන කොට ඒවා කාවෝ කාලා..
ReplyDeleteආචිචිල එහෙම කියන එකේ වැරුද්දක් නැහැ මොකද පිළිවෙලට ඉන්න එක කෝකටත් හොදයි. තමන්ට අවශය දේ හදාගත යුතු දේ ඇත්නං ඒ උපදෙස් අර ගත්තට කමක් නැහැනේ.. මට නං බැහැ බං පිළිවෙලක් නැතිව ඉන්න. බෙඩ්ෂීට් එක දැම්මත් රැල්ලක් නැති වෙන්න දානනේ.. මේසේ උනත් ක්ලීන් සුට් වගේ.. හැම දේම පිළීවෙලට තියන්න මම හුගක් මහන්සි වෙනවා.. ඒත් මගේ මනස තමා තාම කිසි පිළිවෙලක් නැත්තේ. ඒකා නිකං වනචාරියෙක් වගේමයි..
තාත්තගේ මොකක්ද දැං ෂුවර් නැත්තේ.. හැක්
අපිත් ඉතිං ඔය නිල්පාට කොළ බොහොම ආරක්ෂාව තර කරගෙන කියවපු කොලුවො තමා ඉතිං...අදනම් බේතකට නැතුව ඇති ඒ වර්ගය...
Deleteහාපෝ මෙයත් අපේ තාත්තගේ ජාතියෙ එහෙනං.. හි හි... මං නං එදා ඉඳලම කිසි පිළිවෙලක් නැති එකා.. ඒකට අපෙ නංගි.. උෟව පොඩ්ඩක් කේන්ති ගැස්සුවම මූ බැන බැන මුළු ගේම අස්කරනවා කේන්තිය නිවෙනකම්ම... හි හි...
Deleteසිරාලත් ඕවා බැලුවා කියන්නේ අපේ කාලෙත් තියෙන්න ඇතිනේ.. මං නං දැකලා නෑ...
අපි උසස් පෙළ කරන අවදිය වෙද්දිත් තිබ්බා...ඕවාට බ්ලූ පත්තර කියලා කිව්වෙ අඩු වියදමට මුද්‍රණය කරන්න cyan color ප්ලේට් එක විතරක් භාවිතා කරලා මුද්‍රණය කරලා තිබුන නිසයි.
Deleteපොත් පිස්සුවත් මරු...
ReplyDeleteමට නම් තාමත් ඒ පිස්සුව තියෙනවා. කියවනවා කියවනවා ඉවරයක් නෑ :)
හොඳ පිස්සුවක්.. හොඳ කරගන්න එපා... හි හි
Delete"ඇත්තටම කොෙහාමත් අවුරුදු 22ක් විතර වෙනකම් මං බඳින්නෙ නෑ කියලමයි හිටියේ." තාමත් හිතන් ඉන්නේ බැඳලා නෑ කියලද දන්නේ නෑ , අයියෝ පව් අපේ මහත්තයා
ReplyDeleteහි හි... මං තාම පොඩි එකා තමයි ඉවාන් අපේ මහත්තයට...
Deleteමටත් පොත් කියවන්න පුරුදු කලේනම් අම්ම තමයි . රසවත් පොතක් ලැබුනොත් නොකා නොබී උනත් පොත කියවල ඉවරම කරනවා . ගමේ ඉන්න කොටනම් පොත් කියවන්නේම වත්තේ කොනාකට වෙලා නිදහසේ .
ReplyDeleteමං පොත් කියවන්නේ වහලේ උඩට නැගලා වතුර ටැංකියට හේත්තු වෙල... දවසක් දියසෙවල වලට ලෙස්සල වහලෙන් වැටුනට පස්සෙ නං ඒ වැඩේ අතෑරිය... හි හි
Deleteපොත් අපේ නෙත් වගේ කියනවානෙ. මට නම් දැන් පොත් කියවෙනවම අඩුයි. ඒ අඩුව පිරවෙන්නෙ බ්ලොග් කියවන නිසා වෙන්න ඇති.
ReplyDeleteමේ පැත්තෙ නිතර ආවා ගියාට අදමද මන්දා කෙටුවෙ නම්.
මාත් කියවන්නේ නැතුව අවුරුද්දක් විතර හිටිය.. ඒ ටිකට මොලේ මලකඩ කාපු ටික කඩන්න අවුරුදු දෙකක් ට්‍රයි කරනවා, තාම බැරි උනා... හි හි...
Deleteඒ කාලෙ මාත් පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටිය. ඒත් දැංනං ඒක මගෑරිල.
ReplyDeleteඉස්සර අපිට තිබ්බේ පොත් විතරයිනේ ප්‍රසා අයියෙ.. දැං ඉතිං විවේකයට කියලා කරන්නත් කොච්චර වැඩ තියෙනවද... ඒත් මං තාමත් නිදාගන්න ඇඳට ගියාම පොතක් ටිකක් කියෝන පුරුද්ද තියෙනව.. ඒක ඔලුවට මාර සනීපයක්...
Deleteපොත් වලින් පටන් ගත්ත කතාව ඉවර උන තැන :D
ReplyDeleteනොස්ටලොජියා කිව්වෙ නිකන් යැ... හි හි
Deleteහැබෑටම හිරූ අවුරුදු 22 ක් තිබ්බ ප්‍රතිපත්තියට එක පාරටම මොකද උනේ.
ReplyDeleteලින්ක් එක ගැන දුක් වෙන්න එපා කකා ඇවිත් ලින්ක් එක දාල දෙයි.
එකපාරටම මුකුත් උන් නෑ හැලපයියෙ... හැමෝම බැඳපන් කියනකොට බෑ කිය කිය හිටියා.. ඒත් බඳිනවා නං 26 වෙනකොට බඳිනව , නැත්තං නෑම තමයි කියල හිතේ තිබ්බ.. 26 වෙනකොට තත්වෙ හොඳ උනා.. ඉතිං බැන්ඳ... හි හි
Deleteමට ඔය පොත් පත්තර පිස්සුව කොහෙන් ආවද මන්දා ගෙදර හිටියොත් නම් කෑම එක අතට ගන්නේ පත්තරයක් දිග අරගෙන!
ReplyDeleteහි හි... හොයලා බලන්න.. ඕක ජාන වලින් එන ලෙඩක් කියල මට හෙනම ෂුවර් එකක් තියෙනව....
Deleteහරිම ලස්සන සටහනක්! මගේ හිතත් මගේ ළමා කාළයට ඇදී ගියා. මටත් තිබුනේ පොත්,චිත්‍ර කථා හා චිත්‍ර පටි පිස්සුවක්. පුස්ථකාලෙන් තමයි අපි ගොඩක් පොත් අරගෙන කියෙව්වේ. මට තවම මතකයි රොටී කකා මගේ හපන් කම් කියන රැසියානු පොත කියවපු හැටි. ඒ කාළේ රොටී තිබුනොත් ඒ පොත මට කියවන්නම ඕනේ. ඒ වගේම මට මතකයි හොරෙන් හංගාගෙන සුද්දිලාගේ කථාව කියවපු හැටි.ඒක බලලා ඕන උන දේවල් නම් ඒ කාළේ ලැබුනේ නෑ.
ReplyDeleteඔහොම තමයි ජීවිතේ. තව තව රස කථා ලියන්න. අපි කියවන්න එනවා. ඔබට ජය!!
මට පුස්තකාල හරියන්නෙම නෑ.. මං පොත් කටපාඩං කරනවනෙ... හි හි...
Deleteපොඩි කාලේ ඉඳලා මන් ගොඩක් කියවන්න ආස උනේ තාක්ෂණික පොත් පත්. ආදර කතාවකට කියලා මුළින්ම කියෙව්වේ ඈන්. සැන්ඩි ඒ පොත දීලා කිව්වා " අකමැති උනාට කමක් නැහැ . කියවන්න " කියලා.. බැරි බැරි ගාතේ කියෙව්වා.. ඊට පස්සේ මන්ම ඈන් 02 , 03 පොත් ටිකක් ඉල්ලගෙන කියෙව්වා... අපේ පවුලේ ස්ත්‍රී පක්ෂයේ අය සීමිත නිසා ප්‍රේමයට ලැදි නවල්ස් ඇහැ ගැටුණේ නැහැ වැඩිය... ( සැළකිය යුතුයි ..ඈන් ආදර කතාවක් නෙවේ කියලා මන් දන්නවා..මන් අදහස් කරේ ගෑල්ලමයි අතර බහුලව හුවමාරු වන ජාතියේ පොත් ගැන )අන්තිමට එයා මටත් කොළේ වහලා ගියා නෙව..
ReplyDeleteවයස 18 විතර වෙන කාලේදී නම් පොත් තියා ගෙදර ඉන්න වත් ලැබුණේ නැහැ..ඔය විදිහට කාලයක් ගත උනා... ------------------------- නැවත කාලයක් උදා උනා නිදහසේ පොතක්, පත්තරයක්, බ්ලොග් එකක් බලන්න . ... දැන් ආයෙම වෙලාව නැති වේගෙන යන්නේ... අපි බලමුකෝ ඉස්සරහට ...
හා හා.. වෙලාව නැති කතන්දර නං කියන්න එන්න එපා හරිද... හි හි
Deleteමමත් ලොකුම ලොකු පොත් ගුල්ලෙක්. විභාගෙ කට උඩ තියන මෙච්චර පොත් කියවන එකම එක්කෙනා මම වෙන්න ඇති..
ReplyDeleteවිභාගයක් කිට්ටු වෙනකොට පොත් කියවන්න, පොත් ලියන්න තියෙන ආසාව ඩබල් ට්‍රීබල් වෙන ලෙඩක් මට තිබ්බ... දැනටත් වැඩක් තියෙන දවසට අම්මේ බ්ලොග් එක ලියන්න තියෙන ආසාව.... ඒත් වැඩක් නැති දවසට කමෙන්ට් වලට රිප්ලයි දාන්නත් කම්මැලියි.. හි හි
Deleteකකාගේ පෝස්ට් එක මුල් උනාට.. අරූගේ ලිවිල්ලේ ගතියක් පේනවා.. මක්කා උනත් උඹැහෙ නම් මාර බඩුවක්.. බලමුකෝ තමන්ගේ දරුවන්ට.. ආච්චි වගේ වේවිද... අම්මා වගේ වේවිද කියලා.. කෑම කන ගමන් පොත් කියවීම නම් අනුමත කරන්න බෑ..
ReplyDeleteකෑම කන ගමන් පොත් කියවීම නං බැරියැ මාතලන්, පොතයි බත් එකයි උස්සන් ඇඳට දුවන එක කොහෙමද... හි හි.. එකෙක් නං බැරියැ... තුන් දෙනාම... අපේ ගෙදර ජීවිතේට මේසෙට ඉඳගෙන කාලා නැතුව ඇති අපි.. දැං ගෙදර ගියාම අපේ මහත්තයා මාව බලෙන් වගේ මේසෙට ඉන්ඳව ගන්නවා... අපේ අම්මටයි තාත්තටයි හරි අවුල් වගේ ඒ වෙලාවට... සමහර වෙලාවට තාත්තට කේන්තිත් යනව මට පාඩුවෙ කන්න දෙන්නෙ නෑ කියල... හි හි
Delete\\\\\\\\\\\සමහර වෙලාවට තාත්තට කේන්තිත් යනව මට පාඩුවෙ කන්න දෙන්නෙ නෑ කියල...\\\\\\\\\\
Deleteතාත්තා කෙනෙක් පිටට නොපෙන්නුවට දුවට පුදුම විදිහට ආදරේ කරනවා හිරු.. මාමයි බෑණයි අතර හිත් අමනාපයක් වෙනවා කියන්නේ සෑහෙන දුර යන වැඩක්..
ඒ දෙන්න අතර බරපතල සීතල යුද්ධයක් තියෙනව සහන්... මොනා කරන්නද.. කියල තේරුම් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිනෙ...
Deleteලංකාවෙන් එනකම්ම මටත් පොත් පිස්සුව නම් තිබුනා.. මෙහේ ආවට පස්සේ ඒක නිකන්ම මඟ ඇරිලා ගියා.. වෙලාවක් නැති කමට වැඩිය පොත් හොයන්න තියෙන අමාරුව හන්දා..
ReplyDeleteඔව්.. පොත් කියවිල්ල අතෑරුනාම ආයිත් පටං ගන්න අමාරුයි.. ඒ උනාට හෙන පාඩුවක් ඒක....
Deleteඒක තේරෙන එක ලොකු දෙයක්...
Deleteඊවා ලූනායි මොන්ත ක්‍රිස්තොයි එක ගොඩකට දැම්මේ මොන පදනමකින්ද. ඊවා ලූනානම් ඔය කියන විදිහෙ එකක් වුනාට මොන්ත ක්‍රිස්තෝ එහෙම පොතක් නෙමේනෙ !!
ReplyDeleteමටත් බොහොම දරුණුවට තිබුනා කෑම කනකොට පොත් බලන ලෙඩේ.. ඒ හැබැයි හොඳ රසවත් පොතක්නම් විතරයි..
හි හි.. ඒ වුනාට ඒකෙ ලව් ස්ටෝරිස් ලොට් එකක් තියෙනවනෙ...
Deleteඅවුරුදු 13 වෙද්දිත් බොට කොල්ලො සැට් වෙලා හිටියද...අනේ අම්මේ...මට කියන්න වදන් නෑ සුදෝ...
ReplyDeleteඒ කාලේ කොල්ලෙක් ළඟින් ගියත් කරන්ට් වදිනවා වගේ දැනෙන කාලේ.. අනෙ අම්මෝ.. ඒ කාලෙ අපි මල් වගේ... හි හි
Deleteමම මේ ලිපිය ඊයේ කියවල දැනුත් කියෙව්වා මේ ලිපියේ අමතු රසයක් තිබුන නිසා.
ReplyDeleteමම හිතන් හිටියෙ මල්ල විතරයි ඉන්නෙ කියල හිරුට.
නංග ත් ගෝතමිද?
හිරු ලගෙ කාලේ හෝම් සයන්ස් මිස් කෙනෙක් හිටියද කාන්ති කියල.
නංගි රට වටේම ඉස්කෝල වලට ගියා මං හිතන්නෙ කෙන්ජි... හි හි... 6 ඉඳන් අපිත් එක්ක.. නුගේගොඩ සෙන් ජෝසප් එකට ගියෙ..
Deleteකාන්ති කියලා ගනං ටීචර් කෙනෙක් නං හිටිය.. හෝම් සයන්ස් ටීචර්ගේ නම මට මතක නෑ.. කාන්ති නෙවෙයි....
පොත් කියවිල්ල ගැන නම් ඉතිං කියලා වැඩක් නෑ, පොඩි කාලේ කියවපු සමහර පොත් මතකත් නෑ. පහුගිය අවුරුද්දක මම පොත් හතරක් සමගාමීව කියෙව්වා.
ReplyDeleteමට ළඟදි කියෝපු පොත් වලට වඩා හොඳට මතකයි පොඩි කාලේ කියවපු පොත් වල කතා... හි හි
Deleteමේකද ඔය කියන පෝස්ට් එක? .... http://kathandara.blogspot.com.au/2013/08/lessons-that-help-you-grow-up.html
ReplyDeleteඔව් තිසර.. ඕක තමයි...
Deleteවෙන විකල්පයක් නැති වෙලාවට ඉඳගෙන පොත් කියෙව්වට, මම පොත් කියවන්න කැමති ඇඳේ දිගාවෙලා.... අර සිරාගෙ කාමරේ තියන ඩූඩ් ඇඳපු චිත්‍රේ වගේ... තාත්තා වැඩ කරපු තැන පුස්තකාලෙන් මට පොත් ගෙනාවා.. පත්තර සඟරා සෑහෙන ගත්තා.. ඒ මදිවට තාත්තගේ ලොකු පොත් කලෙක්ෂන් එකක් තිබ්බා... මනහර මුතුහර සඟරා, පරණ ක්‍රීඩා පත්තර... ඒවා තමයි මම යමක් කමක් තේරෙනකොට කියෙව්වෙ...
ReplyDeleteතෙවැනි සිල් පදය නොකඩමි කියලා (ගුණදාස ලියනගේ ගේ මම හිතන්නෙ ) පොතක් තිබ්බා... ඒක තමයි මතක හැටියට ටිකක් දරුණු ලිංගික විස්තර තිබ්බ පොතකට කියලා කියෙව්වේ... තවත් කසුරිගෙ පොතක තිබ්බා "වටොර" කියලා වචනයක්... ඒ පොතේ හැටියට වල් මිනිස්සු බලන්නේ ගෑණුන්ගේ වටොරමයි... මේක අහන්න බෑ කියලා ඉතින් තේරුණා... කොහොම හරි ඒකෙ තේරුම නම් හොයාගත්තේ සෑහෙන කාලෙකට පස්සෙ...
අපේ තාත්තත් ඉස්සර කම්පැණීයෙන් පොත් ගේනව.. මගෙ වෙඩින් එකට ආපු තාත්තගේ යාලුවො ඕක කිය කිය හිනා උනා... ඇයි ඉතිං තාත්ත දවස් දෙකකට සැරයක් පොත් මාරු කරනවනෙ... මං ඒ තරං ඉක්මණට කියෝනවා ඒ දවස්වල... හි හි...
Deleteමං නං අහුවෙන ඕනෙ එකක් කියෙව්ව.. හැබැයි පරිවර්තන තමයි ආසාවෙන් කියෙව්වෙ.. සිංහල පොත් කියවිල්ල මං හිතන්නේ ඉස්කෝලෙ සිංහල පාඩං එපා උනා වගේම එපා වෙලා තිබ්බ... ඔය වීර කතා ඇරෙන්න අනිත් ඒවා තාමත් එහෙමමමයි.. අපේ අයගේ පොත් හොඳයි, සම්බව්‍යයි කියලා කියපුවා අහලා කියවපු හැම එකම වගේ කියවලා ඉවර උනාම අපරාදේ කාලේ කියලා හිතෙනව..
හි..හි.. නංඟි කෙනෙකුත් ඉන්නවද ? හි හි
ReplyDeleteඒකනේ ... අපි දන්නෙත් නැහැනේ.. හිතලම හැංගුවද මන්දා ....:(
Deleteඉන්නවා ඉන්නවා... ඒ හොල්මන ළඟදි තමයි කැම්පස් අවුට් උනේ.... ඒකයි වැඩිය එයා ගැන නොලියා හිටියෙ... දැං නං ජොබ් එකක් කරනවා...
Deleteහෙලූ කඳුලු මූදට එක උනාදෝ...පොත ලිව්වෙ මිත්‍රසේන ජීරසිංහ නේද?
ReplyDeleteඑතුමාගෙ පොත් වල තිබ්බ ඔය පොඩි පොඩි සීන්ස් හරියට.අපේ යාලුවො සෙට් එකෙන් ප්‍රොෆෙෂනල් පොත් කියවන්නෙක් හිටියෙ මම විතරයි. ඒ නිසා ඔය කෑලි හම්බ උනාම මම දුවනව පොතත් උස්සගෙන අපෙ අල්ලපු ගෙදර ගරාජ් එකට. ඒක තමයි අපේ ඔය වගෙ වැඩ වලට තිබ්බ සීක්කරට් පොට් එක. ඊට පස්සෙ වරුවක් ඉතිං අදාල සිද්දිය වටහා ගැන්මට උත්සාහ කෙරිලි, අර්ත කතනය පිලිබඳ මත බේද, විවේචන, විස්ලේසන..කෝටියයි තවත් එකයි..
එයා වෙන්න ඇති.. මට මතක නෑ... ඕක කියෙව්වට ලිව්වෙ කවුද කියලා හෙව්වෙ නෑ.. අවුරදු දෙක තුනකට කලින් ඒකෙ කතාවෙන් ෆිල්ම් එකකුත් හැදුව... වැඩේ කියන්නේ ස්ක්‍රිප්ට් එක ටයිප් සෙටින් කරන්න ආවෙ මගේ ගාවට... උඩිං පල්ලෙන් කියෝලා ඇහුවා මේක ලිව්වෙ ඔයාද කියලා. ගෑණු කෙනෙක් ආවෙ... ඔව් කිව්ව... මං ඇහුවා පොතක කතාවක් ස්ක්‍රිප්ට් එකක් කළාද කියලා... නෑ මගේම කතාවක් කිව්ව... මං ඒක ටයිප් කරන්න ගන්න කලින්ම මෙන්න මේක නේද කතාව කියලා මුළු කතාවම කිව්ව.. ඒ පාර කිව්ව ඔව් ඕකෙ පොතක් තියෙනවා කියල... කාට කියන්නද ඉතිං...
Deleteමටත් ඉස්සර ඔය කෑම කද්දී පොත් බලන පුරුද්ද තිබුනා. පොත බලද්දී කෑම අනන එක වදයක් නිසා මම නම් බත් පිඟාන ගත්තු ගමන් සේරම එකට අනලයි වැඩේ පටන් ගන්නේ
ReplyDeleteහික්.. මාත් එහෙමයි... සමහර දවසට අම්මට කියලා අනාගෙන හැන්දෙන් කන්නෙ.. පොත අලුත් නං... හි හි
Delete//ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ් පොත
ReplyDeleteමේං මේකාත් මාව අතීතයට ඇදගෙන යනවා රවී අයියා වගේ . අඩේ මේ පොතේ නේද අන්තිමට රොබින් හුඩ් වයසට ගිහිල්ලා මැරෙන්න ඇඳේ පත බෑවිලා ඉන්න ගමන් අන්තිම ඊතලය විදින්නේ ජනේලය අස්සෙන් යන්න. ඊතලය වැටිච්ච තැන මෑන්ස්ව වල දැම්මා කියලත් මතකයි.
නිකං,
Deleteනෑ බොල..රොබිනා මරණාසන්න වෙන්නෙ වයසටම නෙවෙයි...වයස්ගත වෙනවත් තමා. ඒත් තමන්ගෙම ඥාතිවරියක්වන පූජකවරියකගෙ තාපසාරාමයකට එනව ලිට්ල් ජෝන් එක්ක බෙහෙත් ගන්න. ඒ පුජකවරිය අල්ලස් අරගෙන රොබින්ට මත්ද්‍රව්‍යයක් දියකරපු බෙහෙතක් දීල සිහි නැති උනාම මැණික් කටුවෙ නහරෙ කපල ලේ යන්න සලස්වනව. ඒකෙන් තමයි රොබින් මැරෙන්නෙ. අන්තිම ඉල්ලීම ලිට්ල් ජෝන්ට කියනව දුන්නට ඊතලයක් තියල දුණුදිය ඇදල දෙන්නෙයි කියල. රොබින් ඊට පස්සෙ ඒ ඊතලේ විදිනව. ඒ ඊතලේ වැටුන තැන තමයි වල දාන්නෙ. මගෙත් ප්‍රියතම කතාවක් ඒ කාලෙ ඩේඩිඩ් කරුණාරත්න මහත්මයගෙ සිංහල පොත. මේ ඊයෙ පෙරෙයිද මම ඔරිජිනල් ඉංග්‍රීසි පොත කියෙව්ව.
ඔය කියලා තියෙන්නෙ කතාවම.... හි හි
Deleteරවී... සිංහල පොතේ ඔය මුළු සිද්ධියම තිබ්බ කියලා මට මතක නෑ... රොබින් වයසට ගිහින් අසනීප වෙනව වගේ කතාවක් තමයි තිබ්බෙ... හැබැයි ඒ කාලේ රොබින් හුඩ් කතාව ටීවී එකේ යද්දි ඔයා කියපු සීන් ටික ඒකෙ තිබ්බ... මට ඒ ටික තාම මතකයි.... පොතේ ඕකෙ චිත්‍රෙකුත් තිබ්බ මට මතක විදියට...
හිරු,
ReplyDeleteරණබිම, වීර චාරිකා සහ යවන පුරාණය කියවල නැද්ද ඔය ළමයා???
රණබිමයි වීර චාරිකායි කියෝලා තියෙනව.. යවන පුරාණය නං කියෝලා නෑ මං හිතන්නෙ.. තාත්ත මට වැඩිපුර ගෙනත් දුන්නෙ රැසියන් පරිවර්තන තමයි....
Deleteඅපෙ වෙන්ට ගෑනි පොත් ගුල්ලි. කරදරයක් නැතුව ඉන්න පුලුවන් වෙයි.
ReplyDeleteපොත් ගුල්ලන්ගෙන් කරදරයක් තියෙන්නෙ සැප්තැම්බර් වලට විතරයි... හි හි
Deleteමට එක දා ගන්න.
ReplyDeleteහි හි...
Deleteපොත්...
ReplyDeleteමේ මගේ තවත් ආස පැත්තක්. මමත් පොතක් ගත්තම ඔය වගේ තමා. දවසක් 8 වසරේදී දඟ මල්ල පොත් ටික අරන් ඇවිල්ල රෑට කාල 9 ට විතර ඇඳට ගියේ කියවන්න. පොත් 3 නම කියවල ඉවර කරද්දී 5ට 20යි... ආය මොන නිදා ගැනිලිද කියල එහෙම්මම ගත්ත "මරණයෙන් පිබිදුනු මිනිස්සු" මම නවකතාවකට නම් පළවෙනියට කියෙව්වේ "මොණර නැටු ගලේ නිධානය" ඊට පස්සේ මඩොල් දූව. එතන ඉඳන් ෂර්ලොක් හෝම්ස් දක්වා කියෙව්වා 9 වස වෙද්දී. මමත් පොත් වලින් සෑහෙන දැනුමක් ගත්ත. අදටත් එහෙමමයි. ඔය පිටසක්වලයෝ, හොල්මන් එහෙම ගැන පොතක් අහු උනොත් මම නෙවේ අතාරින්නේ.. කොච්චි ගැන නම් පොත් හොයන්න නෑ. තිබ්බත් ගිනි ගණන්..
හිරු......ඔයාට පොත් වගේ තමයි මට එක කාලෙකදි පත්තර. මහ පිස්සුවක් තිබුනා. මම ඕමාන් ඉන්න කාලේ මායි මහින්දයි සතිපතා ලංකාවෙන් එන සියළුම ඉරිදා ජාතික සහ ටැබ්ලොයිඩ් පත්තර ගත්තා. මේක ලොකු වියදමක්. ඒත් අපි දෙන්නා එහෙන් එනකම්ම ඔය පුරුද්ද තිබුනා. එක් කාලයකදී පත්තර 13ක්.
ReplyDeleteකනවෙලාවේදී මුකුත් කරන්න එපා...කැම රස විඳින්න. ඒක හරි වැදගත්. පොඩි ළමයින්ට කෑම කවනවා ටීවී පෙන්න පෙන්න. ළමයාගෙන් ඇහුවාම කෑවේ මොනවාද කියලා ළමයා දන්නේ නැහැ.
ඩේවිඩ් කරුණාරත්නගේ රොබින් හුඩ්? රොබින් හුඩ් ලිව්වා මිනිහා නඩු දැයි. :D පොත් කියවීම මටත් හුරුවුණේ මගේ ඥාති සහෝදරයකුගෙන්. මම ගුණදාස අමරසේකරගේ 'ගන්ධබ්බ අපදානය' කියෙව්වෙත් ඔයා වගේම අවුරුදු 13 දී. ඒ පොත් ඒ කාල් වදිදිහිටියන් විසින් සැලකුවේ 'මහා කුණුහරප පොතක්' හැටියටනේ. ඇත්තටම හිරු, පොත් කියවීම (වැඩකට ඇති පොත්) ඕනෑම මිනිසකුගේ චින්තනය, දර්ශනය, පුළුල් කරන්නේ පුදුමාකාර විදිහකට. අද පොත් කියවීම අතහැරිලාම නැහැ. නමුත් වෙනත් බලවේග (විද්‍යුත් බලවේග) අද පරපුර පොත් කියවීමෙන් ඈත් කර තබන්නේ ඉතා කනගාටුදායක ලෙස.
ReplyDeleteපොත් කියවන්න ගිහින් ඇහෙන්නෙ නැතුව වගේ හිටිය කියල මාත් එක්ක යාළුවෙකුත් තරහ වෙලා තියනව. ඇයි අප්පා පොතක් කියවන්න ගියාම ඔය රටේ ලෝකෙ වෙන දේවල් ගැන සිහියක් තියනවෑ. ඇත්තටම ඒ යාළුවා මට සෑහෙන වෙලා කතා කරල, මට ඇහිලම නෑ. අදටත් කියවන්නෙ හොද පොතක් නං මට කන් ඇහෙනව අඩුයි.
ReplyDeleteආච්චි කෙනෙක් වුණු දාකට බලමුකෝ මෙයාගේ හැසිරීමත් මොනවගේ වෙයිද කියලා.
ReplyDeleteඅක්කට කියනන් මම මාමලාගේ ගෙදර ඉන්න කාලේ ලංකාවට ඇවිත් අම්බලන්ගොඩ පුස්තකාලේ එවුන්ට මාව හරි වදයක් වුනා පොත් දෙක දවසින් කියවල ආයෙම උදෙන්ම යනවා ට්ව දෙකක් ගණන් අන්තිමේදී පුස්තකාලෙන් කිව්ව පොත් දෙන්නේ සති දෙකකට ඇයි මේ දෑසින් ගේන්නේ කියල පස්සේ පස්සේ කට්ටිය මොකුත් කිව්වේ නැහැ සමහර වෙලාවට කියවන්න ගත්තාම එළිවෙනකල් කියවනවා පොත් කියවන්න හොඳම තැන තමයි ඇඳ. ඔය මුරුක්කු අනන් මනං ටිකක් කකා පොතක් කියවන එක තරම් ෆන් එකක් ලොවෙත් නැහැ.
ReplyDeleteපොස්ට් එක කියෙව්වම මගෙ ප්‍රියතම මාතෘකවක් නිසා කමෙන්ට් එකක් නොදා බැරි වුනා. මිහිර පත්තරෙන් තමා පොත් කියවන්න ආසාව ආවෙ.මුලින්ම කියවපු පොත -හදවත නැති මිනිසා- ඔස්කා වයිල්ඩ් ගෙ. එතන ඉඳන් පොත්ම තමයි. මාත් ඉස්කෝලෙ පුස්තකාලෙන් දවස ගානෙ පොත් අරන් ගියා. මාම ලාච්චුවෙ දාපු පොතක් හොරෙන් අරන් කියෙව්වා. පලමුවෙනි ඇඩල්ට්ස් ඔන්ලි පොත. ගොඩක්ම කියෙව්වෙ පරිවර්තන.මාත් ගොඩක් රුසියන් කතාවලට කැමතියි. - සැබෑ මිනිසෙකුගේ කතාවක්- හරි ලස්සනයි.
ReplyDeleteඉන්ග්‍රීසි දැන ගත්තට පස්සෙ සින්හල පොත් කියවන එක හොඳටම අඩු වුනා. පුස්තකාලෙකට බැඳිල සේරම පොත් කියෝල ඉවර කලා.(නවකතා හා කෙටි කතා, ජීවන කතා, හා මගෙ විශයට අදාල පොත්)
මගෙ වාසනාවට, ඉන්ටනෙට් ආවට පස්සෙ මිල අදික හා සල්ලිවලටවත් ගන්න බැරි පොත් ගොඩක් ඩව්න්ලෝඩ් කරල කියවන්න හැකි වුනා. විශේශයෙන්ම විද්යා ප්‍රබන්ධ. ආතර් සී ක්ලාක්, අයිසෙක් ඇසිමොව්,හා තව ගොඩක් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ පොත්.හැබැයි ඒ නිසා අච්චු ගහපු පොත් කියවීම අඩු වෙලා තියෙනවා.
විද්යා ප්‍රබන්දවලට අමතරව මම පිස්සුවෙන් වගේ කියවන තව ලේඛිකාවන් තමා Daphne Du Maurier, Mary Stewert, Agatha Christy. තව Conon Doyle, Josaphine Tai, G.K. Chesterton, Robert Heinlein වගේ ගොඩක් අයගෙ පොත්වලට කැමතියි. Daphne Du Maurier ගෙ පොතක් පරිවර්තනය කරන්නත් හරි ආසාවක් තියෙනවා. ඉශ්ට කර ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
/* අද පැයක් විතර කකාගේ පෝස්ට් ලිස්ට් එක පෙරළුවා මේක ලියන්න හේතු භූත උන පෝස්ට් එක හොයන්න.. මොන.... ඒකෙ තියෙන පෝස්‌ට් ගොඩ අස්සෙ එක පෝස්ට් එකක් හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... බ්ලොගර් බාප්පත් උදේ ඉඳලා පිස්සු කෙලින හින්දා ඔන්න මෙදා පාර මං ලින්ක් දැම්මෙ නෑ... සොරි කකා.... */
ReplyDeleteඅනේද කියන්නේ මටත් අවුරුදු බාගයකටත් වඩා කල් විතර ගියා මේ නිමිත්ත වුණු කතන්දරේ හොයා ගන්න.
1. http://kathandara.blogspot.com/2013/07/four-eyed-monster.html
2. http://kathandara.blogspot.com/2011/11/iq.html
හි හි +++++
ReplyDelete