Monday, October 28, 2013

පොඩි උන්ගේ වැඩ... Kids creations.....

ටික දවසක ඉඳන් අද ලියන්නං හෙට ලියන්නං කිය කිය හිත හිත ඉඳලත් නොලියවෙච්චි පොඩි පෝස්ට් එකක් ලියන්න පටං ගත්තෙ... පහුගිය ටිකේ බ්ලොග් පෝස්ට් ලිව්වෙම නෑ... මොකද කම්පියුටරේ පාවිච්චි කළේ ෆිල්ම් බාන්නයි බලන්නයි විතරයි නිසා... හි හි.... ඔව් ඔව්... මෙදා පාර ගිගා බයිට් ඔක්කොම ඉවර වෙලා, ගන්න පුලුවන් උපරිමේටම ඇඩිෂනලුත් අරගෙනද කොහෙද මෙතනින් එහාට ස්ලෝ කනෙක්ෂන්.... 5 වෙනිදා වෙනකං මෙහෙම යං ඉතිං.. වෙන මක්ක කොරන්නද... 

එහෙමයි කියලා අර පහුගිය ටිකේ එටිසෙලාට් එකෙන් බොරු කියලා දුන්න 2GB ගානට 7GB දෙනවා කියල දුන්න සිම් එක පාවිච්චි කරන්න හිතෙන්නෙම නෑ... ඒ වෙලාවෙ පට්ටපල් බොරු ගොඩක් කියලා රු 450යි මාසෙට කිව්ව පැකේජ් එකට මෙන්න දවස් ගානකට පස්සෙ එනවා ඇඩිෂනල් බිල් එකක් රැ.1000ක.... !!! ... ඊට පස්සේ කෝල් කරලා කියනවා ඒක Freedom කියලා පැකේජ් එකක්ලු... දවල් වරුවට 2 GB , රෑට 5GB ලු.. ගන්නකොට නං එහෙම කෙ‌ෙහම්මලක් කිව්වෙ නෑ... ඒ මදිවට ඩිපොසිට් එකක් කියලා ගත්ත රු. 1000 මෙන්න දවස් ගානකට පස්සෙ කනෙක්ෂන් ෆී එකක් වෙලා.... මට එතනින්ම එටිසෙලාට් තිත්ත උනා.... පළවෙනි සහ අවසාන වතාවට එටිසෙලාට් සිම් එකක් හතරට පහට කපලා කුණු ගොඩට දැම්ම ඔන්න හා හා පුරා කියල... හි හි.... කීයක් හරි වැඩිපුර දීල හරි මට නං ඩයලොග්ම හොඳයි... අඩුගානේ උන් මෙච්චර කාලෙකට මට බොරු කියල නෑ... 

හරි හරි.. ඒ කතාව ඉවරයි.. මේ මේ කතාව... 

කලින් පෝස්ට් එකේ මං දැම්මනේ පොඩි වැඩක් පටං ගත්ත කතාවක්... ඉතිං මේ ටිකේ ඕක තමයි කර කර හිටියෙ... ඒ කිව්වෙ මල් හැදිල්ල.. හි හි... පොඩි පොඩි ඩිසයින් කර කර ඉඳලා පහු ගිය ටිකේ තමයි වැඩේ ටිකක් ලොකුවට කරන්න පටං ගත්තෙ.. අපේ මහත්තයා තමයි ෆුල් සපෝට් එක දෙන්නෙ... ඒත් ඒක ගැන නෙවෙයි මේ ලියන්න ගත්තෙ... 

අපේ ගෙදර ඇන්ටිගේ මුණුබුරු මිණිබිරියෝ ටිකට මේ වැඩේ දැක්කම මාර ආස හිතිල... ඇන්ටිත් මට ටීචර්ස් ඩේ ස්විනියර්ස් කීපයක්ම විකුණලා‌ දුන්න.. කොහොම හරි දැං පොඩි උන් ටිකට හරි ප්‍රශ්නයක්ලු මේක කොහොමද හදන්නේ කියන එක... සෙනසුරාදට ඔය දෙන්නෙක් ඉන්නෙ ආච්චි එක්ක.. ඔන්න පහුගිය දවසක අපේ මහත්තයයි මායි කඩේ ගිහින් එනකොට දෙන්නෙක් මඟ බලං ඉන්නවා මේක අහගන්න ... හි හි... 

ඉතිං මාත් දෙන්නවම ළඟින් තියාගෙන මේක හදන හැටි කියලා දීලා, කොල තීරු ටිකකුත් දීලා ඇරියා...  

සති දෙකකට විතර පස්සේ එයාලගෙ තාත්තා මට මෙන්න මේ දෙක ගෙනල්ලා පෙන්නුවා උදේ පාන්දරම... 

මේ තියෙන්නෙ අයියගෙ වැඩේ...



මේ නංගිගේ වැඩේ... 

මේ දෙන්නම තාම අවුරදු 10ට අඩුයි... (මට නම් දෙක නං මතක හිටින්නෙම නැත... )

දෙන්න එක්ක එකතුවෙලා අම්මගේ බර්ත්ඩේ එකට මේ ජාතියෙන් සෙල්ලං දාලා කාඩ් එකකුත් හදල දුන්නලු.. එයාලගේ තාත්ත කියනවා දෙන්න එක්ක ලොකුවට පටං ගත්තට මෙච්චර ලස්සනට හදලා ඉවර කරයි කියල හිතුවෙ නං නෑලු... හි හි... 

ඇත්තටම මටත් මාර හැපි මේක දැකල.. මොකද මේක ඇවිල්ලා අපි පොඩි කාලේ කරපු කොලාජ්, එත‌ෙකාට අර ‌පොල් කුඩු පාට කරගෙන කරපුවා, යෝගට් කෝප්ප කපාගෙන හදපුවා වගේම අත්කම් වැඩක්.. පුංචි කාලේ හිතලා නිර්මාණ කරන්නත්, ඒ වගේ දේවල් වලට අත හුරුවෙන්නත් මේ වගේ වැඩ පොඩි අයට නියමයි... අනිත් එක මේකට එයාලගේ තිබ්බ උනන්දුව... කවුද කියන්නේ දැං ඉන්න පොඩි උන් කම්පියුටරෙයි, ටීවී එකෙයි එල්ලිලා ඉන්නවා කියලා.. ? ඇත්ත කතාව නං මෙයාලා මේවට ආසයි.. හැබැයි ලොකු අයට වෙලාවක් නෑ මේවා කියලා දෙන්න... අපි ලේසියට ටීවී එක දාලා දෙනවා අපේ වැඩ කරගන්න... ඉස්කෝලෙ උගන්නන්නෙ පාඩම් කරන්න විතරයි... මේවා කරන්න කිව්වත් දැං අපි කරන්නෙ ඩෝර් ගාලා කඩෙන් බඩු ටික අරන් දෙන එක විතරයි... අපි පොඩි කාලේ කරපු මේ වගේ වැඩ ටිකක් හරි ළමයින්ට කරලා පෙන්නන්න අම්මලා තාත්තලා වෙලාව හොයාගත්තොත් යන්තං හරි නිර්මාණශීලී පරම්පරාවක් එයි නේ ඉස්සරහට.... 

64 comments:

  1. //කවුද කියන්නේ දැං ඉන්න පොඩි උන් කම්පියුටරෙයි, ටීවී එකෙයි එල්ලිලා ඉන්නවා කියලා.. ? ඇත්ත කතාව නං මෙයාලා මේවට ආසයි.. හැබැයි ලොකු අයට වෙලාවක් නෑ මේවා කියලා දෙන්න... අපි ලේසියට ටීවී එක දාලා දෙනවා අපේ වැඩ කරගන්න...// මෙන්න මේක බොහොම වටින අදහසක්. ළමයින් ව නිසි මාවතට යොමු කරවන එක අයිති වෙන්නෙ අම්මටයි තාත්තටයි.

    ReplyDelete
  2. පොඩි කට්ටියගේ වැඩ ටික නම් ලස්සනයි. මේ වගේ අත්වැඩ වලින් නිර්මාණශීලිත්වය වැඩි වෙනවා. සමහර දෙමවුපියන්ට ඕන අකුරු කියලා දෙන්න විතරයි මේ වැඩ වලට උවමනාවක් නැහැ. ඒ වගේම පොඩිවුන්ට සිස්සත්වේ නිසා වෙන වැඩ වලට වෙලාවක් කෝ. මොට්ට පරපුරකට මුල ඒක.

    ReplyDelete
    Replies
    1. අකුරු කියලා දීම නරක නෑ.. හැබැයි අකුරු හා සමානවම මේවත් වැදගත් වෙනවා ජීවිතේට.. මේවා අපි පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල්.. කවදාවත් හිතුවද අද මේකෙන් මට අදායම් මාර්ගයක් හදාගන්න පුලුවන් වෙයි කියලා... නෑ නේ... හි හි

      Delete
  3. ඇයි අර බණ්ඩක්කා කරල් දෙකට කපලා තීන්ත ගාල රටා මවන ඒවා , තව ගොඩක් වැඩ කෑලි තිබ්බ මතකද?

    ReplyDelete
    Replies
    1. මහ ගොඩක් තිබ්බ අප්පා... හි හි

      Delete
  4. මමත් මගේ කෙලී එක්ක ඔය වගේ එව්වා කරනවා. හිරු කෙල්ල මෙහෙම උගන්වන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මං ඉගැන්නුවෙ උන් දෙන්න ආසාවෙන් හිටපු නිසා සුදීක අයියෙ... ගොඩක් ළමයි මේ වගේ දේවල් වලට ආස නෑ.. මොකද එයාලා දන්නේ නෑ මේ වගේ දේවල්.. එක්කො හිතං ඉන්නේ ඉස්කෝලෙ විතරයි මේවා කරන්නෙ කියලා....

      Delete
  5. ඔච්චර ෆිල්ම්ස් බලනවා නං ලියන්න පුළුවන්නේ සිනමා විචාරයක්...

    අර පොඩි එවුන්ට ටීවී දාල දීලා අපේ වැඩ කරගන්න කතාව නම් මටත් අදාලයි... මමත් කම්මැළිකමට ඕක කරනවා. අපේ කොල්ලා එක්ක අතේ පයේ වැඩ කරන්න ගියාම මළ පැනලා නවතින්නේ. ළමයි එක්ක වැඩ කරන එකත් වෙනම කලාවක්.

    ReplyDelete
    Replies
    1. //ඔච්චර ෆිල්ම්ස් බලනවා නං ලියන්න පුළුවන්නේ සිනමා විචාරයක්...// හි හි

      Delete
    2. මෙනා සිනාමා විචාරද.. ෆිල්ම් බැලිල්ල වැඩි වෙලා ඔන්න මගේ කනෙක්ෂන් එකත් කපලා ඊයේ.... දැං ඉතිං ෆොන් කාඩ් පිහිටයි .... හි හි

      Delete
  6. ශෝක් අක්කේ ,, මටත් කියාදෙන්නකෝ අනේ ,, අර සමනල්ලු ටික එයාලා ලස්සනට හදලා

    ReplyDelete
    Replies
    1. අඳන්න එපා බතලි බබෝ හිලු අක්කා කියලා දෙයි හොඳේ...:D

      Delete
    2. වැඩිය දෙයක් නෑ ඔමා... පස්සෙ වෙලාවක පොඩි පෝස්ට් කෑල්ලක් දාන්නං.. එතකං ඔන්න ඔහෙ නෙට් එකේ සර්ච් එකක් දාලා බලන්න.. හරි ලේසියි...

      Delete
  7. මේ ඔයාගේ හස්බන්ඩට ජොබ් එකක් නැද්ද අනේ ඔයාගේ මේ මල කෝලන් වලටම උදව් කර කර ඉන්න

    ReplyDelete
    Replies
    1. ජොබ් නැද්ද කිය කියා අහන්නෙ...මැලේසියාවට ඒජන්තයෙක් මාර්ගයෙන් ගමුද රාළෙ ?

      Delete
    2. රාලො,හිරු ඒ කොල්ලට ඉදල හිටලවත් අඩියක් ගහන්නවත් නොදී හිලෑ කරගෙන ඉන්නෙ ඕවට තමයි...
      පවු අප්ප අහිංසකය...

      Delete
    3. අඩි මොකටද කෙන්ජි... මං ඉන්නකොට... හි හි

      Delete
  8. එටිසලට් කියන්නේ හම්බ කොම්පැනියක් නේ මෙහෙත් එටිසලට් කාරයෝ කරන්නේ මිනිස්සුන්ගේ ලේ බොන එක. කාලකන්නි යක්කු ලෝකේ වැටීම දුරකථන ගාස්තු අයකරන්නෙත් එටිසලට් කාරයෝ තමයි කාලකන්නි. පොඩි උනාට හොඳට හදල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මලයෝ එටිසෙලාට් ගැන නං කතා කරලා...

      Delete
  9. ලොකු ළමයින්ට වෙලාවක් නැහැනේ බං ඕවට... ඒකනේ අවුල දිලිනි කිව්ව වගේ පොඩි උන් මේවට කැමතියි ඒත් කව්ද අත දෙන්න ඉන්නේ. මාවම ගනිංකෝ ගෙදර යද්දි හත අට ඉතිං කොහේද දරුවන්ට මුකත් කියල දෙන්නේ. අඩුගානේ සෙනසුරාදාවත් ගෙදර ඉන්නවැයි නැහැනේ.. ඔන්න ඕනයි තත්වය

    උඹෙ වැඩනං කියල වැඩක් නෑ .. පස්ටයි..

    ReplyDelete
    Replies
    1. පස්ටයි තමයි... වැඩ වල තරම කොච්චරද කියනව නං කනෙක්ෂන් එකත් කපල.. දැං ඉතිං හුළං තමයි... හි හි

      Delete
  10. යකෝ අර පොඩි එවුන් දෙන්නට මාර ඇහැක් තියෙනේ. අවුරුදු 10ට මෙහෙමනම් 20 වෙද්දී පට්ට ඩිසයිනර්ලා වෙයි. එල කිරි ඈ.. සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මටත් හිතුනා පැතුම්.. අනිත් එක උනන්දුව...

      Delete
  11. දෙන්නම එක වගේම දස්සයි !

    ReplyDelete
  12. අනේ මන්ද... මරු මරු.... අනේ මම නම් ඉක්මනට බදින්නෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මෙයා දැනටම බැඳලා කියල... හි හි

      Delete
  13. "ඇත්ත කතාව නං මෙයාලා මේවට ආසයි.. හැබැයි ලොකු අයට වෙලාවක් නෑ මේවා කියලා දෙන්න... අපි ලේසියට ටීවී එක දාලා දෙනවා අපේ වැඩ කරගන්න... ඉස්කෝලෙ උගන්නන්නෙ පාඩම් කරන්න විතරයි... මේවා කරන්න කිව්වත් දැං අපි කරන්නෙ ඩෝර් ගාලා කඩෙන් බඩු ටික අරන් දෙන එක විතරයි... අපි පොඩි කාලේ කරපු මේ වගේ වැඩ ටිකක් හරි ළමයින්ට කරලා පෙන්නන්න අම්මලා තාත්තලා වෙලාව හොයාගත්තොත් යන්තං හරි නිර්මාණශීලී පරම්පරාවක් එයි නේ ඉස්සරහට...."
    සහතික ඇත්ත අක්කේ. ළමයි මේවට ආස නැතුව නෙවේ. ඒ උනාට අදහසක් දෙන්නේ නැතුව කොහොමද කරන්නේ? කවුරුහරි කියල දෙනවා නම් යසට කරයි. කම්පියුටරෙටත් පුරුදු කරන්නේ ඉතින් අම්මලම තමා. නැතුව ගිහින් එයාලම ඉඳගෙන ගේම් ගහන්න පුරුදු වෙන්නේ නෑ නේ..
    මොනවා උනත් හිරු අක්කගේ වැඩේ හොඳයි! අගය කරනවා ඒ වගේම සුභ පතනවා!

    ReplyDelete
  14. දැන් කාලේ පොඩි ළමයි හරි දක්ෂයි...අපි නම් ඉස්සර මොනවා කරාද මන්දා ඔහේ ඔටුවෝ වගේ ඉඳගෙන.. ඒකට දැන් පොඩි ළමයි.. මගේ අක්කගේ දුව අවුරුදු 2 පිරෙන්නත් කලින් ෆෝන් එක රී ඩයල් කරලා කෝල් ගන්නත් දන්නවා.. කට් කරන්න කිව්වම කට් බොත්තම ඔබනවා " හෙලෝ ඉවරයි " කියලා..

    ReplyDelete
    Replies
    1. ඒවා දක්ෂකමටත් වඩා එයාලට හැමතිස්සෙම පේන්න තියෙන ඒවා නිසා වෙන්නැති සහන්... අපේ නෑනගේ පොඩි එකීත් ෆොන් අයිතිකරගෙන ඉන්නෙ...

      Delete
  15. දැන් එහෙනම් අත්කම් ටීචර් කෙනෙක් වෙලා.

    ReplyDelete
  16. යකෝ ඊයෙ ආව ඔය ඉටිසලාට් සිම් විකුණන්න එකෙක් මෙහෙත්. ඕක දැනගෙන හිටියනං උගේ කලිසම ගලවන්න තිබ්බ.
    පොඩිඋං දෙන්නනං මාර දක්ෂයිනෙ. ඇත්තටම දෙමව්පියො තමයි ළමයින්ගෙ දක්ෂතා මොට්ට කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කියන්නෙ.. දැං ළමයින්ට පුරුදු කරන්නෙ රේස් අස්සයෝ පුරදු කරනවා වගේනෙ...

      Delete
  17. ශා..............මරුනේ අයියගෙයි නංගිගෙයි වැඩ....ඉතිං කාටද ආඩම්බර කියා දුන්නු ටීචර්ට මිසක්...

    ළමයින්ගේ හැකිය්වන් එළියට එන්න ඉතිං දෙමව්පියෝ තමයි අත්තිවාරම දාලා දෙන්න ඕනේ

    මේ පාරත් මෙව්වයෙන්ම ගොඩ ගියා නෙහ්? හී හී :D

    ReplyDelete
    Replies
    1. හි හි... මේ ටිකේ පෝස්ට් දාන්න විදියක් නෑ රෙහානි...

      Delete
  18. පැහැබර අනාගතයක් ඇති නිර්මාණාත්මක දරුවන් දෙදෙනෙක් සුබ පැතුම් ඒ පොඩිත්තන් දෙන්නට

    ReplyDelete
    Replies
    1. හා .. මං මේක පෙන්නන්නං.... හි හි

      Delete
  19. අපේ හැකියාවන් කාලයේ වැලි තලාවෙන් වැසී ගිහින් තියෙන්නේ =D

    ReplyDelete
    Replies
    1. හැබෑට... හසරැල්ට නං ගොඩක් ඒවා තාම මතකයිනේ... හි හි...

      Delete
  20. අපේ මහත්තයා විතරයි එතකොට උඹට උදව් කරන්නෙ...කරන නිර්මාණ අගය කරලා බොට තල්ලුව දෙන අපි අමතකයි...පොඩි උන්ට ගෙදර පන්තියක් දැම්මොත් නරකද හිරුවො...උඹට කාලය ගතවෙනවා තේරෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං.. එහෙම අමතක වෙනවද මට... හි හි

      Delete
  21. අනේ නංගියේ කමෙන්ට් වලට හැරිච්ච ගමන් උත්තර දියන්..නැත්නම් එපාවෙනව..කිසිම රහක් නෑ..!

    අපොයි මටත් එටිසෙලාට් වලින් ඕය සංතෑසියම කලානෙ.ඔ‍ෆිස් එකට ඇවිල්ලම දුන්නෙ.දැන් දවසට 5ස් පාරක් විතර කෝල් කරනව..මල වදයක් වෙලා..!

    මමත් හච් පාවිච්චියෙන් ඉවත්වෙන්න ඉන්නෙ.ඩයලොග් හොඳා වගේ(කාඩ්)

    අනේ මන්ද..ඕවම කර..කර ඉඳල හරියනවද..?
    අර හි..හි නෑ නේ..!

    ReplyDelete
    Replies
    1. හැරිච්ච ගමන් ඔය දීලා තියෙන්නෙ...මේකි මෙලහටත් අපේ මහත්තයා එක්ක මල් හදනවා ඇති...අනේ ඇත්තට අපේ මහත්තයට ගිය කලක්...අඩියක්වත් ගහන්න වෙලාවක් නැතුව ගියානෙ....

      Delete
    2. මේ කර කර හිටියම ඇති වැරැද්ද මොකො වීයෝ... හි හි

      දැනුත් මට කොල් කරනවා අප්ප... නම්බර් එක දන්න හින්ද ආන්සර් නොකර ඉන්නවා... මහ මළම වදයක්.... ඩිස්කනෙක්ට් කරලා දාලා පාඩුවෙ හිටියනං ඉවරයිනේ....

      ඔන්න ඔයා හින්දම අමාරුවෙන් මේකට උත්තර දුන්න.. මගේ කනෙක්ෂන් එක කපල.. අවුරද්දකට පස්සේ පළවෙනි වතාවට.. ෂික්....

      Delete
  22. පොඩි උන් ටිකත් නියමයිනේ.. ඒ ඔක්කොම එක්ක මේ අළුත් පෙනුමත් මගේ හිතට ඇල්ලුවා හැබැයි..

    ReplyDelete
    Replies
    1. පෙනුම වෙනස් කළා දිනේෂ්... ඒත් මේ ටිකේ වැඩියම පිස්සු නටන්න වෙලාව නෑ... හි හි

      Delete
  23. ඔය තියෙන්නේ ඉටිකිරිස් වගේ.

    කට්ටිය කියාපල්ලකෝ හොඳම ඉන්ටනෙට් කනෙක්ෂන් එක සහ මෝබයිල් ඉන්ටනෙට් කනෙක්ෂන් එක මොකක්ද කියලා මේකාලේ.

    අන්ලිමිටඩ් ගැනත් කියාපල්ලකෝ. මම මාසෙකින් එනවා ඒකයි.

    ReplyDelete
    Replies
    1. කුප්‍රකට ජ්‍යෙතිර්වේදියෝ කියපු කතාව සහතික ඇත්ත. ලංකාවට බරපතල තර්ජනයකට මුහුණ දෙන්න වෙනවයි කියලා... ලබන මාසේ...

      Delete
    2. ඉන්ටනෙට් වලට නං මොබිටෙල් කියල තමයි කියන්නෙ.. හැබැයි මම පාවිච්චි කරලා නෑ.. මොබයිල් වලට නං ඉතිං ඩයලොග් වලට එහා හොඳ එකක් මං දන්නේ නෑ... හැබැයි ඩයලොග් වල ගනං නං වැඩියිද මන්ද.. ඒත් මට හරියන්නෙ ඩයලොග් තමයි...

      අන්ලිමිටඩ් කිව්වට එකක්වත් අන්ලිමිටඩ් නෑ ඩූඩ්... හි හි... පැකේජ් එකේ තියෙන ගාන 2ජීබීද, 4 ජීබීද, ඒක ඉවර උනාම ස්ලෝ වෙනවා වැඩක් කරගන්න බැරි තරමට... ජීමේල් එකයි, ෆේස්බුක් එකක් ඕපන් කරලා තියාගෙන, බ්ලොග් එකක් ලෝඩ් වෙන්න විනාඩි 15ක් විතර යනව...

      Delete
    3. අමතක උනා.. එහෙම ස්ලෝ උනාම ඇඩිෂනල් ගන්න පුලූවන්.. හැබැයි ඩයලොග් වල නං 1ජීබී රු.300ක් ගන්නවා... මං මේ එහෙම අරන් තමයි මේ කෙළ වෙලා කනෙක්ෂන් එක කපලා තියෙන්නෙ....

      Delete
  24. අයියයි නංගියි ලස්සනටම ඇඳල තියනව කියල දීපු ටීචටත් ආඩම්බරයි නේද.බලන්නකො පොඩි උන්ගෙ දස්සකම් කාගේ හරි මග පෙන්වීමෙන් එලියට එන ලස්සන.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. පොඩි තල්ලුවක් දෙන්න විතරයි ඕනෙ.... හි හි

      Delete
  25. හිරු උඹ පොඩි උන්ට ක්ලාස් එකක් දාහං

    ReplyDelete
    Replies
    1. හපොයි.. බෙල්ල නැති වෙන වැඩක්... හි හි...

      Delete
  26. සහතික ඇත්ත හිරු ..අත්දැකීමෙන් කියන්නේ . ළමයි ආසයි පොත් කියවන්න ..අත්වැඩ කරන්න . ගේ කිළුටු වෙනවා කියල හුඟක් අම්මල කපන කොටන වැඩ වලට ළමයි උනන්දු කරන්නේ නැහැ . අන්තිම වැරදියි. ලස්සන ගෙයක් මොකටද . මැරෙන කොට ගෙනියන්නද . නිර්මාණශීලි ළමයෙක් හැදෙනවා නම් ගෙවල් කැලේ වුනාට මොකද . අපේ දිහා කිසිම කාඩ්බෝඩ් පෙට්ටියක් විසිකරන්න දෙන්නේ නැහැ අපේ දෙන්න . කපනවා අලවනවා ..අඳිනවා . ඉස්කොලෙනුත් හරිම අනුබලයක් ලැබෙන්නේ ඒ වැඩ වලට තමයි. අර ජපන් එස් පහ අපේ දිහාට හරි යන්නේ නැත්තේ ඔය නිසයි.
    හුඟක් ගණන් සෙල්ලම් බඩු වලට වඩා අපේ දිහා නම් වැඩිය ඕන වෙන්නේ ටේප්,පාට කොළ ,ගම් වගේ දේවල්. අපේ පොඩිට තාම හතයි . ඉඳිකටුවට නුල දාගෙන තනියම එක එක එව්වා මහනවාත් එක්ක. පෙරේදා කෑගහනව ඇහුනා ''අම්මේ මට දැන් නුලට ගැටේ ගහන්න පුළුවන් '' කියල .

    අත්වැඩ වලින් කාලාකාමි ළමයි හැදෙනවා විතරක්ම නෙමේ කවද හරි වෙන ඕනෑම දෙයකදී හිතල මාතල තීරණයක් ගන්න හැකි ඉවසීමත් ලැබෙනවා මන් හිතන විදිහට .

    ඒ වගේමයි පොත් කියවීම . පොත් ලස්සනට කබඩ් වල තියනවට වඩා ළමයින්ට අහුවෙන්න ගේ පුරාම තියන එක හොඳ . දැක්කම කියවන්න ආස වෙනවා .

    අද උදේ පොඩි දු නැෂනල් ජියෝග්‍රෆි සඟරාවක් මේසය උඩ තිබිල කියෝනව මන් දැක්ක . ගේ පිළිවෙලක් නැති කම හොඳ පැත්තට හැරෙන්නේ ඔන්න ඔහොමයි ...

    ළමයි ටි වී කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා කියල බනිනවා නම් අම්මල තාත්තල තමන්ට ටොක්කක් ඇනගන්න ඕන ඉස්සෙල්ලම . එව්වත් තහනම් නොකර බැලන්ස් කරගන්න පුළුවන් වීමයි හපන්කම .

    ඒ පොඩ් දෙන්නට මගේ සුබ පැතුම් පිරිනමන්න .

    ReplyDelete
  27. කෙල්ලව බලන්න ගියා මාස කීපයකට පස්සේ.....ඉන්නේ මෙහේ වුනත් අපි ඔය වගේම ජීවිතයේ හැකි විදිහට රටා මවනවා ළමයිනේ. ඒවා ජීවිතයේ රටා. අපි තුන්දෙනා කටු උපරිමෙන් කකා ජීවිතය රස විඳිනවා. මම හරි ආසයි දවසක ඔය අයගේ ළමයි ජීවිතය, අධ්‍යාපනය මේ සියල්ලම කිහිපයක් නොව එකක් හැටියට දකින දරුවෝ වෙනවා දකින්න. උඹලා දෙන්නටම මේ සඳහා වූ ජීවිත අත්දැකීම් ඇති යැයි සිතමි. අරූ සහ අරකි ගෙවන්නේ ජීවිතය නම් වූ පොල්කට්ටේ උපරිම රසාස්වාදයයි. ඒ රස මතු කරන්නේ අපි දෙන්නාගේ දියණියයි.

    ReplyDelete
  28. පොඩි ලස්සන නිර්මාණාත්මක දෙයක් දැක්ක ගමන් පොඩි උන් ඒ විදිහටම දෙයක් කරන්න උත්සහ කරනවා. අන්න ඒකයි වටින් නේ.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete