Monday, November 18, 2013

“අ යන්න අම්මා ”වෙනුවට ” A for Apple ” කියවන්න කාලේ හරි වගේ...


පහුගිය ටිකේ ලියන්න කියලා හිතෙන දේවල් මහ ගොඩක් තිබ්බා.. ඒත් ලියලා මොනා කරන්නද කියල හිතිලා අතෑරලා දාපු ඒවා ගොඩට ඒ ටිකත් නිකම්ම වැටිලා තිබ්බෙ.. ඒ අතර තිබ්බ එකක් අද ඇදලා ගත්ත ටිකක් හිනා වෙන්නත් එක්ක... මේ ටිකේ සිරියස් ගන්න දේවල් වැඩියිනේ... හි හි

පහුගිය දවසක අපේ ඔය බ්ලොග් ලියන්නෙක්ම නිකමට කතා කර කර ඉන්න ගමන් කිව්වා පොඩි එකාට අකුරු කියවන එකක් ගැන... එතකොට තමයි මට මේක මතක් උනේ.. මං ඉතිං එයාගෙන් ඇහුවා දැං පොඩි එකාට කියවන්නෙ සිංහල හෝඩියද, ඉංග්‍රීසි හෝඩියද කියලා.. හි හි... 


ෆොටෝ එක ගූගල් එකෙන් සර්ච් කරලා හොයාගත්තෙ... ඒකත් ‌බොහොම අමාරුවෙන්... 

අපේ නෑනගෙ පොඩි එකා ඉන්නවනෙ.. තාම අ‌වුරුදු 2ක් විතර.. දැං නං ඉතිං වචන කතා කරන කාලේ.. හැබැයි මට නං එයා කියන ඒවයින් කාලක්වත් තේරෙන්නෙ නෑ.. පොඩි උන් හිටපු ගමන් ඒලියන් භාෂා වලින් කතා කරනවනෙ... මෙයා කතා කරන්නෙ මරු විදියට... ඔන්න වචන දෙකක් කිව්වොත් එකක් සිංහල.. එකක් ඉංග්‍රීසි... පොඩි මස්සිනා එයාට පොඩි මාමා.. අපේ මහත්තයා ලොකු මාමනෙ.. එයාට කියන්නෙ බිග් මාමා .... හි හි

ඒත් පොඩි උන්ට එකපාරට භාෂා දෙකක් කියලා දීලා අපි කරන්නෙ වැරැද්දක්ද කියලා මට වෙලාවකට හිතෙනවා... ඉංග්‍රීසි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍යයි... ඒත් සිංහල ??? ඔය එදිනෙදා කතා කරගන්න ගානට පුලුවන් උනාම ඇතිද...???

අපේ පොඩ්ඩෙක් ඉන්නවා දැං ඉන්ටනැෂනල් ස්කුල් එකක ඉගෙනගන්නෙ.. පොඩි කාලෙදි එයාට සිංහල කතා කරන්න එච්චර උනන්දු කළේ නෑ එයාගේ අම්මලා.. ඉතිං ජීවිතේම ලංකාවෙ ඉඳලත්, සිංහල කතා කරන මවුපියන්ගේ දරුවෙක් වෙලත් එයාට සමහර සිංහල සාමාන්‍ය වචන පවා තේරුම් ගන්න බෑ.. තාම අවුරුදු 10ක් විතර නිසා එයා ටක් ගාලා අහනවා Can u say it in English කියලා... ඒක එයා පොෂ් කමට කරන දෙයක් නෙවෙයි... ඇත්තටම එයාට කොච්චර ඒ වචන ඇහුනත් තේරුම් ගන්න බෑ.. විශේෂයෙන් වෙලාව, එහෙම නැත්තං ගානක්, බඩුවක මිල වගේ දේවල් එහෙම කියද්දි ඉංග්‍රිසියෙන්ම කියන්න ඕනෙ එයාට... එයාගේ අම්මලා නං තාමත් හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා.. සමහර වෙලාවට ඒක එහෙම වෙන්න ඇති.. ඒත් මට එහෙම හිතන්න බෑ... 

පොඩි කාලෙදි තමයි භාෂාවල් කටට හුරු වෙන්නෙ... අපේ එක නංගි කෙනෙක්ව පොඩි කාලේ බලාගත්තෙ දෙමළ ගෑණු කෙනෙක්.. මේ කෙල්ල අවුරදු 10දි දෙමළෙන් පිළිගැනීමේ කතාවක් කළා දෙමළ වචන ගානට උච්ඡාරණය කරලා... මට නං ඇත්තට දෙමළ කොච්චර ඉගෙන ගත්තත් ඒ වචන උච්ඡාරණයෙදි ටිකක් අවුල් යනව... ඉංග්‍රීසි වලටත් ඒ කේස් එක තියෙනව.. සිංහල වගේ ඒ භාෂා කටට හුරු නෑ... 

ඒත් මුලදිම ඉංග්‍රීසිය කටට හුරු උනාම සිංහල උච්ඡාරණයෙදි වෙනසක් වෙනව දැනිලා නැද්ද කාටවත්.... හරියට ජීවිතේම පිටරට හැදිලා ලංකාවට ආපු කෙනෙක් සිංහල කතා කරනවා වගේ... ආ.. ඔව්.. කට්ටිය තමං පොෂ් කියලා පෙන්නන්නත් එහෙම කරනවා තමා... මං කිව්වෙ එහෙම නෙවෙයි... ඇත්තටම සිංහල දෙවනි භාෂාව විදියට ඉගෙන ගත්ත ළමයෙක්ට සිංහල හරියට කතා කරන්න වෙනම මහන්සියක් ගන්න වෙනවා... ඉතිං මවු භාෂාව සිංහල වෙච්ච ළමයෙක් එහෙම අමුතු විදියකට සිංහල කතා කරන එක හරි කියල මට හිතන්න බෑ... 

වෙලාවකට මට හිතෙනවා අපි ඉංග්‍රීසිය ඔලුව උඩ තියන් ඉන්නවා වැඩිද කියල... අපි ළමයින්ට සිංහලට වඩා ඉංග්‍රිසි උගන්නන්න උත්සාහ කරන්නෙ එයාලගෙ අනාගතය වෙනුවෙන්මද කියලා... එහෙම නැත්තං අපිට සමාජයේ එක පැලැන්තියක් අනුකරණය කිරීමේ බලවත් ආසාව හින්දද කියලා... මධ්‍යම පන්තියෙ අයට ඉහල පැලැන්තියට කිට්ටු වීමේ බලවත් ආසව හින්දද කියලා... 

මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ දෙවනි භාෂාව විදියට... මට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව කවදාවත් තිබ්බෙ නෑ... දැං පාවිච්චි වෙන්නෙම නැති නිසා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නැත්තටම නැති වෙලා තියෙන්නෙ... හැබැයි ඉංග්‍රිසි බෑ කියලා මං පස්ස ගැහුවෙ නං නෑ කිසි තැනකදි... දන්න විදියට කතා කළා.. එහෙම වෙලාවට මං දිහා නෝණ්ඩියට බලපු අය ඕනෙ තරං හිටියා... තමන් ලොකුයි කියලා හිතං ඉන්න ඕනෙ දෙයක්, නැති කෙනෙක් දිහා පල් එකට බලන එක අපේ ජාතියෙ පුරුද්දනෙ... ඒක නැති කරන්න බෑ... මගේ තියෙන පැහැදිලිම අත්දැකීම තමයි ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි කියන එක... සුද්දන්ට ඉංග්‍රිසි කියන්නේ ආභරණයක් නෙවෙයිනේ.. ඒක මෙවලමක් විතරයි... අපිට තමයි ඒක ආභරණයක් වෙලා තියෙන්නෙ... 

දැං මේක කියවන අයට හිතෙයි මට ඉංග්‍රීසි බැරි නිසයි මං මේ වැල්වටාරං, බහුභූත කියවන්නේ කියලා... වෙන්න ඇති.. සමහරු විට මට හොඳට ඉංග්‍රීසි පුළුවන් උනා නං මාත් ඒක ආභරණයක් කරගන්න ඉඩ තිබ්බ.. මොකද මාත් මේ සමාජයෙම ජීවත් වෙච්ච සතෙක් නිසා... ඒත් මට වැරැද්දක් පේනව මේ මං ඉන්න තැන ඉඳන් බලනකොට... ඒ ගැන මට තේරෙන විදියට තමයි මං මේ කිව්වෙ.. 

මට දැං තේරෙන විදියට නං තව ටික කාලයක් යද්දි අකුරු කියවද්දි පොඩි එකාව පැඳුරක් උඩ තියල, වටේට රස කැවිලි, සෙල්ලම්බඩු, පොත් පෑන් තියලා, ‌හෝඩි පොතේ ඉංග්‍රීසි හෝඩිය පෙරළලා අ යන්න අම්මා කියවනවා වෙනුවට A for Apple කියලා අකුරු කියවන ට්‍රෙන්ඩ් එකක් එයි... මේ යන විදියට හැබැයි ඒක තමයි වෙන්න ඕනෙ දේ... මොකද මුල් භාෂාව විදියට ළමයින්ට උගන්නන්නෙ ඉංග්‍රීසි උනාම ‌‌හෝඩිය කියවන්න ඕනෙත් පොතේ හැටියට ඉංග්‍රිසි නේන්නං... හි හි ... 

ප/ලි . මේකට හෝඩි පොතක ෆොටෝ එකක් හොයන්න කියලා සර්ච් එකක් දැම්මම මෙන්න ‌‌දෙයියො ටිකගේ නම් ටික එනවා හෝ ගාලා.. සරස්වතී, ගණ දෙවි, සුමන සමන් දෙවි, කද සුරඳු... ඔක්කොම කට්ටිය ඉන්නවා බොලේ.... දෙයියොන්ගෙ පිහිටෙන් හෝඩි පොත් නං හොඳට මාකට් වෙනවද කොහෙද... හි හි.. මං ෆොටෝ හොයන වැඩේ අතෑරලා දැම්ම... 

97 comments:

  1. කියන්න මොනවද හිරූ... කියන්න ඕන දේවල් කියල නොවැ...

    දැන් පොඩි එවුන් හෙන පොශ් වචන කියද්දි, කඩ්ඩෙන් නෙලාගෙන නෙලාගෙන යද්දි "ඇඩෙනවා"

    ReplyDelete
    Replies
    1. අඩේ මම එක වෙලා... අම්බෝ...... දානව පාටියක්.....

      Delete
    2. හා හා.. දාමු පාටි... හි හි

      කඩ්ඩ අපිට කේස් වෙන්නෙ කතා කරන්නෙ නැති හින්ද... නැත්තං අපි දන්න කඩ්ඩ හොඳටම ඇති කඩු සටන් වලටත්... හි හි

      Delete
  2. හිරූ, ටිකක් අතීතෙට යන දෙයක් කියන්නම්.1815උඩරට ගිවිසුම අත්සන් කරන වෙලේ ලංකාවේ සමහර රදළ ප්‍රධානීන් අත්සන් කරලා තිබුනේ දෙමළෙන්,හේතුව ඒ කාලේ දෙමළ කියන්නේ ඉන්දියාවෙන් ආපු රජාගේ බාසාව.ලෝකයේ දැනුම නිර්මාණය වෙන්නේ යම් බසකින්ද ඒක කොහොමහරි ඉගෙන ගැනීම අතිධාවනකාරී ලෝකයක ‍රැඳී සිටීමට ඉවහල් වෙනවා.ඒ වුනාට අදනම් වෙන්නේ විලාසිතාවක් විදිහට ඉංග්‍රීසි ඉගැන්වීමක්.තමන්ගේ ලමයා ලොකු ලොකු දේවල් ඉංග්‍රීසියෙන් කිව්වම අම්මලට මාර සන්තෝසයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි විලාසිතාවක් කරගත්ත එක තමයි ආසියාවෙම තියෙන අවුල මං හිතන්නෙ...

      Delete
  3. දරුවෙකුට මුලින්ම මවු බස හුරුකරන්න ඕන ඉන් පසු ඉංග්‍රීසිය. කතාකිරීම සඳහා මුලින් ඕන එකක් හුරු කිරීම පහසුයි මවු බසට මුල් තැන දිය යුතුයි. ළමයෙක් හිතන්නේ මුල් භාෂාව මගින්. භාෂා දෙකකින් හිතන්න ගියොත් වැඩක් වෙන්නේ නැහැ. මම මුලින් මගේ දරුවන්ට සිංහල පුරුදු කරනවා. නමුත් ලියන්න හුරුකිරීම නම් පහසු ඉංග්‍රීසි තමයි. සිංහල අකුරු පොඩිම අයට සංකීර්ණ වැඩියි. බොහෝ විට මගේ දරුවා ඉන්ටනැෂනල් ස්කුල් එකකට යවන්න වෙයි මම හොරවැඩ කරන්න කැමති නැති නිසා නමුත් කළු සුද්දියෙක් කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. hmm , ඒක තමයි මගෙත් අදහස

      Delete
    2. මට හිතෙන්නෙ මෙතනදි අපි මේ භාෂා දෙකම කලවමේ උගන්නන්න යන එකයි අවුල කියල... පොඩි එවුන් අවුල් වෙනව ටික කාලයක් යනකොට... ටික කාලෙකින් අම්මලා පන්න පන්න උගන්නන්න හදන්නෙ ඉංග්‍රීසි නිසා සිංහල ගැන තියෙන උනන්දුව අඩු වෙනව.. ඊට පස්සේ ඉතිං බාග සිංහල තමයි කතා කරන්නෙ...

      Delete
  4. හිරු , ඇත්තටම ඉතින් මෙහෙම දෙයක්නම් තියෙනව..අපිත් රැකියාව කරනකොට ඔය ඉංගිරිසි නිසා ඇබරෙන වාර අනන්තයි..මොනවා කරන්නද එන එන විදියට ගහ උලුවස්සා කියල ගොත ගගහ කතා කරනව..අපේ මාම කෙනෙක්ගේ දුවට එයා පොඩි දවස්වල ඉදලම කතා කලේ කඩ්ඩෙන්..දන් කෙල්ලට කඩ්ඩ වතුර වගේ..එයාල ගෙදර එනවා කියල මට නිවුස් එක අවොත් මම ගෙවල් අහල පහලකවත් ඉන්නෙ නැහැ..හි හි

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම කේස් තිබ්බ.. අදටත් තියෙනව.. ඒත් මම ඉංග්‍රිසියට බය නැති නිසා එච්චර ගානක් නෑ... ගොඩක් තැන් වලදි ඉංග්‍රීසියෙන් කියා ගන්න බැරිම තත්වයක් තියෙනව නං මං බය නැතුව, ඇඹරෙන්නෙ නැතුව සිංහලෙන් කියලා දානව.. මොකද මම දන්නවා කොච්චර ඉංග්‍රිසියෙන් කියෙව්වත් එයාලටත් සිංහල පුලුවන් බව...

      Delete
  5. භාෂාවන් දේව භාවිතයන් හැටියට ගන්න එපා,එව්ව තියෙන්නෙ අපට පාවිච්චියට මිසක් ඔලුව උඩ තියාගෙන ඉන්න නෙවෙයි.ඒ නිසාම භාෂාවන් අවතක්සේරු කරන්නත් එපා පුළුවන් තරං ඉගෙන ගන්න මම අනුගමනය කරන්නෙත් පුතාට කියල දීල තියෙන්නෙත් ඔන්න ඔය දේයි.

    ReplyDelete
    Replies
    1. මෙතනදි භාෂාවන් නෙවෙයි අවතක්සේරු වෙන්නෙ, සමාජීය මට්ටම් හැලපයියෙ... පෞද්ගලික කම්පැනි වලට මේ තත්වෙ හොඳට තියෙනව... ඉංග්‍රීසි පුළුවන් එකා කොච්චර අඩු අත්දැකීම් තියෙන කෙනෙක් උනත් ඉක්මණට උඩට පනිනවා.. ඉංග්‍රීසි බැරි නොවුනත්, හොඳට කතා කරන්න බැරි නං සුදුසුකම් තියෙන පුද්ගලයා උනත් පල්ලෙහාට දානව... මේක මේ ළගදි මං එක තැනකදි ලස්සනට දැක්ක.. මගේ හොඳම යාලුවෙක්.. ඉස්සර එයාට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි තරම්.. මේල් ටිකත් මමයි ගහලා දුන්නෙ.. හැබැයි අනිත් අවශ්‍ය සුදුසුකම් උපරිමේට තිබ්බ... මං අයින් උනාට පස්සෙත් සමහර වෙලාවට මට කතා කරලා අහගන්නවා ඉංග්‍රීසි කේස්.. පස්සෙ එයා කෝස් එකක් එහෙමත් කළා ග්‍රැමර් ටික හදාගන්න... අද එයා කිසි අවුලක් නැතුව කම්පැණියෙන් බාගයක් පාලනය කරනවා... හැබැයි එදා මං හිටපු කාලෙ හිටපු බොස්ට දීපු පඩියෙන් බාගයයි මේ කොල්ලට දෙන්නෙ.. ඔන්න ඔහොමයි අපේ රටේ තත්වෙ...

      Delete
  6. //මගේ තියෙන පැහැදිලි ම අත්දැකීම තමයි ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි කියන එක. සුද්දන්ට ඉංග්‍රිසි කියන්නේ ආභරණයක් නෙවෙයිනේ. ඒක මෙවලමක් විතරයි. අපිට තමයි ඒක ආභරණයක් වෙලා තියෙන්නෙ// මේ කතාව නං සහතික ඇත්ත. දැන් ඉන්න අයට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙනවා කියන එක සක්විති රජකම ලැබුණා වගේ. එහෙම වෙලාවට ආඩම්බරයෙන් කියනවා "මට සිංහල එච්චර බැහැනේ" කියලා. අනේ මන්දා ලංකාවේ ඉපදුන එකෙක්ට සිංහල බැහැ කියන එක මට නං ආඩම්බරේට වඩා ලැජ්ජාවට කාරණාවක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ තමයි. ඒත් ‍අපේ භාෂාව විදියට සිංහලට මුල් තැන් දෙන්න ඕනේ. එහෙම නැත්තං තව ටික කාලෙකින් සිංහල අභාවය යාවී.

    මමත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒත් ඒ දෙවැනි භාෂාව විදියට. නමුත් එහෙම යි කියලා ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ දී මට ගැටලුවක් ඇවිල්ලා නැහැ. මම නං හිතන්නේ දරුවෙක්ට මුලින් ම උගන්වන්න ඕනේ සිංහල භාෂාව. මොකද සිංහල කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා හුඟක් අමාරු භාෂාවක් ඉගෙන ගන්න. ඒ නිසා පොඩි කාලේ හරියට සිංහල භාවිතා කරන්න ඉගෙන නොගත්තොත් ඒක ආයෙත් මුල ඉඳලා පටන් ගන්න හුඟක් අමාරු යි. ඒත් ඉංග්‍රීසි එහෙම නෙමෙයි. කතා කරනවා නං ඉතාමත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට මුලින් ම සිංහල භාෂාව පුහුණු කරන්න දෙමව්පියෝ උනන්දු වෙනවා නං හොඳයි :)

    ReplyDelete
    Replies
    1. සිංහල අභාවයට යයි කියල නං මගේ එච්චර තැකීමක් නෑ නිරෝ.. මොකද ඕක කොහොමත් අභාවයට යනවා තව ටික කාලෙකින්.... හැබැයි ඉතිං දැනට ඕක තියෙනව.. මගේ අම්මට තාත්තට ඉංග්‍රීසි බෑ... මගේ ළමයෙක්ට ආච්චි සීයා එක්ක හොඳට සිංහල කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ.. මාත් එක්ක සිංහල පොත් පත් කියවන්න පුලුවන් වෙන්න ඕනෙ... අන්න ඒ තැන තමයි මං ඉන්නෙ...

      Delete
  7. ඉංග්‍රීසි කෙසේ වෙතත් මැන්ඩරින් වල මුල අකුර තමයි ඉස්සරහට කියවන්න වෙන්නේ! :D

    ReplyDelete
    Replies
    1. Aniwa aththa Niroshini.
      mage duwata අවුරුඩ්ඩයි තාම.
      මම අ යන්නයි, ඒ අකුරයි, මැන්ඩරින් වල මුල අකුර මොක උනත් එකයි උගන්න්න තම ඉන්නේ...
      ලන්කවට නෙමෙ ඖස්ට්‍රලියවටත් ඒ සෙතේ තමයි.

      Delete
  8. \\\\\මගේ තියෙන පැහැදිලිම අත්දැකීම තමයි ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි කියන එක... ////
    මූලික ඇත්ත.

    ReplyDelete
  9. ඉංග්‍රිසි ගැන කියද්දි ගිය අවුරුද්දේ ලංකාවට ආව වෙලේ වෙච්ච සීන් එකක් මතක් උනා ගිය පාර මන් ලංකාවට ආවේ අම්මගේ සැත්කමකට ඔන්න මන් ඇවිත් දවස් දෙකෙන් අපි අර නවලෝකේ කියන හොස්පිටල් එකට ගියා සැත්කමත් කොරලා අම්මා ඇදේ ඉද්දි මන් උණු වතුර ගෙන්න කියලා නර්ස්ලා ඉන්න තැනට ගියා.මෙන්න බොලේ ලොකු නර්ස් ඇවිත් කඩුවෙන් සට පට ගානවා.මන් කොහොමත් කඩුව පාවිච්චි වෙන තැන් වලට සුදානම් සරිරෙන් යන නිසා යාන්තමට ගොඩ ගියා.දැන් නම් ඉංග්‍රිසි දැනුම බල්ලට ගිහින් තිය්න්නේ මෙහේ ම්ලෝ යකෙක් ඉංග්‍රිසි පාවිච්චි කරන්නේ නෑ.....හැමදෙටම මුන්ගේ බස තමා අඩුම තරමේ බැංකු,රජයේ ආයතන වල වත් ඉංග්‍රිසි පාවිච්චියක් නෑ.කොම්පීතරයවත් මුන්ගේ බසට හරවන් ඉන්නේ...ලංකාව තමා පරන්ගි සුද්දගේ බස ලොකු කරන් ඉන්නේ අනේ මන්දා හිරුවෝ ලංකාවේ දවසක සිංහල බස නැතුවම යයිද දන්නේත් නෑ

    ReplyDelete
    Replies
    1. මටත් දැං නං කතා කරන්නම බෑ.. අවුරදු ගානකින් කතා කරලා නෑනේ.. කතා කරන්න පුළුවන් උනත් මම කතා කරනකොට වචනයක් වැරදුනත් කින්ඩියට හිනාවෙන උන් ඉන්න තැන් වල කතා කරන්න හිතෙන්නෙ නෑ... ඇත්තටම මට එයාලට වඩා සුද්දො එක්ක කතා කරල පුරුදුයි... හි හි

      Delete
  10. මේ දේවල් වෙනස් වෙන්න නම් මිනිස්සුන් ගෙ මානසිකත්වය වෙනස් වෙන්න ඕනෙ. මම හිතන්නෙ නෑ වෙන කිසි රටක මෙහෙ වගේ තමන් ගෙ භාෂාව පහත් කර ගැනීමක් සිදු වෙනවා කියලා.

    ReplyDelete


  11.          හිරු,


                             බොහෝ යුරෝපීය රටවල දරුවන්ගේ මව්පියන් ජාතීන් දෙකකට අයත් වේ. උදාහරණයක් ලෙස මව ප්‍රංශ ජාතික වන විට , පියා පෝලන්ත ජාතික වීම වැනි අවස්ථාවක් සළකන්න. ඇතැම් විට මේ දරුවාගේ grandparentsලා තවත් ජාතීන් දෙකක විය හැකිය.

                         එවැනි විටකදී ඔවුන්  කරන්නේ තමා දැනට ජීවත් වන රටේ භාෂාව  සහ  මවගේත් පියාගේත් භාෂාව ඉගැන්වීමයි.  මව විසින් තම භාෂාවද , පියා විසින් ඔහුගේ භාෂාවද දරුවා හුරතල් කිරීමේදී භාවිත කරයි. බහ තෝරන අවදියේම දරුවාට නිරායාසයෙන්ම භාෂා කීපයක උච්චාරයණය නිසි පරිදි ග්‍රහණය වේ.


                   මගේ බිරිඳ ඉන්දියානු කාන්තාවක්. ඇයට හින්දි , දමිළ , ඉංග්‍රීසි , ප්‍රංශ භාෂාවන්  හැසිරවිය හැකියි. අප දෙදෙනා අතර මුල සිටම  තිබූ එකඟතාවක් වූයේ අපේ දරුවන්ට වෙනසකින් තොරව සියලු භාෂාවන් හුරු කරවිය යුතුය යන්නයි. ආගම ගැන මතය වූයේද එයයි. ඇය හින්දු භක්තිකයෙක්. මා බෞද්ධ . දරුවන් මෙම ආගම් දෙකටම හුරු වන ලෙස ජීවත් විය  යුතුයි. වයසින් මුහුකුරා යෑම සමග ඔවුනට රිසි ආගමක් ඔවුන් තෝරා ගනු ඇත.


                       එහෙත් මා දුටු එක් දෙයක් ඇත. ඈ කෙදිනකවත් සිංහල ඉගෙන ගැනීමට ප්‍රිය තාවයක් දැක්වූයේ නැහැ. මට සිංහලෙන් " පැටියෝ , බබා " යැයි පවසා  නැහැ. ඊට අනුරූප තේරුම් ඇති ඉංග්‍රීසි හෝ හින්දි වදන් පමණයි ඇය භාවිතා කලේ. සියුම් ලෙස තම ජාතියට පක්ෂපාතිත්වයක් දක්වන බව මා දැක තිබුණා. ( අන් පවුල් ගැන සැලකීමෙදීද  මෙවැනි සිදුවීම පවතී. යම් අයෙක් ආත්මාර්ථකාමී ලෙස හැසිරිය හැකිය. )


    _____________________________



               හිරු, ඔබ  සඳහන් කර ඇති පරිදි ලංකාවේ උද්ගතව ඇති තත්වය කණගාටුදායකයි. තමා උපන් ජාතිය , ආගම , භාෂාව ගැන සඳහන් කිරීමට මැළිවන්නෝ ගැන කවර කතාද...? පුක කළු සුද්දෙකු වීමේ වාසි මොනවාද ? "මට ඉංග්‍රීසි බැහැ . ඇයි මොකද ? අවුල්ද ? තාම ඉගෙන ගන්නවා." යැයි කීමට බැරි ඇයි ? උප්පැන්නයේ තියෙන්නේ සිංහල නම් තව මොනවද හිරු. ඇයි මේ බොරුවට ෂෝ දාන්න යන්නේ ? "මම  වන්නි බයියෙක් තමයි. ඇයි අවුල්ද ?" අහන්නකො අන්න එහෙම ..  මම දවසක් බැංකුවක හිටපු ප@@ වේ@@@ට කියලා දුන්නා දුම් දාන්න.


                 ඔබ දැක ඇති නේද ප්‍රා ජේ නමින් කමෙන්ට් කරන්නා  ? බලන්න ඔහුගේ භාෂා භාවිතය. ඉතාම ඉහළයි. ඔහුගේ ඇත්තේ ෂෝ එකක් නෙවේ. ඔහුත් නිර්ණාමික අයෙක්. කාගේ කව්රුන්ද කියා දන්නේ නැහැ. ඔහු කරන්නේ තම අදහස් පල කිරීම පමණයි. ඔහුට පහසු ඉංග්‍රීසි බස. එහෙත් ඔහුව හඳුනාගැනීමට අපහසු අය ඔහුට අවමන් කර ඇති ආකාරය ඔබ දැක ඇති.


                       සිංහලයේ ඇති නිර්ලජ්ජිත ස්වභාවය එයයි. හැකි තරම් අනිකාට ලං වීමට උත්සාහ කරයි. එසේ බැරි වූ තැන ඔහුට අවමන් කරයි. භාෂාව ගැනද එසේමය. නරියා මිදී තිත්තයි කීමටත් වඩා එය අන්තය.


                  මගේ දරුවන්ට මා විසින් සිංහල , ඉංග්‍රීසි බසද; මගේ බිරිඳ විසින් ඇයගේ භාෂාවන්ද උගන්වනු ලැබේ. එයට අමතරව අප ජීවත් වන රටේ භාෂාවද ඉගෙන ගැනීමට පහසුකම් සළසා දේ. තවත් එක් කරුණක්. මට හෝඩිය කරේ මගේ පුංචි අම්මා. ඇයට පින් සිදු වන්නට මට භාෂා කීපයක් හැසිරවිය හැකියි.



    ස්තූතියි .
    සයිලන්ට් සහන් .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔබගේ කොමන්ටුවට මම 100% ක් එකඟයි සහන්. මට සමා වෙන්න මගේ බිලොගයේ ඔබගේ කොමෙන්ටුවට උත්තර බැන්දේ ශාන් නමින්. එකපාරටම පෙනුනේ silentshan වගේ.

      Delete
  12. මේකයි මගේ අදහස ලංකාවේ සිංහලයෙක් වෙලා සිංහල කතා කරන්න බැරිවෙන එකට තමයි කෙනෙක් ලැජ්ජා වෙන්න ඕනේ ඉංග්‍රීසි බැරි වීම ගැන නෙවෙයි.

    ReplyDelete
  13. මේ රටේ නම් ඉංග්‍රීසි කතාකලාට සත පහකට ගණන් ගන්නේ නැහැ,, හැම දෙයක්ම තියෙන්නේ හිබ්රු වලින් , කඩේක බෝඩ් එකක්වත් නැහැ ඉන්ග්ලිෂ් වලින්, හැම ඉහල පෙලේ ආයතනයකම තියෙන්නේ තමන්ගේ භාෂාව ,, ලෝකේ පුරාම රටවල් 100 ක් විතර ජිවත් වෙච්ච ගොඩක් කලවම් වෙච්ච ජාතියක් වුනාට යුදෙවුවෝ 1948 නිදහස අරගත්තට පස්සේ මල භාෂාවක් වෙච්ච හිබ්රු භාෂාව උගන්වන්න සහ ඉගෙනගන්න පටන් ගත්තා,, අපේ රට තනියම ඔලුව කෙලින් තියාගන්න බැරි රටක් නිසාද සුද්දගේ භාෂාවට මෙච්චර කඹුරන්නේ මට තේරෙනෙන් නැහැ

    ReplyDelete
  14. අපි ඔක්කොටම පොඩි උන්ගෙ බාසාවෙන් කතා කරන්න පුළුවන් නම් වාද බේද යන්නම යයි.. මං දවසක් දැක්කා කතා කරන්න බැරි තරම් පොඩි උන් දෙන්නෙක් එකිනෙකාට ලමා බාසාවෙන් කතා කරගන්නවා. දෙන්න එක සීරුවට කැකිරි පලපු හැටියට මට හිතුනා මුන් දෙන්නාට දෙන්නාගෙ බාසාවල් තේරෙනවා කියලා.

    ReplyDelete
  15. බොහොමයක් රටවල් වල මා දකින හැටියට තත්වය සමානයි..මා දැනට ජීවත්වන රටේත් දුම්‍රියපල/බැංකු /රෝහල් වල මෙන්ම අන් සියලුම ස්තාන වල භාවිත වන්නෙ ඔවුන්ගේම භාශාව හිරු.. (ඒ පුරුද්දටදෝ මන්දා මෙහෙන් ගිය අය
    අපේ රටේදීත් මැද්දෙන් පොඩි ඇඩ් කෑලි දානව :-) )
    ඔවුන් කොහොමත් අන් භාශා වලට දෙන්නෙ දෙවැනි තැන .. එය ඔවුන් සලකන්නේ තමන්ගේ අභිමානය හැටියට..එය ඔවුන්න්ට අනන්‍යයි..
    ඒ වගේම පිටරැටියකුට උනත් එය ඉගනීමට උනන්දු කරවනවා..(වැරදුනාට මට නම් සිනා සී නෑ පුද්ගලිකව..)
    අපි අපේ ලමයින්ට ?????

    ReplyDelete
  16. ඔබේ ලිපිය හරිම වටිනා අදහස් ගොන්නක් එලිදැක්වූවා. එයට මුළින්ම මගේ ප්‍රණාමය. මේක ඇත්තටම හරිම ප්‍රශ්නයක් තමයි. කාළයක් යනකොට සමහර රටවල වගේ භාෂාව නැතිවෙලා යයිද දන්නේ නෑ. උදාහරනයක් හැටියට අයර්ලන්ත ජාතිකයෝ ඉංගිරිසි විතරමයි කථා කරන්නේ. ගොඩක් අය මාත් එක්ක වැඩ කරනවා එහෙමත් කෙනෙක් තමයි එයාලගේ භාෂාව ගැන සදහනක් වත් කරන්නේ.
    ඉංග්‍රීසි ඕන තමයි ලෝකයත් එක්ක ගණු දෙණු කරන්න, පත පොත කියවන්න සහ උසස් අධ්‍යාපනයට. මට හොඳට මතකයි ඉංග්‍රීසි දැණුම අඩු ළමයි කොච්චර අරගලයක් කලාද කියලා සරසවියෙදි.
    මම ලොකු කමකට කියනවා නෙමේ මෙහේ මම ඔක්කොම සුද්දෝ එක්ක වැඩකරන්නේ. මගේ තියෙන ඉංග්‍රීසි සාමන්‍ය දැණුම හොඳටම ඇති මගේ අදහස් ප්‍රකාෂ කරන්න සහ සාමාන්‍ය ප්‍රමාණයේ ලිපියක් හෝ ඊ මේලයක් ලියා ගන්න. ඇත්තටම ඉංග්‍රීසි මට මෙවලමක් විතරයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි මගේ දරැවෝ දෙන්නම එංගලන්තයේ ඉපැදුනාට සමහර ලංකාවේ ඉන්න ළමයින්ට වඩා හොඳින් සිංහල කථා කරනවා කියලා. ලියන්නත් ටික ටික පුළුවන්.
    ඉංග්‍රීසි ඕන තමයි ඒත් සිංහලට හෝ තමන්ගේ මව් භාෂාවට තැන දෙන්න ඕනේ. මං හිතන්නේ දැන් වෙලා තියෙන්නේ සිංහල බෑ කියන එක ලොකු කමක් වෙලා. ඒක නිකං සමහර ගෑණු උදවිය උයන්න බෑ කියන එක මහ ලොකු කමක් කියලා හිතනවා වගේ. ඔයා හරියටම හරි සුද්දෝ දාහක් එක්ක කථා කරන්න පුළුවන් චකිතයක් නැතුව ඒත් එක සිංහලයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කථා කරන්න උනොත් මම දහ සැරයක් හිතනවා.
    හැබැයි ඔය සිංහල බෑ වගේ ඉන්න කළු සුද්දෙකුට පොල්ලක් අරං හොඳ පාරක් දීලා බලන්න ඕනේ සිංහලෙන් බුදු අම්මෝ කියලා කෑ ගහන හැටි බලන්න.
    නැවත එන්නම් හිරැ. ඔබට ජය!

    ReplyDelete
  17. පොඩි කාලේදි භාෂා 6ක් ඉගෙන ගන්න පුලුවන් කියලා කථාවක් අහලා තියෙනවා...

    මිනිස්සුන්ට නිර්මානශීලිත්වය වැඩි වෙන්නේ තම තමන්ගේ මවුභාශාවෙන් ඉගෙන ගන්න කොට කියලා මං දන්න විදිහට විද්‍යාත්මකව තහවුරු කරනවා...

    මම ඒක අත්දැකීමෙන්ම් දන්නවා.....

    හැබැයි ජාත්‍යන්තර භශාවක් විදහට ලාංකිකයන්ට ඉගෙන ගැනීම වැදගත්...ආභරණයකට වඩා මෙවලමක් ලෙස............

    ReplyDelete
  18. ඇත්තටම හිරූ අක්කෙ අපි ලැජ්ජ වෙන්න ඕන අපෙ මවු භාෂාව බැරිවීම ගැනයි. දෙවනි තෙවනි භාෂා ගැන එහෙම විය යුතු නෑ.
    හැබැයි අපිට අන් ජාතිකයන් එක්ක මුහු වෙන්න භාෂාව වැදගත් නිසා කොපමණ භාෂා ඉගෙන ගත්තත් එහි වරදකුත් නෑ.
    හැබැයි අපි කිසිම භාෂාවක වහලෙක් නොවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. භාෂාවක් කියන්නෙ පාඩම් කරල ඉගනගන්න දෙයක්.(පාඩම් කිරීම ප්‍රාථමික කාරනාවක් නෙව) නැත්තං භාවිතයෙන් ඉගෙනගන්න දෙයක්. මොන භාෂාවක් වත් බැරිවුනත් ලැජ්ජා වෙන්න ඕන නෑ. තමුන් දක්ෂ වෙන ක්ෂේත්‍ර තියනව නම්.

      Delete
  19. බැරි වුණාම ලැජ්ජා කරයි කියන බය ඇති වීම තමා ඉංගිරිසි කතා කිරීමට තියෙන ලොකුම බාධකය. ඒක ඇරගන්න පොඩි කාලෙ ඉදන්ම කතා කරන එක හොදා. පොඩි එකට වැරදුනාම හිනා වෙන්න බැහැනෙ.

    එල-කියූෂන් සින් එක නිසා අ‘යන්නෙ වෙනුවට ඒ‘ කියවන සීන් එක නැගල යනවා..

    ReplyDelete
  20. ඔය ගොඩක් වෙලාවට ඉන්ටනැෂනල් ස්කූල්ස්වලට යන අයට හරියට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.මං නං අදහන දේ තමයි මුලින් මාතෘ භාෂාව ඉගෙනගෙන ඉන්පස්සෙ ඕන තරම් භාෂා ඉගෙනගත්තට කමක් නෑ කියන එක.එහෙම අම්මලා තාත්තලා හිතන්නෙ නැති එක තමයි අවාසනාව!

    ReplyDelete
  21. මගේ අදහසත් පොඩි එවුන්ට සිංහල අනිවා උගන්වන්න ඕනි. ඇයි දෙයියනේ අපේ බාශාවනෙ මේක. කවදාවත් අපේ බාශාව පහතට දාල කතා කරනවට මම කැමති නෑ. මම නම් ලමයි හදන්නෙ නෑ. හැදුවත් උන්ගෙ බාශාව සිංහලම තමයි. පස්සෙ කඩ්ඩ ටිකක් උගන්නනවා. අපි කඩ්ඩ පාවිච්චි කරන්නෙ අපේ අම්මලා තාත්තලා සුද්දො නෙවෛනෙ.

    ReplyDelete
    Replies
    1. අපි කඩ්ඩ පාවිච්චි කරනවා නෙවෙයි නෙ.. ඒකට වඳිනවානේ... හි හි

      Delete
  22. මම නම් කියන්නේ මුලින්ම සිංහල උගන්නන්න ඕනි.පස්සේ ඉංග්‍රීසි.දෙමලත් ඔනිමයි ලාංකිකයෙක් නම්.
    පොඩි කාලේ ඉඳං ඔය භාෂා තුනම උගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. දෙකක් පටලෝගෙන මේ කොරලා තියෙන හරිය මදෑ ප්‍රමුදි... ඇත්තටම අවුරදු 10 විතර වෙනකං හොදට භාෂා ඉගැන්නුවනං ඉගෙන ගනී.. මොකද අනිත් එකා වැරැද්දුවට හිනාවෙන තත්වෙට ඒ කාලෙදි ඇවිල්ලා නෑ නේ...

      Delete
  23. ඉස්සෙල්ලාම තමන්ගෙ මව් භාෂාව...බටහිර රටක පොඩි කාලයේ ඉදලම හැදුනු වැඩුනු මගේ ඥාති සහෝදරයෙකුගේ පුත්‍රයන් තිදෙනෙකු ඉංග්‍රීසි හෝ මව් භාෂාව කථා කරනු බැරුව මංගල අවස්ථාවකදි අවශේෂ ඥාති සමූහයාට සම්මුඛ වුනා. එදා අපේ ගොයියා නැදෑයන්ගෙන් අහගත්ත බැනුම් වලින් පස්සෙ තමයි ළමයි ලංකාවෙ නවත්තලා ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකම ඉගැන්නුවෙ...දැන් නම් උන් ගොඩ...

    ReplyDelete
    Replies
    1. අපේ අය නං බනින්නේ නෑ.. තව ටිකක් උඩින් තියෙනව....

      Delete
  24. මව් භාශාව ඉගෙන ගෙන එපැයි ඔක්කොම කරන්න..

    අපේ ඉස්කෝලෙත් ලමයෙක් හිටියා.. ගෙදර කතා කරන්නෙත් ඉංග්‍රීසි විතරයි.. සිංහල දැනුම අල්පයි.. සමහර දේවල් වලදි ටියුබ් ලයිට් වෙලා අනික් උන්ගෙ සමච්චලේට ලක් වෙනවා.. පව් ඉතින්..

    ReplyDelete
    Replies
    1. සොරි :D නෑ සමාවෙන්න

      *භාෂාව , *ළමයෙක් *ප්‍රතිදීපන පහන :D

      Delete
  25. මේකෙන් වෙලා තියෙන්නේ අපේ උන්ට සිංහලත් බෑ! හිරයට ඉංග්‍රීසිත් බෑ! මේක කියද්දී අපේ අප්පච්චි නිතර කියන කතාවක් මතක් උනා..
    "රුසියන් කාරයා මුලින්ම සක්වලේ ගියේ ඉංග්‍රීසියෙන් නෙවෙයි පුතේ.. රුසියන් වලින්!"

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි අන්තිමට වෙන්නෙ.. එකක් වත් බෑ හරියට...

      Delete
  26. මං සිංහල බැරි උන්ට හිනා වෙනවා
    ඉංගිරසි බැ කියලා උන් මට හිනා වෙනවා
    මට සිංහලත් හරියට බැ කියල මං දන්නව
    හැබැයි උන්ට හරියටම ඉංගිරිසි පුළුවන්ද කියලා
    උන්වත් දන්නවද දන්නැ
    ඒක දැනගන්ඩ මට ඉංගිරිසි පුලුවං එකක් යැ
    එතකොට උන්ට සිංහල බැ කියල උන් දන්නවද
    උන් කොහේ දැනගන්ඩද
    මේ මං දන්නෙත් නැතිකොට

    ReplyDelete
    Replies
    1. එක අතකට මේ කතාව හරි බං.. භාෂාව කියන්නෙ මෙවලමක් ඒකට ආදරය කරන්ට අවශ්‍ය නෑ.. ඒකෙන් වැඩ ගන්ට පුළුහං උනා නං ඇති.. ඒත් භාවිත කරන බස .. නිවැරදිව භාවිත කරන්ට අපි උත්සුක වෙන්ට ඕන.. මං කියන්නෙ ඉංගිරිසිය හොඳට ම පුළුහං කෙනෙක් සිංහල හරියට බෑ කියලා ලැජ්ජා වෙන්ට අවශ්‍ය නෑ.. තමන් ගේ මූලික භාෂාව මොකක් ද කියලා තමන් තීරණය කොරන්ට ඕන.. ඒ වගේ ම තමන්ගෙ තියෙන දැනුම ගැන නිසි තක්සේරුවකින් අදාල බස පරිහරණය කොරන්ටත් ඕන. උදාහරණයක් විදිහට සිංහලෙන් නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් අක්ෂර වින්‍යාස, භාෂා රීති වරද්දමින් හා නොතකමින් නිර්මාණ ඉදිරිපත් කිරීම බලවත් වරදක්.. භාෂාව හරියට දන්නෙ නැත්නම්.. දන්න භාෂාවකින් ඒ නිර්මාණ ඉදිරිපත් කළා ම ඉවරයි..

      Delete
    2. මං නං කාටවත් බැරි හින්ද හිනාවෙන්නෙ නෑ.. බැරිකම ලොකු දෙයක් කියලා හිතං ඉන්න අයට හිනාවෙනවා මිසක්..

      ඇත්ත චතුර වඳින්න ඕනෙ නෑ... හැබැයි ඉගෙන ගන්න ඕනෙ.. අඩුම ගානේ මේ රටේ වැඩිපුර පාවිච්චි වෙන භාෂා තුනවත්..

      Delete
  27. එතකොට උඹ සියඹල ගෙනාවෙම නැද්ද ??

    ReplyDelete
  28. මෙහෙමයි හිරු,
    ඔයාට හිතෙනවද තව දුරටත් අයන්න ආයන්න කියලා දෙන්න ඔය කියපු ක්‍රමේම තියෙන්න ඕනේ කියලා.
    මේ වෙද්දි අලුත් අඩ්‍යාපන ක්‍රමයට අනුව ළමයින්ට මුලින් අකුරු කියලා දෙන්නේ නෑ. මට අනුව නම් ඒක හරි. හිරු ජීවත් වන රටවල නැති වුනාට මගේ සමාජයේ භාශා විස්සක තිහක ළමයි වුනත් එක පන්තියේ ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම තම්න්ගෙ භාශාව විතරක් ඉගෙන ගෙන ආවොත් කොහොමට තියෙයිද? මම නම් හිතන්නේ ඒක හින්දා ඔය අකුරු කියවන වගේ බොරු විකාර නැතිව මුලින්ම ළමයින්ට රූප අඳින්න වගේ දේවල් හුරු කරන එක හොඳයි කියලා.
    ඊගාව එක අර පොඩි ළමයා එහෙම අහන එකේ වරදකුත් නෑ. ඒ ළමයාට තේරෙන භාශාව ඒක හින්දා. දැන් මේ මම අලි බබා වුනාට මාත් මොනවා හරි නොතේරුන ගමන් ටක් ගාලා එහෙම අහන්නේ? මට නම් ඒක හොඳම විදියට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම ඇහුවොත්. පොඩි කාලෙදි වැඩිපුර භාශාවන් ගානක් කතා කරන්න හුරු වෙන ළමයින්ට හරිම පහසුයි ඉස්සරහට යන්න. ඒ ළමයි කතා කරද්දි උත්තර නොදුන්නට ඔය ඕනෙම භාශාවක් හොඳට දන්නවා. අපේ එරික් බෝයි කවදාවත් මම එක්ක සිංහලෙන් කතා කරලා තිබුනේ නෑ. මම සිංහලෙන් කතා කරනව ඇහුනත් වලි දැම්මා. ඒත් එයාට අනිත් අය එක්ක එහෙම අවුලක් තිබ්බේ නෑ. එක දවසක් හා පුරා කියලා අපි දෙන්නා ලංකාවෙදි දොස්තර ගාවට ගිහින් මෙන්න එයා අගේට දොස්තර අහපු දේවල් තේරුම් ගත්තා. උත්තර නම් දුන්නේ නැද්ද කොහෙද. මාස හයයි ගියේ කොල්ලා දැන් හිටි ගමන් මටත් සිංහල කියලා දෙන්න එන්නේ.

    ReplyDelete
    Replies
    1. අයන්න ආයන්න කියලා දෙන ක්‍රමේ දැන් මෙහෙ නෑ රංගි... හැබැයි අකුරු කියවීමේ සිරිත තියෙනව... හි හි...

      දැං මුලින් රෑප අඳින්න තමයි කියලා දෙන්නෙ.. මම හිතන්නෙත් ඒක තමයි හරි කියලා... හැබැයි අපේ අය සිරිතට අනුව නැකතක් බලලා මුලින්ම අකුරු කියවලා අකුරක් ලියනවනවා.. ඒක උගත් අයත් කරන දෙයක්... මට ඒක නරකයි කියල හිතෙන්නෙ නෑ... මං මේ පෝස්ට් එක ලිව්වෙ අපි මේ භාෂා දෙක එකපාර උගන්නන්න ගිහින් ඉල්ලන් නාගන්නවා වගේ කියල හිතෙන නිසා.. කොහොමත් අධයාපනයෙදි වැඩි උනන්දුවක් ඉංග්‍රිසියට දෙනවා.. ඒත් ගෙදරින් තමයි සිංහල ටික හරියට හැදෙන්නෙ... ඒකත් නැති උනාම සිංහල එපාම වෙලා, ඒක මහ අමාරු දෙයක් වෙලා ළමයි අතෑරලා දානව.. එතකොට ලංකාව ඇතුලෙම අලුත් සමාජ දෙකක් හැදෙනව.. සමහර වෙලාවට එකම පවුලෙ අක්කගේ ළමයිනුයි මල්ලිගේ ළමයිනුයි අතරේ බැම්මක් හැදෙනවා... ( දැනටත් එහෙම වෙලා තියෙන්නෙ) අන්න ඒකට මං හරි අකමැතියි...

      Delete
  29. මගේ නම් අදහස ඕනම දරුවෙක්ට තමන්ගේ මවු රටේ භාශාව ඉස්සෙල්ලා උගන්නන්න ඕන කියන එක.. මොකද කවද හරි ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නේ ඒකත් එක්ක.. අනික් දේවල් හෙමීට පුළුවන්..

    ReplyDelete
  30. >> සුද්දන්ට ඉංග්‍රිසි කියන්නේ ආභරණයක් නෙවෙයිනේ.. ඒක මෙවලමක් විතරයි... අපිට තමයි ඒක ආභරණයක් වෙලා තියෙන්නෙ...<<
    නියම කියමන.
    මගේ දුවට සිංහල ලියන්න/කියවන්න/කතා කරන්න පුළුවන්.
    පුතාට කැඩිච්ච සිංහලෙන් කතා කරන්න පුළුවන්.
    මම උනන්දු වුනෙත් නැහැ සිංහල උගන්වන්න.
    මම ඒ දෙන්නව ලංකාවේ පදිංචියට නොයවන නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ පදිංචියට යන එකයි භාෂාව ඉගෙන ගැනීමයි සම්බන්ධ වෙන්නෙ කොහොමද කෙන්ජි...

      Delete
  31. මවු බස ඉගෙනීම අත්‍යවශ්‍යයි. මමත් ඒ මතයේ ඉන්නේ. නමුත් තමන් ගේ අවශ්‍යතා, පරිසරය අනුව එහි යම් යම් වෙනස් කම් වෙනවා .අවුරුදු හතරක සහ මාස දහයක පොඩි උන් දෙන්නෙක් රටෙන් එලියට ගෙනාව නිසා මට යම් අත්දැකීමක් තියෙනවා මේ ගැන .සිංහලෙන් මොන්ටිසෝරි ගිය ලොක්කි මෙහෙ ආවම ඉස්කෝලෙදි මුලදී නිහඬ වුනා ..කතා කරන්න බය ගතියක් ආව. ලංකාවේදී ගිරවී කියල ටීචර් කියාපු කෙල්ල මෙහෙ ඉස්කෝලේ නිහඬ චරිතයක් වුනා .අදටත් කතා පවත්වනවාට වඩා ලියන්න තමයි එයා කැමති. හැබැයි ලිවිල්ල නම් ඉස්තරම්..සිංහලම ඇහිලා යන්තම් කතා කරන්න පටන් ගත්තු පොඩි මේ හේ ආව ගමන් ආයේ නිහඬ වුනා ..එලියන් බසක් කතා කරන්න අරන් එක පාරටම ඉංග්‍රීසියට මාරු වුනා .හැබැයි අපි ගෙදර හැමදාම කතා කලේ සිංහල. දෙන්නගෙම පොත් කියවීම හරිම හොඳයි. නිර්මාන්ශිලිත්වය ඉහලයි..මගේ නිසා කියනවාම නෙමේ. හැමෝම කියන දෙයක් මේ දෙන්න ගැන .සිංහල යම් පමණකට කියවන්න පුළුවන් ..ලියන්නත් ටිකක් පුළුවන්. අවශ්‍ය තැනකදී කතා කරන්නත් පුළුවන්. නමුත් මන් බලාපොරොත්තු වෙනවා දෙන්නම දවසක සිංහල හොඳට ඉගෙන ගනියි කියල . අවස්තාව මදිකමයි තියෙන්නේ .අපිට මව් බස දැනීම වැදගත් ..පිට උන් ඉන්න තැන්වල රහසක් වත් කතා කරන්නේ කොහොමෙයි නැත්තන් ..අපේ උන් දෙන්නට නම් කොරියන් වියට්නාම් ,ජපන් හිබ්රු ,චයිනිස්,එකී මෙකි නොකී බාසාවල් ටික පුළුවන් ඉස්කෝලේ ජන විවිධත්වය නිසා.. දෙන්නම ප්‍රංශ ඉගෙනත් ගන්නවා ..හැකිතරම් භාෂා ඉගෙනීම ආත්ම විශ්වාස වැඩි වෙන සහ දැනුම වැඩි වෙන මගක්...ඒ වගේම මවුබස නොදැන සිටීම ආඩම්බරයක් නම් නොවෙයි. ලැජ්ජාවක් මිසක . අන්තර්ජාතික අධ්‍යාපනයේත් ලොකු අනුබලයක් ලැබෙනවා මව් බස ඉගෙනීමට ..

    ReplyDelete
    Replies
    1. බින්දී කියල තියෙන හැම දෙයක් එක්කම එකඟයි.

      //අපේ උන් දෙන්නට නම් කොරියන් වියට්නාම් ,ජපන් හිබ්රු ,චයිනිස්,එකී මෙකි නොකී බාසාවල් ටික පුළුවන්//
      මේක නම් පොඩ්ඩන්ට ගොඩක් ඉස්සරහට වටීවි. දැන් මෙහෙත් ළමයින්ට චීන බාසාවල් උගන්නන්න හදන්නේ.

      මවු බස නොදැන සිටීම ආඩම්බර විය යුතු කරුණක් නොවෙයි කිසිසේත්ම.
      නමුත් වෙන යම් බසක් නොදැන සිටීමත් ආඩම්බර විය යුතු කරුණක් නොවෙයි!

      ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ යමක් නොදන්නවා නම් නෙවෙයි.
      තමන් යමක් නොදන්නා බව දැන දැනත් එය ඉගෙන ගැනීමට උත්සාහ නොකිරීම නම් ලජ්ජාවට කාරණයක්.



      Delete
    2. බාසාවල් ටිකක් ''වෙන්න ඕන ඉස්සෙල්ල කමෙන්ටුවේ...ඔව් නිරෝෂනි...මව් බසයි තව හුඟක් දේවලුයි ඉගෙන ගැනීම හරිම වටිනවා . රැකියාවල් ගන්නම නෙමේ ජිවිතේ රස විඳින්න එය උදව් වෙනවා ..

      Delete
    3. බින්දි කියපු දේට මට එකතු කරන්න දෙයක් නෑ...

      Delete
  32. ඕකට උදාහරනයක් කියන්නද පහුගිය ජනාධිපතිවරනයකදි රනිල් වික්‍රමසිංහමහත්මයට වචන පාවිච්චියෙදි පාඩු උනේ ඔන්න ඔය හේතුව. ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතාකරන්න ගිය එක.

    ReplyDelete
  33. මේවට තමා අක්කේ ඉතිහාසය රිපීට් වෙනවා කියන්නේ. ඔය කාලයක් හිතන් හිටියේ සිංහලෙන් කතා කරන එකත් ලැජ්ජාවක් කියලා. දැන් ආපහු ඒ වැඩේ වෙන්න පටන් අරන් තියන්නේ.. කොටින්ම සමහරු මගෙන් අහල තියනවා ඇයි බ්ලොග් එක සිංහලෙන් කරන්නේ? ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් නේ, ඇයි ෆේස් බුක් එකේ සිංහලෙන් ස්ටේටස් දාන්නේ අරව මේවා. මම ඉතින් හොඳ සිංහලෙන් කියල දෙනවා.. තරහ වෙන එවුන්ට කුද ගහගන්න කියනවා.. මම ඉස්කෝලේ 6 වසරේ ඉඳල ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරත්, ඉස්කෝලේ ඉංග්‍රීසියෙන් වැඩ කරත්, මටත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න නම් බෑ. ඒ උනාට ගෙදර හොඳ සිංහල පරිසරයක් තිබ්බ නිසා, මට නම් හොඳට සිංහල කතා කරන්න, ලියන්න පුළුවන්. ඒ වගේම අපේ ගෙදර කවදාවත් භාෂාව පුරුදු වෙන්න වත් ඉංග්‍රීසියෙන් කතා කරලා නෑ,
    මට සමහරු කියනවා "අයියෝ ඔයා ට්‍රිනිටි ගිහිල්ලත් ඉංග්‍රීසි බෑ නේ.. ලැජ්ජයි. බලන්න අනික් ළමයි ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා, පාවිච්චි කරනවා.. ඔයාට තමා බැරි. සිංහල පාවිච්චි කරන්නේ වත් නැති අය ඉන්නවා.. බ්ලා බ්ලා බ්ලා...." මේ අයට මම නම් කෙලින්ම බනිනවා.. ලෝකේ ලස්සනම භාෂාව සිංහල වෙලත්, (ගොඩක් අය හිතා ඉන්නවා හින්දි කියල) අපිට ඒකෙ අගයක් නෑ.. මම නම් අරහෙම අහන උන්ට බනිනවා ඉතින් යකෝ එකෙන් උඹට වැඩක් නෑ නේ.. මට ලජ්ජා උනහම උඹට පාන් ද කියල.
    අපේ අම්ම උනත් මට කියල දීල තිබ්බේ ආන්ටි අන්කල් භාෂාවෙන් කතා කරන්න කියල. ඇයි ඒවාට සිංහල නම් තියද්දි ඉංග්‍රීසියෙන් පොෂ් වෙන්න යන්නේ කියල මම තාම නැන්ද, මාම කියල කතා කරනවා..
    දවසක් දහම්පාසලේදීත් මට ඔය වගේ වැඩක් උනා. මොකද්ද ඇහුවම 7 වසරේ ගෑනු ළමයෙක් කියනවා "අයිය ඉංග්‍රීසියෙන් ඇහුවොත් නම් දන්නවා.." මට ඒ වෙලාවේ නම් දෙන්න හිතුන කන සාප්පුවෙන් ගෙන්න.. ඒ උනාට ඉතින් ගෙවල් වල වැරදි වලට ඒ ළමයි පලි නෑ නේ..
    ගොඩක් මේ දේ වෙන්නේ ගෙවල් වලින්. මතකද දන්නේ නෑ අර ඇන්කර් වල කාලයක් දැන්වීමක් තිබ්බා බළලෙක් සිංහයෙක් කරන.. ඔන්න ඔය වගේ වැඩ තමා දැන් වෙන්නේ. මට නම් කියන්න තියන්නේ නොදකින් කියල තමා මේ වගේ උන්ට.

    ReplyDelete
    Replies
    1. ඔයා ආවේගශීලී වෙනව වැඩියි මල්ලි... මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා ඒක.. ඔය වයසෙදි අදහස්, මතවාද තියෙනව තමයි අනිවාර්යයෙන්ම... ඒත් ආවේගශීලී වෙන්න එපා...

      ඉංග්‍රීසි අත්‍යාවශයයි අපිට ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න.. ඒත් ඒකට අපි දැං කරනවා වගේ වඳින්න පුදන්න ඕනෙ නෑ කියන එකයි මට කියන්නෙ ඕනෙ උ‌ෙන්... එහෙම ඕනෙ උන කාලයක් තිබ්බ.. දැං ඒ කාලේ ඉවරයි...

      Delete
  34. ළමයට සිංහල ටිකක් උගන්නන්ඩ මහන්සි වෙනවට වඩා අම්මලා උත්සහ කරන්නේ අමාරුවෙන් හරි කමන් නෑ ඉංගිරිසි ටිකක් කටේ තියන්ඩ..

    ReplyDelete
    Replies
    1. හි හි... චීස්, බටර්, බර්ගර් වගේම තමයි... ඒවා ගියා.. ඉංග්‍රීසි තාම තියෙනව...

      Delete
  35. රංගි කියනවා වගේ අද අකුරු ඉගැන්වීමෙන් අධ්‍යාපනය පටන් ගන්නේ නැහැ. දැන් මේවා වෙනස් වෙලා හිරු. කුඩා දරුවෙකුට ඕනෙම භාෂාවකින් බහ තේරීම අරඹන්න පුළුවන්, තියන වටාපිටාව අනුව. එම ඉගෙනීම ඉදිරියට යන්නේ, ඔහුට හෝ ඇයට ලැබෙන අනෙක් උපකාර වලින්. ඒ කියන්නේ ඇසට පේන හා කනට ඇසෙන පරිසරය.

    මේවා සන්නිවේදනය සඳහා හදා ගත මෙවලම් මිසක් වන්දනා මාන කිරීම් කළ යුතු දේවල් නොවේ.

    ලෝකයේ ලස්සනම භාෂාව සිංහල කියන එකම වැරදි වැටහීමකින් කියන දෙයක්. එහෙම ලස්සන මනින නිර්ණායකය මොකක්ද? රුසියානුවාට එයා කතා කරන රුසියන් භාෂාවත්, සුද්දට ඉංගිරිසිත්, අපට සිංහලත් ලස්සනයි. මොකද අනෙක් භාෂා ඇසුනට කනෙක්ෂන් එකක් නැහැ. ටික ටික භාෂාවක් ඉගෙන ගන්න ගන්න ඒ බැඳීම හැදෙනවා. එතකොට තමා භාෂාවක ලස්සන කියන දෙය දැනෙන්නේ. අප කච කච ගාන තැනක ඉන්න සුද්දෙකුට දැනෙන්නේ මිහිරක් නම් වෙන්න බැහැ. ඒ වගේමයි අපටත්, එයාල හීස් හුස් ගැන විට. හැබැයි වචන වල තේරුම් දන්නවා නම්, ඒ හැඟීම වෙනස්.

    මොනවා වුනත් ද්වි හෝ බහු භාෂා ප්‍රවීනත්වය කියන දෙය, මහලු වන විට ගොඩක් වෙලාවට ඇතිවන අමතකවීමේ රෝගය පමා කරන දෙයක් කියා අද පර්යේෂණ මගින් සොයා ගෙන තියනවා. ඔය දුමින්ද සිල්වා වගේ කට්ටියට මතක නැත්තේ ඇයි කියල දැන් වැටහෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මට මෙතන කියන්න ඕනෙ උනේ රයිගම් අපේ තියෙන අදහස් ගැන... අකුරු කියවීම කියන චාරිත්‍රය ගන්නකො... තාමත් ගොඩක් උගත් අය උනත් ඔය සිරිත හරියටම කරනවා.. හැබැයි ඔය අකුරු කියවන නැකත එන කාලේ වෙනකොට ළමයා දෙතුන්පාරක් අකුරු කියවල ඉවරයි... සිරිත ප්‍රශ්නයක් නෑ කියමුකෝ.. ඒත් අපේ ආකල්ප.... ???

      Delete
  36. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ එකේ වටිනාකම දැනෙන්නේ කොතැනදී හරි හිර වුනාම... අනේ මමත් හොඳට කතා කරන්න දැනන් හිටියා නම් කියලා හිතෙනවා. මම කොටින්ම කැමති නෑ කවදා හරි මගේ දරුවා එහෙම හිර වෙනවා දකින්න...සිංහල ඕනි නැ කියනවා නෙමෙයි.. අද කාලේ හැටියට සිංහල වලට වඩා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉස්සරහට යන්න ඕනේ තරම් අවසථා තියනවා....

    ReplyDelete
    Replies
    1. මං නං එහෙම හිතන්නෙ නෑ.. මගේ ළමයෙක්ට අනිවාර්යයෙන්ම හොඳට භාෂා දෙකම ඉගෙන ගන්න අවස්ථාව දෙනව... රැකියාවන් සඳහාම නෙවෙයි අපි ඒවා ඉගෙන ගන්න ඕනෙ කියන එකයි මට කියන්න ඕනෙ...

      Delete
  37. මමනං හිතන්නෙ සිංහල හරියට ඉගෙනගත්තොත් අනික් භාෂාවල තියෙන වචන හරියාකාරව ශබ්ද කරල ඉගෙනගන්න එක ලේසි වෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. එකක් හරියට දැනගන්න එපැයි ප්‍රසා අයියෙ තව එකක් ඉගෙන ගන්න..

      Delete
  38. එංගලන්තයේ ජීවත්වන බොහෝ සිංහල පවුල්වල මෙහේ උපන් ළමයින්ට පවා සිංහල පුළුවන් බව කියන්නේ ආඩම්බරයෙන්. ඒක ඉතාම වැදගත්..සමහර අයනම් සිංහල බැහැ කියලා කියනවා ගොන්පාට් එකෙන්..ඒ දෙමව්පියන් බොහොමයක් ගොං තැබ්බවල්.
    හිරු.....බැරිකම සහ උවමනාවක් නැතිකම දෙකක්.

    ReplyDelete
    Replies
    1. උවමනාවක් නැතිබවක් මවාපෑමත් එකක් අරෑ...

      Delete
  39. පිටරට හැදෙන ලමයිටත් සිංහල (අඩු තරමේ) කතා කරන්න පුරුදු කරන්න ඕන කියලයි මම හිතන්නේ. එයාලා හැදෙන පරිසරයත් එක්ක ඒක කරන්න අමාරුයි තමයි. ඒත් ලමයිවත් සහභාගී කරගෙන ගෙදර සිංහල භාවිතා කරනවානම් ඒක කරන්න බැරි නැහැනේ නේද? මගේ ළමයෙක් එක්ක මට කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් නම්, ළමයාට සරල සිංහල පොතක් කියවගන්න බැරිනම්, ආත්තම්මලා සීයලා එක්ක කතා කරගන්න බැරිනම් වැඩක් තියනවද අප්පා

    ReplyDelete
    Replies
    1. ගින්දර වගේ වචන ටික අක්කේ !!

      Delete
    2. ඒක තමයි සයුරි මටත් තියෙන ප්‍රශ්නෙ.. දැනටත් ඔය තත්වෙ තියෙනව පුදුම විදියට... එකම පවුලෙ අක්කලා මල්ලිලාගේ දරුවො අතරෙ ලොකු බැම්මක් ඇතිවෙලා තියෙනව... අයියගේ දරුවන්ට නංගිගෙ දරුවො එක්ක කතා කරන්න බෑ.. මොකද එක පවුලක ළමයින්ට සිංහල කතා කරන්න බෑ.. අනිත් අයට ඉංග්‍රීසි කතා කරන්න බෑ.. මොකද්ද එහෙම උනාම අපේ පවුල් වලට වෙන්නෙ...

      Delete
  40. මවු භාශාව හැම කෙනෙක්ම දැනගන්න ඕනා කියලා තමා මම හිතන්නේ. ඊට පස්සේ ඕනම භාශාවක් ඉගෙන ගන්න පුළුවන්. වෙනත් භාශාවල් දැනගෙන සිටීම ගොඩාක් වටිනවා.

    තව එකක්, තමාගේ මවු භාශාව නොවන භාශාවක් කතා කරන කෙනෙක් අතින් යම් අඩුපාඩුවක් වුණොත් හිනාවන එක හොඳ දෙයක් නෙමේ. හැබැයි මේක මම දැකලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගෙන්මයි. ඒ වගේම මමත් මේක අත්විඳලා තියනවා. සමහර විට ඉස්සර මමත් නොදැනුවත්ව මේ වැරැද්ද කරලා ඇති. හැබැයි දැන් ඒ වැරැද්ද කරන අයටත් ඒක පහදලා දෙනවා. ඒක කරන්න ගියාමත් බැනුම් අහගත්ත වෙලාවල් තියනවා.

    ReplyDelete
    Replies
    1. භාෂාවල් කීයක් ඉගෙන ගත්තත් පාඩු නෑ.. ඒත් උගත්කමත් ආභරණයක් විතරක් වෙන රටක්නෙ ගිහාන් මේක...

      Delete
  41. භාෂා දෙකක් සමාන්තරව ඉගැන්වීම අමාරු නැහැ. තමන්ගේ මව් භාෂාව අතහරුනොත් එහි අනිසි විපාකයක් ලෙස තමන් අයත් සංස්කෘතියත් අමතක වෙලා ගිහින් අර ජාත්‍යන්තර සංස්කෘතියට යනවා. එහිදී ඒ ජාත්‍යන්තර හැසිරීම් රටාවට අනුගත වූ දරුවා අපේ සංස්කෘතිය සමග ගැටුම් ඇතිකරගැනීම වලක්වන්නත් අමාරුයි. මම හිතන්නේ ඉංග්‍රීසිය දම්වැලක් මෙවලමක් ලෙස යොදාගැනීමට හැකිවන පරිදි ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. අමාරු නෑ .. ඒත් අපි කරන විදිය හරි නෑ මට හිතෙන්නෙ...

      Delete
  42. භාෂාව කියන්නෙ සන්නිවෙදනය කරන මාධ්යයක්.දැන් ලොකෙ වැඩියෙන භවිත කරන ඉන්ග්‍රිසි ඉගෙන ගත්තම හැම දෙටම ලෙසිවෙවි.හැබැයි එකෙන් බැබලෙන්න බැ.

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං හැම එකෙන්ම බලන්නෙ බබලන්න නේ... මේක පිස්සු රටක්...

      Delete
  43. //ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවට වඩා සුද්දෙක් එක්ක ඉංග්‍රීසි කතා කරන එක ලේසියි ..// මෙන්න මේ කෑල්ලට මන් සියේට දෙතුන් සීයක් එකඟයි හිරුවෝ .

    ReplyDelete
    Replies
    1. හි හි... මං ඇක්වයිනාස් ගියානේ... ඒකෙදි අර ආදි කාලේ සර් කෙනෙක් මම හෙනට වරද්දලා වචනයක් කියලා, ඒක මට ‌තේරිලා කන් දෙකේ ඉඳන් රතු වෙච්ච වෙලාවක මට කිව්වා “ Don't worry about it, you go ahead duwa” කියලා... මම එදා ඉඳන් මට ඉංග්‍රිසි වැරදුනා කියලා රතු වෙන්නෙ නං නෑ.. හැබැයි එකපාරක් වැරදුන එක මට ආයිත් වරදින්නෙත් නෑ... ඊට කලින් කතා කරන්න ගියාම තිබ්බ එකම අවුල වැරදුනාම වටේ ඉන් අය හිනා වෙන එක...

      Delete
  44. භාෂාවන් හැකි තරම් ඉගෙන ගන්න එක හොඳයි පුළුවන්නම්. වෙන රටකට සංක්‍රමණය වෙච්ච අයගේ ළමයි සම්බන්ධයෙන් නම් මේ මව් භාෂාව කියන එක ටිකක් ගැටළු සහගතයි. මම පෞද්ගලිකව කැමතියි මගේ ළමයින් සිංහල ඉගෙන ගන්නවා නම්. නමුත් වෙනස් පරිසරයක හැදෙන ළමයෙකුට, ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ළමයා ඉංග්‍රීසියෙන් උත්තර දුන්නත්, සිංහලෙන් කියන යමක් තේරෙනවා නම්, යම් දවසක අපහසුවක් නැතුව සිංහල ඉගෙන ගනී කියලා මම හිතනවා. උවමනාවට වඩා බල කරන්න ගියාම ළමයි නිහඬ වෙනවා කියන එක මම දැකලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත... වැඩේ කියන්නෙ මේ රටේ තාමත් වැඩි දෙනෙක් කතා කරන්නෙ සිංහලෙන්නේ.. ඉතිං ළමයි කතා කරන්නෙ නැතුව ඉන්නවා එහෙම සිංහල කතා කරන අය එක්ක.. ඒක මාර කේස් එකක් තිසර... පාටි වලට ගියාම අපේ නෑයන්ගේ ළමයි අපි එක්ක කතා කරන්න බයයි.. මොකද එයාලට අපේ කතා කරන සිංහල තේරෙන්නෙ නෑ.. එයාලා ඉන්ටනැෂනල් ස්කූල්ස් වල ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්නෙ... එයාලගෙ අම්මලා අපි කියන එක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනෙ.. ඇත්තටම අපි අපි කතා කරනකොට අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නෑ නේ.. පිස්සු වගේ මට නං...

      Delete
  45. අයියෝ.... ඔයාච ඉන්ග්ලීෂ් වලින් ඔක්කොම ස්පීක් කරන්ච බෑද.. ඕ මයි ගාඩ්... මාරයි නේ... අයි ඈම් නොට් ෂුවර්, වෙදර් අයි රීඩ් යෝ බ්ලොග් අගේන්... ඕ වයි වයි... හරිම ලැඡ්ඡයි... හරිම ලැඡ්ඡයි....

    ReplyDelete
    Replies
    1. තව රී මිස්ක් කළානම්....

      Delete
    2. අපෝ මදි මදි.. අපේ නෑනගේ පොඩි එකා ඔයිට වඩා රිමික්ස් කරනවා.. හි හි

      Delete
  46. Ane hiru....mama danna awa comment eka mata ismole giyaa..me mathalange commentuwa kiywwala......ane mama passe welawaka aaphu eka dannam....

    ReplyDelete
  47. //අපි ළමයින්ට සිංහලට වඩා ඉංග්‍රිසි උගන්නන්න උත්සාහ කරන්නෙ එයාලගෙ අනාගතය වෙනුවෙන්මද//
    සත්තකින්ම.... පිළිතුරු සමාජයෙන්ම ලැබෙනවා.

    ReplyDelete
  48. ළමයෙකුට ඉස්සෙල්ලම සිංහල කියලා දෙන එක තමයි හොඳම දේ. දරුවෙක්ගේ ඇඟට සිංහල කම යන්නේ එතකොට..ඉංග්‍රීසි කියන දේ අද නැතුවම බැරි දෙයක්...ඒ නිසා ඉංග්‍රීසිත් දරුවෝ සාමාන්‍යෙන් අවු : 7-8 ඉඳන් කියලා දෙන්න ඕනේ...එතකොට එයාලට ඉංග්‍රීසි අමාරුයි කියන දේ ඔලුවට එන්නෙ නෑ...

    මටත් ඉංග්‍රීසි කතා කරන්න බෑ...ඒ ඉතිං උවමනා කාලේ අපිට ඉංග්‍රීසිය පහසුවෙන් හදාරන්න නැති උන එකේ පාඩුව තමා

    ReplyDelete
    Replies
    1. කතා කරන්න බැරි අපි කතා කරන්නෙ නැති නිසා රෙහානි.. එහෙම නැතුව අපිට ඉංග්‍රීසි කියවන්නත් පුලුවන් නං, ලියන්නත් පුලූවන් නං, කියන දෙයක් තේරුම් ගන්නත් පුලුවන් නං අපිට ඉංග්‍රීසි බෑ කියන්න බෑ නේ..

      Delete
  49. මගේ දුව යන්නේ ජාත්‍යන්තර පාසලකට. මේ ලිපියේ තියෙන කරුණු සහ කමනේට් වල තියෙන සමහැර කරුණු ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මම ඒ ඉස්කෝලෙට දැම්මේ අපේ ඒවාට දාන්න බොරු කරන්න ඕනේ හින්දා. ලංකාවේ අද මොන භාෂාව වැඩියෙන්ම දන්න අයටද රැකියා වෙළඳපොලේ තැන තියෙන්නේ ? එක හේතුවක් තමයි කාර්යාල වල වැඩ කරන සංස්කෘතිය, අනෙක් කාරණය පරිගණක, ගනුදෙනු කරුවන්. ඉතිං ඔෆිස් ඉංග්‍රීසි නම් නිකන්ම නැඹුරුව ඉංග්‍රීසි වෙනවා. මගේ පොඩි එකාට සිංහල ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් වුනොත් මම සතුටු වෙනවා. අපේ අකුරු අමාරු හින්දා ලියන්න කියවන්න ටිකක් හොරයි.

    ReplyDelete
    Replies
    1. සිංහල අකුරු ඇත්තටම ලොකු අමාරුවක් නැ සුදීක අයියේ.. ඒක නං ‌බොරු මතයක්... සිංහල මුලින් ඉගෙන ගෙන, අවුරුදු 10න් පස්සෙ වගේ ඉංග්‍රිසි ඉගෙන ගන්න ගත්ත අපිටත් ඇත්තටම අවුල තිබ්බෙ කතා කරන එකේ මිසක් ලියන කියන ඉංග්‍රීසියේ නෙවෙයි...

      මං මෙතන කියන්න උත්සාහ කළේ ඉංග්‍රිසි, සිංහල භාෂා කතාවක් නෙවෙයි.. අපි මේ භාෂා දෙක එකපාර උගන්නන්න ගිහින් නා ගන්නවා වගේ පේනවා කියන එක..

      Delete