Tuesday, August 6, 2013

පස්-වල-රතු-ලේ....

විසිකළෙමි
තිස්වසක් පය ගැටුනු,
ඉරීගිය මුවහම

පෙරළමි
කුණු ගඳ ගහන
කුණු කඳු, කුණු බාල්දි

සොයමි
තව කාලයක්,
තඩිබාන්න මුවහමක්


ප/ලි : බ්ලොග් කියෝ කියෝ ඉඳලා හිතිච්ච දෙයක්.... 

72 comments:

  1. Hiru akkatath hithena dewal....

    ReplyDelete
    Replies
    1. හිතෙන දේවල් කියන්න වචන නෑ රන්දු... හි හි

      Delete
  2. පෙරලන්න බාල්දි
    කුනු ගන්න ඇති තරම්
    එවිට හැක ඉදින්නට
    සුව පහසුවෙන් ගොහොරුවේ

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... එතකොට කුණු ගොඩේ ඉන්නවා කියලා දැනෙන්නෙත් නෑ නේ... හි හි

      Delete
  3. විකල්පයක් දෙන්න බැරි කම හා ආත්ම විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.....මුව හමට තඩිබානවා හැර කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔය දෙකම වෙන්නැති...

      Delete
  4. මේව්වාට මොනවා කියන්නදැයි නොදනිමි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ....

      Delete
  5. හැමදාම තඩි බාන්නේ මුවහමට තමා.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි මුවහමක්.. නැද්ද ඉවාන්... හි හි

      Delete
  6. ඔහොම තමයි මුලින් මුලින් ලියවෙන්නේ. හොඳ ආරම්බයක්...

    ReplyDelete
  7. සිවිල් ජනතාව කියන මුව හම නේද?

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔබ
      තුවක්කුව
      හැරෙව්ව
      වැලිවේරිය පැත්තට?

      Delete
  8. අලුත් ආයිත්තම ලස්සනයි,දැක්ක ගමන් මතක් වුනේ හංස පූට්ටුව සුපුරුදු ලාංජනයක්‌නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව.. මේකි හරි ක්‍රියේටිව් බඩුවක් නේ...

      Delete
    2. මං හෙඩිම මාරු කරන ටිකට හැලපයියා කලින් එක දැකලා තියෙන්නේ... ඇයි දෙයියනේ ඒක පහුගිය මාස දෙකේම එල්ලිලා තිබ්බේ... දැන් මං හංසයව එලෙව්වා... ඔන්න අලුත් එකක් දැම්මා... හි හි

      Delete
  9. නැගී එන කවි කාරියකට සුබ පැතුම්.. ගෙදර මුව හමට තලමු එකක් හම්බවෙනකං.

    ReplyDelete
    Replies
    1. හහ් හා.. හරි හිනා... හි හි

      Delete
  10. It's version 3.3.0 of the same මුව හම.

    ReplyDelete
  11. දකුණේ මුව හම = උතුරේ මුව හම ( හරිද මන්දා ?)

    ReplyDelete
    Replies
    1. මොක හරි... මොකා හරි...

      Delete
  12. ඔව්, ඒකත් ඇත්ත.අපි ඕක දැන් තලන්නේ නැතුව මසාජ් කරමු.එතකොටවත් හරියයිද බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරලා බලමු නේ...

      Delete
  13. බ්ලොග් එක හැඩ වෙලා නේ.

    බය නැතුව පොයින්ට් එකට කතා කරන්නට හිරු දක්ෂයි

    ReplyDelete
    Replies
    1. මොන පොයින්ට්ද බින්දි... හි හි...

      Delete
  14. Haffa....
    Dakapu kal..!
    Kawi tika nam ela.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට නිවාඩුවක් දීලා තියෙන්නේ...

      Delete
  15. ලියමු ලියමු...බ්ලොගය කළ එළි වෙලා....

    ReplyDelete
    Replies
    1. නැතුව කොහොමද... හි හි

      Delete
  16. සිතුවිලි සමග වෙනස් වුන පිටුව ගැන ,
    සීයා සතුටු වෙමි...!
    පිටුව හරිම ලස්සනයි මිනිබිරියො.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සීයේ.... හි හි...

      Delete
  17. පද පෙල ගැන නෙමෙයි කියන්න හදන්නේ. ටෙම්ප්ලේට් එක නම් කදිමයි කියලා. තැඹිලි පාටත් එක්ක කදිමට ගලපගෙන තියෙනවා. හිරු ඩිසයින් එකෙන් මටත් ඇහැක් නම් හොඳවයින් ටෙම්ප්ලේටුවක් හදා දෙනු මැනවි.
    ප.ලි - ඔය තරම් මල් වැල් ඉරිකෑලි නැතුවට කමක් නැත.

    ReplyDelete
    Replies
    1. අමුතු ටෙම්ප්ලේට් එකක් නෑ දමිත්... සිස්ටම් එකේ තියෙන එකක්මයි දාලා තියෙන්නේ.. හෙඩර් එක විතරයි මං හැදුවේ....

      ( ඔයාට හරි යයිද මන්දා මං ඔයාගේ පේජ් එක බලලා එකක් හදලා එව්වා.. බලලා කියන්නකෝ එහෙම හොඳඳ නැත්තං වෙන මොකක් හරි හදන්නද කියලා..)

      Delete
  18. Replies
    1. (රහසෙන්.... වැට මොකටද කියලා හිතාගන්න බෑ දැන් මට... හි හි)

      Delete
  19. බෑ බෑ කිය කියා නේද හිටියේ , ඔය තියෙන්නේ

    ReplyDelete
  20. තඩිබාන්නට හොඳම මුවහම
    අපේ පිට මත පොරවගෙන ඇත....

    ReplyDelete
  21. මේක නම් ගණකම ඇති
    කිඹුල් හමකි මුවෙකුගෙ නොව
    කොතරම් බැට දුන්නත්
    කිසි වගේ වගක් නැති..

    ReplyDelete
    Replies
    1. නැත්තං කබර හමක්... හි හි

      Delete
  22. ඕනේ තරම් ඉස්සරහට මුව හම හම්බු වේවි

    ReplyDelete
  23. වෙන කරන්න දෙයක් නෑ බන් . . .
    ප්‍රායෝගිකව යමක් කරන්න බැරි මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකවත් යවා ගන්න ක්‍රමයක් තියෙන්නේ එපැයි . .

    ReplyDelete
    Replies
    1. ප්‍රෙෂර් එක යන්නේ යන්න ඕනේ තැනින් නෙවෙයි.. ඒකයි කේස් එක...

      Delete
  24. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. නෙමෙ පිටුව කලු පාටින් අයින් කරල,පහසුවෙන් කියවන්න සලසන්න.

      Delete
  25. ෂා... හිරූ කවි ලියන්න පටන් අරගෙන...
    දැන් ලංකාවේ මේ දේවල් සාමාන්ය දේවල් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. බොහොම සාමාන්‍යයයි.. අඩු ගානේ දැනෙන්නෙවත් නෑ...

      Delete
  26. මුව හං තිබේ එමට..!
    පොඟවා යලි පනපොවා ගැනුමට..!
    කුමට අපි තඩි බාන්නේ මෙහි සිට
    තිබේ ..තැන්..කොතෙකුත්..අපමන.

    ReplyDelete
    Replies
    1. කලින් හෙඩිම හොඳා බං..!

      Delete
    2. @ වීයා
      ඇත්තමයි.ඉස්සෙල්ලා ඔලුව හරි හෘර්දයාංගමයි.

      Delete
    3. මේකත් මාසයයි නැත්තං දෙකයි වීයා/ අරෑ... ඊට පස්සේ ගලෝල විසි කරනවා... හි හි

      Delete
  27. පෙර දිනක
    මුව හමක
    තඩි බෑව
    ගැමියාද

    අද දිනේ
    මුව හමේ
    තිත් වලට
    වෙඩි තියන
    ගැමියාද

    අතරැති වෙනවා
    අහසට පොලොව වේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මේක හමේ ප්‍රශ්නයක්...

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මුව හම නෙවෙයි ගව හම...
    ලංකාවෙ හරක්මනෙ ඕකුන්ව පත් කලේ

    ReplyDelete
    Replies
    1. මොකක් හරි.. මොකා හරි...

      Delete
  30. කවිය හොඳ අවියක්. පුංචි වචන ටිකක් තුල ලොකු කතාවක් කියන්න පුලුවන්. ඔහොම යං.

    බ්ලොග් එක එහෙම ලස්සන වෙලා තියන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. කවි බැරිය.. මේ තාම ට්‍රයි කරනවා... හි හි

      Delete
  31. මෙන්න හිරුත් කවියට බැහැලා....

    මුව හමට තලනවා ඇර වෙන මක්ක කොරන්නද අපි. මුවාට තලන්න අපිම පත් කරලා යවපු උන් මුවා එක්ක ඒකට ජෝගි දානකොට.....

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකට කලින් කවියට බැහැලා පස්සේ ගලෝලා විසි කළා... දැන් ආයිත් පටන් ගන්න හිතෙනවා...

      Delete