Monday, August 19, 2013

මට හැදිච්ච තවත් නොම්බර එකේ පිස්සුවක්...

සාමාන්‍යයෙන් පිස්සු කියන ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ... මටත් ඔය එක එක කාලෙට, එක එක පිස්සු හැදිලා, සල්ලි නැති හින්දා නිකම්ම හොඳවෙනවා.... සමහර ඒවට නං සල්ලි ටිකක් වියදම් වෙලත් දක්ෂතාවයක් නැති හින්දා එපා වෙලා යනවා.... ඒත් ගොඩක් පිස්සු හොඳ වෙන්නෙ කම්මැලිකම ඉහට ගැහුවම තමයි.... ඒ උනත් විනෝදාංශ කියන ඒවා කොච්චර තිබ්බත් නරක නෑ කියන එකයි මගේ පිළිගත්ත අදහස.. ඒක නිසා එක පිස්සුවක්වත් උත්සාහ නොකර අතාරින්නේ නෑ... සමහර වැඩ කරන්න ගිහිල්ලා වටේම ඉන්න අයට අවුරුදු ගනං මාව අල්ලන් නෝණ්ඩි කරන්න මාතෘකා සපයලා දීලා තියනවා... මතකනේ මං අර එක දවසක් කිව්ව සම්බා කිරිබත් සීන් එක.. හි හි... 

මේ පහුගිය දවස්වල ඒ වගෙ පිස්සුවක් ඉහට ගහලා තිබ්බෙ.. කාලයක් තිස්සෙ හැදිලා තිබ්බ පිස්සුවක් උනාට එච්චර තද වෙලා තිබ්බෙ නෑ... අර පුරහඳ කිට්ටුවෙන කොට වැඩි වෙන ජාතියෙ ඒවා වගේම මේකත් වැඩි උනේ අයිලාෂ් අයියගේ පෝස්ට් ටික දැකලා... ඒ මදිවට අර සමනලියටත් මේ පිස්සුව හැදිලා තිබ්බා දැක්කා.. සමනලියගේ ෆොටෝ ටිකත් මාර ගති.. ගිහින් බලන්නකෝ ... 

ඉතිං පහුගිය ටිකේ අපේ මහත්තයා කැඩිච්ච වෑන් එකක් කෑලි කරගෙන ඉන්න අස්සේ මං වත්ත වටේ ඇවිද ඇවිද ෆොටො ටිකක් ගත්ත.. හැබැයි ඒ මගේ ෆොන් කැමරාවෙන්... ටික වෙලාවකින්ම වැඩේ එපා උනා... අතෑරලා දැම්මා.. 


මේක ගත්තෙ ෆොන් කැමරාවෙන් 




අද උදේ එළියට බහිද්දි ඇන්ටිගේ මල් පාත්තියේ මල් ටිකක් දැකලා ආයිත් පිස්සුව උත්සන්න උනා.. හෙට පෝයනේ .. ඒ හින්දා වෙන්නැති.. කොහොම හරි කැමරාවේ බැට්රියත් තිබ්බ එකේ ඔන්න පැයක් විතර දගලලා ෆොටෝ දෙකක් තුනක් ගත්තා.. 

මේ අර මැක්‍රොෆොටෝ පිස්සුව ගැන තමයි මෙච්චර වෙලා කියෙව්වෙ... මොකද කිව්වොත් අයිලාෂ් අයියගෙ පෝස්ට් ටික කියෝනකං මං දැනං හිටියෙ වත් නෑ මැක්‍රො ඔප්ෆන් එකේ තේරුම මොකද්ද කියලවත්.... හි හි..... 



කැන්ඩියන් ඩාන්සර් කියන මලේ නම හරියටම හරි කියලා හිතුනේ 
මේ ෆොටෝ එක අරන් කම්පියුටරේට දාලා බැලුවම තමයි... 



මහ කැත කඩියෙක් අප්පා... හි හි

මේ පිස්සුවෙ ආරම්භය ගැනත් ටිකක් කියන්න එපැයි... කොහොමත් මට ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ‌ෆොටෝ ගැනීමේ ආසාව තිබ්බ.. හැබැයි ඉතිං කැමරාවක් තිබ්බේ නෑ.. ගෙදර තිබ්බ කැමරාවත් අල්ලන්න හම්බුනේ ඒලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි... ෆොටොග්‍රැෆි කරන්න ආසාවක් ඒ කාලේ ඉඳලම තිබ්බත් ඉතිං මට තිබ්බ වැඩ කන්දරාවේ හැටියටයි, අතේ මිටේ සල්ලි නැති වීමයි හින්දා ඒක නිකම්ම යට ගිය කතාවක් විතරක් උනා... 

ඒ කාලෙදිම දැනගත්තා අපේ මහත්තයටත් ( ඒ කාලේ නිකම්ම මගේ පස්සෙන් එන එක්කෙනෙක් විතරයි.. හි හි) ෆොටෝග්‍රැෆි වලට උනන්දුවක් තියෙනව කියලා... ඒත් මේ ළඟදි දවසක් මං ඔය ගැන කතා කරද්දි මෙයා කියනවා එයාට ෆොටෝග්‍රැෆි වලට ආසාවක් තිබ්බෙ නෑලු.. දැං බැලුවාම කිසිම විනෝදාංශයක් නැති කෙනෙක් ගැන උදාහරණ ඕනෙ නං අපේ මහත්තයා තමයි හොඳම කෙනා...හි හි... 

ඔන්න එයාට කැඩිච්ච බස් කට්ටක් හරි වෑන් කට්ටක් හරි හම්බුනොත් නං අල්ලගෙන දඟලයි දවසම උනත්... හැබැයි ඒකට විනෝදාංශයක් කියන්න පුළුවන්ද කියල නං මං දන්නේ නෑ... හි හි.... 

කොහොම හරි සල්ලි නැති කමට සහ කරන්න වෙන වැඩ ජාති තිබ්බ නිසා යට ගිහින් තිබ්බ මේ පිස්සුව, ආයිත් හැදෙන්න මුල් උනේ මෙන්න මේ ෆොටෝ බ්ලොග් එක තමයි... පිස්සුව වැඩි කළේ අයිලාෂ් අයියා...  

ඔන්න ඔහොමයි හොඳට හිටපු මටත් කට්ටිය එකතු වෙලා පිස්සු හැදෙව්වෙ....  හැබැයි මට ඒකටත් දක්ෂකමක් නං නෑ වගේ කියලා තමයි දැනට දැනෙන්නෙ...  තව පිස්සු හදාගන්න කැමති අය ඉන්නව නං ගිහින් බලන එකයි ඇත්තෙ... හැබැයි ඊට පස්සේ මට එහෙම බනින්න එපා... ඔන්න කලින්ම වෝනිං දුන්නා.. ගියොත් පිස්සුව හැදෙනවාමයි.... හි හි

125 comments:

  1. හරි වගේ.... මෙයත් පටන් අරන් :))
    යකෝ පොටෝ දැකලා දැකලා දැන් අජීරණේ වගේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ දුවපිය යන්න... අපිද යන යන තැන අම්බලං උස්ස උස්ස ෆොටෝ ගහලා ෆේස්බුක් පුරවන්නෙ.... හි හි

      Delete
  2. යකෝ බලන් ගියාම අයිලාස් නේ ගොලියෝ හදලා තියෙන්නේ....!

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔය "ගොලියෝ" කියන වචනෙට මට කොපිරයිට් තියෙනවා...

      Delete
  3. මාවත් මතක් කොලාට ස්තුතියි හිරු. දැන් එතකොද මේ මම තමයි කස්ටියට පිස්සු වට්ටන්නේ ඈ...

    ෆොටෝ ටික හොඳයි, තම ෆෝකසින් ටිකක් මදි..

    ReplyDelete
    Replies
    1. අයිලාෂ් අයියා අර ෆොටෝ බ්ලොග් එක බැලුවද... ඒක මරු අප්පා... ඒකත් බලලා, ඔයාගේ පෝස්ට් ටිකත් බලලා, ඊටත් පස්සෙ පිස්සු නොහැදි තිබ්බොත් තමයි ඉතිං පුදුමේ... හි හි...

      මං කිව්වේ ඒකනේ.. මට ඕකට දක්ෂකමක් නෑ වගේ කියලා දැනෙනවා කියලා.... හි හි...

      Delete
  4. කැන්ඩියන් ඩාන්සර් ද අර මලේ නම.. දවසක් රෑක පිරිත් ගෙදරක ගිය වෙලාවෙ, එතන හිටපු දන්න කියන පොඩි එකෙක් මගෙ ෆෝන් කට්ටෙන් ඔය මලක පින්තූරයක් අරන් තිබුන. ඒ ඌට ඕන කරන වෙන 'මලක' පින්තූරයක් ගන්න දඟලන අතරෙ.. ඒක එච්චර පැහැදිලි නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඕක උඩවැඩියා ජාතියක්නෙ චන්දන... මං අහලා තියෙන්නේ නං ඔය නම තමයි...

      Delete
  5. //ඔන්න එයාට කැඩිච්ච බස් කට්ටක් හරි වෑන් කට්ටක් හරි හම්බුනොත් නං අල්ලගෙන දඟලයි දවසම උනත්... හැබැයි ඒකට විනෝදාංශයක් කියන්න පුළුවන්ද කියල නං මං දන්නේ නෑ... හි හි.... //
    කැඩිච්ච ,අත හැරලා දාපු දෙයක් ,පොඩ්ඩක් හරි වැඩ කරන ත්ත්වේට ගෙන්න පුළුවන් එකේන් දැනෙන සතුට ..අළුත් කලාකෘතියක් කරපු කලාකාරයෙක්ට දැනෙන සතුටයි අතර වෙනසක් නැහැ...
    අනිත් අතට මහත්තයා හිතනවා ඇති....අනේ මේ මනුස්සයාගේ විනෝදාංශ...ගැණු උයන පිහින එක විනෝදාශේ කර ගත්තට එක්කෝ මේ මනුස්සයා සම්බා වලින් කිරිබත් හදන්න හදයි....නැත්තම් උදේ පාන්දර ඉඳන් වත්ත වටේ දුව දුව කඩින්ගේයි කුඹින්ගේයි පින්තුර ගනියි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඇත්ත. මමත් ඔය කැඩිච්ච ගැජට් කෑලි අරන් හදනවා. මටත් ඔය හිරු කියල තියන එකම අහන්න ලැබෙනවා.. එකේ තියන විනෝදෙ දන්නේ කරන එක්කෙනා තමයි..

      Delete
    2. උයන පිහන එක නං මේ ආත්මෙදි මගේ විනෝදංශයක් වෙන එකක් නෑ ගයිජින්... හි හි...

      අපොයි... විනෝදයක් තියෙනව නං කමක් නෑ ඉතිං.... මට නං ඕකෙ විනෝදෙ එයා වටේ කැරකි කැරකි කට කැඩිච්ච කතා කිය කිය ඉන්න එක තමයි.... හි හි

      Delete
  6. පට්ට මටත් ඔය පිස්සුව හොදටම තියෙනව... මම තාම හොදවයින් ටිකක් එකතු කොරලම දාන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. හරි හරි .. දාන්නකෝ බලන්න... හි හි

      Delete
  7. පින්තූර පිස්සුවෙ හොඳම එක මට හැදිල තිබ්බේ දැනට අවුරුදු විසි ගානකට කලින්,එතකොට කැමරාවක් ගන්නව තියා හිතන්නවත් බැරිකාලේ.පස්සෙ කලෙක කැමරා අරගෙන පිස්සුව හොඳකරගත්ත,දැන්නං ඉඳල හිටලා පොටෝ ගන්නවා ඇරෙන්න පින්තූර ගන්න එළවිල්ලක් නෑ.කැමරා හතරක් නිකං පුස්කනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය පුස්කන ඒවායෙන් වැඩක් ගන්නේ නැතිනම මෙහෙට එවපිය.

      Delete
    2. යකෝ පුස් කන එකක් අපි වගේ අසරණයෙක් ට දීලා දාන්නකෝ හැලපයියේ.....

      Delete
    3. දැනුත් හොඳ කැමරාවක් දැක්කොත් ඇඟ නලියනව බංලා,පවුලගෙන් බැනුම් අහ අහ කොහොමහරි ගන්නවා.
      @අයිලාස්,නාඩියා
      ලංකාවට ආපු වෙලාවක හම්බවෙයල්ල,අයිලාස් අර නිකොන් එස් එල් ආර් ඩිජිටල් එකක් තියෙනව බං මට දුක ඒක නිකං තියෙන එක.

      Delete
    4. අනේ හැලපෙ ඕක අපරාදේ, නිකන් තිබිලම නරක් වෙනවා... අඩුම ගානේ ඩ්‍රයි බොක්ස් එකක හරි දාලා තියන්න. මෙන්න මෙතනින් ලාබෙට එකක් හදාගන්න හැටි බලාගන්න කැමරාව බේරාගන්න ඩ්‍රයි බොක්ස් එකක් හදාගන්න.

      දැනටමත් වැඩේ වෙලාද දන්නේ නැහැ.

      Delete
    5. අය්යා ....... මැලේසිය ආවොත් අපේ පැත්තටත් ඔය පුස්කන එකක් විසික්ක කොරන් පලයන් මගේ දෙය්යා ....

      Delete
    6. යකෝ මුන් පුස් කේක් ඉල්ලන ගානටනේ පුස් කාපු කැමර් ඉල්ලන්නෙ.

      Delete
    7. @අයිලාස්;
      ගොඩක් කල් පාවිච්චි නොකර පැත්තක තිබ්බාම ලෙන්ස් වල ෆන්ගර්ස් බැදෙනව නේද?
      මම නම් ඉස්සර ලොකු විදුරු භාජනයක යටට සිලික කැට දමා එයට උඩින් ස්ටේන්ලස් දැලක් රදවා එය උඩ ලෙන්ස් රදවා වසා තබනව.

      Delete
    8. ඔව් කෙන්ජි ඒ දවස්වල අපි එහෙම තමයි කලේ. එව්වට කීවෙත් ඩේසිකේටර් කියලා. නමුත් දැන් භාවිතා කරන්නේ ඩ්‍රයි බොක්ස් කියලා. ඒ දවස්වල humidity මීටර් එහෙම තිබුනෙත් නැහැ.

      Delete
    9. මං නැති උනාට මේ කට්ටිය සෙට් වෙලා කතාව දාං ඉඳලා තියෙන්නෙ... ඩූඩ් අයියා මොනවට අඬනවද මන්දා... හි හි

      Delete
  8. එල , මටත් ඔය පිස්සුව ඇති කලේ අයිලාෂ් ගේ බ්ලොග් එකයි එයාගේ කලාත්මක ෆොටෝස් ටිකකුයි තමයි...
    හිටහල්ලකෝ මමත් ෆොටෝ ටිකක් අල්ලලා දාන්න ..

    ReplyDelete
    Replies
    1. අයිලාෂ් අයියගේ වැඩේ නරකමත් නෑ නේ... හි හි

      Delete

  9. // දැං බැලුවාම කිසිම විනෝදාංශයක් නැති කෙනෙක් ගැන උදාහරණ ඕනෙ නං අපේ මහත්තයා තමයි හොඳම කෙනා...හි හි... //

    1. හරිම අසාධාරන කථාවක් මේක නම් . හි හි....
    2. අපේ මහත්තයා කියන එක මගෙ මහත්තයා කියලා වෙනස් කරමුද ?

    ReplyDelete
    Replies
    1. අසාධාරණ නෑ අනේ.. එයාමයි කියන්නේ ඕක... මං නෙවෙයි.... හි හි... අපේ මහත්තයා කියන එක තමයි මට පුරුදු වෙලා තියෙන්නෙ.. දැන් බ්ලොග් වල හැමෝම එයාව දන්නෙත් ඒ නමින්ම තමයි.... හි හි

      Delete
  10. මට නම් තාම ඔය පිස්සුව හැදිලා නෑ...හැබැයි පින්තූර ටික නම් ලස්සණ යි. ඔය වැ‍ඩේට ලස්සණ ඇහැක් ඕනෙ නේ.

    ReplyDelete
    Replies
    1. හිටු එහෙනම් පිස්සුව හදවන්න.

      Delete
    2. විනාසයි... හි හි

      Delete
  11. LISHwish පොටෝ ටික නම් සිරා.. මේටික සිරා නෙවෙ කිව්ව නෙවේ ඕං.. :)

    හිටු අරුගෙ මැකරෝනිය බලන්න ;)

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ ටික දැක්කම පිස්සු හැදෙනවා නේ.... හි හි

      Delete
  12. තවත් ඉන්නවා විනොදාංශයක් නැති ඔය හිරුගේ මහත්තයා කරන විනෝදාංශෙම තියන, ඒ සැමි අයියා.. අපරාදේ කියන්න බෑ එහෙම වාහනේ දිහා බලාගෙන ඉද්දි උයල තියන ඕනි දෙයක් කාල දානවා.. අනික කොච්චර සල්ලි තිබුනත් පරණ වාහනයක් අරගෙන හදනවා තරම් වෙන සතුටක් නෑ...

    ReplyDelete
    Replies
    1. හපෝ... මේ දෙන්න නං උපතෙදි මාරුවෙච්ච නිවුන්නුද මන්දා නදිනි.. හැබැයි අපේ එක්කෙනා නං හදන්නෙ අනුන්ගේ වාහන... හි හි

      Delete
  13. අප්පේ.. ඔය පිස්සුව හැදුනොත් නම් හොඳ කරගන්න හරිම අමාරුයි.. මේ මට හැදිලා තියෙන්නේ!

    ReplyDelete
  14. පලමු විනිසුරු......,
    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්, නමුත් ඔබගේ ඉරියවු පිලිබඳව මීටවඩා සැලකිලිමත් වෙන්න ඕන.නැවිල,පෙරලිල..ඇඹරිල ඡායාරූප ගතකරන්න ඔබ ඉගෙන ගන්න ඕන,තව මහන්සි වෙන්න ඕන..පෙර පුහුනුවීම් කරන්න ඕන.....ඔබට ජය පතනව..!

    දෙවන විනිසුරුතුමිය.....,
    දරුවො...ඔබ මීට වඩා ඉදිරිපත් කරන අංග පිලිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඔබව විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹනව.ඒ ගොල්ලන්ට අදහස් දක්වන්න ඔබ ඉතාහොඳ තේරීමක් කරන්න ඕන. හොඳ රූපසොයාගෙන ඔබ කැලෑගත වෙන්න ඕන..කැලෑවට හැඩගැහෙන්න ඕන..කැලේම කෙනෙක් වගේ වැරහැලි ඇඳගෙන රූප රචනා සොයාගෙන,නොකානොබී..පිස්සුවෙන් වගේ පින්තූර ගන්න තැන් හොයායන්න ඕන.............ඔබට ජයග්‍රහනය නියතයි...!

    ඇක්සන් ජැන්තනි මහතා...,

    හරිම අගෙයි..! ඔබගැන ආඩම්බරයි..!ඔබ හෙල කුල කාන්තාවක්..! ශ්‍රී ලාංකීය ජනතාවගේ හද ගැහෙන රිද්මය ඔබයි..! ඇත්තටම....පචෝදා..විනිශ්‍ය මංඩලේ ඉන්න එකම කාන්තාව විදියට ඔබටත් ආඩම්බර වියහැකියි.
    ඔය පින්තූර වල තියෙන මල් තමයි අපේ..යක්ක ගෝත්‍රිකයොත් කරට දාන මල්මාලා විදියට පාවිච්චි කලේ..ඒතරම් පූජනීය මල් වර්ගයක් ‍තෝරාගැනීම ගැන මම ඔබට කෘතඤ්ඤ වෙනව. නැගෙන හිර පලාතෙ ගවේශනය කරපු මල්ලාවල ඒදානන්ද ඔය ගැන පොතකුත් ලිව්ව....ඕබට මම ජය පතනව..!ආයුබෝවේවා..!

    ReplyDelete
    Replies
    1. පට්ටම කමෙන්ට් එක නියමයි අයියෝ.. ඇන්තනීව හොදට අද්යනය කරල තියනවා :D

      Delete
    2. ඊළඟ ස්ටාර් තෝරද්දි පනාපුත්‍ර කුහුඹුපැනියා ළඟින් වීයො උඹත් ඉන්දවනව විනිශ්චය කොරන්න.

      Delete
    3. මේ කමෙන්ට් එකට අපේ මහත්තයටත් හිනා පණ යන්න... හි හි.. ‌හොඳට කට්ටියව අධ්‍යනය කරලා තියෙනවා වගේ වීයා....

      Delete
  15. මොකක්ද හිරු අක්කේ අර පොටෝ බ්ලොග් එක පෙන්නලා මට කරපු අපරාදේ...

    ඒක නම් පට්ට බොගක්.

    ඔය පිස්සුව ගොඩක් උන්ට තියේ

    ReplyDelete
    Replies
    1. මං ඒක පෙන්නුවෙ තව කීප දෙනෙක්ව අමාරුවෙ දාන්න හිතාගෙන තමයි.. ඔයා අමාරුවෙ වැටිච්ච එක ගැන මට මාර හැපි.... හි හි

      Delete
  16. අයිලාශ් උඹටම තමයි පිස්සුව හොඳ කරලා දෙන්න වෙන්නේ.ඉස්සර නම් ඔය පිස්සුව හරියට සල්ලි යන පිස්සුවක් නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුව හොඳ කරලා දෙන එක සිම්පල් බන්, හොඳ කැමරාවක් ගන්න විතරයි තියෙන්නේ.

      Delete
    2. දැනටත් එහෙම තමයි අරූ.... මොකද කැමරාවක් කියන්නේ ලේසි පාසු ගානක්යැ... නිකම් ඩිජිටල් කැමරා වලින් ආසාවට ෆොටෝ ගත්තට හොඳ කැමරාවකින් ගන්න කොලිටිය ගන්න බෑ...

      Delete
  17. ඔය පිස්සුව වැඩිය උත්සන්න කරගන්න එපා. මහත්තයට පරණ වෑන් කට්ටක්වත් ගන්න සල්ලි නැතිවෙන වැඩක් ඕක. :D

    ReplyDelete
    Replies
    1. හි හි... එයාට පරණ වෑන් නම් ගන්න දෙන් නෑ මං...

      Delete
  18. නොද්දකින් ..මේකී කඩියයි ,කුරායි අඳුනන්නේ නැද්ද අම්මපා තාම. :D

    ReplyDelete
    Replies
    1. ඕක කඩියෙක් තමයි.. ඔය ලොකුවට පෙනුනට... හි හි

      Delete
    2. ඇ බං කඩියෙක් නම් කෝ දල. අනික බන් කඩියගේ ඔය පිටිපස්සේ ගෙඩියේ ඔහොම ඉරි නැ. තද කළු හරි රතුපාටට හුරු කලුපාට හරි තමයි අපි දන්නා කඩින්ගේ පාට. හෙහ් ..උඹලගේ පැත්තේ කඩි මෙහෙම වෙන්ටැ.

      Delete
    3. අලි තඩි කඩියෙක් තමයි අනේ... උගේ මූණ ෆොටෝ ගන්න ගිහින් මගේ අතත් කෑවා... මං නං එහෙම විතරයි කඩින්ව අඳුරගන්න දන්නේ... උන්ගේ හැඩරුව, පාට, ඉරි ගාන නං මං දන් නෑ .. හි හි...

      Delete
    4. @ itnishantha,

      හෙහ්, හෙහ්, දළ? උඹ ඔය කියන්නෙ ඇතෙක් ගැන බං...

      Delete
  19. අර පුස්කන එකක් හැලපයිය මේ පැත්තට විසික් කොරන් ගියොත් මමත් ඔය පිස්සුව කොම හරි හදා ගනිමි

    ReplyDelete
    Replies
    1. එහෙනං කාලාන්තරයක් බලං ඉන්න වෙයි... හි හි

      Delete
  20. බලාගෙන යනකොට මගේ පිස්සුව තියෙන තව අය ඉන්නවනේ අර අන්තිමට ලියලා තිබුන ටිකනම් මටත් හරි.
    පොඩි කාලේ ඒ කියන්නේ 6 වසරේදී වගේ තමයි මට ඔය පිස්සුව ඔලුවට ආවේ වැඩේ කියන්නේ එතකොට කැමරාව අල්ලන්නවත් දෙන්නේ නෑ. ෆෝන් එකක් ඇහැටවත් දැකලා නෑ.
    දැන් උනත් කැමරා ගන්න තරම් සල්ලි නැති හින්දම මහන්සියෙන් හම්බකරලා යන්තම් 5mp cam එකක් තියෙන ෆෝන් කට්ටක් ගත්තා.
    දැන් ඉතින් පිස්සා වගේ කොහේ ගියත් ෆොටෝ ගන්න එක තමයි වැඩේ හි හි ....

    ReplyDelete
    Replies
    1. එළ එළ.. මගේ ජාතියේ තව එකෙක්.. හි හි

      Delete
  21. විනෝදාංශ හැට හුටහමාරක් තියෙන කෙනෙකුට උදාහරණ හැටියටම මාව ගත්තෑකි. අපේ මහත්තයට ෆොටෝග්‍ර‍ෆි එපා වුනේ ඇයි කියලා හිතන එක ඔය හැටි අමාරු දෙයක්ද අප්පා? සුනාමිය ආවට පස්සේ මුහුදට තිබ්බ ආසාව අතෑරපු කී දෙනෙක් ඉන්නවද!

    වාහනයක් කෑලි ගලවගෙන ඉන්න එකත් පට්ට විනෝදාංසයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඕං .. දීකිරට බළලුත් සාක්කි.

      මට නම් ඔය තෙල් මජං ගාගෙන කරන වැඩ අරහං.

      Delete
    2. අඩෝ මදුරු නාසකා පලනවා බලාගනින් කන

      Delete
    3. මේං තව එකෙක්.

      Delete
    4. ඇයි බං මමත් විනෝදාංශ හැට හුටහමාරක් තියෙන එකෙක්. වාහන හැදිල්ල පුළුවන් උනාට DDT වගේ මමත් තෙල් මජං ගාගන්න කැමති නැහැ. නමුත් වාහනේ ලෙඩේ සද්දෙන් කියන්න පුළුවන්. හදන්න ඕන මොකක්ද කියලත් දන්නවා. (පෙට්‍රල් වාහන වල විතරයි)

      Delete
    5. හුටා.. දැන් අටමා මගෙත් කන පලයිද දන්නේ නැහැ.

      Delete
    6. හිරූ, මට පේන්නේ උඹත් දැන් සම්භාව්‍ය බ්ලොග් කාරිනියක් වෙලාද කොහෙද. ඒකනේ අපේ කමෙන්ට් වලට උත්තර නොදෙන්නේ.

      Delete
    7. //හිරූ, මට පේන්නේ උඹත් දැන් සම්භාව්‍ය බ්ලොග් කාරිනියක් වෙලාද කොහෙද. ඒකනේ අපේ කමෙන්ට් වලට උත්තර නොදෙන්නේ. //

      ඒකනෙ ඩූඩයියෙ.. අඩුම තරමෙ හි හි ගාල වත් පලකො අනිත් ඒවයෙ මාගල් එලන්න. :)

      Delete
    8. ඩූඩ් අයියා ඕක ඔය දෙවනි පාරට කිව්වෙ.. හි හි... ඒත් ඉතිං මට මොන සම්බාව්‍යද... මං මේ කෙහෙල්මලකට පැටලිලා හිටියේ.. ඔය පොඩ්ඩක් වෙලාව හම්බුන ගමන් අනිත් අලුත් පෝස්ට් ටික බලලා එනවා... හි හි...

      Delete
  22. මටත් ඔය පිස්සුව තියනවනේ අක්කෝ.... මාත් පහුගිය කාලේ ඔය වගේ පින්තූර ටිකක් දැම්මා :D

    ReplyDelete
  23. මමත් ඔය පිස්සුව තියෙනෝ. හැබැයි කැමරාවක් නැතෝ.

    ReplyDelete
    Replies
    1. හා.. එහෙනං ඉක්මණට කැමරාවක් ගන්න... එත‌ොකට බැරියැ පිස්සුව හොඳ කරගන්නවත්... හි හි...

      Delete
  24. අනෙ මන්ද පවු අපෙ මහත්තය

    ReplyDelete
    Replies
    1. එයා මොකට පවු වෙන්නද.. ඔය ඉන්නෙ හොඳට... හි හි...

      Delete
  25. මමත් ඔය අයිලාෂ්ගෙ ෆොටොග්‍රැෆි ගැන දාපු ලිපි ටික නිවාඩු වෙලාවක එක දිගට කියවන්න හිතන් ඉන්නව කාලයක ඉඳල. ස්කෑන් කරන්න ඕන ඒවා ෆොටෝ ගන්න විතරක් මගේ ළඟ තියන අයියගෙ කැමරාවකුත් තියෙනව පුස්කකා. දැන් බලන් ගියාම මාවත් පිස්සු වැටෙයිද මන්දා.

    ReplyDelete
  26. ඔය "අපේ මහත්තය"යි මමයි එකම බෝට්ටුවේද කොහෙද. මගෙත් විනෝදාංශයක් තමා කැඩිච්ච් මොකක් හරි ඉලව්වක් අල්ලාගෙන ඒක හදන එක. ඒක ආපහු වැඩ කරන්න ගත්තම මාර සන්තෝසයක් හිතට දැනෙන්නේ! අර මුල්ම ෆොටෝ එක ගහපු ෆෝන් එක මොකද්ද අෆ්ෆා?? එක නම් නියමයි.
    පිස්සු ගැන කතාවත් හරි තමා. මේ මට තිබ්බ එවලින් කීපයක්-
    ඩයිනොසොර් පිස්සුව,
    ටයිටැනික් පිස්සුව,
    හොල්මන් පිස්සුව,
    ඉතිහාස පිස්සුව,
    බයිසිකල් පිස්සුව,
    ප්ලේන් පිස්සුව,
    කෝච්චි පිස්සුව (දැනටත් ටිකක් තියේ),
    පිටසක්වල පිස්සුව (මේක තමා මේ දවස් වල නැගල යන එක)
    සහ ලාවට ෆොටෝ පිස්සුව.

    ReplyDelete
    Replies
    1. ඕවා නං මටත් තිබ්බ.. හැබැයි දැන් ‌හොඳ වෙලා... හොඳ වෙන්නේ නැති පිස්සු දෙකක් තියෙනව.. එකක් ෆිල්ම් බැලිල්ල.. අනිත් එක පොත් කියවිල්ල... හිහි

      ෆොන් එක සැම්සුං කට්ටක් අනේ...

      Delete
  27. ඇ බං හිරුවෝ උඹේ ෆෝන් එකේ එළට වදිනවනේ බං ෆොටෝ . ඒකට බලහංකෝ මගේ ෆෝන කට්ට ,

    අර මහන මෙෂින් ගැන ලියන වැඩේ නතර උනේ ඔය මගුලේ ෆෝන කට්ට හන්දා තමා , ඇයි බං ගන්න මෙලෝ සංසාරයක් පේන්නේ නැනේ , කට්ට කාලා වැඩ කරන ගමං පොටෝ අල්ලනවා පොස්ට් කටුවක් ලියන්ඩ කියලා , ඩුෆ්ට් වලට ෆොටෝ කෑලි ටික බෑවට පස්සේ පැහැදිලි නැ , ඉතින් අල්ලා දානවා වැඩේ

    .ඒ රෙද්දේ ෆෝන් එක දැන් චාජ්වෙන්නෙත් නැ , අටමගල කැඩිච්ච එකමයි හොද

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකට බැනලා හරියනවයි ගන්නකො අලුත් එකක්

      Delete
    2. මොකද්ද අෆ්ෆා ඒ ෆෝන් එක? යවමුද කටුගෙට? ගානක් දෙයි :-D

      Delete
    3. මගේ තියෙන්නෙත් අපේ මල්ලි ගෙනත් දුන්න සැම්සුන් ෆොන් එකක් අටම්... කැමරාව 5 මෙගා පික්සල්... එච්චර ලොකු ගානක් වෙන්න නං බෑ ඒක...

      Delete
    4. මගේ එක 1.3 එකක්නේ බං

      Delete
    5. අටමෝ 1.3 අඟල්ද?

      Delete
    6. 1.3MP කැමරා වල ෆෝකස් කරන්ඩ බෑනේ අටමෝ ඒකයි අවුල...
      sony ericsson K750 K770 වගේ ෆෝන් තමා අඩු ගානට ගන්ඩ පුලුවන් ෆෝකස් කරන්ඩ පුලුවන් හොද කැම් එකක් තියන ඒවට තියෙන්නෙ...5MP තියන එකක් අලුතෙන් ගන්ඩනම් 16000ක්වත් යනවනෙ...

      Delete
  28. කාලෙන් කාලෙට කැමති අකමැති දේ වෙනස් වෙනවා. ඒක තමයිනියම ජිවිතේ. කෙනෙක් කැමති දෙයක් තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන් . ඒත් තමන්ගේ සතුට වෙනුවෙන් ඒ කැමත්ත හරි වටිනවා. අර කැන්ඩියන් ඩාන්සර් මල ඇත්තටම ලස්සනයි. හරියට උඩරට නැට්ටුවෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඕකේ සුදු පාට මලකුත් තියෙනව.... ඒකත් හරි ලස්සනයි...

      Delete
  29. උඹලට තියෙන පිස්සු බැලුවම හිතෙනවා ලීෂ් උප්පත්තියෙන්ම මල්ටි පිස්සෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි අපිට විතරද පිස්සු තියෙන්නේ දැන්... හි හි

      Delete
  30. කැන්ඩියන් ඩාන්ස් මල තමයි මල.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,දවසක්ද පේරාදෙණියේ ගාඩ්න් එකේ ඔය කැන්ඩියන් ඩාන්ස් මල තිබිල මම පින්තූර ගන්නව හතර අතේ,පුතා කියනව,තාත්තෙ අර ගෙදර තියෙන්නෙ ඔය මල් ඕනැතරං මෙහෙ පින්තූර ගන්න ඕනැය කියල

      Delete
    2. අපොයි පටි රෝල්

      Delete
    3. ඒක ඇත්ත හැලප ගෙදරින් එලියට බැස්සම ගෙදර මලට වඩා වෙන මල් වලට මයි නෙත යන්නෙ.
      හැබැයි නෝන මීටරෙ හින්දද අහන්නෙම ඇයි ඔයාට මම පර මලක්ද?කියල.
      මම එහෙම වෙලාවට කියන්නෙ,දරුවො දෙන්නෙක් මට ඔයා දුන්නත් තාම මට ඔයා පොහොට්ටුවක් කියල.

      Delete
    4. කෙන්ජිගේ කටත් එක්ක වයිෆ් කොහොම ඉන්නවද දන්නෑ.. වළං ගැට්ටවල් එහෙම කරේ හිටින්නේ නැද්ද කෙන්ජි...? හි හි...

      Delete
  31. මටත් ඔය පිස්සුව ලාවට හැදීගෙන එන්නෙ..

    ReplyDelete
  32. මගේත් පිස්සුව මේකම තමයි.ඒ නිසා අත්දෙකම උස්සලා කැමතියි ඕංංංංංංංංංං මමත්.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්.. ඒක නං දන්නවා.... හි හි

      Delete
  33. ඔක්කොම නවත්තලා අයිලාෂ් ගේ බ්ලොග් එක බලන්න ගියා. දැන් තමයි ආපහු ආවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕකෙන් ගන්න පුළුවන් මලුයි, කූඹියි, වතුර බින්දුයි පමණක්ද ? ඈ

      Delete
    2. පුංචි දේවල් නේ... මං හිතන් ඉන්නේ අර රවි පල්ලෙහයින් කියලා තියෙන විදියේ ෆොටෝ ටිකකුත් ගන්න... හරි යයිද කියලා බලන්න... හි හි

      Delete
  34. මටත් ආසාවක් නම් තියනවා..

    මොකක්ද හිරු ඔය මැක්‍රෝ ඔප්ෂන් එක ..ෆෝන් වලටත් තියන එකක්ද.?

    .අපි ඉතින්..ෆොටෝ අරන්..වෙලාව බලලා..සිංදු අහලා..ගේම් ගහලා..වෙලාවක් තිබුනොත් විතරනේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නේ...

    multi purpose ෆෝන්...

    පින්තුර ටික නම් ශෝක් හොඳේ..

    ReplyDelete
    Replies
    1. අර තියෙන්නේ මලකුයි කොළ දෙකකුයි එක්ක ඔප්ෂන් එකක්.. ඒක තමයි ඔය...

      ආයිත් අහලා... මං නං කෝල් ගන්නෙම නෑ... හි හි

      Delete
  35. අඩේ ඔය මලුයි කඩියොයි රටේ නැති එව්ව ගන්න වෙලාවෙ ගනිං ඔය මැක්‍රෝ මොඩල් එකට මහත්තය ගලවල වටේට වනාගෙන ඉන්න ඇණ, මුරිච්චි ස්ප්‍රිං වගෙ කෑලි බෑලිවල පොටෝ…

    ඔන්නං මජං ගෑවිච්ච උන්දැගෙ ඇඟිලි නියපොතු එහෙමත් ගත්තෑකි.ආන්න අරං දාපං අපිට බලන්ටත් එක්කල බ්ලොග් එකේ...හෙහ්, හෙහ්, උඹ කෙරෙහි බැඳි එතුමාගෙ පේමය දෙගොඩ තලා උතුරා යනවට මොනවද ඔට්ටු?

    ReplyDelete
    Replies
    1. මං ඒක කරලා බලන්න හිතාගෙන ඉන්නේ රවී... හි හි

      Delete
  36. එච්චරම නරක පිස්සුවක් නෙමේ ..පොටෝ ටිකත් ලස්සනයි..හිරුගේ අපේ මහත්තය වගේ අපේ එක්කෙනාත් ඉස්සර චිත්‍ර ප්‍රදර්ශන බලන්න මාර ආසයි. කලාභවනේ හෙම ප්‍රදර්ශන බලන්න යමු කිව්වම එක පයින්.

    ReplyDelete
    Replies
    1. අපේ එක්කෙනා ඕවට කැමති නෑ බින්දි.... මං මෙච්චරකල් හිතං හිටියට එයා කැමතියි කියලා නැහැල්ලු... මෙලෝ රහක් නෑ අප්පා... හි හි

      Delete
  37. මටත් ඔය පිස්සුව තියෙනවා ,,හොද කරගන්න එපා ,,දකින දකින ආස හිතෙන ෆොටෝ ගන්න ,, ඔයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මටත් පිස්සුව ඇවිස්සුනා ,,මාත් තව ටිකකින් මගේ ෆොටෝ ටිකක් දාන්නන ඕනේ ඔව් ,,හි හි

    ReplyDelete
    Replies
    1. දැක්කා ෆොටෝ ටික... හි හි

      Delete
  38. දැං ඉතිං මෙයාගේ ෆොටොත් බලහල්ලකෝ...
    කාරි නෑ බලමුකෝ බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... මං ඉතිං ෆොටෝ දාන්නේ අවුරුද්දට සැරයයිනේ තරියෝ.. හි හි

      Delete
  39. මට නම් ඔය කැහිල්ල සුපිරියටම තියෙනවා.. අම්මගෙන් ගැටි කාලාත් තියෙනවා කැමර් එක උස්සන් දගලනවා කියලා.. ඒත් ගුටිකාලා බැනුම් අහල හොද පොටෝ එකක් ගත්තාම හිතට දැනෙන සතුට නම් කියලා වැඩක් නෑ..

    https://www.facebook.com/media/set/?set=a.688218927871653.1073741832.687471494613063&type=1&l=3b30c736fa

    මෙතන තියෙනවා මම ගත්තු පොටෝ ටිකක් :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ෆොටෝ ටික නං මාර ලස්සනයිනේ අප්පා.. මට ඉරිසියත් හිතුනා... හි හි

      Delete
  40. මේ පැත්තෙ ආවෙ හුග කාලෙකින් :) ඒ උනාට පහු ගිය ටිකේ ලිව්වෙ නෑනේ එච්චර .. ඒක හින්ද හොඳට ගියා.. ලස්සනයි පොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ලියන්නත් කම්මැලිකමේ හිටියෙ සමී....

      Delete
  41. වල් කොමටද මන්දා
    කහ මල් පොට්ටු තරම්
    ඇන්තූරියම් පොල් ල තරම්
    අන් මල් පොටෝ කෑලි හිතට
    ඇල් ලුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. මන්ද නෙවෙයි වල් කොම තමයි... හි හි

      Delete
  42. මට නං ඔය එක එක පිස්සු විනෝදාංශ නෑ... බ්ලොග් එක ලියන එක තමයි මගේ එකම එක විනෝදාංශය...

    ReplyDelete
    Replies
    1. මාත් දැන් දැන් ඒ විනෝදාංශයට හුරු වෙමින් යනව වගෙ දැනෙනව මට :)

      Delete
    2. ඔව් ඔව්... ඒකනේ තිසරගේ බ්ලොග් එකේ අර නයි පොලොන්ඟුත් පදිංචි වෙලා ඉන්නේ... නේද............ හි හි

      Delete
  43. කොච්චර ලොකු දෙයක්ද ? අයිලාස් මහත්තයට ගෝලයෙක්.. නෑ නෑ. ගෝලියක් !!

    ReplyDelete
  44. රතු පාට මලේ ෆොටෝ එක බොහොම ලස්සනයි...

    ReplyDelete
  45. ඒ ක්ලෝස් අප් ටික නියමයි මම නම් හිතන්නේ අර රතුපාට පීණි බින්දු තියෙන මල නං ශෝක් ,,
    එත් ෆොනේ එකේ කැමරා එක ලංකරලා වැඩියි වගේ ....
    අයිලාෂ් ඉතින් හැමෝගෙම විශේෂඤයනේ බැලුවහම ...:)))

    ReplyDelete
  46. මේ පිස්සුව උත්සන්න වෙලා තිබුනොත් නම් කැමරාවක් ගත්තත් හොඳ කරගන්න අමාරුයි. මුලින් ඔය පිස්සුවේ එන්නේ ෆොටෝ ගන්න තියන පිස්සුව, ඊට පස්සේ එන්නේ එක එක කැමරා, ලෙන්ස් ගන්න පිස්සුව. ඔය පිස්සුව මටත් හැදිලා තියෙන්නේ, හැබැයි හොඳ කරගන්න එක ගැන නම් දැන් හිතන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය දාලා තියන ෆොටෝ වලින්, අර වතුර බිංදු තියන ෆොටෝ එක තමා මගේ හිතට අල්ලලා ගියේ. හැබැයි ඒකෙන් කියන්නේ අනික් ඒවා නරකයි කියලා නෙමේ. :)

      Delete
  47. මම අදයි මේ පැත්තෙ ආවෙ ගොඩක් දේවල් තියනව වගේ කියවන්න...එකින් එක ටිකෙන් ටික කියවන්ඩ ඕන.... :)

    ReplyDelete
  48. රෝස මලේ ෆොටෝ එක හරිම ලස්සනයි හිරු :)
    මගේ ෆොනේ එකේ මැක්රෝ කියල ඔප්ෂන් එකක් නෑ නෙ

    ReplyDelete