අද උදේ කාන්තා දිනේ කිය කිය වැඩසටහන් යනකොට, ඊයේ පෙරේදා නලීන් අයියා දාපු පෝස්ට් වලට ආපු කමෙන්ට් බලනකොට මට හිතුන දෙයක් තමයි මේ දින වෙන්කිරීම ගැන ගොඩක් අය දක්වන අප්‍රසාදය... මම මේකේ හොඳක් දකිනවා කිව්වොත් කට්ටිය මාත් එකක් තරහා වෙයිද..?
අපි මෙහෙම හිතමුකෝ.... ඒඩ්ස් කියන්නේ හැමෝම දන්න දෙයක් මේ වෙනකොට... ඒත් ඒඩ්ස් මර්දන සතියක් ප්‍රකාශයක් පත්කරලා තියෙනවානේ... ඒ සතියෙදි හැමතැමනම ඒඩ්ස් ගැනමයි ඇහෙන්නේ.. මොන මළකරදරයක්ද කියලා හිතෙනවා නේද...අපිට අදාලත් නෑ.. ඒත් බලෙන් කනට වක්කරනවා....
ඔය සතියෙදි යන ප්‍රෝග්‍රැම් වලදි නිතරම කරන දැනුවත් කිරීමක් තමයි ඒඩ්ස් බෝවීමේ ක්‍රම ගැන.. ලිංගික සම්බන්ධතා වලින්,සිරින්ජර්ස්, බ්ලේඩ්ස් වගේ දේවල් වලින්,රැධිර පාරවිලයනයෙන් සහ මවුකිරි වලින් කියන ඒවනේ ප්‍රධානම.. මේ වගේ හේතු ගණනාවක් තියෙද්දිත් අදටත් අපේ ලංකාවේ ඒඩ්ස් හැදුන කෙනෙක් ගැන දක්වන ආකල්පය වෙනස් වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද...? ඒඩ්ස් කියන්නෙ ලාදුරු වගේ බෝවෙන රෝගයක් නෙවෙයි...
ඒත් නිකමට අපි කෙනෙක් පෙන්නලා මෙයාට ඒඩ්ස් තියෙනවා කිව්වොත් කී දෙනෙක් අඩි කීපයක් පස්සට යයිද..?
මේ වගේ දින, සති , මාස, අවුරුදු ප්‍රකාශ කිරීමේ ප්‍රධානම හේතුව සමාජය තුළ ආකල්පයමය වෙනසක් ඇති කිරීම කියලා මම හිතන්නේ... ඇත්තටම අද වෙනකොට අපේ රටට ආකල්පමය වෙනස්කම් රාශියක් ඕනේ කියලා ඕනේ කෙනෙක් පිළිගනී... ඉතිං මේ ජ්‍යාත්‍යන්තර දින ප්‍රකාශ කිරීමෙන් අපිටත් වැඩක් ගන්න බැරි වෙයිද කියලා මම කල්පනා කරනවා...
ගොඩක් අය කියන දෙයක් තමයි මවුවරුන්ගේ දින, පියවරුන්ගේ දින, කාන්තා දින, ළමා දින වලින් වැඩක් තියෙන්නේ බටහිර රටවලටනේ.. අපිට ඕවයින් වැඩක් නෑ කියලා... ඒත් ඒක ඇත්තටම එහෙමද... ?
මට නම් මේ දින කියන්නේ යමක් මතක් කරලා දෙන දෙයක්.... උපන් දිනයක් වගේ... මෙන්න මෙහෙම දෙයක් මට අමතක උනා නේද කියලා... හැමදාම අපි ළඟ ඉන්න අයට විශේෂ සැලකීමක් කරන්න හිතෙන වැදගත් දිනයක් විදියට මම සලකනවා... අම්මා හැමදාම මං ළඟ ඉන්නවා.. හැමදාම මගේ වැඩපල ටික කරලා දෙනවා.. අම්මා අමුත්තෙක් නෙවෙයි මට... ඒත් අම්මගෙ උපන් දිනේට, මවුවරුන්ගේ දිනේට මම උදේ පාන්දරම අම්මව බදාගෙන කිස් එකක් දෙනවා... අම්මට හරි සතුටුයි ඒ විශේෂ සැලකිල්ල ලැබුනට.. එයාව සතුටු කරන්න මට කරන්න පුළුවන් පුංචිම දේ මම කළා කියලා මටත් සතුටුයි...
දැන් අද මම ලියන්න හිතපු තව දෙයක් ගැන ලියන්න සුදුසු තැනට ආවා කියලා හිතෙනවා.. ඒ තමයි මං අර කලින් කිව්ව සමාජමය ආකල්ප වෙනස් කරන එක ගැන... කාන්තා දිනේ ගමුකෝ.. ( ඒක අද හින්දා.. හි හි)
ඩූඩ් අයියා එක කමෙන්ට් එකක කියලා තිබ්බා අපි මේ පාර ඉඳන්වත් ගෑණුන්ට “ කෑල්ල” “ බඩුව” කියලා කියන එක නවත්තමුද කියලා... මං ඒ වෙලාවේ කල්පනා කළා ඇත්තටම මේ චවන පාවිච්චි වෙන්නේ ඇයි කියලා...
අද තියෙන ලොකු ප්‍රශ්නයක්නේ කෙල්ලෙක්ට තියා කසාඳ බැදපු ගෑණියෙක්ට වත් නිදහසේ පාරක තොටක බැහැලා යන්න බෑ.. කුණුහරුප කියනවා.. විසිල් ගහනවා, මාරු බඩ්ඩ, මරු කෑල්ල, මරු ගල් දෙක කියලා කෑ ගහනවා... ත්‍රීවීල් ඇඟට කපනවා... ලොකු වාහන ඕනෙකමින්ම මඩ වලවල්වලට වට්ටනවා.. බස් වලදි ජැක් ගහනවා... රැකියා වලදි ලිංගික අල්ලස් ඉල්ලනවා... ඔය වගේ දේවල්... මෙතනදි ලොකුම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවන්ට තියෙන ගෞරවය නැති වීම නේ... මේකට වගකියන්න ඕනේ ඇත්තටම කවුද...?
කාන්තාවට ගෞරව කරන්න ඕනේ කියන එක ළමයෙක්ගේ හිතට මුලින්ම ඇතුල්වෙන්නේ කොතනින්ද...? මං එහෙම ඇහුවොත් ...
යම්කිසි අවස්ථාවක සමාජය තුළට ආපු මේ වචන දිගින් දිගටම භාවිතයේ රැඳිලා තියෙන්නේ අනුකරණය නිසා කියලා මට හිතෙනවා.. පොඩි අය ලොකු අය අනුකරණය කරන්න ආසයි... ලොකු අයියා මේ වචනේ පාවිච්චි කරනවා නම් පොඩි මල්ලිත් ඒක පාවිච්චි කරනවා.. එයත් ලොක්කෙක් වෙන්නනේ ආසා..
ඒත් කොහොමද තාත්තත් මේ වචනේ පාවිච්චි කරනවා නම් ඇතිවෙන තත්වේ....???
මට ඉන්නවා නානාප්‍රකාර නෑදෑයෝ... අම්මගේ පැත්තෙ නෑයෝ.. තාත්තගේ පැත්තේ නෑයෝ.. මහත්තයාගේ අම්මගේ නෑයෝ.. තාත්තගේ නෑයෝ.. ඔන්න ඔෙහාම... 300කට කිට්ටු වෙන්න ඉන්නවා ( ගාන හැදුවේ වෙඩින් එකේදි) මේ ඒ අයගෙන් ගත්ත උදාහරණ...
මට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්... පොඩි කාලේ ඉඳලා හිටියේ ඩේ කෙයාර් එකේ, මොන්ටිසෝරියේ, ඉස්කෝලේ... අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. තාත්තා එක්ක මෙලෝ යකෙකුට කතා කරලා බේරෙන්න බෑ... එයාගේ තනි මතේ විතරයි.. අම්මා ඒක නිසා තාත්තා එක්ක වැඩිය කතාවට යන්නේ නෑ.. තාත්තට රස්සාව තමයි තියෙන ලොකුම වගකීම.. ( ඇත්තටම එයාගේ රස්සාවත් ලොකු වගකීම් සහිත එකක්) තමන්ගේ පාඩුවේ ළමයින්ගේ වැඩපලත්, රස්සාවත් කරගෙන ඉන්නවා.. කොල්ලෝ දෙන්නම කට ඇරියොත් කුණුහරුප විමානයයි....අම්මයි තාත්තයි දෙන්නා ගෙදරදි වැඩිය කතාබහ කරනවා අඩු නිසා ළමයි ගැන කතාබහ කෙරෙනවත් අඩුයි.. ඉතිං මේ කුණුහරුප කියවිල්ල නවත්තන්න ක්‍රමයක් නෑ..
මට ඉන්නවා මාමා කෙනෙක්.. මට වඩා එච්චර වැඩිමල් නෑ..දෙන්නගේ අදහස් නොගැලපීමක් නිසා පවුල ඇතුලේ ලොකු ගැටුමක් ඇති උනා.. එයාගේ මොන්ටිසෝරි යන වයසේ දුව පුදුමාකාර විදියට මුරණ්ඩුයි.. කියන දෙයක් අහන්නේ නෑ.. හිතුවක්කාරයි.. ඉල්ලුවොත් දෙයක් නොදී නම් බේරෙන්න බෑ... අම්මයි තාත්තයි දෙන්නා කතා කළොත් රණ්ඩුවක්... මේ දේ දැක්කේ පැත්තකට වෙලා බලං හිටපු අය... පැහැදිලි කරලා දුන්නම දෙන්නම තේරුම් ගත්තා.. ප්‍රශ්න විසඳගත්තා විතරක් නෙවෙයි අද අර දරුවා හරිම කීකරු, හුරතල් කෙල්ලෙක්....පවුල හරිම එකමුතුයි...
තව පවුලක්... තාත්තා අම්මට ආදරේට තමුසේ කියනවා... නමුත් තමුසේ කියන්නේ නරක වචනයක් කියලා ඉස්කෝලේ උගන්නනවා.. දරුවා කල්පනා කරනවා තාත්තා කියනව නම් මේක නරක වචනයක් නෙවෙයි මම පාවිච්චි කළාට කියලා... ඉතිං දරුවත් කසාද බැන්ද දවසක තමුසේ කියලා බිරිඳට කතා කරයි... එයාගේ දරුවොත් ඒ විදියටම ගියොත්... කොතනකදි හරි ලොකු ගැටුමක් ඇතිවෙන එකක් නැද්ද ඔය වචනේ තදින් අප්‍රිය කරන බිරිඳක් ලැබුනොත්...
හරි ..ඔය ඇති නේ...
මං කියන්න යන දේ තෙරුම් ගන්න පුළුවන් ඇති මේ වෙනකොට... හෑල්ල ලිව්වේ අද වැඩිහිටියෝ වෙලා ඉන්න පරම්පරා දෙකක් නැත්තම් තුනක් අපි කොහෙහරි වරද්දගෙන තියෙනවා කියලා මට හිතෙනවා කියන්නයි....
කොහෙද මේ වරද්දගත්ත තැන....
දෙමවුපියෝ දරුවෝ ඈත් වෙච්ච එකයි ඒ තැන කියලා මට හිතෙනවා.. දෙමවුපියෝ දරුවන්ගේ විභාග ගැන තියෙන අවධානය දරුවන්ගේ චරිත සංවර්ධනය ගැන දැක්වුවේ නැති නිසා කියලා හිතෙනවා...
ඉස්සර තමුසේ කියලා මම වැරදිලා හරි කියපු වෙලාවක රිදෙන්න පාරක් දීලා අම්මා කිව්වා.. “ කරත්තකාරයෝ කතා කරන විදියටද කතා කරන්නේ ” කියලා...
අද වෙනකොට අම්මා කියපු දේ ගැන මම හිතනවා “ කාටවත් කාරයා කියලා කතා කරන්න හොඳ නෑ.. ඒකත් රස්සාවක් විතරයි ” කියලා.... ඒත් කාරයෝ හැමතැනම ඉන්නවා... ත්‍රීවීල්කාරයෝ, බස්කාරයෝ, පොලිස්කාරයෝ, මාළුකාරයෝ......... මේවා මටත් කියවෙන වචන... ඇයි.. මේවා ඇහිලා ඇහිලම ජීර්ණය වෙලා... ඒත් දැන්.... මම දරුවෙක් ඉන්න තැන කතාකරනකොට පරිස්සම් වෙනවා... එතනදි මම කල්පනාවෙන් කතා කරනවා... පොලිස් මාමා.... පාන් වෑන් එකේ මාමා.. මාළු ගේන අන්කල්... ඔය වගේ වචන පාවිච්චි කරනවා..
හැබැයි අර “ තමුසේ ” කිව්වම වැදුන පාර අදටත් මට මතකයි... මම තමුසේ කියන වචනේ කියන හැම පාරකම මට එනවා “ මං වැරදි චවනයක් කිව්වා” කියලා හැඟිමක්.... ඒක නිසා මම ඒ වචනේ පාවිච්චි නොකර ඉන්න දඟලනවා...
මේවා පුංචි දේවල්... සමාජයේ තියෙන දේවල්... එකපාරටම බැරි උනත් තව ටික කාලයක් යනකොට නැති කරන්න පුළුවන් දේවල්... හැබැයි මේවට මුල් වෙන්න ඕනේ දෙමවුපියෝ... අම්මට පරුෂ වචනයෙන් බනින තාත්තා කෙනෙක් ඉන්න පවුලක දරුවෝ තාත්තව ප්‍රිය නොකරන්න පුළුවන්.. මොකද අධ්‍යාපනය, සමාජය මඟින් පෙන්නනවා ඒක වැරදි දෙයක් කියලා.... අම්මා තාත්තව නොසලකාහරිනවා නම්, ගනං ගන්නේ නැත්තම් නම් දරුවෝ අම්මට අකමැති වෙයි.. ආදරය නොකර ඉඳියි...
තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය බලං ඉන්න පිරිමි දරුවා, ලොකු වෙලා කසාදයක් බැන්ඳම බිරිඳට සලකන්නේ අර තමන් දැක්ක දේ අනුව... තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය දකින ගෑණු දරුවා තමන්ගේ අනාගත සහකරුව මවාගන්නේ ඒ අනුව... අම්මගෙයි තාත්තෙගයි තමන්ගේ හැසිරීම් දරුවන්ගේ ඇහැට ප්‍රිය නම්, ආදරණීය නම් ඒ දරුවෝ සතුටින් ඉන්න ප්‍රීතිමත් දරුවෝ වෙයි.. ඔවුන් ගේ ජීවිත ප්‍රිතිමත්ව ගත කරන්න කැපවෙයි...
ඒ වෙග්ම ගැහැණු හෝ පිරිමි දරුවෙක්ගේ ඇහැට අම්මයි තාත්තයි එක හා සමානයි.... ඒ වගේම අම්මටයි තාත්තටයි ගෑණු දරුවෝ පිරිමි දරුවෝ එක හා සමාන විය යුතුයි... අර ආදි කාලේ ඉඳලා “ පොඩි එකා තමයි කවදහරි මං ගාව ඉන්නේ , කෙල්ලෝ කසාද බැඳලා යනවනේ ” කියන කතාව, “ ලෝකේ වටේ ගියත් කොල්ලෝ කිරෙන් නාවලා ගන්න පුළුවන්. කෙල්ලෝ එහෙම බෑ” කියන කතාව, “ කොල්ලන්ට වගේ කෙල්ලන්ට ඉහලට ඉගෙන ගෙන වැඩක් නෑ ” කියන කතාව වගේ සාම්ප්‍රදායික මෝඩ කතා අපේ සමාජෙන් අයින් කරන්න කාලේ හරි කියලා මම හිතනවා....
අඩු ගානේ එතෙකාට ඒ දරුවෝ ලොකු උනාම ඒ දේවල් තේරුම් ගනීවි.... අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ඉහලට ඉගැන්නුව ගෑණු ළමයෙක්ව කසාදෙන් පස්සේ ගෙදර නවත්තගන්න එක කොච්චර දුකක්ද කියලා පිරිමි ළමයි තේරුම් ගනියි... අම්මා වගේම තාත්තා කියන චරිතයත් දරුවෙක්ට මොන තරම්ද පරමාදර්ශි විය යුතුද කියන එක, ඒ ළමයි තේරුම් ගනියි... එතනම ආදරණීය බැඳීමක් ඇති වෙනවා මුලින්ම...
දරුවන්ගේ පරමාදර්ශය දෙමවුපියෝ... හොඳට හෝ නරකට.... කැරැල්ල පටන් ගන්නේ ගෙදරින්.... ඒ විප්ලවය හරි පැත්තට හැරවීම දෙමවුපියන්‌ෙග් යුතුකම, වගකීම.. මෙතන දෙමවුපියෝ කියන්නේ අම්මා නෙවෙයි... අම්මයි තාත්තයි දෙන්නම.... මේ වගකීම් තියෙන්නේ අම්මට විතරක් නෙවෙයි.. තාත්තටත් එක්ක... සල්ලි හම්බකිරීම වගකීමක් නෙවෙයි.. යුතුකමක්... ඒත් දරුවෝ හැදීම වගකීමක්... මේ යුතුකම සහ වගකීම අම්මටයි තාත්තටයි දෙන්නටම එක හා සමානව තියෙනවා...
අම්මයි තාත්තයි දෙන්නා දරුවො ඉස්සරහා එක හා සමාන ආදරයකින් සලකනවා නම්, වගකීමකින් හැසිරෙනවා නම්, ඒ පවුල ප්‍රීතිමත්, ආදරණිය, සාර්ථක පවුලක් වෙයි....
අපි කොයි වෙලාවේ, කොයි විදියට, මොන දේ ගැන කතා කළත්, ඒ හැම වෙලාවකම අපේ ප්‍රධනම බලාපොරොත්තුව, ලොකුම ආසාව, ලොකුම සතුට, ලොකුම වගකීම අපේ පවුල .. අපේ දරුවෝ.. නේද... ?
ඔන්න ඕක ගැන මට හිතෙන විදිය...