බොහොම සාමාන්‍ය විදියට මුහුදේ ඈත පැත්තෙන්... මට මතක විදියට ඒකට කියන්නේ ක්ෂිතිජය කියල... ඉර බැහැගෙන යනවා... වෙනදා වගේම තමයි... මම සුපුරුදු විදියටම මූදු වෙරලේ පත ගල් ගෙඩියක් උඩට වෙලා, පස්ස පැත්ත රිදි රිදී, මූද දිහා.... වැරදුනා... ඉර දිහා බලං ඉන්නවා.....
හැබෑට ඉර දිහා කෙලින් බලන්න පුළුවන් එකම වෙලාව මේක නේද....නෑ නෑ.. මට මතක විදියට සූර්‌යග්‍රහණයක් වෙලාවටත් පුළුවන්.. හැබැයි කෙලින්ම ඉර දිහා බලන එක හොඳ නෑලු.. වතුර බේසමකින් පේන ප්‍රතිබිම්බය හරි කලු කරපු වීදුරු කෑල්ලක් තුළින් සුර්‌යග්‍රහණය බලන්න කියලා ඉස්කෝලෙන් කිව්වා මතකයි.... හප්පා.. ඒ කොයි කාලෙකට ඉස්සරද....
ඇත්තටම අද මම මේ පාලු මුහුදු වෙරළකට වෙලා, මොලේ කචල් වෙච්ච ගෑණියෙක් වගේ මොනවා කල්පනා කරනවාද... වැරදියිනේ... අද විතරක්ද... පහුගිය මාස කීපයෙම මම මේක පුරුද්දක් විදියට කරනවා...
බොරුනේ... මේක පුරද්දක් වෙන්නේ කොෙහාමද... පුරද්දක් නම් මම නොදැනුවත්වම මේ වැඩේ කරන්න ඕනේ.. මම 4.30 ඉඳලා මටම මතක් කරනවා මූද පැත්තේ ගිහින් ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා....
හැබෑට මම මොනවා කල්පනා කරන්නද මෙතනට ආවේ....
වෙනදට නිදහසේ කල්පනා කරන්න මෙතනට එන එකේ, අද නම් මට හිතුනා ඉර බැහැගෙන යන හැටි චිත්‍රයක් අඳින්න... අවුරදු ගානකින් පින්සලක් අල්ලපු නැති මං කොහෙ චිත්‍ර අඳින්නද.. ඒත් මං පැය ගානක් හොයලා අද මගේ චිත්‍ර මල්ල එල්ලගත්තා කරේ... ඉස්කෝලේ යන කාලේ කරේ එල්ලන් ගිය චිත්‍ර බම්බුවෙන් පරණ කොලේකුයි, හයිය කාඩ්බෝඩ් කෑල්ලකුයි හොයා ගන්න තව පැය බාගයක් විතර ගියා.... දැන් මං ඒ ටික ඔක්කොම මූදු රැළි වදින්නෙ නැති හරියක පරිස්සමට තියලා මෙතනට වෙලා ඉර දිහා බලං ඉන්නවා....
මේක පුදුම වැඩක්නේ.. නිදහසේ කල්පනා කරන්න කියලා මම මෙතනට ආවේ.. මොනවට චිත්‍ර මල්ලක් උස්සන් ආවද මන්දා....
ඔන්න ඔන්න.. අත් අල්ලගෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එනවා මේ පැත්තට... හපොයි... මේ නාකි ගෑණියෙක් ගල් ගෙඩියක් උඩට වෙලා, කුණු ගෑවිච්ච මල්ලක් ළඟින් තියාගෙන ඉන්නවා දැකලා මොනවා හිතයිද දන් නෑ... චික්.. මං මේ මල්ල මොනවට අරං ආවද මන්දා.. ඒ මදිවට අද මම ඇඳාගෙන ආවෙත් හම්පඩ වෙච්ච පරණ සායක්.... ඇයි අප්පා.. චිත්‍ර අඳින්න ගියාම මම තින්න නාන හැටියට හොඳ ඇඳුම් අඳින්න පුළුවන්ද.... ඒකයි මම මේක ඇන්දේ....
දැන් නං ඉරේ කෑලිත් නෑ.. මොන චිත්‍රද දැන්.... කලුවරයි අප්පා... අර කොල්ලයි කෙල්ලයි මේ රෑ වෙනකම් මොනවා කරනවද මෙතන.. ගෙවල් වලට යන්නේ නැතුව... බැඳපු දෙන්නෙක් වෙන්න ඇති...
අප්පා.. බැන්ඳට පස්සේ කවුද ඔහොම අත් අල්ලන් යන්නේ. මාත් හිතුවා නේන්නං බඳින්න කලින් අපිත් හැමදාම ඔහොම ඉඳියි කියලා....
අන්න හරි... මං ආවේ ඒක කල්පනා කරන්නනේ... මොකද්ද අපිට උනේ කියලා .. අද මම තනියෙන් මේ ගල් ගෙඩිය උඩට වෙලා ඉන්නේ ඇයි කියල...
මේ මොන මඟුලක්ද.... යන්තම් මතක් උනත් අඬන්න වෙන නිසා ද මම මෙතනට ඇවිත් මේක කල්පනා කරන්න හිතුවේ...
බෑ බෑ.. දැන් බැ... හොඳටම කලුවරයි අප්පා.. තව ටිකකින් පාර පේන් නැතුව යනවා... අවුරුදු 30ක් උනත් මං නාකි ගෑණියෙක් නෙවෙයිනේ... මේ මහ දවල්වත් ගෑණියෙක්ට පාරේ ඉන්න පුළුවන් කාලයක්ද...
ඔන්න ඔහෙ දැන් ගෙදර යමං... හෙට බැරියැ කල්පනා කරන්න....
----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි
----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි
මොකද හිරුවෝ එක පාරටම රටාව මාරුවෙලා අද? සැබැ වෙනසක් ද?
ReplyDeleteයෑස්... හි හි
Deleteහ්ම්ම්.... හෙට කල්පනා කරන්න එපා.. හෙට ගිහින් චිත්‍රය අඳින්න....
ReplyDeleteඅමාරුවෙන් හොයලා ගත්ත එකේ දැන් අඳින්නම වෙනවා තිසර.. හි හි
Deleteඔව්වා ඔහොම තමයි, ඔව්ව ඔහොම තමයි
ReplyDeleteබැන්දට පස්සේ අර ලව් හැලිලා යනව ළමයි.
එහෙමද.................... හි හි....
Deleteහප්පේ...මුහුද දිහා බලාගෙන කල්පනා කරන්න තියෙනවානම් කොච්චර හොඳද..මම නම් හෙන ආසයි...
ReplyDeleteහි හි.. මාත් ආසයි... හැබැයි මුහුද දැක්කේ නෑ දැන් අවුරුදු 2කින් විතර.. හි හි
Deleteඅක්කගේ වයර් එකක් මාරුවෙලාද?
ReplyDeleteඑකක් නම් බැරියැ මලයා... හි හි
Delete//අප්පා.. බැන්ඳට පස්සේ කවුද ඔහොම අත් අල්ලන් යන්නේ. මාත් හිතුවා නේන්නං බඳින්න කලින් අපිත් හැමදාම ඔහොම ඉඳියි කියලා.... //
ReplyDeleteමේක නම් බොරු...
හිතලම අල්ලගත්තොත් මිසක් ඉස්සර වගේ නොදැනුවත්වම අත් පැටලවෙන ගතිය අඩු වෙනවා මගේ නම් අත්දැකීම අයිලාස්... හි හි
Deleteමට නම් හැමදාම ඉතිං මුහුද පේනවා.කල්පනා නම් කරන්න පුළුවන් ඇති වෙන්න.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හි හි... ගයනිට මුහුද ගෙදර වගේනේ...
Deleteමා දැන් මහලු වියේ පෙන්නන්නම බෑ ඔය සුකුරුත්තං ආදරේ.. ඒකද කියන්නේ.. හැක්... කොහාම උනත් බොහෝම වැදගත් ඉතා සිත්ගන්නා සුළු ඇත්තටම කිව්වොත් කන්කළු මඤ්ඤං දේශනයක්..
ReplyDeleteමංඤ්ඤංම තමයි... සුකුරුත්තන් ආදරේ නැති උනාම දුක හිතිලා මෙහෙම ඒවා ලියවෙන්නේ.. හි හි
Deleteදැන්නම් ප්‍රබන්ධය මොකක්ද නැත්තෙ මොකකද කියලා හිතාගන්න බෑ. හිරු ඇත්තටම චිත්‍ර අඳිනවද? හරි මෙහෙම වෙන්න හේතුව මොකක්ද බල්ලෙක් කෑවද? ඔලුව බිත්තියෙ වැදුනද? නැතිනම් delayed reaction එකක්ද?
ReplyDeleteමොනවද හිරු ඉන්න සින්ඩ්?
ප්‍රශ්න පත්තරයක් නේ.. ඉස්සර චිත්‍ර ඇන්දා.. දැන් නෑ.. බල්ලෝ කෑවේ නෑ... ඔලුවත් තාම යහතින් තියෙනවා... ටිකක් ඒ වගේ තමා... සින්ඩි කීයක ඉන්නවද කියලා මම දන්නෙත් නෑ ඩූඩ් අයියේ... හි හි
Deleteකතාව පුරාම හීනමානයක් වගේ එකක් පේනවා....ඒත් අන්තිම වාක්‍යයේ එහෙම නෑ..මට හිතෙන්නේ බාගෙට පිස්සු හැදීගෙන එන අවුරුදු 30 කෙල්ලෙක්ද කොහෙද ..! කෙල්ලෙක්..? නෑ නෑ..ගෑනියෙක්..!
ReplyDeleteහි හි.. හීනමානේ කතාව හරි වගේ නේද පැතුම්...
Deleteඅර සිංදුව අහන්න..
ReplyDeleteපුංචි පුතේ නුඹ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා..
ඇත්තටම බැන්දට පස්සෙ ආදරේ අඩුවෙන්නෙ ඇයි??
ඔක්කොවන්ටම කලින් උඹ බැඳලද කියහන් ?
Deleteඕවා ජනප්‍රිය බයිලා බන්..මටනම් එහෙම එකක් වෙලා නෑ.. ඔහොම වෙනවා ඇති ආදරේ කරන කාලෙ සිහින ලෝක වල ජීවත් වෙන අයට.. පොලවෙ පය ගහලා, මේක තමයි වෙන විදිහ කියලා තේරුම් අරන් හිටියොත්, බැන්දයි නොබැන්දයි කියලා වෙනසක් නෑ බන්.. ආදරේ ආදරේමයි.
අර ෆෝන් එකේ නම සේව් කරද්දි, my love වලින් පටන් ගන්න අය තමාලු අන්තිමට මල හෝන්තුව කියලා දාගන්නෙත්.. මමනම් එදත් නම විතරයි, අදත් නම විතරයි..
@සෙන්නා....++++++++++++++++++++++
Deleteසෙන්නා ෆොන් එකේ නම කියද්දි මාත් කල්පනා කළා.. අපි දෙන්නගේ තාමත් තියෙන්‌ෙන් හරියට නම් දන්නේ නැති කාලේ විහිළුවට දාගත්ත නම් දෙකමයි... හි හි....
Deleteසෙන්නා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.. ඒත් සමහර වෙලාවට සෑම් කියපු දේ තදට දැනෙනවා...
බැන්දට පස්සේ දෙන්නට දෙන්නාගේ ඉස්සර තිබ්බ එකිනෙකා ගැන තිබ්බ සැලකිල්ල අඩු වෙනවා කියලා හිතෙන්‌ෙන් නැද්ද... හරියට නිකම් ඉස්සර තිබ්බ වටිනාකම් නැති වෙලා වගේ.. කොච්චර දෙන්නට දෙන්නා පුරුදු වෙනවද කිව්වොත් අනිත් කෙනා ගැන හොයන්න දෙයක් නැති වෙන තරමට... එතකොට ආදරේ පෙන්නන එකේ වැදගත්කමත් අමතක වෙලා යනවා...එහෙම හිතෙන්‌ෙන් නැද්ද....
අර මං කලින් ලියපු අතිශයින්ම පිරිමින්ට පමණයි කියලා තියෙන ලේබලේ උඩ පොඩ්ඩක් කොටලා බලන්නකෝ....
වෙලාවකට බොළඳ ආදරේ හරි වටිනවා ජීවිතේ ලස්සන කරන්න.. විශේෂයෙන් වගකීම්, බර වැඩි වෙනකොට.... මන්දා ගෑණියෙක් හැටියට මම නම් ඒ ආදරේට ගොඩක් ආසයි....
අප්පට බොල හිරුවා නාකි ගෑනියෙක්ද? ඉතින් කොන්ඩේ ඩයි කරලා ෆෙෂල් එකක් දාලා ජීන්ස් බ්ලව්ස් ගහලා කෙල්ලෙක් වගේ ඉන්නකෝ.
ReplyDeleteඅද බැරි උන චිත්‍රය හෙට අඳින්න බැරියැ හිරූ
ReplyDeleteඅඳින්න වෙනවා දැන් නම්... හි හි
Deleteමේක බොහොම භයානක සෙල්ලමක්...
ReplyDeleteඇයි නංගියේ මේ...???
ReplyDeleteනිකම් අනේ... හි හි...
Deleteඇත්තටම එහෙම වෙනව ද.. ජීවත් වෙන්න සල්ලි හොයන්න ගියාම සතුට කියන එක අමතක වෙනවද මන්දා.. පෝස්ට් එකෙන් කියන්න හදපු දේ ගැන මට හිතුනු හැටි හරිද මන්දා..
ReplyDeleteඒකත් එකක්.. ඊටත් වඩා ටික කාලයක් ගියාම බැන්දේ එකිනෙකාට තිබ්බ ආදරේ හින්දා කියන එක අමතක වෙලා එතනට බඳින්න ඕනේ නිසා බැන්දා කියන කෑල්ල එනවා නේ.. ඒ වගේ කතාවක්...
Deleteමේක ගැන හිතන්න බෑ ඒ.. මගේ ඔළුවේ කැක්කුම වැඩි වෙනවා.. ;) පස්සේ හිතන්නම්...
ReplyDeleteඑපා හිතන්න.... හි හි
Deleteඈ....
ReplyDeleteසබං බෝල පුම්බලා දැං චිත්‍රත් අදිනවැයි...
ඒක නෙමේ හිරු අක්කේ අර කතාව කොයි???????
කතාව ටික දවසකට නැවැත්තුවා මලයෝ....
Deleteඔන්න ඔය චිත්ත ස්වභාවයට හේතු පිරිමි අපිට තේරෙනවා නම් පවුල් ආරවුල් ගොඩක් ලිහා ගත්තහැකි. කෝ ඉතින් ඇහුවට කියන එකක්යැ.. නෑ නෑ මොකුත් නෑ කියල බුම්මං ඉඳීවි.. දෙන්න හිතෙන්නෙ එතකොට පස්ස පැත්තට දුං යන්න පාරක්..
ReplyDeleteලොකු දෙයක් නෑ සරත් අයියේ... මෙහෙම දෙයක් කියවෙනවානම්, පෙන්නනවානං තියෙන්නේ එකම දෙයයි.. ගොඩක් ආස කරපු පුංචි දෙයක් නැති වෙලා බව තේරුම් ගන්න එක විතරයි... හරි පුංචි දෙයක් කරලා ජීවිතේම අලුත් කරන්න පුළුවන්.. මුකුත් නෑ කියලා කියන්නේ කිව්වට වැඩක් නෑ කියලා හිතෙනවා නම් විතරයිනේ.. ඒ වෙලාවට රු 100 චොක්ලට් එකකින් ලොකු අවුලක් හරිගස්සන්න පුළුවන්.. ( චොක්ලට් එක මට විතරද දන් නෑ අදාල.. හි හි)
Deleteනමුත්, විවාහයක් නැතිනම් සමාජයෙන් ලබෙන වටිනාකම හීන වී යන බව ද අමතක කළ නොයුතුයි.
ReplyDeleteවෙලාවකට මම හිතනවා අපි වැඩි දෙනෙක් කසාද බඳින්‌ෙන් සමාජෙට බයේ නෙවෙයිද කියලා නිර්මලා...
Deleteහා....! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි...
Deleteඉස කුඩිච්චියක් නම් දාන්නම වෙනෝ. අපූරුයි බං මේක පොඩි පර්යේෂනයක් වගේ.
ReplyDeleteඅනේ නෑ සරා අයියේ.. හි හි
Deleteහෙට යන්න කල්පනා කරනව කියල හිතාගෙන. එතකොට චිත්‍රයක් ඇන්දහැකි.
ReplyDeleteහි හි.... ආයි යන එකක් නෑ වගේ...
Deleteඅනේ මාත් ආසයි මුහුද දිහා බලන් ඉන්න. කොච්චර හිටියත් එපා වෙන්නේ නෑ.....
ReplyDeleteහැබැයි මේ කතාව කියෝලනම් මට මඤ්ඤං වගේ......
ඔන්න ඔහේ හෙට ගිහින් චිත්‍රයක් ඇදලා එන්න......
හි හි.. මංඤං වෙන්න එපා අනේ.... හි හි
Deleteලඟදි ඇඳෙන් වැටුනද?.
ReplyDeleteමතක නෑ බං... හි හි
Deleteසහතික ඇත්ත, පිරිමි කසාදෙන් පස්සෙ අදුරන්නෙ නැති එකෙක් වෙනවා... එතකොට තමයි අර නන්දා මාලිනී මහත්මිය කියන දේ ඇත්ත කියල හිතෙන්නෙ...
ReplyDeleteඒ වෙලාවට අපිට හිතෙන දේවල් මෙයාලටත් දැනෙනවා නම් අර ඊයේ නලීන් අයියා දැම්මා වගේ පෝස්ට් වැටෙන එකක් නෑ නදිනි...
Deleteමං ඒත් බැලුව කෝ කියලා. එහෙනං බ්ලොග් බැලිල්ල පැත්තක තියලා වැල්ලේ ඉඳන් කුරුටු ගාලා. බලාගෙන කෝටි ගණන් වලට ඉල්ලන්න බැරි නෑ. සම්භාව්‍ය චිත්‍ර කියන්නේ තේරුම් ගන්න අපහසු එවටනේ.
ReplyDeleteහි හි... ඒ ගැන නම් කියලා වැඩක් නෑ සුදීක අයියේ... හි හි
Deleteමා දැන් මහලු වියේ ( forever alone ) :P :P
ReplyDeleteදහසක් මැද තනි උනාම ඔහොම කල්පනා උපදිනවා. ආයේ අපි අර දහසත් එක්ක ජිවිතේ සටන් බිමට ගියාම එව්වා නෑ... නඟින කඳු සුන්දර වෙන්නේ නිදහසේ පල්ලම් බැහැගෙන යද්දි අමාරුවෙන් නැග්ග හැටි මතක් වෙන කොට.
ReplyDeleteආහ් අපරාදේ කළුවර වැටුණේ... අර චිත්‍රය අපරාදේ... අදින්න හොද මූඩ් එකක් ආයේ ආවොත් ඒක ඇදලා දාන්න... අපිටත් බලන්න
ඇඳලා දාන්න ඕනේ පියුමි ඒ චිත්‍රෙ... නැත්තම් කටුවක් ඇනුනා වගේ තමා... හි හි
DeleteThis comment has been removed by the author.
ReplyDelete//..මේ නාකි ගෑණියෙක් ගල් ගෙඩියක් උඩට වෙලා, කුණු ගෑවිච්ච මල්ලක් ළඟින් තියාගෙන ඉන්නවා දැකලා මොනවා හිතයිද දන් නෑ.....//
ReplyDeleteඅනේ මංදා....... හික්ස්...
සිත්තරුන්ට "ඉර බැස යන සැන්දෑවක්" කියන්නෙ ලෝක පූජිත මාතෘකාවක්.... (පොඩි කාලෙ චිත්‍ර දහයක් ඇන්දොත් පහක්ම "ඉර බැස යන සැන්දෑවක්" තමා)
ආයිත් අහලා... හි හි
Deleteමට හිතුණ හරි. සබන් බෝල පුම්බන්න යනකොටම. අනේ ඒක බොලාගේ නැන්දම්මා දැක්කනම්... බම්බුව උස්සගෙන වැල්ලට යනවත් දැක්කනම්.... අනිවා ඩෙෆා.. පිස්සන් කොටුඋවටම තමයි යවන්නේ.
ReplyDeleteඋඹේ ඔලුව ගලක එහෙම වැදුණේ නෑනේ?
හැබැයි හිරුවෝ උඹ ඇඳපු චිත්‍රෙනම් හරිම කලාත්මකයි, භාවාත්මකයි, නිර්මාණශීලියි, උත්කෘෂ්ඨයි, නිද්‍රාශීලියි, සම්භාව්‍යයි. ඒ කාලේ උඹ හිටියනම් බීතෝවන් කැලේ.