අද උදේම සුදීක අයියගේ සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන්ද? කියලා තිබ්බ පෝස්ට් එක දැකලා මං මගේ බ්ලොග් රෝලේ තිබ්බ පරණම බ්ලොග් කීපය ආයිමත් දිගඇරලා බැලුවා... අලුත් ඒවා ගොඩක් තියෙන නිසා බ්ලොග් හොයාගන්න අමාරු උනත්, ඒවායේ තිබ්බ සමහර නිර්මාණ තාමත් මතක නිසා හොයා ගත්තා...
මම 2010 අන්තිම හරියේ මේක පටන් ගත්තට ඇත්තටම ඊට ගොඩ කාලෙකට කලින් බ්ලොග් කියවන්න පුරුදු උනේ... ඒ කියවපු බ්ලොග් අතර තිබ්බා නිර්මාණාත්මක අතින් උසස්ම තත්වයේ තිබ්බ බ්‌ෙලාග් කීපයක්...
ඇත්තටම මට අද හිතුන දෙයක් තමයි බ්ලොග් කෙරුවාව අදට වඩා වෙනස් තත්වයකින් එදා පැවතුනා කියන එක... මට පෙනුන විදියට මුල් කාලේ තිබ්බ බ්ලොග් වැඩි හරියක් තිබ්බේ කතා, කවි වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පටන් ගත්ත ඒවා වගේ.. ඒ කියන්නේ තමන්ට ලියන්න පුළුවන් උනත්, ඒකට අවස්ථාවක් නොලැබී ගිය අය, තමන්ට හදාගත්ත වේදිකාවක් වගේ... ඒක නිසා මුල් කාලයෙදි බ්‌ෙලාග් වල හාෂාව උසස්, සාහිත්‍යමය රසයෙන් පිරිලා... සමහර ඒවා නම් කියවලා තේරුම් ගන්න නම් මාරයියා කියනවා වගේ කවි තෙල්, නැටුම් තෙල් බොන්න වෙනවා... හි හි...
ඉතිං ඔය නිර්මාණ කියවන නවක නිර්මාණකරුවන්, කාරිනියන් තමන්ගේම බ්ලොග් එකක් පවත්වාගෙන යනවා වෙනුවට එකතුවෙලා නිර්මාණ ඉදිරිපත් කරන්න පුලුවන් “ බූන්දිය” වගේ සයිට් වලට එකතු වෙලා නිර්මාණ ඉදිරිපත් කරන්නත් පටන් ගත්තා.. ඇත්තටම බුන්දිය හරහා බිහිවුන නවක නිර්මාණකරුවන් ඉන්නවා අද වෙනකොට ජනප්‍රිය නවකතා, කෙටිකතා, කාව්‍ය නිර්මාණ රචකයො...
පස්සේ කාලෙකදි ඒ බ්ලොග්කරුවන් අතර සුහදතාවය වර්ධනය වෙන්න ගනිද්දි, බ්ලොග් ගෙට්ටු පැවැත්වෙද්දි, බ්ලොග් වල පෞද්ගලික තොරතුරු ඇසුරෙන් ජීවිත අත්දැකීම් වගේ තොරතුරු ලියවෙන්න පටන් ගත්තා.. ලියන භාෂාවෙන් කියන භාෂාවට මාරු උනා... භාෂාව සරල උනා... ඒ අතරදි කෙනෙක්ගේ ජීවිත අත්දැකීම් කියන්නේ ලංකාවේ නම් බොහෝ දුරට පසුබිම සමාන වෙන්න පුළුවන්... හිතන්නකෝ ගමේ ඉස්කෝලෙන් නගරෙට ඇවිත්, කැම්පස් ගිහින් රස්සාවක් කරන කෙනෙක් ඒ කාලේ ලබපු අත්දැකීමක් ලිව්වොත්, ලංකාවේ ගොඩ දෙනෙක්ට ඒ පසුබිම තියෙනවා... ඒක සමීප අත්දැකීමක් වෙනවා.. ඉතිං හිත බැඳෙනවා ඒ කතාවත් එක්ක... ඔන්න අර සාහිත්‍ය රසය විඳින්න බැරුව පැත්තකට වෙලා හිටපු අයටත්, මේවා කියවලා රස විඳින්න පුළුවන් වෙනවා... ඉතිං කියවන කට්ටියත් වැඩි උනා ඔහොම යනකොට...
ඔෙහාම කියව කියව ඉන්න අතරේ කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ අත්දැකීම් මටත් තියෙනවානේ.. මටත් මේවා ලියන්න පුලුවන්නම් හොඳයි කියලා... ඉතිං එයත් බ්ලොග් එකක් පටං ගන්නවා... ඔය විදියට නිර්මාණකරණය ගැන ඒ තරම් තේරුමක් නැති උනත්, ලියන දේවල් ඇත්තටම භාෂාව ගලපලා ලියන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඉක්මණට ජනප්‍රිය වෙනවා...
ඔය අතරේ පටන් ගත්තා අපේ සමාජයේ එළිපිට කතා කරන්නේ නැති දේවල්, කතා කරන්න බැරි දේවල් මේ බ්ලොග් අවකාශය ඇතුලේ කතා කරන්න ... ඇත්තටම ඉංග්‍රීසි බ්ලොග් වලයි, සිංහල බ්ලොග් වලයි මං දකින ලොකුම වෙනස ඒකයි.... ඇත්තටම සිංහල බ්ලොග් ඇතුලේ පෝස්ට් එකකට, කමෙන්ට් එකක් දැම්මම, ඒකට රිප්ලයි එකක් දාන්න පටං ගත්තේ මේ හින්දයි කියලා මං හිතන්නේ.. ඉංග්‍රීසි බ්ලොග් වල ලියවෙන ගොඩක් දේවල් ඒ අයට සමාජයේ එලිපිට කතා කරන්න පුලුවන් විදියේ මාතෘකා... ඉතිං ඒ අයට කමෙන්ට් දදා ඒවා කතා කරන්න ඕනේ නෑ.. ඒත් අපිට තාමත් ඒ නිදහස අඩුයි.. ඉතිං මේක ඇත්තටම හොද වේදිකාවක් සමාජ කතිකාවතක් හදන්න... විශේෂයෙන් දේශපාලනය වගේ මාතෘකා... ( මට ඒවා පටන් ගන්න කාලේ මඟඇරුනා මං හිතන්නේ.. විශේෂයෙන්ම ටැබූගේ පෝස්ට්... ) අඩුම ගානේ රට ඇතුලේ සංසරණය වෙන මාධ්‍ය වල අහන, දකින,කියවන දේට වඩා වැඩි දෙයක් ඒ සම්බන්ධයෙන් ලියවුනු බ්ලොග් පෝස්ට් එකක් සහ ඒකේ කමෙන්ට් ටික කියෙව්වම ගන්න පුළුවන්...
ඔය මං කිව්වේ ව්‍යාපාරික හෝ ව්‍යාපෘතික වශයෙන් පවත්වාගෙන යන බ්‌ෙලාග් ගැන අතෑරලා...
දැන් දැන් අලුතින් ප්‍රවණතාවයක් තියෙනවා ඉස්කෝල වල ප්‍රොජෙක්ට් සහ පාඩම් මතක තියාගන්න ක්‍රමයක් විදියට අවුරදු 17ට අඩු ළමයි පවා බ්‌ලොග් ලියන්න පටන් ගන්න එක... අර ඉස්සර කියනවානේ තව කෙනෙක්ට කියලා දුන්නම තමන්ට වඩා හොඳට පාඩම් හිටිනවා කියලා... මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ.. ඉතිං ඒක හොඳ ප්‍රවණතාවයක්... හැබැයි අම්මලා තාත්තලා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක නම් කෝකටත් හොඳයි... බ්ලොග් අවකාශයේ ඒ වයසේ ළමයින්ට තේරෙන්නේ නැති විදියේ සහ වයසට නොගැලපෙන විදියේ කතාබහ ඇතිවෙනවා කියන එක දැනගෙන හිටියම හරි... නැත්තම් සමහර වෙලාවට අවුරුදු 30ත් පැනපු බැඳලා ළමයි ඉන්න කට්ටියකගේ කතාවක් මැද්දට, අවුරුදු 12ක විතර ළමයෙක් පැනලා “ මරු කතාව ” කියල කිව්වම මට නම් පොඩ්ඩක් අප්සට් යනවා.. හි හි....
( මට සාධාරණ සැකයක් තියෙනවා ලංකාවේ සිංහල බ්ලොග් වලින් මුලින්ම පටන් ගත්තේ සෙක්ස් ගැන ලියවුනු ඒවද කියලා... මට මතකයි 2006 විතර වෙනකොටත් yahoo, Google ගෲප් තිබ්බා සිංහලෙන් ලියවුනු වැල කතා සහිත ඒවා...හි හි )
ඔන්න ඔහොම පටන් ගත්තා සිංහල බ්ලොග් එකින් එක වැඩි වෙන්න... මේ වෙනකොට ඒ අතරේ නිර්මාණාත්මක හැකියාවන් තියෙන අය, එහෙම බැරි උනත් කතාවක් රස කරලා කියන්න (ලියන්න) දක්ෂ අය, ආදරෙන් පැරදුන අය ( හි හි) , දේශපාලනික මතයක් ඉදිරිපත් කරන්න හදන අය හිටියා...
ඔය අතරේ තිබ්බා “අෙසනිය කුසුම ” නමින් රාජකීය විද්‍යලයේ තිබ්බ සාහිත්‍ය මහෝත්සවයේ කොටසක් විදියට සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමකුත්.. මට මතක විදියට 2009/2010/2012 වසර වල මේක තිබ්බා.. සමහර විට මම මේ කාල වකවානු ගැන නම් වැරදි ඇති... මොකද ඒ කාලයේ මම බ්ලොග් වලින් ඈත් වෙලා හිටපු නිසා....
ඔය අපේ සඳරු මලයා ලියන “ හිස් අහස ” , බුද්ධි ලියන “ සයිබර් යාය” , එතෙකාට කට්ටියම එකතු වෙලා ලියන “ ONE ZERO ZERO” එහෙම ඔය විදියට සම්මාන ලබපු බ්ලොග් අඩවි තමයි.... තව තියෙනවා. ඒත් මට දැන් මතක නෑ...
හරි.. හෑල්ල පැත්තකින් තියමු... මං මේක ලිව්වේ පොඩි දෙයක් පැහැදිලි කරගන්න.. ඒ කිව්‌ෙව් මටත් එක්කම..... මේ පරණ බ්ලොග් කියවන කොට මට හිතෙන දෙයක් තමයි මං මේ මොනවද ලියන්නේ කියන එක.. ඇත්තටම ඒ බ්ලොග් එක්ක බැලුවාම මං ලියන දේවල් හරියට මල් ගස් වටේ දුවන හින්දි පිචෑර් එකක් වගේ.. මෙලෝ රහක් නෑ.. ඒ උනාට බලාගෙන ඉන්න පුළුවන්... හි හි...
ඒත් ඒ බ්ලොග් වල ලියවුනු ඒවා සාහිත්‍යමය අතින් උසස්, භාෂාමය අතින් උපරිම ඉහලයි, රසවින්ඳනාත්මක අතින් උපරිමයි... ඒවා හරියට සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලේ ෆිල්ම් වගේ.. හි හි ( එහෙම කිව්වේ සමහර ලිපි ඔය මණ්ඩලේට අහු වුනොත් කැපිලා කෙටිලා , සුන්බුන් ටිකක් විතරක් එළියට එන්න ඉඩ තියෙන හින්දා.. හි හි)
අදටත් ඒ වගේ නිර්මාණාත්මක, ලස්සන ලිපි පළවෙන බ්‌ෙලාග් තියෙනවා... මට කවි ටිකක් අරහං නිසා මං කවි ලියවෙන ඒවා බැලුවත් කමෙන්ට් කරනවා අඩුයි.. මොකද කියවලා “ මරු කයිය ඈ” කියලා දාලා එන්න මට හිතෙන්නේ නැති නිසා.... ඒත් මම ඒ හැම එකම කියවනවා...
දැන් ඉතිං මං මේ පෝස්ට් එකේ පුද්ගලික බ්‌ෙලාග් එකක් වත් ලින්ක් දීලා ප්‍රමෝට් කරන්‌ෙන් නෑ.. මං දන්නවා ඒවා ලියන අය පවා එහෙම කරනවට අකමති බව.. ඉතිං මට කියන්න තියෙන්නේ අපේ අලුතින් බ්ලොග් ලියන්න එකතු වෙච්ච කට්ටියට ඔන්න ඔය පරණ බ්ලොග් ටිකක් පුළුවන් නම් හොයාගෙන කියවන්න... සමහර විට බ්ලොග් වලින් කරන්න පුළුවන් මීට වඩා වැදගත් දෙයක් ඔයාලට අහුවෙන්නත් පුලුවන්....
ඒත් මෙන්න මේ බ්‌ෙලාග් එක, අමුතු කතාවක්, මෙච්චර කල් අහු උනේ නැත්තම්, පොඩ්ඩක් කියවලා බලලා, දිගටම ඇඳගෙන යන්න පුළුවන් නම් මං හරි ආසයි... මොකද මේක හරි අමුතු වැඩක්... මම දන්නේ නෑ මේක කාගේ අදහසක්ද, කවුද පටන් ගත්තේ වගේ දේවල්.. ඒත් මං හිතනවා අද වෙනකොටත් මගේ පෝස්ට් බලන, මේ වැඩේට සම්බන්ධ හෝ මේක කරන අයව දන්න කට්ටිය, මේ කතාව ආයිත් පටන් ගන්න කැමති අයට ඕනේ කරන විස්තර කමෙන්ට් එකකින් දානවා නම්... මොකද අදටත් ඉන්නවා හොඳ නිර්මාණකාරයෝ මේ බ්‌ෙලාග් අවකාශේ.... හරි .. මං බොරුද කියන්නේ ළමයි..... හි හි...
ෆොටෝ එක ගත්‌තේ අමුතු කතාවක් බ්‌ෙලාග් එකෙන්...
පින් කිව්ව විස්තර ටිකට..මාත් බ්ලොග් ලෝකෙට අලුත්.....අලුතෙන් බ්ලොග් ලියන අයට පලු යන්න බනිනවට වඩා මෙහෙම පොස්ට් එකකින් දෙන උපදෙස ගොඩාක් වටිනවා...තැන්කු ආ..
ReplyDelete(පල්ලෙහාට යන්න තියෙන සුපුරුදු කම්මැලි කම නිසා මෙන්න මෙතන කොටනවා...)
Deleteමටනං ඔය පරණ අළුත් භේදය එපා උනා කාළෙකට කලිං...
අපි ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරන එක සමහර මිනිස්සු වහල් කමක් කරගත්තා...
මටනං එහෙම ජ්‍යෙෂ්ඨයෝ වැඩක් නෑ...
අපි වැරැද්දක් කරනවනං අපිව හරි මාර්ගෙට ගන්න උපදෙසක් දෙන මිනිස්සුනං මට වඩා අළුත් උනත් මං දොහොත් මුදුන් දීලා පිළිගන්නවා..
එහෙම නැතුව ලොකු ලයින් අල්ලන උං නං මට ඒ දවස් වල ඉදංම අප්පිරියයි..
හික්ස්...
මාත් ඔන්න සිම්බගේ බ්ලොග් එක පැත්තේ රවුමක් දාලා ආවේ... හි හි.....
Deleteඅනේ මන්දා තරියො..ඔයාව නම් හදන්න බෑ... මටත් වඩා කම්මැලියෙක්ද කොහෙද... හි හි....
වැඩි කතා නෑ.. වැඩේ බලල එමුකෝ එහෙනං... ඉස්සෙල්ලම.. මේ නංගි, එක පාරට සම්භාව්‍ය වෙන්න බෑනේ අපිට... අපි කබ්බො නේ.. ඔන්න ඔහොම හෙමින් පටන් ගමු...
ReplyDeleteමටත් අල්ලන්නෑ බෑ ඒ කතා සෙට් එකනං..
Deleteහි හි.. ඒ කතාව ගැන නෙවෙයි මගේ උනන්දුව තියෙන්නේ දේශෝ... ඒ කතාව ලියවෙන විදියට.... කුතුවරු එක්කෙනෙක් කියලා නෑ නේ.. කතාව දහ අට වංගු ගහනවා ඉතිං.. හි හි
DeleteIT එකට පින් සිද්ද වෙන්න දැන් බ්ලොගක් කියවන්න හෙනම ගේමක් දෙන්න ඕනි.
ReplyDeleteදේශපාලන බ්ලොග් වලටනම් මගේ කැමැත්තක් නැ.ඒවගේ තනිකරම තියෙන්නේ පුද්ගලික වයිර පිරිමසාගැනීමක් විතරයි.
ඇත්තටම හිරුවෝ උදේම ඇහැරුණු ගමන් කරන්නේ බ්ලොග් කියවන වැඩේද ?
සහෝදරයා, දේශපාලන බ්ලොග් ගැන ඔබේ දැකීම පටුයි. පෞද්ගලික වෛරය පිරිමහ ගන්න ලියන බ්ලොග් ඇති. නමුත් ඒක බහුතරයට ආදේශ කිරීම විහිළු සහගතයි. දේශපාලනය කියන්නේ අපි කැමති උනත් නැතත් කාලීන සහ සාමාජීය මාතෘකාවක්, ඒ ගැන කතා කරන එක පෞද්ගලික කෝන්තර පිරිමහ ගැනීමක් නම් ඒ බ්ලොග් ලියන්නේ එක්කෝ මැරයෝ නැත්නම් මැම්බර්ලා.
Deleteසහෝදරයා මම කිවුවේ මගේ අදහස.බ්ලොග්වල තියෙන්නේ ලියන කෙනාගේ අදහස්.ඒ බ්ලොග් කියවන නොකියවන තීරණය තියෙන්නේ බ්ලොග් කියවන අයගේ අතේ. මම හිරුගේ පොස්ට් එකේ තිබුන දෙයකට මගේ අදහස විතරයි.
Deleteඔබතුමා කියනවා වගේ මගේ දේශපාලනික බ්ලොග් ගැන දැනීම පටු ඇති.මොකද මම ඒවා කියවන්නේ නැති නිසා.
කල්හාන් ඔහොම එක හරි එක අතකින් , අනික් අතින් වැරදි .
Deleteමම තදින් දේශපාලනය ගැන ලියන දේවල් වෙන තැනක දානවා.
අනික් සාමාන්‍ය මට්ටමේ ඒවා silentsahan නමින් දානවා ,
මොකද පරාසය අනුව හැම දේම එකම තැනක දාන්න බැහැනේ..
හැබැයි සමහර දේශපාලන බ්ලොග් , www site 's නම් දේශපාලන
ද්වේශය පිරුණු ewa ..ඒක මමත් පිලිගන්නවා ...
නමුත් පුද්ගලිකව මා නම් එහෙම නැහැ , මද පමණට යන්න ඕනේ ඒවා
මද පමණට එක තැනකත් , සීමාව පනින ඒවා වෙන තැනකත් දානවා..
ඔයාලට කරදරේකුත් නැහැ , මට කරදරෙකුත් නැහැ ඔතොකොට ..
හැබැයි වැඩේ කියන්නේ එහෙම කරලත් තේරුම් නොගත්ත අයත්
ඉන්නවනේ...කොහොම උනත් මන් දැන් හැම දේකිම්ම නිදහස්
ජීවියෙක් උනා ...ඒක ගැන සතුටුයි..පුළුවන් නම් අපේ පැත්තේ
ඇවිත් යන්න ..:D
Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
මම එකග නොවුනත් මම ගේ අදහසට ගරු කරනවා. ඔයාට ඔයාගේ අදහස දරන්න වගේම කියන්නත් අයිතිය තියනවා. හැබැයි අපි කැමති වුනත් අකමැති වුනත් මේ සිංහල බ්ලොග් ලෝකෙ අදහස් යම් මට්ටමකින් සමාජගත වෙනවා. ඒ ගැන සාක්ෂි ඔයා දන්නවා ඇතිනේ. ඒ නිසා ඔබේ අදහස ගැන මගේ අදහස් පල කරන්න මට ඇති අයිතිය මම මේ විදිහට පාවිච්චි කරනවා. ස්තුතියි!
Deleteඅයි ටී එකෙන් ලෙඩක් දාලා වගේ කල්හාන්ට... දේශපාලන බ්ලොග් ගැන කාටවත් රෙකමන්ඩ් කරන්න නම් මට තේරෙන්‌ෙන් නෑ... ඒත් සමහර වෙලාවට ගොඩක් හිතේ තියෙන ගැටළු පිළිවෙලකට හදා ගන්න මට නම් උදවු වෙනවා ඒ බ්ලොග්.. මාත් එක්ක දේශපාලනේ කතාකරන්න කෙනෙක් නෑ නේ... එක්කෝ මට තාම ඕවා ගැන කතා කරන්න දැනුමක් නෑ කියලා කියනවා.. නැත්තම් ගෑණුන්ට මොන දේශපාලනද, ඔන්න ඔහේ කුස්සියේ වැඩක් පලක් කරගෙන හිටපල්ලා කියනවා..
Deleteඉස්සර මට තාත්තා හිටියා හැම දෙයක්ම අහන්න.. මොකද්ද තාත්තෙ මේ වෙන්නේ කියලා අහුවම අලගිය තැන මුලගිය තැන ඉදලා තාත්තගේ දේශපාලන මතේ පැත්තෙන් කියලා දුන්නා... දැං ඉතිං කතා කරන්න හෝ ප්‍රශ්න අහන්න මට කෙනෙක් නෑ.. ඒ අඩුව පිරිවෙන්නේ මේ බ්ලොග් කියවීමෙන්.. ඒක නිසා තේරෙන්නේ නැති දෙයක් උනත් මම දේශපාලන ලිපි කියවනවා... දන්නේ නැති දෙයක් නම් කමෙන්ට් එකකින් අහනවා... මට විරුද්ධ අදහසක් තියෙනවා නම් ඒකත් කියනවා.. ඒකෙන් සමහර වෙලාවට මගේ අදහස වැරදි නම් ඒක වෙනස් කරගන්න උනත් පුළුවන් වෙච්ච වෙලාවල් තියෙනවා...
කොෙහාම උනත් දේශපාලන බ්ලොග් ලිපියකින් ඉදිරිපත් වෙන්නේ ඒක ලියන කෙනාගේ දේශපාලනික මතය... එතනදි සංවරව, ස්වයං පාලනයක් ඇතුව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි.. ඒත් ඉතිං ලෝකේ ඉන්නේ අපි කැමති වර්ගයේ මිනිස්සු විතරක් නෙවෙයි නේ.. හි හි....
නැගිට්ට ගමන් කරන්නේ බ්ලොග් බලන එක කියලා කියන්නත් පුලුවන් තමයි ඉතිං.. මං ඒ තරම් බ්‌ෙලාග් ගොඩක් කියවනවා... හි හි
//මට මතකයි 2006 විතර වෙනකොටත් yahoo, Google ගෲප් තිබ්බා සිංහලෙන් ලියවුනු වැල කතා සහිත//
ReplyDeleteචී ...චී බං උඹ එව්වත් බැලුවද, මම නං කවදාවත් හිතුවේ නැ බං උඹ ඔහොම ගෑණියෙක් කියලා
මේකිගෙ කිරිදත් වැටිලත් නෑ ඔය වැල බලන කාලෙ වෙනකොට...
Deleteඕවා ඒ කාලේ කියෙව්වේ නැත්තම් මේ වෙනකොට උඹලා ලියන ඒවට “ අනෙයියා.. මොනාද මේ ලියන්නේ... ඊයා.... ඔයියාලා හරී නාකයි.... චී කතා ලියනවා.. අපි නං ඕවා බලන් නෑ.. අපි හොඳඅඅඅඅඅ ළම්මායි.... ” කියලා තමයි කමෙන්ට් දාන්න වෙන්නේ... හි හි....
Deleteඅලුතෙන් බ්ලොග් පටන් ගත්තු මටත් මුලින්ම ප්‍රශ්නයක් උනා බ්ලොග් එක මොනවගේ තේමාවක් යටතෙද ගෙනියන්නෙ කියලා. නිර්මාණ, අත්දැකීම්, විහිළු ඔය වගේ මිශ්‍රණයක් තමයි කරන්න හිතං ඉන්නෙ (කම්මැලිකමට කරන්නෙ නැතුවට). මම නම් ටිකක් සම්භාව්‍ය වගේ දේවල් වලට කැමතියි. කවි වලට නම් බොහොම කැමතියි. හැබැයි ඕවගෙන් ඔලුව කරකුට්ටං වෙලා ඉන්නකොට සරල රස වින්දනය කියන එකත් බොහොම වටිනවා. කොටස් වශයෙන් යන කතා කියවන්න නම් මම එච්චර කැමැත්තක් නෑ... අනික ගොඩක් වෙලාවට ඕවා යන්නේ වෙන වෙන පෝස්ට් යන අතරේ... ලියලා ඉවර වෙච්ච ඒවා එක සැරේ කියවන එක ඊට වඩා ලේසියි.
ReplyDeleteමේ 'අමුතු කතාවක්' වගේ කතාවලට මගේ ඉතිං වැඩිය මනාපයක් නෑ. ඉහත හේතුවමයි. ඉස්සර ඔය පත්තර වල යන කතා එහෙම මං කියවන්නෙ නෑ, මොකද දන්නවා ඒක ඉවර උනු ගමන් පොත එනවා කියලා, එතකොට අරං කියවනවා.
තව ඔය වගේ කතාවක් යනවා මෙන්න මේ බ්ලොග් එකේ... අන්දර මල්දම
තිසරට කියවලා බලන්න මම දෙන්නද බ්ලොග් එකක්.. ඒක මට අහු උන හොඳම බ්ලොග් එකක්... මං දන්නවා මෙයාගේ කවි බ්ලොග් එකට ඔයා ගොඩක් කැමතියි කියලා....
DeleteShimmering Thoughts
අහ්හ්. පහුවෙලා දැක්කේ... ගිහින් බැලුවා හොඳයි වගේ... ලඟදි නම් අප්ඩේට් වෙලා නෑ වගේ.. ෆලෝ කරලා ආවා. තැන්කූ හොඳේ.
Deleteමමත් බ්ලොග් වලට අලුත්, ඒ වගේම ගොඩක් බ්ලොග් කියවන්න ලැබෙන වෙලාවත් අඩුයි. හිරුගේ පොස්ට් එක දැක්කට පස්සේ පරණ බ්ලොග් (පරණම ) හොයාගෙන කියවන්න ආසාවක් ආව.
ReplyDeleteදැන් තියෙන ගොඩක් බ්ලොග් ලියවෙන්නේ එකම විදියකට භාෂාව සරලයි කියන භාෂාව (කතාකරන භාෂාව ) තියෙන්නේ . ගොඩාක්ම සරල භාෂාවෙන් ලියවෙනවටත් මගේ වැඩි කැමැත්තක් නැහැ භාෂාව සරල වෙද්දී එතන තියෙන සාහිත්‍යමය රසයේ අඩුවක් වෙනවා කියලයි මටනම් හිතෙන්නේ. ඒත් සරල භාෂාව ගොඩක් අයට රසවිදින්න , කියවන්න ලේසියි , තවමත් භාෂාව හොදින් හසුරවමින් ගුණාත්මක අතින් ඉහල නිර්මාණ බිහිකරන බ්ලොග් රචකයෝ කිහිප දෙනෙක් ඉන්නවා.
මම නම් කියන්නේ අළුතින්ම ලියන්න එන කෙනෙක්ට ලියන්න පුලුවන්නම් සාහිත්‍යමය පැත්තෙන් බලලා උසස් විදියට භාෂාව හසුරවාගෙන ලියන්න කියලයි කවුරු කියෙව්වත් නැතත් එහෙම ලියන දෙයක වටිනාකමක් තියෙනවා, ඒක සිංහල බ්ලොග් අනාගතයට සුභ ලකුණක් .
//දැන් තියෙන ගොඩක් බ්ලොග් ලියවෙන්නේ එකම විදියකට භාෂාව සරලයි කියන භාෂාව (කතාකරන භාෂාව ) තියෙන්නේ///
Deleteගොඩක් දුරට මේක තමයි චමී මාත් කියන්න හැදුවේ... මාත් සාහිත්‍යමය නිර්මාණ කරන්න ආසයි... ඒත් මට ඒකට දක්ෂතාවයක් නෑ.. ඒකයි මම මේ ශෛලියෙන් ලියන්නේ... අලුතින් එන එයට පවා වැඩිපුර ඇහැ ගැටෙන්නේ මේ ශෛලියේ කතා... ඉතිං දැන් සාහිත්‍යමය බ්ලොග් බිහිවෙනවා අඩුයි වගේ... කවි නම් ලියවෙනවා... ඒත් කෙටිකතා වගේ දේවල් ලියවෙනවා අඩුයි...
මට තේරේන විදිහට බ්ලොග් වල තියෙන වැදගත්ම දේ තමයි වාරණයකින් තොරව, කිසිදු බැදීමකින් තොරව තමන්ගේ හිතේ පතුලේම සගවගෙන ඉන්න දෙයක් උනත් එලියට දාන්න පුලුවන් වීම...සම්භාව්‍ය නිර්මානයක් වේවා, කුනිහරුපයක් වේවා, කවි කථා වේවා, දේශපාලන වේවා මේ ඔක්කොටම පොදුවේ මේ නිදහස හිමි වේලා තියෙනවා..
ReplyDeleteඒත් අපි ප්‍රොෆයිල හදා ගෙන යම් යම් පෞරුශ්‍යත්ව ඒවාට අරෝපනය කරගේන ඉන්න නිසා අපි ලියන ඒවාට යම් කිසි ස්වයං වාරනයක් දා ගෙන තියෙනවා..එකේ හොදක් හෝ නරකක් මා දකින්නේ නෑ... බ්ලොග් වල තියෙන විශේශිතම දේ අසීමිත් නිදහසයි... නිදහස වැඩි උනාම සිද්ද වෙන දේත් අපිට මේකෙන්ම බලා ගන්න පුලුවන්...
//බ්ලොග් වල තියෙන විශේශිතම දේ අසීමිත් නිදහසයි... නිදහස වැඩි උනාම සිද්ද වෙන දේත් අපිට මේකෙන්ම බලා ගන්න පුලුවන්...//
Deleteඅනිවාර්යයෙන්ම...
ReplyDeleteස්වර්ණමය යුගය ඉවරයි වගේ හිතෙනවනං මේවා කියවන්න
Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා
බ්ලොග් වලට ස්වර්ණමය යුගයක් තියෙන්න බෑ කියලා මම හිතන්නේ... බ්ලොග් එකක් මනුස්සයෙක් වගේම තමයි... හොඳ කාල සහ නරක කාල තියෙනවා.. ඒත් ආරම්භයේදී එක්තරා රාමුවක තිබ්බ සිංහල බ්ලොග් මේ වෙනකොට ලොකු පරාසයක විහිදෙනවා... එහෙම බැලුවාම මේ යන්නෙත් ස්වර්ණමය යුගටක් තමයි...
Deleteටැබූ මං නැවත එනකොට බ්ලෙග් එක වහලා... ඒත් මම කියවලා තියෙනවා...
සිරාවට දැන් සෑහෙන බ්ලොග් තොගයක් ලියවෙන්නේ නෑ තමා!
ReplyDeleteඅපි ඉතින් වැඩිය ඔය සාහිත්‍යමය ඒවා කියවන්නේ නෑනේ. කියෙව්වත් කමෙන්ට් කරගන්න බෑ.. තේරෙන්නේ නෑනේ! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි.... ඔය කියවෙන්නේ මං අදහස් කරපු දේ... අනේ වල් රජෝ...
Deleteඅමුතු කතාව කියවන්න පටන් ගන්න ඕන. ඒකත් අර සැඳෑ අඳුර වගේ එකක්ද දන්නේ නෑ.
ReplyDeleteඒක නෙමේ හිරූ ඒ කාලේ වැල කතාත් කියෙව්වද ?හික්ස් :)
අමුතු කතාවට කතුවරු ගොඩක් ඉන්න නිසාත්, එක එක්කෙනා ලියද්දි අනිත් අයගේ අදහස් ගැන අදහසක් නැතුව නිසාත්, කතාව දහ අට වංගු ගහනවා... ඒකයි ඒකේ විශේෂත්වය...
Deleteඔන්න හිරුවො උඹ ඉල්ලන් මඩ කාල..!
ReplyDelete"ඇවිද්ද පය " එකේ කමෙන්ට් එකක්දාල ආපු ගමන්මයි...
හැබැයි මටනම් හිතෙන්නෙ ඕනවට වඩා සාහිත්‍යට බර වෙන්න ගියොත් ඒකාකාරී වෙයි කියල. සාහිත්‍ය ලෝකයයි,බ්ලොග් ලොකයය් අතර යම් වෙනස් කමක් තියේ.
ඒ කියල භාශාව සාහිත්‍යමය රසය ඈත් කිරීම සුදුසු නැහැ...නිදහස් වටපිටාවක් නිසා හැමදේම ලියන්නත්හොඳනෑ( අසභ්‍ය).
ගොඩක් වෙලාවට හිරු කියල තියෙනව වගේ ජීවිත අත්දැකීම් ලියල තිබුනම රොක් වන පිරිස වැඩී තමා.
අනාගතේ අපේ දරුවන් මේවා නැවත කියවාවි කියන හැගීමෙන් ලියන්න පුලුවන් නම් හොඳයි.
ඔය මට මඩ ගහන අයත් ඕවා නොකිවලම ඇති... හි හි
Deleteබ්ලොග් සාහිත්‍ය කියන එක ඇත්තටම ටිකක් වෙනස් වීයෝ.. මොකද ලියපු එක පෝස්ට් කරපු ගමන් පාඨක ප්‍රතිචාර එන්න ගන්නවානේ...
මම සම්භාව්‍ය කියලා කිව්වේ ටිකක් ගැඹුරු, හිතන්න දෙයක් යටිපෙලින් අදහස් වෙන නිර්මාණ ගැන... මේ මං ලියනවා වගේ කියන්න තියන දේ කෙලින්ම ලියලා දාන එක නිර්මාණයක් නෙවෙයිනේ...
අලුතිං ලියන සමහර අය අතරත් හොඳට ලියන අය නැතුව නෙමෙයි. ස්වර්ණමය යුගයක් ගැනනං දැම්ම කියන්න බෑ.
ReplyDeleteහොඳට ලියන අය කීප දෙනෙක් දැක්ක හින්දා තමයි මට අමුතු කතාවක් ආයිත් පටන් ගත්තා නම් හොඳයි කියලා හිතුනේ....
Deleteසාහිත්‍යමය බ්ලොග් එකක් ලියන්න ලොකු ආසවක් තිබුනා. එත් අවුරුදු දෙකක් තිස්සෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි ලියන්න උනේ බලෙන් රැඩිකල් ගොඩට වැටුනු බ්ලොග් එකක් තමයි. එත් අමරුවෙන් හරි හිත හදාගෙන හිට්ස් , ෆලොවර්ස්ලා ගැන නොහිත මගේ නොදියුණු සාහිත්‍යම හැකියාව දියුණු කරගෙන හිමින් ගමනක් යන්න පොඩි උත්සාහයක් තමයි මකළ විදියට පාරට බැස්සේ. බලමු සමහර විට ලොකු දෙයක් කරන්න බැරි උනත් හිතට එකඟව මකළ සාහිත්‍යම රස යාන්තමට හරි ගැවිච්ච ලිපි ඉස්සරහට ලියාවි. හිරු අක්කා ඒ කාලේ ඉදන් මට සමිපය. මගේ බ්ලොග් එකට මුල් දවස් වල ඉදන් කියවන කෙනෙක්. ඇත්තටම මිනිස්සු සාහිත්‍යම රසයට වගේම කුණ රස හොයන්නෙ නැතිද කියලා අපි ටිකක් හොයලා බලමු.
ReplyDelete///මගේ නොදියුණු සාහිත්‍යම හැකියාව දියුණු කරගෙන හිමින් ගමනක් යන්න පොඩි උත්සාහයක් තමයි මකළ විදියට පාරට බැස්සේ.///
Deleteමෙන්න මේ වගේ හිතන සෙට් එකක් ඉන්න බව මට පෙනුනා.. ඔයාලට පුළුවන් අර මඟ නැවතිච්ච නිර්මාණයට ආයිත් පණ දෙන්න.. මං මේ මතක් කිරීමක් විතරයි කළේ...
අමාරුවෙන් උනත් සාහිත්‍යමය රසයක් තියෙන ලිපි ( කවි නං මට තේරෙන්නේම නෑ... සමහර වෙලාවට තේරුනේ නෑ කියලා . ලියපු කෙනාගන්ම අහගන්නවා මොකද්ද තේරුම කියලා.. හි හි) කල් වෙලා අරන් ලියනවා නම් මාත් ආසයි කියවන්න... මොකද ගෙඩිය පිටින් අතාරීනවට වඩා රසයක් නිර්මාණයක තියෙනවා කියලා මම හිතන නිසා....
අප්පේ අක්කේ ඔයත් බැලුවද ඔය මගුල් වැල???? හිටපිය මම අයියට කියන්න.... හිකිස්..... මම නම් කියන්නේ දැන් වැඩිය ලිපි නැත්තේ හැමෝම කාර්‍යබහුල වෙලාඑකයි ප්‍රශ්නේ. දැන් බලන්න අක්ක නිකන් ඉඳලත් පොස්ට් එකක් දාන්නේ සතියකට සැරයි. :P අනෙක මේ ඔය සාහිත්‍ය මෙව්වා තියන ඒවානම් මම කියවන්නේ නැහැ වැඩිය මොකද මට තේරෙන්නේ නැහැ කියෙව්වත්. ඔය දන්නවනේ මම දන්නේ අච්චාරු භාෂාව විතරයි කියලා
ReplyDeleteඅයියත් ඔහොම ඒවා තිබ්බා කියලා දන්නේ මං කිව්වම තමයි... එයාට කම්පියුටර් පේන්න බෑ නේ.. හි හි...
Deleteමං ඉතිං හිටපු ගමන් වෙන බ්ලොග් එකක (සං)වාදෙකට සෙට් උනාම ආයිත් අලුත් දෙයක් ලියන්න හිතේනනේ නෑ එතන කමෙන්ට් දදා ඉන්නවා මිසක්... ඒකයි, ලියන්න තරම් හිතට වදින දෙයක් නැති උනාමත් ඔහේ නිකා ඉන්නවා..
ඔයාගෙ අච්චාරු භාෂාව දැන් නං ටිකක් හොඳයි... ඒත් බැරි වෙලා හරි අර මං කිව්ව වගේ ඉස්සර තිබ්බ බර සාහිත්‍ය බ්ලොග් විතරක් තිබ්බ නං ඔයත් ලියන්න හිතන එකක්වත් නෑ නේද.... ඒවා ගැන තමයි මට කතා කරන්න ඕනේ උනේ...
ඉස්සර පටන් ගත්තු ගොඩක් හොඳ බ්ලොග් දැන් ලියවෙන්නේ නෑ, අලුතෙන් පටන් ගත්ත සුපිරි එව්වත් තියනවා. තමන් කැමති දෙයක් ලියන එක තමන්ගේ කැමැත්ත, ඒවා බලන නොබලන එක බලන අයගේ කැමැත්ත අකමැත්ත. රහට ලියපු ලියවිල්ලක් ගොඩක් දෙනෙක්ගේ මතකේ රැඳෙන එක වලක්වන්ඩ බැ... මමත් කොච්චර බන කිව්වත් ආපු කාලේ හිට්ස් වලට පෙරේතයි තමයි, ඒත් හිට්ස් පස්සේ ගිහිල්ල කුණුහරුප ලිව්වම වෙන්නේ ලිවිල්ලේ ගුණේ අඩුවෙන එක තමයි...
ReplyDeleteහිට්ස් කමෙන්ට්ස් වලට ආස නැත්තම් ඉතිං බොහොම හිත දියුණු කරපු කෙනෙක් වෙන්න ඕනේ.. මං නං පෝස්ට් එක්ක ලියලා කමෙන්ට් වැටෙනකම් ආසාවෙන් ඉන්‌නවා තාමත්.. හි හි....
Deleteරහ කියන එක එක එක්කෙනාට වෙනස් නිසා තමයි මේ තරම් පුළුල් පරාසයකින් අද බ්ලොග් ලියවෙන්නේ මට හිතෙන හැටියට....
//මේ පරණ බ්ලොග් කියවන කොට මට හිතෙන දෙයක් තමයි මං මේ මොනවද ලියන්නේ කියන එක.. ඇත්තටම ඒ බ්ලොග් එක්ක බැලුවාම මං ලියන දේවල් හරියට මල් ගස් වටේ දුවන හින්දි පිචෑර් එකක් වගේ.. මෙලෝ රහක් නෑ..//
ReplyDeleteමට මේක හිතිල තියෙන්නෙ සෑහෙන කාලෙක ඉඳල හිරූ... මම අර මාස තුනක් විතර බ්ලොග් ලියන එක නවත්වන්න හේතු උනෙත් ඒ කළකිරීම... මේ අවුරුද්දෙ ඉඳන් පොඩි වෙනසක් කරන්න හිතන් ඉන්නවා... ඒත් මට දැනුනු දෙයක් තමයි මං මෙච්චර කල් ලියල තියෙන බයිලා අනුව, කට්ටිය එන්නෙ නෑ මගේ බ්ලොග් එකට සමාජ ප්‍රශ්ණ වගේ බරපතල දෙවල් ගැන කතාකරන්න... එයාල එන්නෙ හිනාවෙලා යන්න... කලින් එකට වගේ ඊළඟ එකට හිනා ගියේ නැතුවම කියනවා අයියෝ වැඩක් නෑ, මේකට කලින් එකට වගේ හිනා ගියේ නෑ කියල... ඒක එයාලගෙ වැරැද්ද නෙවෙයි මගේ වැරැද්ද... හැමදාම එකම රාමුවේ කතා ලිව්ව එක... ඉතින් අළුතින් බ්ලොග් ලියන කෙනෙකුට මගේ අත්දැකීමෙන් මට නම් දෙන්න තියෙන ලොකුම උපදෙස තමයි ඔය කොයි දේවලුත් ටික ටික ලියන්න කියන එක... එතකොට ස්ථිර ලේබල් එකක් වදින එක නවතියි කියලයි මට හිතෙන්නෙ...
ඔයා නිසා දැන් ලස්සන බ්ලොග් දෙකක් කියවන්න ලැබුණා... මේකයි, අර කලින් කියපු නව දැලි හේනයි... දැන් මුල ඉඳලම මේකත් කියවන්න ඕන.... අපරාදෙ ඒක මග නැවතිලා තියෙන්නෙ... වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නැතිවද මන්දා මං වගේ... තැන්කූ හොඳේ... :D
ඇත්ත මියුරු .. දැන් මටත් තේරිලා තියෙන්නේ යම් යම් මාතෘකා වලට ට්‍රැෆික් වැඩි වෙනවා කියලා... මම ලියන්නේ එවෙලෙට මට හිතෙන දේ මිසක්, හිතලා හිතලා කරුණු ගොනු කරලා නෙවෙයි නිසා මම එහෙම එකම ලේබල් එකකින් ලියනවා නම් අඩුයි...
Deleteඒත් ඔය පාරමී දම් කතාව දාන්න කලින් මම මාස තුනක් විතර කල්පනා කළා දානවද නැද්ද කියලා.. මොකද මං දැන් ලියන දේවල් අනුව ඒක බොළඳ වැඩියි කියලා මට තේරුන නිසා.. ඒක නිසා මම ඒකට හරියන පූර්විකාවක් ලියලා ඒක දාන්න තීරණය කළා.. ඒකෙදි මට ඕනේ උනේ කීප දෙනෙක් විතරක් කියවපු පොත තව කීප දෙනෙක් කියවනවා දකින්න විතරයි...
ගොඩක් අයට මිස් වෙච්ච එකක් හින්දා තමයි මට ඕක මතක් උනේ සුදීක අයියගේ පෝස්ට් එක දැක්ක ගමන්.. මොකද මමත් හිත හිත හිටියා කොටසක් ලියන්න කියලා.. ඒත් මෙග් නිර්මාණාත්මක හැකියාව අඩු නිසා බය හිතුනා.. හි හි... දැන් මට වඩා හොඳ අය ඉන්නවානේ.. එයාලටවත් මේක ලියන්න හිතෙයිද බලමු...
මෙහෙම දේකුත් තියෙනවා..සාහිත්‍ය රසය වැඩි වුණාම හිට්ස් වැඩිපුර ගේනවා වගේම කුණු හරුප වැඩි වුණාමත් හිට්ස් එනවානේ. අන්න ඒක නිසා සමහරු තමන්ගේ සාහිත්‍ය හැකියාව ගැන නොහිතා අර කුණු හරුප වැඩිපුර ලියන්න පෙළඹෙනවා. ඒකත් එක්තරා ප්‍රශ්නයක්....
ReplyDeleteඑන්න මේ පැත්තෙත්.....
ජාතිවාදයට විසඳුමක්...!!! ෴
ඔව් රන්දු.. ඒකත් එක ප්‍රශ්නයක් තමයි....
Deleteමම නම් අහුවෙන හැම එකක්ම කියවනව. තේරෙන හැම එකටම කමෙන්ට් එකකුත් කොටනව. නොතේරෙන එව්ව ආයෙමත් කියවල ඒත් තේරුනේ නැත්නම් සද්ද නොකර එනව. මට නම් හැම සිංහල බ්ලොග් එකක්ම වටිනව. ඒ අපිට තේරෙන අපේ සිංහලෙන් තියන නිසා.
ReplyDeleteඅනිවා දේශ්.. මාත් තාක්ෂණික පැත්තෙන් ලියවෙන බ්‌ෙලාග් කීපයක්ම මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති උනත් එලෝගෙන යනවා.. සිංහලෙන් තියෙන නිසා ඒවයේ වටිනාකම වැඩියි.....
Deleteබ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කතා කරන්න තවම ඉක්මන් වැඩියි. ඒකට තව සෑහෙන කාලයක් තියෙනවා.
ReplyDeleteබ්ලොග්වල කොලිටිය ගැන කිව්වොත්, "රාවය" හැර අනෙක් ඕනැම පත්තරේකට වඩා බ්ලොග් වල තත්ත්වය උසස්.(සමහර බ්ලොග් අදාල නොවේ)විශේෂයෙන්ම බ්ලොග් වල පල වෙන කෙටි කතා සහ යාන්ස් (yarns) ඉතා ඉහළ මට්ටමක තියෙනවා.
මට නම් ගැටළුව තියෙන්නෙ, බ්ලොග් පෝස්ට් වෙන වේගයෙයි.
හිට් ගැන නොසලකා, හොදින් කපා කොටා සංස්කරණය කළ පෝස්ට් එකක් සතියකට එක බැගින් පබ්ලිෂ් කරනවනම් වැඩි බ්ලොග් ප්‍රමාණයක් කියවන්න පාඨකයින්ට අවස්ථාව සැලසෙනවා.
ඒ වගේම තමන් ලියන්නෙ කෙටි කාලයක් තුළ කෙනෙකුට කියවා වින්දනය කළ හැකි දෙයක් බව අවබෝධයෙන් බ්ලොග් ලිපිය රචනා වෙනවනම් වඩාත් හොදයි. උදාහරණයක් විදියට අපේ හැලපයා ලියන විදිය (හැලපයා ලියනවා "ඒ පියදාස මුදලාලිගෙ මරණෙ වෙලවෙ" කියලා...)අපට පියදාස මුදලාලිගේ පැටිකිරිය වැඩක් නෑ. වැදගත්වෙන්නෙ හැලපයා කියන්න යන කතාව විතරයි, ඒත් අපේ සමහර බ්ලොග් රචකයන් පියදාස මුදලාලිගෙ පැටිකිරියත්, විනාඩි දෙකක් තුනක් කියවන්න තරම් දිග හෑල්ලක් විදියට රචනා කරනවා ඒ වගේ අනවශ්‍ය වැල් වටාරම් ඉවත් කරනවානම් බ්ලොග් පෝස්ට් එකක් සෑහෙන තරමින් කෙටි කරගන්න පුළුවන් (මේක සෙන්නා ට අදාල නැත; සෙන්නාගෙ පෝස්ට් කෙතරම් දීර්ඝ වුනත් එහි කපන්න කොටන්න දෙයක් නෑ)
(මේක මාරයාගෙ සහ සුදිකගේ බ්ලොග් දෙකේ මම දාපු කමෙන්ට් එක; මෙතනටත් අදාල නිසා ඒකම දැම්මා)
"අමුතු කතාවක්" හොදයි, ඒත් බ්ලොග්වල පලවෙන නවකතා කියවන්න මම වැඩිය කැමති නෑ. නවකතා කියවන්න ඕන පොතක් වශයෙනුයි.
මේ මං වගේ ශෛලියකින් ලියන කෙනෙක්ට නම් කපා කොටා සංස්කරණය කරන්න ලොකු දෙයක් තියෙයි කියලා නම් මම හිතන්නේ නෑ සුමිත් අයියේ.. ඒකයි පෝස්ට් ඉක්මණින් වැටෙන්න හේතුව...
Deleteඒත් නිර්මාණයක් කරනවා නම් ලිව්වා, පෝස්ට් කළා වගේ ක්ෂණිකව කරන්න හිතන්නේ නැතුව කල් අරගෙන කළාම තමයි ලොකු අගයක් තියෙන්නේ...
අමුතු කතාවේ අමුත්ත තමයි සුමිත් අයියේ ඒකට රචකයෝ මහ ගොඩක් ඉන්න එක.. ඉතිං කොටසින් කොටස යද්දි කතාව වංගු ගහනවා දහ අට වංගු වගේ.. ගොඩක් අයගේ අදහස් එකතු වෙන නිසා එතන නිර්මණය ලස්සන වෙයි කියලා හිතෙනවා මට..
හිරු ඔයා කියපු දිවල් 100% ඇත්ත...
ReplyDeleteලෝකෙ හැම දෙයක්ම එහෙමයි... මුලින්ම පටන් ගන්න දේවල් හොද ප්‍රමිතියකින්, ලස්සනව, වැදගත් විදියට පටන් ගන්නව.. ඒව දැකල අපි වගේ අලුතින් එන අය කිසිම දෙයක් දන්නෙ නැතුව, ඔහේ කොරන්නම් වාලෙ කොරනව..( අපි කිවුවහම වැරදියි.. මම.. මම...)
හි හි... මමත්...
Deleteඒ කියන්නේ ස්වර්ණමය යුගය ඉවරයි.. විස්තර ටික නම් හුගක් වටිනවා අක්කෝ, ඊයේ සුදීක අය්යගේ පෝස්ට් එක බැලුවත් විජේට්ටුවට උත්තර දෙන්නවත් බ්ලෝග් ගැන හුගාක් දේවල් දන්නෙ නෑ නේද කියලා හිතුනා.. දැන් නම් කලින්ට වඩා වැටහීමක් තියනවා. කලින් නම් හොය හොය කියවන්න වුනේ, බ්ලොග් ගැන,
ReplyDeleteමං නං හිතන්නේ සුවර්ණමය යුගය දැන් කියලා.. හි හි...
Deleteබ්ලොග් කලාවේ ස්වර්ණමය යුගය ගැන කතා කරන් ගතවූ කාලය ප්‍රමාණවත් නොවේ. සියල්ලන්ටම වාගේ වසර කිහිපයක අත්දැකීම් පමණයි ඇත්තේ. නමුත් මෙම කලාවෙ ්කෑපී පෙනෙන වෙනසත් හෝ පරිවර්තනයක් තවම වී නැති බව මාගේ හැඟීමයි. එබැවින් ස්වර්ණමය යුගය පිළිබඳව සෙවීමට ගතවූ කාලය ප්‍රමාණවත් නැති බව මා කියා සිටිනවා.
ReplyDeleteනමුත්, සුදීක ලබා දී ඇත්තේ කදිම ප්‍රවේශයකි. මේ මේ සම්බන්ධයෙන් කියවන 03 වන ලිපියයි.
මම එතනදී යුගය කියා පාවිච්චි කල වචනයේ යම් වැරද්දක් ඇතැයි සිතේ. යුගයකට අවුරුදු 25-30 වත් තියෙන්න ඕනනේ. ඉතින් යුග ගණනක් සසඳන්න අවුරුදු 100 වත් ඕන වෙයි. අපේ බ්ලොග් ගත්තම එහෙම යුග මිම්මෙන් යන්න බෑ. ඒ නිසා පුළුවන් අවරුදු වලින් හොඳම දැක්කේ අහවල් කාලේ කියලා කියන්න. එහෙම කවුරු හිරැ කිව්වනම් කට්ටිය දුවගෙන ගිහින් ඒ ටික බලනවා. එතකොට අර කාලයේ වැලිතලා වලින් වැහිලා තියෙන බ්ලොග් ආපහු මතු වෙනවා. කමෙන්ට් වැටෙනවා. එතකොට අර ලියපු කෙනාට උද්යෝගයක් ඇති වෙනවා නැවත ලියන්න.
Deleteඅමුතු කතාව ආපහු පටන් ගමු කියලා පෝස්ට් එකක් දාන්න හිත හිත ඉන්නකොට තමයි සුදීක අයියගේ පෝස්ට් එක වැටුනේ.. ඉතිං එතනම ඒ කතාව කිව්වා... සුදීක අයියා බලාපොරොත්තු උනෙත් අතෑරිච්ච බ්ලොග් හොයාගන්න කියලා ඉතිං එයාගේ පරණ පෝස්ට් කියවලා තියෙන නිසා මට තේරුනා... හි හි
Deleteඒ පෝස්ට් එක කියෙව්වට පස්සේ මට හිතුන දේවල් ටික ලියන්න ඕනේ කියලා හිතුනා.. කොහොමත් මගේ අතින් වැඩිපුර ලියවෙන්නේ තවත් තැනක දැක්ක දෙයක් ගැන මගේ අදහස නිසා, මේකත් ඒ විදියට ලිව්වා... අමුතු කතාව විතරක් නෙවෙයි... තව ගොඩක් බ්ලොග් ආයිත් පටන් ගනියි කියලා කමෙන්ට් දැක්කම මට දැන් හිතෙනවා....
මම මුලින් ම දැක්කේ සැමාගේ බ්ලොග් එකයි සඳරුගේ බ්ලොග් එකයි. ඒවා කියවනකොට හම්බවෙච්ච ලින්ක් වලින් ගිහින් තමයි අනිත් එව්වා කියවන්න ගත්තේ. අවුරුද්දක් විතර කොමෙන්ට් කරන්නෙවත් නැතිව කියව කියව ඉදලා තමයි බ්ලොග් එකක් ලියන්න ගත්තේ. මම කියවන්නේ මට විඳින්න පුලුවන් එව්වා. වැඩ කරලා මහන්සි වෙලා කරකුට්ටන් වෙලා තියෙන ඔලුව නිදහස් කරගන්න පුලුවන් හොදම තැන තමයි බ්ලොග් එක. මම ලියන්නේ මම අහන දකින දැනෙන විදින දේවල්. බ්ලොග් කෙරුවාවෙන් අපි ලබන්නේ සතුටක් විතරයි. බ්ලොග් ලෝකයට ස්වර්ණමය යුග ගනනාවක් තියේවි. අලුත් මුහුණු ඒවි ඒ අය සමහර විට සාහිත්‍ය ගැන දැනුමක් තියෙන අය වේවි. ඒ අයගේ බ්ලොග් සාහිත්‍යමය වටිනාකමක් තියෙන ඒවා වේවි. මම වගේ මුකුත් නොදන්න අය ලියන බ්ලොග් එහෙම නොවේවි.
ReplyDeleteඅජිත් මුත්කුමාරණගේ සී ඩී තැටි වගේම අමරදේවයන්ගේ ,වික්ටර් රත්නායකයන්ගේ සීඩී ත් තාම හොදට විකිනෙනවා. කියවන කෙනා තමන්ගේ රසයට ගැලපෙන දේ හොයාගෙන කියවයි. බ්ලොග් කෙරුවාව අප්ඩේට් වෙන්න ඔනෙ දෙයක්. අපි කියවන්නේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන ඒවා. රස වැටුනොත් විතරයි පරණ ඒවා හොයාගෙන කියවන්නේ.
සිංහල චිත්‍රපටි දෙබස් ලියන බාසාවෙන් කියන බාසාවට හැරුනා වගේ බ්ලොග් ලිවිමත් සරල බාසාවකට පෙරලිලා. වැඩි දෙනෙක් රස විදිනවා. ලියන බොහෝ දෙනෙක් ලියනවාට වඩා රසයක් කියවීමෙන් ලබනවා(විශේයෙන් මම)
කතාව ඇත්ත.. මට ඕනේ උනේ බ්ලොග් කෙරුවාව මුහුණපාපු දේවල් වලින් ටිකක් පැහැදිලි කරන්න විතරයි.. අනිත් එක අතෑරිච්ච බ්ලොග් ටිකක් සහ මුහුණු ටිකක් ආයිත් කියවන්න, දකින්න ආස හිතුන නිසා.... හි හි
Deleteමෙහෙමයි. අපි හැමෝම එකිනෙකාට වෙනස්. අපේ ලියන ආවේනික රටාවක් තියෙනවා. අපි වෙන කාවවත් අනුගමනය නොකර අපේ අවේනික රටාව වැඩිදියුණු කරගෙන ලිව්වා නම් තමයි හොඳ. එක බ්ලොගක් ජනප්‍රිය නිසා ඒ විදියට අනිත් අයත් ලියන්න උත්සාහ කලොත් ඒ විවිධත්වය නැතිව යනවා. තමන්ග්වෙ අනන්‍යතාවය රැකගෙන හැකි විදියට භාෂාවත් රැකගෙන ඔහොමම යමු.
ReplyDelete++++++++++++++++
Deleteකතාව ඇත්ත.. මට ඕනේ උනේ බ්ලොග් කෙරුවාව මුහුණපාපු දේවල් වලින් ටිකක් පැහැදිලි කරන්න විතරයි.. අනිත් එක අතෑරිච්ච බ්ලොග් ටිකක් සහ මුහුණු ටිකක් ආයිත් කියවන්න, දකින්න ආස හිතුන නිසා.... හි හි
Deleteඊට අමතරව කියන්න තියෙන්නේ උදාහරණයක් හැටියට ඩබ්ලිවු ඒ. සිල්වාගේ රඳළ පිළිරුව පොත දැන් ඉන්න කෙනෙක් අතට ගන්නවත් අකමැති වෙන්න පුළුවන්... මොකද ඒ භාෂාව අපිට සමීප නෑ... ඒත් ඒක නිර්මාණයක් කියලා හිතලා කියවගෙන යන්න පටං ගත්තොත් අදටත් හරියන හාස්‍යජනක සාහිත්‍යමය නිර්මණයක් කියලා තේරෙනවා... ඒකයි මම කිව්වේ ... සමහර විට අපි තේරෙන්නේ නෑ කියලා පැත්තකට වෙන දෙයක්, ආමාරුවෙන් හරි කියෙව්වොත් හිත බැදෙන්න ඉඩ තියෙනවා නේ.. හි හි...
ඩූඩ් අයියටත් පුළුවන් නම් තිසරට දිපු ලින්ක් එක චුට්ටක් බලන්නකෝ...
හිරුවෝ...උඹට ස්තුතියි පහුගිය විස්තර අපිත් එක්ක බෙදා ගත්තට. කොහොම වෙතත් මට හිතෙන දේ මේකයි. යාවත්කාලීන වුන සියළුම සිංහල බ්ලොග් එක්ක ගත්තහම 2010 වගේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශේ තිබ්බ වැඩි 'ප්‍රතිශතයක්' බ්ලොග් ආසාවෙන් කියවන්න තරම් දේවල් තිබ්බා. ප්‍රමාණාතමකව ගත්තොත් මේ වෙනකොටත් ඒ ප්‍රමාණයටත් වඩා හොද බ්ලොග් නැතිවා නෙමේ, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ බ්ලොග් ප්‍රමාණයත් එක්ක, ප්‍රතිශතයක් විදිහට තත්වෙන් උසස් බ්ලොග් (මේ උසස් බවත් සාපේක්ෂයි) සංසන්දනාත්මකව අඩුයි.
ReplyDeleteඅඩු නෑ වෙන්න ඇති.. ඒත් හොයාගන්න අමාරුයි මං හිතන්නේ.. හි හි...
Deleteඅනේ මන්දා...මගේ නම් අදහස බ්ලොග් කලාව අනෙකුත් කළා වගේම සමාජයට යම් පණිවිඩයක් දෙන කලාවක් තැනට ගෙන්න බ්ලොග්කරුවන් තව මහන්සි වෙන්න ඕනේ කියන එක...
ReplyDeleteඉතිං අපි මහන්සි වෙමු.... නැතුව වෙන මොකක්වත් ලැබෙනවටයැ මේ කොටන්නේ.... හැබැයි පුතෝ සේරටම කලින් විභාගේ ඉවර වෙලා.. හරිද... හි හි
Deleteබ්ලොග් කියන්නේ ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් ලියන්න කියන්න පුළුවන් තැනක්. අනෙකාගේ රුචි අරුචි කම් අනුව තමන් බලන දේ රසිකයා තෝරා ගනියි. මේවට වැටවල් මායිම් ගහන ඒවා කරන්න නරකයි. කෙනෙකුට සඳරු වටිනවා වෙන්න පුළුවන්, කෙනෙකුට ටැබූ වටිනවා වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ අළුත් අයත් ඉන්නවා ඕන තරම්. මම නම් හැම මලදානෙම ලියනවා බලන එකෙක් බලයි, නොබලන එකෙක් නොබලයි. මට අවශ්‍ය දේ කිසිම වාරණයක් නැතුව කියන්න තියෙන එකම ළොකු දෙයක් නේ.
ReplyDelete///මට අවශ්‍ය දේ කිසිම වාරණයක් නැතුව කියන්න තියෙන එකම ළොකු දෙයක් නේ.///
Deleteඒ නිදහස නේන්නං අපි මේ පාවිච්චි කරන්නේ.. හි හි..
ඇත්ත මාතලන්.. මම කිව්වේ හොඳක් හෝ නරකක් ගැන නෙවෙයි... වෙච්ච දේවල් ගැන අලුත් අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්න.. මොකද මම දැක්කා හොඳ නිර්මාණකාරයෝ කීප දෙනෙක්ම අලුතින් බ්ලොග් ලියනවා.. ඒ අයට උදව්වක් වෙයි ඒ වගේ පරණ බ්‌ෙලාග් කියවලා අදහස් ගන්න පුළුවන් නම්.... මොකද ඔයා වගේම මාත් ලියවෙන හැමදේම කියවනවා, සමහර වෙලාවට අගක් මුලක් නොතේරුනත්...
නිර්මාණාත්මක ලිවීම් වලටත් මං ආසයි මේ වගේ නිදහස් ශෛලීන් වලට වගේම...
සේරම වැල පස්සෙ යනවා වගේ
ReplyDeleteමොන වැලද අප්පා....???
Deleteහි හි...
ම්ම්ම්... අනේ මන්දා අක්කේ. මෙහෙමයි එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ. ඒ හිනදා එකම විදියකට හැමෝම ලිව්වොත් එකේ ගතියක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. කියවන කෙනා තමන් කැමති ඒවා තෝර බේරා ගෙන කියෙව්වනම් හරි. මට නම් ඔය ගොඩක් සම්භාව්‍යද මොකක්ද වුනාම තේරුම් ගන්න ටිකක් විතර අමාරුයි. හැබැයි කියවල රසවිදින්න පුළුවන් ඕනෑම එකක් කියවනවා.....
ReplyDeleteමාත් ආසාවෙන් කියවපු සමහර පරණ බ්ලොග් දැන් ලියවෙන්නේ අකලට වගේ. ඒක නම් හෙනම අපරාධයක් තමා. නමුත් ඉතිං ඒවාට එක එක හේතු ඇතිනේ.
//මට නම් ඔය ගොඩක් සම්භාව්‍යද මොකක්ද වුනාම තේරුම් ගන්න ටිකක් විතර අමාරුයි.//
Deleteසම්භාව්‍ය කියන වචනෙටත් බය වෙන අයත් ඉන්නවා නේ... හි හි.. මං කියපු එක හරි නේ...
මම බ්ලොග් කියවන්න ඇවිත් අවුරුදු එකහමාරක් විතර ඇති. නවම් මාවතෙන් තමා පටන් ගත්තෙ. ඊට පස්සෙ හිස් අහස, මාරයාගේ හෝරාව හරහා ඇවිත් අද වෙනකොට නොවරදවා කියවන බ්ලොග් කිහිපයක්ම තියනව. හැබැයි ලොකු ලිස්ට් එකක් නම් නෙවෙයි. මොකද මට හිතට ඇල්ලුවොත් ඒ බ්ලොග් එකේ ඔක්කොම ලිපි කියවන්න ඕනි වෙනව. එකට සෑහෙන කාලයක් යනවනෙ. ඉතින් බ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කතා කරන්න තරම් බ්ලොග් ගොඩක් කියවපු දැනුමක් නෑ. (මේ දවස් වල බින්දී ගෙ නෙලුම් විලේ පීනනව :))
ReplyDeleteබ්ලොග් නොලියන නමුත් කියවන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ මේකයි. ඕනි තරම් අලුත් පරණ බ්ලොග් තියනව. තව තව අලුතෙන් ඇති වෙන එකත් බොහොම හොඳයි. කියවන්නාගේ වගකීම තමන් කැමති දේවල් තෝරා බේරා ගෙන කියවීම. මමත් කියවීම අත ඇරපු බ්ලොග්ස් තියනව ඒවායේ මට රසයක් නැති නිසා. ඒත් තව කෙනෙකුට ඒවා රසවත් වෙන්න පුළුවන්. හොඳ බ්ලොගයක් ගැන ඔත්තුවක් (කමෙන්ට්ස් හරහා) ලැබුනම මං කරන්නෙ බුක්මාර්ක් කරල තියාගෙන පස්සෙ කාලෙක කියවන එක. අල්ලලායනව නම් දිගටම ෆලෝ කරනව නැත්නම් අත අරිනව. කොහොම උනත් මට අහු නොවෙච්චි රසවත් බ්ලොග් තව ඕනි තරම් ඇති. ඉස්සරහට හම්බු වෙයිනෙ කියල දැනට මේ ටික කියවගෙන යනව :)
බ්ලොග කියවීම, ලිවීම තමන්ට කැමති විදියට කරන්න පුළුවන් දෙයක්.. ඒකට නීති නෑ.. මට මතකයි ඔයා මේකත් මුල ඉඳලා අගටම කියෙව්වා කිව්වා.. හි හි
Deleteඅද නං හරිම කැතයි ලියලා තියනවා. මෙහෙම ද පළපුරුදු බ්ලොග් කාරිනියෝ ලියන්නේ..අයියෝ සල්ලි.
ReplyDeleteඒ වුණාට මේකට තැංකූ හිරුවෝ
පළපුරුදු..???
Deleteකෝ අප්පා.. කොහෙද එහෙම කෙනෙක් ඉන්නේ.... ??
හි හි....
අමුතු කතාවට මමත් කොටසක් ලිවුවා... ඒකත් අමුතු අත්දැකීමක් වුනා. හරි ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. අනිත් අය එක්කත් කතා කරලා බලලා ආයේ ලියන්න කියන්න ඕන ඒක...
ReplyDeleteතමන්ගේ බ්ලොග් එකත් මතක නැති එනාට ඕක මතක තියෙයියෑ.. හි හි....
Deleteපුළුවන් නම් ඒකට ලියන්න පුළුවන් ඇඩ්මින්ලගේ මේල් එහෙම දාලා පෝස්ට් එකක් දාන්න අනිත් අලුත් අයටත් දැනගන්න...
හිරුවෝ
ReplyDeleteඅමුතු කතාවක් වගේම තුන්පත් රටා කියන බ්ලොග් එකත් හවුල් බ්ලොග් එකක්.
තුන්පත් රටා පටන් ගත්තේ අපේ ශ්‍රී ලාංකික සංකෘතියේ තියෙන, තිබුනු විශේෂ දේවල් අපි හැමෝම එකතු වෙලා එක තැනක ලියා තබමු කියන උදාර චේතනාවෙන්.
මේ තියෙන්නේ තුන්පත් රටා බ්ලොග් එකට යන ලින්ක් එක
ඒත් කාලවේලාව හොයා ගන්න බැරි කම නිසා හෝ වෙන එක එක කරුනු නිසා ඒක ඒ විදිහටම කරෑග්න යන්න බැරි උනා.
මුලින් බ්ලොග් කරුවෝ බොහෝම උනන්දුවෙන් මේ බ්ලොග් කෙරුවාවේ නිරත උනත් පස්සේ කාලෙක සමහර බ්ලොග් කරුවන්ගේ (කරුවෙක්ගේ??) චාටර් වැඩ නිසා මුලින් කල්ලි ගැහුනු කීප දෙනෙක් ඇර අනිත් අය සමඟ කල්ලි ගැහෙන එක තියා බ්ලොග් ලියන එකත් කියවන එකත් ගොඩක් අය නතර කලා.
දැන් ආයේ සෑහෙන දෙනෙක් ලියනවා. ඒ අය එකතු වෙලා අමුතු කතාවට පන දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙය්ක වේවි.
ඒ ගමන් තුන්පත් රටා එකටත් ලියනන් පුලුවන් අය ඉන්න වනම් ඒ අයටත් විවුර්ත ආරාධනයක් කරන්න මම කැමතියි.
අපි බලමු සිනමා ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් වුනු අය යලි සිනමා ශාලා වෙත ගෙන ඒමට නම් උසස් සිනමා නිර්මාණ බිහිවෙන්න ඕන වගේ . . බ්ලොග්කරණයෙන් ඉවත් උනු බ්ලොග් කරුවන් කාරියන් යලිත් බ්ලොග් කරා ගෙන එන්න උසස් බ්ලොග් නිර්මාණ කරලා හැකියාවක් තියෙයිද කියලා . .
// සමහර බ්ලොග් කරුවන්ගේ (කරුවෙක්ගේ??) චාටර් වැඩ නිසා මුලින් කල්ලි ගැහුනු කීප දෙනෙක් ඇර අනිත් අය සමඟ කල්ලි ගැහෙන එක තියා බ්ලොග් ලියන එකත් කියවන එකත් ගොඩක් අය නතර කලා.\\
Deleteමේ මම හිතන කෙනාම ද... ? :-D
දුකා අයියගේ කමෙන්ට් එකෙන් මගේ පෝස්ට් එකේ බලාපොරොත්තුව ඉෂ්ඨ උනා කියලා හිතෙනවා...
Deleteසෝරෝ.... අම්මපා උඹට ගුටියක් දෙනවා මම.... හි හි
ReplyDeleteඑකෙක් වත් මට කියන්න සුට්ටන් වත් දෙයක්
ඉතුරු කරලා නැහැ ..:(
හි හි... ඕකනේ කියන්නේ... පරක්කු උනාම වෙන වැඩේ.... හි හි
Deleteබ්ලොග් වල ලියන භාෂාව අද නැති එකනම් සම්පූර්ණ අත්තක් මොකද මම වුනත් ඒවා දන්නේ නැහැ :P.
ReplyDeleteඒත් වර්තමානේ ව්‍යාකරණවත් හරියට ලියන එකෙක් කියලා අපේ සෑමාව පෙන්නවන්න පුලුව.වල කතා ලිව්වත් ජෝක් කතා ලිව්වත් ව්‍යාකරණ නම් ලෙසටම තියෙනවා සෑම්ගේ!
සෑම්ගේ ව්‍යාකරණ ගොඩක් හොඳයි තමයි.... ව්‍යාකරණ ගැන මාත් ටිකක් සැලකිලිමත්... එහෙම නැතුව වැඩක් නැති නිසා.. ඉගෙන ගත්ත දෙයකින් වැඩක් ගන්නත් එපැයි....
Deleteහි හි...
මමත් මේ බ්ලොග් වැඩේට බොහොම ආධුනිකයෙක්.
ReplyDeleteමට ලියන්නන් වාලේ ලියන්න බෑ. මොකද එහෙම ලිව්වොත් ඒක කියවන්න මොහොතක් ගතකළ කෙනාගෙ විටානා කාලය කා දැම්මා නේද කියලා මටම හිතෙනවා. ඒ නිසා කියවන කෙනෙකුට යම් තරමකින් හෝ වැදගත් වෙයි කියලා හිතන දෙයක් තමයි ලියන්නේ.
අනික තමයි කාලය ගෙවල්දොරවල්වල කටයුතු වගේම වෘත්තිය කටයුතුවලත් ඉන්න ගමන් මේවා කරන්නේ ජීවිතේ ඒකාකාරිබව නැති කරගන්න වගේම. ලියන ස්ටයිල් එක ටිකක් හදාගන්නත් ඕනෙ නිසා. ඒ හින්දා මම නම් සාමාන්‍යයෙන් සතියට එකයි ලියන්නේ ඒ ලියන මට වගේම කියවන කෙනාටත් ඉතාම පහසුයි. කාලය ඉතිරියි.
බ්ලොග් කියන්නේ හොඳට භාවිතා කලොත් ගතහැකි ප්‍රයෝජනය ඉතාම ඉහලයි. නැතන්ම කාලයයි මුදලයි දෙකම වතුරේ..
අයියාගේ ලිවීම ගැන කියන්න දෙයක් නෑ.. ඉතාම ඉහලයි... මට තේරෙන විදියට.. අනිත් එක බ්ලොග් ලෝකෙට ඕනෙම කෙනෙක් අයියා... දැනුම, අත්දෑකීම් බහුල අයගේ ලිවීම ගැන දැනට තියෙන හොදම උදාහරණ අයියගේ බ්ලොග් එකයි, මහේෂ් නිශාන්ත අයියගේ බ්ලොග් එකයි තමයි මං හිතන්නේ... මොකද ඒ හැම ලියවිල්ලකම භාෂාව හැසිරවීම, ඕනේ නැති දේවල් අතෑරලා රසවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීම සහ දැනුම කියන හැම දේම තියෙනවා... ඒ අතින් අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ පරම්පරා දෙක තුනක් එක්ක කරන බ්ලොග් කෙරුවාව දිගටම කරගෙන යනවට... හි හි...
Deleteඋඹේ කතාවනම් ඇත්ත වෙන්නැති නගෝ. හැබැයි ඉතින් මටනම් ඔය සම්භායිය ඒවා ග්‍රීක් වගේ.එහෙම ඒවම තිබුනනම් මම බ්ලොග් පලාතෙවත් එන්නේ නෑ. මම කැමති මේ සරල භාශා විලාසයටයි සරල මාතෘකාවලටයි. අධ්‍යාපන වටිනාකමක් තියෙන මම කියවන ඒවත් තියෙනවා, කුරුන්ද, අසමි දකිමි සොයමි වගේ. ඒ හැරුනම මම කියවන්නේම ඕප. මොකද මම මෙහෙ ආවේ පාලුව මකා ගන්න.
ReplyDeleteඑක එක්කෙනා, එක එක දේවල් හින්දා නොවැ බ්ලොග් ලියන්නේ කියවන්නේ.. ඒකේ අවුලක් නෑ සරා අයියේ... හි හි
Deleteමේ කතාව සහතික ඇත්ත.මටත් කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ.කට්ටියම කියලා තියෙන්නේ.හොඳ ලිපියක් අපේ සිතිවිලි වෙනස් කරන....
ReplyDeleteහැම දෙයකම දෙපැත්තක් තියෙන නිසා බ්ලොග් පොස්ට් වලටද මේක අදාලයි.උදාහරණයක් විදියට හසිත ලියන ආගිය කතා බ්ලොග් එකෙන් මම ගොඩාක් දැනුමක් ගන්නවා.නමුත් මම කොච්චර දැනුම ගත්තත් මට තව කෙනෙකුට දැනුමක් දෙන්න පුළුවන් දෙයක් මගේ බ්ලොග් එක හරහා දෙන්න අමාරුයි.නමුත් මට හිතෙනවා වැඩකට නැති දෙයක්ම නෙවෙයි කියලා.
ReplyDeleteමම හිතන්නේ නෑ බ්ලොග් කීපයක් ඇරෙන්න අනිත් ඒවයින් ගන්න දෙයක් නෑ කියලා... නමුත් පේන විදියට මේ දවස් වල නැගලා යන්‌ෙන් එක්තරා ශෛලියක බ්ලොග් විතරයි වගේ.. ඉතිං අලුතින් එන අයට දැනගන්නත් එක්ක තමයි මම මේක ලිව්වේ, මෙහෙම බ්ලොග් ජාතියකුත් තිබ්බා කියන එක...
Deleteසුදීක අයියගේ පෝස්ට් එක ඊයේ රෑම ලියෙවුවා.. මාරයගෙත් බලලා මේ ආවා මේකට.. ස්වර්ණමය යුගයක් නම් තීරණය කරන්න අමාරුයි අක්කේ.. ඒක කාලෙන් කාලෙට වෙනස් උනා.. හැබැයි එක දෙයක් ඇත්ත.. අර සාහිත්‍යමය පැත්තෙන් ලියන දේවල් අඩු වෙන එක.. ලිය උනත්, ගොඩක් දෙනෙක් ඒවා බලන්නේ නැති එකත් පාඩුවක් මං හිතන්නේ.. බලමු.. ඉස්සරහට මොනා වෙයිද කියලා..
ReplyDeleteදැන් ඒ කියන්නේ හිරූ අක්කා 2006 වැල බැළුවා.. මාත් බැළුවා ඒ.. මොකටෙයි බොරු කියන්නේ..
ඔයාලා වගේ නිර්මාණ කරන අය දැකලා තමයි මටත් අමුතු කතාවක් බ්ලොග් එක ආපහු පටන් ගත්තනං හොඳයි කියලා හිතුනේ දිනේශ්.. පුළුවන් නම් ඔයත් කියනවා බලන්න ඒක...
Deleteබැලුවේ නෑ අනේ... ඒ දවස් වල ඕවා මේල් වලින් ආවා.. එතෙකාට බැලෙනවා නේ.. හි හි
දැන් මං මොනවයි මෙතන ලියන්නේ....ඔක්කොම කියලනේ.......
ReplyDeleteමම කමෙන්ට් කියවිල්ල අත ඇරලා දැම්ම. මේක හරියට මාධ්‍ය නිවේදනයක් පත්තර කීපෙකින් කියවනවා වගේ වැඩක්. හැම තැනටම එකම කමෙන්ට් එක දාලා.
ReplyDeleteඔන්න ඔය ටිකම මං සුදීකගෙ බ්ලොග් එකෙ ලිවුව.
ReplyDeleteමමත් බ්ලොග් එකට අලුත් ඉස්සෙල්ලම කාලයක් තිස්සෙ කියෙව්වා. හැබැයි මේ හැමදේම මම කරන්නෙ මගේ පාලුවට ඒක නිසා මේක සරලයි මේක සම්භාවයයි කියල වෙන් කරන්නෙ නෑ, හැම එකම වගේ කියවනවා හැබැයි සමහර ඒවගේ පරණ ලිපි බලල එපා උන ඒවත් තියනවා, සමහර ඒවා අලුත් ලිපි නිසා එපා උනා.. කොහොමටත් මම ලියන්නෙ මගේ හිත සැහැල්ලු කරගන්න ඒ නිසා ඒවා සම්භාව්ය උනත් නැතත් මගේ හිත සැහල්ලු කරනවා මට අවශය දේ වෙනවා... හැබැයි ඉතින් ස්වර්ණමය යුගය ඉවරද නැද්ද කියල විනිශ්චය කරන්න පුලුවන් නම් බ්ලොග් ලෝකෙ පරණ කුහක කම නැතුව ස්වාදීනව බලන අයට විතරයි...
ReplyDeleteබ්ලොග් කියන්නෙ බොහොම නිදහස් මාධ්‍යයක්...එතැනට ඔය ලියන ඇත්තන්ව කවුරුත් බලෙන් ඇදගෙන ඇවිල්ලා අත ඇරලා නෑ...ඒ නිසා තමන්ට රිසි දෙයක් තමන්ට හැකි විදියට ලියන්න මේ තුල නිදහස තිබිය යුතුයි..බ්ලොග් වලට නීති රීති පනවලා සීමා මායිම් පෙන්වන්න කවුරු හරි උත්සාහ කරනවා නම් එය බොහොම අසාර්ථක වෑයමක්...
ReplyDeleteඅපි ලියන යමක් කියවලා අවංකවම ඒ ගැන තමන්ට හිතෙන දේ කමෙන්ටුවක් විදියට ප්‍රකාශ කරන්නෙ කීයෙන් කී දෙනාද...බ්ලොග්කරුවෙකුට තියෙන හොදම ශක්තිය මේ ප්‍රතිචාර නිසා ලියවිල්ල පිළිබද අදහස බොහොම අවංකව ඉදිරිපත් කරනවා නම් එයත් බ්ලොග් කලාවේ යහපත් ප්‍රගමනයකට හේතු වෙයි කියලා මට හිතෙනවා...
පට්ටයි මචං..මරු ලිපිය...සුපිරියි...මේ වගේ කමෙන්ට් දාන්නෙ කථාව කියවන්නෙ නැතුව කියලා මම නම් අත්දැකීමෙන්ම දන්නවා...
ඒ ඉස්සර අර නිතර දකින ගිම්හානි බුරා, සුජීව වහේ උන්ගෙ කමෙන්ටුත් නැතිවෙලා තියෙන එකේ ලියන එව්ව ගැන කවර කතාද හිරුවො. ඔන්න ඔහෙ යන විදියට යමන්...
ReplyDeleteඅනේ මන්දා හිරු.. බ්ලොග් ලියන්නෙත් කියවන්නෙත් සැබෑ ලෝකයේ ඉන්න අයම නේ. කෙනෙකුට හොඳයි කියල හිතෙන දේ තව කෙනෙකුට නරකයි.
ReplyDeleteපෝස්ට් එකක් කියවල හිතුනු දේ ලියල එනවා නම් නිර්මාණ කරන්නෙකුට ඒක හොඳ රුකුලක් කියලයි මං හිතන්නේ.
ටික කාලයකට පසු හිතලම ලියලා වගේ.හා බොරුද? හරවත් බොහෝ දේ ඇත.දරුවන් ගැන කියපු කථාව විශේෂයෙන්.නිසරු දේ දරුවන් ලබන විට දෙමව්පියන් සෙවිල්ලෙන් සිටිය යුතුය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අක්ක ඔය මුලින් කිව්ව කාලේ මම බ්ලොග් කියන වචනෙත් අහලා නැතුව ඇති.
ReplyDeleteහිරුගෙ විචාරය බොහොම අපූරුයි..නොදන්න දේවල් ගොඩක් දැනගත්ත
ReplyDeleteAne mama nam balanne deka thunaine. E nisa me gana kiyanna deyak naha.
ReplyDeleteවැඩිය කියන්න දෙයක් නැහැ ...මේ දවස් වල බ්ලොග් වලට ගොඩවදින්න බැරිවුණ හින්ද? මටනම් හිතෙන විදිහට බ්ලොග් වල ස්වර්ණමය යුගය එදා වගේම තවත් තියෙනවා......
ReplyDelete