නෑයෝ...
මම මීට කලින් කීප වතාවක්ම ලියලා තියෙන මාතෘකාවක්... ඒත් අද මේ ලියන්න යන්නේ එක පාරක්වත් නොලියපු කතාවක්...
කල්පනා කරලා බැලුවම ලංකාව පුරාම නෑයෝ ඉන්නවද කියලා හිතෙන තරමට අපේ තාත්ත කියන කතාවල කට්ටිය ඉන්නවා... හැබැයි ඔය අයගෙන් මම නම් දන්නේ කීප දෙනයි.. සමහරු ළඟම නෑයෝ.. සමහරු ඈතින් නෑයෝ... සමහරු නෑයෝ වගේ ඉන්න යාලුවෝ.. සමහරු හතුරෝ වෙලා ඉන්න නෑයෝ.... වෙලාවකට මට නම් මේ නෑකම් පැටලෙනවා....
ඔය අතරේ ඉන්නවා මේ පුංචි ලංකාවේ දුර ප්‍රමාණය නිසා ආශ්‍රයෙන් ඈත් වෙච්ච ළඟම නෑයෝ... අන්න එහෙම කතාවක් තමයි අද මේ ලියන්න ගත්තේ...
ඉස්සර අපි හැමෝටම කාර්, වෑන් තිබ්‌ෙබ නෑ... දුර ගමන් යන්න, නිවාඩු ගත කරන්න යන්න සල්ලිවත, විවේකයවත් තිබුනේ නෑ... ඒක නිසා ළඟින්ම ඉන්න ඕනේ අය පවා ඈත් වෙලා හිටිය...ඒ වගේ අපෙන් ඈත් වෙලා හිටපු අපේ අම්මගේ ලොකු අයියගේ, මගේ ලොකු මාමගේ පවුලේ අය ගැන මගේ මතක ගැනයි මේ කතාව..
ලොකු මාමා ඉන්නේ අනුරාධපුරේ... ඇත්තටම මම කාලයක් යනකම් දැනගෙන හිටියේ නෑ ඒ මගේ ලොකු මාමා කියලා.. හේතුව ඉතිං කවදාවත් දැකලා නැති හින්දා තමයි.. ලොකු මාමා හිටියේ රට... නැන්දා එයාලගේ ගමේ.. ඒ කිව්‌ෙව් අනුරාධපුරේ හිටියේ.. මට ඒ කට්ටිය ගැන මුලින්ම යන්තම් මතකයක් තියෙන්නේ මම 8 වසරේ විතර ඉන්න කාලේ අනුරාධපුරේ ගිහින් අක්කෙකුයි අයියලා දෙන්නෙකුයි හිටපු ගේකට ගියා කියන මතකය විතරයි...
පස්සේ කාලෙක, ඒ කිව්වේ මං ජොබ් කරන්නත් පටන් ගත්තට පස්සේ, අපේ මාමා වෑන් එක අරගෙන කොෙහ හරි දිග ගමනක් යන්න ඕනේ කිව්වම අපි කිව්වා එහෙනං අනුරාධපුරේ යමු කියලා...
ඔන්න වැඩේ ලෑස්ති කරගෙන යන්න පිටත් උනා කියමුකෝ.. මඟක් දුරට ගියාට පස්සෙයි දන්නේ මාමා ආනුරාධපුරේට යන්න පාර දන්නේ නෑ කියලා... ඒ පාර කඩේකින් මැප් එකක් අරගෙන ඒක බලාගෙන අනුරාධපුරේ ගිය ගමන තමයි මං ගියපු ජොලිම ගමන මෙච්චර කාලයක්.. මොකද වෑන් එකේ හිටපු කිසි කෙනෙක්ට නිදා ගන්න නම් හම්බුනේ නෑ මඟදි.. පාරවල් හොයන්නේ මායි මල්ලියි... ඒක ඉතිං එකම විකාරයක්... කාගෙන්වත් පාර අහන්නෙත් නැතුව, එක පාරක්වත් වරද්දගන්නේත් නැතුව, ලයිසන් නැති ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අනුරාධපුරේ ගිය හැටි අපි තාමත් කට්ටිය සෙට් උනාම කියනවා.. හි හි...
කොහොම හරි අපි අතුරුආන්තරාවක් නැතුව අනුරාධපුරේට සැපත් උනාට පස්සේ මාමා, ලොකු මාමට කෝල් කරලා කිව්වා අපි මෙහෙ ආවා කියලා.. මෙන්න ඒ පාර එහෙනං එහෙ නවතින්න කියලා ආරාධනාවක්... ඉතිං අපි එහෙ ගියා... ඔන්න ඕකයි මට මතක පළවෙනි පාරට ලොකු මාමලගේ ගෙදර ගියා කියලා...
අපි එහෙ ගියාම හරිම පුදුමාකාර විදියට නැන්දා අපිව පිළිගත්තේ.. හරිම ලෙංගතු විදියට... මට හරිම අපහසුවක් දැනුනා ඇත්තටම ඒ කවුද කියලවත් මම නොදැන හිටපු හින්දා... ඒත් පැය කීපයක් යනකොට ඒ අපහසුව නැති වෙලා ගිහින් අපි කට්ටිය පිස්සු නටන්න පටන් ගත්තේ ගෙදරදි වගේම..
ලොකු මාමගේ දුවයි පුතාලා දෙන්නයි අපි යනකොට ගෙදර හිටියේ නෑ.. පස්සේ තමයි දන්නේ අක්කා බෝඩ් වෙලා ජොබ් එකක් කරනවා, ලොකු අයියා රට කියලා... ගෙදර හිටියේ පොඩි අයියා ධනංජය විතරයි...
ධනංජය අයියටයි එයාගේ අම්මටයි වෙන වැඩක් තිබුනේ නෑ අපිට කන්න දෙනවට වැඩිය.. හි හි... හරියට සෝමාලියාවේ ඉදලා ආපු සරණාගතයෝ වගේ.. බලන බලන වේලාවට මොනවා හරි කන්න හදන එක තමයි නැන්දගේ වැඩේ...
ධනංජය අයියත් නිවාඩු දාගෙන ඒ දවස් ටිකේම අපිව එක්කන් හැමතැනම ගියා.. ඒ යන ගමනුත් එක තැනකින් නවත්තලා බඩ ඉරිඟු අරගෙන වෑන් එකේ පිටිපස්සට වෙලා ඒක කාලා ඉවර වෙලා, ආයිත් තව තැනකින් අරගෙන කෑවා... ඒ තරම් බඩජාරියෝ ටිකක්..
වෑන් එක කිව්වට ඒක මේ සීට් දෙකේ වෑන් එකක්.. ඉතිං පිටපස්සේ යන කට්ටිය යන්නේ බිමට කොට්ට දාගෙන ඒවයේ ඉඳගෙන... හොඳ වෙලාවට වීදුරු ටින්ට් කරලා තිබ්බේ... හි හි... ඒක අමුතුම ජොලියක් ඉතිං.. අනිත් එක ඒ පැත්තේ හැම තැනම දන්න කෙනෙක් එක්ක යන පළවෙනි වතාව නිසා ගොඩක් අය නොදන්න තැන් වලට ධනංජය අයියා අපිව එක්කන් ගියා....
වෑව් වලින් නාලා, කවදාවත් ගිහින් නැති තැන් වලත් ගිහින්, ගෙදර එන ගමන් බඩ ඉරිඟූ හේනකින් බඩ ඉරිඟු කඩාගෙන ඇවිත්, ගිනි ගොඩක් ගහලා, ඒවා පුච්චලා දුන්නේ ධනංජය අයියමයි.... කිරි රහට හැපෙන පුච්චපු බඩ ඉරිඟු වලට ලුණුයි මිරිසුයි දාලා, බටර් චුට්ටක් දාලා කාපු කෑම තමයි මට එහෙදි කාපු රහම කෑම තාමත්...
දවස් පහක් ඉඳලා, ඒ දවස් පහේම කාලා කාලා, ගියාට වඩා කිලෝ 10කින් විතර බරත් වැඩි කරගෙන ආවට පස්සේ ෆොන් එකෙන් අපි කට්ටිය නැති වෙලා තිබ්බ නෑදෑකම්, සහෝදරකම් ඇති කරගත්තා... එතනින් එහාට අපි ඇත්තටම පොඩි කාලේ ඉඳලා එකට හැදිච්ච අය වගේ හිටියේ, ඒ අයගේ තිබ්බ මනුස්සකම් නිසා කියලා මට තාම හිතෙනවා...
ඒ ගමනින් පස්සේ කීප පාරක්ම ආයිත් එහෙ යන්න හැදුවත් අම්මගේ වැඩයි, මල්ලිගේ විභාග වැඩයි එක්ක යන්න බැරි උනා... ඉතිං ධනංජය අයියා අපිට කෝල් කළාම කියන්නේ “ අම්මලා ඕනේ නෑ... නංගියි මල්ලියි දෙන්නා කොළඹින් බස් එකේ නඟින්න, මං ගල්කුලමෙන් ඔයාලව බස්සගන්නම්...” කියලා....
අවුරදු දෙකකට පස්සේ රස්සාවෙන් හෙම්බත් වෙලා හිටපු වෙලාවක, මෙදා පාර නම් තනියෙන් හරි යනවා කියලා හිතලා ධනංජය අයියට කෝල් එකක් දෙන්න හිතනකොට, අපේ අම්මා කෝල් කරලා කිව්වේ මං හීනෙන්වත් හිතපු නැති දෙයක්....
“ ධනංජය අයියා නැති වෙලාලු.. ”
මගේ ඔලුවට හෙණයක් වැදුනා වගේ දැනුනේ... එදා උදේ හීනෙන් වගේ ධනංජය අයියව මතක් වෙච්ච හැටි මට අදටත් මතකයි.... පුදුමාකාර අහිංසක කොල්ලෙක්.. ඒ වගේම හරිම ආදරණීය අයියා කෙනෙක්.. එයා ගැන කියන්න මට වචන නෑ තාමත්... එයා නැති උනේ ඩෙංගු හා සමාන ලෙඩක් හැදිලා...
මළගෙදරට ආපු හැමෝම කියපු එක දෙයක් මට හොඳට මතකයි...“ වැඩි කාලයක් මෙහෙ ඉන්න බලං ආපු දරුවෙක් නෙවෙයි... ඒකයි ඉක්මණට ගියේ ...”.. මම අයියා කිව්වට එයා මට වඩා වැඩිමල් මාස ගානකින් විතරයි...
ධනංජය අයියගේ තුන්මාසේ දානේ දුන්නේ එයාම කරපු කුඹුරේ වී වලින්... අවුරුද්දේ දානේට ගියාට පස්සේ මම තාම එහෙ ගියේ නෑ.... ලොකු මාමට අංශභාගේ හැදුනලු.. මට ඒත් යන්න බැරි උනා... අපි ආශ්‍රය කළේ පුංචිම පුංචි කාලයක් උනත් ධනංජය අයියා තමයි මට හිටපු ආදරණීයම අයියා... අදටත් එයාගේ මතකයට මාව අඬවන්න පුළුවන්..
බඩ ඉරිඟු පෙරේතයෙක් වෙච්ච මට, බඩ ඉරිඟු දකිනකොට මේ මතකය එකපාරටම අලුත් වෙන්නේ දරාගන්න අමාරු විදියට තාමත්...
මේක ලියන්න මට හිතුනේ දඬු වැට පැනලා නවදැලිහේන බ්ලොග් එකට ගිහින් කියවපු කතාවක් හින්දා .. බඩ ඉරිඟු පුච්චලා කන එකේ මගේ මතකය වේදනාත්මක උනේ මේ සිද්ධියෙන් පස්සේ... කාලෙකට පස්සේ අමුතුම විදියකට ලියවෙන බ්ලොග් එකක් ඒක... ස්වාභාවික පරිසරයත් එක්ක ඉන්න ආස උනත්, ඒකට ඉඩක් නොලැබෙන අපි වගේ අයට කියවලා හරි ඒ වින්දනය විඳින්න ඉඩ ලැබෙන එකත් ලොකුදෙයක් කියලා හිතෙනවා...
හ්ම්.. කියෙව්වෙමි... බ්ලොගේ රත් උනාම මක්ක්වත් කියංඥඤං දැනට කියවල ඉවර වෙලා ආපු සුසුම තියා ගන්නං..
ReplyDeleteඒකට කමක් නෑ දේශකයෝ...
Deleteමගෙ හිතටත් දුකක් උපන්න හිරුවො. පව් ඒ අයියා.
ReplyDeleteහිරු දන්නවද ඔය බඩ ඉරිගු පුච්චලා කනවා වගේම තමා මඤ්ඤොක්කා පුච්චලා කද්දිත් දැනෙන රහ. ඉස්සර අපේ කුලියාපිටියේ මාමාලාගෙ ගෙදර ගඩොල් පෝරණු තිබ්බා. ගඩොල් පුච්චන කාලේට මහ රෑ අපිත් කියෝ කියෝ නිදි වරාගෙන ඉන්නවා. ඒ වගේ දවස්වලට මාමා එවෙලාවෙම වත්තෙන් ගලවාගෙන එන මඤ්ඤොක්කා අර මහ ගින්දර ඇවිලෙන පෝරණුවේ කටට ඔබනවා. පැය කාලක් විතර යද්දී එළියට අරන් අතින් තලලා අපිට දෙනවා. අම්මෝ ඒකේ රහ. ඔය අස්සේ නැද්දා තලාගෙන එනවා කොච්චි සම්බෝලයක්. ඒකත් එක්ක අර පුච්චාපු මඤ්ඤොක්කා වල රස මේ දැනුත් මට දැනෙනවා වගේ...
මම මඤ්ඤොක්කා පුච්චලා නම් කාලා නෑ ළිහිණියෝ.. ඒකත් මරු ඇති තමා... හි හි
Deleteඑතකොට කොස් ඇට පුච්චලා කන එක.
Deleteතම තමුන්ගෙ පවුල්වල ප්‍රශ්නයි බරවලුයි අස්සෙ අපිට ගොඩක් යුතුකම් අමතක වෙනවා. හිටි හැටියෙ මරණයක් උන දාට තමයි අපිට සංසාරේ එපා වෙන්නේ. දොස් කියන්න අමාරුයි.. කාලෙත් එක්ක දුවන අපිට ආපහු හැරෙන්නවත් දෙපැත්ත බලනවත් ඉසිඹුවක් නැති එක නම් කරුමයක්.. කොතනකදී හරි මේ දිවිල්ල නවත්වන්න ඕනෙ කියල හිතනවා..
ReplyDelete+++++
Deleteසීයට දෙසීයක් සරත් අය්යාගේ කතාවට එකඟයි.
@සරත් ලංකාප්‍රිය
Delete++++++++++++++++++
ඔය ගහලා තියෙන්නේ මටත් එක්කම වැට වල්... හි හි..
Deleteඇත්තටම මට තාමත් තියෙන්නේ ඒ ඉල්ලීම ඉටු කරගන්න බැරි උන එකේ පසුතැවීමද කියලා හිතෙනවා සමහර වෙලාවට... ඒක මූනිච්චාවට කරපු ආරාධනයක් නෙවෙයි.. හරිම ආසාවෙන්, කැමැත්තෙන් කරපු ඉල්ලීමක්..
මේ දිවිල්ල නවත්තන්න ලේසි නෑ සරත් අයියේ.. ජීවත් වෙන්න කරන අරගලයත් එක්ක අපිට මඟහැරෙන දේවල් ගොඩයි..
මගේ හිතටත් දුකක් ගෙනාවා මේ කතාව, අපි රැල්ලත් එක්ක ඉස්සරහට යනවා මිසක්, අපිත් එක්ක යන අය ගැන,ඉන්න අය ගැන බලන්නෙ නැහැ, පස්සේ තමයි මතක් වෙන්නේ අපේ යුතුකම් අපිට අමතක වුනා කියලා..අනේ මන්දා අක්කෝ,
ReplyDeleteඒක තමයි ශම්මි... මට ඊටත් වැඩිය පසුතැවීමක් තියෙනවා එහෙ යන්න බැරි උන එකට ඊට පස්සේවත්...
Deleteඅක්කේ හරිම සංවේදියි. සිද්දිය ඔය ගල්කුලම පයිරමදුව හරිය මමත් ඉඳල තියන පැත්තක්.
ReplyDeleteකියලා වැඩක් නෑ කෝරළයො..
Deleteමමත් අනුරාධපුරේ නිසා ඔය බඩඉරිගු පුච්චලා කාලා ඇති ඉසේ කෙස් ගානට වැඩියෙන්.ඒතරම් රසවත් කැමක් නැදෑ සබඳතා අලුත්කරන්න හේතු වුන එකත් සතුටක්. රජරට අසිරිය මේ සටහන පුරා විසිරිගලා තියෙන බවක් හැගුණා..
ReplyDeleteඒත් අකාලයේ සමුගත් "ධනංජය" සොහොයුරාට නිවන් සුව පතනවා..
ඇත්තටම ඒ පැත්තට ආපහු යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා ඒ ගත කරපු දවස් පහ මතක් වෙනකොට තාමත්... හරිම නිදහස් පැත්තක්... ඒත් මේ රස්සාවල් එක්ක එහෙම ගමනක්වත් යන්න බැරි වෙලා තියෙන්නේ අපේම වෙලාවට තමා...
Deleteඇඩෙනවා නෙහ්...
ReplyDeleteඒ උනාට ඔය ආහාරය තරම් සෙට් වෙන ආහාරයක් ලොවෙත් නෑ අප්පා!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක නම් ඇත්ත රජෝ...
Deleteහරිම අනුවේදනියයි හිරුවෝ.... සුන්දර මතකයත් එක්කම දුක් බර කතාවකුත් ඇදෙනවා... සංසාරේ හැටි තමා..
ReplyDeleteතාමත් මට අමතක කරන්න බැරි දුකක් මේ ගැන තියෙනවා නලීන් අයියේ...
Deleteඔබගේ ඥාති සොයුරු ධනංජයට මොක් සුව පතමි.
ReplyDeleteමඤ්ඤොක්කා පුච්ච්ල කන එක තරම් රහ නැහැ ඉරිඟු.
ටෙලිෆෝන්යෙන් ඇරඹි අයියා නංගී කම්
ටෙලිෆෝන්යෙන්ම නිම උනි අයියා කම්
පොඩි ට්‍රයි එකක් දුන්නා දුකයි මොකෑ කරම්
පතමි මගේ අයියා ඔබට හට කෙලින්ම නිවම්
මෙහෙම කවි ලියන්න පුළුවන් නම් මටත්...
Deleteඇයි බැරි මාත් ලියනවානං බොට
Deleteහි හි බඩඉරිගු කිවිවම දැන්ටත් කටට කෙළ උනනවා...
ReplyDeleteඒවගේමයි ධනංජය අයියාත් දැන් හොද ලෝකයක ඉපදිලා ඇති..
අනිවාර්යයෙන්ම.. එයා හරිම හොඳ කෙනෙක්.. අම්මටයි තාත්තටයි පුදුම ආදරෙයි.. එයා එක්ක කතා කරලා කවදාවත් තරහා ගන්න නම් දෙයක් නෑ.. ඒ තරම් තැන්පත් විදියට කතා කරන්නේ.. අසනීප උනාට පස්සේ වෙච්ච දේවල් අහනකොට නම් මට කොහොමවත් දරාගන්න බැරි උනා එච්චර හොද කෙනෙක් නැති වෙච්ච එක ගැන...
Deleteඒක නම් හරිම සංවේදී කතාවක් හිරුවෝ... එදායින් පස්සෙ බඩ ඉරිඟුවල ලුණු රස වැඩි වෙන්න ඇති ඔයාට නම්...
ReplyDeleteඑදායින් පස්සේ මම තාමත් බඩ ඉරිඟු කෑවේ නෑ මියුරු...
Deleteහ්ම්ම්ම්...මුලින් කියන්න හිටිය ටිකත් අන්තිම කියෙව්වාම අමතක උනා...
ReplyDeleteමාත් ඔහේ ලියාගෙන ගියා තරුවො...
Deleteදුක හිතෙන මතකයක් . ඔයාට විතරක නෙමේ දැන් අපටත් මේ කතාව මතක් වෙයි ඉරිඟු කනකොට .
ReplyDeleteඔන්න හිරු නවදැලි හේනට මාත් පබ්ලිසිටි දුන්න . ඒක හොඳ බ්ලොග් එකක් නිසා .
ඇත්තටම ඒ බ්ලොග් එකේ මේ කාර්යබහුල ජීවිතයෙදි අපිට අතෑරැන ලස්සන අත්දෑකීම් ලියවිලා තියෙනවා...
Deleteරසවත් කතාවකුයි, දුක්බර කතාවකුයි දෙකක්ම එකට.
ReplyDeleteබඩඉරිඟු නං නියම කෑමක් තමයි අප්ප.
දෙකම එකටම ලිව්වා ප්‍රසා අයියේ... මොකද ඔය සිද්ධි දෙකම එකට බැඳිලා තියෙන දෙයක් නිසා...
Deleteඔව් හිරුවො ඔය වගේ හිතේ පතුලටම කිඳා බහින සිදුවීම් එක්ක බද්ධ වෙච්ච යම් යම් භෞතික දේවල් ගොඩක් මටත් තියෙනවා..ඒ දේ දකින හැම වෙලාවෙම හිත කීරි ගැහිලා යනවා..
ReplyDeleteහ්ම්ම්.. ඒක ඇත්ත වෙනි අන්කල්...
Deleteඅනුරාධපුර ඇවිල්ලා මාත් ආසම පළාතක්..
ReplyDeleteඒකෙ ශුෂ්ක ගතියයි වැව් හුලගයි මුහු උනාම මාර ආතල්...
පොඩි කාලයක් ආශ්‍රය කලත් හිතට වදින සමහරුත් හම්බෙනවනං තමා....
අපි ගිහින් දවස් පහම වැව් වලින් නෑවේ... මරු අප්පා... ඒ ගමන් ඉතිං අපි තනියෙන් ගියා නම් එච්චර ජොලියක් වත්, ලේසියෙන් තැන් හොයා ගන්නවත් බැරි වෙනවා.. අයියා හිටපු නිසා තමයි ඉතිං ඔච්චර ජොලි උනේ ගමන...
Deleteජීවිතේ නොයෙක්වර අපිට වඩාත්ම හිතවත්ව හමුවන අයගෙන් සමහරක් අපිට පෙර අපෙන් සමුගන්නවා. එය කාලයක් යනතුරු අපේ මතකය අවුල් කිරීමට සමත් වෙනවා. නමුත්, අපි ජීවිත් වෙන කාලය පුරාවට හොඳින් සිටිය යුතුයි. මේ ‘හොඳ‘ කියන අර්තය තුළ බොහෝ කරුණු තිබෙනවා.
ReplyDeleteඒක ඇත්ත නිර්මලා.. ඒත් හොඳ කරගන්නත් වෙලාවක් නැති වෙනවා සමහර වෙලාවට.. අනේ මන්දා.. අපි මොනවටද ජීවත් වෙන්නේ කියලා හිතනවා මේ වගේ දේවල් මතක් වෙනකොට...
Deleteමං හිතුවේ ෆුල් ජොලි කතාවක් කියල... අන්තිම ටික කියවද්දී හෙන දුකයිනේ......
ReplyDeleteබඩ ඉරිගු වලට මාත් මනාපයි....
බඩ ඉරිඟු වලට හැමෝම කැමතියි වගේ නේ.. ඒත් හේනෙන් කඩා ගත්ත කිරි රසට හැපෙන බඩ ඉරිඟුයි, මෙහෙ විකුණන බඩ ඉරිඟුයි නම් ජාති දෙකක්ද කොහෙද.. එහෙම නැත්තම් මෙහෙට ගේන ඒවා ගොඩක් මෝරලා වෙන්න ඇති.. ගල් වගේ හයියනේ සමහර වෙලාවට.. හි හි...
Deleteචැක්, මට තාම බැරි උනානෙ එව්ව පුච්චල කන්ට. අවාසනාව තමයි
ReplyDeleteඅර අයිය ගැන නම් කනගාටුයි. එහෙම තමයි හොඳ මිනිස්සු ඉක්මනටම මැරිල යනව.
ඉක්මණට කාලා බලන්න එහෙනම්..
Deleteඒක ඇත්ත දේශ්.. මොනා කරන්නද ඉතිං...
අනේ මම කියන්න හිතපු ඔක්කොම් කැන්සල් වුනා හිරුගේ ධනංජය අය්යා ගැන ගැන දැනගත්තාම. හරිම කණගාටුදායකයි.
ReplyDeleteහ්ම්ම්.....
Deleteකතාව මුලින් සතුටින් කියවාගෙන ආවට අවසානයේ ඇති වුනේ දුකක්..
ReplyDeleteධනංජය අයියාට නිවන් සුව පතමු..
දුක හිතෙන විදියට ඉවර කරන්න උනාට සමාවෙන්න...
Deleteමේ අයියා නේද අර ඔයාට ආදරේ කරා කිව්වේ?ඇත්තටම මට එදත් කනගාටුවක් දැනුනා ඔය සිද්දිය අහලා අද ඒක අලුත් වුනා.
ReplyDeleteහ්ම්ම්.. මේ කතාව මං ඔයාගේ එකේ කමෙන්ට් එකක් විදියට දැම්මා නේද... එහෙම වෙන්න ඇත්තේ සමහර වෙලාවට අපි නෑනයි මස්සිනයි නිසා කට්ටිය අල්ලගෙන විහිළු කරපු නිසා වෙන්න ඇති සමහර විට.. ඒත් ඊටත් වඩා පුදුම සහෝදරකමක් තිබ්බා අපි අතර...
Deleteමං පෝස්ට් එක ගැන කියන්න ආවේ වෙන දෙයක්. දැන් ඒක ඕනේ නෑ. බඩ ඉරිඟු අපිත් කොහේ හරි ගිහින් එද්දී පාරක් අයිනේ තම්බනවා දැක්කොත් එහෙම අරගෙන පොඩි එව්වෝ වගේ කනවා තවමත්.
ReplyDeleteසමහර පුංචි පුංචි දේ වේදනාබර මතකයන් අලුත් කරනවා.. හිරුගේ ඥාති සොහොයුරාට නිවන් සුව පතනවා..!!
මාත් තාමත් ආසයි.. අපේ මහත්තයා කොහෙදිහරි දැක්කොත් තාමත් අරන් එනවා මං ආස නිසා.. ඒත් මට ඇත්තටම කන්න හිතෙන්නේ නෑ.. ඉතිං එයාම කාලා දානවා තනියෙන්...
Deleteහිරුගේ මේ සිද්දිය මීට කලින් දන්නේ ඔතොකොට මන්
ReplyDeleteවිතරද ? ඔයා දවසක් කොහේදී හරි මේක කිව්වා මතකයි
මට...ඒ ගැන ශෝකයත් ප්‍රකාශ කළා මතකයි...
ඔයාලට ඉතින් මළගෙදර ආරංචි උනේ නැහැද ?
ඩෙංගු හැදිලා නේද එයා නැති උනේ ?
නිවන් දකින්න පුළුවන් වේවා !
------------------------------------------------------------
අපි ඉස්සර පුච්චලා කාපු රස බඩඉරිඟු දැන් ඒවගේ නැහැ
හිරු..මතකද ඉස්සර බඩඉරිඟු තැම්බීගෙන එද්දී මුළු ගේම
සුවඳ වෙනවා...දැන් එහෙම නැහැ ...
තම්බ ගත්තට කනවා..:grrrrrr
මං මේක නිශාන්ගේ පෝස්ට් එකකට කෙමෙන්ට් එකක් විදියට දැම්මා...
Deleteමෙහෙ තියෙන ඒවා නම් එච්චර හරි නෑ තමයි සහන්... මං හිතන්නේ මෝරපුවා හින්දද දන් නෑ ඉතිං.. අනිත් එක ඒවා ගල් වගේ හයියයි...
අපි මළ ගෙදරට ගියා.. ඩෙංගු නෙවෙයි කියලා තමයි කිව්වේ ඒ ඩොක්ටර්ස්ලා... හැබැයි ඩෙංගු රෝග ලක්ෂණම තමයිලු තිබ්බේ..
Deleteපොඩ්ඩක් හිමින් දාපියකෝ... පෝස්ට් එකොලහක්ම තියෙනවා පෝලිමට. අපි පව් නැද්ද? හිටින් අරවා බලලම එනකං.
ReplyDeleteපැය දෙකහමාරක් නන්ස්ටොප් කියෙව්වා බං. වාසනාවට ඩයලොග් උත්තමයා අපි දිහා බලලා. නැත්නම් මට මෙතනින් නැගිටින්න වෙන්නේ උදේට තමයි. හිටින මේකත් බලලා එනකං.
Deleteපෝස්ටුවේ භාගයක් කියෝනකොට ඇඟම කීරි ගැහිලා වගේ ගියා බං. ජීවිතේ ඔහොම තමයි හිරුවෝ. ලඟින් තියාගන්න ආස අය අපිව දාලා යද්දී ආස නැති අය තව තව ලං වෙනවා. ධනංජය අයියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා බං මං.
Deleteධනංජය අයියා ගැන මීට කලිනුත් මං අහලා තියෙනවා හිරුවෝ. ඒකටත් ලින්ක් එකක් දාලා තිබ්බනම් තමයි වටින්නේ.
කොෙහද දැම්මේ කියලා මට මතක තිබ්බේ නෑ අකම්, නිශාන් කියනකම්.. හි හි..
Deleteඩයලොග් උත්තමයා කිව්වේ එයා කරපු වැඩෙන් පෝස්ට් අඩු වෙච්ච නිසාද.. හි හි...
බඩඉරිඟු කියන්නේ මං ආසම කෑමක්.කොහෙද දකින්නේ ඒවා, අරන් කන්න පුලුවන් නම් කනවා.
ReplyDeleteකතාව කියවන් එද්දිනම් ඒ වගේ දෙයක් වෙලා ඇති කියලා හිතුවේ නෑ.
මොනා කරන්නද ඉෂාන්.. ඇත්තටම මම මේක එච්චරම දුක හිතෙන්‌ෙන් නැති විදියට ලියන්න ට්‍රයි කළේ...
Deleteඋඹ ලියපු විදිහ වැරදියි හිරුවෝ. ඕක කොටස් දෙකකට ලිවුවනම් හරිනේ. මට දැන් මොකවත් කියන්න හිතෙන්නේ නෑ. කොහොම උනත් උඹේ ඥාති සහෝදරයට නිවන් සුව පතනවා.
ReplyDeleteඑක දිගට ලියාගෙන ගියා සරා අයියේ.. එච්චර හිතුවේ නෑ..
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... අර සුපුරුදු ගොං හිනාව අද දාන්න බෑ :(
ReplyDeleteමටත් එහෙමයි මේ කමෙන්ට් වලින් පස්සේ...
Deleteහිත මෙව්වා වෙලා ගියා බන්...මොනවා කරන්නද ඕක තමා ජීවිතේ..
ReplyDeleteධනංජය අයියගෙ මතු ජීවිතය යහපත් වේවා ! සසර අවසන නිවනම වේවා !!
හ්ම්ම්... ඒක ඇත්ත සෙන්නා..
DeleteAkke dhananjaya aiyage kathava kiyavaddi ammapa mata duka hithunaa
ReplyDeleteIrigu sambanda katha mathakkarannepa mata gedara mathak venava
Anthimata gedara inna giyapu paara ape thaththata bada irigu godaak hamba vela thibba e tika ivara vela apita eth madi nisa amma thava polenuth genaava.evva puchchalaa kanna thamaa maai ape thaththai kamathi.koppara kaallakuyi gammiris ata 4 pahakuyi lunu kata deka thunakuyi set unama sakkarayage kemata vada rasayi
ම්ම්ම්.. ඔය තියෙන්නේ ඉරිඟු කන තව විදියක්...
Deleteමොනා කරන්නද මඩයෝ... මටත් තාම ඒ දුක නැති වෙලා නෑ...
වැඩිපුර නිහතමානී මනුෂ්‍යයන්ගේ ආයුෂ කෙටි තමා කියලා මමත් අහලා තියෙනවා.සුන්දර මතකයන් අතර දුක්බර කථා සැඟවිලා තියෙනවා.ඔහු පතනා ලොවක් ඔහුට ලැබේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එතනදිත් ගොඩක් අය කිව්වේ ඒක තමයි ගයනි...
Deleteඒ අයිය නේද ඔයාට ආදරේ කරනව කියල කිව්වෙ......:(
ReplyDeleteමොනා වුනත් සෑහෙන්න් දුකයි අක්කෝ.... නිවන් සුව පතනව ඒ අයියට....
හ්ම්ම්.. ඔයා තමයි.. ඒත් ඊට වඩා සහෝදරකමක් තිබ්බා ... තාමත් දරාගන්න අමාරු ඒ සහෝදරකමට අර ඉල්ලපු ඉල්ලීම ඉටු කරන්න බැරි උන එකට ..
Deleteමට මතක්වුණේ ආණමඩුව පැත්ත..
ReplyDeleteබැදීම් වලට අපි මේතරම් බැඳිලා වග මතක්වෙන්නෙ අහිමිවුණාම... ඒ මතකත් එක්ක හිරු අක්කෙ...
සොහොයුරාට නිවන්සුව ලැබේවා..!!
ඒක ඇත්ත නන්ඳු.. ඒ මතක නම් අමතක කරන්න හරිම අමාරුයි...
Deleteපෝස්ට් එකේ මුල් හරියේ තිබුන රසවත් බව එක පාරටම නැති වෙලා ගියා. ඔහොම දෙයක් උනාම දැනෙන පසුතැවීම වැඩියි. ඔහුට නිවන් සුව.
ReplyDeleteඅනුරාධපුරේ පාරවල් හොයන එක ගැනනම් කතා කරලා වැඩක් නෑ..
අපිට පාරවල් හොයන්න එච්චර අමාරු උනේ නෑ සයුරි... මැප් එක බලාගෙන ගිහින් අවුලක් නැතුව ආපහු ආවත් එක්ක...
Deleteසමහරවිට අයියට හැදුන ලෙඩේ මොලේ මැලේරියාව වෙන්න ඇති. ඉස්කෝලෙ යන කාලෙ ඇසුරු කළ මගේ හොදම යාළුවත් මැරුණෙ ඒ වගේ ලෙඩකින් මට බලන්න යන්න බැරිවුනා විතරක් නෙවෙයි දැන ගත්තෙත් බොහෝ කාලයකට පස්සෙ.(එතකොට මම හිටියෙ බූස්ස රැදවුමු කදවුරේ)
ReplyDeleteහිරු මීට කලිනුත් ධනංජය අයියා ගැන ලියල තිබුන මතකයි.
බඩඉරිගු පුච්චලා කන එකනම් තාම කරන්න බැරිවුනා.
ඩෙංගු හරි මී උණ හරි, නැත්තම් ඒ දෙකම වෙන්න ඇති කියලා තමයි ඩොක්ටලා කිව්වේ.. මොකද අසනීප වෙලා දවස් තුනක් වෙද්දි අයියා නැති උනාලු.. එයා කුඹුරු වැඩත් කරලා තියෙනවා.. ඒ අස්සේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් ඩෙංගු හැදිලා ඉදලා තියෙනවා.. කොෙහාමත් ලෙඩේට හේතුවක් හරියටම හොයාගත්තේ නෑ...
Deleteමම මේ කතාව නිශාන්ගේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා..
මේක කියෙව්වම මට මතක් උනා මගේ ලොකු තත්තගේ පුතාල 3 දෙනාව... අය්යලම 3 දෙනෙක්... ලොකු එක්කෙනා ගොඩාක් ලොකු නිසා ලොකු ආස්සරයක් නෑ.. අනිත් දෙන්න එක්ක ගොඩක් යාලුයි මමයි නංගියි, ඉස්සර සති අන්තයට අය්යල දෙන්නගෙන් කෙනෙක් අපිව එහෙ එක්ක යනවා එහෙ කාමර 2යි තියෙන්නෙ.. අය්යලගෙ කාමරේ අපි දෙන්නට දීල අය්යල සාලේ බිම නිදාගන්නවා...අනේ ගොඩක් පරිස්සමින් තමයි අපිව එක්ක යන්නෙ ඒවගේම ගෙන්නෙත්.. ඒ දවස් ටිකේ ගෙදර හදන්නෙත් අපි කන ඒවා විතරයි... ඊට පස්සෙ අපි හැමෝම රස්සාවල් කරන්න කොලඹ ආවහම බලාගත්තෙත් ඒදෙන්න තමයි..මගේ වෙඩින් එකට හැමවැඩේටම වගේ මම එක්ක ගියේ පොඩිම අය්ය... අදටත් කොහේහරි යන්න ඕනි වෙලා එක කෝල් එකක් දුන්නම ඇති, ඕන රෑක, ඕන පාන්දරක අපේ ගෙදර.. කොහෙහරි ගෙනිහින් දාල යන්නෙ නෑ.. එතන වැඩේ වෙනවද අපි කොහොමද යන්නෙ සේරම බලල යන්නේ... මම පතන්නෙ එයාල දෙන්න ලබන ආත්මෙ මගේම සහෝදරයො වෙන්න කියල...
ReplyDeleteහිරූටත් අය්යල නැති නිසා ඒ ආදරේ ගොඩාක් දැනෙන්න ඇති... මම කල්පනා කලේ ඒ දෙන්නගෙන් කෙනෙක් මටයි නංගිටයි නැති උනොත් අපිට මොනව දැනෙයිද කියල...
අයියලා නැති හින්දා වෙන්නත් ඇති, ඒ වගේම අපි දෙන්නා එක වයසේ හින්දාත් වෙන්නැති නදිනි..
Deleteමොනවා කරන්නද. ජිවිතේ ඔහොම තමයි .....
ReplyDeleteප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල බුදුහාමුදුරුවොත් කියල තියනවා නේ ......
හ්ම්ම්...
Deleteහිරුට නවදැලිහේන බ්ලොග් එකේ කතාව දැකලා පරණ මතකයන් ඇවිස්සුනා වගේම, මේ කතාව කියවලා අපෙත් පරණ මතකයන් ඇවිස්සෙනවා... අර ඉෂ්ඨ කරන්න බැරි වුනු ඉල්ලීම (අනුරාධපුරේ යෑම ) නිසා ඒ දුක වැඩියෙන් දැනෙනවා ඇති.
ReplyDeleteමාත් අනුරාධපුරේ කාලයක් ජීවත්වෙලා තියනවා... පොඩ්ඩක් නගරයෙන් එහාට යනකොට මේ වගේ අකල් මරණ නිතර අහන්නට ලැබෙනවා... සියදිවි නසා ගැනීම් එහෙමත් වැඩියි.
'ධනංජය අයියා' ට නිවන් සුව පතන්නම්...
මාත් එහෙම හිතනවා තිසර.. ඊටත් වැඩිය අපේ තිබ්බ බැඳීම නැති උන අඩුවත් දැනෙනවා...
Deleteඅර දුක් අරංචිය උබ කියද්දි.. මට " අනේ දෙවියනේ!!! " කියල හිතුනා බං....
ReplyDeleteමොනා කරන්නද මීයෝ.. එකපාරින්ම ලියලා දාන්න හිතුවේ නොලිය ඉන්න හිටපු දෙයක් නිසා..
Deleteහරිම දුක්බර කතාවක් රූ. මිහිරි මතකයක යටගියාවත් එක්ක මතක් වෙද්දි දුකයි තමා. හොඳ අය ඉන්නෙ ටික කාලයයි කියල තමා කියන්නෙ. ඔහුට නිවන් සුව ! පතනවා. කොහොම උනත් අපිටත් පාඩමක් බලන්න යන්න ඉන්න අය ඉක්මනින්ම බලන්න යන්න ඕනෙ. ජීවිතේ අස්තිරයි නිසා කොයි මොහොතේ අපි යාවි ද දන්නෙ නෑ.
ReplyDeleteමේක ලියලා ඉවර උන තමන් මාත් කළේ ලොකු මාමට කෝල් කරපු එක චන්දි... මම ඒකත් නොකර හිටිය කාලේ වැඩියි කියලා හිතුනා..
Delete//වැඩි කාලයක් මෙහෙ ඉන්න බලං ආපු දරුවෙක් නෙවෙයි... ඒකයි ඉක්මණට ගියේ ...”..// ඇත්ත මේ වගේ හිත හොඳ මිනිසුන්ගෙ ආවිස කොටයි කියනවනෙ.
ReplyDelete//අපි ආශ්‍රය කළේ පුංචිම පුංචි කාලයක් උනත් ධනංජය අයියා තමයි මට හිටපු ආදරණීයම අයියා... අදටත් එයාගේ මතකයට මාව අඬවන්න පුළුවන්..//..............හරිම සංවේදියි..ඊට වඩා දෙයක් කොහොම ලියන්නද හැගුම්බර උනි.
බොහොම සංවේදී කතාවක්..... මිනිස්සු මැරෙනවා කියල අපි හොදටම දැනන් හිටියට, අපේ ලගම කෙනෙක් නැති වෙනකම් අපිට ඒක තේරෙන්නෙ නෑ. මනුස්සයෙක්ගෙ අඩුවක් තව කෙනෙක්ට පුරවන්න බෑ. ඒත් හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ....
ReplyDeleteකතාව පටන් ගෙන කියවගෙන යද්දී මම හිතුවේ සුන්දර මතකයක් කියවන්න හදනවා කියල. එක සැරේම අයියා මැරිලා කියල තියෙද්දී මටත් කරන්ටෙක් වැදුනා වගේ.
ReplyDeleteසංවේදී කතාවක්.
මම මේ කතාව කියෙව්වේ දවස් තුනකට පොඩ්ඩ පොඩ්ඩ. කතාව ලියල තියෙන ශෛලියට මේ විදියට අවසන් වෙයි කියල හිතන්නම අමාරුයි.
ReplyDeleteකථාව අවසන් වෙද්දි ධනංජය මගෙත් මිතුරෙක් / සහෝදරයෙක් වෙලා ඉවරයි හිරු...හරිම දුකයි... මේ වගේ හොද මිනිසුන්ට මෙළොව කෙට් ආයුෂ හිමි වෙන්නත්, අවලං ගස්බල්ලන්ට වැඩි ආයුෂ හිමිවෙන්නත් හේතුව හිතා ගන්න බෑ...
ReplyDeleteඑයාම වපුරපු කුඹුරෙන් එයාගෙම දානෙ දෙනවා කිව්වම කොච්චර හිත රිදෙනවද....මට හරිම දුකයි හිරු...ඇත්තමයි...
දුක්බර කතාවක් අක්කේ.. සමහර දේවල් එක්ක ජීවිතේ අළුත් වෙන මතකයන් ගොඩක් වෙලාවට සුන්දර නෑ..
ReplyDelete