බොහොම සාමාන්‍ය විදියට මුහුදේ ඈත පැත්තෙන්... මට මතක විදියට ඒකට කියන්නේ ක්ෂිතිජය කියල... ඉර බැහැගෙන යනවා... වෙනදා වගේම තමයි... මම සුපුරුදු විදියටම මූදු වෙරලේ පත ගල් ගෙඩියක් උඩට වෙලා, පස්ස පැත්ත රිදි රිදී, මූද දිහා.... වැරදුනා... ඉර දිහා බලං ඉන්නවා.....
හැබෑට ඉර දිහා කෙලින් බලන්න පුළුවන් එකම වෙලාව මේක නේද....නෑ නෑ.. මට මතක විදියට සූර්‌යග්‍රහණයක් වෙලාවටත් පුළුවන්.. හැබැයි කෙලින්ම ඉර දිහා බලන එක හොඳ නෑලු.. වතුර බේසමකින් පේන ප්‍රතිබිම්බය හරි කලු කරපු වීදුරු කෑල්ලක් තුළින් සුර්‌යග්‍රහණය බලන්න කියලා ඉස්කෝලෙන් කිව්වා මතකයි.... හප්පා.. ඒ කොයි කාලෙකට ඉස්සරද....
ඇත්තටම අද මම මේ පාලු මුහුදු වෙරළකට වෙලා, මොලේ කචල් වෙච්ච ගෑණියෙක් වගේ මොනවා කල්පනා කරනවාද... වැරදියිනේ... අද විතරක්ද... පහුගිය මාස කීපයෙම මම මේක පුරුද්දක් විදියට කරනවා...
බොරුනේ... මේක පුරද්දක් වෙන්නේ කොෙහාමද... පුරද්දක් නම් මම නොදැනුවත්වම මේ වැඩේ කරන්න ඕනේ.. මම 4.30 ඉඳලා මටම මතක් කරනවා මූද පැත්තේ ගිහින් ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා....
හැබෑට මම මොනවා කල්පනා කරන්නද මෙතනට ආවේ....
වෙනදට නිදහසේ කල්පනා කරන්න මෙතනට එන එකේ, අද නම් මට හිතුනා ඉර බැහැගෙන යන හැටි චිත්‍රයක් අඳින්න... අවුරදු ගානකින් පින්සලක් අල්ලපු නැති මං කොහෙ චිත්‍ර අඳින්නද.. ඒත් මං පැය ගානක් හොයලා අද මගේ චිත්‍ර මල්ල එල්ලගත්තා කරේ... ඉස්කෝලේ යන කාලේ කරේ එල්ලන් ගිය චිත්‍ර බම්බුවෙන් පරණ කොලේකුයි, හයිය කාඩ්බෝඩ් කෑල්ලකුයි හොයා ගන්න තව පැය බාගයක් විතර ගියා.... දැන් මං ඒ ටික ඔක්කොම මූදු රැළි වදින්නෙ නැති හරියක පරිස්සමට තියලා මෙතනට වෙලා ඉර දිහා බලං ඉන්නවා....
මේක පුදුම වැඩක්නේ.. නිදහසේ කල්පනා කරන්න කියලා මම මෙතනට ආවේ.. මොනවට චිත්‍ර මල්ලක් උස්සන් ආවද මන්දා....
ඔන්න ඔන්න.. අත් අල්ලගෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එනවා මේ පැත්තට... හපොයි... මේ නාකි ගෑණියෙක් ගල් ගෙඩියක් උඩට වෙලා, කුණු ගෑවිච්ච මල්ලක් ළඟින් තියාගෙන ඉන්නවා දැකලා මොනවා හිතයිද දන් නෑ... චික්.. මං මේ මල්ල මොනවට අරං ආවද මන්දා.. ඒ මදිවට අද මම ඇඳාගෙන ආවෙත් හම්පඩ වෙච්ච පරණ සායක්.... ඇයි අප්පා.. චිත්‍ර අඳින්න ගියාම මම තින්න නාන හැටියට හොඳ ඇඳුම් අඳින්න පුළුවන්ද.... ඒකයි මම මේක ඇන්දේ....
දැන් නං ඉරේ කෑලිත් නෑ.. මොන චිත්‍රද දැන්.... කලුවරයි අප්පා... අර කොල්ලයි කෙල්ලයි මේ රෑ වෙනකම් මොනවා කරනවද මෙතන.. ගෙවල් වලට යන්නේ නැතුව... බැඳපු දෙන්නෙක් වෙන්න ඇති...
අප්පා.. බැන්ඳට පස්සේ කවුද ඔහොම අත් අල්ලන් යන්නේ. මාත් හිතුවා නේන්නං බඳින්න කලින් අපිත් හැමදාම ඔහොම ඉඳියි කියලා....
අන්න හරි... මං ආවේ ඒක කල්පනා කරන්නනේ... මොකද්ද අපිට උනේ කියලා .. අද මම තනියෙන් මේ ගල් ගෙඩිය උඩට වෙලා ඉන්නේ ඇයි කියල...
මේ මොන මඟුලක්ද.... යන්තම් මතක් උනත් අඬන්න වෙන නිසා ද මම මෙතනට ඇවිත් මේක කල්පනා කරන්න හිතුවේ...
බෑ බෑ.. දැන් බැ... හොඳටම කලුවරයි අප්පා.. තව ටිකකින් පාර පේන් නැතුව යනවා... අවුරුදු 30ක් උනත් මං නාකි ගෑණියෙක් නෙවෙයිනේ... මේ මහ දවල්වත් ගෑණියෙක්ට පාරේ ඉන්න පුළුවන් කාලයක්ද...
ඔන්න ඔහෙ දැන් ගෙදර යමං... හෙට බැරියැ කල්පනා කරන්න....
----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි
----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි