අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න..
ගනං හදන්න කියලා වේලාසනින් නැගිට්ට නිසා ඊළග දවසේ නම් අපි දෙන්නා ටිකක් වේලාසනින් ස්ටේෂන් එකට ගියා... නිදිමතේ මං හදන ගනං... අයියා කියලා දුන්න ටික ලියාගත්තා විතරයි...
අපි යනකොට අනිත් කට්ටිය ස්ටේෂන් එකට ඇවිත්... තරිඳු අයියා බංකුවක ඉඳගෙන සපත්තු පොලිෂ් කරනවා.. අපේ අයියත් ටැප් එකක් හොයාගෙන ගියේ කලුවරේ උඩ බලං එනකොට මඩ වලකට පැනලා මඩ නාගෙන ආපු නිසා...
“ Good morning කසුන්... උඹ අද වේලාසනින් ආවේ ඇයි බං.. දැං හවසටත් නාන්න වෙයිද දන් නෑ.....”
“ පල ඩෝ යන්න... පාරේ අලි නාවන වලවල්.... කරුවලේ එන්න ගියාම අතපත ගගා.. පුදුම කරුමයක්... ෂික්.. කලිසමත් ඉවරයි.... ”
“ අත පත ගගා.. ඒ මොනාද බං අතපත ගාන්නේ.. උඹ කාගෙන් හරි සෙරප්පු පාරක් කෑවද... ඔය මූණෙත් මඩ...”
“ කුණුහරුප අහගන්නෙපා මගෙන් උඹ...”
අපේ අයියට අම්මබානක තද වෙලා... බැන බැනම මූණ හෝදන්න පටං ගත්තා...
“ මොකද බං උදේ පාන්දර පොර කුකල්ලු වගේ කොටා ගන්නේ... අහකට වෙයන් පොඩ්ඩක්.....”
කොහෙන්දෝ පාත් වෙච්ච තරංග අයියත් එතනට ඇවිත් සුදු අයියව පැත්තකට තල්ලු කළා... තරංග අයියත් එක්කම ආපු අංජන අයියා මගේ ගාව නතර උනා... මුන් ඔක්කොම මඩ නාලා ආවත් මෙයා නං කිරි කොකා වගේ...
“ Good Morning අංජන අයියේ.. ඔයා මඩ වලවල් ටෙස්ට් කරන්න ගියේ නැද්ද...”
“ නෑ... මං බස් එකේ ආවේ අද...”
අප්පා හිනාව......
“ මං හිතුවා ඌරු කොටුවට සෙට් වෙච්ච නිසා ඔයත් මෙයාලා වගේමයි කියලා... ”
අපොයි මගේ කට...
“ ඌරු කොටුව...?”
“ ඔය ඉන්නේ ඌරෝ ටික....”
මං ටැප් එකට පොරකන සෙට් එක පෙන්නුවා ඇහෙන්ම...
“ ඒක නං පේනවා.. ඒක නෙවෙයි...ඔයා කොෙහාමද මගේ නම දන්නේ..”
අංජන අයියා ලේන්සුවක් ඇඳලා අරගෙන මූණ පිහදාන ගමන් ඇහුවා...
“ ඇයි අර ඉන්නේ .. බී.බී.සී. රිපෝටර් කෙනෙක්...”
මං ඔලුවෙන් අපේ අයියව පෙන්නුවා...
“ රිපෝටර් කෙනෙක්ද....”
එයාට හිනාගියා... මං කියපු එකටද අර කට්ටියගේ රණ්ඩුවටද දන් නෑ...
“ ඔව්.. හොඳම ජාතියේ..”
මං කෝච්චියට නැග්ගා.. අයියලා අදත් එල්ලෙයි කෝච්චිය ඇද්දුවාම...
“ ඔයා..... නිල්මි නේද..”
“ හ්ම්ම්... ඔව්..”
“ මගේ යාලුවෝ කියන්නේ අංජු කියලා... ඔයත් ඒකම කියන්න.. මට පුරුදු ඒක....”
“ අංජු...? ඒක ගෑණූ නමක් නේ...ඔයත් ගෑණු ළමයෙක් වගේද...”
මං සීට් එක පිහදාන්න ගත්තා.. කෝච්චියේ ඉඳගන්නවා නම් සීට් එක පිහිදාලා ඉඳගන්න ඕනේ.. නැත්තම් බහිනකොට සායේ පිටිපස්සේ සීට් එකේ ලී වල පාර හිටලා තියෙනවා දූවිලි වලින්.. අනිත් එක ඊයේ වැස්සට තෙමිලත් එක්ක ....
“ මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි... ”
සීට් එක පිහදාපු කොළ කෑල්ල ජනේලෙන් එළියට විසි කරලා අංජු අයියත් මං ගාවින් වාඩි උනා..
“ මොනාද බං කොල විසි කරන්නේ .. බලපං දැං ...”
තරිඳු අයියගේ කටේ සද්දේ......
“ මොකද තමුසේ මෙතන කරන්නේ ... කො අද අර චණ්ඩි යාලුවෝ ටික....”
අපේ අයියා අංජු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා මට කැ ගැහුවා... ඇත්ත තමයි.. මං අද ඉඳගත්තේ සුදු අයියලා ඉන්න පැත්තේ.. මොනා කරන්නද... අපි යන පැත්ත තෙමිලනේ...
“ කවුද ඔයා ළඟට ආවේ.. මං ඉන්නේ අංජු අයියා ගාව...”
“ අංජු... අම්මට හුඩු.. ඒ පාර දැම්මම නික් නේම් එකකුත් දාගෙනද... මෙච්චර ඉක්මණට... මේ අංජු.. මට උඹව මට මස්සිනා කරගන්න වෙන එකක් නෑ නේ...”
අපේ අයියට පිස්සු...
“ ඊයේ ගෙදර ගිහින් මෙයා අහනවා කවුද අර අලුත් සුදු බෝයි කියලා... මං ඇහුවා කවුද කියලා... ඒ පාර කියනවා ඇයි අර ලස්සන කොණ්ඩයක් තිබ්බ සුදු, උස අයියා කියලා... ඊට පස්සේ කියනවා හරි වැදගත් පාටයිලු.. කොහොමද අංජු උඹේ කාඩ් එක....”
සුදු අයියගේ කටට කෝච්චියත් පරාදයි... අංජු අයියගේ කාඩ් එක කෙසේ වෙතත් මගේ කාඩ් එක නම් කුඩු.. ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා දෙයක් නැත්තේ...
“ එහෙම තමා.. අපි වගේ වැදගත් අයව කොහෙ ගියත් පිළිගන්නවා...”
අංජු අයියා කොලර් එක හදන ගමන්ම මට ඇහැක් ගැහුවා..මෙයා ගිය උඩ....
“ අපෝ.. හරි වැදගතා...”
මං ගස්සලා අහක බලා ගත්තට මට හිනා ගියා... මුන්ට පිස්සු.....
මතු සම්බන්ධයි...
Onna iye ekath ekkama adai kiyewwe. Ayyala inna apitath mehema ayyek hitiyanam kiyala hithena kota, ayyek nathi oya me wage ayyek matath hitiyanam kiyala sihina mawapu eka sadaranai hiru. Api asa apiwa adaren balaganna, hurathal karana sahodara sahodariyantane. Api loku unath sahodara kam hamadama eka wage thiyenawanam.........
ReplyDeleteමේ අයියත් හිතේ ඉන්නකම් හොඳයි.. බැරි වෙලා හරි ඇත්තට හිටියනං අලි අවුලයි.. හි හි
Deleteඅංජුව එන පොට හොඳ නැත. සුදු අයියා සුදු නංගීට බුරුල දෙනවා වැඩිය. :D
ReplyDeleteකලිංම කියල තිබ්බ ඔන්න අංජුවාට සුභ මංගලං ඈ
හා හා... කලබොල වෙන්න එපා සමියෝ... හි හි
Deleteඅයියාට මොලයක් කියා එකක් නැත්තන් නංගීටද කොහෙද මොලයක්?
ReplyDeleteකෝච්චිය අවිස්සාවේල්ලේ යන ලෑල්ලද කොහෙද.
අවිස්සාවේල්ල ලෑල්ල තමයි.. කොහොමද අඳුරගත්තේ.. හි හි
Deleteඅවුරුද්දක් විතර ඔකේ නැගල රස්සාවට ගියානේ.වහින දවසට තමා ඔකේ සැපම දවස.
Deleteකෙල්ලගෙ කාඩ් එක නිර්දය ලෙද සුදු අයියා කුඩු කර ඇති හැඩයි... කථාව දැන් දැන් මම කියපු පීල්ලෙ යනවා වගෙයි... ඒකත් ජයසිරි මංගලම් එහෙනම්...
ReplyDeleteකලබොල වෙන්න එපා සිරෝ.. හි හි
Delete
ReplyDeleteනිශාන්තය කතාවක් ලියද්ද මම නම් කොරේ හැමදාම කතාව ඉවර වෙනකම්ම කියවන්නේ නැතිව හිටිය මේ වගේ ,
අන්තිමේදී ඔක්කම ටික ඉවර උනාම , මම පාඩුවේ මුල ඉදන් කියවන ආව , :D
මේකෙත් එම තමයි :D
හා හා..එහෙම හරි කමක් නෑ... හි හි
Deleteහරි හරි.... දැන් නම් වැඩේ හරි වගේ.... අන්ජුයි නංගියි සෙට් වෙයි වගේ......
ReplyDeleteකලබොල වෙන්න එපා නඟෝ.. හි හි
Deleteසිහින විමානයයි...
ReplyDeleteනැත්තම් නැත්තම්... හි හි
Deleteපලවෙනි පාරට හිරැ අක්කගේ බ්ලොග් එක පැත්තේ ආවේ.කතාවේ අග මුල තාම හිතාගන්න බැරි නිසා නිස්ලංකේ මුල ඉඳන් කියෝලා බලන්ඩ ඕනා.............
ReplyDeleteනිස්කාංසු වෙලාවක මේ පැත්තටත් ගොඩ වැදිලා යන්න එන්නකෝ.......
www.amila-psx.blogspot.com
හා හා.. හිමිං කියවන්නකෝ....
Deleteමේ පැත්තට ඇවිල්ල තිබ්බට කමෙන්ට් කලේ අද තමා ලස්සන කතාව මාත් මුල ඉඳලම බලන්න
ReplyDeleteඕන .
හරි හරි..එච්චර ගොඩක් නෑ නේ.. කියවන්නකෝ මුල ඉඳලම... හි හි
Deleteලියන්නකෝ ලියන්නකෝ..!
ReplyDeleteසුදු අයියා මාරයිනේ.. අම්මාපල්ලා අපේ අක්කලා අපිට ඔහොම සපෝට් කරේ නෑනේ..චික්..
ReplyDeleteහැමදාම වගේ එපිසෝඩ් දානවනං සුට්ට උනත් කමක් නෑ..
මේක නම් ටිකක් පරක්කුයි අනේ... හි හි
Deleteවාසනාවට මටත් හම්බ උනේ මේ වගේ මස්සිනෙක් :D
ReplyDelete(ඔන්න දැං හිරුව ඇවිත් අර පාරම්පරික "හි හි" හිනාව දාවි මෙතන) හි හි
මෙග් හිනාවට මුකුත් කියන්නේ නෑ හරිද.. හි හි
Deleteමේකි පාරමී දම් කියල කහපාට මලක් දාලා. හරියට දම්සාරී වගේ.. :ඩී
ReplyDeleteඔය අපේ මහත්තයගේ වැඩකට නැති ෆොටෝ වල කෑලි බං මං දාන්නේ... හිත හිත දාන ඒවා නෙවෙයි.. හි හි
Deleteඉදිරියෙන් වංගුවක් ඇති හැඩක් පෙනෙන්නේ යැ. ඔහොම යන් යැ. :)
ReplyDeleteමුන්ට පිස්සු කිව්වට ඒකත්ජයසිරි මංගලම් වගේ..!
ReplyDeleteපිස්සන්ට එහෙම තමයි වී.. හි හි
Deleteපොඩි කමට උඹ මේක එලට ලියලනේ බං ඒ කාලේ
ReplyDeleteහි හි... ඔය ගොඩක් මට වෙච්ච, මං දැක්ක සීන් තමයි අටම් ඒ කාලේ.. ගොඩක් වෙලාවට ඒ දවස්වල උදේට කෝච්චියේ වෙච්ච සීන් එකක්, ඉස්කෝලෙට ඇවිත් පොත ලියද්දි ඒකට රිංගනවා.. හි හි
Deleteඅනේ කොහෙද ඔහොම අයියලා..ඊරිසියයිලු :)
ReplyDeleteඅයියල හොයාගන්න නැතිවුණාට මල්ලිල දෙන්නම් ඕන තරම්..:)
Deleteඔහොම අයියලා නෑ බං ළිහිණි... හි හි..
Deleteමල්ලිලා නං එපා.. අර ඉන්නේ එකෙක්.. වාතයක්.. හි හි
ප්‍රේමයෙන් ඉන්න එකාට ප්‍රේමය බොළඳවගේ තේරෙන්නෙ නෑලු.
ReplyDeleteප්‍රබුද්ධ, සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ ප්‍රේමය එච්චර රසවත් වෙයි කියලත් හිතන්න අමාරුයි
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්ත ඩූඩ් අයියේ.. ලවු බොළඳයි තමයි.. හැබැයි හැම ජාතියෙම ලවු, හැමෝටම දිරවන් නෑ.. ඒකයි අවුල තියෙන්නේ මං හිතන්නේ.. හි හි
Delete//“ මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි... ”//
ReplyDeleteඔන්න නංගියේ කිව්වා.... අංජු අයියා වලා....
අනේ නෑ.. අංජු අයියා හොඳයි.. සුද්දි තමයි නෝටි... හි හි
Deleteනියම කතාව.. ලස්සනයි .. :)
ReplyDeleteතාම පටං ගත්ත විතරයි නේ.. හි හි
Deleteකතාව නියමයි,.
ReplyDeleteලියන ප්‍රමාණයත් ශේප් !
මෙයාලගේ කම්ප්ලේන් වලින් බේරෙන එකනේ අප්පා අමාරුව.. ඇති යන්තම් අද නම්... හි හි
Deleteපැණි බෙරෙනවනේ අක්කේ මේ සිරාවට ඔයා සුජීව ලොක්කගේ පොත් එහෙම බලනවද?
ReplyDeleteමොකද්ද කෝරළයෝ.. ලවු කිව්වම ඒ ගෝතයවම මතක් කරන්නේ.. අපිටවත් ලවු ස්ටෝරියක් වත් ලියන්න බෑ ඒ යකා නිසා...
Deleteඑනපොට හොඳ නෑ, කෙල්ල ගෙට ගන්. :)
ReplyDeleteහි හි....
Deleteමෙන්න ඒ පාර කතාව වෙන පැත්තකට යනවා...:D
ReplyDeleteකතාව යන පැති නම් හිතාගන්න බැරි තරම් තියෙනවා පොඩ්ඩි.. හි හි
Deleteලව් සීන් නැති වේවා........!!!!!!!!!!!!!
ReplyDeleteලවු සීන් නැතුව ලවු ස්ටෝරියක් ලියන්නේ කොහොමද.... ?????????? හි හි
Deleteඅද ඔන්න කොටස් දෙකම කියෙව්වා. එන පොට නම් හොඳ නෑ වගේ හිරු. හරිම සුන්දරයි , ලමා කාලෙ එහෙමම තමයි කට්ටිය එකතු උනාම හරිම සුන්දරයි නෙ. එකට පාසැල් යන කොට සෙට් වෙලා එහෙම. මාවත් ඔන්න ඒ කාලෙට ගෙනිච්චා. අපෙත් හිටියා මෙහෙම එක් වෙලා යන සෙට් එකක්.
ReplyDeleteහි හි..... ඒකනේ .. වෑන් එකේ යනවට වඩා ආසාවෙන් කෝච්චියේ ගියේ මාත්... හි හි
Deleteමටත් නගාව මතක් උනානෙව
ReplyDeleteදිනෙල්කගේ නගාට මං හරි කැමතියි.. සුද්දිත් එහෙම උනානං කියලා දැං හිතෙනවා... අර අයියා උදේට නැගිටිනකොට වතුර බේසමක් ඇඳ ගාව තියලා තියනවා වගේ වැඩ එහෙම කරන්න.. හි හි..
Deleteහෙහ්. සුදු අයියා ගෙදරදි වගේ නෙමෙයි සැට් එකත් එක්ක හෙන රස්ති කටක් නෙව.. යං යං ඔහොම යං. දැන්නං අල්ලල යනවා...
ReplyDeleteහැක් හැක්.. අයියලට පිස්සුනේ... හි හි
Deleteපාරමී දම් කියලා කොටසක් මෙච්චර කාලෙකට ඇහැ ගැහුනේ අදයි. සෑහෙන් ඉස්සර ලියපු කතාවක් වගේ..
ReplyDeleteඅපෝ.. සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්.. හි හි
Deleteලෑලි කෝච්චියේ වගේ කස්ටිය ගිහින් තියෙන්නෙ.
ReplyDeleteකමෝන් අංජු....;)
හි හි.. නිසු දන්නවනේ අපේ පිස්සු කෝච්චිය ගැන.. නේද.. හි හි
Deleteඅද නිවාඩු ද ඩෝ.///
ReplyDeleteමුලු කතාවව ලියලා ඉවර උනාම කියපන් හිරු . . කෑලි කෑලි බලන්න ගියාම වෙලාවකට එප්පා වෙනවා බන්
ReplyDeleteහා හා.. මං කියන්නම්කෝ... හි හි
Deleteකොටස් පහම එක හුස්මට කියවූවෙමි :)
ReplyDeleteහම්මෝ.. හිර උනේ නැද්ද... හි හි
Deleteහික්ස්...තාම නම් නෑ :)
Deleteතව කොටස් දෙකක් දාල නෙ...ඒ ටික නන් එක හුස්මට කියවන්නට නම් බැරි වේවි ;)
මට නිකං කොයිල් වගෙ
ReplyDeleteටික දවසක් යනෙකාට හරි යයි.. හි හි
DeleteKoi kelle kathawa danne nadda. Hamadama mama awith apahu yanawa his athin. Mama paw nadda.
ReplyDeleteඔන්න.. ඔයා හින්දම දැම්මා තව කෑල්ලක්.. හි හි
Deleteහපොයි හිනාව... හි හි
ReplyDelete