Wednesday, January 9, 2013

ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා එකක් නැත්තේ... පාරමී දම් 5 කොටස


අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න..


ගනං හදන්න කියලා වේලාසනින් නැගිට්ට නිසා ඊළග දවසේ නම් අපි දෙන්නා ටිකක් වේලාසනින් ස්ටේෂන් එකට ගියා... නිදිමතේ මං හදන ගනං... අයියා කියලා දුන්න ටික ලියාගත්තා විතරයි... 

අපි යන‌කොට අනිත් කට්ටිය ස්ටේෂන් එකට ඇවිත්... තරිඳු අයියා බංකුවක ඉඳගෙන සපත්තු පොලිෂ් කරනවා.. අපේ අයියත් ටැප් එකක් හොයාගෙන ගියේ කලුවරේ උඩ බලං එනකොට මඩ වලකට පැනලා මඩ නාගෙන ආපු නිසා... 

Good morning කසුන්... උඹ අද වේලාසනින් ආවේ ඇයි බං.. දැං හවසටත් නාන්න වෙයිද දන් නෑ.....

පල ඩෝ යන්න... පාරේ අලි නාවන වලවල්.... කරුවලේ එන්න ගියාම අතපත ගගා.. පුදුම කරුමයක්... ෂික්..  කලිසමත් ඉවරයි....

අත පත ගගා.. ‌ඒ මොනාද බං අතපත ගාන්නේ.. උඹ කාගෙන් හරි සෙරප්පු පාරක් කෑවද... ඔය මූණෙත් මඩ...

කුණුහරුප අහගන්නෙපා මගෙන් උඹ...

අපේ අයියට අම්මබානක තද වෙලා... බැන බැනම මූණ හෝදන්න පටං ගත්තා... 

මොකද බං උදේ පාන්දර පොර කුකල්ලු වගේ කොටා ගන්නේ... අහකට වෙයන් පොඩ්ඩක්.....”

කොහෙන්දෝ පාත් වෙච්ච තරංග අයියත් එතනට ඇවිත් සුදු අයියව පැත්තකට තල්ලු කළා... තරංග අයියත් එක්කම ආපු අංජන අයියා මගේ ගාව නතර උනා... මුන් ඔක්කොම මඩ නාලා ආවත් මෙයා නං කිරි කොකා වගේ... 

Good Morning අංජන අයියේ.. ඔයා මඩ වලවල් ටෙස්ට් කරන්න ගියේ නැද්ද... 

නෑ... මං බස් එකේ ආවේ අද... 

අප්පා හිනාව...... 

මං හිතුවා ඌරු කොටුවට සෙට් වෙච්ච නිසා ඔයත් මෙයාලා වගේමයි කියලා...

අපොයි මගේ කට... 

ඌරු කොටුව...?

ඔය ඉන්නේ ඌරෝ ටික....”

මං ටැප් එකට පොරකන සෙට් එක පෙන්නුවා ඇහෙන්ම...

ඒක නං පේනවා.. ඒක නෙවෙයි...ඔයා කො‌ෙහාමද මගේ නම දන්නේ..

අංජන අයියා ලේන්සුවක් ඇඳලා අරගෙන මූණ පිහදාන ගමන් ඇහුවා...

ඇයි අර ඉන්නේ .. බී.බී.සී. රිපෝටර් කෙනෙක්...

මං ඔලුවෙන් අපේ අයියව පෙන්නුවා... 

රිපෝටර් කෙනෙක්ද....

එයාට හිනාගියා... මං කියපු එකටද අර කට්ටියගේ රණ්ඩුවටද දන් නෑ...

ඔව්.. හොඳම ජාතියේ..

මං කෝච්චියට නැග්ගා.. අයියලා අදත් එල්ලෙයි කෝච්චිය ඇද්දුවාම...

ඔයා..... නිල්මි නේද..

හ්ම්ම්... ඔව්.. 

මගේ යාලුවෝ කියන්නේ අංජු කියලා... ඔයත් ඒකම කියන්න.. මට පුරුදු ඒක....

අංජු...? ඒක ගෑණූ නමක් නේ...ඔයත් ගෑණු ළමයෙක් වගේද...”

මං සීට් එක පිහදාන්න ගත්තා.. කෝච්චියේ ඉඳගන්නවා නම් සීට් එක පිහිදාලා ඉඳගන්න ඕනේ.. නැත්තම් බහිනකොට සායේ පිටිපස්සේ සීට් එකේ ලී වල පාර හිටලා තියෙනවා දූවිලි වලින්.. අනිත් එක ඊයේ වැස්සට තෙමිලත් එක්ක .... 

මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි...  

සීට් එක පිහදාපු කොළ කෑල්ල ජනේලෙන් එළියට විසි කරලා අංජු අයියත් මං ගාවින් වාඩි උනා.. 

මොනාද බං කොල විසි කරන්නේ .. බලපං දැං ... 

තරිඳු අයියගේ කටේ සද්දේ......

මොකද තමුසේ මෙතන කරන්නේ ... කො අද අර චණ්ඩි යාලුවෝ ටික....

අපේ අයියා අංජු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා මට කැ ගැහුවා... ඇත්ත තමයි.. මං අද ඉඳගත්තේ සුදු අයියලා ඉන්න පැත්තේ.. මොනා කරන්නද... අපි යන පැත්ත තෙමිලනේ... 

කවුද ඔයා ළඟට ආවේ.. මං ඉන්නේ අංජු අයියා ගාව...

අංජු... අම්මට හුඩු.. ඒ පාර දැම්මම නික් නේම් එකකුත් දාගෙනද... මෙච්චර ඉක්මණට... මේ අංජු.. මට උඹව මට මස්සිනා කරගන්න වෙන එකක් නෑ නේ...

අපේ අයියට පිස්සු... 

ඊයේ ගෙදර ගිහින් මෙයා අහනවා කවුද අර අලුත් සුදු බෝයි කියලා... මං ඇහුවා කවුද කියලා... ඒ පාර කියනවා ඇයි අර ලස්සන කොණ්ඩයක් තිබ්බ සුදු, උස අයියා කියලා... ඊට පස්සේ කියනවා හරි වැදගත් පාටයිලු.. කොහොමද අංජු උඹේ කාඩ් එක.... 

සුදු අයියගේ කටට කෝච්චියත් පරාදයි... අංජු අයියගේ කාඩ් එක කෙසේ වෙතත් මගේ කාඩ් එක නම් කුඩු.. ඇයි අප්පා අපේ අයියට මොළයක් කියලා දෙයක් නැත්තේ...

එහෙම තමා.. අපි වගේ වැදගත් අයව කොහෙ ගියත් පිළිගන්නවා...

අංජු අයියා කොලර් එක හදන ගමන්ම මට ඇහැක් ගැහුවා..මෙයා ගිය උඩ.... 

අපෝ.. හරි වැදගතා...

මං ගස්සලා අහක බලා ගත්තට මට හිනා ගියා... මුන්ට පිස්සු.....

මතු සම්බන්ධයි...

71 comments:

  1. Onna iye ekath ekkama adai kiyewwe. Ayyala inna apitath mehema ayyek hitiyanam kiyala hithena kota, ayyek nathi oya me wage ayyek matath hitiyanam kiyala sihina mawapu eka sadaranai hiru. Api asa apiwa adaren balaganna, hurathal karana sahodara sahodariyantane. Api loku unath sahodara kam hamadama eka wage thiyenawanam.........

    ReplyDelete
    Replies
    1. මේ අයියත් හිතේ ඉන්නකම් හොඳයි.. බැරි වෙලා හරි ඇත්තට හිටියනං අලි අවුලයි.. හි හි

      Delete
  2. අංජුව එන පොට හොඳ නැත. සුදු අයියා සුදු නංගීට බුරුල දෙනවා වැඩිය. :D
    කලිංම කියල තිබ්බ ඔන්න අංජුවාට සුභ මංගලං ඈ

    ReplyDelete
    Replies
    1. හා හා... කලබොල වෙන්න එපා සමියෝ... හි හි

      Delete
  3. අයියාට මොලයක් කියා එකක් නැත්තන් නංගීටද කොහෙද මොලයක්?

    කෝච්චිය අවිස්සාවේල්ලේ යන ලෑල්ලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. අවිස්සාවේල්ල ලෑල්ල තමයි.. කො‌හොමද අඳුරගත්තේ.. හි හි

      Delete
    2. අවුරුද්දක් විතර ඔකේ නැගල රස්සාවට ගියානේ.වහින දවසට තමා ඔකේ සැපම දවස.

      Delete
  4. කෙල්ලගෙ කාඩ් එක නිර්දය ලෙද සුදු අයියා කුඩු කර ඇති හැඩයි... කථාව දැන් දැන් මම කියපු පීල්ලෙ යනවා වගෙයි... ඒකත් ජයසිරි මංගලම් එහෙනම්...

    ReplyDelete
    Replies
    1. කලබොල වෙන්න එපා සිරෝ.. හි හි

      Delete

  5. නිශාන්තය කතාවක් ලියද්ද මම නම් කොරේ හැමදාම කතාව ඉවර වෙනකම්ම කියවන්නේ නැතිව හිටිය මේ වගේ ,
    අන්තිමේදී ඔක්කම ටික ඉවර උනාම , මම පාඩුවේ මුල ඉදන් කියවන ආව , :D

    මේකෙත් එම තමයි :D

    ReplyDelete
    Replies
    1. හා හා..එහෙම හරි කමක් නෑ... හි හි

      Delete
  6. හරි හරි.... දැන් නම් වැඩේ හරි වගේ.... අන්ජුයි නංගියි සෙට් වෙයි වගේ......

    ReplyDelete
    Replies
    1. කලබොල වෙන්න එපා නඟෝ.. හි හි

      Delete
  7. සිහින විමානයයි...

    ReplyDelete
    Replies
    1. නැත්තම් නැත්තම්... හි හි

      Delete
  8. පලවෙනි පාරට හිරැ අක්කගේ බ්ලොග් එක පැත්තේ ආවේ.කතාවේ අග මුල තාම හිතාගන්න බැරි නිසා නිස්ලංකේ මුල ඉඳන් කියෝලා බලන්ඩ ඕනා.............
    නිස්කාංසු වෙලාවක මේ පැත්තටත් ගොඩ වැදිලා යන්න එන්නකෝ.......
    www.amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. හා හා.. හිමිං කියවන්නකෝ....

      Delete
  9. මේ පැත්තට ඇවිල්ල තිබ්බට කමෙන්ට් කලේ අද තමා ලස්සන කතාව මාත් මුල ඉඳලම බලන්න
    ඕන .

    ReplyDelete
    Replies
    1. හරි හරි..එච්චර ගොඩක් නෑ නේ.. කියවන්නකෝ මුල ඉඳලම... හි හි

      Delete
  10. සුදු අයියා මාරයිනේ.. අම්මාපල්ලා අපේ අක්කලා අපිට ඔහොම සපෝට් කරේ නෑනේ..චික්..

    හැමදාම වගේ එපිසෝඩ් දානවනං සුට්ට උනත් කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මේක නම් ටිකක් පරක්කුයි අනේ... හි හි

      Delete
  11. වාසනාවට මටත් හම්බ උනේ මේ වගේ මස්සිනෙක් :D
    (ඔන්න දැං හිරුව ඇවිත් අර පාරම්පරික "හි හි" හිනාව දාවි මෙතන) හි හි

    ReplyDelete
    Replies
    1. ම‌ෙග් හිනාවට මුකුත් කියන්නේ නෑ හරිද.. හි හි

      Delete
  12. මේකි පාරමී දම් කියල කහපාට මලක් දාලා. හරියට දම්සාරී වගේ.. :ඩී

    ReplyDelete
    Replies
    1. ඔය අපේ මහත්තයගේ වැඩකට නැති ෆොටෝ වල කෑලි බං මං දාන්නේ... හිත හිත දාන ඒවා නෙවෙයි.. හි හි

      Delete
  13. ඉදිරියෙන් වංගුවක් ඇති හැඩක් පෙනෙන්නේ යැ. ඔහොම යන් යැ. :)

    ReplyDelete
  14. මුන්ට පිස්සු කිව්වට ඒකත්ජයසිරි මංගලම් වගේ..!

    ReplyDelete
    Replies
    1. පිස්සන්ට එහෙම තමයි වී.. හි හි

      Delete
  15. පොඩි කමට උඹ මේක එලට ලියලනේ බං ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය ගොඩක් මට වෙච්ච, මං දැක්ක සීන් තමයි අටම් ඒ කාලේ.. ‌ගොඩක් වෙලාවට ඒ දවස්වල උදේට කෝච්චියේ වෙච්ච සීන් එකක්, ඉස්කෝලෙට ඇවිත් පොත ලියද්දි ඒකට රිංගනවා.. හි හි

      Delete
  16. අනේ කොහෙද ඔහොම අයියලා..ඊරිසියයිලු :)

    ReplyDelete
    Replies
    1. අයියල හොයාගන්න නැතිවුණාට මල්ලිල දෙන්නම් ඕන තරම්..:)

      Delete
    2. ඔහොම අයියලා නෑ බං ළිහිණි... හි හි..

      මල්ලිලා නං එපා.. අර ඉන්නේ එකෙක්.. වාතයක්.. හි හි

      Delete
  17. ප්‍රේමයෙන් ඉන්න එකාට ප්‍රේමය බොළඳවගේ තේරෙන්නෙ නෑලු.
    ප්‍රබුද්ධ, සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ ප්‍රේමය එච්චර රසවත් වෙයි කියලත් හිතන්න අමාරුයි

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩූඩ් අයියේ.. ලවු බොළඳයි තමයි.. හැබැයි හැම ජාතියෙම ලවු, හැමෝටම දිරවන් නෑ.. ඒකයි අවුල තියෙන්නේ මං හිතන්නේ.. හි හි

      Delete
  18. //“ මං දන් නෑ..ඔයාටම දැනගන්න වෙයි... ”//

    ඔන්න නංගියේ කිව්වා.... අංජු අයියා වලා....

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. අංජු අයියා හොඳයි.. සුද්දි තමයි නෝටි... හි හි

      Delete
  19. නියම කතාව.. ලස්සනයි .. :)

    ReplyDelete
    Replies
    1. තාම පටං ගත්ත විතරයි නේ.. හි හි

      Delete
  20. කතාව නියමයි,.
    ලියන ප්‍රමාණයත් ශේප් !

    ReplyDelete
    Replies
    1. මෙයාලගේ කම්ප්ලේන් වලින් බේරෙන එකනේ අප්පා අමාරුව.. ඇති යන්තම් අද නම්... හි හි

      Delete
  21. පැණි බෙරෙනවනේ අක්කේ මේ සිරාවට ඔයා සුජීව ලොක්කගේ පොත් එහෙම බලනවද?

    ReplyDelete
    Replies
    1. මොකද්ද කෝරළයෝ.. ලවු කිව්වම ඒ ගෝතයවම මතක් කරන්නේ.. අපිටවත් ලවු ස්ටෝරියක් වත් ලියන්න බෑ ඒ යකා නිසා...

      Delete
  22. එනපොට හොඳ නෑ, කෙල්ල ගෙට ගන්. :)

    ReplyDelete
  23. මෙන්න ඒ පාර කතාව වෙන පැත්තකට යනවා...:D

    ReplyDelete
    Replies
    1. කතාව යන පැති නම් හිතාගන්න බැරි තරම් තියෙනවා පොඩ්ඩි.. හි හි

      Delete
  24. ලව් සීන් නැති වේවා........!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලවු සීන් නැතුව ලවු ස්ටෝරියක් ලියන්නේ කොහොමද.... ?????????? හි හි

      Delete
  25. අද ඔන්න කොටස් දෙකම කියෙව්වා. එන පොට නම් හොඳ නෑ වගේ හිරු. හරිම සුන්දරයි , ලමා කාලෙ එහෙමම තමයි කට්ටිය එකතු උනාම හරිම සුන්දරයි නෙ. එකට පාසැල් යන කොට සෙට් වෙලා එහෙම. මාවත් ඔන්න ඒ කාලෙට ගෙනිච්චා. අපෙත් හිටියා මෙහෙම එක් වෙලා යන සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. හි හි..... ඒකනේ .. වෑන් එකේ යනවට වඩා ආසාවෙන් කෝච්චියේ ගියේ මාත්... හි හි

      Delete
  26. මටත් නගාව මතක් උනානෙව

    ReplyDelete
    Replies
    1. දිනෙල්කගේ නගාට මං හරි කැමතියි.. සුද්දිත් එහෙම උනානං කියලා දැං හිතෙනවා... අර අයියා උදේට නැගිටිනකොට වතුර බේසමක් ඇඳ ගාව තියලා තියනවා වගේ වැඩ එහෙම කරන්න.. හි හි..

      Delete
  27. හෙහ්. සුදු අයියා ගෙදරදි වගේ නෙමෙයි සැට් එකත් එක්ක හෙන රස්ති කටක් නෙව.. යං යං ඔහොම යං. දැන්නං අල්ලල යනවා...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අයියලට පිස්සුනේ... හි හි

      Delete
  28. පාරමී දම් කියලා කොටසක් මෙච්චර කාලෙකට ඇහැ ගැහුනේ අදයි. සෑහෙන් ඉස්සර ලියපු කතාවක් වගේ..

    ReplyDelete
    Replies
    1. අ‌පෝ.. සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්.. හි හි

      Delete
  29. ලෑලි කෝච්චියේ වගේ කස්ටිය ගිහින් තියෙන්නෙ.

    කමෝන් අංජු....;)

    ReplyDelete
    Replies
    1. හි හි.. නිසු දන්නවනේ අපේ පිස්සු කෝච්චිය ගැන.. නේද.. හි හි

      Delete
  30. මුලු කතාවව ලියලා ඉවර උනාම කියපන් හිරු . . කෑලි කෑලි බලන්න ගියාම වෙලාවකට එප්පා වෙනවා බන්

    ReplyDelete
    Replies
    1. හා හා.. මං කියන්නම්කෝ... හි හි

      Delete
  31. කොටස් පහම එක හුස්මට කියවූවෙමි :)

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. හිර උනේ නැද්ද... හි හි

      Delete
    2. හික්ස්...තාම නම් නෑ :)

      තව කොටස් දෙකක් දාල නෙ...ඒ ටික නන් එක හුස්මට කියවන්නට නම් බැරි වේවි ;)

      Delete
  32. මට නිකං කොයිල් වගෙ

    ReplyDelete
    Replies
    1. ටික දවසක් යන‌ෙකාට හරි යයි.. හි හි

      Delete
  33. Koi kelle kathawa danne nadda. Hamadama mama awith apahu yanawa his athin. Mama paw nadda.

    ReplyDelete
    Replies
    1. ඔන්න.. ඔයා හින්දම දැම්මා තව කෑල්ලක්.. හි හි

      Delete
  34. හපොයි හිනාව... හි හි

    ReplyDelete