මං ඇහුවේ කෑම කන ගමන්... කොහොමත් අපි ගෙදර ඇවිත් දවල්ට නෙවෙයිනේ කන්නේ... දවල්ටත් නැති රෑටත් නැති කෑම වේලක්...
“ කවුද...”
“ අර සුදු, උස අයියා කෙනෙක් නැග්ගේ මඟදි...”
“ මතක නෑ ඕයි... ”
“ ඇයි හලෝ අර ලස්සන කොණ්ඩයක් තිබ්බ කොල්ලෙක් නැග්ගේ.. ඔයා කතා කර කර ගියේ...”
“ කවුද .. අංජු ද..”
“ නම දන්නවනං ඔයාගෙන් අහනවද අනේ...”
“ ඌ තමයි... මං වැඩිය දන්නේ නෑ... අපේ ඉස්කෝලෙ එකෙක් නෙවෙයි...”
“ ඇත්තද...ඒක තමයි...”
මං කිව්වේ නෝණ්ඩි හිනාවක් දාලා...
“ මොකද ඒක තමයි කිව්වේ...”
“ නෑ ඉතිං.. වැදගත් විදියට හිටියනේ.. මං හිතුවා ඔයාලගේ ඉස්කෝලේ නෙවෙයි වෙන්න ඇති කියලා...”
“ ආ... එතකොට අපේ ඉස්කෝලෙ ඉන්නේ වැදගත් නැති එවුන් ද..... ඕවට එන්න එපා හරිද සුද්දි.. අපේ කොල්ලන්ට අනම් මනං කියන්න... ”
“ හරි හරි... හොඳ වැදගත් එවුන් ටිකක් නේ ඉන්නේ... කාඩිබෝඩ් වීරයෝ.... ”
මං අන්තිම ටික කිව්වේ ටිකක් ඇදලා.. හිමීට..
“ මං තමුසෙට කියන් නෑ..”
“ ඔයා ඉතිං කවදාවත් කියන් නෑ නේ ....”
මං සුදු අයියව විහිළුවට ගත්තා.. එයාට කේන්ති ගියාම බලන්න ලස්සනයි... කන් දෙකේ ඉඳලා රතු වෙනවා....
“ ඕනෙවට වැඩියි සුද්දි තමුසේ...”
සුදු අයියා බත් එකත් පැත්තකට දාලා අත හෝදගෙන කාමරේට ගියේ හොඳටම කේන්ති ගිහින් කියලා මට තේරුනා... බය වෙලාද කොහෙද මං අම්මට කියයි කියලා... කාලා ඉවර වෙලා මං අම්මා හදලා තිබ්බ වටලප්පන් එකක් අරගෙන කාමරේට ගියේ මෙයාව ෂේප් කරගන්න ඕනේ නිසා...
“ ආ....”
අපෝ.... මෙයාට හොඳටම තද වෙලා... රැව්වා රැවිල්ලක් මට....
“ යනවා යන්න.. මට එපා...
සුදු අයියා පොතත් මේසේ උඩට දාලා ඇඳේ පෙරලුනා...
“ මේ.. තරහා පැත්තකින් තියලා මේක ගන්නවද... නැත්තං මං කාලා දානවා හරිද....”
මං කප් එක අයියගේ පිට උඩින් තියන ගමන් එයාට හිනා උනා.....
“ ඉතිං කනවා... මට ඕන් නෑ...”
පෙනේද තියෙන සෝබනේ... වෙනදට වටලප්පන් කිව්වම උඩ පැන ගෙන එන්නේ... ඉන්නවකෝ ඔහොම...
“ අම්මේ.. මෙයාට වටලප්පන් එපාලු... ”
මං කුස්සියටම ඇහෙන්න කෑ ගැහුවට අම්මා නෙවෙයි පැත්ත පලාතේ එන්නේ.. ඒක මම දන්නවනේ... අපි දෙන්නගේ වලි බේරන්න ගියාම අම්මට ඔලුව කැක්කුම හැදෙනවලු....
“ දෙනවා මෙහෙට....”
සුදු අයියා නැගිටලා කප් එක මගෙ අතින් අරගෙන, කකුල් දෙකත් ඇඳ උඩින් තියාගෙන කන්න පටං ගත්තේ මට රවන ගමන්මයි...
“ බලාගෙන... ඔහොම රවන්න එපා වැඩිය... ලබන ආත්මේ බකමූණෙක් වෙයි...”
මං එහෙම කිව්වේ අයියට එහා පැත්තෙන් වාඩි වෙන ගමන්...
“ ඉතිං තමුසෙට මොකෝ....”
“ අප්‌ෙප්.. මෙයාට තරහා ගිහින් තියෙන තරම... හැබැයි මූණ නම් රතු වෙලා නෑ....”
සුදු අයියා මට රව රවම නැගිටලා කාමරෙන් එළියට ගියා... මං එයාව ගනන් ගන්නේ නැතුව හිටියේ තව ටිකක් අවුස්සන්න...
අනේ මට මොකෝ ඔයා තරහා උනාට....
මතු සම්බන්ධයි
අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මේ පැත්තට චුට්ටක් ගිහින් බලන්නකෝ....
හේහේ.. අටමගේ නංගි. ජය වේවා
ReplyDeleteතැන්ක් යු ඈ.... මොනවා වෙලාද නම්දා ඒක එහෙම්මම ආයිත් ඩ්‍රාෆ්ට් එකට ගිහින්..හි හි
Delete@දේශකයා... හරියට හරි බං... +++
Delete@දේශකයා: සිරාවට බන්... අටමගෙ නංගි තමා...
Deleteඑයි.. අටමා සුදු අයියෙක් නම් මං ඊටත් වැඩිය සුදුයි !!
Deleteකෙල්ලෝ කොල්ලන්ගේ කොණ්ඩ වල ලස්සන බලනවා කියලා දැනං හිටියේ නෑනේ... පනාවක්වත් තිබ්බෙ නෑ ඉස්කෝලෙ යන කාලේ... හැබැයි අර තනි ඇඟිල්ලට දාන පනාව අරන් ඔලුවේ තෙල් පොඩ්ඩල් ගාලා... බම්ප් එක තියලා පීරන එවුනුත් හිටියා තමයි....
ReplyDeleteමේකනේ වැඩේ තිසර.. අපිත් එක්ක ගියේ වැඩිපුර ආනන්දේ සහ නාලන්දේ කොල්ලෝ.. ඕකෙන් ආනන්දේ එවුන්ට කොණ්ඩ වලට කට් තියන්න බැරි උනාට නාලන්දේ කට්ටිය කොහොම හරි එක එක නෑඹිලි කට් කැපුවා... ඒකයි මං හිනත්නේ ඔය කතාව ලියවුනේ....
Deleteයකෝ නාලන්දෙට අපහාස කරන්න එපා.... එහෙම නැඹිලි කට් ගැහුවේ අපේ මහත්තයා විතරයි හරිය.
Deleteහිරු අක්කා ගෝතමීද? අනුලාද?
Deleteනලීන් අයියා... අපේ මහත්තයගේ තිබ්බේ අර මැද්දෙන් බෙදලා, බෙදලා නෑ වගේ පේන වඳුරු කට් එකක්.. හි හි.. අපි නේ දන්‌ෙන් ඔයාලගේ ඉස්කෝලේ කොල්ලන්ගේ හැටි... අපහාස කරන්නේ නෑ.. ඇත්ත කිව්වේ... හි හි
Deleteහිතූ...
ඔය දෙකේම අනේ.. හි හි
කොළ කැඳ කෙල්ලො ඔහොම්මම තමා....
Deleteඅෆ්ෆටතිලි!!!!
Deleteආදරණීය අයියල නංගිල. මම නංගිත් එක්ක රණ්ඩු වුනු කාලෙ නම් ඔහොම නෙවි, ඒව මාරාන්තික රණ්ඩු. හි හි දැන් නම් ආසාවටවත් රණ්ඩුවක් හදාගන්ට බෑ නෙව.
ReplyDeleteකිව්වත් වගේ අටම් අයියට තරඟකාරයෙකුත් ඉන්නව නෙව දැන්.
මාරාන්තික රණ්ඩු නම් මටත් තිබ්බා... ඒත් මේ කතාවේ නෑ... මේක කල්පිතයක් නේ... හි හි...
Deleteමුන් දෙන්න ඇත්තටම අයියයි නංගීද?... එහෙමනම් මේ අයිය කාරය ඇණයක් වෙනව වැඩි කලක් නොගිහින්...
ReplyDeleteපළවෙනි කොටසෙ ඉඳන් බැලුවෙ අද... මේක ඇත්ත කතාවක් නෙමෙයිනෙ නේද?... ලියල තියෙන සීන් වලට සමාන ඇත්ත කතාවක් දන්න හින්ද ඇහුවෙ :)
සාතන්... අර මුලින්ම ලියපු පූර්විකාව කියෙව්ව නං අල්ලගන්න පුළුවන් .. හි හි
Deleteහරිම ආදරනීය අයියල නංගිල දෙන්නෙක්නෙ...හිකිස්..!
ReplyDeleteඅපේ ළමයි දෙන්නෙක් එහෙම මෙහෙම හිටියොත් මොනවා හිතෙයිද වී.. හි හි....
Deleteහිරුව මගුලක් කතා කරනව...!:))))
Deleteඅපේ මේ දෙන්නෙක් ඉඳන්..රංඩුවෙන එකමයි වැඩේ...අප්පොච්චියේ..මගේ ඔලුවත් එක්කම මෙව්ව වෙනව ගෙදර ඉන්න වෙලාවට.
අද අලි වලියයි..අක්කගෙ පැස්ටල් පෙට්ටියෙ ඔක්කොම පාට කූරු වල කොල ටික ගලවල...!
නියමෙට යනවා අක්කණ්ඩි ජයෙන් ජය වේවා ඔන්න මේ වගේ කාලි කාලි දාන්නේ නැතිව ටිකක් දිගට දාන්න. මල පනිනවා අලිද?????????????
ReplyDeleteඅම්මපා උඹට නං කෝරළයෝ...
Deleteකථාව පොඩ්ඩයි ,,, හෙලා දකිනවා
ReplyDeleteඔය ඉතිං.... ඇයි බොල.. නහයෙන් අඬනවා දැකලා තව එකක් දාන්නත් හදලා නිකම් හිටියා.....
Deleteකතාව එලය.නමුත් පොඩ්ඩය.එකට මලය.
ReplyDeleteමේ අනිත් එකා.... හි හි
Deleteඅඩෙයි..........
Deleteඔන්න කියෙව්වා..ආදරණිය සහෝදරකම් ගැන. කතාව උනත් මට ජෙල. ෂික්..මට උන්නෙ නෑනෙ ඔහොම අයියෙක්..
ReplyDeleteමාව සහෝදර කමට ගන්න බැයිද ඔයාට
Deleteසහෝදර කමට...?????
Deleteගරු කටයුතු සීයාකමට නම් පුළුවන් වෙයි නේද ළිහිණි.. හි හි
ඔන්න ලිහිණියට අයියෙක් ඉන්නව (ගල් අයියෙක්) ගල් කිව්වට මේ වතුර ජාතියක් හරිනේ..
Deleteමට මේවා කියවද්දි කිචි වගේ අනේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ මෙෙකාද වල් රජෝ.. හි හි
Deleteඑතකොට අංජු ගැන ළමයට හිතක් පහළවේගන එනවා....එහෙම නේද?...හොඳයි හොඳයි...
ReplyDeleteෂික්.. ගෑණු ළමයි එහෙම උණත් කියන්‌ෙන් නේ.. ඔයත් කෑ ගහන්න එපා... හි හි
Deleteහ්ම්ම්ම්.... මේ අයියයි නංගියි මාර ෆිට් නේ.... හොදා හොදා....කතාවේ අන්තිමට ඉස්සර ආත්මේ පෙම්වතුන්ද??? :D
ReplyDeleteදන් නැතෝ... හි හි
Deleteමොකද මේ සුට්ට සුට්ට දාන්නේ..
ReplyDeleteචුට්ටක් නෑ.. ඔය ගොඩක් නේ.. හි හි
Deleteමම මේ කතාවෙ මුල හොයන්න ඔක්කොම කොටස් කියවගෙන ආවෙ. :D අදනෙ ගොඩ වුනේ..පොඩ්ඩයි හැබැයි අද..
ReplyDeleteඅයියෙක් හිටියානම් මරු හෆ්ෆා.. වලි දදා ඉන්න තිබ්බා.. ;)
ඒකනේ කියන්නේ... හි හි
Delete:-( අනේ කතාව චුට්ටිනෙ.. මේ මදි මට නම්..
ReplyDeleteමට වටලප්පමකුත් හදල බකන්න ආසයි මගේ පියාඹන පුඩිම වගේ.. :D
හා.. මෙදා පාර ප්‍රෙෂර් කුකර් එක හරියට ඇර ගන්න හොඳේ... හි හි
Deleteඅද තමා කතාව කියෙව්වේ. මාවත් පාසැල් කාලෙට අරන් ගියා වගේ. කොටස් ටික හොඳින්ම ගලාගෙන යනවා. සුබ පැතුම්! හිරු.
ReplyDeleteතැන්ක් යු... හි හි
Deleteකතාව නෑගල යනෝ.... හෑමදාම එන්නම් බලන්න... ටිකක් වෑඩිපුර දාමු නේද අර කට්ටිය කිව්ව වගේ?
ReplyDeleteඔය ඉතිං....... හි හි
Deleteඅහ්.. ඕකනේ කියන්නේ ඉතින්.. සුට්ට සුට්ට දාන එක හෙලා දකිනවා සෑහෙන්න..
ReplyDeleteමේක හරි වැඩක් නේ.. එක දවසක් නහයෙන් අඬනවා කියවනන් වෙලාව මදි කියලා.. දැං මදි මදි ලු... හි හි
Deleteමට නම් පේන්නේ පොඩි ආදර කතාවක් වගේ...:)
ReplyDeleteඑකගයි
Deleteඅයියගෙයි නංගිගෙයි ආදරෙන් ලියපු ආදර කතාවක්... හි හි
DeleteDawasakata paya gane danawa kiyala dawas 4ta passe vinadi 5k dala. Asadaranai me wade. Iye witharai awe naththe. ekath iyema dala.
ReplyDeleteLassanata galagena yanawa kathawa. Athithe sundara than mathak wenawa hamadama kathawa kiyawanakota. Lassssssssssssanai.
නංගි බබාවයි ළිහිණියවයි අඬෝන එක මේ දවස්වල මගේ රස්සාව වෙලා.. හි හි
Deleteකොටස් තුනම කියෙව්වේ ඊයේ.ඒත් එවලේ කමෙන්ට් එකක් දාන්න බැරි බ්ලෝගර් අවුලක් තිබ්බා. කතාව නියමයි අක්කේ සරල බාසාව පට්ට. අර සුද්දිට මම හෙන කැමතියි. ඉස්සර මමත් දුකෙන් හිටියේ මට අක්කෙක් හරි නංගියෙක් හරි නැති එකට...හැබැයි කතාව කොට කරන එකටනම් මාගේ අතිශය විරුද්ධත්වය,
ReplyDeleteසුද්දි බැඳලා බං.. අසම්මතේ පෙම්වතුන් වෙන්ඩ බැරිලු/..
Deleteසුද්දිට කොහෙමත් ඒ කාලෙත් ගොඩක් අය කැමති උනා... හි හි
Deleteමට මුල් කොටස් දෙක මිස් වෙලා.
ReplyDeleteහරි. මේ අහන්න. මෙගාවක් දැම්මට කමක් නෑ. අතරින් පතර වන් ඩේ එව්වත් දාන්න අනුපානට වගේ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේක මේගා නෙවෙයි ඩූඩ් අයියේ.. මේක ඇවිල්ලා දාන්න වැදගත් ප්‍රොග්‍රෑම් නැති දවසට දාන එකක්.. හි හි
Deleteමම මෙවුවා මොකුත් දන්නේ නෑනේ. ඉතින් කොහොමද අගක් මුලක් තේරුම් ගන්නේ...? මග හැරුනු සේරම පෝස්ට් කියවලා කතන්දරේ තොර බේර ගන්නම්කෝ. හැබැයි ඉතින් මටනම් රස ඔයාගේ ඕප දූප තාලෙට ලියවෙන වැදගත් කතා නගෝ. සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕන මේ වසර ඔයාලා දෙන්නටම. අපි එනකොට ඔයාලව බලන්න ගිය අවුරුද්දේ තිබුන බලාපොරොත්තු වලින් එකක් දෙකක් වත් සාර්ථක වෙලා තිබුනොත් අපිටත් සතුටුයි නෙව. ජයවේවා හිරු යුවලට......!
ReplyDeleteහි හි.. සරා අයියට දැන් තෝරන්න ලේසියි.. ඔන්න මං බාගයක්ම තෝරලම දුන්නා.. බලන්නකෝ පැත්තෙන්... හි හි
Deleteඅටමාට දැන කොමෙන්ට් එකම තමයි දාන්න තියෙන්නේ..
ReplyDeleteහොදයි ටිකයි..(කතාව නියමයි.. ඒත් සුට්ටයි නිසා නරකයි)
හරි හරි... අඬන්න එපා... හි හි
Delete