Thursday, January 3, 2013

පෙරේතයා.... පාරමී දම් 3 කොටස





“ සුදු අයියේ... කවුද අර අද ඇවිත් හිටිය අලුත් අයියා.... 

මං ඇහුවේ කෑම කන ගමන්... කොහොමත් අපි ගෙදර ඇවිත් දවල්ට නෙවෙයිනේ කන්නේ... දවල්ටත් නැති රෑටත් නැති කෑම වේලක්... 

කවුද...

අර සුදු, උස අයියා කෙනෙක් නැග්ගේ මඟදි...

මතක නෑ ඕයි...

ඇයි හලෝ අර ලස්සන කොණ්ඩයක් තිබ්බ කොල්ලෙක් නැග්ගේ.. ඔයා කතා කර කර ගියේ... 

කවුද .. අංජු ද.. 

නම දන්නවනං ඔයාගෙන් අහනවද අනේ... 

ඌ තමයි... මං වැඩිය දන්නේ නෑ... අපේ ඉස්කෝලෙ එකෙක් නෙවෙයි...

ඇත්තද...ඒක තමයි... 

මං කිව්වේ නෝණ්ඩි හිනාවක් දාලා... 

මොකද ඒක තමයි කිව්වේ... 

නෑ ඉතිං.. වැදගත් විදියට හිටියනේ.. මං හිතුවා ඔයාලගේ ඉස්කෝලේ නෙවෙයි වෙන්න ඇති කියලා...

... එතකොට අපේ ඉස්කෝලෙ ඉන්නේ වැදගත් නැති එවුන් ..... ඕවට එන්න එපා හරිද සුද්දි.. අපේ කොල්ලන්ට අනම් මනං කියන්න... ” 

හරි හරි... හොඳ වැදගත් එවුන් ටිකක් නේ ඉන්නේ... කාඩිබෝඩ් වීරයෝ....

මං අන්තිම ටික කිව්වේ ටිකක් ඇදලා.. හිමීට.. 

මං තමුසෙට කියන් නෑ..

ඔයා ඉතිං කවදාවත් කියන් නෑ නේ .... 

මං සුදු අයියව විහිළුවට ගත්තා.. එයාට කේන්ති ගියාම බලන්න ලස්සනයි... කන් දෙකේ ඉඳලා රතු වෙනවා.... 

ඕනෙවට වැඩියි සුද්දි තමුසේ...

සුදු අයියා බත් එකත් පැත්තකට දාලා අත හෝදගෙන කාමරේට ගියේ හොඳටම කේන්ති ගිහින් කියලා මට තේරුනා... බය වෙලාද කොහෙද මං අම්මට කියයි කියලා... කාලා ඉවර වෙලා මං අම්මා හදලා තිබ්බ වටලප්පන් එකක් අරගෙන කාමරේට ගියේ මෙයාව ෂේප් කරගන්න ඕනේ නිසා... 

ආ....

අපෝ.... මෙයාට හොඳටම තද වෙලා... රැව්වා රැවිල්ලක් මට.... 


යනවා යන්න.. මට එපා... 

සුදු අයියා පොතත් මේසේ උඩට දාලා ඇඳේ පෙරලුනා...

මේ.. තරහා පැත්තකින් තියලා මේක ගන්නවද... නැත්තං මං කාලා දානවා හරිද....

මං කප් එක අයියගේ පිට උඩින් තියන ගමන් එයාට හිනා උනා.....  

ඉතිං කනවා... මට ඕන් නෑ...

පෙනේද තියෙන සෝබනේ... වෙනදට වටලප්පන් කිව්වම උඩ පැන ගෙන එන්නේ... ඉන්නවකෝ ඔහොම... 

අම්මේ.. මෙයාට වටලප්පන් එපාලු...  

මං කුස්සියටම ඇහෙන්න කෑ ගැහුවට අම්මා නෙවෙයි පැත්ත පලාතේ එන්නේ.. ඒක මම දන්නවනේ... අපි දෙන්නගේ වලි බේරන්න ගියාම අම්මට ඔලුව කැක්කුම හැදෙනවලු.... 

දෙනවා මෙහෙට.... 

සුදු අයියා නැගිටලා කප් එක මගෙ අතින් අරගෙන, කකුල් දෙකත් ඇඳ උඩින් තියාගෙන කන්න පටං ගත්තේ මට රවන ගමන්මයි... 

බලාගෙන... ඔහොම රවන්න එපා වැඩිය... ලබන ආත්මේ බකමූණෙක් වෙයි...

මං එහෙම කිව්වේ අයියට එහා පැත්තෙන් වාඩි වෙන ගමන්... 

ඉතිං තමුසෙට මොකෝ....

අප්‌ෙප්.. මෙයාට තරහා ගිහින් තියෙන තරම... හැබැයි මූණ නම් රතු වෙලා නෑ....

සුදු අයියා මට රව රවම නැගිටලා කාමරෙන් එළියට ගියා... මං එයාව ගනන් ගන්නේ නැතුව හිටියේ තව ටිකක් අවුස්සන්න... 

අනේ මට මොකෝ ඔයා තරහා උනාට.... 



මතු සම්බන්ධයි

අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මේ පැත්තට චුට්ටක් ගිහින් බලන්නකෝ.... 

62 comments:

  1. හේහේ.. අටමගේ නංගි. ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු ඈ.... මොනවා වෙලාද නම්දා ඒක එහෙම්මම ආයිත් ඩ්‍රාෆ්ට් එකට ගිහින්..හි හි

      Delete
    2. @දේශකයා... හරියට හරි බං... +++

      Delete
    3. @දේශකයා: සිරාවට බන්... අටමගෙ නංගි තමා...

      Delete
    4. එයි.. අටමා සුදු අයියෙක් නම් මං ඊටත් වැඩිය සුදුයි !!

      Delete
  2. කෙල්ලෝ කොල්ලන්ගේ කොණ්ඩ වල ලස්සන බලනවා කියලා දැනං හිටියේ නෑනේ... පනාවක්වත් තිබ්බෙ නෑ ඉස්කෝලෙ යන කාලේ... හැබැයි අර තනි ඇඟිල්ලට දාන පනාව අරන් ඔලුවේ තෙල් පොඩ්ඩල් ගාලා... බම්ප් එක තියලා පීරන එවුනුත් හිටියා තමයි....

    ReplyDelete
    Replies
    1. මේකනේ වැඩේ තිසර.. අපිත් එක්ක ගියේ වැඩිපුර ආනන්දේ සහ නාලන්දේ කොල්ලෝ.. ඕකෙන් ආනන්දේ එවුන්ට කොණ්ඩ වලට කට් තියන්න බැරි උනාට නාලන්දේ කට්ටිය කොහොම හරි එක එක නෑඹිලි කට් කැපුවා... ඒකයි මං හිනත්නේ ඔය කතාව ලියවුනේ....

      Delete
    2. යකෝ නාලන්දෙට අපහාස කරන්න එපා.... එහෙම නැඹිලි කට් ගැහුවේ අපේ මහත්තයා විතරයි හරිය.

      Delete
    3. හිරු අක්කා ගෝතමීද? අනුලාද?

      Delete
    4. නලීන් අයියා... අපේ මහත්තයගේ තිබ්බේ අර මැද්දෙන් බෙදලා, බෙදලා නෑ වගේ පේන වඳුරු කට් එකක්.. හි හි.. අපි නේ දන්‌ෙන් ඔයාලගේ ඉස්කෝලේ කොල්ලන්ගේ හැටි... අපහාස කරන්නේ නෑ.. ඇත්ත කිව්වේ... හි හි

      හිතූ...

      ඔය දෙකේම අනේ.. හි හි

      Delete
    5. කොළ කැඳ කෙල්ලො ඔහොම්මම තමා....

      Delete
  3. ආදරණීය අයියල නංගිල. මම නංගිත් එක්ක රණ්ඩු වුනු කාලෙ නම් ඔහොම නෙවි, ඒව මාරාන්තික රණ්ඩු. හි හි දැන් නම් ආසාවටවත් රණ්ඩුවක් හදාගන්ට බෑ නෙව.

    කිව්වත් වගේ අටම් අයියට තරඟකාරයෙකුත් ඉන්නව නෙව දැන්.

    ReplyDelete
    Replies
    1. මාරාන්තික රණ්ඩු නම් මටත් තිබ්බා... ඒත් මේ කතාවේ නෑ... මේක කල්පිතයක් නේ... හි හි...

      Delete
  4. මුන් දෙන්න ඇත්තටම අයියයි නංගීද?... එහෙමනම් මේ අයිය කාරය ඇණයක් වෙනව වැඩි කලක් නොගිහින්...

    පළවෙනි කොටසෙ ඉඳන් බැලුවෙ අද... මේක ඇත්ත කතාවක් නෙමෙයිනෙ නේද?... ලියල තියෙන සීන් වලට සමාන ඇත්ත කතාවක් දන්න හින්ද ඇහුවෙ :)

    ReplyDelete
    Replies
    1. සාතන්... අර මුලින්ම ලියපු පූර්විකාව කියෙව්ව නං අල්ලගන්න පුළුවන් .. හි හි

      Delete
  5. හරිම ආදරනීය අයියල නංගිල දෙන්නෙක්නෙ...හිකිස්..!

    ReplyDelete
    Replies
    1. අපේ ළමයි දෙන්නෙක් එහෙම මෙහෙම හිටියොත් මොනවා හිතෙයිද වී.. හි හි....

      Delete
    2. හිරුව මගුලක් කතා කරනව...!:))))
      අපේ මේ දෙන්නෙක් ඉඳන්..රංඩුවෙන එකමයි වැඩේ...අප්පොච්චියේ..මගේ ඔලුවත් එක්කම මෙව්ව වෙනව ගෙදර ඉන්න වෙලාවට.
      අද අලි වලියයි..අක්කගෙ පැස්ටල් පෙට්ටියෙ ඔක්කොම පාට කූරු වල කොල ටික ගලවල...!

      Delete
  6. නියමෙට යනවා අක්කණ්ඩි ජයෙන් ජය වේවා ඔන්න මේ වගේ කාලි කාලි දාන්නේ නැතිව ටිකක් දිගට දාන්න. මල පනිනවා අලිද?????????????

    ReplyDelete
    Replies
    1. අම්මපා උඹට නං කෝරළයෝ...

      Delete
  7. කථාව පොඩ්ඩයි ,,, හෙලා දකිනවා

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං.... ඇයි බොල.. නහයෙන් අඬනවා දැකලා තව එකක් දාන්නත් හදලා නිකම් හිටියා.....

      Delete
  8. කතාව එලය.නමුත් පොඩ්ඩය.එකට මලය.

    ReplyDelete
  9. ඔන්න කියෙව්වා..ආදරණිය සහෝදරකම් ගැන. කතාව උනත් මට ජෙල. ෂික්..මට උන්නෙ නෑනෙ ඔහොම අයියෙක්..

    ReplyDelete
    Replies
    1. මාව සහෝදර කමට ගන්න බැයිද ඔයාට

      Delete
    2. සහෝදර කමට...?????

      ගරු කටයුතු සීයාකමට නම් පුළුවන් වෙයි නේද ළිහිණි.. හි හි

      Delete
    3. ඔන්න ලිහිණියට අයියෙක් ඉන්නව (ගල් අයියෙක්) ගල් කිව්වට මේ වතුර ජාතියක් හරිනේ..

      Delete
  10. මට මේවා කියවද්දි කිචි වගේ අනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මෙ‌ෙකාද වල් රජෝ.. හි හි

      Delete
  11. එතකොට අංජු ගැන ළමයට හිතක් පහළවේගන එනවා....එහෙම නේද?...හොඳයි හොඳයි...

    ReplyDelete
    Replies
    1. ෂික්.. ගෑණු ළමයි එහෙම උණත් කියන්‌ෙන් නේ.. ඔයත් කෑ ගහන්න එපා... හි හි

      Delete
  12. හ්ම්ම්ම්.... මේ අයියයි නංගියි මාර ෆිට් නේ.... හොදා හොදා....කතාවේ අන්තිමට ඉස්සර ආත්මේ පෙම්වතුන්ද??? :D

    ReplyDelete
  13. මොකද මේ සුට්ට සුට්ට දාන්නේ..

    ReplyDelete
    Replies
    1. චුට්ටක් නෑ.. ඔය ගොඩක් නේ.. හි හි

      Delete
  14. මම මේ කතාවෙ මුල හොයන්න ඔක්කොම කොටස් කියවගෙන ආවෙ. :D අදනෙ ගොඩ වුනේ..පොඩ්ඩයි හැබැයි අද..

    අයියෙක් හිටියානම් මරු හෆ්ෆා.. වලි දදා ඉන්න තිබ්බා.. ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... හි හි

      Delete
  15. :-( අනේ කතාව චුට්ටිනෙ.. මේ මදි මට නම්..
    මට වටලප්පමකුත් හදල බකන්න ආසයි මගේ පියාඹන පුඩිම වගේ.. :D

    ReplyDelete
    Replies
    1. හා.. මෙදා පාර ප්‍රෙෂර් කුකර් එක හරියට ඇර ගන්න හොඳේ... හි හි

      Delete
  16. අද තමා කතාව කියෙව්වේ. මාවත් පාසැල් කාලෙට අරන් ගියා වගේ. කොටස් ටික හොඳින්ම ගලාගෙන යනවා. සුබ පැතුම්! හිරු.

    ReplyDelete
  17. කතාව නෑගල යනෝ.... හෑමදාම එන්නම් බලන්න... ටිකක් වෑඩිපුර දාමු නේද අර කට්ටිය කිව්ව වගේ?

    ReplyDelete
  18. අහ්.. ඕකනේ කියන්නේ ඉතින්.. සුට්ට සුට්ට දාන එක හෙලා දකිනවා සෑහෙන්න..

    ReplyDelete
    Replies
    1. මේක හරි වැඩක් නේ.. එක දවසක් නහයෙන් අඬනවා කියවනන් වෙලාව මදි කියලා.. දැං මදි මදි ලු... හි හි

      Delete
  19. මට නම් පේන්නේ පොඩි ආදර කතාවක් වගේ...:)

    ReplyDelete
    Replies
    1. අයියගෙයි නංගිගෙයි ආදරෙන් ලියපු ආදර කතාවක්... හි හි

      Delete
  20. Dawasakata paya gane danawa kiyala dawas 4ta passe vinadi 5k dala. Asadaranai me wade. Iye witharai awe naththe. ekath iyema dala.

    Lassanata galagena yanawa kathawa. Athithe sundara than mathak wenawa hamadama kathawa kiyawanakota. Lassssssssssssanai.

    ReplyDelete
    Replies
    1. නංගි බබාවයි ළිහිණියවයි අඬෝන එක මේ දවස්වල මගේ රස්සාව වෙලා.. හි හි

      Delete
  21. කොටස් තුනම කියෙව්වේ ඊයේ.ඒත් එවලේ කමෙන්ට් එකක් දාන්න බැරි බ්ලෝගර් අවුලක් තිබ්බා. කතාව නියමයි අක්කේ සරල බාසාව පට්ට. අර සුද්දිට මම හෙන කැමතියි. ඉස්සර මමත් දුකෙන් හිටියේ මට අක්කෙක් හරි නංගියෙක් හරි නැති එකට...හැබැයි කතාව කොට කරන එකටනම් මාගේ අතිශය විරුද්ධත්වය,

    ReplyDelete
    Replies
    1. සුද්දි බැඳලා බං.. අසම්මතේ පෙම්වතුන් වෙන්ඩ බැරිලු/..

      Delete
    2. සුද්දිට කොහෙමත් ඒ කාලෙත් ගොඩක් අය කැමති උනා... හි හි

      Delete
  22. මට මුල් කොටස් දෙක මිස් වෙලා.
    හරි. මේ අහන්න. මෙගාවක් දැම්මට කමක් නෑ. අතරින් පතර වන් ඩේ එව්වත් දාන්න අනුපානට වගේ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේක මේගා නෙවෙයි ඩූඩ් අයියේ.. මේක ඇවිල්ලා දාන්න වැදගත් ප්‍රොග්‍රෑම් නැති දවසට දාන එකක්.. හි හි

      Delete
  23. මම මෙවුවා මොකුත් දන්නේ නෑනේ. ඉතින් කොහොමද අගක් මුලක් තේරුම් ගන්නේ...? මග හැරුනු සේරම පෝස්ට් කියවලා කතන්දරේ තොර බේර ගන්නම්කෝ. හැබැයි ඉතින් මටනම් රස ඔයාගේ ඕප දූප තාලෙට ලියවෙන වැදගත් කතා නගෝ. සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕන මේ වසර ඔයාලා දෙන්නටම. අපි එනකොට ඔයාලව බලන්න ගිය අවුරුද්දේ තිබුන බලාපොරොත්තු වලින් එකක් දෙකක් වත් සාර්ථක වෙලා තිබුනොත් අපිටත් සතු‍ටුයි නෙව. ජයවේවා හිරු යුවලට......!

    ReplyDelete
    Replies
    1. හි හි.. සරා අයියට දැන් තෝරන්න ලේසියි.. ඔන්න මං බාගයක්ම තෝරලම දුන්නා.. බලන්නකෝ පැත්තෙන්... හි හි

      Delete
  24. අටමාට දැන කොමෙන්ට් එකම තමයි දාන්න තියෙන්නේ..

    හොදයි ටිකයි..(කතාව නියමයි.. ඒත් සුට්ටයි නිසා නරකයි)

    ReplyDelete
    Replies
    1. හරි හරි... අඬන්න එපා... හි හි

      Delete