දැං නං මට යකා උපරිමේටම වැහිලා ඉන්නේ... ඇයි වදේ .. මුන් මේ ගෙට්ටුවක් දාලා දැං ෆොටෝ දානවා හතර වටේටම... දුකේ බෑ මට... ඒ අස්සේ අටමා පෝස්ටුවකුත් දාලා හිරු කෙල්ල තෝ අපායටම පල කියලා... මට ඇඬෙනවා.. ඉහි ඉහි ඉහි...
යන්න වෙන්නේ නෑ කියලා දැනගෙන හිටියත් ඊයේ කාපු රජ කට්ටේ තරමට මට මෙහෙම දුක හිතෙන එක සාධාරණයි කියලා ඔයාලම කියයි මේ ලියන්න යන ටික කියෙව්වම.....
මං ඉතිං කලින්ම කියලා තිබ්බනේ කට් කරන්න බැරි විදියේ වෙඩිමක් සෙට් වෙලා, මට ඒකට යන්න වෙනවා කියලා... සාරි පටලවාගෙන දවසක් ඉඳීමේ කරදරයට අමතරව මේකට යන්න උනා නුවරටම.. ඒකත් එක්තරා විදියක දඬුවමක් තමයි... ඕන්න මේකයි කතන්දරේ..
නුවර යනවා කියන්නේ අඩුම තරමේ පාන්දර 5ට වත් ගෙදරින් යන්න ඕනේ වැඩක්... පාන්දර 5ට ගෙදරින් යන්න නම් මම නැගිටින්න ඕනේ 3ට වත්.. ඇයි වදේ... සාරියක් පටලෝ ගන්න එපැයි... ඕක ඇවිල්ලා මහ වදකාර කෝස් එකක්...
කොෙහාම හරි 3ට අමාරුවෙන් නැගිටගෙන ( වෙනදට 6ට නැගිටින්නෙත් පුදුම අමාරුවකින්.. හි හි) අපේ මහත්තයවත් බොහොම අමාරුවෙන් ඇහරවගෙන ( ඇයි සාරියට කටු ගහන්න, මේකප් දාන්න එහෙම හෙල්ප් කරන්න.. හි හි.) ලෑස්ති වෙලා ගියා දෙන්න එක්කම බයිසිමොටෝවේ නැගලා අපේ මහත්තයගේ අම්මලගේ ගෙදරට 4.30 වෙනකොට... එහෙට තමයි වාහනේ එනවා කියලා තිබ්බේ..
අපි යනකොට කට්ටිය මූණ හෝදලත් නැ ... අක්කගේ පොඩි එකා තමයි උදෙම්ම නැගිටගෙන තිබ්බේ... එයා නැගිටලා තියෙන්නේ පාන්දර 3ට.. හි හි... එයාව කරගහගෙන අක්කට කිසි දෙයක් තරන්න බෑරි නිසා ඉතිං අපි දෙන්න එයාව තියන් විකාර කර කර හිටියා 5.30 විතර වෙනකම්... ඔන්න එතකොට කෝල් එකක් ආවා අනිත් කට්ටිය දැන් එහෙන් පිටත් වෙනවා කියලා... ඒ කිව්වේ අපේ මහත්තයාගේ නැන්දලා කට්ටියක්.. එයාගෙල් වෑන් එකේ තමයි යන්න ලෑස්ති කරගෙන තිබ්බේ... ඉතිං දැං ඉතුරු වැඩ ටිකත් දඩිබිඩියේ කරගත්තා..
මෙන්න 6ට විතර කෝල් එකක් එනවා වෑන් එක ස්ටාට් වෙන්නේ නෑ කියලා...
කාපන්කෝ ටකරම්....
ඒ පාර අපේ මහත්තයා කෝට් බෑය ගලවලා තියලා, බයිසිමොටෝවෙන් ගියා මොරටු...
ඔව් ඔව්..එහෙ ඉඳන් තමයි අනිත් කට්ටිය එන්න හිටියේ... එතකම් ඉතිං අපිත් ඇඳ පැළඳගෙන බලං හිටියා...ඒ අස්සේ අර උෙද් පාන්දරම නැගිට්ට එක්කෙනා, ඒ කිව්වේ අක්කගේ පොඩ්ඩි ගේ දෙවනත් කරනවා බඩගිනි වෙලා.. ඒ පාර එයාට කන්න දීලා ෂේප් කරගෙන ඉවර වෙනකොට මෙන්න අපේ මස්සිනා ආයිමත් ඇඳට වැටිලා හොඳටම නිදි... හි හි....
කොහොම කොහොම හරි බලං ඉඳලා ඉඳලා ඔන්න වාහනේ ආවා 8.30ට විතර... වාහනේ ළඟට ගිහින් බැලුවම මේ එනවා කිව්ව වාහනේ නෙවෙයි.. ඒ පාර ඔන්න අපේ මහත්තයා කියනවා ඒ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව දඟළනෙකාට එහා ගෙදර මනුස්සයා එයාගේ වෑන් එක දුන්නලු අරං යන්න කියලා...
ඔන්න ඉතිං පොඩ්ඩගේ බඩු ටික එහෙම පටෝ ගෙන නැග්ගා වෑන් එකට.. යන්තම් 9ට පිටත් උනා කියමුකෝ.. දැං වෙඩිම පටං අරන් ඇති කියලා දැනගෙන, අපි මේ යන්නේ දවල් කෑම වෙලාවට වත් යං කියලා... හි හි...
අපේ මාමණ්ඩි ටිකක් වේගෙන් යනවා කියලා තේරුනත්, වෙනදට වාහනේ පිටිපස්සේ ඉඳගෙන එළවන කට්ටිය සද්ද වහලා හිටියේ පරක්කු වෙච්ච නිසා තමයි.... හි හි... ඒ අස්සේ අපේ මහත්තයා පිටිපස්සේ සීට් එකට වෙලා නිදි..
මෙන්න එකපාරටම වෑන් එක නැවතුනා... ඒ පාර ඔලුව දාලා බැලුවා ඉස්සරහට.... ඔව් ඔව්.. අපි දෙන්නා තාම අලුත බැඳපු ජෝඩුව හින්දා අන්තිම සීටි එකේ තමයි අපි හැමදාම.. හි හි... ( ඒ සීට් එකේ ඉඳගත්තාම ගැස්සෙන නිසා කවුරුවත් එතනට එන්න කැමති නෑ..)
මෙන්න බොලේ වෑන් එකේ දුම් පිරිලා... ඒ මදිවට කර ගඳයි ටයර් ගොඩක් ගිනි තියලා වගේ...
බලනකොට එන්ජිම හීටි වෙලාලු.. වාහනේ ගන්න කොට තෙල්, වතුර බලද්දි ප්‍රශ්නයක් තිබ්බෙත් නෑලු... ( මං දන් නෑ.. අපේ මහත්තයා තමයි කිව්වේ).. මේ ඉතිං උතුවන්කන්ද හරියෙලු... ඔන්න ඉතිං කට්ටියම බැස්සා පාර අයිනෙන්.. වතුර දාලා දාලා, එතන කඩේක හිටපු කෙනෙකුත් ඇවිත් උදවු කරලා යන්තම් නිවා ගත්තා කියමුකෝ... මෙන්න මේකේ වතුර ලීක් වෙනවා... ( මේවා ගැන මං දන්නේ නෑ හරිද.... මං මේ දැකපු, ඇහුන ඒවා තමයි කියන්නේ... ) ඒ පාර එතනින්ම ගැරෙජ් එකක් අහගෙන වතුර බෝතල් තුනක් විතරත් පුරෝගෙන ආවා කියමුකෝ ගැරේජ් එකකට... ඒක මේ මාවනැල්ල හරියේ තමයි තිබ්‌ෙබ්..
ඉතිං දැං පිරිමි කට්ටියම, ඒ කිව්වේ අපේ මාමණ්ඩියි, අපේ මහත්තයගේ මාමයි, අපේ මහත්තයයි විතරයි.. අපේ මස්සිනා නම් වාහනෙන් බැස්සෙවත් නෑ...හි හි , බැහැලා ඔන්න බැලුවා වාහනේ... ඒක හදන්න බෑ ලු... අලුතින් දාන්න වෙනවලු...
පොඩ්ඩක් හිටු... දැං වෙලාව කීයද...1ත් පහුවෙලා... දවල්ට කන වෙලාවත් ඉවරයි....
දැං ඉතිං බඩගිනියි හොඳටම.. දැං නං වෙඩිමට ගියත් වැඩක් නෑ කියලා මට හිතෙනවා.. ඒත් ඕවා කියලා ගුටි කන්න පුළුවනෑ.. ඉතිං කට පියං හිටියා... හි හි... පොඩි එකාට නම් ජොලි.. ඇයි ඉතිං.. එයාව වඩා ගෙන හුරතල් කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවානේ....
ඔන්න ඒ පාර ගැරෙජ් එකේ කෙනෙක්ටම කියලා වාහනයක් එතනට ගෙන්න ගෙන අපි කට්ටියක් විතරක් වෙඩිමට පිටත් උනා.. අපේ මහත්තයයි මාමණ්ඩියි දෙන්නම නැවතුනා වාහනේ හදාගන්න.. අනුන්ගේ වාහනයක් එහෙම දාලා යන්න බෑනේ...
ඔන්න පළවෙනි පාරට බැන්ඳට පස්සේ මං ගියා වෙඩිමකට තනියෙන්.. හි හි... ඒ මදිවට එතන අපේ මහත්තයගේ නැයෝ විතරයි.. මං දන්න කට්ටිය ඉන්නෙත් කීප දෙනයි... මං හිටියේ බයේ.. හි හි.. ඒත් වාසනාව මගේ පැත්තේ තිබ්බේ...
මොකද කිව්වොත් අපි එතනට යනකොට කපල් එක පිටත් වෙන්න ලෑස්ති වෙනවා.. හි හි....
මොකක් කිව්වා.... ??? කෑම...??? මොන කෑමද... එතෙකාට කෑමත් ඉවරයි... ඩෙසර්ට් විතරක් කාලා සැනසෙන්න සිද්ධ උනා...
ඔන්න දැං ආයිත් එන්නත් එපැයි ඉතිං.... කාර් කීපෙකම අපි කට්ටිය නැගලා ආයිත් ගැරේජ් එක ළඟට ආවා.... වාහනේ හදාගෙන ඔන්න දෙන්නා බලං ඉන්නවා අපි එනකම්.. කාපු කට්ට කොයි තරම්ද කියනවා නම් මට ඒ වෙනකොට එපාම වෙලා හිටියේ... ( ඇත්තම කිව්වොත් පොඩි එකෙක් එක්ක ගමන් යනවා කියන එක මට ජීවිතේටම එපා උනා...)
ඒක නිසා අනිත් අය වෙන මොනාවත් කියන්න කලින් ( මම එහෙම කළේ වාහනේ කැඩිලා වෙච්ච පරක්කුවට අමතරව, කට්ටිය ඒ වෙනෙකාට වාද කර කර, සාකච්ඡා කර කර, ඒක ඒක යෝජනා ගෙනල්ලා, කියව කියව ඉඳලා, දවසේ පැය 3ක් විතර පරක්කු කරලා හිටිය හින්දා... අනිත් එක පොඩි එකා හොඳටම නිදි.. එයා ඇහැරැනොත් විනාසයි.. ) මං කිව්වා අපි මේ මාමත් එක්කම ගෙදර යන්නම්, ඔයාලා වෑන් එක අරං ගෙදර එන්න කියලා...
ඔන්න යන්තමි ඒකට කට්ටියම කැමති වෙලා නැන්දම්මයි, අක්කයි, පොඩි එකයි, මස්සිනයි, මායි, ඒ මාමත් එක්ක ආවා... අනිත් කට්ටිය එහෙමම මොරටු ගිහින් වෑන් එකත් බාර දීලා නැන්දලවත් බස්සලා එන්නම් කියලා ගියා..
එතනින් කතාව ඉවරද.... නෑ බොලවු.. තව තියෙනවා.... ඉවසලා හිටපල්ලා....
කොළඹට එනකම්ම ට්‍රැෆික්.. ආසන්නම අනුමානය දිග සති අන්තයක් වෙච්ච හින්දා කියලා එකඟත්වයට ඇවිල්ලා අපි හිමින් හිමින් ගෙදරට එනෙකාට රෑ 9යි... ආපු ගමන් අපේ මහත්තයට කෝල් එකක් දීලා කිව්වා මං ගෙදර ආවා කියලා...
මෙන්න මෙයා කියනවා ආයිත් අර වාහනේ කැඩිලලු....
ඉතිං මං මොනවා කරන්නද... අනිත් පැත්තට කෝල් එකක් දීලා නැන්දම්මට කිව්වා අන්න අරගොල්ලෝ ආයිත් මඟ හිටලා කියලා...
ඉතුරු හරිය අපේ මහත්තයාගේ කතාව තමයි....
ඔන්න ගැරේජ් එකෙදි ගලෝලා බැලුවම රේඩියේටරේ කැඩිලලු... ඒකේ ෆොටෝ ටිකක් එයා අරන් තිබ්බේ ඔන්න මේ වැඩේ නම් පෝස්ට් එකක් දාන්න ඕනේ කියලා මං කිව්ව හින්දා... ( මුලම හරියෙදි නම් ෆොටෝ ගත්තේ නෑ.. එච්චර සිහියක් තිබ්බේ නැති නිසා... දුම් දාපු හැටිත් ෆොටෝ එකක් තිබ්බනං හොඳයි කියලා දැං හිතෙනවා..) (ෆොටෝ වලින් කීපයක් දැං අප්ලෝඩ් කරන්න විදියක් නෑ... රේඩියේටරේ මොකද්ද කියලා මට හොයාගන්න බැරි නිසා එයා ආවම අප්ලෝඩ් කරන්නම්.. හි හි)
ඉතිං ඒ පාර රේඩියේටරයක් අලුතින් අරන් දාගෙන වාහනේ හදාගත්තලු...
කට්ටියව දාගෙන ආපහු එනෙකාට අලුතින්ම දාපු කෑල්ලක් මඟ හැලිලා.. ඒ පාර කෝටු කෑල්ලක් ගහලා ඒක අටවගෙන ගෙදරට ඇවිල්ලා, ඇණයක් හොයාගෙන ඒක හදාගෙන ආපහු ගිහින් වාහනේ බාර දීලා ඇවිත්... ( බාර දීම ගැනත් කියලා වැඩක් නැති නිසා මම කියන්නේ නෑ.... මට හිතෙන්නේ ඒ අසල්වැසියෝ ආශ්‍රය එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා නැන්දලට තේරැනොත් ඇති.. වෑන් එකත් දුන්නට පස්සේ ඇයි මම මෙහෙම කිව්වේ කියලා කාට හරි හිතෙන්න පුලුවන්... ඒත් මං හිතනවා මේ වගේ දේවලට මුහුණ දුන්න අය තව ඇති කියලා... ඒ අයට තේරෙයි මං ඇයි එහෙම කිව්වේ කියලා... )
ඒ වෑන් එක ස්කූල් සර්විස් යන එකක්.. ( මං හිතන්නේ එතනින් එහාට මං කිසි දෙයක් කියන්න ඕනේ නැති වෙයි...හි හි.. කට්ටියට හිතාගන්න පුළුවන්..)
මේ ටික ප/ලියක් කියලා හිතමුකෝ...
මට හිතට වැදුනම කතාව මේකයි... දැං ඔය වාහනේ හින්දා වියදම් වෙලා තියෙනවා රැ 16000ක්... අර අපි හයර් එකට අරන් ගිය වාහනේ ගානත් එක්ක... ( මාවනැල්ලේ ඉදලා Queens`s එක ගාවට යන්න රු 2200 යි.. කැඩිච්ච වාහනේට පෙට්‍රල් 4000යි..)
අපි උදේ වාහන හයර් එකට ගන්න තැනකට කතා කරලා ගනන් ඇහුවම මුළු ට්‍රිප් එකටම 9000 යි කියලා තමයි කිව්වේ.... ( මං ඔය වගේ සාකච්ඡා වලදි යෝජනා ඉදිරිපත් කරන එක නවත්තලා තියෙන්නේ.. මොකද කිව්වොත් වාහන ගැන, වාහන වල ගමන් බිමන් යන එක ගැන මට වඩා සිය දහස් ගුණයක් දේවල් එයාලා දන්නවා.. )
දැං මට මෙතන කියන්න ඕනේ දේවල් ටික ඔක්කොම කියවිලා තියෙනවා මං හිතන්නේ..
මේ වෙච්ච දේවල් ටිකට හරියට ගැලපෙන උපමාවක් මතක් වෙනවා නම් කට්ටිය යෝජනා කරන්න... මට හරි යන එකක් මතක් වෙන්නේ නෑ... මම නම් හිතන්නේ මේකෙන් උපමා තුනක් වත් හදාගන්න පුළුවන් වෙයි කියලා... හි හි
අනේ මේ ගමන පැත්තක තියලා ගෙට්ටුවට ගියානම් හොඳයි කියලා මට හිතුනේ එකපාරක් නෙවෙයි... ඒත් මේවා යුතුකම් පැත්තට වැටෙන නිසා මගේ කටට ඉබ්බා දාගෙන ඉන්න සිද්ධ උනා...
අනේ අටමෝ තරහා වෙන්න එපා බං....
ඔය තියෙන්නේ රේඩියේටරේට වෙලා තිබ්බ හරිය... ඒක පුපුරලා තිබිලා තියෙන්නේ...
මෙන්න මේ ගැරෙජ් එකෙන් තමයි හැදුවේ...