දැනට මතක ගබඩාවට දාගෙන ඉන්න කතන්දර ගොඩේ වැදගත්මය කියල හිතෙන කන්දර දෙකක් තියෙනව.. එයින් එකක් අද කොහොම හරි ලියලා දානව කියල හිතාගත්තා...
අපේ කට්ටිය.. ඒ කිව්වෙ අපේ අම්මගෙ අයියල මල්ලිලා නංගිල ටික එක්ක ට්‍රිප් එකක් යන්න අවුරදු දෙකක් තුනක් විතර ලෑස්ති උනාට ඒක කෙරෙන්නෙ නැති වෙලා කිබ්බ හින්ද.. මෙදා පාර නං කොහොම හරි යනව කියල ලෑස්ති වෙලා බස් එකක් එහෙම ලෑස්ති කරගෙන ගමන ගියෙ ජනවාරි 31.... පළවෙනි දවසෙ පාසිකුඩා ගිහින් මුහුදෙ නාලා, දෙවනි දවසේ රජගල නැගලා, තුන්වෙනි දවසේ දීඝවාපී, මුහුදු මහා විහාරයෙ ගිහින්, රසම රස කට්ටකුත් පැය දෙකතුනක් කාලා, ආරුගම්‌ෙබ් ගිහින් මුහුද බලල ගෙදර ආපි... හි හි... මොකද එදා මුහුද සැරයි.. සර්ෆර්ස්ලට ඇරෙන්න සාමාන්‍ය අයට මුහුදට බහින්න දෙන්නෙ නෑ...
මං මේ ලියන්න ගත්තෙ ඕකෙන් රජගල ගමන ගැන..
ඇත්තටම රජගලතැන්න කියන තැන ගැන මම නං මේ ලෝකෙ දෙයක් දැනගෙන හිටියෙ නෑ... අපේ මාමා තමයි මේ ගමනට මේ තැනත් එකතු කරගෙන තිබ්බෙ... ( කොහොමත් මම නං ඉතිං ඔය යන්නං වාලෙ ගියා මිසක් යන තැන් ගැන එච්චර හොයන්න ගියෙ නෑ... අපි ඉතිං තාම පොඩි උන්නෙ... හි හි)
ගිහින් ආවට පස්සෙ පොඩිඩක් සර්ච් කරල බැලුවම මේ ගැන ලියවිච්ච තැන් කීපයක් තියෙනව දැක්ක.. ඒක නිසා වැඩි විස්තර නැතුව මගෙ අත්දැකීම විතරක් ලියනව කියල හිතාගත්ත...
|
ඔන්න යන පාර... |
අපි කට්ටිය ටිකක් දවල් වෙලා, ඒ කිව්වෙ 9ට විතර තමයි රජගලට ආවෙ.. අම්පාර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර තියෙනව... අපි නවාතැන් ගත්තෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩකරන, අපිට මාර්ගෝපදේශක උන උපුල් විසින්ම ඉදිකරල තිබුන නවාතැනේ... ලයිට්, වතුර තියෙන හෝටල් මට්ටමට නැති උනත් ආරක්ෂිතව දවසක් දෙකක් ඉන්න පුළුවන් තැනක්...
අම්පාර ටවුන් එකේ රෙස්ට්හවුස් සහ හෝටල් ගැන තියෙන්නෙ ටිකක් අපකීර්තිමත් ප්‍රසිද්ධියක්... ටෙලිකොම් එකේ වැඩකරන අපේ එක මාම කෙනෙක්, යුද්ධෙන් පස්සෙ ඔය පැත්තෙ සංවර්ධන කටයුතු එක්ක වැඩිපුර හිටිය නිසා පැහැදිලිවම කිව්ව දෙයක් තමයි, අම්පාර ටවුන් එකේ ගණිකා වෘත්තිය ඉතාම සරුවට කෙරෙනව කියන එක... හෝටල් කාමරයක් අරගෙන අපේ බඩු ඒකෙ තියලා යන එක එච්චර සුභදායක නැති බව එයා පැහැදිලිවම කිව්ව.. එයා කිව්ව තවත් දෙයක් තමයි මේ ගණිකා වෙළදාමෙ 100% ක්ම වගේ යෙදෙන්නෙ සිංහල මිනිස්සු බව... අනිත් එක දුර ටිකක් වැඩියි.. අපි හිටියෙ හරියටම රජගල පාමුල...
කොහොම උනත් අපි නතර උනේ නං ජීවිතේටම හම්බුවුන හොඳම හොඳ මිනිස්සු කීපදෙනෙක් එක්ක....
( ඒ කට්ටිය හදලා දුන්න රසම රස ආහාර වේල් කීපය ගැනත් ඉස්සරහට ලියන්නං.. ෆොටෝ නං නැතුව.. කෑම දැක්කම ෆොටෝ අමතක වෙන කට්ටියක් තමයි ට්‍රිප් එක ගියෙ.. හි හි)
මං නිකම්ම පින්තූර කතාවක් වගේ මේක දාලා දානව... අතරින් පතර එකතු කරන්න දෙයක් තිබ්බොත් ඒ හරියෙම ලියන්නං.. කොහොමත් පෝස්ට් දෙකකට වත් දාන්න වෙයි මේක...
|
රජගල ඉතිහාසය ගැන පුරාවිද්‍යාවෙන් දාලා තියෙන බෝඩ් එක.... |
|
මේ විදියට තාම සම්පූර්ණයෙන් ගවේෂණය කරලා නැති, කැලේ තැන් තැන් වල තිබිලා හම්බුවුනු මුරගල්, සදකඩපහන් සහ සිරිපතුල් ගල් වගේ දේවල් කන්ද නගින්න පටන් ගන්න තැනම ගෙනල්ලා තියලා තියෙන්නෙ... |
|
අපේ මාර්ගෝපදේශක උපුල්...
ඉන්න තැනේ ඉඳලා, කන්න බොන්න හදලා දීලා මේ අත්දැකීම සම්පූර්ණ කරගන්න
අපිට කරපු උදවු ගැන ස්තූති කරන්න වචන නෑ ඉතිං...
මෙතන ඉඳන් මේ බිමේ ඉතිහාසය ගැන අපිට හොඳ විස්තරයක් කළා... මේ පුරාවිද්‍යා සංරක්ෂණ වැඩ ගැන සහ මේ බිමේ ඉතිහාසය ගැන වැඩ්දුර විස්තර අහගන්න ඕනෙකම තිබ්බෙ, ඒවත් එක්කම මේ පෝස්ට් එක දාන්න හිතාගෙන... ඒත් අපිට වෙලාව මදි උන හින්ද ඔයාලට ගිහිල්ලම තමයි ඒ විස්තර දැනගන්න වෙන්නෙ...
|
|
ගල් වල කපල තියෙන පඩි පෙලවල්... මේවයෙ සමහර ඒවට අත්වැටවලුත් තිබිලා තියෙනව...
මේ ගල් වලින් වැඩි හරියක් නිදන් හොරු විනාස කරල... උපුල් කියන විදියට ඔය ගල් වල තැන් තැන් වල එක එක සලකුණු කරලා තියෙන්නෙ ඒ කාලෙ පලාත්, වසම් එහෙම හඳුනගන්න.. එහෙම නැතුව එතන නිධානයක් තියෙනව කියල නෙවෙයි... අපේ පුරාණ කොඩි එහෙම දැකලා තියෙන කෙනෙක්ට මේකෙ ඇත්ත නැත්ත තේරෙයි...
අපේ පැරණි මිනිස්සුන්ගෙ දක්ෂකම් වලට ඕනෙතරං උදාහරණ තියෙනව වගේම, නිදන් හොයන්න ගිහින්, පුපුරවල විනාස කරපු පැරණි වැසිකිලි පද්ධතියක් එහෙම තියෙනව අපේ මිනිස්සුන්ගෙ මෝඩකම් වලටත් නිදර්ශන විදියට...
( ඒ වෙලාවෙ මට හිතුනෙ අනේ අපේ ඉතිහාසෙ උගන්නපු උන්නාන්සෙලා ඒ විදියටම මුල ඉඳලම ඉගැන්නුවනං ඔය නිදන් වදුල් කතා එහෙම්මම අහෝසි වෙලා මේ පැරණි ස්ථාන ටික ආරක්ෂා වෙනව නේද කියල... )
|
|
යම්තම් මතු කරගෙන, ඒත් තාම සංරක්ෂණ කටයුතු පටන් අරන් නැති කොටසක්... මේ මුලම හරියෙ හම්බුවෙන නටඹුන්... |
|
මේ හරිය ආරාම සංකීර්ණයක් වගේ තියෙන්නෙ... අනුරාධපුරේ වගේ... ක්‍රි.පූ. 1-2 සියවස් වලට අයිතියි කියල සැලකෙනවලු.... |
|
මේ කොරවක්ගලේ කැටයම් තාමත් හොඳට පේන්න තියෙනව... |
|
පඩියක කොටල තියෙන කැටයම්... |
|
උපුල් කියන හැටියට මේවා මුලම කාලේ ගල් කණු... දාර එච්චරම ෂාප් නෑ.. හැඩය පවා ඒ තරං හොඳට අරගෙන නෑ.. |
|
මේ ටිකක් පහුවෙලා කරපු නිර්මාණ.... මේ ගල් කණුවල දාර හරිම තියුණුයි... |
|
මේ වැඩ වලට ගල් සපයා ගෙන තියෙන්නෙත් මේ හරියෙන්මයි කියල හිතෙන සාධක තමයි මේවා...
මේ ගල් කොටස් වලට වෙන් කරගන්න යොදා ගෙන තියෙන තාක්ෂණය ගැන සාධකත් තියෙනව... |
|
ඔය පේනවා නේ කට්ට කැපුවා වගේ ගලක්... අන්න ඒක තමයි ඔය ගල් කණු වලට, ලොකු ගල් කොටස් කරගත්ත තාක්ෂණය හොඳටම පේන තැන... අපිට තේරෙන්නෙ නෑ හලෝ.. ලොක්කන්ට තේරෙනව ඇති.. හි හි.... |
|
මේ පඩිපෙලට අත්වැටකුත් තිබිලා තියනව... අම්මෝ.. මේක නං හරි කෙලින් තියෙන්නෙ... අපේ කස්ටිය මේක බැස්සෙ බඩගාගෙන... හි හි... |
|
බුදු පිළිමෙ යට කොටස... සිවුරේ රැලිත් යන්තම් මතු කරලා තියෙනව.... |
|
මේ තියෙන්නෙ මේ කොටසෙන් හොයාගෙන තියෙන වැදගත්ම දෙයක්... වැඩ අවසන් නොකළ හිටි බුදු පිලිමය... |
මේ බුදු පිළිමෙ වැඩ අවසන් නොකරපු එකක්... හිටි පිළිමයක් විදියට නිර්මණය කරලා තිබුනත් පිහිටි ගලෙන් වෙන් කරගෙන නෑ.. සමහර කොටස් වල කැටයම සලකුණු කරලා විතරයි... තවම සංරක්ෂණ කටයුතු පටං අරං නැති හින්ද මම මේකෙ වැඩිය ෆොටෝ දාන්නෙ නෑ... මේ නිර්මාණ වලට යොදා ගත්ත තාක්ෂණය ගැනත් හොඳ සාධක මෙතන තියෙනව...
(උපුල් කියන හැටියට මේ බිමේ සංරක්ෂණ වැඩ වලට ඇමරිකන් ප්‍රොජෙක්ට් එකකින් උදවු කරන්න ඉල්ලලා තිබුනත් දැනට ඒකට අවසර දීලා නෑ.. එක පැත්තකින් මේ තාක්ෂණයටත් කොතල හිඹුටු වලට වෙච්ච වැඩේ වෙයිද කියන ප්‍රශ්නෙ බොහෝ දුරට බලපාලා තියෙනව... අනිත් පැත්තෙන් අපේ අය මේ වෙනකොට කරලා තියෙන දේවල් දැක්කම නං ඇමරිකාවටම දීලා දාන එකත් හොඳයි කියල හිතෙනව... නූගත් මිනිස්සුන්ගෙ නිදන් හෑරිලි එක්කම, උගත් මිනිස්සුන්ගෙ පණ්ඩිත වැඩ හින්ද විනාස වෙච්ච තැනුත් හරි හරියට තියෙනව..)
|
ගල් පාත්‍රය..
මෙන්න මේක නං විශ්වකර්ම වැඩක්... මේ ගල් පාත්‍රය ඇතුලට ලේසියෙන් තුන් දෙනෙක්ට විතර බහින්න පුළුවන්... මේ වගේ ගල් පාත්‍ර කීපයක් තියෙනව.. සමහර ඒවා ගොඩක් කැඩිලා... මේවා තිබිලා තියෙන්නෙ ගල් කණු හතරක් උඩ... මේවා හදලා තියෙන්නෙ උඩ තියෙන දිය පීල්ලෙන් එන වතුර එකතු කරගන්න පුළුවන් වෙන විදියට.. පීල්ලෙ විස්තරේ දාන්න වෙන්නෙ ඊළඟ පෝස්ට් එකට තමයි...
|
|
මේ තියෙන්නෙ දැනට සංරක්ෂණය කරගෙන යන කොටස්.... |
|
මේ දැනට හම්බවෙලා තියෙන උළු කැට එකතු කරලා තියෙන තැනක්... |
මේ පෝස්ට් එකට ඇති වගේ පින්තූර.. නේ.... මටත් හති... හි හි... පෝස්ට් එක ලියන්න හිටියෙ මීට කලින්.. ඒත් වෙලාවක් නැති උනා... අනිත් එක අපේ ගමනේ දෙවනි දවස වෙලා තියෙද්දි, අපි දෙන්නටම කැමරා චාජර් අරං යන්න මතක නැති වෙලා තියෙද්දි, ඒ මදිවට අපේ කැමරාවෙ එච්චර ලොකු මෙමරියක් නැති හින්ද ෆොටෝ ගාන ලිමිට් කරන්න උනා.. මං බැලුවෙ අපේ අනිත් උන්ගෙ ෆොටෝ ටිකත් එකතු කරගන්න.. ඒ වැඩේ කෙරෙන පාටක් නෑ... මං ඔන්නොහෙ අපේ කැමරාවෙ තිබ්බ ෆොටෝ ටිකෙන් පෝස්ට් එක දානව...
ඔයාලත් ට්‍රිප් එකක් යනව නං මේ පැත්තෙ, අනිවාර්යයෙන්ම රජගල යන්න... දැනට ලොකු සංචාරකයො ප්‍රමාණයක් එන්නෙ නැති නිසා ප්ලාස්ටික් ප්‍රශ්නෙ එච්චරම තදට නෑ.. ඒ උනාට අනේ ඕගොල්ලො ගිහිල්ල විනාස කරල එන්න එපා හොදේ..
බෙබේලා යනව නං කන්දට බොන්න උස්සං යන්න ලෑස්ති වෙන්න එපා.. නවාතැනේදි ඒ හරිය කරගන්න... මෙතනට තමන්ගෙ ගමේ පන්සලට, නැත්තං පල්ලියට, එහෙමත් නැත්තං තමන් ගරු කරන වෙනයම් සිද්ධස්ථානයකට දෙන ගෞරවයම දෙන්න උත්සාහ කරන්න...
|
තව දෙයක්... මේ ගල් දිගේ බඩගාන්න ස්පෝට්ස් ෂූස්, ඩෙක් ෂූස් අරවා මේවා ඕනෙ නෑ...
ඒව ඇත්තටම ලෙස්සන ගතිය වැඩියි... ... අනිත් එක මේකෙ කූඩැල්ලොත් නෑ..
ඒක නිසා මට නං තේරුනේ මේ මං දාං ගිය රබර් සෙරප්පු දෙක හොඳටම ඇති කියල...
|
ඉතුරු කොටස දාන්නං ඈ.. වෙලාවක් හම්බුනාම....
රජගලතැන්න වගේම බුද්ධංගලත් පරණවිතාන මහත්තයාට අත තියන්න බැරි වෙච්චි තැන්.
ReplyDeleteනෑ.. මේව ඒ කාලෙදි එළිකරල තියෙනව.. ඒත් ආයිමත් කෑලෑ වෙලා යුද්ධෙ හින්ද...
Deleteපරණවිතාන මහත්තයා කියල කිව්වේ පුරාවිද්‍යාවට බං...
Deleteනියමයි හිරු ෙම් වෙග් nodanna than ona tharam thiyenawa...aluth thank pennala dunnata godak sthuthi
ReplyDeleteබොහොම වටිනවා. ඇස නොගැටෙන තැන් ගැන අපිව දැනුවත් කලට බොහොම ස්තුතියි.. ඉතුරු කොටස දමන්නට වෙලාවක් ඉක්මනටම හම්බ වේවා ....
ReplyDeleteහොඳයි මේ වගේ ප්‍රසිද්ධ නැති තැන්වල විස්තර දාන එක. හැබැයි ඉතිං අපේ උං ගිහිල්ල ඕව විනාස කරන්නෙ නැත්තං ලොකු දෙයක්.
ReplyDeleteරජගලතැන්න කොහොම උණත් මුංගෙන් අම්පාර පරිස්සං කොරගන්න බැරුව යයි ඒ පාර බං :D
Deleteහැක්... මුං සෙට් එක බැස්සොත් අම්පාරෙ උංට ඔය වැඩේ ළඟදිම නවත්තන්න වෙනව. :D
Deleteමේතරම් සියුමැලිද කලුගල්
ReplyDeleteහිතන්නටවත් බැරි නිසා
මම ගියා අව්කන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.....
කලා වැව ළග ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා.....
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා .…
ගායනය - සුනිල් එදිරිසිංහ
අැත්තටම ගිහිං නැහැ.... අදයි හරි විස්තරයක් දැන ගත්තේ
ReplyDeleteචැ..... අන්තිමට සෙරප්පු ඇඩ් එකකුත් දාලා නොවෑ.........
ReplyDeleteඉතිහාස තොරතුරුත් තිබ්බනම් හොදයි අක්කේ. තැන්ක්ස් ලිපියට
ReplyDeleteඉතිහාස තොරතුරු ටිකක් හොයල දාන්නකො ඊළඟ පෝස්ට් එකටවත් එහෙනං....
Deleteමේ ඓතිහාසික, ආගමික සහ පුරාවිද්‍යාත්මක ස්ථානය ගැන මා පාසල් යන කාලයේ අසා තිබුනත්, එහි සැබෑ වටිනාකම දැනගත්තේ, Heritage TV නාලිකාවේ මේ ගැන විකාශනය වූ වැඩසටහනකින්. හැකි ඉක්මනින් බලන්න යන්න හිතාගෙන ඉන්න තැනක්. පින්තූර 100ක් වත් ඔනෙවෙයි මෙතැන ගැන හරියට කියන්න.
ReplyDeleteමෙතනට රාස්සගල කියලත් කියනවා.
http://en.wikipedia.org/wiki/Rassagala
අර සෙරෙප්පු දැමීම මම නම් අනුමත කරන්නේ නැහැ. වියලි කාලයකදී ඒ වැඩේ හරියයි. නමුත් වැසි කාලයේදී හරියන්නේ නැහැ. ඒ වගේමයි සමබරතාව වෙනස්වූනොත් සෙරෙප්පු පැටලිලා බිම වැටී තුවාල වෙන්න පුළුවන්. පම්ප්ස් සපත්තු තමයි සාමාන්‍යයෙන් හෝ ගැලපෙන්නේ.
අපි යන දවස් වලදිත් කට්ටියක් ටීවී ප්‍රොගෑම් එකකට ඇවිත් තිබ්බ.... ප්‍රචාරයක් හම්බුවෙනව නං හොඳයි මෙතනට ඇත්තටම...
Deleteසෙෙරප්පු දැමීම ගැන නං කියන්න තියෙන්නෙ විචාරක, අපේ කට්ටිය දාගෙන ගිහින් තිබ්බ සපත්තු ජාති ගොඩක් මෙතනදි ලෙස්සන්න ගත්ත... මේ ගල් වල එච්චර තෙත ගතියක් නෑ.. හැබැයි තද බෑවුම් තියෙනව... අත්වැටවල් ඇත්තෙම නැති ගනං.... මේ වගේ ගමන් හැමතිස්සෙම යන අය ගාව තියෙන ස්පෙෂල් සපත්තු ජාති ඇරුනම අපේ අය දාගෙන යන සපත්තු ජාති ගැලපෙන්නෙ නෑ.. ඒ වගේම මේ සංචාරකයන්ට යන්න දෙන හරියෙ තද කැලේකුත් නෑ.. ගොඩක් දුරට පාර එළිකරලා තියෙන්නෙ... කකුලෙ වැදිලා තුවාල වෙන තැන් එහෙම ඇත්තෙම නැති තරං... අපේ කට්ටියගෙ ඩෙක් ෂූස්, කැන්වස් ෂුස්, ස්පෝට්ස් ෂුස්, පොඩ් උන්ගෙ සැන්ඩ්ල්ස් ඔක්කොම ලෙස්සන්න ගත්ත.... සමහර ඒවා කැඩිලම ගියා... උපුල්ම තමයි කිව්වෙ මේ ගල්තලා වලට හරියන්නෙ මේ වගේ සෙරප්පුම තමයි කියල... ඒකයි මම මේක විශේෂයෙන්ම දැම්මෙ...
අපිට ඉතින් යන්න වෙන්නේ නැති හන්දා මෙහෙම විස්තර කියවන්න තමයි තියෙන්නේ..
ReplyDeleteමම ඔය රජගල තැන්න ගැන මුලිම්ම දැක්කෙ අපේ සුලාගෙ බ්ලොග් එකේ. අද පොඩ්ඩක් ආයි සර්ච් කරාම මෙන්න මේ සයිට් එකේ පින්තූර මහ ගොඩක් තියෙනව දැක්ක.
ReplyDeleteතිබ්බ ආන්ඩුවෙ සෝභන විවෘතකිරීම් වලට වියදම් කරපුව දෙකක් ඇති මේක ගොඩ දාගන්න. කොහෙද, එහෙම මොළයක් තිබ්බනම් පරදීවියැ!
ලස්සන විස්තරයක් හිරු. යන්න ආසා හිතුන වෙලාව. ස්තූතියි! වටිනා විස්තරයට.
ReplyDeleteදෙවෙනි පින්තූරෙ ඉන්න පෙණ පහේ නයා ඒ කාලෙ සළකල තියෙන්නෙ ජලයට අධිපති හැටියට. මහවැලි අධිකාරියෙ නිල ලාංඡනය විදිහට ඔය රූපෙ තෝරගත්තෙත් ඒ හින්දමයි.
ReplyDelete/ අනුරාධපුරේ වගේ... හැබැයි මේවා අනුරාධපුරේට වඩා පරණයි... ක්‍රි.පූ. 1-2 සියවස් වලට අයිතියි කියල සැලකෙනවලු.... /
අනුරාධපුරේට වඩා පරණ වෙන්න බෑනෙ බොල...අනුරාධපුරේ ක්‍රි.පූ. 4 වන සියවසේ..
මට හිතුනෙත් අනුරාධපුරේට වඩා පරණ වෙන්නේ කොහොමද කියලායි.?ඔය අම්පාරේ රජගලම නේද මිහිදු හාමුදුරුවන්ගේ භාශ්මාවසේශ තියෙන්නෙත්.
Deleteමල මඟුලයි... මට මතක එහෙමයි... මං ඒක අහලම කියන්නං.... අනුරාධපුරේටත් කලින් හදපු එකක් කියල කිව්ව මතකයි... ඔය ක්‍රීපූ කෑල්ල හරියටම මතක නෑ ...
Deleteමමත් අහලා තිබ්බට ගිහින් නැති තැනක් . ගිහින් ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට තැන්කිව් හිරු.
ReplyDeleteආ හිරු අක්කේ... කොහොමද..?
ReplyDeleteමමත් අම්පාරේ යන්න ඕනේ කියල තාම යනවා අවුරුදු ගානක් තිස්සේ...
අපිත් ඔහොම තමා අෆ්ෆා.. අවුරුදු ගණන් තිස්සේ ට්‍රිප් යනවා.. අපේ දහම් පාසලේ ට්‍රිප් එක දැන් අවුරුදු 12ක් තිස්සේ යනවා අනුරාධපුරේ..
අපේ ට්‍රිප් යන සෙට් එකත් අම්පාරේ රජගල යන්න කතා වෙලා ඉන්නවා කාලෙක ඉඳගෙන. හැබැයි යන්නේ කෑම්පින් පාරකට. මෙතැනද තැන කියලා හරියට මතක නෑ.
ReplyDeleteඅම්පාර පැත්තට යනවා නම් පොල්වගා ජනපදයෙ ඔවාගිරිය විහාරය කිට්ටුව තියෙන චන්ද්‍රකාන්ති පාශාණයෙන් හදපු හිටි පිළිමය බලන්න. මම අන්තිමට ගිය වතාවෙ මේ පිළිමය බලන්න යන්න රාත්‍රියේ ස්වාමීන් වහන්සේ නමක් කථා කලත් මම ගියේ දවල් කාලයේ...රාත්‍රියට චන්ද්‍රකාන්ති පාශාණ එළිය විහිදුවනවලු...ඒ නිසා පිළිමය හරිම ලස්සනට පේනවලු...මේ දර්ශනය ඊලග වතාවෙ මම බලන්නයි ඉන්නෙ. මගේ පරණ ලිපියක මේ ගැන ලියලා තියෙනවා ඡායාරූපයක් සමගම.
ReplyDeleteමෙන්න හොයා ගත්ත විවේචකයාගේ බ්ලොගය. ලබන පාර ලංකාව ට ආවහම යන් ඕනේ තැනක්. දැන් මේක කොපි ඇන්ඩ් පේස්ට් කරාට කමක් නැත්ද? හැබැයි අපි ලින්ක් දානවා කොහොමත්. අර කිව්වත් වගේ ඉතිහාසයත් ටිකක විස්තර කලා නම් හොඳයි . හැබැයි එතකොට පොස්ට් එක දිග වැඩි වෙනවා.
ReplyDeleteහරි ආස හිතුන එතන බලන්න යන්න. ආ..... ඒ වගේම ලස්සන ඈඟිලි!
ReplyDeleteකියවල ඉවරවෙලා දවස් කීපයක් උනත් කමෙන්ට් එකක් කොටන්න බැරි උනා.
ReplyDeleteබලන්න යන්න වටින තැනක්...
පුළුවන්නම් අර උපුල් කියන කෙනාගේ දුරකථන අංකයක් දානවද.
ඒක ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. උපුල් ටත් ඒකෙන් වාසියක් මිස පාඩුවක් වෙන්න විදිහකුත් නැහැ නේද.
http://nelumyaya.com/?p=1742
ReplyDeleteබුදුන් දවස රජගහනුවර මේක කියලා තමයි කියන්නේ...එතකොට මේක අනුරාධපුරයට වඩා පරණයි....රජගල,රිටිගල, බුදුගල සමකාලීනයි..
ReplyDeleteමේ කොමෙන්ටුවට මට හිනා යනවා... සොරි ඈ
Deleteසංචාරක සටහන් හැමෝටම ලියන්න බෑ. සංචාරක සටහන් කියවන පාඨකයට මැවෙන්න ඕනේ තමන් ඒ ස්ථාන වල ඉන්නවා වගේ. නීල් විජේරත්න එහෙම සංචාරක සටහන් ලියන ප්‍රසිද්ධම ලේඛකයෙක්. ඔයාත් ඊට දෙවෙනි වෙලා නෑ. දිගටම ලියන්න යාළු අපි කියවන්න එනවා
ReplyDeleteඅපිත් යන්න ඕන සෙට් වෙලා.. ළඟ පාත දිය ඇල්ලක් එහෙම නැතෙයි ?
ReplyDeleteඅපූරු විස්තරයක්...
ReplyDeleteයන්න ආසයි. බලමු
මං හිතන්නෙ ඔයාල නැවතිච්චි තැන හැමෝටම නවතින්න බැරුව ඇති නෙ. මරු සෙරෙප්පු දෙක. කීයයිද?
ReplyDeleteයන්නම හිතෙන තැනක්. අගේට ලියල තියෙනවා. තොරතුරු සමුදායක් එක්ක අපූරු ෆොටෝ පෙළක්.
ReplyDelete