Friday, February 27, 2015

ආයිත් කොළඹ පේමන්ට් වල පෙට්ටි කඩ ගහනවට අපි කැමතිද... ?

මට මෙහෙම හිතුනෙ අද උදේ පත්තර කතන්දර බලනකොට කියපු කතාවක් හින්ද... ඔය කොළඹ නගරාදිපති මුසම්මිල් කියන බූරුව... මම එහෙම කිව්වට ඉතිං කරන්න දෙයක් නෑ... මූ කරන්න යන වැඩේට මූට බූරුව කියල මදි... හෙට අනිද්ද ඡන්ද ටික ගොඩ ගන්න පේමන්ට් වෙළදාමට ඉඩ දෙන්න යනවට පොලිස්පති විරුද්ධයි කියල පත්තරේක තිබ්බ... ( මට පත්තරේ මොකද්ද කියල අහගන්න බැරි උන හින්ද නෙට් එකෙන් හොයාගන්න බෑ වගේ...) 

මම නං කාලෙකින් කොළඹ පැත්තෙ ගිහින් නැති හින්ද මේ ගැන දිනපතා අත්දැකීම් නැති උනත් අපේ ගෙදර තුන් හතර දෙනාම එක පාරටම මේක ඇහුනම කිව්වෙ  ආ... ඔන්න පටං අරන් කියල.... 

මහින්දට ඡන්දෙ දුන්න හැම දෙනාම වගේම මම හිතන්නෙ ඒ ඡන්දෙ දුන්නෙ සල්ලි ගසා කාලා හරි කරගෙන යන නගර සංවර්ධන වැඩපිළිවෙලවල් දිගටම කරගෙන යන්න ඕනෙ කියල හිතල කියල... මොකද දැන් නැවැත්තුවොත් වෙන්නෙ ණය විතරක්ම ඉතුරු වෙන එක නිසා... අනිත් එක ගොඩක් දෙනාට හොද වැටහීමක් තිබ්බ ආණ්ඩු මාරුවක් උනොත් ටීවී වල නිවේදක විවේදිකාවො මාරු වෙලා, ස්ටයිල් එක කණපිට ගහනව වගේම මේ වැඩපිළිවෙලවල් වලටත් කෙල වෙලා යන බව.. අතීත අත්දැකීම් හින්ද වෙන්නැති... 

ඔය හතර වටේ පිට්ටනි වල ගල් අල්ල අල්ල යන වැඩේට මගේ එච්චරම කැමැත්තක් තිබ්බෙ නැති උනාට ඇත්තටම පේමන්ට් ටික සුද්ද බුද්ද කරලා දාලා ගල් ටිකක් අල්ලල පිලිවෙලක් කරනවට නං මං හරියට කැමති උනා.. හේතුව තමයි කොළඹ නගරයෙ තිබ්බ අපිලිවෙල අපි ඇහින් දැකල තිබ්බ නිසා... කොටුව ස්ටේෂන් එක හරියෙ, ආමර් වීදිය හරියෙ එහෙම පාරෙ යන්න තිබ්බ අමාරුව දන්නෙ ඉතිං අපිනෙ.. ( ධර්මපාල මාවත හරියෙ නං එකක් දෙකක් පෙට්ටි කඩ මිසක් එච්චරම පේමන්ට් හිර විල්ලක් තිබ්බෙ නෑ... ඔන්න සලාකා එක හරියෙ නං තිබ්බ..) 

කොහොම උනත් කවුරුවත් ඔප්පු කරල පෙන්නලා, කියල දෙන්න ඕනෙ නැති දෙයක් තමයි ඔය කොළඹ තිබ්බ මුඩුක්කු ගෙවල් තියෙන කොටස්, පේමන්ට් වල දාගෙන ඉන්න නීති විරෝධි කඩ අයින් කරන්න කිසිම ආණ්ඩුවක් උත්සාහ කළේ නැත්තෙ එකක් ඕවයෙ ඡන්ද ටික තියා ගන්න ඕනෙ නිසා.... අනිත් එක ඕවයෙන් එන (නීති විරෝධී) ආදායම් මාර්ග නිසා... 

එක ඇමතිවරයෙක් එයාගෙ ඇමතිකම ප්‍රයෝජනයට අරන් පුළුවන් තරම් එයාගෙ ඡන්ද දායකයෝ වරායට ඇතුල් කරපු කාලයක් තිබ්බ... ඒ කරපු ගොන් වැඩේ ප්‍රතිඵලත් පහුගිය යුද්ධ කාලෙ එහෙම හොදට දකින්න තිබ්බ... අධ්‍යාපනයක් නැති. සුදුසුකම් නැති, පලපුරුද්දක් නැති ඒ වගේ මිනිස්සු දන්නෙ නිකං ඉදං ගන්න පුලුවන් දේ ගන්නයි, ඒක නොදී හිටියම වර්ජනය කරන්නයි, හර්තාල් කරන්නයි, කරන්න යන හරි දෙයක්වත් කරගන්න දෙන්නෙ නැතුව බාල්දි පෙරලන්නයි විතරයි.... 

දැං මේ උන්දැ කරන්න හදන්නෙත් ඒ වගේම බූරු වැඩක් තමයි මට හිතෙන්නෙ.. 

හදල තියෙන දෙයක්වත් රැකගන්න බැරි මේ වගේ බූරුවොන්ට ඡන්දෙ දෙන අයට මොකද්ද කියන්න ඕනෙ කියල මං මේ කල්පනා කරන්නෙ.... 

ප/ලි : මේ ටිකේ මගේ ආදරණිය කොම්පීතර රාජයට නිවාඩු දෙන්න සිද්ධ වෙලා නිසා ලැපා මල්ලි විතරයි ඉන්නෙ... මට මේක තාම හුරු නෑ... අනිත් එක මේකට කොටන්න මල කම්මැලියි... මේ දවස් ටිකේ බ්ලොග් ලියන්න තියා කියවන්නත් ඊට වඩා කම්මැලියි.. ඒත් මේක ලියන්න ඕනෙ කියල හිතුන නිසාම ඔන්නොහ ලියල දැම්මෙ... මීට වඩා ලියන්න හිතාගෙන ඉන්න දේවල් කීපයක් තියෙනව.. එකක් තමයි රජගල ගියපු කතාව... ඒත් ෆොටෝ ටික කොම්පීතර රාජයගෙ තියෙන්නෙ.. ඒක නිසා ඒ කතාව පස්සෙ තමයි ලියන්න වෙන්නෙ....

46 comments:

  1. ඔය සාම්පල් විතරයි වැඩ තියෙන්නේ පස්සට , උඹත් දුන්නා නේද දැන් ඉතින් හුල්ල හූල්ල ඉදහං

    ReplyDelete
    Replies
    1. මොකෙක් හරි ආණ්ඩුවට බනිනකොට අටමගේ ඉහේ මලක් පිපුන වගේ.. හැක් හැක්..

      Delete
    2. අනේ මන්ද බං මොකද කියල , සසර පුරුද්දටද කියල , මං මහින්දට හෙන ආදරෙයි බං , ..නැ එක්කෝ මයේ පෙරකල පවක්ද කොහෙද සැරින් සැරේ උඹලගෙන් බැනුම් අහන්ඩ

      Delete
    3. ගණන් ගන්න එපා බන් අටමෝ.

      අපිත් මහින්දට ආදරෙයි. එකනේ ටිකක් තරවටු කලේ.

      Delete
    4. ඔය එකෙක්ට වත් අමුතු අාදරයක් ඕනෙ නෑ.... 51%-49% වෙලා පත් වෙලා ආවත් ඒ ආපු කෙනා රටේම පාලකය... එතකොට ජන්දෙ දුන්නු කෙනා සහ නොදී හිටපු කෙනා කියන එකෙන් වැඩක් නෑ.... කරන්න ඕනෙ හරි දේ... නොදුන්න එකා සහ දුන්න එකා කියන දෙන්න බලන්න ඕනෙ කරනවා කියන දේ හරියට කරනවද, නොකෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවද කියන එක.... ඒක නොකර එකා එකා කා ගත්ත කියලා වාසි වෙන්නෙ ඔය අමුතු ආදරේ මාකට් කරගෙන බලේ ගත්ත එවුන්ම තමයි...

      Delete
  2. //හෙට අනිද්ද ඡන්ද ටික ගොඩ ගන්න පේමන්ට් වෙළදාමට ඉඩ දෙන්න යනවට පොලිස්පති විරුද්ධයි කියල..// යහපාලනේ.. මුසම්මිල් ට ඕනි උනාට හිතුමතෙ කරන්න බෑ.. ඔන්න ඕකනේ හිරූ වෙනස.. වරදිලාවත් ඔය වගේ එකක් පහුගිය කාලෙ රාජපක්ශ කෙනෙකුට හිතිල තිබ්බනම් පොලිස්පති නෙවෙයි දෙයියන්නාංසෙ විරුද්ද උනත් අඩුම තරමින් ඒක පත්තරේකින්වත් කියනවද? ඩෝන්ට් වොරී.. බී පොසිටිව්..

    ReplyDelete
    Replies
    1. පොලිස්පති විරුද්ධ උනත් ඕක නොකෙරේවි කියල මට නං විශ්වාසයක් නෑ ...

      Delete
  3. ඕක දැන් මෙහෙමනේ හිරු.. මහින්ද මහත්තයා පේමන්ට් කඩ නෙමෙයි.. පාරවල් වහලා පේම්නට් කඩ දැම්මත් කිචී අවුලක් නෑ ජහ මනයට.. (පිටකොටුවේ බෝධිය ගාව පාර වහලා පේමන්ට් කඩ දැම්මේ. ගමේ ගොඩේ පොඩි පොඩි දේ ගෙනත් විකුනපු අම්මලා එලවලා, ෆ්ලෝටින් මාකට් දැම්මා. අද එක සොහොන් පලක්.) පිටකොටුවේ තියෙන අනන්‍යතාවය සහ ඕනම නඟරයක් තියෙන ලාංකිය අනන්‍ය තාවය තමයි පේමන්ට් කඩ. ඒවා නැති වෙන්න ඕන තමයි. ඒත් බලහත්කාරයෙන් නෙම්යි. ආර්ථික දියුණුවෙන්. ත්‍රී විලරුත් අයින් කරන්න ගියේ මහා මාර්‍ග වලින්, නමුත් ඒක වැලකුනා. ඔයාලට තමන්ගේ කඩ්යක් තියෙන නිසා දුප්පත් මිනිහගේ දුක වේදනාව දැනෙන්නේ නෑ. උන්ගේ බඩ ගින්නත් බඩගින්නම තමයි. අපි අකමැති නම් ඒවා මග ඇරලා යනවා මිසක්. ඒ මිනිස්සුන්ගේ බඩට ගහන එක නෙමෙයි කරන්න ඕන.

    දැන් ඔය පෝට් සිටි එකත් එහෙමනේ. මහින්ද කරන කොට මුළු ළෝකයෙම ආස්චර්යය. රනිල් කරන කොට ළෝක විනාශයේ ආරම්බය.. මේවට හිකෙන් පුනා වෙනු ඇර වෙන දෙයක් කොරන්න නෑ හිරු..

    ReplyDelete
    Replies
    1. මහින්ද කරන කොට මුළු ළෝකයෙම ආස්චර්යය. රනිල් කරන කොට ළෝක විනාශයේ ආරම්බය.

      ඔහොම නෙමෙයි බං ඕක කියන්නේ

      රනිල් කරන කොට මුළු ළෝකයෙම ආස්චර්යය.මහින්ද කරන කොට ළෝක විනාශයේ ආරම්බය.

      ඔන්න ඔහොමයි

      උන්ගේ චුන්
      උන්ට චූන්
      මගේ චුන්
      මටම චූන්

      Delete
    2. මාතලන් පෝට් සිටි එකට එදත් විරුද්ධ නෑ.. අදත් විරුද්ධ නෑ..

      Delete
    3. ///දැන් ඔය පෝට් සිටි එකත් එහෙමනේ. මහින්ද කරන කොට මුළු ළෝකයෙම ආස්චර්යය. රනිල් කරන කොට ළෝක විනාශයේ ආරම්බය.. මේවට හිකෙන් පුනා වෙනු ඇර වෙන දෙයක් කොරන්න නෑ හිරු..///

      මාතලන් විරුද්ධ නැතත් රනිල් ඇතුළු මැට්ටන් බහුතරයක් ජන්දයට පෙර ඒවා හොඳ නැති බවත් තව තවත් මෙව්වා ඇති බවත් කීවෝය...
      ඒවා නොදන්නා ගානට මාතලන් උන්ගේ සුදු හුණු ගාන්නට කතා කරන්නේ ඔය හිනා වෙනවා කියපු අවයවයෙන්දෝ කියා සිතේ.
      පශ්තාත් භාගයෙන් හිනා වෙන්නට හැකි මාතලන්ට එයින් කතා කිරීම යනු සුළු දෙයක් වනු ඇත.

      මාතලන්ට පමණක් නොව මා හටත් මේවා(පෝට් සිටි වැනි ව්‍යාපෘති) මොන යකා කළත් හොඳ වැඩය. කළයුතු වැඩය.

      Delete
    4. තැනක අනන්‍යතාවය කුණු ගොඩක් උනොත් අපි ඒක අනන්‍යතාවය කියල දිගටම තියාගෙන ඉන්න ඕනෙද...? පේමන්ට් කඩ නෙවෙයි අනන්‍යතාවය, ඒ් මාකට් එක.. ඒ මාකට් එක තිබ්බ තැන වෙනස් උනාම තැන හොද තැනක් නං ඉස්සරටත් වඩා හොද අනන්‍යතාවයක් ලැබෙනව... මුලදි ආදායම අඩු වෙනව... හැැබයි ඒක කාලෙකින් හරි යනව.. ඒක වෙළදාමෙ හැටි..... ඉස්සර මාලු මාකට් එක කුණු ගද ගහන ජරා ගොඩක් කියල අනන්‍යතාවයක් තිබ්බ... ඒක එතනින් අරං ගිහින් බිල්ඩිමක් ගහල දුන්න.. ඇත්ත.... කාලයක් යනතුරු අර තිබ්බ ආදායම හදා ගන්න අමාුරුයි... වෙළදාම් කරන මිනිස්සු ඒ ඇත්ත දන්නව... ඒත් ආණ්ඩුවට බනින්නෙ හොද තැනක් දුන්න හින්ද නෙවෙයි.. ඉස්සර තිබ්බ ආදායම අඩු වෙලා කියල...

      අපිටත් කඩයක් තියෙනව... දැනට රෙන්ට් එකට ඉන්න තැන ගාන පොඩියි, අපිට පහසුයි හින්ද අපි එතන ඉන්නව.. කලින් ලෑස්ති කරල තිබ්බ ඒ ඉස්සරහා පාර හදන්න.. පාර හදන්න නං අපේ කඩේ සම්පූර්ණයෙන් කැඩෙනව... ( දැනට ඒ පාරේ ගොඩගමින් බඩදරු අම්ම කෙනෙක් බස් එකට නැග්ගොත් පාදුක්කෙන් බහිද්දි බබා හම්බුවෙලා. ඒ තරං ජරා කාපට් දැමිල්ලක්... දැං නං ඒ පාර හැදෙන්නෙම නැති පාටක් තමා තියෙන්නෙ..) අපි වෙන තැනකට ගියොත් ආයිත් මුල ඉදලම කස්ටමර් බේස් එකේ ඉදලම අපි හදාගන්න ඕනෙ.... දැං ලැබෙන ආදායම එකපාරටම අඩු වෙනවා... ඕක ඕනෙම වෙළදාමක් කරන කෙනෙක් දන්න දෙයක්... නමුත් කඩේ කඩලා, පාර අලුතින් පිලිවෙලකට හදල, ආයිත් කඩේ හැදුවොත්...? ටික කාලයකින් ආදායම තවත් වැඩි වෙනව... පාර හොද නිසා ඒ පැත්තෙන් යන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනව... දැනට ගොඩක් දන්න අය ඒ පාර මග ඇරලා හයිලෙවල් එකෙන් තමයි පාදුක්ක නගරයට එන්නෙ... පාරෙ වරුණාව ඒ තරං ප්‍රසිද්ධයි...

      මේවගෙ පැති කීපයක් තියෙනව... ඇත්තම කතාව අපි හරියට යමක් ඉගෙන ගත්තෙ නැති, කුඩුකාරයන්ටයි, හොරුන්ටයි මේවා පාලනය කරන්න බලය දීලා බලාගෙන ඉන්නකං, අපිට උන්ගෙන් ගොන් උත්තර තමයි හම්බුවෙන්නෙ...... දැනට ඉන්න සෙට් එකම ඔය ජාතියෙ ගොන්නු සහ පොට්ටනිකාර කම්පැනිකාරයො.... කම්පැනිකාරයන්ට මොලේ තිබ්බත් උන් ඒ මොලේ පාවිච්චි කරන්නෙ තමන්ගෙ බඩ වඩා ගන්න විතරයි... අනිත් උන් හොරු.. උන් දන්න දහංගැට ඔක්කොම දාලා තමන්ගෙ බඩ පුරෝ ගන්නවා... එතනින් එහාට මේ ගැන කතා කරලා වැඩක් නෑ....

      Delete
  4. මහින්දට ඡන්දෙ දුන්න හැම දෙනාම වගේම මම හිතන්නෙ ඒ ඡන්දෙ දුන්නෙ සල්ලි ගසා කාලා හරි කරගෙන යන නගර සංවර්ධන වැඩපිළිවෙලවල් දිගටම කරගෙන යන්න ඕනෙ කියල හිතල කියල...//
    මහින්දට ඡන්දෙ දුන්න බහුතරයක් දන්නව හොරාකන එක ගැන. හොරා කාල හරි පාරවල් හැදෙනවට නගර සංවර්ධනය වෙනවට මිනිස්සු කැමතිවුනා. සංවර්ධනය නතර වෙනවට කැමතිවුනේ නෑ.
    ඒ වගේම මහින්ද හිටියනම් උතුරෙ මැස්සෙක්වත් පියඹන්නෙ නෑ කියල බුකියෙ දාල තිබුන. ඒකෙන් මිනිස්සු ශක්තිමත් පාලනයක් බලාපොරොත්තුවුනා. එහෙම තමයි සාමාන්‍ය ජනතාව හිතුවෙ.
    නමුත් දැන් හොරුත් නෑ වැඩත් නෑ වගෙ
    බුකියෙ කවුදෝ කියල තිබුන රටේ පලුවකුත් නෑ කියල ඒක නම් මන්ද ඉතින්

    ReplyDelete
    Replies
    1. දැනට නං රටේ පලුවකුත් නෑ නෙමෙයි
      හැබැයි අපි මැරෙන්ඩ කලින් බලාගත හැකි

      කමක් නැ බං මහින්දව එලෙව්වනේ

      Delete
    2. මහින්ද යවපු එක සාධාරණයි.මහින්ද යම් විදියකින් දිගටම හිටියා නම් රටෙන් කොටසක් කොහොම වෙතත් ගෝඨාගේ අණට අපිට ලෙෆ්රයිට්,ලෙෆ්රයිට් කර කර ඉන්න තිබ්බා.

      Delete
    3. //ඒ වගේම මහින්ද හිටියනම් උතුරෙ මැස්සෙක්වත් පියඹන්නෙ නෑ කියල බුකියෙ දාල තිබුන. //

      මාෂල් ටිටෝ මලාට පස්සෙ උගේ රටට උනේ මොකද්ද කියල උඹට මතක් කරන්න ඕනෙ නෑනෙ?

      Delete
    4. දේශපාලුවො කරන්නෙ හොරා කන එක තමයි... මොකද කිව්වොත් එයාලට ඒ වාසිය අපේ රටවල තියෙන විනිවිදභාවයක් නැති ක්‍රමයයි, පක්ෂ වලට මරා ගන්න, බත් මුලට රස්සාවට ඡන්දෙ දෙන ඡන්ද දායකයොයි පහසුකම් සලස්සලා දීලා තියෙන හින්ද...

      Delete
  5. උඩ දා ගෙන ගිහින් My3 ට දුන්නනෙ.... දැන් ඉතින් හොරි කසපිය.. ගිනි පිඹපිය....

    ReplyDelete
    Replies
    1. කවුර කාටද ඡන්දෙ දුන්නෙ කියන එකෙන් වැඩක් නෑ... කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පත් උන කෙනා කරන හොද වැඩ නරක වැඩ ගැන ප්‍රසංශාව හරි විවේචනය හරි, හරියට කරන එක මිසක්.....

      Delete
  6. aruuta waradinakota muuta,muuta waradinakota aruuta.....mehemath ratak

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේ රටවල් හැමදාම කුණු ගොඩේ තියෙන්නෙ...

      Delete
  7. කාළෙකින් ආවේ හිරු අක්කේ. ලිපියේ උද්වේගකර බාවය හමුවේ මගේ කමෙන්ට් එක නොදා යමි :D

    ReplyDelete
  8. පේව්මන්ට් කඩ කරන අහිංසකයන්ගෙන් ගසාකාපු ලෝක හොර මහින්දයා දැන් අත්අඩංගුවේ. පේව්මන්ට් සංස්කෘතිය ලෝකයේ කොයි රටෙත් තියනවා. නමුත් එය මහජන මතයට ඉහලින් නොයන සේ තැබීමට වගබලාගැනීම පාලකයන්ගේ යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වගේ පජාත මට්ටමේ පේමන්ට් ඉවත් කළයුතුයි.
      උන් පේමන්ට් එකේ කඩ දා ගත්තම මිනිස්සු පයින් යන්නේ "මහ පාරේ"
      ඒ කාලේ පේමන්ට් කඩ නිසා පයින් යන්න පුළුවන්ද. මොන රටේ පේමන්ට් කඩ තිබුනත් අපේ රටේ තිබුනේ මහ කාලකන්ණි ක්‍රමයක්.
      ඒවා ඉවත් කිරීම අසාධාරණයි කියන්න පුළුවන් මන්දබුද්ධිකයෙකුට පමණයි.

      Delete
    2. පේමන්ට් කඩ කලේ අහිංසකයෝ වෙන්න පුලුවන්.. ඒත් ඒ කඩ දාගෙන හිටියෙ ප්‍රදේශයේ දේශපාලුවෙක්ගෙ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නෙවෙයිද විචාරක...?

      Delete
  9. හිරු, ලංකාවේ ප්‍රථම වරට මැතිවරණයකදී මහජන මුදල් වියදම් කළ යුත්තේ කෙසේද හා යහපාලනය කියන දෙකම යන්තමින් හෝ කතා කෙරුනේ පසුගිය ජනපති වරණයේදී. එයම හොඳ පැත්තට එක පියවරක්.

    දැන් ජනතාව, ඔබ ඇතුළුව මෙහෙම කතා කිරීම/ලිවිම කියන්නෙත් එහිම දිගුවක්. කලින් මොන මෝඩ තකතීරු වැඩ කෙරුවත් (උපකල්පනයක් විතරයි කියමු) ගොටාභයට මෝඩයා කියල ලියනවා තියා, නම නිකම් සඳහන් කරපු බ්ලොග් සටහනක් ලියන්න පුළුවන්කම තිබුනාද? නැහෙනෙ. මා වගේ අය ලියන විට වුවත් පාඨකයන් කීවේ, ඕවා ලියන්න මෙහෙ ඉඳන් නම් බැහැ කියලා. එය ඇත්ත. වනාතේ සුනිල් හිතේ තිබුන දේ කියලා, වෙච්ච දේ මතකනේ.

    හෙමින් තමා, නමුත් දැනට පෙනෙන තියන විදිහට හොඳ පැත්තට යම් පියවරක් තබා තියනවා. ඉදිරියට යන්න පුළුවන් ජනතාව සමග පමණයි. ඔබත් එහි එක කොටස් කරුවෙක් පමණයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නෑ රයිගම ඔය කිව්ව තරං මාධ්‍ය මර්දනයක් තිබ්බ කියල.. අඩු ගානෙ සාමාන්‍ය පහල මැද පන්තියෙ හෝ ඉහල මැද පන්තියෙ මිනිස්සුන්ට දැනිච්ච මාධ්‍ය මර්දනයක් තිබ්බ කියල...සිංහල මුද්‍රිත මාධ්‍යට නං තියෙන්න ඇති... ඒත් සයිබරයට තිබ්බෙ නෑ... සයිබරය සාමාන්‍ය ජනතාව අතරට යන්නෙ නැති නිසා අඩුතක්සේරුවට ලක් කරපු එක තමයි මහින්ද සහ චක්ගෝලයෝ ටික කරගත්ත පළවෙනි ගොන්කම....ඒ උනාට ජනතාව ඇවිස්සිලා ආවෙ අන්තිම කාලෙ වැදගැම්මකට නැති කටවල් ටිකක් කියපු කතා ටිකක් හින්දම නෙවෙයි.. මහින්දගෙ බලය පාවිච්චි කරල වටේ ඉන්න උන් කරපු තකතීරුකම් සහ කාලාන්තරයක් තිස්සෙ තිබිච්ච මාධ්‍ය සංදර්ශන වලින් හෙම්බත් වෙලා එපාවිල්ලක් හින්ද..... රජකම ඔලුවට ගහලා පිස්සු නැටුවෙ නැත්තං රාජපක්ෂ උන්දැට ඔච්චර ඉක්මණට ගෙදර යන්න වෙන්නෙ නෑ මට හිතෙන්නෙ...

      ( සංවර්ධන වැඩපිළිවෙලවල් ගැන මගේ තියෙන්නෙ වෙනස් අදහසක්.... අවුරුදු 30කින් මෙහා අපේ රටේ දැනෙන සංවර්ධනයක් ඇති උනේ නෑ... එහෙම එකේ එකපාරටම පාරවල් හදන්නයි, පාක් හදන්නයි, බිල්ඩින් ගහන්නයි ගියාම මිනිස්සුන්ට දැනෙන්නෙ සංවර්ධනය නෙවෙයි... කාලාන්තරයක් තිස්සෙ ලබපු අත්දැකීම් එක්ක මෙතන නං මොකක් හරි හොරයක් තියෙනව යැයි දැනෙන ගට් ෆීලින්ග් එකක්... නීතියක්, විනිවිදභාවයක් හරියට නැති රටක චණ්ඩියෙක්ට සහ පවුල් උන්ට බලය ලබා දීමෙන් ලංකාව කරගත්ත ගොන් කම ඒකයි... යුද්ධයේ නාමයෙන් හොරකම් කරනකොට පියාගෙන හිටපු කටවල්, සංවර්ධනයේ නාමයෙන් හොරා කද්දි පියාගෙන ඉදියි කියල හිතන්න අමාරුයි... නැතුව නීතියක්, විනිවිදභාවයක් තිබ්බ රටක නං ඇත්තටම ගෝඨා කියන්නෙ හොද වැඩකාරයෙක්.... මොකද එතකොට නීතියට පිටින් යන්නවත්, හොරකම් කරන්නවත් චාන්ස් එකක් නැති හින්ද....

      හැලප කියල තිබ්බ කඩේට එන නිළධාරීන් අරකට මේකට කිය කිය දඩ ගහන එක එපා වෙලා හින්ද මෛත්‍රීට ඡන්දෙ දුන්න කියල කෙනෙක් කිව්ව කියල... ඒත් බලන්න.. නිළධාරීන් දඩ ගහන්නෙ දඩ ගහන්න දෙයක් තියන නිසා නෙවෙයිද... එකපාරක් අපේ කඩේටත් දඩයක් ගහල තිබ්බ... රුලං ටොපි වගේක මිල ගනං මිල දර්ශකයෙ තිබ්බෙ නෑ කියල.. වැරැද්ද ඒ නිළධාරීන්ගෙද, නීතිය දාපු ආණ්ඩුවෙද,අපේද...? අපි දඩය ගෙවල, මීට පස්සෙ එහෙම ප්‍රශ්න ඇති නොවෙන්න ස්ථිර මිල දර්ශකයත් හයි කළා...

      කොහොම උනත් කලින් මහින්ද වටේ හිටපු තක්කඩි හොරු සහ පොට්ටනිකාරයෝ ටිකම මෛත්‍රී වටෙත් ඉන්න නිසා මේ පාරත් අර වගේම වේ යැයි පොඩි අනාවැකියකුත් කියතෑකියෑ... හි හි

      Delete
  10. පේමන්ට් කඩ ආපහු දානව ට නං කියන්න තියෙන්නෙ මහ කුප්ප කුජීත අසංවර අසික්කිත අසෝබන වැඩක් කියලයි... අනිකත ඒව කරපු උංදලට කඩවල් දාල දුන්නනෙ ආයෙ මොන හු යන්නටද ඒව දාන්ට යන්නෙ...
    උං පේමන්ට් එකේ ආතල් ගද්දි අපි පාරෙද යන්න ඕන බං අක්කෙ එතකොට බස් යන්නෙ

    ReplyDelete
    Replies
    1. බස් යන්න ඕනේ පේමන්ට් එකේ කඩ තිබුණට කමක් නැහැ කියන මී හරකුන්ගේ ඔළු උඩින්...

      Delete
    2. ඒක තමයි ඉතිං කියන්න තියෙන්නෙ... ඇත්තටම මේ මිනිස්සු මෙච්චරම මොට්ටද..?

      Delete
  11. උදේ පත්තර කාටුන් එකක මම මේ සිදුවීම ගැන ඇඳපු කාටුන් එකක් පෙන්වනවා දැක්කා.ඒ වෙලාවේ හිරූ හිටපු දේම තමයි මටත් හිතුනේ.මුසම්මිල් කියන්නේ නොම්මර එකේ අවස්ථාවාදියෙක්.
    මිට කලින් මහින්දගේ පාලනය තියෙන කොට ගෝඨාගේ කටු කකා හිටිය එකා පහුගිය දවසක කියනවා මම දැක්කා කොළඹ නගර සභාව කරන හැම ව්‍යාපාතියකින්ම ලකුණු දාගත්තේ ගෝඨා කියලා.තමන්ගේ කොන්ද පණ නැති නිසා හෝ බය නිසා කට වහන් හිටිය මිනිහා නිසා කොයි තරම් අසාධාරණ වලට කොළඹ මිනිස්සු පත් වෙලා ඉන්න ඇතිද?

    දැන් මේ පේමන්ට් කඩවල හිටපු සමහර අයට කඩ දීලා තිබ්බත් කඩ කුළිය ගෙවන් ජීවිකාව ගෙනියන්න තරම් අදායමක් ඔවුන්ට ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා.පාලකයෝ සංවේදී වෙන්න ඕනේ එව්වා ගැන.නැතුව හිතුමනාපේ ජන්ද ගන්න හෝ වෙනයම් කරුණු නිසා මේ විදියට පේමන්ට් වලට කඩ දාන්න දෙන එක නම් හොඳ වැඩක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... දැං දීලා තියෙන කඩවල ආදායම මදි නං තියෙන එකම විසදුම ආයිත් පේමන්ට් කඩේටම එන එකද... නැත්තං ටිකක් මහන්සි වෙලා ආදායම වැඩිකරගන්න උත්සාහ කරන එකද..? ඇතත් කතාව නං පේමන්ට් කඩ සහ මුඩුක්කු අස්සෙන් මහා පරිමාණයෙන් කරගෙන ගිය ජාවාරම් කීපයක් තියෙනව... අන්න ඒ ජාවාරම් ටික ගොඩදාගන්න තමයි මේ හදන්නෙ...

      Delete
  12. මෙයට අදහස් දැක්වීමට තරම් දැනීමක් නොමැත.
    නමුත් පේමන්ට් කඩ ඉවත් කල පසු කොටුව දුම්රියපොල අසල සිට පිටකොටුව බෝධිය ගාවට අපහසුවකින් තොරව පැමිණීමට හැකිවීම මමත් අත්දැක ඇත්තමෙි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අප්පා පේමන්ට් කඩේ හිටිය අහිංසකයො ටික පවුනෙ අප්ප... උන් ජීවිත කාලෙම පේමන්ට් කඩේ කරගෙන යන්තං එදා වේල හම්බකරගන්න එපැයි...

      අම්මප මගෙ කට ඉතිං..... හි හි

      Delete
  13. ඔය පේව්මන්ට් කඩවල ඉඳල හැම දෙකින්ම හොරා කාපු කම්බා හොරත් දැන් ඇතුළේ.ලස්සන වැඩේ කියන්නෙ උගෙ නමත් මහින්ද.

    ReplyDelete
  14. පේමන්ට් කඩ ආපහු දානව කියන්නෙ නම් තකතීරු වැඩක් මොකද ඒකෙන් අපසුතාවයට පත්වෙන පිරිස වැඩියි..ඒත් එක්කම අපිට මහ පාරට වැයකරන්න වෙන වෙලාවත් වැඩී.. කවුරු කොයි හේතුව නිසා ඔහොම තීරණයක් ගන්න හැදුවත් ඌ පාරෙ ඇවිදින එකෙක් නම් වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඡන්ද පෙරේතකමට ඕවා පේනනෙ නෑ මහේෂ්

      Delete
  15. ඔය දැනට පේන්න තියෙන ටික හදන්නත් කොච්චර අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් ඉඩම් බලෙන් අල්ලගත්තද කියල හොයල බලන්න හිරු.
    පිටකොටුවේ පේව්මන්ට් එක දිගේ තිබ්බ කඩ පේලි පිටින් රෑ එළිවෙනකොට අතුරුදහන් වෙච්ච හැටි , එක පාරටම ගිනි ගත්තු හැටි හොයල බලන්න හිරු.
    පවුල් කීයක් එක රැයින් අනාත වුනාද කියල හොයල බලන්න හිරු.

    කොළඹ ඇතුලේ පෙට්ටි කඩ වලින් විනාස වෙනවට අපි ත් අකමැතියි. එත් මිනිස්සුන්ගේ ජීවිත උදුරාගෙන කරන සංවර්ධන වැඩවලට ත් ඒ වගේම අපි විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. පළවෙනි පාරටද පිටකෝටුවෙ පේමන්ට් කඩ අයින් කළේ කියල හොයල බලන්න විභීෂණ

      Delete
  16. යහපාලනය නමින් අනවශ්‍ය දේ බලාපොරොත්තු වෙන්න එපා..

    ReplyDelete
  17. චැහ්...බලහන් හිරුවො මට මේ මාතෘකාව පේන්නෙම වැරදියටනෙ.!!


    //ආයිත් කොළඹ පේමන්ට් වල පෙට්ටි කඩ නවට අපි කැමතිද... ?//

    කවදාවත් නෑ!!

    ReplyDelete
  18. මචං කොළඹ පේමන්ට් කඩ කාරයින්ගෙ කපටිකම් නිසා මට නම් ඕකුන්ව තිත්තයි බං. හැබැයි ඇපල් සුවඳ විඳගෙන පේමන්ට් පළතුරු කඩ මැද්දෙන් මතුගම බස් එකට ගිය කාලෙ මතක් වෙද්දි ඒ කඩ එතන නැති එක ගැනත් දුකයි බං.

    // අටමා මහින්දට ආදරෙයි - අපි අටමට ආදරෙයි //

    ReplyDelete