Tuesday, December 28, 2010

ගොඩ කාලෙකින් ඔන්න මම ආයිත් ආවා....

ඉතිං කොහොමද හැමෝටම.............

මම ඔන්න ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ආවා... එන්න බැරි උන හේතුවත් කියන්න එපැයි නේ ද?....



ඉතිං දැං නං මගේ බ්ලොග් ගියන ශෛලියත් ටිකක් වෙනස් වෙලා ඇති කියලා මම හිතනවා... මේ වගේ ලොකු කරදරේක වැටුනට පස්සේ ඔක්කොම ටිකක් අවුල් වෙනවනේ....

කොහොම උනත් මම ඉස්සරහටත් පුළුවන් තරම් ලියන්න බලාපොරොත්තු වෙනවා... ඒත් ඉස්සර තරම් නිදහසේ ලියන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ... ඉස්සර තිබ්බ නිදහසෙන් ගොඩක් මේ වෙනකොට නැති වෙලා ගිහිල්ලා කියලා දැනෙනවා... ඒක හරි ලොකු බරක් හිතට... හිතට බර වැඩි වෙනකොට ලියන්න තියෙන ආසාව තව තවත් වැඩි උනත් ලියන්න තියා කියන්න වත් දෙයක් ඔලුවට එන්නෙ නෑ ව‍ගේ.....

කොහොම උනත් දැන් මට ඉතුරැ වෙලා ඉන්න හොදම අසන්නා මම ලියන දේවල් විතරයි... කාටවත් කරදරයක් නොවෙව්ව ඉතින් මම ලියන්න උත්සහ කරනවා...

මේ වෙනකොට මම විවාහ වෙලා මාස 4 කට කිට්ටුයි... මාස 4 කට කලින් මගේ හිතේ තිබුන ගොඩක් දේවල් මේ වෙනකොට සැබෑ වෙලා...

හැබැයි හොද නරක සියල්ලම කියලා කිව්වොත් තමා වැඩිය හරි...

ඔන්න හිරැ දැන් කාටත් ඇහෙන්න අදෝනා කියන්න පටන් අරගෙන .... මේ වැඩේ හරි යන්නේ නෑ....

හිරැගේ අදෝනා අහන්න කාටවත් ඕන නැති හින්ද‍ා ඔන්න හිරැ අදට විතරක් කට පියා ගත්තා...

ආයිත් එන්නම් පුළුවන් උන වෙලාවක... අදෝනා නැතුව කතා කරන්න පුළුවන් උන වෙලාවක.....

සුභ දවසක් හැමෝටම.....

19 comments:

  1. ah . . suba pathum onna apen . .
    aiyoo taama masa 4ine . .
    danmama patan ganna epaa choedhanaa karanna . .
    he he he

    ReplyDelete
  2. උණුසුම් සුභ පැතුම්.., ගොඩක් සතුටුයි.., මේ වගේ ලස්සන රූපයක් දකින්නට ලැබීම..,
    අනාගතය තව තවත් වාසනාවන්ත වෙන්න කියලා පතනවා..,
    ජය! සතුට!

    පබ්බත

    ReplyDelete
  3. Replies
    1. තැන්ක්ස් මලයා...

      Delete
  4. හිරු මේ පෝස්ටුව දැක්කෙ අද නොවැ... කෙලී ඔය ලස්සනට ඉන්නෙ සාරියකින් හැඩ වෙලා... දෙපළටම එහෙනම් සුභ මංගලම් !

    ReplyDelete
    Replies
    1. පහුවෙලා නේ මම මේක දැක්කේ.. බොහොම ස්තූතියි සිරා...

      Delete
  5. සුභ පැතුම්!

    අතිනත ගන්නවා කියන එක තේරුණා, ඒක නේද අර අත්පටලාගෙන ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙපැයි කකා.. හි හි

      Delete
  6. මොකද කලින් මේක නොදැක්කේ

    ReplyDelete
    Replies
    1. පරණ නිවුස් එකක්නේ අටම්.... හි හි

      Delete

  7. දැන් ඉතින් අපි මාමල වෙන්නේ කවද්ද හ්ම්ම්ම් ?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ.. මං ගැන දුක නැතුව අහන ලස්සන..... හි හි

      Delete
  8. ඔයාගෙ පරණ පෝස්ට් කියෝන ගමන්!!
    සුබපතන්නැතුව බෑනේ ඉතින්!
    ප්‍රීතිමත් යුග දිවියකට උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. අපිට හොරා කේක් කාලලු ඈ

      Delete
    2. තෑන්ක්ස් සමී...

      එහෙම තමයි සහන්.. හි හි...

      Delete
  9. ඔන්න අද තමයි මේක ඇහැ ගැහුනේ දකුණු පැත්තේ ලිස්ට් එකේ තිබිලා

    ජය වේවා
    එල්ලේ ටීම් එකකම මව වීමට ලැබේවා

    ReplyDelete
    Replies
    1. චැක්... ඒකම ප්‍රාර්ථනා කරන්නේ මොකද බොල... හි හි

      තැන්ක් යූ...

      Delete
  10. පරණ උනං මොකද ඔන්න මාත් සුබ පැතුව !

    ReplyDelete