සම්මාන කතාවක් තියෙනව අහම්බෙන් වගේ දැක්ක නිසා, පස්සෙ ඇවිත් සම්මාන හම්බුවෙන කට්ටියට සුබ පතන්නං කියල පෝස්ට් එකක් දාලා ඊට පස්සෙ බ්ලොගර් පැත්ත පලාතෙ ගියෙ නැති හින්ද අන්තිම මොහොත වෙනකං වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ මං.. පහුගිය කාලෙ බ්ලොග් එකත් ලිව්වෙ අංශබාගෙ හැදිලා වගේනෙ... ඕකට පැහැදිලිවම වගකියන්න ඕනෙ ෆොන් එක... වෙනදට ගෙදර එන්නෙ කම්පියුටරේ ඔන් කරල මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර බලන්න.. දැං ඔක්කොම හදිසි වැඩ ටික ෆොන් එකෙන් බැලෙන නිසා ( දවලට අම්මටත් ඔය බ්ලොග් ටිකෙ පෙන්නන්න පුළුවන් පෝස්ට් ඔක්කොම හබ්ද නඟා කියවීම කරන නිසා ) ගෙදර ආවාම කරන්නෙ කලින් දවසේ ටීවී සීරීස් ටික බාගෙන බලන එක... ඉතිං බ්ලොග් කියවිල්ල අන්තිමටම අඩු වෙලා ගිහින්...
ඔය අතරේ කවුද කොහොමද මන්ද මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හොයාගෙන ගෲප් මැසේජ් එකක් දාලා තියෙනව දැක්කෙ දවස් දෙකක් තුනක් තියල... ගිහින් බැලුව මෙන්න මගේ වෙඩිං කතා පෝස්ට් එකත් එතන තියනව... යන්න හෝ නොයන්න තියෙන දවස බැලුවම සොරි ඩොට් කොම් වෙන බව තේරුනා... වීක් එන්ඩ් එක... සෙනසුරාදා... අනිත් අයට නිවාඩු පාඩු දවස් කියන්නෙ කේක් හදන අපිට වැඩ වැඩි දවස්... උත්සව කාල කියන්නෙත් අපිට හොඳටම වැඩ වැඩි කාල.. අවුරුදු, අලුත් අවුරුදු කියන්නෙ පිස්සු හැදෙන කාල... ඒව ඉතිං එහෙම තමයි... ඔය අවුරුද්දට අපි කඩේ වහන දවස අහන අයට එහෙම මම දෙන උත්තරේ තමයි ” අනේ ඉතිං අපි අවුරුද්දට කඩේ වැහුවොත් අපිට ගෙදරත් ඉන්න හම්බුවෙන්නෙ නෑ ” කියන එක...
කොහොමහරි අම්මට පොඩ්ඩක් විස්තරේ කියල යන්න පර්මිෂන් හදා ගත්ත කියමුකො.. ඊළඟට අනිත් එක...
පෙරුම් පුරලා පෙරුම් පුරල මේ දවස් වල අපේ ගේ හදන්න පටන් අරං තියෙන්නෙ... මේ දවස් වල ඉන්නෙත් කුකුල් කූඩුවක් වගේ ඇනෙක්ස් එකක් රෙන්ට් එකට අරගෙන... මහ ලොකු සල්ලියක් අතේ තියාගෙන කරන වැඩක් නොවෙන හින්ද අපේ මාමණ්ඩියි නැන්දම්මයි පුළුවන් තරං සල්ලි පරිස්සම් කරගෙන (ලෝබ කමට එහෙම නෙවෙයි, අතේ තියෙන සල්ලි ටිකෙන් කාමරෙකුයි, බාත්රුම් එකයි හරි ඉවර කරගන්න හිතාගෙන ) වැඩ කරනව.. ඒ දෙන්න බාස්ලා වැඩ කරන දවස්වල උදේම බත් එකක් ඔතාගෙන, තේ එකක් බෝතලේට දාගෙන ඉඩමට එනව... මට නං පහුගිය මාස දෙකේම ඒ පැත්තට යන්නවත් හම්බුනේ නෑ...
කොහොමින් කොහොම රට වටේම හොඳ ගඩොල් හොයලා, අන්තිමට අනුරාධපුරෙන් ගඩොල් ගන්න ලෑස්ති කරගෙන... සිකුරාදා 12 විතර වෙනකම් ෆවුන්ඩේෂන් එකට පස් ඇද්දෙ මායි අපෙ මහත්තයයි... මේ දවස් වල දවල්ට වැඩ කරනවට වඩා රෑට වැඩ කරන එක පහසුයි... ( අපිට කරගන්න පුළුවන් පොඩි පොඩි වැඩ අපි හතර දෙනා එකතු වෙලා කරනව සල්ලි ඉතුරු කරගන්න.) සෙනසුරාදා උදේම පස් ලොරි දෙකක් එනව කියල මං 7 වෙනකොට ඉඩමට ගියාට පස් ටික ආවෙ 11ට... වැඩේට යන්න බැරි වෙන පාටයි කියල, මං ගාව ෆොන් නම්බරේකට තියෙන්නෙ අටම්ගෙ නම්බරේ විතරයි නිසා කෝල් කරල කිව්ව මට මොනා හරි තිබ්බොත් ගන්න කියල... ගඩොල් ටික එනකං 12 වෙනකං බලං ඉදල කෝල් කළාම, තාම ලොරිය ආවෙ නෑ කිව්ව... ඒ කියන්නෙ අද ඒ වැඩේ කෙරෙන්නෙ නෑ කියන එක... ඒ පාර අපි දෙන්න ගෙදර ආව...
හරි... එහෙනං බස් එකේ මං තනියෙන් හරි යනව කියල නාගන්න ලෑස්ති වෙද්දි මෙන්න වතුර මෝටරේ කැඩිලා.... ඒ අස්සෙ ඉවාන් කෝල් කරල කියනව කොහොම හරි එන්නලු... හි හි....
ඒකත් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන එන්න පාර අහගන්නකොට නං මට තේරුනා මං බස් එකේ ගියොත් අනිවා අතරමං වෙනව කියල... අනිත් එක මේ ගිනි ගහන අව්වෙ එළියට බහින එක ඔක්කොටම වඩා අමාරුයි... ඒ පාර ඔන්නොහෙ පෙරලුනා යන්නෙ නෑ කියල... ඒ අර මායම් හැට හතරෙන් මං ප්‍රගුණම කරල තියෙන එක.. “ හා හා... ලෑස්ති වෙනව මං ගිහින් දාන්නං ... හැබැයි 5 වෙනකොට එන්න ඕනෙ ..” කියල, අනේ ඉතිං කවදත් වගේ අපේ මහත්තය ඔය ගැටේට අහු උනා... හි හි
ඉවාන්ගෙන් පාර අහගෙන ඔන්න ඔහොම මාත් නෙළුම් යායට ආවා...
අඳුරගන්න පුළුවන් උනේ ඉතිං ෆේස්බුක් එකේ එහෙම දැකල තියෙන කට්ටියව විතරයි... මාතලන්, බස්සියි බස්සයි, අටම්, නුවන්, දිනේෂ් කට්ටිය එළියෙදිම හම්බුනා...
බොරු කියන්නෙ මොකටද... සම්මාන දෙන ඒව අහගෙන ඉන්නවට වඩා කළේ කට්ටිය එක්ක කියෝ කියෝ හිටපු එක... හි හි... ඒක නිසා අර පළවෙනි ස්ථානෙට දෙන සම්මානෙට කියපු හැදින්වීම කියාගෙන යද්දි මං හිතුවෙම වෙන මොකක් හරි කියල... ගෘහස්ථ කාරණා පළවෙනි ස්ථානෙ කියල මගේ නම කියද්දි මට බකස් ගාල හිනා ගියෙ ඒකනෙ... හි හි... අම්මපා හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං ආවෙ නැත්තෙ... ආවා නං උන්දැ ඔය ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාටම මාව අරං යන්න කියල එවෙලෙම ගෙදර යනව... හි හි.... ( බ්ලොග් එකේ මං එයාව පතුරු ගහනව කියල දන්නව උනාට උන්දැ ඕක කියවන්නෙ නෑ නෙ ඉතිං.. හි හි)
කොහොම හරි ස්ටේජ් එකට නඟිනකොට මං හිටියෙ හිත ඇතුලෙන් උඩ පැන පැන... කට්ටියට තේරෙන්නත් ඇති ඒක.. හි හි...
මං කොහොමත් එච්චර තරඟකාරී කෙනෙක් නෙවෙයි... ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකම... ඕනෙම දේකදි පස්සට වෙලා බලං ඉන්න එක සහ, කරන්න කෙනෙක් ඇත්තෙම නැත්තං ඒකට ඉදිරිපත් වෙන එක තමයි මගෙ ගතිය.. අනිත් අයගෙ පෙළඹවීමට පොඩි කාලෙ තරඟ වලට ඉදිරිපත් උනත් ඒවට තැනක් නොලැබුනාම පොඩි උදාසීන කමක් මිසක් වෙන අවුලක් මට ඇති උනේ නෑ.. මම විභාග උනත් ඒ තරං හිතට අරගෙන කරල නැ.. ඉතිං ඇත්තටම මට ස්ටේජ් එකකට නැගල තෑගි ගන්න හම්බුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදි විතරයි... එකක් ඉන්ග්‍රින් එකේදි.. අනිත් එක මේ සම්මාන උළෙලෙදි... ඉතිං ඇත්තටම ඒක ලොකු සතුටක්...
ඒක නිසා කට්ටියටම බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දීම ගැන.... බ්ලොග් එක ලියන්න පටං ගත්තෙ මගේ බෙස්ට් ෆ්‍රෙඩා හින්ද.. ලියපං මචං උඹට පුළුවන් කිව්වෙ ඌ තමයි මුලින්ම... ඒත් අද මේක ලියාගෙන යන්නෙ අපේ මහත්තය හින්ද... වැඩිපුරම වස්තු බීජ සපයන්නෙත් ඉතිං එයානෙ... හි හි... ඒ උනත් ඇත්තටම මගේ මේ විකාර වැඩ වලට හිනාවෙලා ඔන්නොහෙ ඕනෙ එකක් කරගන්න කියල ඩොංගලේ බිලත් ගෙවල දාන එයා වගේ හබියෙක් නොලැබුනා මටත් බ්ලොග් ලියන්න හම්බුවෙන්නෙ නෑ.. හි හි...
බ්ලොග් එක මට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න අවස්ථාව දීලා තියෙනව... ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්නෙ නැතුව ඒවා එළියට දාන්න අවස්ථාව හදල දීලා තියෙනව... මොකද මට යාලුවො ගොඩක් නැති හින්ද... හිටියෙ එකයි දෙන්නයි.. ඒකටත් හේතුව ඉතිං මගේ පිස්සු විකාර කම්මැලිකම තමයි... ඉස්සර යාලුවො එක්ක කියෝ කියෝ හිටපු මම දැං මේ බ්ලොග් එක කියවන ඕගොල්ලො එක්ක කියෝනව... අවුරදු 30 පැනපු ගොඩක් කසාද බැදපු ගෑණුන්ට අහිමි වෙන අවස්ථාවක් තමයි තමන්ගෙ හිතේ තියෙන දේවල් කියාගන්න ක්‍රමයක් නැති වෙන එක.. කියාගන්න කෙනෙක් නැති වෙන එක... ජීවිතේ ඒකාකාරී වෙන එක.. ජීවිතේ එපා වෙන වෙලාවලුත් තියෙනව.. බ්ලොග් එක කියන්නෙ එහෙම අයට එක ක්‍රමයක්.. මොකද මේක ආරෑඪ නාමයකින් උනත් කරගෙන යන්න පුළුවන් නිසා...
ඒක නිසා කාලෙන් කාලෙට මේක ලිවිල්ල අතෑරැනත්, අංශබාගෙ හැදිල වගේ හරි මේක දිගටම ලියවෙයි.. කාලෙන් කාලෙට මගේ මූඩ් එකත් එක්ක, මගේ ආසාවල් එක්ක මේකත් වෙනස් වෙයි... මට ලියන්න හිතුනොත් මං ලියනව.. නැත්තං අතාරිනව... ගූගල් බ්ලොගර් නොමිලේ දෙනකං මේ ලිවිල්ල කෙරෙයි... කොච්චර එක එක දේවල් ආවාත් මාගල් ලියන්න පුළුවන් මේකෙ හින්ද මේක තමයි මට හරියනම වැඩේ... අනිත් එක මට අතින් ලියන්න ඕනෙ නැති හින්ද... මොකද මගේ අත් අකුරු හකුරු වගේ... හි හි...
මේ පාර නෙළුම් යායෙන් සම්මානය හම්බ උනු අපේ අනිත් සෙට් එකටත් මේ එක්කම මගේ සුබ පැතුමුත් එක්කරනව... කට්ටියටම මට වගේ සන්තෝසෙන් උඩ පනින්න චාන්ස් එකක් හම්බුනානෙ... හැබැයි ඉතිං හවස තේපැන් සංග්‍රහයට කලින් මාරු වෙලා එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුයි... කට්ටියත් එක්ක කතා කරන්න වැඩි වෙලාවක් හම්බුනේ නෑ ඒකෙන්...
ආ... තව චුට්ටෙන් අමතක වෙනව... මං වේලාසනින් පැනල එනකොට වතුර බෝතලයක්වත් දුන්නෙ නෑ කිය කිය දෝස් මුර දීදී හිටපු මාධ්‍ය සෙට් එකටත් තැන්කියු වේවා.... කට්ටිය තේ බීල එහෙම යන්න ඇතිනෙ... ( මම පස්සෙ තමයි දැනගත්තෙ තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරල තිබ්බ කියල... මං ඉතිං මේ වැෙඩ් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැති හින්ද ඒ වෙලාවෙ මුකුත් කරන්නවත් කියන්න වත් දෙයක් තිබුනෙ නෑ...)
මේ පාර නෙළුම් යායෙන් සම්මානය හම්බ උනු අපේ අනිත් සෙට් එකටත් මේ එක්කම මගේ සුබ පැතුමුත් එක්කරනව... කට්ටියටම මට වගේ සන්තෝසෙන් උඩ පනින්න චාන්ස් එකක් හම්බුනානෙ... හැබැයි ඉතිං හවස තේපැන් සංග්‍රහයට කලින් මාරු වෙලා එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුයි... කට්ටියත් එක්ක කතා කරන්න වැඩි වෙලාවක් හම්බුනේ නෑ ඒකෙන්...
ආ... තව චුට්ටෙන් අමතක වෙනව... මං වේලාසනින් පැනල එනකොට වතුර බෝතලයක්වත් දුන්නෙ නෑ කිය කිය දෝස් මුර දීදී හිටපු මාධ්‍ය සෙට් එකටත් තැන්කියු වේවා.... කට්ටිය තේ බීල එහෙම යන්න ඇතිනෙ... ( මම පස්සෙ තමයි දැනගත්තෙ තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරල තිබ්බ කියල... මං ඉතිං මේ වැෙඩ් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැති හින්ද ඒ වෙලාවෙ මුකුත් කරන්නවත් කියන්න වත් දෙයක් තිබුනෙ නෑ...)