Tuesday, August 5, 2014

වතුර නැතුව ...

මේ කොළඹ 5ට වතුර නැතුව යන හතරවෙනි දවස... 

එහා ගෙදර මළ ගෙයක්... 

මේ පැත්තටම තියෙන්නෙ එකම ලිඳයි... පර්චස් 10ටත් අඩු ඉඩම් වල මොන ලිං ද...? පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු... ඒක නිසා ගොඩක් ගෙවල් වල ඩිරෙක්ට් ලයින් එකක් තියෙන්නෙ.. නිවුස් වලට කිව්වලු වතුර කපනව කියල... ඒත් මොකාද නිවුස් බලන්නෙ... සෙනසුරාදා හවස මං එනකොට පාරේ තැන් තැන් වල මිනිස්සු කතා කර කර ඉන්නවා ඇහිල තමයි මාත් දැනගත්තෙ වැඩේ... හොද වෙලාවට අපේ නැන්දම්මා නීතිය පැත්තකින් තියල, තියෙන වතුර ටැංකියට වතුර එකක් පුරෝල... අපේ ගෙදර කට්ටියට යාන්තම් ෂේප් වෙන්න පුළුවන්.. ඒත් තව ගෙවල් කීයක්ද... ලිඳ තිබ්බ හින්ද යන්තං මළ ගෙදර වැඩ ටික කරගන්න වතුර ගන්න පුළුවන් උනා.. 

තාප්ප ගහලා වටකරගත්ත ලොකු ලොකු අලුත් ගෙවල්වල ඉන්න සල්ලිකාර මිනිස්සු විතරක් නෙවෙයි.. බොන්න වතුර බෝතලයක්වත් ගන්න සල්ලි නැති මිනිස්සුත් ඉන්නව.. 

දෙවනි දවස වෙනකොට වතුර පුරව ගත්ත අයගෙත් වතුර ඉවරයි... 

මේ පැත්තෙ මිනිස්සු ඡන්දෙ දීපු එවුනුත් ඔය පාර්ලිමේන්තු අස්සෙ ඉන්නව... කෝට්ටෙ නගරසබාවක් කියල එකකුත් තියෙනව...

එක වතුර බවුසරයක් එවන්න බැරි උනා තාම මුන්ට... 

දැං කියයි ඉල්ලුවෙ නෑ නෙ කියල.. 

ඇයි යකෝ.... 
උඹල දන්නවනෙ වතුර කපන බව අපිට කලින්... 
එතකොටවත් උඹලට කල්පනා උනේ නැද්ද, ඒ දවස් ටිකට මේ මිනිස්සුන්ට වතුර දෙන්න ක්‍රමයක් ලෑස්ති කරන්න ඕනෙ කියල.... 
කල්පනා කරන්න මොළයක් කියල එකක් ඇත්තෙම නැති හින්දද මේ...