Tuesday, August 5, 2014

වතුර නැතුව ...

මේ කොළඹ 5ට වතුර නැතුව යන හතරවෙනි දවස... 

එහා ගෙදර මළ ගෙයක්... 

මේ පැත්තටම තියෙන්නෙ එකම ලිඳයි... පර්චස් 10ටත් අඩු ඉඩම් වල මොන ලිං ද...? පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු... ඒක නිසා ගොඩක් ගෙවල් වල ඩිරෙක්ට් ලයින් එකක් තියෙන්නෙ.. නිවුස් වලට කිව්වලු වතුර කපනව කියල... ඒත් මොකාද නිවුස් බලන්නෙ... සෙනසුරාදා හවස මං එනකොට පාරේ තැන් තැන් වල මිනිස්සු කතා කර කර ඉන්නවා ඇහිල තමයි මාත් දැනගත්තෙ වැඩේ... හොද වෙලාවට අපේ නැන්දම්මා නීතිය පැත්තකින් තියල, තියෙන වතුර ටැංකියට වතුර එකක් පුරෝල... අපේ ගෙදර කට්ටියට යාන්තම් ෂේප් වෙන්න පුළුවන්.. ඒත් තව ගෙවල් කීයක්ද... ලිඳ තිබ්බ හින්ද යන්තං මළ ගෙදර වැඩ ටික කරගන්න වතුර ගන්න පුළුවන් උනා.. 

තාප්ප ගහලා වටකරගත්ත ලොකු ලොකු අලුත් ගෙවල්වල ඉන්න සල්ලිකාර මිනිස්සු විතරක් නෙවෙයි.. බොන්න වතුර බෝතලයක්වත් ගන්න සල්ලි නැති මිනිස්සුත් ඉන්නව.. 

දෙවනි දවස වෙනකොට වතුර පුරව ගත්ත අයගෙත් වතුර ඉවරයි... 

මේ පැත්තෙ මිනිස්සු ඡන්දෙ දීපු එවුනුත් ඔය පාර්ලිමේන්තු අස්සෙ ඉන්නව... කෝට්ටෙ නගරසබාවක් කියල එකකුත් තියෙනව...

එක වතුර බවුසරයක් එවන්න බැරි උනා තාම මුන්ට... 

දැං කියයි ඉල්ලුවෙ නෑ නෙ කියල.. 

ඇයි යකෝ.... 
උඹල දන්නවනෙ වතුර කපන බව අපිට කලින්... 
එතකොටවත් උඹලට කල්පනා උනේ නැද්ද, ඒ දවස් ටිකට මේ මිනිස්සුන්ට වතුර දෙන්න ක්‍රමයක් ලෑස්ති කරන්න ඕනෙ කියල.... 
කල්පනා කරන්න මොළයක් කියල එකක් ඇත්තෙම නැති හින්දද මේ... 


60 comments:

  1. ගිහින් නතර වෙනවකෝ හලෝ හෝටලයක කාමර දෙක තුනක් තියෙන සූට් එකක් අරගෙන.

    ReplyDelete
  2. වතුර නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.. නැත්නං මේ රට සං වර්ධනය කරන්න බෑ...
    අනික තියන වතුර ටික පරිස්සං කරගන්න දැනගන්න ඕන.. බත් කාලා අත හෝදන්න බෑ ලෙවකන්න ඕන.. ටොයිටට් එකට ගිහිං පස්ස හෝදන්න බෑ කඩදාසියකින් පිහිදාන්න ඕන.. ටොයිලට් එකට වතුර ගහන්න ඕන දවසට එක සැරයයි.. නාන්න ඕන මාසෙකට සැරයයි.. රෙදි නොහේදුවට කමක් නෑ... උයන්න තහනම්.. කෑම කඩෙන් ගේන්න ඕන..

    එතකොට කෙහෙද වතුර පස්න...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මැඩම් අමනාප වෙන්න එපා අදවත් කොහෙට හරි ගිහින් නා ගත්තොත් නරකද?... පලාතම ගඳයි..

      Delete
    2. එතකොට කඩ කාරයො උයන්න වතුර ගන්නෙ කොහෙන්ද?

      Delete
    3. කොමඩ් එකෙන්.. ඒකේ ස්ටොක් එකක් තියනවනේ...

      Delete
  3. කල්පනා කරන්න මොළයක් කියල එකක්///
    ඒක තියෙනව නං අප්ප උං පාර්ලිමේන්තුව පැත්තෙ ඉදියිද...

    නෑනෙ

    ReplyDelete
  4. (මාත් බැලුව මගේ බ්ලොග් රෝලෙ දකුණු පැත්තෙන් එන ගඳ මොකද්ද කියල)
    ජනාධිපතිතුමා යුද්ධෙ අවසන් කරල තියනව මදිද? එහෙව්වට තියෙද්දි උඹල වතුර ඉල්ලන එක හරිද?

    ReplyDelete
  5. යකොව් ඒ වගේ මිලි 1100 බට ගෙනැත් එලල දාන්න ඕන මිනිස්සු නේ. උන් යක්කුයැ.. ඔය වගේ සීන් වෙනවා කරුමෙට...

    ReplyDelete
    Replies
    1. දීපියකො උංට මිලි 750 ගානෙ යක්කු වෙන හැටි බලන්න.

      Delete
    2. කෙන්ජා හිටියනං මිලි 50 ක් විසි කරල දාවි...

      Delete
  6. අපේ ගම වන කොලඹ පහේ කොහෙද කෝට්ටෙ මහ නගර සභා? අපහාස කරන්න එපා හොඳේ....

    ReplyDelete
    Replies
    1. කොලඹ පහ,කෝට්ටෙ මහ නගර සභා??
      මටත් නිකං අවුල් වගේ..:D

      Delete
  7. ඉතිං අපිට පාන්ද
    අපි කොළඹ 7 තේ
    අපිට නං වතුර තියන

    ReplyDelete
  8. හප්පටසිරි! යකෝ මේ පැත්ත හොඳයිනෙ. කොළඹ ඒ උනාට හැමතැනම ජල කෙලි නේද? බලන්නෙපෑය අර දෙසිය ගානෙ ගාර්ඩ්න් ටික. නිමල දිය දහරා....උඩරට වගේ.

    ReplyDelete
  9. අදවත් නාගන්න අක්කේ... ඔන්න උදේ නිව්ස් වලට කිව්ව දවල් වෙනකොට දෙනව කියල.

    ReplyDelete
  10. ඒ මොකද? ජලාශ හිඳිල වෙන්න බෑනේ. අලුත් වැඩියාවක්ද?

    වතුර හෝගුවෙන් බීලා, දත් මැදලා මූණකට හෝදගෙන, ටොයිලට් ගිහිල්ලත් එන්න හැකියාව තියෙන උන් හිටියා. ඒ ජානය මතු කරගන්න ඕනේ ජාතියක් හැටියට දියුණු වෙන්න. හැබැයි ඒක බස් කොන්දොස්තර ජානයක්.

    ReplyDelete
  11. අපි අපේ පක්ෂයේ සංවත්සර වැඩ නිසා පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. අපේ පක්ෂය අතිගරු ජනාධිපති තුමා සමග හැම දාමත් උන්නා. ඉදිරියටත් ඉන්නවා. මේක විශාළ ව්‍යපෘතියක් (අපි වගේ අයට.) අපි අළුත් නළයක් දානවා. ඒ කියන්නේ පරණ එකක් රිප්ලේස් කරනවා. අළුතෙන්ම දාන්න ගියා නම් කොහොමට තියෙයිද. අපි සිංහ පරපුරේ මිනිස්සු. අපි නාන්නේ නෑ. මේ වගේ නානවා ඇරෙන්න

    මීට හිතවත්
    දිනේෂ් ගුණවර්ධන

    ReplyDelete
    Replies
    1. ඔය පා.මේ. ඉන්න කට්ටිය නාගන්න හැටියට ඔහොමවත් වතුර ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.

      Delete
  12. බස්සි පදිංචි වෙලා ඉන්න පැත්තටත් සෙනසුරාද උදේ හිටන් වතුර නැතුව තිබිල අද උදේ තමයි ආවෙ. :(((

    ReplyDelete
    Replies
    1. මලා... එහෙනම් ඉක්මනට උබත් නා ගනින්. :P

      Delete
  13. කොටුවෙ පිකට් එකකට ගියානම් නාගෙන රෙදිත් සෝදගෙන එන්න තිබ්බ හිරු අක්කේ. යමුද?

    ReplyDelete
  14. අර ඌව පළාතෙ වතුර නැතුව ඉන්න මිනිස්සු ගැනවත් හිතල හිත හදාගන්න බලන්න නගා..

    ReplyDelete
  15. ඇයි යකෝ වහින්නේ.. පුරවා ගනිව් සහෝදරවරුනි, පිරබාහරන් කලපුවේ බැහැලා හිටියෙත් මෙහෙව් වතුර නැතිවද!
    ~රතු වංශ~

    ReplyDelete
  16. අද වත් දේවි නේද? හැමටම හරිම අපහසුවක් උනේ.

    ReplyDelete
  17. වතුර නැත්තං කඩේට ගිහිං සෝඩ බෝතලයක් ගෙනෙයව්කො … පව්තින රජය අපහසුවට පත් කරන්න හදන්නෙ …චැහ්. සෝඩ බෝතලයක් මදිනං අරක්කු බෝතලේකුත් ගෙනෙං.…
    ඇල්කොහොල් කියන්නෙ හොඳ විෂබීජ නාෂකයක්… ඕ යේස් !!!

    ReplyDelete
    Replies
    1. මෙව්වා අධිරාජ්ජ වාදී කුමන්තන බොලවු.

      Delete
    2. //මෙව්වා අධිරාජ්ජ වාදී කුමන්තන බොලවු.//

      ඇල්කොහොලද ? වතුර නැති එකද ? නැත්තන් පත්තරයද ?

      Delete
    3. වතුර නැති එක ගැනයි එහෙම කියන්න හිතුනෙ. ඒත් උඹ කිව්වට පස්සෙ මට නිකමට හිතෙනවා පත්තරයත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෙක්ද කියල. ඇයි බං මේකට ඇල්කොහොල් වලින් තොර ලෝකයක් නෑනෙ.

      Delete
    4. ඇල්කොහොල් වලිං තොර ලෝක … චැහ්. ඊට හොඳා මැරිලා යනවා .නැද්ද නිමෝ ??
      ඕං හිරුගෙං අහපන්.. බොරුනං :D

      Delete
    5. අනේ බන් වතුර නැතුව ඉන්නං මාසයක් හරි, ඇල්කොහොල් නැතුව නං..... පිස්සු කියන්න එපා බන්,,,, මං මැරෙයි යකෝ......! :P

      Delete
    6. බයානක හීනයක් වගේ.. ඇල්කොහොල් නැතුව..

      Delete
  18. හිරු, ඔයා නික්න් එක පාරට සුවිස්ටර්ලන්තෙන් පත් උනා වගෙනෙ කතාව. හහ්. කපන්න කලින් ඒවට විකල්ප හදල තියන්න. මතක තියා ගන්න, මේ ලංකාව. අපි වෙනස්. අනික ඔයාලට මේ ආන්ඩුව වෙනුවෙන් දවස් තුනක් වතුර නැතුව ඉන්න බැරිද? අරෙහෙ අනුරාධපුරෙ ගොවියගෙ ගෑණි @#@!@$!$

    ReplyDelete
  19. ආශ්චර්ය බොලව් ආශ්චර්ය... තේරෙන්නේ නැද්ද ඒක...., රටක් සංවර්ධනය කොරන්න ගියහම ඔහොම දේවල් වෙනවා...., ඕවා ඉවසලා ඉන්න ඕනේ.
    හා නැද්ද මං අහන්නේ.

    ReplyDelete
  20. //පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු//
    මෙහෙම නීතියක් තියෙයිද සිරා ? දන්නෙත් අද
    අනෙ අපේ උන්ගේ ප්ලෑන්....
    මෙව්වට කියන්න දේවල් කටේ පිරිලා තියෙයි ඒත් වැඩක් නෑනේ :D
    අදවත් දෙයි කියලා ඉවසා වදාරන්න ඉතින්

    ReplyDelete
  21. හැමදේම ආන්ඩුවෙන් දෙනකං බලං ඉන්න එපා… ඔය හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි ඕනැතරං තියෙන්නේ හුළඟේ ?? ඔයිං ටිකක් එකට මුහු කරල වතුර හදාගත්තම තොපිට හෙන ගහනවද ???චැහ්.

    ආණ්ඩුවටම බණින්නේ … මොකෝ වතුර හදන්නෙ ආණ්ඩුවැයි? ඒක හැදෙන්නෙ ඉබේ.. එක්කො අල්ලපු ඉඩමෙං පර්චස් බාගයක් කොටුකොරං ගහපියව් නළ ලිඳක් ඒකේ. ඒ බැරිනං සාලෙ හරි කමක් නෑ... ඒ එන්නෙත් වතුර තමා..

    අන්තර්ජාලය පාවිච්චි කරලා ආණ්ඩුවට එරෙහි මතයක් ගොඩ නගවා කියලා ආණ්ඩුව ලංකාවෙ වතුර පරිභෝජනය තහනං කලොත් හුප්පෙ තමා කට්ටියටම.. ඒක නොකරගැනීම පුරවැසියන් ලෙස අපේ වගකීම. ඕ යේස් !!!!!!!

    ReplyDelete
    Replies
    1. අනික මචං මොනරාගල හරි බදුල්ලෙ හරි කෙනෙක් කිව්වනං මේ දවස්වල නිකං සලකා බලන්නවත් තිබුනා.. මේ කොළඔ, කොළඔ 5ලු.. ගම හදා රට හදමු කියලනේ කිව්වේ.. ඉදපියව් ගම හදනකං

      Delete
    2. කතාව ඇත්ත.....
      වතුර බවුසර් නගර සභාවෙන්ම ගෙනත් දෙන්න ඕනේ නෑ නෙව. දන්නේ නැද්ද ඒවා අපේ පුද්ගලික ධනයෙන් ගන්න ඕනේ දේවල්.
      ඊට හපන් දන්නේ නැද්ද ඔය අහල පහල ඉන්න මැති ඇමතිලටවත් වතුර පොදක් නෑ කියලා. එහෙමයි කියලා ඒ මිනිස්සු ඒ ගොල්ලොන්ගේ හොලිඩේ හෝම් එකට ගියාද?? නෑ නේ. වතුර බවුසර් දෙන්න වෙන්කරපු ප්‍රතිපාදන ඒ මිනිස්සු හොරකන් කලා යැ.
      හිරුවාගේ මතය සම්පුර්ණ වැරදියි මේ සම්භන්ධව..... අම්මපා!!!!!

      Delete
  22. මේ කොළඹ 5ට වතුර නැතුව යන හතරවෙනි දවස...

    හාපෝ හතරද තාම හොඳටම මදිනේ ...... දැන් අර ලකී එකා මොනවද බොන්නේ

    ReplyDelete
  23. ඒ කොට්ටට අයිති නමුත් වතුර තියෙනවා ! 

    ReplyDelete
    Replies
    1. ගිරාඳුරුකෝට්ටේද?

      Delete
    2. අඩේ... සිහිනයගෙ ගෙදර ගියානං නා ගත්තැකි.

      Delete
  24. කොළඹ 05 කියන කොටසට වතුර නැතිව යනද..? නැත්තං වේලාව 5ට කොළඹට වතුර නැතිව යනද..?

    ReplyDelete
    Replies
    1. ඒක නිකන් “මරන්න එපා නිදහස් කරන්න“ වගේ සීන් එකක්නේ මාරයයියෙ. කොමාව මිනී මරණව.

      Delete
    2. :D

      මං ආයෙමත් දෙතුන් වතාවක් කියෙව්වා..මටනං මීටර් වෙන්නේම නැහ මේ වාක්කියෙන් හිරු අදහස් කල දේ.. බොට තේරෙනවද හැබෑටම..?

      කෝ අපේ හැලපේ අයියා හරි නලින් අයියා හරි.. උන්දලා දෙන්නා හිටියනං මේ හිංගල පැහැදිලි කරවගන්න තිබුනා... :D

      Delete
    3. ‍රැපියෙල් තෙන්නකෝන් වනා හිකීමේහි හා බිණීමේ සමතෙකි........

      තෙන්නකෝන් කිව්වලු මහත්තයෝ මට ඒකනම් මහ දෙයක් නෑ තමයි ඒත් වාක්‍ය ලියලා වැරදියි කියලා

      Delete
    4. යන = ගතවෙන

      අම්මපා උඹල නං.... හි හි

      Delete
  25. දෙයියනේ වතුර නැතිව දවස් හතරක් ! ඔය වතුර පුරවගත්තත් ඉතිං දවස් 4 කට ඇති ද? යන්තම් වතුර කෝප්පයකින් දවසක් ෂේප් කරන් ඉන්න පුළුවන්ද, මම නම් යනව අකුලගෙන වතුර තියෙන පැත්තකට සතියක් විවේක ගන්ට.

    හොඳ වෙලාවට ඔය පැත්තෙ උනේ. අරලියගහ මන්දිරේ පැත්තෙ ඕක උනානම් ජනාධිපතිතුමාට දොට්ටපිලට යන්නවත් හැටියක් නැති වෙනව. එහෙම උනානම් ඒක රටටම බලපානව නෙව.

    //පාරෙ වතුර පුරව ගන්න ටැංකි ගහන එකත් නීතියට විරුද්ධයිලු...//

    ඒ කියන්නෙ ටැප් ලයින් එකේ එන වතුරෙන් ගෙදර තියෙන ටැංකි පුරවන එක ගැනද නැත්නම් පාරෙ ටැංකි තියාගෙන වතුර පුරවන එක ගැනද. මම දන්නෙ නෑ නේ මෙහෙම කතාවක්. කාටහරි පුළුවන්ද ඒක හරියටම පැහැදිලි කරල දෙන්න.

    ReplyDelete
  26. දැන් ඔය අපෙන් ඡන්දේ අරන් ගිය එවුන් කොහෙද දන්නේ නැහැ නේද...සමහරවිට උන්ට වතුර ප්‍රශ්න නැද්ද දන්නේ නෑ..

    ReplyDelete
  27. සංවර්ධනයක් කරන කොට මේ වගේ සුළු සුළු ඳේවල් වලට මුහුණ දෙන්න ඕන.. ඉතින් අපි ඒවා ඉවසන්න ඕන.. මොකද මේවා අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජන..

    - සුබ අනාගතයක් -

    ReplyDelete
  28. නියඟ වලට අහිංසක ආණ්ඩුව පලිද
    නිලධාරීන්ගෙ වැරදිවලට සත්ගුණවත් ඇමති වරු පලිද
    සැමට අබසරණයි!

    ReplyDelete
  29. ඇයි අනේ ජලසම්පාදන ඇමෑත්තයගේ නෝනටවත් කතාකරලා ඇහුවේ නැද්ද එයාටවත් බැයිද කියලා වතුර අරින්න.

    ReplyDelete
    Replies
    1. එක ඇමතිනියක් කොටුව ස්ටේෂන් එක අතු ගෑවනම් මතකයි...

      Delete
  30. ඕක ඔය හිතාමතාම කරණ දෙයක්.. මේකනෙ දැන් රජරටට නියඟෙ කීව්වට මෙහෙ ඉන්න ඈයොන්ට තේරෙන්නෑනෙ.. සමහර උන් අහනවා නියඟෙ කියන එකේ තේරුම මොකක්ද කියලත්.. ඔන්න ඔය ක්‍රමයට තමා නියඟෙ කොළඹ උන්ට දන්නවන්නෙ... ඔය පටන් ගත්තා විතරයි හරිය.. අද 5ට, හෙට 6,7,8,9.......

    ReplyDelete
  31. සැක් යකෝ මං බිසිවෙලා හිටියනෙ.සෑහෙන කතා සිද්දවෙලා ඒ ටිකට.අපිට නං වතුර ගෙදර ලිඳෙන් ඒක හිඳුනම පාරෙ පයිප්පෙන්.ඒ ප්‍රජා ජල යෝජනා ක්‍රමේ.ඊළඟට දිනේෂ් මහත්තයත් වතුර වගයක් දෙනව කියල ඡන්ද කාලෙ කිව්වලු.ලැබෙයි නේද.

    ReplyDelete
  32. ඒකනේ කරන්න බැරි මාවිල් අරූ සොරොව්ව අරින්න හමුදාව යැව්වා වගේ කොළඹ පහ කොට්ටෙටත් හමුදාව එවන්නැයි කියලාද කියන්නේ?
    නැතිනම් අර පත්තරේ කියලා දීලා තියෙන්න h2o සමිකරණේ ...:D

    ReplyDelete
  33. මිනිස්සුන්ට වතුර දෙන හැටි දන්නේ නැතුවාට අනිත් ඔක්කොම දන්නවා මුන්..ඔය වතුර මාරු කරනවා වගේ වැඩ. කිසිම සැලැස්මක් නැති නිලධාරීන්. ඇමතියන්ට බැනලා ඇතිවෙලා තියෙන්නේ. දැන් නිලධාරීන්ට බණිමු.

    ReplyDelete
  34. වෙලාවට අපිට වතුර තිබුණා. නැති වුණා නම් කිලෝ මීටර් 1/2 ඇතුලත උතුරා යන ලිඳක් තියෙනව. මම නලීන්ගේ බ්ලොග් එකටත් පොස්ට් එකක් යැව්වා ඒ ගැන. මමත් වෙලාවක් බලාගෙන ඉන්නේ හුලං වැදී වැදී නාන්න :)

    ReplyDelete