පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් ඔක්කෝම පැත්තකට වෙලා බලං ඉඳලා ඉඳල, අද උදේ තමයි යන්තම් මට පේන විදියට කතාවේ හරි කොණින් අල්ල ගත්ත එකෙක්ව හම්බ උනේ... ... ඒක නිසයි ෙම් ලියන්න ගත්තේ... තව උන් ලියන්න ඇති... මට අහුවෙන්න නැතුව ඇති...
කොෙහාම හරි... මම මේ සිද්ධියෙදි හිටියේ බාලචන්ද්‍රන් ගැන කතා වෙද්දි හිටිය ස්ථාවරය හා සමාන ස්ථාවරයක.... ඒ කිව්වේ මේක කතා කළ යුතු නෑ කියන තැන... සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් “එහෙම වෙන්නේ කොහොමද... ඒක මීනිමැරුමක් ගැන වෙච්ච කතාවක්.. ත්‍රස්තවාදය ගැන වෙච්ච කතාවක්.. මේක එහෙම එකක් නෙවෙයිනේ ..”කියලා...
නමුත් මට මේ දෙකේම පුදුමාකාර සමානකමක් පෙනුනා පසු සටහන් වලදි.. බලචන්ද්‍රන්‌ෙග් කේස් එකේදි වගේම මෙතෙන්දිත් බරපතල විදියට ප්‍රශ්න කිරීම් වලට ලක් උනේ එකිනෙකාගේ පෞද්ගලිකත්වයන්.... පහුගිය කාලේ බ්ලොග් පෝස්ට් සහ කමෙන්ට් බැලුවාම කෙනෙකුට මේ බව පැහැදිලිව පේන්න තියෙනවා....
කොහොම උනත් පහුගිය අවුරුද්දක කාලය අතුලත වෙච්ච සමාන සිද්දී කීපයක් මට පේනවා..
බාලචන්ද්‍රන්ගේ කේස් එක
හලාල් කේස් එක
බොදු බල සේනා කේස් එක
ඉන්දරතන හිමියන්ගේ කේස් එක
මේ කේස් වලදි බරපතල ප්‍රශ්න කීපයක් මම දැක්කා...
අපේ රටේ මාධ්‍ය වල හැසිරීම
ආණ්ඩුවේ හැසිරීම
සංඝ්‍යා වහන්සේලාගේ හැසිරීම
ප්‍රසිද්ධ ජනමතය ( ස්ටීරියෝටයිප් එක)
මාධ්‍ය වල හැසිරීම ගැන කීප දෙනෙක් ලියලා තිබ්බා... විශේෂයෙන් රෑපවාහිනී මාධ්‍ය වල හැසිරීම නම් කණගාටුදායකයි... හැබැයි ඒක ළඟදි ඇති වෙච්ච දෙයක් කියලා වැරදි වැටහීමක් ඇති කර ගත යුතු නෑ...කොහොම උනත් ඒ ගැන මම ආයිත් ලියන්න යන්නේ නෑ... මේ ගැන මාතලන් ලියපු පෝස්ට් එකේ සහ ලැබුන කමෙන්ට් වල හිතන්න දේවල් කීපයක් තිබ්බා.. ස්වර්ණවාහීනී ප්‍රාදේශීය වාර්තාකරු අත්අඩංගුවට ගත්ත කියලා නම් වැඩක් වෙන්නේ නෑ.. වාර්තාකාරයෝ එවන දේවල් සංස්කරණය කරලා, විකාශය කරන්න ඔය චැනල් වල ඉන්න ලොකු පුටු වල ඉන්න අයට සදාචාරයක් තිබිය යුතුයි. ඒත් ඒ අය නීතිය ඉදිරියට ගේන එක නම් මේ කපේට වෙන්නේ නෑ... මං මේ කියන්නේ නිවේදිකාවන්ට සාරි ඇන්දවීමේ සදාචාරය ගැන නෙවෙයි... ලෝකෙම පිළිගත්ත මාධ්‍ය සදාචාර නීති රීති ගැන... ( දැන් අපේ උන්ව කොපි කරලද කොහෙද ඔය නීති රීති දාන්න මුල් උන චැනලුත් අපේ අය කරන විදියටම කරනවා... මල් හතයි... ඒ ගැන ලියන්න වෙනම පෝස්‌ට් එකක් ලියන්න වෙනවා..හි හි)
ඊළඟ තුනම එකට කතා කරන්න පුළුවන් දේවල්... ඒ කිව්‌ෙව් ඒ ටික ඔක්කොම එකට බැඳලා තියෙන දේවල් ටික හින්දනේ මෙච්චර කතාබහක් ඇති උනේ... සත්ව කරුණාව, හරක් මැරීම, හරක් මස් කෑම, ආණ්ඩුව එළිපිට කරන හොර වැඩ.... කොටින්ම කිව්වොත් ආගම, සංස්කෘතිය සහ ආණ්ඩුවනේ ඔය ඔක්කොටම මුල් උනේ... මට ලියන්න හිතුනේ ඔන්න ඔය ටික ගැන...
ඔන්න එකෝමත් එක කාලෙක ඉඳලා තියෙන රටක් තියෙනවා... මේ රටේ මිනිස්සු ඉස්සර ඉඳලා බඩගින්නට මීනි මස් කෑවලු... දැන් කන්න වෙන වෙන ජාති තිබ්බත් මේ රටේ ප්‍රධාන සංස්කෘතික අංගයක් තමයි වාර්ෂික මිනී මස් කෑමේ උත්සවය... මේක මේ රටේ වැසියෝ සියලු දෙනාම බොෙහාම සෞභාග්‍යවත් අනාගතයක් වෙනුවෙන් බැතිබරව සමරන උත්සවයක්... ඒ ගොල්ලෝ අදහන ආගමෙත් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි..
ඉතිං කාලයත් එක්ක ලෝකෙ දියුණු වෙලා, මිනිහගේ මොලේ දියුණු වෙලා, බඩගින්නට මිනී මස් කන්න ඕනේ නෑ කියලා තේරුම් ගත්තට පස්සේ, මිනී මස් කෑම ලෝක සම්මතයක් විදියට තහනම් කළා.. ( මේක සම්පූර්ණ හිතලු කතාවක්මත් නෙවෙයි කියලා කැනිබලිසම් ( Cannibalism/ anthropophagy ) ගැන දන්න අයට තේරෙනවා ඇති) කාලයක් යනකොට මේ තහනම මිනිස්සුන්ට ජීර්ණය වෙලා දැන් මේක තහනමක් විතරක් නෙවෙයි, බොහොම පිලිකුල් සහගත වැඩකුත් වෙලා තියෙන්නේ...
ඉතිං ලෝකෙ නීති ටික ටික අර රට ඇතුලට එනකොට මේ රට ඇතුලේම පිරිසක් කල්පනා කරන්න ගත්තා “ ඇත්තටම අපි මේ කරන්නේ පිළිකුල් සහගත ක්‍රියාවක්නේ ” කියලා.. ඒ අය මේකෙන් වැළකෙන්න උත්සාහ කරන්න ගත්තා.. ඉතිං ඔන්න රට ඇතුලේ කොටස් දෙකක් බිහි උනා... අර උත්සවයට සංස්කෘතිකමය සහ ආගමික පිළිවෙතක් වශයෙන් හිතලා සහභාගී වෙච්ච අය සහ දියුණු මොලෙන් කල්පනා කරලා මේකට සහභාගී නොවී ඉන්න අය කියලා... ඔය අතරෙ ඒ රට ඇතුලෙම තව කට්ටියක් හිටියා කන්න කොච්චර ජාති තිබ්බත් එයාලා අර පරණ විදියටම මිනී මස්ම විතරක් කන අයත්... ඒ අය අර ප්‍රධාන සමාජෙන් වෙන්වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා.. රටක් හැටියට වෙන කරන්න දේකුත් නැති නිසා ඒ අයට ඒ විදියට කරගෙන යන්න ඉඩත් දුන්නා...
දැන් ඔන්න ලෝකෙන් ලොකු විරෝධයක් එනවා මේ රටේ අයගේ මිනීමස් කෑමට... දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.. රටෙන් එක ප්‍රතිශතයක් තර්ක කරනවා අපි දැන් දියුණු සමාජයක්,ගෝත්‍රික විය යුතු නෑ තව දුරටත්, මේක පිලිකුල් සහගත සිරිතක් නිසා නැවැත්විය යුතුයි කියලා... තව කට්ටියක් තර්ක කරනවා සදාචාරාත්මක නීති රීති අනුව ඕනේ දෙයක් කන්න, ඕනේ ආගමක් අදහන්න නීති දාන්න බැරි නිසා මේක තහනම් කරන්න බෑ කියලා.... තව කට්ටියක් උද්ඝෝෂන කරනවා එයාලගේ ජීවන රටාවන් වෙනස් වෙනවයි, මානව අයිතිවාසිකම් කඩ වෙනවයි කියලා... ඔය අතරේ දියුණු මනසක් නැති අය වැඩි නිසා අර ගෝත්‍රික සිරිතට ආයිත් යන්න පටන් ගන්න පිරිස වැඩි වෙනවා... මොකද විචාර බුද්ධියක් නැති නිසා එයාලට තියෙන්නේ කෙනෙක් කරන දේ බලාගෙන ඒකම කරන්න විතරයි....
හරි.. කතාව ඉවරයි..ඔතන මිනී මස වෙනුවට කැමති මසක්, කැමති චාරිත්‍රයක්, කැමති පිළිවෙතක් ආදේශ කරගත්තට මට කමක් නෑ...
දැන් මේ මම කියන්න ගියේ මෙන්න මේකයි... මේ වගේ දේවල් හිතෙන හිතෙන විදියට නීති දාලා, තහනම් කරලා හරි ගස්සන්න පුළුවන් දේවල් වත්, ත්‍රිපිටකෙන්, කුරාණෙන්, බයිබලෙන් ඡේද ගනන් උපුට උපුට, ආගමික ශාස්තෘවරුන්ව කුණුහරුපෙන් පට්ට ගහන්න පටන් අරන් හරිගස්සන්න හරි නවත්තන්න හරි පුළුවන් දේවල් කියලා මම හිතන්නේ නෑ.... මේ වගේ දෙයක් නවත්තන්න ඕනේ නම්, නවත්තන්න පුළුවන් මානසිකව දියුණු වෙච්ච සමාජයක විතරයි කියන එක... එහෙම හිතුවාම මට හිතෙන තව දෙයක් තමයි මානසිකව දියුණු වෙච්ච සමාජයකදි ආගම්, සංස්කෘතීන් වගේ දේවල් වලට ලැබෙන්නෙ අඩු වටිනාකමක් කියන එක.... එහෙම නැතුව තාමත් දියුණු මනසක් නැති සමාජයක්, මේ වගේ ආගමික, සංස්කාතික පැති වලින් නීති දාලා හදන්න ගියොත් අර සමාජය ආයිත් පරණ ගෝත්‍රික මට්ටමටම වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියන එක... පහුගිය කාලේ ලෝකේ සිද්ධ වෙච්ච ඉස්ලාම් ආගමිකයන්ගේ සිද්ධිත්, ලංකාවේ අද වෙනකොට ජනප්‍රිය මතය වෙලා තියෙන බෞද්ධාගමිකයන්ගේ සිද්ධිත් අරන් බැලුවාම මේක පැහැදිලියි කියලා මට හිතෙනවා....
ආගමික, සංස්කෘතික බැඳීම් වලින් ඇතිවෙන නීති රීති වැඩිපුරම ඕනෙ වෙන්නේ තමන් තුළ ස්වයං විනයක්, ස්වයං පාලනයක් ඇති කරගන්න තරම් දියුණු මනසක් නැති මිනිස්සුන්ට... එහෙම ආගම් ඇති වෙන්නේ ඉඳලා හිටලා බිහිවෙන දියුණු මනසක් තියෙන පුද්ගලයෙක්ගේ පස්සෙන් යන්න තරම් දියුණු මනසක් තියෙන පුද්ගලයෝ නිසා.... එහෙම පස්සෙන් ගිහින් හරියට තේරුම් ගන්න අයගෙත් පස්සෙන් යන අය, ඒ අයගෙ පස්සෙන් යන අය, ඒ අයගේ පස්සෙන් යන අය... කිය කිය ඕක කාලාන්තරයක් යද්දි ආයිත් ඒ දියුණු මනසක් තිබ්බ පුද්ගලයන්ගේ පස්සෙන් යන්නේ දියුණු මනසක් නැති අය.... අන්න එතකොට දර්ශනය ආගමක් වෙනවා.... කොටින්ම කිව්වොත් අන්න එතකොට කෙළ වෙනවා..... ඔන්න ඔහොමයි මට හිතෙන්නේ...
මේ ගැන තව ලියන්න පැත්තක් තියෙනවා....
ඒ තමයි මේ දැන් ඇති වෙලා තියෙන බෞද්ධ, ඉස්ලාම් අන්තගාමීත්වය, විශේෂයෙන් ෆේස්බුක් එකේ වැඩිපුර පිස්සු කෙලින අපේ අවුරුදු 13-20 කට්ටිය හින්දා අපිට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක... හැම දෙමලම කොටියෙක් නෙවෙයි කියලා අපේ ඔලුවලට දාන්න අපේ අධ්‍යාපනයට අවුරදු 30ක් ගියා... යන්තම් අපේ පරම්පරාව ඒක තේරුම් අරන් දෙමල, මුස්ලිම්, බෞද්ධ ඔක්කොම සහයෝගෙන් හිටියා....
ඔන්න දැන් ඉන්න පරම්පරාව ඉන්නේ ජාතිවාදයෙන් මත් වෙලා නෙවෙයි... ආගම්වාදයෙන් මත් වෙලා... ඒක නිසා මට උපදෙසක් විදියට කියන්න තියෙන්නේ ඔය කිව්ව වයස් කාණ්ඩයේ දරුවො එහෙම ඉන්නවනං පොඩ්ඩක් හොයලා බලන්න එයාලා මේ ගැන මොන වගේ මතයකද ඉන්නේ කියලා.. ඉල්ලීමක් විදියට කියන්න තියෙන්නේ තමන් දරන මතය වෙනුවෙන් විවෘත මනසකින් පෙනී ඉන්න.. ඒ ගැන විවෘත මනසකින් කතා කරන්න... සංවාද වලට එද්දි විවෘත මනසකින් එන්න... සංයමයෙන් තමන්ගෙ මතය පැහැදිලි කරන්න.... අනිවාර්යයෙන්ම දරුවන්ටත් ඒ විදියට කතා කරන්න.... අපි කවුරවත් නොදියුණු මනසක් තියෙන අය කියලා පිළිගන්න කැමති නෑ තමයි... ඒත් අපි ඇත්තටම නොදියුණු සමාජයක් තාමත්... අඩුම ගානේ අපි දියුණු මනසක් සහිත මිනිස්සු වෙන්න උත්සාහ කරමු...
ප/ලි : තව ලියන්න දේවල් තියෙනවා... ඒත් පෝස්ට් එක දැනටත් දිග වැඩියි.. ඒක නිසා නවත්තනවා.. කොහොමත් මට මේ වගේ ඒවා කෙටියෙන්
ලියන්න තේරෙන්නේ නෑ.... මේක කිසිසේත් ලියන්න හිටිය මාතෘකාවක් නෙවෙයි... ඒත් අත කසනවා වගේ නිසා ලිව්වා... දවස් ගානක් හිතලා, කපලා කොටලා ලියලා නෑ... ඒක නිසා සමහර දේවල් ලියවිලා නෑ අන්තිමට...