Dear Diary.....
අද මට හරි දුක හිතෙන වැඩක් උනා....
අද උදේ එහා ගෙදර බ්ලැකී, ඔයාට මතකනේ මං කිව්වා හැමදාම රෑ එළිවෙනකම් කූඩුවට වෙලා කෑ ගහන එහා ගෙදර පොඩි බලු පැටියා, අන්න එයා , කීටීයා එක්ක පොරකනවා දැකලා මං ගියා රණ්ඩුව බේරන්න..... වත්ත බෙදලා නැති නිසා මුන් දෙන්නා පොරකෑවේ අපේ ලිඳ උඩ.. මං බය උනා එකෙක් හරි ලිඳට වැටෙයි කියලා...
උන් දෙන්නම අනුන්ගේ තමයි .... ඒත් උන් දෙන්නටම මං හරි ආදරෙයි නේ.... උන් දෙන්නා තමයි දවල් දවසේ මාත් එක්ක මගේ පාලුව මකන්න ඉන්නේ... ඒකයි මං ගියේ රණ්ඩු බේරන්න....
ඒත් බලන්නකෝ මට වෙච්ච වැඩේ... බ්ලැකී මාව කන්න පැන්නනේ... කිටීගේ නියපොතු පාරකුත් වැදුනා.... ඒක නිසා මං ආපහු ආවා... නැත්තම් මටයි බැනුම් අහන්න වෙන්නේ අහක යන බලු පොර වලට මැදි වෙන්න යනවා කියලා වැඩක් බලාගෙන ඉන්‌ෙන් නැතුව...
මට උනුත් එක්ක නම් පොඩ්ඩක් වත් තරහා නෑ.. ඒත් මං බයේ ඉන්නේ උන් දෙන්නගෙන් එකෙක් හරි කොයි වෙලාවේ හරි තුවාල කරගනියි, ලිඳට වැටෙයි කියලා.... උන් දෙන්නම මගේ හොඳ යාලුවෝනේ දැන්.... මාත් එක්ක සෙල්ලම් කරන උන් දෙන්නටම මොනවා හරි වෙනවට මං කැමති නෑ.. බ්ලැකී රෑ තිස්සේ කොච්චර කෑ ගැහුවත්, කිටී අපේ වත්තේ ජරා කරත් මං උන් දෙන්නට ආදරෙයි....
ඒත් මං දුකෙන් ඉන්නේ මට පොඩ්ඩක් තුවාල උන නිසා නෙවෙයි....
මං ආසයි උන් දෙන්නම මරාගන්‌ෙන් නැතුව ඉන්නවා නං.... උන් දෙන්නා එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි, මං හරි සතුටින් ඉන්නේ.... එකෙක් හරි තුවාල උනොත් මට දුක හිතෙනවා.... මට බේත් කරන්නත් බෑනේ.. උන් දෙන්නම අනුන්ගෙනේ....
එයාලා බ්ලැකීට නම් ආදරෙයි... බ්ලැකී ජර්මන් ෂෙපර්ඩ් එකෙක් නේ.... ඒක නිසා එයා වටිනවා ඇති... ඒත් එයාලා කිටීට ඒ තරම් ආදරේ නෑ.... ඌ නිකම් පූසෙක් නිසා එච්චර වටින්නේ නැතුව ඇති... මට නම් උන් දෙන්නම එක වගේ වටිනවා.... උන් දෙන්නම මාත් එක්ක යාලුයි....
ඒ දෙන්නම මගේ නෙවෙයි උනත් මං නං ඒ දෙන්නටම ආදරෙයි.... උන්ගෙන් එකෙක් හරි, දෙන්නම හරි තුවාලයක් කරගනීයි, ලිඳට වැටෙයි කියලා මට බයයි... මට ආයිත් එයාලා එක්ක හිනා වේවී, පිස්සු නටන්න, සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා බයයි....
ඒක නිසයි මට අද මෙච්චර දුක... මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා..... එහෙම බැරි නම් අඩු ගානේ ලිඳේ වැටෙන්නෙවත් නැතුව හිටියොත් ඇති..... නැත්තම් ඉතිං ඇපේ ඇන්ටි තාප්පේ බැඳලා දායි බල්ලෝ පූසෝ එනවා කියලා....
Good night dear diary.......