දෙදාස් එකොලහත් උනා...
ගිය අවුරැද්දෙ මේ දවස් වෙනකොට ගජරාමෙට කල්පනාව... අවුරැදු එකොලහක් තිස්සේ Love කරලා කසාද බදින්න ලෑස්ති වෙන එක ගැන නොහිතා ඉන්නේ කොහොමෙයි....
හෝටල් හොයන්නයි, ඇදුම් හදන්නයි, කෑම select කරන්නයි, සැරසිලි කරන්නයි, නෑදෑයොන්ට කියන්නයි ඒ අස්සට නැන්දම්මවයි මාමණ්ඩිවයි ෂේප් කරගන්න හැම තිස්සෙම කල්පනාවෙන් වැඩ කරන්නයි..... මදෑ ඔයින් ගියා...
දැකපු හීන ඔක්කාම ලස්සනට සෑබෑ උනා.... සැප්තැම්බර් 10 වෙනිදා උදේ පාන්දර ඉදලා හවස 3.45 වෙනකම් හරිම ලස්සනට ඒ හීන හැම එකක්ම මගේ ඇස් ඉස්සරහම ( මගෙ විතරක් නෙවෙයි, අපි දෙන්නගෙම..) සැබෑ උනා...
ඒත්....
මට එකම එක හෙනහුරෙක් හිටියා..........
කරැමක්කාර බේබදුකම..........
මගේ ජීවිතේ ලස්සනම දවස විතරක් නෙවෙයි.... මගේ ජීවිතේ ඉස්සරහට ගෙවෙන්න තියෙන අවුරැදු 25 ද 30 ද නෙවෙයි.... ගෙවලා තියෙන ජීවිත කාලයෙන් බාගෙකට වැඩිය පන්සල් පල්ලි වලට ගිහින් ප්රාර්ථනා කරපු ලස්සන ජීවිතය ඔක්කොම මට නැති කලා....
ජීවිත දෙකක් සදා කාලයටම ඉවර කරලා දැම්මා...
මේක මගෙ කරැමෙ විතරක් නෙවෙයි..... බේබදුකම නවත්තගන්න බැරි අපේ රටේ ඉන්න හැම තාත්තෙක්ගෙම, හැම බාප්පෙක්ගෙම, හැම මාමෙක්ගෙම, හැම අයියෙක්ගෙම දුවලගේ, අක්කලගේ, නංගිලගේ කරැමේ...
එදා ඉදන් අද වෙනකම් මම කල්පනා කරන්නේ මෙහෙම දෙයක් මට වෙන්න මම කරපු වැරැද්ද මොකක්ද කියලයි... ඒත් මට තාමත් හිතා ගන්න බෑ...
ඒ වගේම අද වෙනතුරැත් ඇස් දෙකේ කදුලක් නැතුව නිදා ගත්ත දවසකුත් නෑ...
මගේ ඇස් දෙකේ කදුලු වලට වග කියන්න ඕනේ මම ද, මගේ කරැමෙද, එහෙම නැත්තම් මේ කලකණ්නි බේබදුකමද කියලා මට හිතා ගන්න බැහැ...