ඉතිං කොහොමද හැමෝටම.............
මම ඔන්න ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට ආවා... එන්න බැරි උන හේතුවත් කියන්න එපැයි නේ ද?....

ඉතිං දැං නං මගේ බ්ලොග් ගියන ශෛලියත් ටිකක් වෙනස් වෙලා ඇති කියලා මම හිතනවා... මේ වගේ ලොකු කරදරේක වැටුනට පස්සේ ඔක්කොම ටිකක් අවුල් වෙනවනේ....
කොහොම උනත් මම ඉස්සරහටත් පුළුවන් තරම් ලියන්න බලාපොරොත්තු වෙනවා... ඒත් ඉස්සර තරම් නිදහසේ ලියන්න නම් ඉඩක් ලැබෙන එකක් නෑ... ඉස්සර තිබ්බ නිදහසෙන් ගොඩක් මේ වෙනකොට නැති වෙලා ගිහිල්ලා කියලා දැනෙනවා... ඒක හරි ලොකු බරක් හිතට... හිතට බර වැඩි වෙනකොට ලියන්න තියෙන ආසාව තව තවත් වැඩි උනත් ලියන්න තියා කියන්න වත් දෙයක් ඔලුවට එන්නෙ නෑ වගේ.....
කොහොම උනත් දැන් මට ඉතුරැ වෙලා ඉන්න හොදම අසන්නා මම ලියන දේවල් විතරයි... කාටවත් කරදරයක් නොවෙව්ව ඉතින් මම ලියන්න උත්සහ කරනවා...
මේ වෙනකොට මම විවාහ වෙලා මාස 4 කට කිට්ටුයි... මාස 4 කට කලින් මගේ හිතේ තිබුන ගොඩක් දේවල් මේ වෙනකොට සැබෑ වෙලා...
හැබැයි හොද නරක සියල්ලම කියලා කිව්වොත් තමා වැඩිය හරි...
ඔන්න හිරැ දැන් කාටත් ඇහෙන්න අදෝනා කියන්න පටන් අරගෙන .... මේ වැඩේ හරි යන්නේ නෑ....
හිරැගේ අදෝනා අහන්න කාටවත් ඕන නැති හින්දා ඔන්න හිරැ අදට විතරක් කට පියා ගත්තා...
ආයිත් එන්නම් පුළුවන් උන වෙලාවක... අදෝනා නැතුව කතා කරන්න පුළුවන් උන වෙලාවක.....
සුභ දවසක් හැමෝටම.....