ඔන්න... අවුරුදු ගානක් පෙරුම් පුරලා සයිබර් අවුරදු උත්සවේකට ගියා.... හි හි.... අවුරදු ගානක දොල දුකක් සපුර ගත්තෙ...
පහුගිය අවුරුදු වල මොනා හරි බාල්දියක් පෙරලිලා යන්න බැරි උනානෙ.. මෙදා පාර හර්තාල් පටන් ගත්තෙ සතියකට විතර කලින් උනත් ෂුවර් එකක් තිබ්බෙ නෑ යන්න පුළුවන් වෙයි කියල... ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බෙ අපේ ගෙදර යන්න... ඒත් උදේම වෙනී අන්කල්ගෙ අලුත් Live blogging වැඩේ හින්ද දාපු ෆොටෝ ටිකත් පෙන්නලා, පොඩ්ඩක් ඇඬුවම “ හා එහෙනං යන්න ලෑස්ති වෙන්න... ” කිව්වම තමයි මතක් උනේ කියෙව්වට ඇඳගෙන යන්න හරි හමන් ඇඳුමක් වත් නෑ නේ කියල... ඔක්කොම ඇඳුම් පාදුක්කෙනෙ... අවුරුද්දට අඳින්න කියල අලුතින් ඇඳුම් ගන්න සිරිතක් මගේ නැති හින්ද දෙසැම්බර් වල ගත්ත ඇඳුමක් තමයි නෑ ගෙවල් වලට ඇන්දෙත්.. කොහොම හරි එළහරකයි මී හරකයි වගේ තැනට නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අන්තිමට අවුරුදු උත්සවේට ගියෙ... එහෙම හරි කමක් නෑ ගියානෙ කියල ඔන්න හිත හදා ගත්ත... හි හි
ග්‍රවුන්ඩ් එක හොයා ගන්න නං පොලොසියෙන් උදව් ගන්න උනා... අපේ මහත්තයා හිටි ගමන් යුනිෆොම් එකක් පැත්තට බයික් එක හැරෙව්වම මගේ ඇඟත් සීතල උනා... වෙඩිං කාඩ් එකක් තමයි කියල... නෑ... බලද්දි අපේ උන්දැ මේ ග්‍රවුන්ඩ් එක කොහෙද කියල අහන්නනෙ ඒ පැත්තට හරෝලා තියෙන්නෙ....
කොහොම හරි ආවයි කියමුකෝ... මෙන්න රෙජිස්ටර් වෙන තැන හෙන පෝලිමක්... ඔය පොඩි උන් අස්සෙ රිංගන්න පුළුවනෑ... අපි දෙන්න පැත්තකට වෙලා හිටිය මුන් ටික යනකං... මොන... එකෙක්වත් හෙල්ලෙන්නෙ නෑ.. පැය බාගයක් විතර බලං ඉඳලා බැරිම තැන ළඟටම ගියාම දැක්කෙ මුන් එතනට වෙලා පච ඇද බානව කියල... ඒ පාර ඔන්නොහෙ කියපු විදියට ෆොම් එකකුත් පුරෝලා, වටපිට බැලුව... ම්හු... එකෙක් නෑ දන්න කියන.... ටිකක් ඉස්සරහට ගියා... මෙන්න එකෙක් පැන්න ඉස්සරහට... මොනා නැතත් උෟව නං අඳුරතෑකි කිසි කරදරයක් නැතුව... කෝරලයා සහ බනියා... හි හි
ඊට පස්සෙ ඉතිං නලීන් අයියට කෝල් එකක් එහෙම දීලා හොයා ගත්තා... හොයා ගත්ත එවුන් දෙතුන් දෙනාම හොයා ගත්තෙ කෝල් දීලා තමයි... එකෙක්ට දෙන්නෙක්ට මරණ තර්ජන කරන්නත් උනා... හි හි... ඊට පස්සෙ ඉතිං එකා එකා කතා කළානෙ... රනාව නං මට මුලින් අඳුරගන්න බැරි උනා.. කොහෙද.. මූනෙං බාගයක් වැහෙන්න පත සන්ග්ලාස් දාගෙනනෙ... හි හි
අර කැබ් එකකට වෙලා හැංගිලා හිටිය බේබද්දො ටිකගෙ නම් නොලිය ඉන්නං නේ.... හි හි...
අඟහරුවලින් ආපු කෝච්චි පිස්ස නං මං හිතපු තරමටත් වඩා පොඩි එකෙක්... එතෙකාට අපේ කකා... ෆොටෝ වල තරං නාකි නෑ නේ... හි හි...
කකාට කියන්නත් අමතක උනා මට කවි ඇලජික් කියල.. ඔන්න අපේ මහත්තයා අවුරුදු ගානකට පස්සෙ පොතක් කියෝනව දැක්ක අද උදේ... හි හි...
පහුගිය අවුරුදු උත්සව වලදි කට්ටිය කියපු කතාව නං සහතික ඇත්ත ඔන්න.. බ්ලොගේ හෙන චණ්ඩි පාට් දාගෙන ඉන්න වල් රජා නං ගෑණු ළමයෙක් වගේ ඇඹරි ඇඹරි හිටියෙ... හි හි
බෝතලේට වතුර පුරෝන එකයි, කොට්ට පොර ගැහිල්ලයි විතරයි බලන්න හම්බුනෙ... ඊට පස්සෙ ගේම්ස් නැවැත්තුවනෙ මුන්ට සාගතේ හැදිල... කොට්ට පොර ගහන එක පැත්තක තියල කොටේ උඩ සර්කස් පෙන්නුව මාරයයි ඇල්කෙමියයි දෙන්න... තව උන් දෙන්නෙක් ආදරේට කොට්ට පොර ගැහුව... කොට්ටෙන් මූණ අතගාන එක තමයි කළේ... හි හි
මං ෆොටෝ නං ගත්තෙ නෑ ඉතිං ... කට්ටිය ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා තිබ්බනෙ...
අපි දෙන්න ගියාට පස්සෙ තමයි ගොඩක් අය ඇවිල්ලා තියෙන්නෙ මට පේන විදියට... අපරාදෙ... ඒත් ඉතිං නිවාඩු තියෙන දවස් ටිකේ අනිත් වැඩත් කරගන්න එපැයි...හි හි...
කොහොමත් මගේ ෆේස්බුක් පාවිච්චිය බොහොම අඩු හින්ද මං දන්න කියන කට්ටිය ගොඩක්ම අඩුයි.... බලමුකෝ ආයිත් පාරක් එන්න පුළුවන් වෙයිද කියල...