බ්ලොග්ස් කියවන්න අරන් දැනට අවුරදු 6ක් විතර වෙන අතරෙ ඒ ගැන මට මේ දවස්වල හිතෙන දේවල් ටිකක් ඔහෙ ලියලා දාන්න හිතුන... සමහර විට මටමත් මේවා අමතක වෙයි කියල හිතෙන නිසා පස්සෙ කාලෙක...
පහුගිය අවුරුද්ද පුරාම අවකාශයෙ සැරිසැරුවෙ නිකම්ම සිංහල බ්ලොග් කියවන්න විතරක් නෙවෙයි... මගේ වැඩ වලට අවශ්‍ය දැනුම හොයාගන්නෙත් වැඩිපුරම බ්ලොග් අවකාශය තුළින්මයි... සමස්ත බ්ලොග් ලෝකයෙම එක එක ජාතියෙ බ්ලොග්ස් තියෙනව... මං හිතන්නෙ මේ සිංහල බ්ලොග් කියෝන වැඩිහරියක් අය නොදන්න පැති මහ ගොඩක් මේ බ්ලොග්ස් වලින් කවර් වෙනව...
සිංහල බ්ලොග්ස් අතරේ වැඩිහරියක් තියෙන්නෙ සාමාන්‍ය දේවල් ලියවෙන බ්ලොග්ස්, කවි කතා බ්‌ලොග් සහ දේශපාලනික බ්ලොග්ස් කියල මං කිව්වොත් කවුරුවත් තරහා වෙන එකක් නෑ මං හිතන්නෙ.. ඒත් ඉංග්‍රිසියෙන් ලියන සිංහල බ්ලොගර්ලා මීට වඩා දේවල් බ්ලොග් ගත කරනව.. ඒ අතරේ අමතරව තියෙනව ෆොටෝ බ්ලොග්ස්, විඩියෝ බ්ලොග්ස් විදියට එක එක ෆීල්ඩ් ගැන දැනුම බෙදා ගන්න බ්ලොග්ස්...
මේ ටික කියද්දි මට හිතෙන්නෙ අපි මේ ගහ මරාගෙන, අරුන්ට මුන්ට කියලා බෙදාගෙන, උඩදාගෙන කියෝගෙන යන “ සිංහල බ්ලොග් අවකාශෙට ” මේ ඇවිල්ල තියෙන දුරට වඩා තව මහා දුරක් යන්න තියෙනව කියන එක... ඉන්න එවුන් ටික දෙනා ගහමරා ගන්නකොට ඒ දුර නං කවදාවත් යන්න වෙන්නෙ නෑ කියල බයකුත් දැනෙනව.. මේකට හේතුව අපි ඔය පට්ට ගගහා බැන බැන ඉන්න, කොච්චර දියුණුයි අරකයි මේකයි කිව්වත් තාම අපේ යටි හිතේ තියෙන “ දූපත් මානසිකත්වයද” කියන එක මට ගොඩක් වෙලාවට හිතෙනව....
බ්‌ලොග් කියවන්නෙ දැනුම වර්ධනය කරගන්නවත්, බ්ලොග් ලියන්නෙ තමන් දන්න කියන දෙයක් බෙදාහදාගන්න නෙවෙයි ගොඩක් සිංහලෙන් ලියන බ්ලොග්කාරයො... කම්මැලිකමට... කාලෙ කන්න.. එහෙමත් නැත්තං පොඩි පොර මානසිකත්වයක් හදාගන්න.. කවුද අකමැති දෙයක් කියවලා හිනාවෙලා, පිස්සු කෙලලා කාලෙ ගෙවාගන්න... කවුද අකමැති කවුරුහරි මං පොරක් කියලා හිතනවනං... ඒවා වැරදි නෙවෙයි... ඒත් ඊට වඩා දෙයක් මේකෙන් ගන්න පුලුවන් කියන එකත් දැනගන්න එක හොඳයි...
තව වෙලාවකට ඔය සමහර දේවල් ගැන එක තැනක එකක් කියලා, තව තැනක තව එකක් කියන එක ගැන කතන්දර ගොඩක් තියෙනව... මං පේන හැටියට ඕකෙ පැති දෙකක් මං දකිනව... එකක් තමයි හරියට තේරුම් නොගෙන හිටපු දෙයක්, තේරුම් ගත්තම පැත්ත මාරු වෙන එක... මිනිස්සුන්ගෙ අදහස් කාලෙත් එක්ක වෙනස් වෙනව... ( සාමාන්‍යයෙන් මුල් බැහැගෙන ඉන්න අදහස් නම් වෙනස් වෙන්නෙ කළාතුරකින්.. ) ඔය කැම්පස් යද්දි පට්ට ජේවීජීකාරයෝ ඒකෙන් එළියට ආවම නිකම්ම යූඑන්පීකාරයෝ වෙන්නෙ... (ඕක ඉස්සර අපේ තාත්ත කියපු කතාවක්... ) අනිත් පැත්ත තමයි තාප්පෙ උඩට වෙලා හැරෙන පැත්තට හෝයියා දාන එක.... ඕකෙන් කලින් කියපු එකට මං හරිම කැමතියි.. මොකද ඒකෙන් තේරෙන්නෙ තමන්ට වැරදුනා කියලා පිළිගන්න කොන්දක් තියෙන එකෙක් බව කියල මං හිතන්නෙ.. අනිත් උන් ගැන නං ඉතිං කතා කරලා වැඩක් නෑ මගේ පොතේ හැටියට නං....
දෙයක් ඉගෙන ගන්න, යමක් කරන්න උත්සාහ කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි... ඇත්ත.. අපි හැමෝම ජීවත් වෙන්න මහා අරගලයක් කරන්නෙ.. ඒකට පොඩි සපෝට් එකක් නැත්තං මේක ඇදගෙන යන්න බෑ.. ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත්... මේක පිස්සු ලෝකයක්... ඒකෙ පිස්සු නොවැටි ජීවත් වෙන එකත් මාර යුද්ධයක්... ඒකට පොඩි වෙනසක් කරගෙන, කුනුහරුපයක් කියාගෙන, විහිළුවක් කරගෙන, බියර් එකක් ගහගෙන, ෂොපිං පාරක් දාලා, අනුන්ගෙ ඕපයක් හොයලා ආතල් එකක් ගන්න එක මගේ පොතේ හැටියට මහා වැරැද්දක් නෙවෙයි.... පරමාදර්ශි චරිත වෙන්න ගියාමත් අපි මහ වාත, බෝරිං, “ හපෝ උදේ පාන්දර දැක්කත් දවසම මූසලයි” ජාතියෙ චරිත වෙනව...
හැබැයි ඒකෙත් තමන්ගේ මට්ටම, ඒ කිව්වෙ කතාවට කියනව වගේ ලිමිට් එක දැනගන්න ඕනෙ...
හැමදාම ගෙදර එනගමන් බාර් එකෙන් බියර් එකක් ගහලා, වාහනේ එලෝගෙන ගෙදර එන එකා එදාට වැදගත් චරිතෙ වෙලා, ඌම ඉඳලා හිටලා පාටියකට ගිහින් කන පැලෙන්න බීලා එන ගමන් වාහනේ කාණුවක දාගෙන, කබරයා ගොඩේ එළිවෙනකං ඉඳලා මාට්ටු වෙන දවසට බේබද්දා වෙන්නෙ තමන්ගෙ ලිමිට් එකක් නැතිකමයි, තමන්ට ලිමිටි එකක් තියෙනව කියලා පිළිගන්න කොන්දක් නැති කම හින්ද මිසක් දකින මිනිස්සුන්ගෙ වැරුද්දක් හින්දවත්, ගෙදර මිනිස්සුන්ගේ වැරැද්දක් හින්දවත් නෙවෙයි.... හැබැයි ඒකම තව පාරක් කරගත්ත එකා හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෙ, ඒ කරන වැඩෙන් දුක් විඳින්නෙ උෟ වටේ ඉන්න, උට ආදරේ කරන, උෟ ආදරේ කරන එවුන් කියන එක තේරුම් ගන්න බැරි හරකෙක් නිසා විතරයි...
පම්පෝරි ගහන්න කවුද අකමැති.. මං නං කැමතියි... තමන් කරපු දෙයක් කළාය කියල කියන්න බැරි, කොන්දක් නැති එකෙක්ට විතරයි.. ඒ වෙග්ම තමන් වැරැද්දක් කළා කියල තේරුම් ගන්න මිනිස්සු කියන ජාතියට ක්‍රම දෙකක් තුනක් විතර තියෙනව.. එකක් ඔය කරේ තියන් ඉන්න ආගම කියන එක... අනිත් එක සල්ලි නැත්නං බේරෙන්න බැරි නීතිය... තව එකක් තමයි තමන් වටේ ඉන්න එවුන්... ඔය ක්‍රම ටිකෙන් එකකින් හරි තමන් වැරැද්දක් කළාය කියලා තේරුම් ගත්ත නං, ඒක පිළිගන්න එකා කොන්දක් කියල එකක් තියෙන එකෙක්...
එතකොට තමන් වැරැද්දක් කළාය කියලා පිළිඅරගන්න ගමන්, ඒ වැරැද්ද ගැන පම්පෝරි ගහන එකා මොකෙද්ද...?
ගොඩක් අය තමන් කරන හරි දේවල් ගැන හැමෝටම කියන්න ආසයි... හැබැයි තමන් වැරැද්දක් කළාම ඒක සාමාන්‍යයෙන් කාටවත් කියන්නෙ නෑ.. නමුත් කාලාන්තරේකට පස්සෙ මොලේ ටිකක් පෑදෙන කාලෙට ලැජ්ජාව අඩු වෙලා, වෙච්ච දේට තමන්ටම හිනාවෙන්න පුළුවන් කාලෙදි, ඕක කිව්ව කියල නරකක් වෙන්නෙ නෑ ඒක වැරැද්දක් බව තව කාට හරි තේරුම් කරන්න නං... හරියට ඔය තාත්තලා කියන්නෙ “ අපි ඔය කාලෙ කරපු දේවල් වල හැටියට....” කියලා කෑල්ලක්.... එහෙමත් නැත්තං “ අපිත් ඔය කාලෙදි ඕවා කළා, හැබැයි පුතේ... ” වගේ කෑලි....
නමුත් හරකෙක් නොවෙන, මොළයක් කියල දෙයක් තියෙන එකෙක් තමන් යමක් කියන්න කලින් ටිකක් හිතනව තමන් කොරන කියන කෙහෙල්මල් වලින්, තමන් වටේ ඉන්න එවුන්ට මොනා හිතෙයිද කියල... හැට පැනපු නාකින්ට ටොකු ඇනලා කියල දෙන්න ඕනෙ නැ නේ...
නැට්ටට කිරි උනන්නත් කලින් ඉඳලා හතර වටේ ඇන්ටිලයි අක්කලයි එක්ක වල් කමේ ගිය එක ඒ කාලෙ මහා ලොකු දෙයක් සම හරක්ට... හැබැයි ඒ කාලෙ පහු කරලා, කවුරුහරි පත්තිනි අම්මෙක් හොයාගෙන, පවුල් කාලා, දරු මල්ලො හදාගෙන, ඒ අස්සෙත් අහල පහල අහු වෙන ගෑණුන්ට සලකලා, අවුරුදු හැට හැත්තෑවක් උනාම තේරෙන්න ඕනෙ එදා කළේ වීරකමක් නොවෙන බව... ගොන් කමට කළා උනාට කරුමෙ ටිකක් හොඳ පැත්තට තිබ්බ නිසා ලෙඩක් දුකක් නොහැදි, හතර අතේ දරුවො ජාතක නොකර, තාම යහතින් ඉන්නව කියලා, තමන්ගෙ දරුවන්ට ලැජ්ජාවක් නැතුව කට ඇරලා “ තාත්තේ.. සීයෙ” කියන්න පුලුවන් කමක් කියෙන බව....
ඒත් ඒ කළ ගොංකං ගැන අදත් වීරකං වගේ පම්පෝරි ගහන පිරිමි උන්දැලා ටිකක් හරි කල්පනා කරනවනං “ මගේ ගෑණි සබාවක් මැද්දට ගිහින්, මං මේ මිනිහව බඳින්න කලින් අහල පහල ගෙවල් වල උන්නු අන්කල්ලා, අයියලා ඔක්කොම එක්ක කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම දැම්ම, ඕවා නං අපිට එච්චර දේවල් නෙවෙයි, මගේ මිනිහා ඕවා ඔක්කොම දැනගෙනනෙ මාව කසාද බැන්දෙ කියල කිව්වනං මට මොනා හිතෙයිද ...” කියලා.... ( ඒක අහන එවුන් අරූ දිහා බලලා “ හපෝ මෙහෙමත් පොන්නයෙක්..“ කියලා හිතන එක වෙනම කතාවක්....අරුන් මුන් හිතන ඒවා අපිට මොකටද...)
( ඔය එකක්වත් නොකර, ඒත් තමන් වීරය වෙන්න අතිනුත් ලූණු ඇඹුල් දදා, උදේ හවස පෝන් වීඩියෝස් බලලා දැනගත්ත දේවල්, තමන් කළා වගේ කියන අය නං මේවා ගැන එච්චරම හිතන්න ඕනෙ නෑ.. වැඩිම උනොත් ගෑණීට කියන්න වෙයි... “ පිස්සුද අනේ.. ඔය මං බොරුවට කියෝන ඒවා.. ඔයා දන්නවනේ මං බෝ පැලේ වගේ මනුස්සයා කියල......” )
වක්කඩ කැඩුවා වගේ කියෙව්වට කමක් නෑ තමන් කරන කියන දේවල් වලින් බිංදුවක වත් හානියක් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතේ පැත්ත පළාතක නැති, තමන්ගේ ජීවිතේ තමන් ඇරෙන්න වෙන විරයෙක් කියල එකෙක් නැති, එහෙමත් නැත්තං තමන් වටේ ඉන්න උන්ට ඕවා ගානක් නෑ කියලා හිතහදාගන්න පුලුවන් විදියෙ, හිතක් පපුවක් කියලා එකක් නැති එකෙක් නං...
----------------------------------------------------------------------------------------------------

ප/ලි - ඔන්න ඔහොමයි මේ දවස්වල බ්ලොග් කියවන්නෙ... මේ දවස්වල කියෝනව විතරයි කමෙන්ට් කරන්න වෙන්නෙම නෑ... කෙම්ෆෙක්ස් ගම් එක්කනෙ වැඩ.. කී බෝඩ් එකට නං එච්චර කේස් එකක් නෑ ඉටි කොළයක් තියෙන නිසා.. ඒත් මවුස් එකට නං සොරි වෙලා තියෙන්නෙ.... ( දැං මේ වාක්කෙ විතරක් කට් ඇන්ඩ් පේස්ට් කරපල්ලකෝ කමෙන්ට් වලට....හි හි)
මං ගැන කියනව නං මං දැං මේ දැනට කරගෙන යන ග්‍රැෆික් වැඩ ඇරෙන්න, අනිත් හෑන්ඩ් ක්‍රාෆ්ට් බිස්නස් එක මං තනිකරම ඉගෙන ගන්නෙ මේ බ්ලොග්ස් වලින්... ඔව්.. මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් වැඩ මම ඉස්කෝලෙ යන කාලෙදි කරලා තියෙනව.. ඒත් මේ වෙනකොට මේවායෙත් තාක්ෂණය දියුණු වෙලා... ඒත් වැදගත් දේ තමන්ගෙ නිර්මාණශීලීත්වය තමයි... මගේ පවුලේ ආර්ථිකේට පුංචි සපොට් එකක් දෙන්න මට මේකෙන් බැරි කමක් නෑ අද වෙනකොට....
මේක ලිව්වෙ මගේ සාමාන්‍ය සිස්ටම් එකටමත් නෙවෙයි.. කුණුහරුප කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි... ඒව වලට ඇඹරුනා පහේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ තේරුම් ගත්ත කුණුහරුප කියලා වීරයෝ වෙන්න හදන අය වගේ අය, ඇන්කර් පෙට්ටියක් ගත්තම තුන් හතර දෙනෙක් කපාගන්න පුලුවන් බව.... කුණුහරුප කියනව නං බජාර් එකේ සිස්ටම් එකටම කියන්න බැරිකමක් නෑ ෆිල්ම්ස් බලන තරමට... ඒත් මොකටද.. ඊට වඩා ලස්සනට කියන්න තියෙන දේ කියන්න පුලුවන්කම තියෙද්දි....
වීනස් දෙව්දුවත් ඉන්නේ පොඩි රෙදි කඩක් ඇඳගෙන... ෆිල්ම් එකක් පටන් ගනිද්දි සනී ලියෝනුත් ඉන්නෙ ඊට වඩා හොඳට වැහෙන ඇදුමක් ඇඳගෙන... හැබැයි වීනස් දෙව්දුව කලාකෘතියක්... එතෙකාට අරක කලාකෘතියක් වෙන්නෙ නැද්ද.. කවුද එහෙම කියන්නෙ... වෙනවා වෙනව.. හැබැයි අන්තර්ගතය දෙකක්.. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එකා විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... ( තේරුම් ගන්‌නෝ තේරුම් ගනිත්වා...!)