Saturday, May 18, 2013

හිනායන “ බයවල්” .....


හාඩ් එක ෆුල් වෙලා... ෆිල්ම්ස් වලින්ම...  Empty DVd 25ක් විතර ටිකක් අඩු ගානට ගන්න තැනක් කල්පනා කරද්දි මතක් උනේ Mc එක... Mc කිව්වම මතක් උනේ මේ කේස් එක.... 

අද ලියන්න ගත්තේ බය ජාති ගැන... ඒවයිනුත් හරි ස්පෙෂල් ඒවා ගැන... හි හි.. 

දැන් බලයි කට්ටිය බය වල ජාති මොනාද කියලා.... ඇයි අප්පා කොච්චර තියෙනවාද... අම්මගෙන් තාත්තගෙන් ගුටි කන්න තියෙන බය... කෙල්ල/ කොල්ලා දාලා යයි කියන බය... සර්පයන්ට තියෙන බය... හොල්මන් වලට තියෙන බය... පවු කරන්න තියෙන බය... ඔය තියෙන්නේ එකී මෙකී නොකී මහ ගොඩක් බයවල්... 

ඔන්න මේ ලියන්න ගත්තේ කෙනෙක්ට තියෙන බයක්, අනිත් අයට මහා හිනායන විහිළුවක් වගේ පේන බයවල් ගැන.... නැත්තම් එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනා සාමාන්‍ය ‌විදියට යෙදෙන වැඩකට, කෙනෙක්ගේ තියෙන බයක් ගැන...  හිනා යන බයවල් ඒ කියන්නේ... සමහර විට ඒ බය වෙන කෙනත් ඒ ගැන හිනාවෙනවා ඇති... කැරපොත්තන්ට හූනන්ට තියන බය වගේ...හැබැයි ගොඩක් අයට එතනදි තියෙන්නේ බයකට වඩා අප්පිරියාවක් තියලා ඇත්තටම කල්පනා කරලා බැලුවොත් තේරෙනවා... ඇත්තටම කැරපොත්තෙක් දැක්කම හූ තියාගෙන දුවන කෙනෙක්ව දැක්කොත් හිනා යන අයගෙන් එක්කෙනෙක් මමත්... 

ඒ උනාට මගෙත් තියෙනවා ඔය වගේ හිනා යන පරාණ බයක්... 

ඒ තමයි විදුලි සෝපාන, ඒ කිව්වේ ලිෆ්ට් නෙවෙයි... Escalators කියන්නේ... ඔව් ඔව්.. අර දුවන පඩිපෙලවල්.. අන්න ඒවයේ යන්න....


දැන් ඉතිං හිනාවෙයල්ලා.. ඔව් ඔව්..ඔයාලා නම් දිනපතා ඕවයෙ යනවා ඇති.... අයියෝ..ඕකත් මහ කජ්ජක්ද කියලා හිතෙනවා ඇති... ඒ උනාට මම නම් පරාණ බයයි ඕවයේ යන්න... ඒක පේනකොටත් මගේ කකුල් දෙක වෙවුලන්න ගන්නවා... පේන්න ඕනේ ඇත්තටමද, හීනෙන්ද කියන එක අදාළ නෑ... හීනෙන් දැක්කත් දාඩිය දාගෙන ඇහැරෙනවා..... හි හි... 

ඉස්සර ඉතිං ක්ලාස් යන කාලේ අපිට රස්තියාදුවේ යන්න කියලා තිබ්බ එකම තැන Mc එකයි Unity එකයි තමයි... මම නම් ගියේ ෆිල්ම්ස් හොයන්න තමයි... කොච්චර Mc ගියත් අද වෙනතුරැ මම ඒකේ Escalator එකේ ගිහින් තියෙන්නේ එකම එක පාරයි... ඒ යාලුවෝ කට්ටිය මාව නැතිවෙන්න නෝණ්ඩි කරපු හින්දා, හාට් එක අතේ අරන් ගිය එකම එක සැරේ විතරයි... අනිත් හැම වෙලාවෙම මම යන්නේ පඩිපෙලෙන්... කොච්චර මාව එක්කන් යන්න හැදුවත් මම ඕකේ යන්නේ නෑ... කවුරු එක්ක ගියත් මම යන්නේ නෑ... කොච්චර නෝණ්ඩි කළත් මම යන්නේ නෑ නෑ නෑ මයි.... මට තියෙන්නේ Escalator phobia එකක්ද දන්නෙත් නෑ... හි හි

හැබැයි මට Unity එකේ ඕක එච්චර අවුලක් නෑ කියලා හිතෙන්නේ ඇයිද කියන එක මම දන්නේ නෑ... සමහර විට ඒක Mc එකේ තියෙන එකට වඩා ස්පීඩ් එක අඩු හින්දද දන් නෑ.... Liberty එකෙත් අවුලක් නෑ... ඒත් මං ඒකට වැඩිය ගිහින් නෑ.... 

කොහොම උනත් ඔය වගේ තැන් වලදි පුළුවන් හැම වෙලාවෙම පඩිපෙලෙන් යන්න තමයි මම කැමති.... කො‌ෙහාම හරි වෙන තැනක තියෙන Escalator එකකට වඩා මම Mc එකේ තියන එකට බයයි... 

ඕකට හේතුව මොකද්ද කියලා මම දන්නේ නෑ... නඟින්න ගිහින් බිම දිහා බැලුනොත් ඔලුව කැරකෙන්න ගන්න හින්දා ඇස් දෙක පියාගෙන අඩිය තියන්න කියලා උපදෙස් ලැබුන නිසා එහෙම කරන්න හැදුවා... ම්හු.. මොන.... ඒකත් බෑ.... ( ඒකට උදවු කළේ අපේ මහත්තයා.. කොච්චර ට්‍රයි කළත් එයාටත් ඒක බැරි උනා...) 

ඔතන තියෙන්නේ වැටෙයි, ලෙස්සයි, කකුල යයි, අමුතු විදියට ඕකේ නඟින්න යනවා කියලා අහල පහල ඉන්න උන් හිනා වෙයි වගේ පුංචි පුංචි හේතු නෙවෙයි මට....  ඒක පරාණ බයක් කිව්‌ෙවාත් තමයි හරි.... 



( අඩේ මං දැන් මේකේ ‌ෆොටෝ එකක් හොයන්න ගූගල් කරලා බැලුවා.... බලනකොට මේ Escalator phobia කියන එක මට විතරක් තියෙන එකක් නෙවෙයි බොලේ... මේක ගොඩක් අයට තියෙන කේස් එකක්.... ඒකට කියන්නේ Escalaphobia කියලලු... මං වගේම කස්ටිය තව ඉන්නවා කියලා දැනගත්ත එකත් හිතට හරි ලොකු සහනයක් අප්පා..... හි හි) 

දැන් කල්පනා කරද්දි කට්ටියට මතක් වෙයිද දන් නෑ නේ මේ වගේ කාටවත් නොකියා ඉන්න එක එක හිනායන ජාතියේ “ බයවල් ” ගැන... ඔන්න එහෙම ඒවා තියෙනව නං කියන්න ඕනේ තරම් ඉඩ තියෙනවා.... හි හි.... 

75 comments:

  1. මටත් ඔය එස්කැලේටර් බය තිබුණ ඉස්සර. ලකී ප්ලාස යනකොට හෙන වටයක් ගහල පඩිපෙල හොයාගෙන තමයි නගින්නෙ. දැංනං ඒක පුරුදුවෙලා ගානක් නෑ.
    MC එකේ ඒවනං අනික් තැංවල තියෙන ඒවට වඩා වැඩි වේගෙකින් තමයි යන්නෙ. අනික ඒකෙ තියෙන සමහර ඒවයෙ නගින්න තියෙන දුරත් වැඩියි.
    අර පඩිය නැමිල එනකොටම ඕකට කකුල තියල උඩ කෙරෝලටම යන්න ඉස්සෙල්ල බැහැගන්න ඕන. ලංකාවෙ ප්‍රයිවෙට් බස්වලට නගින්න බහින්න පුරුදු කට්ටියටනං ඕකෙ ගානක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඔය භය තියෙන ඇත්තො සිංගප්පූරුවට ආවා නම් හැම තැනම එක්ස්කැලේටර්...සමහර දුම්රිය ස්ථාන වල පඩිපෙළින් කිසිවෙකුත් නොයන තරම්...

      Delete
    2. සිරා මල්ලි,කට්ටියට බලාගන්න ඕවල හොද පින්තුර ටිකක් දාන්න පුලුවන්නම්.තියෙන තරමක් තියෙන්නෙ භය හිතෙන කතා.

      Delete
    3. මුල ඉඳලා අගට කමෙන්ට් කියෙව්වට පස්සේ රිප්ලයි විදියට මොනවා දාන්නද මන්දා..... හි හි

      Delete
  2. Mata nam thiyanne paw karanna thiyana baya witharayi danata nam. Kella daala yayi kiyana 1 nam kawadaawath thibbe na. Matath karapoththo penna ba. Dutu thana kossen aran eliyata daanawa. Jaraawa. Eth mama unta baya nam na.

    ReplyDelete
    Replies
    1. පවු කරන්න නම් බය වෙන එක හොඳයි.. ඊට වැඩිය හොඳයි අවබෝධයෙන් පවු නොකර ඉන්නවා හැබැයි.. හි හි

      Delete
  3. e dubai wala mama okaka yanna giyaa... paawichchi naththam ewwa nawathila thiyanawaa.. ewaleth dekama nawathila thibbe...

    ehe ithin wampathen ne yanne .. mama board baluwe ne.. dadas gaala wam pahthe ekata kakula thibba udata yannna.. hutaa eka pahalata yana eka ... andak nokadi berune anuunawayen

    ReplyDelete
    Replies
    1. පිස්සු තමයි.. උඩ බලාගෙනද ගියේ... කොහොමද අප්පා බේරු‌ෙන් ඉතිං.. හි හි

      Delete
  4. ෆෝබියා වර්ග ගනනාවක්ම තියෙනවා. මම හිතන්නේ ජනාධිපති තුමාටත් තියෙන පොදු ෆෝබියාවක් තමයි "ෆයිෆ්ෆෝබියා".

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද.. අකං 5ට තියෙන බය...????

      Delete
  5. මටත් තියනවනෙ ඔය බය. මමත් ඕකේ යන්න පරාණ බයයි. මම දවසක් හොඳට බයිට් වුණත් එක්ක KCC එකේ.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද.. Mc ගියොත් මං හැමදාම බයිට්... හි හි

      Delete
  6. මන්නම් බය ඉන්ජෙක්ෂන් කටුවලට.පෙරේදා දතක් ගලවන්න ගිහින් මං වැඩියෙන් බයවුණේ හිරිවට්ටන්න යද්දී,ලබන සතියේ ලයිසොන් එකට ලේ චෙක් කොරන්න තියෙනවා...සංසාරේ....

    ReplyDelete
  7. මට හිතෙන එක දෙයක් තමයි ලංකාවේ තියෙන ඒවා හරිම ස්ලෝ කියලා. සිංගප්පූරුවේ ඒවා මාර ෆාස්ට්. අනිත් එක අර මුදා හත් ගව්වක් තියන් අමුඩ ගහන ඒවා කරන්න බෑ, පිටිපස්සෙන් කට්ටිය ඉන්නවා. එතකොට කැමති වුනත් නැතත් නගින්න වෙනවා. ලංකාවේ මුලින්ම ඔය වගේ එකක් තිබ්බේ සෙලින්කෝ මන්දිරේ. ලිෆ්ට් එක පවා. මේවායේදී උපකාර වෙන මුලධම්ර්මයම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ උඩ පන්දුවක් රැක ගන්න කොටත් තියෙන්නේ. ඒ "keep your eye on the ball till last moment" කියන එක. මෙතනදී තමන් තීරණයකට එන්න ඕනේ මොන පඩියටද කකුල තියන්නේ කියලා. ජොයින්ට් එකට තියන්නේ නැතිව, එක කකුලක් තියලා හනිකට අනිත් එකත් ඒකටම ගන්න ඕනේ. හරිම ලේසියි. බහින එක ඊට වඩා ලේසියි. ඒකෙදී කලින් කලබල වෙන්නේ නැතිව, අන්තිම මොහොතේදී බහින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම කරතෑකි දාඩිය දාලා කකුල් දෙක වෙවුලන්නේ ගන්නේ නැත්තම් සුදීක අයියේ... හි හි

      Delete
  8. අනේ බොල ඕක භයක්ද...මට ඉස්සර තිබ්බ ලොකුම භය තමයි යාලුවො එක්ක හොද අඩියක් ගහලා ගෙදර යන්න තියෙන භය...බෝතල් දෙක තුනක් හිස් කලාට පස්සෙ වෙලාව රෑ 12යි. ඉතිං කියලා කියලා කියන්න බොරුත් නෑ...කෙලින් ඉන්නෙත් අමාරුවෙන්...බීලා ඇවිල්ලා අහුවෙන්න එපා..අම්මගෙ තර්ජනය කිරීම් වලින් නිමකුත් නැති වටපිටාවක බීලා ගෙදර යන්න මම කොච්චර භයද... භයයි කියලා ෆන්ක් එක නැති කරගන්නත් බෑ...ඉතිං පාටිය ඉවරවෙලා ඔක්කොම එකතු වෙලා තමයි එක එකාගෙ නිදහසට කාරණා නිර්මාණය කර දීලා ගෙදරට යන්නෙ. සමහරු සති ගාණක් යනකං ආපහු අපේ ගෙදර පැත්ත පළාතක එන්නෙත් නෑ... පහුවදාට එළිවෙච්ච ගමන් හැමෝම අහන්නෙ...ඊයෙ මාට්ටුද ?

    ReplyDelete
    Replies
    1. උඹ සිංහල නේද කොලේ...බය නෙමෙයි බොල භය....

      Delete
    2. එල බං...බොක්කත් මෙව්ව උනා හිනාගිහිල්ල..:))))

      ඔය වෙලාවට අම්ම දොර අරිනකොට..එක්කො චූ කරනව ඈතට වෙලා...එක්කො..බිත්තිය අල්ලන් ඉන්නව බිත්තිය වැටෙයි ඇඟට කියල..!

      මේ වත් භය ද..? නේ බං..!

      Delete
    3. මොනවා කියනවද වීයා....මේගොල්ලො ඉතිං මේ ආතොල් දන්න එකක්යැ...මෙහෙම බලලා බලලා මාට්ටු වෙච්ච දවසක අපේ තාත්තා දුන්නා වෙරි හිදෙන කනේ පාරක්....

      Delete
    4. ගුටි දීලා මදි මුන්ට... ගහක බැඳලා, ඇඟට දාන්න ඕනේ දිමි ගොට්ටක්... හි හි...

      Delete
  9. සිරාවට බං මාත් මුල්ම දචස් වල එම්සී එකේ ඔය මගුලේ යන්න බයයි. උඹ වගේ පඩිපෙල තමා ගත්තේ.. උඹ කිව්වට එම්සී එකට වඩා යුනිටි එකේ ස්පීඩ් එක වැඩියි ඒ උනාට ඒකේ පළල අඩු නිසා පේන්නේ නැතිව ඇති. බය ගැන කිව්වම අනිත් උන් හිනා වෙලා උනත් උනුත් වෙන එකම බය තමා තමන්ගේ ගෑනිට තියෙන බය.. හැක්...

    ReplyDelete
    Replies
    1. ගෑණිට බය නම් එච්චරයි ඉතිං ඕනෙත්... හි හි

      Delete
  10. මොකක්ද බං..මේකට කියන්නෙ..!!!

    මෝහනය කරල බය ඇරගත්ත නම් හරි..! එක්කො ඕනෙත් නෑ..තව ටික කාලෙකින් කොහොමත් බොට පඩිපෙල් නගින්න බෑ..(වයසට ගියාම)ඒතකොට ඉබේමඕකෙ යන්න වෙනව..:)))

    මම මේ ලඟදි අපෙ කෙලීව එක්ක ගියා පුරුදුවෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ... මං ගෙදට්ට වෙලා ඉන්නවා... ඕකේ නම් යන්නේ නෑ... හි හි...

      Delete
  11. යස අපූරුවට යන මටත් මේක කියෙව්වට පස්සේ අස්ථාන බියක් ඇති උනා.විශේෂෙන් අර මස් කෑලි ඇඹරිලා කටු පොඩි වෙලා යන පින්තූරේ දැක්කම.

    ReplyDelete
  12. හොඳ වෙලාවට ඔ්වට බය වුනේ. ඔවා වැඩිම වුනොත් තට්ටුවයි නැත්නම් දෙකයි. ලිෆ්ට් එකේ යන්න භය වුනානම් කොහොමද අාතල් එක ?

    ReplyDelete
    Replies
    1. ඒකේ යන්නත් ටිකක් බයයි ඉස්සර.. ඒත් මේ වගේ පරාණ බයක් නෙවෙයි... හි හි...

      Delete
  13. මමත් පරාණ බය දෙයක් තියෙනවා. පුංචි සතෙක්. ඒත් ඌ කවුද කියලා කියන්නේ නං නැහැ. ඔය රහස දන්න උදවිය නං මා ව නැති වෙන්න ම බයිට් එකට ගන්නවා. ඒත් මම සැලෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ එදත් බය වුණේ මකුළුවටනේ ඔයා බය.

      Delete
    2. කැරපොත්තා වෙන්නැති.අපේ පුංචිඅම්මත් පුදුම බයක් තියෙන්නෙ කැරපොත්තට.ඈත ඉදන් ඌ එන කොට මෙහේ කොසු ඉදල් අරන් මෙහෙයුමට ලෑස්ති වෙලා ඉවරයි..)))

      Delete
    3. හැකරැල්ලා....


      හි හි

      Delete
  14. ඕකට කියන්නෙ ඇල්කොහොල් මද සරු භාවය කියල.
    අඩු ගානේ තමුන්ගෙ මහත්තයවත් මද පමණට අනුමත වෙන බුවෙක් නම් රෝගය නිට්ටාවට ම සුවයි.
    මම බැදපු එකිටත් ඔය ඇම්ම තිබුන පවුලෙ එකම එකී විදියට ඉපදිල/හැදිල.
    මගේ හුස්ම ඇය ආශ්වාස/ප්‍රාස්වාස කරන්න ගත්ත දවසෙ ඉදල ඔය බහු භූත කොහෙන් ගියාද කියල නැහැ.

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව කෙන්ජි.. කොහෙද මේකි ඒකට කටේ තියන්න දෙන එකක් යෑ.

      Delete
    2. මාත් අපේ මහත්තයව හම්බවෙච්ච දවසක ඉස්සෙල්ලම කරන්නෙ දෙන්න එක්ක බාර් එකකට ගිහින් සිහි නැති වෙනකල් බොන එක. ඊ ලඟට උස්සලා ගෙනිහිං ගෙදර දොරට හේත්තු කරලා බෙල එක ගහලා දුවනවා. :D

      Delete
    3. බේබදු සංගමේ..

      Delete
  15. ඔය බයවල් නං එක එක විදියට මනුස්සයන් ළග තියනවනේ.. ඒකට ඉතින් හිනා වෙලා වැඩක් නැ. ඒත් මට හිනා ගියේ මේ කෑල්ලට.
    // ( ඒකට උදවු කළේ අපේ මහත්තයා.. කොච්චර ට්‍රයි කළත් එයාටත් ඒක බැරි උනා...) // පවු හලෝ ඒ අහිංසකයට මඩ ගහන්න එපා.

    ReplyDelete
    Replies
    1. යකෝ මේකිව මහත්තය කේබල් කා එහෙක එහෙම ගෙනිච්චොත් එහා කෙලවරේ පෙට්ටියක් තියන්න ඕන බොඩිය ගෙනියන්න.

      Delete
    2. @ කෙන්ජි.
      ++++++++++++++++

      Delete
    3. ඒවයේ ගිහින් නෑනේ කෙන්ජ්.. එහෙම දේකට බයවෙයි කියලා හිතෙන්නෙත් නෑ.. හි හි

      Delete
  16. සලාකා එකේ හොඳ ඩීවීඩී කලෙක්ශන් එකක් තියෙනවා හිරුවො..මම උස තැන් වල ඉඳන් බිම බලන්න බයයි ඒ කාලෙ..අද වෙන කොට ඒක ටිකක් විතර අඩු වෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල වෙනී අයිය තුන ඩී වීඩියෝ බලන්නත් බයයි කියල ආරංචියි.

      Delete
  17. මටත් එහෙම එකක් තියනවා, එකක් තමයි බාත් ටබ් එකට තියන බය, ඒක නම් පුදුම ආකාරයේ බයක්... දැන් අපි ඉන්න ගෙදර තියෙන්නෙ බාත් ටබ් එකක් දොර ඇරගෙන තමයි වොශ් දාන්නේ.. කොයි වෙලාවක උනත් නංගියි, මල්ලියි ගෙදර එනකන් මම බාත් රූම් එකට යන්නෙ නෑ මොන හේතුවකටවත්...

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු බයක් තමයි.. හි හි

      Delete
  18. මට නම් ඔය වගේ කිසිම බයක් නැහැ මට තියෙන්නේ ගැරඬි,සර්පයෝ වගේ උන්ව දැක්කම අසීමිත බයක් දැනිලා එතනින් ඉවත් වෙන පුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි... හි හි

      Delete
  19. ඔය එස්කැලේට්ර් වල ගිහිල්ල කී දෙනෙක්ගෙ ජීවිත හානිවෙලා තියෙනවද? කී දෙනෙක්ගෙ කකුල් අහිමි වෙලා තියෙනවද! මට නම් හිතනකොටත් බයයි. එක පාරක් ආකන්සා වල සුපර් මාකට් එකක එස්කැලේටර් එකකින් බහින කොට අර කොනේ තියෙන යකඩ තහඩුව අස්සට කකුල ගිහින්. මුකුත් නෑ කෙලින්ම කකුල එස්කැලේටර් එකේ පඩියයි අර තහඩුවයි අස්සට ඇදිලා ගිහින්, සම්බල් වෙලා තමයි නතර වෙලා තියෙන්නේ. තව පාරක් ක්වාලාලම්පූර් වල්ත් ඔය වැඩේම වෙලා හයි ස්පීඩ් එස්කැලේටර් එකක. ඒ පාර ඒ කෙල්ල කෙලින්ම ඇදිලා ගිහින් අර දැති රෝදෙ අස්සට. ඒකිව අල්ලන්න ගිය ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් එට පස්සෙන් ගිහින්. දෙන්නම ඉවරයි.

    තව පාරක් ඉලිනොයි වල එස්කැලේටර් එකට නගින කොටම එක කකුලක් ගිහින් අනික ගන්න බැරි වෙලා. එහෙමම උඩු බැලි අතට වැටිලා ඔලුව වැදිලා අර ගැට්ටේ.

    මට තියෙන බය තමයි මේ වගේ කෙනෙක් යමකට බය බව දැක්කාම මේ වගේ බොරු කතා ගොතලා කියලා තවත් බය කරන පුරුද්ද ඇර ගන්න බැරි වෙයිද කියන එක කවදාවත්

    ReplyDelete
    Replies
    1. හැබැයි මම නම් ඔච්චර භයානක විදියට දැකල නැහැ.හොදටම ගෙවිච්ච් සෙරෙප්පුවක්,සාරි පොටක්,කරවටේ දාගෙන යන සාටක වගේ දේවල්. එහෙම ගියත් මම හිතන්නෙ සෙන්සර් ඇති ඉබේ නවතින්න.
      හෙන්රි කියල තියෙන විදියට හරියට අපායට යනව වගේ වැඩක්නෙ අප්ප ඔකේ යන එකත්.එක එක රටවල වෙනස්ද මන්ද.ලංකාවෙත් මම කවදාකවත් භයානක තත්වයක් දැක්කෙ නැහැ.
      කකුලක් ඇතුලට යන තරම් නම් ඒක එස්කැලේටර් නම් වෙන්න බැහැ.එක්ස්කැවේටර් එහෙකට අහු වුනොත් නම් ලොකු විනාශයක් වෙනව.

      Delete
    2. අම්මප කෙන්ජි කියනව වගේ එස්කැලේටර් එකක්ද එස්කැවේටර් එකක් ගැනද දන්නෑ හෙන්රිය කතා කරන්නෙ. ලංකාවෙනං හයිස්පීඩ් එව්ව නෑ. නැගල මගදි නින්දක් දාගෙන ඉඳල උනත් යන්න පුලුවං.

      Delete
    3. ඔය දුවන පඩි පෙලේ තියෙනව ඇලුමිනියම්/ඝන රබර් වලින් හැදුන කුඩා කානු ඒවාට පටන් ගන්න තැන සහ අවසන් වන තැන ඇලුමිනියම් වලින් සෑදුන දත් ඒ කානු වලට සෙට් වෙනව.කොටින්ම කුඩා කාසියක් /සිම් එකක්/බස් ටිකට් පතක් වැටුනොත් රැදෙන ලෙසට.
      පොඩි කොල්ලො මගේ එකත් එක්ක සෙනග අඩු වෙලාවල එක හැල්මෙ උඩට දුවන පඩි පෙලේ පල්ලෙහට ඇවිදගෙන එනව/බහිනව.
      ඔය ස්පීඩ් කතාව ලොකු බොරුවක්.ලෝක සම්මතයක් තිබෙනව ඕවට.
      ලංකාවෙ වගේ ලොක්කට/අම්මට අප්පට/ජහුටලාට වෙනස් කරන්න බැහැ ඔය වේග සීමාවන්.
      මේ මම මතක් වෙන වෙන වෙලාවට ලියන්නෙ.

      Delete
    4. මගේ කමෙන්ට් එකේ අගම තිබ්බ මේ වාක්‍ය උඹලා දැක්කේ නැද්ද කියලා මම කල්පනා කලේ... :)

      >>මට තියෙන බය තමයි මේ වගේ කෙනෙක් යමකට බය බව දැක්කාම මේ වගේ බොරු කතා ගොතලා කියලා තවත් බය කරන පුරුද්ද ඇර ගන්න බැරි වෙයිද කියන එක කවදාවත්<< :-O

      Delete
    5. ඇන්ඩි ගෙ වගෙ කතාවල් කොමන්ට් කරනවද ලොක්ක.දැනුයි මීටර්.
      කොහොමත් කතාව දුර යන තරමට හිරුට පායයි දවල් තරු.
      හෙන්රියෝ සමා වෙනු මැන :).

      Delete
    6. උඹ කිව්ව එක දැක්කහම මට මතක් උනේ අපේ පොරක්ගේ කතාවක්... ඔන්න දැන් අපි දවල්ට බත් කකා ඉන්නවා, එකෙක් කිව්ව මොකක් හරි 'කක්කා' ගැන කතාවක්. මෙතන හිටිය කෙල්ලෙක් කිව්ව අයියෝ කනකොට කක්කා ගැන කතා කරන්න එපා කියලා. දැන් මේ කියන පොර මෙහෙම කියනවා "ඔව් ඔව් මාත් කැමති නැහැ, කන වෙලාවට කක්කා ගැන කියනවට, අනිත් එක මෙයා කියන්නෙ පොඩි ළමයෙකුගේ කක්කා ගැන, ඒවා අර ලොකු අයගේ වගේ හයියට, ගුලි ගුලි වගේ නෙමෙයි, ලා කහ පාටට දියර ගතියට තියෙන්නේ.. හරියට අර යෝගර්ට් වගේ..." අර කෙල්ල බත් කෑම පැත්තක තියලා බාත්රූම් එකට දිව්වා..

      Delete
    7. කෙන්ජිගේ පළවෙනි කමෙන්ට් එක දැක්ක ගමන්ම මට ‌තේරුනා අන්තිම පේලිය දැකලා නෑ තමා කියලා... හි හි

      Delete
  20. මට නම් මුකුත් මතක් වෙන්නෑ.මං හරි නිර්භීතයිනේ...)))
    හැබැයි මං තනියෙන් නිදාගන්න බයයි!!!

    ReplyDelete
    Replies
    1. වහාම කවුරු හරි නිදාගන්න කොට ළගට ගන්න

      Delete
  21. ඔය කැරකෙන පඩිපේළි වල පහල ඉඳල උඩට යන්න බය නෑ. හැබැයි උඩ ඉඳං පහලට එන්නනං බයයි.

    ReplyDelete
  22. මේක කියෙව්වට පස්සේ මම බය වුණා වගේනේ. කලින් මෙහෙම එකක් ගැන හිතිලා වත් තිබ්බේ නෑ. මාර අවුල. මට බයයි දැන්.

    ReplyDelete
  23. //නඟින්න ගිහින් බිම දිහා බැලුනොත් ඔලුව කැරකෙන්න ගන්න හින්දා ඇස් දෙක පියාගෙන අඩිය තියන්න කියලා උපදෙස් ලැබුන නිසා ... //

    "අපේ මහත්තයා" දීල තියෙන්නෙ මරුම (මාරක) උපදෙසක්නෙ.... :D :D

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තේරෙන්නේ මොකක්ද සිල්වා

      Delete
    2. හපොයි නලීන් අයියේ.. හි හි

      Delete
  24. අඩේ අපේ රූමාටත් ඔය ප්රෝබියාව තියනවා..හේ හෙහ් හෙහ්... ඌ ඔය පඩිපෙලේ නගින්න හදනකොට වෙව්ලනවා.


    ReplyDelete
  25. ඇත්තටම මමත් හරි බයයි ඔය අටමගලට

    ReplyDelete
  26. මට නම් උස සම්බන්ධ බයක් තමයි තියෙන්නේ... පොඩි කලේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක ඉඳල බලද්දි බය උනාට දැන් නම් වයසත් එක්ක තට්ටු ගානත් වැඩි වෙලා. මෙහෙ උන්දලත් අම්බානට එස්කැලේටර් වෙනුවට පඩිපෙල දිගේ යනවා, මාත් බැලුවා මුනුත් බය වෙලාද කියලා, නැහැල්ලු, ව්‍යායාමෙටලු ඒ.

    ReplyDelete
    Replies
    1. උසටත් බයයි මං.. ඒත් මෙච්චර නම් නෑ... හි හි

      Delete
  27. මමත් ලොකු බයක් තියෙනව එක සතෙක්ට නම්,
    අපේ ගෙදර අය දන්නව.
    සමහර වෙලාවට අම්ම ඇවිත් බේර ගන්නකල් මගේ ලඟට උන් අල්ලන් ඇවිත් තියන් ඉඳල තියෙනව මම අඬනකම්ම.
    ඒත් තාමත් බයයි.

    ReplyDelete
  28. මං කල්පනා කලේ මට තියන බය මොකක්ද කියල. :)

    ReplyDelete
    Replies
    1. මාත් ඔහෙම තමයි හිතං හිටියේ මේකට බයවෙනකම්... හි හි

      Delete
  29. ඔය කියන බය නම් මටත් ඉස්සර ඔය විදියටම තිබ්බා... ඒත් දෑන් නම් නෑ... බය පෑත්තකින් තියල දවස් 2-3ක් ඕකෙ ගියාම ඒක ඈරිල යනව...මෙහෙ (සින්ගප්පූරුවෙ )නම් ඉතින් බයයි කියල එස්කලේටර් මඟ ඈරල යන්න ගියොත් ගමන් යන්න වෙන්නෙ නෑ... දණිස්ස කඩාගෙන ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නෙ... ( පඩි නෑගල බෑහලම ) ... :D

    ReplyDelete
    Replies
    1. බඩ බහින්න කියලා පඩිපෙල් වලින් යන්න... හි හි

      Delete
  30. අනේ අපේ මහත්තයා මට නං බෑ බෑ බෑ බෑ බෑමයි..

    ReplyDelete
  31. අපේ අම්මත් ඔය සීන් එකට හරි බයයි!

    ReplyDelete
  32. මගේ යාලුවෙක් හිටියා ...මලාට එස්කලේටර් එකේ යන්නේ නැහැ .දැන් කොහොමද මන්දා . මන් නම් මාර ආසයි ඕවයේ යන්න ඉස්සර .ගානට කකුල තියා ගන්න එකයි උඩට යද්දී දඟලන්නේ නැතුව ඉන්න එකයි බහින කොට හරි වෙලාවට කකුල බිම තියන එකයි කරන්න පුළුවන් නම් අමාරු නැහැ .

    මන් නම් ඉහලක ඉඳන් බිම බලද්දී කකුල් හිරිවැටි යන එක තමයි වැඩියම තියෙන්නේ .තව ඉතින් විශේෂයෙන් සර්පයින්ට බයයි . හය්යෙන් යන වාහනයක ඉස්සරහ ඉඳගෙන යද්දී බයයි .

    ReplyDelete
  33. මටත් අර වැටුනට පස්සෙ බය ඇතිවුනේ ලොකු එස්කැලේටර් වලට. ක්‍රෙස්කැට් එකේ එක, යුනිටි, ලිබර්ටි අවුලක් නෑ. මොන්ඩි, හවුස් ඔෆ් ෆැෂන්ස් ඕවගෙ පළල් එස්කැලේටර් දකිද්දි ඒවට නගින්න බෑමයි කියල හිතෙනව හිත ඇතුලෙන්.

    ReplyDelete