කතන්දරේ මතක නැති අය මෙන්න මේ පැත්තට ටිකක් ඔලුව දාලා ආවා නං හරි....
මං සඳුදා උදේ ඉස්කෝලේ ගියේ බොහොම ලැජ්ජාවෙන්... ඇයි ඉතිං... අයියගේ යාලුවන්ගේ කටවල් වල හැටි මම දන්නවනේ... එදත් අපි යනකොට ඇවිත් හිටියේ තරිදු අයියයි, අංජු අයියයි විතරයි...
“ ආ... කෙල්ල බරටම උස්සගෙන එන්නේ... මොනාද ආ.. කැවුම් ද....”
... මට ගහන්න හිතුනා තරිඳු අයියට...
“ මොකද නංගි.... අද බර්ත්ඩේ එකද....”
මුකුත් නොදන්නවා වගේ අහන හැටි... මං අංජු අයියට රැව්වා....
“ ඒ.... කසුන්... උඹ නංගිට දැම්ම කිව්වද කොල්ලන්ට රවන්න කියලා... මෙයා මෙන්න මට රවනවා...”
අංජු අයියා, සුදු අයියට කෑ ගැහුවා....
ටික වෙලාවකින් මගේ යාලුවෝ ටික ආවාම මං උන් ළඟට ගියා... උන්ගෙන් වැඩි දෙනෙක් ඇත්ත සිද්ධිය දන්නේ නෑ... මෙගන් අහනවා ඇයි ආවේ නැත්තේ කියලා... මං ඉතිං සනීප නැති උනා කියනකොට අයියලා ටික එහා පැත්තේ ඉඳන් හිනාවෙනවා.... මාර වාතයක් තමා මේක නම්.....
--------------------------------------------------------------------------------
නාවින්නෙදි කෝච්චියක් පීලි පැනලා නිසා කෝච්චි නෑ.... සුදු අයියටත් ක්ලාස්.... අංජු අයියටයි අනික් හැමෝටමයිත් එක එක වැඩ වලට After school ඉන්න වෙලා... මං සුදු අයියගේ ඉස්කෝලෙට කෝල් එකක් දැම්මා... ඒ පාර එයා පන්ති යන්නේ නැතුව එන්න හදනවා... මං කිව්වා මං ඉස්කෝලෙ ඉන්නම්... පන්ති ඉවර වෙලා එන්න කියලා... මට බස් එකේ යන්න දෙනවනං මේ කිසි කරදරයක් නෑ.. කොහෙද... අම්මලගේ වැඩි පරිස්සමනේ... ඒ පාර මට ටිකක් ඉන්න කියලා ආයිත් කෝල් එකක් අරන් කියනවා අංජු අයියට තුනට ක්ලාස් ඉවර වෙන නිසා එයා එක්ක යන්නලු..
සුදු අයියට පිස්සුද මන්දා... අපේ සිකුරිටි අන්කල්ට පිස්සු හැදෙයි කොල්ලෙක් ආවොත් ළමයෙක්ව එක්කන් යන්න... සුදු අයිය නං හැමතිස්සෙම එන නිසා සිකුරිටි අන්කල් දන්නවානේ.. ඒත් අංජු අයියව දන්නවයැ... අනිත් එක එයා නෑයෙක් යෑ....
“ පිස්සුද සුදු අයියේ... අපේ සිකුරුටි අන්කල් එහෙම යන්න දෙන්නේ නෑ...”
“ හ්ම්ම්.... මම අම්මට කතා කරලා කියන්නම් ඉස්කෝලෙට කතා කරන්න කියලා.... ”
“ ඕනේ එකක්.. මගේ කාඩ් කුඩු කරන්නෙ නැතුව... ”
මට තනියෙන් යන්න පුළුවන් උනත් මෙයාලා යන්න දෙනවයැ... අම්මට ඇවිත් මාව එක්කන් යන්නත් බෑ... ආපෝ.. මෙහෙම වෙලාවට තමයි අයියලා නැති උනානං හොඳයි කියලා හිතෙන්නේ... එහෙනං මං අගේට තනියෙන් යනවානේ.....
මං බැන බැන ඉන්නකොට අම්මා ඉස්කෝලෙට කෝල් කරලා ප්‍රින්සිපල් මැඩම්ට කතා කරලා කියලා විස්තරේ... අදට විතරක් යන්න දෙනවා කියලා, මට කිව්වා ඔෆිස් එකට වෙලා ඉන්න කියලා.... මොන කරුමයක්ද මන්දා.. වෙන කිසි කෙල්ලෙක්ට නෑ මෙහෙම වදයක්.... කෝච්චි නැත්තං බස් එකේ නැග්ගා, ගෙදර ගියා... මට තමයි මේ ඔක්කොම...
යන්තම් අංජු අයියා 3ට ආවම ප්‍රින්සිපල් මැඩම් මට යන්න දුන්නා.. හපෝ.. මැඩම් අංජු අයියා දිහා බලපු හැටි.... හරියට ඉස්කෝලෙට හොරෙන් පැනලා අහුවෙච්ච කොල්ලෙක් දිහා බලනවා වගේ... මටත් ලැජ්ජයි...
අපි දෙන්නා බස් හෝල්ට් එකට එනකොට හොඳ වැස්සක් එන්න ලෑස්ති වෙනවා හතරවටෙන්ම කලු කරගෙන... බස් එකක් එනකොට නම් හොඳටම වහිනවා.... ඉස්සෙල්ලම ආපු සීටීබී එකට නැග ගත්තාම යන්තම් ඉඳගන්න සීට් නම් තිබුන එක හොඳට ගියා... ඒත් අපි දෙන්නම ටිකක් තෙමුනා... මං කවද්ද කුඩ අරන් ගියේ....
තෙමුනේ යන්තම් උනත් ඒ ටික ඇති මට හෙම්බිරිස්සාව හැදෙන්න... බස් එකට නඟිනකොටත් මගේ නහය හිරවෙලා... ඔලුව කැක්කුමයි පුපුරන්න... කොහොමත් ප්‍රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකේ හිටියොත් ඔලුව කැක්කුම හැදිලා තමයි නවතින්නේ... ඒ තරමට ඒසී එක...
මං බෑග් එකේ ඔලුව ගහගත්තත් එහෙම ඉන්න බෑ වැඩි වෙලාවක්... නහය හිරවෙනවා....
“ නංගි ... මොකද ඔයාට....”
අංජු අයියට තේරෙන්න ඇති මං මං නහය ඇඳ ඇඳ දඟලනකොට...
“ හෙම්බිරිස්සාව අයියේ.... හුස්ම ගන්නත් බෑ....”
මං ලෙඩා දුකා වගේම කිව්වා.... සුදු අයියාවත් හිටියනං.... හේත්තුවක් දාගෙන යන්න තිබ්බා... මං සීට් එකට ඔලුව තියාගත්තා...
හිරුවෝ, දැන් නම් කෙලින්ම ෆැන්ටසියට තමයි යන්නේ.. පොඩ්ඩක් වගේ යථාර්තවාදී කරමුද?
ReplyDeleteබෑනේ බං.. ඊට වඩා ලේසියි කෙලින්ම ගිනි ගොඩකට දාන එක පොතම... හි හි
Deleteබරපතල ප්‍රකාශයක් නදිනියේ ...ඒත් මම නම් ආසාවෙන් බැලුවා ..
Deleteමෙන්න එකපාරට ඉවරයි ..මම මේ හරි බරි ගැහිලා කියවන්න
ගත්තා විතරයි හිරු...
මුලිම්ම නම් කතාවේ භාෂා විලාසය මට නුහුරු ගතියක් දැනුන .
ඒත් දැන් හුරු වෙලා ..ගෑල්ලමයි කතා කරන විදිහ මම නොදන්නවැයේ
සෙට් උනාම ...
හිරු ඔයාට මතකද 9 වසරේ වගේ සිංහල පොතේ තිබුණ කාන්ති කියන
කතාව ..? ඒ පිරිමි ළමයා මුලිම්ම කාන්තිට කැමති නැහැ ..පස්සේ දවසක්
කාන්තිගේ විලුඹ දැකලා ටික ටික ආදරේ ඇති වෙනවා ..අන්තිමට නොදැක
ඉන්න බැරි ගානට පත් වෙනවා ..
මට ඒ කතාවත් මතක් උනා හිරු ..ඔයාට නම් එක පාරට මතක් වෙන එකක් නැහැ ...මට තියෙන්නේ අලියෙක්ගේ වගේ මෙමරි චිප් එකක්නේ ...
මීළඟ කොටස එනකම් ඉඳිමි මග බලා ....
ඈ... මට එහෙම එකක් මතක නෑ නේ අප්පා..... හි හි
Delete
Deleteඩිංගක් ඉන්නකෝ හෙමීට පෝස්ට් එකක්ම
දාන්න ...
යථාර්ථවාදී ෆැන්ටසියක් කරා....................
Deleteමට නම් හිතෙන්නේ දැන් තමයි යථාර්තවාදී ලව් ඉස්ටෝරිය පටන් ගන්නේ කියලා..
Deleteහ්ම්ම් එකත් එහෙමද?
ReplyDeleteකිරිත් එක්ක සමහන් බොන්න තියෙන්නේ.............
ReplyDeleteහි හි...
Deleteපාරමී දම් පිරුවේ නැත කාලෙකින්.. ඒක නිසා කියෙව්වෙත් නැ...
ReplyDeleteඉදකින් මේවා කමෙන්ට්ද යකෝ ...?
Deleteකියලා වැඩක් නෑ සහන්..... හි හි
Deleteඑහෙනම් නිකං හම්බවෙන එකේ, කැවුම් කිරිබත් ටිකක් කාලම ඉමු.
ReplyDeleteනිකම් හම්බුවෙනවනං ඕනේ එකක්.. නේද ඩූඩ් අයියේ... හි හි
Deleteමොකද බං වෙන්ඩ යන්නේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වෙන්ඩ යන්නෙ ගනු දෙනු මොහොතට මහජන බැංකුවට ගිහිල්ල NSB ගිණුමකට මුදල් තැන්පත් කොට ගණු දෙනු කිරීමයි :) .
Deleteඅනේ රජෝ... ඇත්තටම අවුරුද්දටත් බැංකුවට ගිහින් ඔහොම වැඩක් කරන්නකෝ... හි හි
Deleteහිරුටත් මීටර් නැහැ වගෙ සිද්ධිය.
Deleteඅනේ මන්දා කොල්ලනේ.. හිරුවගෙ මනෝ ගැහිල්ල නං ඉමක් කොනක් නැති එකක්..
ReplyDeleteහි හි... පරණ මනෝ පරවල් සරත් අයියේ...
Delete@Perseus R;
ReplyDeleteඔබගේ දැන්වීම කරුණාකරල ප්‍රසිද්ධ වැසකිලි දොරෙ /බිත්තියෙ ලියනවද පන.
හා.......නේ??????
ReplyDeleteඒක නේන්නං.... හි හි
Deleteඅර යසට යන කෝච්චියකුත් පීලි පන්නල අද.
ReplyDeleteහි හි.. මේක ලියපු දවසේ ඇත්තටම කෝචිචි තිබ්බෙ නෑ.... බස් එකේ එන ගමන් තමයි ඔය ටික ලිව්වෙත්...
Deleteවයසට වැඩිය පැහිච්ච කෙල්ලක්......ජම්බුගහෙන් පැනපුදාට පහුවදා කොල්ලෙක් එක්ක බස්එකේ තනියම යනවා... අනේ බං හිරුවෝ..
ReplyDeleteආ නෑ නලීන් අයියේ... මේ ඊට ටික කාලෙකට, ඒ කිව්වේ මාස ගාණකට පස්සේ වෙන සීන් එකක්... ඔතනින් චැප්ටර් එක්ක කඩලා තිබුනේ.. කොෙහද පොඩ්ඩයි පොඩ්ඩයි කියලා මැරෙන්න යන නිසා මං මේ ටික එක පාරටම දැම්මා... හි හි
Delete( හොඳ වෙලාවට කමෙන්ට් දාන්න පුළුවන් උනේ.. නැත්තම් මං මේවා කොෙහාම පැහැදිලි කරන්නද... හි හි)
Yako...
ReplyDeleteKV eke kochchiyak peeli pannoth keedenek mareyida manda??
Hiruth karana dewal ara amaaruwen duwana train tikata :-D
ඔය අපි ඉස්කෝලේ ගිය කෝච්චිය අපි යන කාලේ තුන් පාරක් පීලි පැන්නා බං.. හැබැයි එක පාරකදි වත් කවුරුවත් මැරුනේ නෑ... ඒ හැම වෙලාවෙම පීලි පැන්නේ රේල් ක්‍රොසින් එක තියෙන අතුරු පාරවල් වලට අලුතින් තාර දාපු වෙලාවල... ඒකෙන් හිනාගන්න පුළුවන්නේ කට්ටියගේ තාර දැමිල්ල... හි හි ...
Deleteබ්ලා.. බ්ලා...... බ්ලා..........
ReplyDelete$@#%$#^%&%&^*&^(&)
අයියගෙයි නංගිගෙයි කොමල ඇති දැන්... අංජුවාට වැඩේ බාර දෙමු..
ReplyDeleteලස්සන කතාවක් . ඔක්කොම කොටස් ටික කියවලා බලන්න ඕනේ.
ReplyDeleteඇයි බං අක්කේ සුට්ට සුට්ට දාන්නේ.. ඕකනේ බැරි..
ReplyDeleteකෝ මේ කතාවෙ ඉතුරු ටික.
ReplyDelete