Monday, January 28, 2013

ඊයේ කාපු කට්ට.. ගැලපෙන උපමාවක් තියෙනවා නම් යෝජනා කරන්න...


දැං නං මට යකා උපරිමේටම වැහිලා ඉන්නේ... ඇයි වදේ .. මුන් මේ ගෙට්ටුවක් දාලා දැං ෆොටෝ දානවා හතර වටේටම... දුකේ බෑ මට... ඒ අස්සේ අටමා පෝස්ටුවකුත් දාලා හිරු කෙල්ල තෝ අපායටම පල කියලා... මට ඇඬෙනවා.. ඉහි ඉහි ඉහි...  

යන්න වෙන්නේ නෑ කියලා දැනගෙන හිටියත් ඊයේ කාපු රජ කට්ටේ තරමට මට මෙහෙම දුක හිතෙන එක සාධාරණයි කියලා ඔයාලම කියයි මේ ලියන්න යන ටික කියෙව්වම..... 

මං ඉතිං කලින්ම කියලා තිබ්බනේ කට් කරන්න බැරි විදියේ වෙඩිමක් සෙට් වෙලා, මට ඒකට යන්න වෙනවා කියලා... සාරි පටලවාගෙන දවසක් ඉඳීමේ කරදරයට අමතරව මේකට යන්න උනා නුවරටම.. ඒකත් එක්තරා විදියක දඬුවමක් තමයි... ඕන්න මේකයි කතන්දරේ.. 

නුවර යනවා කියන්නේ අඩුම තරමේ පාන්දර 5ට වත් ගෙදරින් යන්න ඕනේ වැඩක්... පාන්දර 5ට ගෙදරින් යන්න නම් මම නැගිටින්න ඕනේ 3ට වත්.. ඇයි වදේ... සාරියක් පටලෝ ගන්න එපැයි... ඕක ඇවිල්ලා මහ වදකාර කෝස් එකක්... 

කො‌ෙහාම හරි 3ට අමාරුවෙන් නැගිටගෙන ( වෙනදට 6ට නැගිටින්නෙත් පුදුම අමාරුවකින්.. හි හි) අපේ මහත්තයවත් බොහොම අමාරුවෙන් ඇහරවගෙන ( ඇයි සාරියට කටු ගහන්න, මේකප් දාන්න එහෙම හෙල්ප් කරන්න.. හි හි.) ලෑස්ති වෙලා ගියා දෙන්න එක්කම බයිසිමොටෝවේ නැගලා අපේ මහත්තයගේ අම්මලගේ ගෙදරට 4.30 වෙනකොට... එහෙට තමයි වාහනේ එනවා කියලා තිබ්බේ.. 

අපි යනකොට කට්ටිය මූණ හෝදලත් නැ ... අක්කගේ පොඩි එකා තමයි උදෙම්ම නැගිටගෙන තිබ්බේ... එයා නැගිටලා තියෙන්නේ පාන්දර 3ට.. හි හි... එයාව කරගහගෙන අක්කට කිසි දෙයක් තරන්න බෑරි නිසා ඉතිං අපි දෙන්න එයාව තියන් විකාර කර කර හිටියා 5.30 විතර වෙනකම්... ඔන්න එතකොට කෝල් එකක් ආවා අනිත් කට්ටිය දැන් එහෙන් පිටත් වෙනවා කියලා... ඒ කිව්වේ අපේ මහත්තයාගේ නැන්දලා කට්ටියක්.. එයාගෙල් වෑන් එකේ තමයි යන්න ලෑස්ති කරගෙන තිබ්බේ... ඉතිං දැං ඉතුරු වැඩ ටිකත් දඩිබිඩියේ කරගත්තා.. 

මෙන්න 6ට විතර කෝල් එකක් එනවා වෑන් එක ස්ටාට් වෙන්නේ නෑ කියලා... 

කාපන්කෝ ටකරම්.... 

ඒ පාර අපේ මහත්තයා කෝට් බෑය ගලවලා තියලා, බයිසිමොටෝවෙන් ගියා මොරටු... 

ඔව් ඔව්..එහෙ ඉඳන් තමයි අනිත් කට්ටිය එන්න හිටියේ... එතකම් ඉතිං අපිත් ඇඳ පැළඳගෙන බලං හිටියා...ඒ අස්සේ අර උ‌ෙද් පාන්දරම නැගිට්ට එක්කෙනා, ඒ කිව්වේ අක්කගේ පොඩ්ඩි ගේ දෙවනත් කරනවා බඩගිනි වෙලා.. ඒ පාර එයාට කන්න දීලා ෂේප් කරගෙන ඉවර වෙනකොට මෙන්න අපේ මස්සිනා ආයිමත් ඇඳට වැටිලා හොඳටම නිදි... හි හි.... 

කොහොම කොහොම හරි බලං ඉඳලා ඉඳලා ඔන්න වාහනේ ආවා 8.30ට විතර... වාහනේ ළඟට ගිහින් බැලුවම මේ එනවා කිව්ව වාහනේ නෙවෙයි.. ඒ පාර ඔන්න අපේ මහත්තයා කියනවා ඒ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව දඟළන‌ෙකාට එහා ගෙදර මනුස්සයා එයාගේ වෑන් එක දුන්නලු අරං යන්න කියලා...

ඔන්න ඉතිං පොඩ්ඩගේ බඩු ටික එහෙම පටෝ ගෙන නැග්ගා වෑන් එකට.. යන්තම් 9ට පිටත් උනා කියමුකෝ.. දැං වෙඩිම පටං අරන් ඇති කියලා දැනගෙන, අපි මේ යන්නේ දවල් කෑම වෙලාවට වත් යං කියලා... හි හි... 

අපේ මාමණ්ඩි ටිකක් වේගෙන් යනවා කියලා තේරුනත්, වෙනදට වාහනේ පිටිපස්සේ ඉඳගෙන එළවන කට්ටිය සද්ද වහලා හිටියේ පරක්කු වෙච්ච නිසා තමයි.... හි හි... ඒ අස්සේ අපේ මහත්තයා පිටිපස්සේ සීට් එකට වෙලා නිදි.. 

මෙන්න එකපාරටම වෑන් එක නැවතුනා... ඒ පාර ඔලුව දාලා බැලුවා ඉස්සරහට.... ඔව් ඔව්.. අපි දෙන්නා තාම අලුත බැඳපු ජෝඩුව හින්දා අන්තිම සීටි එකේ තමයි අපි හැමදාම.. හි හි... ( ඒ සීට් එකේ ඉඳගත්තාම ගැස්සෙන නිසා කවුරුවත් එතනට එන්න කැමති නෑ..) 

මෙන්න බොලේ වෑන් එකේ දුම් පිරිලා... ඒ මදිවට කර ගඳයි ටයර් ගොඩක් ගිනි තියලා වගේ... 

බලනකොට එන්ජිම හීටි වෙලාලු.. වාහනේ ගන්න කොට තෙල්, වතුර බලද්දි ප්‍රශ්නයක් තිබ්බෙත් නෑලු...  ( මං දන් නෑ.. අපේ මහත්තයා තමයි කිව්වේ).. මේ ඉතිං උතුවන්කන්ද හරියෙලු... ඔන්න ඉතිං කට්ටියම බැස්සා පාර අයිනෙන්.. ‌වතුර දාලා දාලා, එතන කඩේක හිටපු කෙනෙකුත් ඇවිත් උදවු කරලා යන්තම් නිවා ගත්තා කියමුකෝ... මෙන්න මේකේ වතුර ලීක් වෙනවා... ( මේවා ගැන මං දන්නේ නෑ හරිද.... මං මේ දැකපු, ඇහුන ඒවා තමයි කියන්නේ... ) ඒ පාර එතනින්ම ගැරෙජ් එකක් අහගෙන වතුර බෝතල් තුනක් විතරත් පුරෝගෙන ආවා කියමුකෝ ගැරේජ් එකකට... ඒක මේ මාවනැල්ල හරියේ තමයි තිබ්‌ෙබ්.. 

ඉතිං දැං පිරිමි කට්ටියම, ඒ කිව්වේ අපේ මාමණ්ඩියි, අපේ මහත්තයගේ මාමයි, අපේ මහත්තයයි විතරයි.. අපේ මස්සිනා නම් වාහනෙන් බැස්සෙවත් නෑ...හි හි , බැහැලා ඔන්න බැලුවා වාහනේ... ඒක හදන්න බෑ ලු... අලුතින් දාන්න වෙනවලු...  

පොඩ්ඩක් හිටු... දැං වෙලාව කීයද...1ත් පහුවෙලා... දවල්ට කන වෙලාවත් ඉවරයි.... 

දැං ඉතිං බඩගිනියි හොඳටම.. දැං නං වෙඩිමට ගියත් වැඩක් නෑ කියලා මට හිතෙනවා.. ඒත් ඕවා කියලා ගුටි කන්න පුළුවනෑ.. ඉතිං කට පියං හිටියා... හි හි...  ‌පොඩි එකාට නම් ජොලි.. ඇයි ඉතිං.. එයාව වඩා ගෙන හුරතල් කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවානේ.... 

ඔන්න ඒ පාර ගැරෙජ් එකේ කෙනෙක්ටම කියලා වාහනයක් එතනට ගෙන්න ගෙන අපි කට්ටියක් විතරක් වෙඩිමට පිටත් උනා.. අපේ මහත්තයයි මාමණ්ඩියි දෙන්නම නැවතුනා වාහනේ හදාගන්න.. අනුන්ගේ වාහනයක් එහෙම දාලා යන්න බෑනේ... 

ඔන්න පළවෙනි පාරට බැන්ඳට පස්සේ මං ගියා වෙඩිමකට තනියෙන්.. හි හි... ඒ මදිවට එතන අපේ මහත්තයගේ නැයෝ විතරයි.. මං දන්න කට්ටිය ඉන්නෙත් කීප දෙනයි... මං හිටියේ බයේ.. හි හි.. ඒත් වාසනාව මගේ පැත්තේ තිබ්බේ...

මොකද කිව්වොත් අපි එතනට යනකොට කපල් එක පිටත් වෙන්න ලෑස්ති වෙනවා.. හි හි.... 

මොකක් කිව්වා.... ??? කෑම...??? මොන කෑමද... එත‌ෙකාට කෑමත් ඉවරයි... ඩෙසර්ට් විතරක් කාලා සැනසෙන්න සිද්ධ උනා...

ඔන්න දැං ආයිත් එන්නත් එපැයි ඉතිං.... කාර් කීපෙකම අපි කට්ටිය නැගලා ආයිත් ගැරේජ් එක ළඟට ආවා.... වාහනේ හදාගෙන ඔන්න දෙන්නා බලං ඉන්නවා අපි එනකම්.. කාපු කට්ට කොයි තරම්ද කියනවා නම් මට ඒ වෙනකොට එපාම වෙලා හිටියේ... ( ඇත්තම කිව්වොත් පොඩි එකෙක් එක්ක ගමන් යනවා කියන එක මට ජීවිතේටම එපා උනා...) 

ඒක නිසා අනිත් අය වෙන මොනාවත් කියන්න කලින් ( මම එහෙම කළේ වාහනේ කැඩිලා වෙච්ච පරක්කුවට අමතරව, කට්ටිය ඒ වෙන‌ෙකාට වාද කර කර, සාකච්ඡා කර කර, ඒක ඒක ‌‌යෝජනා ගෙනල්ලා, කියව කියව ඉඳලා, දවසේ පැය 3ක් විතර පරක්කු කරලා හිටිය හින්දා... අනිත් එක පොඩි එකා හොඳටම නිදි.. එයා ඇහැරැනොත් විනාසයි.. ) මං කිව්වා අපි මේ මාමත් එක්කම ගෙදර යන්නම්, ඔයාලා වෑන් එක අරං ගෙදර එන්න කියලා... 

ඔන්න යන්තමි ඒකට කට්ටියම කැමති වෙලා නැන්දම්මයි, අක්කයි, පොඩි එකයි, මස්සිනයි, මායි, ඒ මාමත් එක්ක ආවා... අනිත් කට්ටිය එහෙමම මොරටු ගිහින් වෑන් එකත් බාර දීලා නැන්දලවත් බස්සලා එන්නම් කියලා ගියා.. 

එතනින් කතාව ඉවරද.... නෑ බොලවු.. තව තියෙනවා.... ඉවසලා හිටපල්ලා.... 

කොළඹට එනකම්ම ට්‍රැ‌ෆික්.. ආසන්නම අනුමානය දිග සති අන්තයක් වෙච්ච හින්දා කියලා එකඟත්වයට ඇවිල්ලා අපි හිමින් හිමින් ගෙදරට එන‌ෙකාට රෑ 9යි... ආපු ගමන් අපේ මහත්තයට කෝල් එකක් දීලා කිව්වා මං ගෙදර ආවා කියලා... 

මෙන්න මෙයා කියනවා ආයිත් අර වාහනේ කැඩිලලු.... 

ඉතිං මං මොනවා කරන්නද... අනිත් පැත්තට කෝල් එකක් දීලා නැන්දම්මට කිව්වා අන්න අරගොල්ලෝ ආයිත් මඟ හිටලා කියලා... 


ඉතුරු හරිය අපේ මහත්තයාගේ කතාව තමයි.... 

ඔන්න ගැරේජ් එකෙදි ගලෝලා බැලුවම රේඩියේටරේ කැඩිලලු... ඒකේ ෆො‌ටෝ ටිකක් එයා අරන් තිබ්බේ ඔන්න මේ ‌වැඩේ නම් පෝස්ට් එකක් දාන්න ඕනේ කියලා මං කිව්ව හින්දා... ( මුලම හරියෙදි නම් ෆොටෝ ගත්තේ නෑ.. එච්චර සිහියක් තිබ්බේ නැති නිසා... දුම් දාපු හැටිත් ෆොටෝ එකක් තිබ්බනං හොඳයි කියලා දැං හිතෙනවා..) (ෆොටෝ වලින් කීපයක් දැං අප්ලෝඩ් කරන්න විදියක් නෑ... රේඩියේටරේ මොකද්ද කියලා මට හොයාගන්න බැරි නිසා එයා ආවම අප්ලෝඩ් කරන්නම්.. හි හි) 


ඉතිං ඒ පාර රේඩියේටරයක් අලුතින් අරන් දාගෙන වාහනේ හදාගත්තලු... 

කට්ටියව දාගෙන ආපහු එන‌ෙකාට අලුතින්ම දාපු කෑල්ලක් මඟ හැලිලා.. ඒ පාර කෝටු කෑල්ලක් ගහලා ඒක අටවගෙන ගෙදරට ඇවිල්ලා, ඇණයක් හොයාගෙන ඒක හදාගෙන ආපහු ගිහින් වාහනේ බාර දීලා ඇවිත්... ( බාර දීම ගැනත් කියලා වැඩක් නැති නිසා මම කියන්නේ නෑ.... මට හිතෙන්නේ ඒ අසල්වැසියෝ ආශ්‍රය එච්චර හොඳ දෙයක්  නෙවෙයි කියලා නැන්දලට තේරැනොත් ඇති.. වෑන් එකත් දුන්නට පස්සේ ඇයි මම මෙහෙම කිව්වේ කියලා කාට හරි හිතෙන්න පුලුවන්... ඒත් මං හිතනවා මේ වගේ දේවලට මුහුණ දුන්න අය තව ඇති කියලා... ඒ අයට තේරෙයි මං ඇයි එහෙම කිව්වේ කියලා... ) 

ඒ වෑන් එක ස්කූල් සර්විස් යන එකක්.. ( මං හිතන්නේ එතනින් එහාට මං කිසි දෙයක් කියන්න ඕනේ නැති වෙයි...හි හි.. කට්ටියට හිතාගන්න පුළුවන්..) 

මේ ටික ප/ලියක් කියලා හිතමුකෝ... 

මට හිතට වැදුනම කතාව මේකයි... දැං ඔය වාහනේ හින්දා වියදම් වෙලා තියෙනවා රැ 16000ක්... අර අපි හයර් එකට අරන් ගිය වාහනේ ගානත් එක්ක... ( මාවනැල්ලේ ඉදලා Queens`s එක ගාවට යන්න රු 2200 යි.. කැඩිච්ච වාහනේට පෙට්‍රල් 4000යි..)  

අපි උදේ වාහන හයර් එකට ගන්න තැනකට කතා කරලා ගනන් ඇහුවම මුළු ට්‍රිප් එකටම 9000 යි කියලා තමයි කිව්වේ.... ( මං ඔය වගේ සාකච්ඡා වලදි යෝජනා ඉදිරිපත් කරන එක නවත්තලා තියෙන්නේ.. මොකද කිව්වොත් වාහන ගැන, වාහන වල ගමන් බිමන් යන එක ගැන මට වඩා සිය දහස් ගුණයක් දේවල් එයාලා දන්නවා..  ) 

දැං මට මෙතන කියන්න ඕනේ දේවල් ටික ඔක්කොම කියවිලා තියෙනවා මං හිතන්නේ.. 

මේ‌ වෙච්ච දේවල් ටිකට හරියට ගැලපෙන උපමාවක් මතක් වෙනවා නම් කට්ටිය යෝජනා කරන්න... මට හරි යන එකක් මතක් වෙන්නේ  නෑ... මම නම් හිතන්නේ ‌මේකෙන් උපමා තුනක් වත් හදාගන්න පුළුවන් වෙයි කියලා... හි හි

අනේ මේ ගමන පැත්තක තියලා ගෙට්ටුවට ගියානම් හොඳයි කියලා මට හිතුනේ එකපාරක් නෙවෙයි... ඒත් මේවා යුතුකම් පැත්තට වැටෙන නිසා මගේ කටට ඉබ්බා දාගෙන ඉන්න සිද්ධ උනා... 

අනේ අටමෝ තරහා වෙන්න එපා බං.... 
   

ඔය තියෙන්නේ රේඩියේටරේට වෙලා තිබ්බ හරිය... ඒක පුපුරලා තිබිලා තියෙන්නේ... 


මෙන්න මේ ගැරෙජ් එකෙන් තමයි හැදුවේ... 

129 comments:

  1. :( අපරාදේ එන්න තිබ්බා නේන්නම්... අපෝ මේම කරදර වලටනම් උපමාවක් එන්නතේ නෑනේ... අපිටත් වෙලා තියනෝ ඕම එකක්,,

    ReplyDelete
    Replies
    1. දැක්කා නේද ගෙට් එකට එන්නැතුව වෙඩිමවල් වලට ගියාම වෙන දේ....
      සෑහෙන්න වියදං ඇති නේ වෑන් එකේ නුවර ගිහිං..
      බාධා වෙන ගමං යන්න හොද නෑලු නේද??????
      (පල්ලෙහාට යන්න කම්මැලි නිසා මෙතැන කෙටුවා ඈ...)

      Delete
    2. //දැක්කා නේද ගෙට් එකට එන්නැතුව වෙඩිමවල් වලට ගියාම වෙන දේ....//
      අනුමත කරමි...

      //(පල්ලෙහාට යන්න කම්මැලි නිසා මෙතැන කෙටුවා ඈ...)//
      මූ බැන්දම පල්ලෙහාට නොයා කොතැන කොටයිද දන්නෙ නැහැ ඕං !

      Delete
    3. මගේ ක්මෙන්ටුව කාලා නෙහ් මෙයාලා.. :/

      Delete
    4. මේකට නොයා බැරි නිසා ගියේ අප්පා... නැත්තම් කො‌ෙහාම හරි කට් කරනවා.. හි හි

      සෑම්.. තරියා ගැන නම් ෂුවර් නෑ නේද.. හි හි...

      ඒක තමයි ශම්මි.. මේකට කියන්න ජාති එන්නේ නෑ තාමත්... ඒ තරම් කට්ටක්...

      Delete
    5. ඒ සෑමා..
      බැන්දම හොයාගන්නවා බං ලේසි විදිහක් පල්ලෙහාට යන්නැතුව කොටන්න...

      Delete
  2. හෙහ් හෙහ්... මම නම් ඔහොම ගමනක් යන්නම ඕන වුනොත් කලින් දවසෙ හවසම ගිහින් ළඟ පාත හෝටලේක නතරවෙලා ඉඳල (වෙඩිම තියෙන හෝටලේ රෑම් තියෙනව නම් ඒකෙම නැවතිලා) තමා යන්නෙ... ඔය වගේ මඟ කරදරත් නෑ... හිතේ සැනසීමෙන් ගිහින් එතහැකි...

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම කරන්න තමයි හිටියේ.. ඒත් මෙදා පාර හෝටල් ඔක්කොම බුක් වෙලා.... කට්ටිය වැඩිලු මේ වීක් එන්ඩ් එකේ.. ප්‍රශ්න පත්තරයක් තිබ්බා.. හි හි

      Delete
  3. උදේ තුනට නැගිටලා ලැස්ති වෙලා 8.30 ගමනක් පලයන්කෝ... හය්යෝ සල්ලි... ගෙට්ටුවට ගියා නං ටිකක් හිනාවෙන්නවත් තිබුනා

    ReplyDelete
    Replies
    1. හයියෝ ඒක තමයි නඟා.. හි හි

      Delete
  4. හා හා අපේ ගෙට්ටුවට ආවෙ නැතුවාට බොට හොදම වැඩේ... මම එහෙම කියන්නෙ නෑ... හිරුවට මේ කරදර අස්සෙ ගෙට්ටුවට ගියා නම් හොදයි කියලා හිතෙන්න ඇති... මම දන්නවා මේ උලව්ව තිබුනෙ නැත්නම් අපේ මහත්තයා එක්ක හිරු ගම්පහ එනවා කියලා... අප්‍රේල් 21 අවුරුදු උත්සවය...එදාටවත් වරෙන් යෝදියෙ...

    ReplyDelete
    Replies
    1. අනිවා සිරා .. එදාට නම් එනවා... හි හි

      Delete
  5. හරිම සතුටුදායක සනීප දවසක්. උපහැරණ ඕනද?

    ගෙට්ටු එපා කියල හිරුව නුවර ගියා වගේ

    පෙරේත කමට එළව එළව දෙනව වගේ

    පෙර වැරදි පෙර වැරදි තමා ඔය.. මොනා උනත් කරදර දාමයක්.. ඊට වඩා පුදුමේ උඹ කට වහගෙන ආව එක තමා.. ඇත්ත තමා ඉස්සර ඉබ්බො වගේ නෑ නේ දැං ඉබ්බෝ නුවනක්කාරයි..

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ මට දේශකයෝ... හි හි

      Delete
  6. මොකද බොල වචන දහයෙන් දහයට හි හි ගාන්නෙ ? අඬනවද ? හිනාවෙනවද ?

    ReplyDelete
  7. නිදහසට කරුනක් ලෙස දිගහරිනලද අමූලික ඇත්තක් බව සලකන්න.

    වෙන මොන උපහැරනද, "අපේ මහත්තය වෙඩිමට ගියා වගේ" කිව්වහම ඇති.

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත දේශ්.. ආයි මං මොකටද බොරු කියන්නේ.... හි හි

      Delete
  8. ගහෙන් වැටිච්ච මනුස්සයට ( ගෑනිට කියලා දා ගන් මට මොකෝ ) ගොනෙක් ඇනලා ගියාට පස්සෙ එතනින් ගිය අලියෙකුට පෑගුනා වගේ උපමාවක් හරි යන්නෙ නැද්ද හිරුවො ?

    ReplyDelete
    Replies
    1. වෙනී මාමගෙ හොම්බ දිග කැමරාව එක්ක ඊයේ හිටියා නම් මේ වෙද්දි අන්තර් ජංජාලය එකම මඩ වගුරක් වෙලා....ඇත්තමයි වෙනී මාමගෙ අගේ මට අද තමා හරියටම වැටහුනේ...

      Delete
    2. වෙනී අන්කල්ටත් යන්න බැරි උනා නේ.. මේ උපමාව නම් ගැලපෙනවා වෙනි අන්කල්.. හි හි

      ඇත්ත සිරා.. වෙනි අන්කල් ගියා නම් අද හිනා වෙවීම ඉන්න තිබ්බා... හි හි...

      Delete
  9. අම්මප අපිටත් ඔයවාගෙ ඒව හොඳ අත්දැකීමක්..!
    ඇත්තෙන්ම ඕය වාගෙ දුර ගමනක් යන්න කලින් තම්න්ගෙ වාහනේ තෙල්,හුලං බැටරිය ගැන යම් පරීක්ෂාවක් කලින් දවසෙ කරගත යුතුයි. මම කිව්වෙ ඔයාලගෙ නෑදෑයගෙ වාහනේ ගැන.එහෙම උනානම් ඔයවගේ කරදරයක් නොවෙන්න තිබුන.

    අනික පොඩි ඈයො එක්ක මගුල් ගෙවල් වල යනව කියන්නෙ පවක් පොඩි එකාටත් අපිටත්.අමුතු ඇඳුම් පටලෝගෙන ඉන්න පොඩි ඈයො කැමතිනෑ..ඉතිං අඬනව,ඳඟලනව,එකවිදියට ඉන්නෑ...මම වාහනය ගන්න කලින් ඔයවගේ අත්දැකීම් අනන්ත ලබල තියෙනව. තමන්ගෙ කියල ත්‍රීවීල් එකත් වටින්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. මමත් වාහනේ ගත්ත දවසේ ඉදල වෙන වාහන වල ගියේම නෑ.. කොච්චර ලෙඩ දුන්නත්.. හිහි

      Delete
    2. වී.... ඕවා කවුරුවත් කියන්න ඕනේ දේවල් නෙවෙයි එයාලට.. එයාලා ඒ තරම් වාහන ගැන දන්න කට්ටිය.. හි හි... පොඩි අය එක්ක ගමන් යන එක බැරියැ.. ඒ වගේද අරන් යන්න තියෙන බඩු ගොඩ .... හි හි

      අනේ දේශකයෝ... හි හි

      Delete
  10. මේකෙ මාත්තුරුකාව ‘හිතේ දුකට පැල් කවි කියවෙනවා වැනී‘ වගේ එකක් දැම්මනම් හොඳයි මම හිතන්නෙ හි හී ...

    ඇයි වදේ වාහන ගැන ඔච්චර දන්න මිනිස්සු ගොඩකට දුර ගමනක් යන වාහනයක තත්ත්වය ගැන අවබෝධයක් නැත්ද, නැත්නම් ඒක නොසලකා හැරියද.

    ReplyDelete
    Replies
    1. DDT .. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ හි හි....

      Delete
  11. ගෙට්ටු එපා කියපු හිරුවා නුවර ගියා වගේ!!!
    හොඳම ටකරම!!!
    (පව් ඈ!)

    ReplyDelete
    Replies
    1. ටකරම් කියන්නේ නාඩියෝ.. ඒක ඇවිල්ලා මං හිතන්නේ මලකඩත් කාපු ටකරමක්.. හි හි

      Delete
  12. හිරු පාන්දර 3 ට උදාවී මගුලෙ ගියා වගේ.....

    ReplyDelete
    Replies
    1. හයියෝ.. මතක් වෙනකොටත් පිස්සු වගේ.. හි හි

      Delete
  13. අය්යෝ හිරූ ඔයාට මේක මේ වගේ වෙයි කියලා ඉව තිබුනද මන්දා . ඔයා මේ ටිකේම මේ ගැන කියපුවා මතක් වෙනවා . අය්යෝ සල්ලි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගිමි.. මටත් එහෙම හිතුනා...

      Delete
  14. අ‍පෝ ඔය රේඩියේටරේ අලුතිං දාන්නෙ නැතුව පාස්සල දුන්නනං ඉවරයිනෙ.
    මාත් මේ ළඟදි වැල්ලවායෙ ගියේ ඔහොම තමයි. කලිං දවසෙම ක්ලච් ඔෂර් ගියා, උදේ පාන්දරම කට්ට කාල ඒක දාගත්තත් ක්ලච් එක වැඩකරන්නෙ නෑ. අන්තිමට නවත්ත නවත්ත ගියර් දාගෙන තමයි ගියෙ. හැබැයි කෑම වෙලාවට යාගන්න පුලුවං උනා දඩ කොලේකුත් මගිං අරගෙන.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ප්‍රසා අයියේ.. ‌ඕවා නම් මන් දන්නෑ.. කාපු කට්ට තමයි මට නම් මතක.. හි හි

      Delete

  15. සික් අම්මප හිරු ව ගැන දුක හිතෙනවා මේවා දැක්කම

    ReplyDelete
    Replies
    1. මටත් මං ගැන දුක හිතෙනවා අනේ... ඉහි ඉහි ඉහි

      Delete
  16. මෙන්න මගේ හෙඩිම ,ගෙට්ටුව කට් කරන්න හිරුවා මගුලේ ගියා වගෙයි,

    හිරුවෝ එදා දවස නම් මරේ මරු...ඔයත් ඉන්නමයි තිබුණේ...
    කට්ටිය ක්‍රිකට් ගහද්දී මායි අටනුයි සුම්ත් නිරිඇල්ලයි චමි මලයයි වෙනම මැච් එකක් ගැහුවා. එතැන දී තමා ඔබේ ගුණ ගායනා වර්ණනා ඇදුනේ... ඇත්තටම නාපු එකට අපට දුකයි. ඔබ එතැන ඉන්නම තිබුණා. බ්ලොග් ලියන අයට ඔබ විරවරියක්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එන්න පුළුවන් කමක් තිබ්බනං එනවා නලීන් අයියේ.. දන්නවානේ.. හි හි

      Delete
  17. ගේට්ටුව කට් කරල වෙඩිමේ ගියාට ඔය ඇදිල තියෙන්නේ හිරුට මරු ස්වීප් එකක් .හේ

    ReplyDelete
    Replies
    1. මරුම ස්විප් එකක් මේක නම්... හි හි...

      Delete
  18. යස වැඩේ. ගෙට්ටුවට නොයා මගුලේ ගියාට. තව බැනපන් අටමෝ. :)

    ReplyDelete
  19. Imagination is the beginning of creation.

    මේක හරියයි කියලා හිතුනා. මම නෙවෙයි කිව්වෙ, අර ‍රැවුල් කාර ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ ලොක්කා.
    (ඕනැ මගුලක් කියලා මම හෙල්මට් එකකුත් දා ගත්තා.)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නැන්දේ... මට අහුවෙන වෙලාවට ඔය හෙල්මට් එක දාගෙනම ඉන්න ඩූඩ් අයියේ මතක ඇතිව.. හි හි..

      Delete
  20. බෑන්දපු අලුත මටත් සෙට් උනා ඔය වගේ අහක යන මගුලක්.. අපි නම් ඊට කලින් දවසේ රෑ මගුල් ගෙදර හිටියෙ... හතරවටෙන් ඈරිච්ච ලිදක් ලග මූන හොදන්න තිබුනෙත්...හස්බන්ඩ්ගෙ පෑත්තේ කොල්ලොමයි ඉන්නේ... ඉතින් යන්තමට මූන හෝදගෙන බෑලුවම ඈදගන්න උදව් කරන්නවත් කෙනෙක් නෑ..ඉන්න කෙල්ලො දෙතුන් දෙනත් අලුත් අක්ක කියල ලගටවත් එන්නෙ නෑ... අනික හස්බන්ඩ් ලගට ආවහම අනිත් උන් කෑගහනව උබ මොකද ඔය හෑමවෙලේම ගෑනි අස්සෙ කියල.. මට නම් ඈඩිල හිටියේ.. ඈයි ඉතින් හෑම එකාම මගුල් ජොඩුව බලල ඊට පස්සෙ එන්නෙ අපි ලගට.. මට හරි අප්සෙට්... හරියට ඈදලත් නෑ..

    හිරුට බනින එක පව්නේ... බනින්නෙ නෑතුව කරපු කියපු ඒව පෙන්නුවම ඊලග එකට එපා කිව්වත් බලෙන් හරි එයි...

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට තාමත් ඔය සීන් එක වෙනවා නදිනි.. ඒ වෙලාවට නම් පුදුම අප්සට් වෙනවා තමයි... මුලම දවස් වල මටත් ඔය වගේ වෙඩිමකට යන්න වෙලා එදා නම් ඇඬුවේ නැති ටික විතරයි... හි හි

      ඒකනේ... බලන්නකෝ.. මේ මට බනිනවානේ කට්ටිය...

      Delete
  21. කොරේ පිටට මරේ කිව්වළු... මරේ කිව්වට ජර මරෙත් එක්ක බර බරෙත් සෙට් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උපමා... හි හි

      Delete
  22. වඳින්න ගිය දෙවාලේ හිසේ කඩා වැටුණවත්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වැඩක් තමයි උනේ ගයනි... හි හි

      Delete
  23. මෙන්න මේ වගේ වෙලාවක...අර මොකක්ද රේඩියෝ චැනල් එකෙන් වත් ඇවිත්....ඔයා අහන්නේ මොන චැනල් එකද කියලා ඇහුව නම්....

    මොකක්ද දෙන උත්තරේ...හික්ස්....

    හිරු නම්..සල්ලි තමයි.....(අඩු තරමේ අර වියදම් වුන ගානවත් කවර් කරගන්න තිබුනා...)

    ReplyDelete
    Replies
    1. එහෙනං මං ඒකව අල්ලලා තල්ලු කරනවා අර හෙලෙන් පහලට... හි හි

      උන් කවදාවත් ඔච්චර ගානක් දෙන්නේ නෑ අනේ.. වැඩිම මං දැකලා තියෙන්නේ 10000යි දෙනවා.. හි හි

      Delete
  24. හෙනහුරාදා මගුල් කෑමේ ගියා වගේ...

    ReplyDelete
    Replies
    1. හෙනහුරාදා නෙවෙයි මාරයියේ.. ඉරිදා... හි හි

      Delete
  25. ගහදන්න අපිට කොළ කඩාපාද්දි.. ගහෙන් වැටිලා ගොනාගෙන් ඇනුම කාගෙන . ගෙට යනකොට ගොනා ගෙට ගිහින් හවරිය කාලා

    ReplyDelete
    Replies
    1. ගහ දන්න අයත් එදා වැඩේ වරද්දගත්තා මීයෝ.. හි හි

      Delete
  26. "හිරුවා මඟුලෙ ගියා වගෙයි" කියන්නෙ ඕකෙන් පස්සෙලු :P

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවා ආයිත් වෙන කාටවත් වෙයිද දන් නෑ නේ.. හි හි

      Delete
  27. " මඟුලක මඟුල " කියලා දැම්මොත් කොහොමද !!

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි දිනෙල්ක... ගැලපෙනවා.. හි හි

      Delete
  28. හපොයි.... මාර කට්ටක්නෙ කාලා තියෙන්නේ..... ඒ මදිවට මගුලෙන් කාලත් නෑ.... අයියෝ පවු අනේ 3 ඉදන් ඇහැරන් කරපු යුද්දේ.....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ සමනලී ඒ ගැන නම්... හි හි

      Delete
  29. මේ නොකියා කියන්නෙ වාහනේ හදවාගන්න ඕනෙ නිසා දුන්නා කියලද?

    ReplyDelete
    Replies
    1. වෙච්ච දේ සම්පූර්ණයෙන් ඇහුවාම නම් තේරෙන්නේ ඒ වගේ තමා හරී... ( මං ඒ ඔක්කොම විස්තර ලිව්වේ නෑ.. හි හි)

      Delete
  30. හුඟ දෙනෙකුගේ පොස්ට් වල තියෙන්නේ මේ ගමන ගැනමයි. මට ඉතින් ඒ ගැන කිසිවක් ලියන්න නෑ. ඉදිරියේදී බලමු.

    ReplyDelete
    Replies
    1. මට යන්න බැරි උනානේ නිර්මලා ගෙට්ටුවට.... අපරාදේ...

      Delete
  31. හිරුවා වෑන් එකේ නුවර ගියා වගේ. :D

    ReplyDelete
  32. හොඳ වෙලාඅවට ගේට්‍ටුවට ගියෙ නැත්තෙ. නැත්නම් පහුවදා අටම ගුටි කනව සුවර්

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒ මොකෝ අටම් ගුටි කන්නේ..

      Delete
  33. ""ගේට්‍ටු අතහැර මගුල් කෑවා වගේ""

    ReplyDelete
    Replies
    1. හි හි .. ඒකත් හොඳයි තමයි....

      Delete
  34. හිරු අක්ක නැති අඩුව සමියට නං දැනුනා. දකින්ඩ හිතාගෙනම හිටිය කෙනෙක්. හුම්ම් :/

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි සමියෝ.. හෙනම දුකයි...

      Delete
  35. ගෙට්ටුවෙන් 200ට කන්න තිබ්බ කෑම එක නුවර ගිහින් 16000ට කෑවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ කරලත් කන්න හම්බුනේ නෑ නේ තිසර.. ඒකනේ දුක.. හි හි

      Delete
  36. හිරුටත් වඩා ලොකුවට කට්ට කන්න වෙලා තියෙන්නෙ අපේ මහත්තයට නේද... අල්ලපු ගෙදර අන්කල්ට නම් වැඩේ වාසියි වගේ :)

    ReplyDelete
    Replies
    1. ඔවු.. එයයි තාත්තයි තමයි ලොකුම කට්ට කෑවේ.. අල්ලපු ගෙදර අන්කල් කට්ටයා.. හි හි

      Delete
  37. වෙන්න තියෙන සේරම වෙලානේ .. අපොයි .

    ''කාපු මගුලකුත් නැහැ ..හිරුට ගේට්ටුවත් නැහැ ''.

    ..හවුලේ කොරන වැඩ ඔහොමමයි . ගමනක් යනකොට අරයා මෙයා එක්ක යන්න ඉන්නවා නේද . මට නම් පෙනෙන්නම බැරි වැඩක් . කොටින්ම සයිගොන් වල ඉන්නකොට එක ගැහැණු කෙනක් තරහත් වුනා . ගමනක් යන්න පොරොන්දු වෙලා මන් බලන් ඉන්නවා ..'' අනේ මන් තාම දත් මැද්දේත් නැහැ අනේ ..ඔයා අපේ දිහාට ඇවිත් මාව එක්ක යනවද . '' මන් කිව්වා එහෙනම් ඔයා ටැක්සි එක්ක එන්න කියල . එයින් පස්සේ එයා මා එක්ක තරහයි .

    අපිටත් වතාවක් නුවර යද්දී ඔය දුම් දාන එක වුනා . ගමනම ඉවරයි . වාහනේ හදාගෙන යන්තම් මාලිගාව වැඳලා ගෙදර ආවා ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බින්දි කියන්නේ ... තව කට්ටක් කන්න වෙනවා අපිත් අර වෑන් එකට නැග්ගනං එහෙම එද්දිත්.... රෑ 12ට වත් ගෙදර එන්න වෙන්නේ නෑ... හි හි

      Delete
  38. ඔක්කොම වෙන්නේ හොඳට කියලා කවුද කියලා තියෙනව නේද හිරැ අක්කේ...?

    ReplyDelete
    Replies
    1. හි... කියලා වැඩක් නෑ මලයෝ....

      Delete
  39. නුවර සිරි නොමදව විඳගන්න ඇති මගෙ හිතේ....

    මෙයත් කෙබර හලන්න පටං අරන්.........
    /// ඇත්තම කිව්වොත් පොඩි එකෙක් එක්ක ගමන් යනවා කියන එක මට ජීවිතේටම එපා උනා...///

    ReplyDelete
    Replies
    1. සිරි විඳ ගැනීම ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ.. මාලිගාව ඉස්සරහින්ම බැහැලා එක පාරක් ඒ පැත්ත බලන්නවත් බැරි උනා... හි හි

      ඇයි බං.. මොකද්ද කෙබරේ... හි හි

      Delete
  40. ඕකනේ අක්කේ කියන්නේ. මම වගේ හොඳ ද්රයිවරයෙක් හිටියනම් හරි කියලා.

    ReplyDelete
    Replies
    1. හප්පා .. ඔයා වගේ එක්කෙනෙක් හිටියනං අපි තාම මඟ.. හි හි

      Delete
  41. "හිරුවා මඟුලේ ගියා වගේ" (තිරුවා අඹගමුවෙ ගියාවගේ තමයි )

    ReplyDelete
    Replies
    1. අයියෝ කියලා වැඩක් නෑ සරත් අයියේ.. උපමා අලුතින් හදන්න වෙනවා කියලා කිව්වේ නිකම්ද මං... හි හි

      Delete
  42. මොනවා වුනත් ඉදල හිටලා පින් අතේ වැඩක් කරාම නරකද

    ReplyDelete
    Replies
    1. මොන පින් අතේ වැඩක් ගැනද කියන්නේ.. හි හි...

      Delete
    2. ඇයි ඉතින් අල්ලපු ගෙදර අංකල් ට අලුත් රේඩියේටර් එකක් දාල දීපු එක

      Delete
  43. උපමාවක්‌ එන්නේ නෑ කටට :ඩි

    මේක කොහොමද?

    ගහෙන් වැටුන හිරුට අටමා ඇන්නා සේ

    ඔය වාහන කැඩෙන සීන් නම් කතා කරලා වැඩක් නෑ අප්පා. හොඳ වෙලාවට අර වෙලාවේ ගැරේජ් එකක්වත් හම්බ උනේ. ගැරේජ් හැම එකම වහන නිවාඩු දවසක අපිට ඔහොම වෙලා උන්ගේ ගෙවල්වලට යන්න උනා බාස් කෙනෙක් හොයන්න :(

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙම එකක් උනා එකපාරක් අපිටත්.. හැබැයි එදා නම් රස්තියාදු උන් නෑ මෙච්චරම... හි හි...

      ඔයාගේ උපමාව ගැන මම මුකුත් කියන්නේ නෑ සයුරි.. හි හි

      Delete
  44. හයියෝ... ගමනට පණ්ඩිතයො රැලක් සහභාගි වෙලානෙ... ඒකයි ගමන හරියකට යන්න බැරි වෙන්නැත්තෙ... මේ හිරුල අපි වගේ ඕව නොදන්න සෙට් එකක් හිටිය නම් කරදරයක් නැතිව ගිහින් එන්න තිබ්බ...
    පොඩි ළමයි ගමන් අරන් යන එකද... දැන්මම පොඩි අයිඩියා එකක් තියෙන එක හොඳයි... සාමාන්‍යයෙන් වෙනම ලොරි පොඩ්ඩක් ඕන ඔවුන්ගෙ බඩු ගෙනියන්න...
    වෙච්චි හරිය මදිවට මුන් කියන ඒව... පව් අනේ හිරු... හික්ස්... අර සයුරිගෙ උපමාවත් නියමයි...

    ReplyDelete
    Replies
    1. හි හි.. හයියෝ මියුරු කියලා වැඩක් නෑ ඔය දෙකම ගැන නම්... දුක වැඩි උනේ මුන් කියන ඒවට තමයි...

      Delete
  45. හිරුගේ රිප්ලයි වලට කොමෙන්ට් කරලා තිබුනට අද තමයි මුලින්ම මෙහෙට ගොඩ උනේ. ඉස්සෙල්ලම් දැක්කේ මම කැමතිම සබ්ජෙක්ට් එකක්. ...වාහන. ඔන්න ඉතින් ෆොලෝ පාරක් එහෙමත් දැම්ම හිරු.
    // ඕවා කවුරුවත් කියන්න ඕනේ දේවල් නෙවෙයි එයාලට.. එයාලා ඒ තරම් වාහන ගැන දන්න කට්ටිය.. //

    ඔය විදිහට හිට් උන වාහනයකට වතුර දාලා නිවන්නේ නැහැ, නිවෙන්න කල් දීලා තමයි වතුර දාන්න ඕනේ. එහෙම නැත්නම් රස්නේ වතුර දාන්න ඕනේ. එහෙම කලේ නැත්නම් ඉතින් ගෑස් කට් එකට දෙය්යන්ගේ පිහිටයි. මටනම් හිතෙන්නේ එකට වැඩේ වෙලා ඇති.

    සඳ තරු කුමකට
    හිරු ඇති තැනකට
    කියා සිතුනි මට
    මෙය කියවන කොට

    ReplyDelete
    Replies
    1. හි හි... කමෙන්ට් එකටයි කවියටයි තෑන්ක්ස්... ආ ඇයි.. ෆලෝ කළාට.. හි හි...

      Delete

  46. හයියු ආතල් කැඩිලා නේද ඇහි බැමත් හදන්
    ගියපු යක් නැටුමේ ? හොදම වැඩේ :)

    ReplyDelete
    Replies
    1. ඇහි බැම හදන්න ගියේ නෑ සහන්.. මං ඔන්නොහෙ ට්විසරේකින් වැඩේ ෂේප් කරගත්තා... ඕකටත් ගානක් පුදපල්ලකෝ නැත්තම්... හි හි

      Delete
  47. ගමනක් යන්න පිටත්වෙන්නම ඕනේ කරදරවලට මූණ දෙන්න. ඒවා ඒඒ වෙලාවට කාටත් පොදුයි.හැබැයි අර ගෙට් එකට මටත් යන්න බැරිවුණා අත ළඟම තිබිලත්

    ReplyDelete
    Replies
    1. මේක නම් ඉල්ලන් කාපු කෑමක් අයියේ.. හි හි

      Delete
  48. ඕකට තමා හිරුවො "දෙන දෙයියෝ උඩ පැන පැන දෙනවා" කියන්නේ :ඩි
    මම මේ දත කට මැදගෙන ඉන්නෙ නුවරට එක්ස්ප්‍රෙස් වේ එක හදන කන්.... දැන් නම් හොඳම වැඩේ රෑට නුවර යන එක, එත් ඉතින් ආදරනීය පොලිස් රාලහාමිලා ඉන්නවා රෑ දොලහටත් කහ ඉරි කපන ඒවා අල්ලන්න....

    ReplyDelete
    Replies
    1. අම්මපා.. මොන කෙහෙල්මලට හොඳ පාරවල් හදනවද මන්දා අඩි 10න් 10ට පොලිස් මාමලා ඉන්නවා.. වැඩක් තියෙනවයැ ඉතිං....

      Delete
  49. ආසරණය සත්තු බලන්න කලේ ගියා වගේ. මටනම් මතක් වෙන්නේ මට මේ ලඟදි වුන සිද්දිය..

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි... අර සමනලයෙක් විතරක් බලලා ආපු එක නේ... හි හි

      Delete
  50. හප්පට සිරි...මේකට නම් උපමා දෙක තුනක් එකතු කරන්න වෙවි වගේ.. :)

    "අතින් කාලා මගුලකට ගිහින් දැකපු මගුලකුත් නෑ වාහනේ රේඩියේටරෙත් නෑ" වගේ එකක් :D

    ReplyDelete
    Replies
    1. අම්මපා ගවේෂකයෝ.... කියලා වැඩක් නෑ... හි හි

      Delete
  51. ඔන්න අද තමයි මම මුලින්ම මේ පැත්තට ආවේ... අක්කටත් මාර අකරතැබ්බයක් තමයි වෙලා තියෙන්නේ.. වාහන වල ගමන් යනකොට හිටපු ගමන් ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.. මටත් මතකයි අපේ නේවි එකේ මල්ලි කෙනෙක්ගේ පාසින් අවුට් එකකට ගිහින් එද්දි අපි ආපු වාහනේ කැඩිලා කාපු කට්ට... ඕව ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඕවා ඔහොම වෙනවා කියලා දන්න පණ්ඩිතයෝ ටිකක් එක්ක ගිහිනුත් මේ ටික වෙච්ච එකටනේ අප්පා උහුලන්න බැරි... හි හි... තෑන්ක්ස් මේ පැත්තේ ආවට...

      Delete
  52. වැඩේ පරක්කු වදදේ එන්න තිබුනේ ගම්පහ. ඇයි දෙයියනේ දැන් ඒ.සී. කරපු එක්ස්ප්‍රස් ට්‍රෙන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා හින්දා සුදීක අයියේ අපිත් මෙයාලත් එක්කම ගියේ... නැත්තම් අපි දෙන්නා කලින් යන්න හිටියේ...

      Delete
  53. ඇඬෙනවා තනි ඇහට. හිරුවා ඕකනම් අපලෙයක් බං. හොඳ ජම්බෝල ගෙඩි දෙක තුනක් කප්පවාපං. මගේ කොමෙන්‍ටුවක් ආගිය අතක් නෑ මේකට දමාපු. ඒගැන හොයා බලනවද මම පොලෝසි යන්නද..?

    ReplyDelete
    Replies
    1. හි හි.. මේ අපලෙට ජම්බෝල කපලා හරියන්නේ නෑ වගේ සරා අයියේ... මට වෙන කමෙන්ට් එකක් නම් හොයාගන්න බැරි උනා.... පොලෝසියෙන් උස්සන් ගියාද දන් නෑ.. හි හි

      Delete
  54. Oyyooooooo wechcha deyak. Duke ba appa. Kohomada wedin ekkakata adina sariyak adagena pare dagaalanakota. Mata nam mawila penawa wage.

    Mama tharaha wela hitiye post ekak nathi nisa. Dawas 4n withara awe me paththata. Ada anthima appa.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මම ඇඳන් ගියේ නෝමල් සාරියක් . ඒක නිසා එච්චරම අවුලක් ඕනේ නෑ... අනිත් එක ඉතිං වැඩි පුර ආබරණ පැළදුමකුත් නෑ නේ.. අනිත් අය නම් බැහැලා කඩේකට වහං වෙලා හිටියා ලැජ්ජයි කියලා පාරට වෙලා කැරකෙන්න.. මට නම් ඒක එච්චර අවුලක් උන් නෑ.... හි හි....

      අයියෝ තරහා වෙන්න එපා අනේ ඉතිං.. හි හි

      Delete
  55. ඔව්වා ඔහොම තමා...

    ReplyDelete
  56. ෆස්ට් ටයිම් ඉන් "හිරු නැති හෝරාව"......

    ඔය යකඩ ගොඩවල් නම් කවදාවත් විශ්වාස කරන්න බෑ. හුලං උඩ යන ගමනනේ. :ඩී

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... තෑන්ක්ස් මේ පැත්තේ ආවටත්.. හි හි

      Delete