Wednesday, July 7, 2010

හිරු ගැන ටිකක්...

හිටපු ගමන් බ්ලොග් එකක් පටන් අරගෙන, එක එක කතා කියන්න පටන් ගත්ත, මේ ‍හොල්මන කොහෙන් පාත් උනාද කියලා කට්ටියට හිතෙනවා ඇති කියලා හිතුන නිසා හිරු ට හිතුනා හිරු ගැන ටිකක් කියන්න..

හිරු ගැන නම් එච්චර කියන්න දෙයක් නෑ කියලාත් හිතෙනවා.. හි හි.. කොහොම උනත් ඔන්න පටන් ගත්තා..

බොහොම ආසාවෙන් computer ගැන ඉගෙන ගන්න පටන් ගන්නකොට හිරුට වයස අවුරුදු 15 - 16 ක් විතර ඇති... ඒකත් ඉතිං අපේ මාමා computer එක on කරලා, CoralDraw ඒතකොට තිබුන 10 version එක දාලා, 7 version එකේ guide book එකත් දීලා යන්න ගිය එක තමා... හිරු ඉතිං තනියම වැඩ දාලා කිඩ දාලා සිංහල ඉංග්‍රීසි ටයිප් කරන්න ඉදලම coralDraw එකේ පොඩි පොඩි වැඩ කරන්න පුරුදු උනා... ඊට පස්සේ ඉතිං A/L කරන කාලේ ඉදලම මාමගේ පොඩි printing shop එකේ වැඩ කරන්න පටන් ගත්තා.. ( ස්වේච්ඡා සේවය..)

‍කොහොමත් හිරු පොඩි කාලේ ඉදලම වැඩිය අනිත් අය නොකරන දේවල් කරන්න උනන්දු උන කෙනෙක්... ඉතිං හිරුට ඕනෙ උනේ Graphic Designer කෙනෙක් වෙන්න... ඒ උනාට කරුමෙට වගේ හිරු ට හමබුනේ කවදාවත් නොහිතපු විදියේ රස්සාවක්... Shipping Company එකක... කොහොමත් හිරු ඒ රස්සාවත් කලා අවුරුදු 2 ක් විතර... හැබැයි ඊට පස්සේ ඒ කොම්පැණිය බංකොලොත් උනා... ( ඒක හිරුගේ වැරැද්දෙන් නොවෙයි හොදද... ) හදිස්සියෙ සිද්ධ උන ඒ සිද්ධිය නිසා හිරු ට නියමිත වැඩක් නැතුව මාස 6 ක් විතර ඒ ‍කොම්පැණියේ Accounts close කරන්න උදවු කරන්න උනා... ඒ කාලේ හිරු වැඩිපුරම කාලේ ගත කළේ අලුතින්ම හොයා ගත්ත යාලුවෙක් එක්ක... ඒ තමයි Internet එක... තනියම ම IP address එකක් දාගෙන දවසම අන්තර්ජාලයේ සැරි සරන අතරේ හිරුට ගොඩක් යාලුවොත් හම්බුනා... ගොඩක් හොද යාලුවෝ... හැබැයි ඉතිං ඒ සෙල්ලම් ඔක්කොම ඉවර උනා හිරු රස්සාවෙන් අස්වෙලා ගෙදර අවට පස්සේ.. ආයිත් හිරුට අන්තර්ජාලය ඇසුරු කරන්න ලැබුනේ අවුරුද්දකට විතර පස්සේ.. ඒ රස්සාවත් shipping ම තමා.. මෙදා පාර නම් හිරුට එච්චර අන්තර්ජාලේ අස්සේ දගලන්න හම්බුනේ නෑ.. අලුත් රස්සාවෙ වැඩ වැඩියි..

කොහොමින් කොහොම හරි හිරු දැන් ආයිත් ගෙදර.. තාත්තට බොරු ගොඩක් කියලා.. ( ADSL connection එකේ ගාන නියම ගානෙන් බාගෙකට අඩු කරලා කියලා....) හිරු ගෙදරට අන්තර්ජාල පහසුකම් හදා ගත්තා... දැං ඉතිං ගත්ත එකෙන් වැඩක් ගන්නත් එපැයි... හැබයි හිරුට දැං තියෙන ලොකුම ප්‍රශ‍්නේ වෙලාව තමා... මොකද හිරු දවල්ට ගෙදර නෑ.. රස්සාවක් නොකලත් අම්මගේ ව්‍යාපාරයට උදවු කරන්න අකමැත්තෙන් හරි සිද්ධ වෙලා තියෙන නිසා හිරු දවල්ට ඉන්නේ අම්මගේ Shop එකේ... ඉතිං හිරුට computer ගාව ඉන්න තියෙන්නේ හරිම ටික වෙලාවක්... මොකද කලිනුත් කියලා තියෙන විදියට හිරු කියන්නේ කම්මැලිම කම්මැලි, නිදිකුම්බර චරිතයක්.... හි හි...

ඉතිං ඔන්න හිරු ගැන ගොඩක් දේවල් කිව්වා... හිරු ගැන තවත් දේවල් මේ බ්‍‍ලොග් එකේ ඉස්සරහට ලියවේවි... ඒත් හිරුට බ්ලොග් ලියන්න විතරක් නෙවෙයි අනිත් හැමදේටම දිරිමත් කරපු හිරුගේ හොදම මිතුරා අද හිරු ළග නෑ... ඒත් ඒ මතකයෙන් බිංදුවක් වත් හිරුට අමතක නෑ... මේ බ්ලොග් එකේ හැම පියවරක්ම ඒ පිවිතුරු මතකයට සහ ඒ ආදරණීය ලෙංගතුකමට ගරු කිරීමක් ලෙස ලියවෙන බව හිරු ආදරයෙන් මතක් කරනවා...

හැමෝටම සුබ රාත්‍රියක්......

6 comments:

  1. සුභ පැතුම්...
    දිගටම ලියන්න...කමෙන්ට් ගැන හෝ එහි ප්‍රමාණය ගැන හිතන්න එපා, තමන් ලියන දේ ගැන විස්වාසය තියන්න...
    පුලුවන්නං වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.

    ReplyDelete
  2. අප්පට මේ උබේ පළවෙනි ලිපියද බං . ඒක කියවනකොට අළුත් කියලානං හිතෙන් නැ

    මොකාද ‍බං මේ කියලා තියන එකා

    ReplyDelete
    Replies
    1. මගේ පළවෙනි පෝස්ට් එක....

      පළවෙනි එක ඔන්න ඒක බං... කියලා තියෙන එකා මගේ බෙස්ට් ෆ්‍රෙඩා බං... කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඇඳට යන්නේ නැතුව හොඳ යාලුවෝ වෙලා ඉන්න බෑ කියන මේ සමාජය නිසා අපිට වෙන් වෙන්න සිද්ධ උනා...

      Delete
    2. හරිම සෝචනීයයි. එහෙමෙ අයත් ඉන්නවා.

      Delete
    3. ඇයි බන් අක්කේ රට්ටුන්ට ඕන විදියට උබ හැදෙන්නේ රටේ තොටේ උන් කියන ඒවා ඇහුව නම් අද මගේ හොදම යාලුවෝ 3දෙනෙක් නැති වෙනවා.මොකද 2න්නෙක් කෙල්ලෝ 1කෙක් කාලෙකට කලින් කුඩ්ඩෙක්

      Delete
  3. අඩේ මේක අදනෙ දැක්කෙ.

    ReplyDelete