Sunday, January 6, 2013

පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry ..... 2 කොටස



මේ මම ලියන්න ගත්තේ විශේෂම දෙයක් හිතේ තියාගෙන.... ඒ තමයි පොඩි ගෑණු ළමයින්ට, පිරිමි ළමයින්ට වෙන අතවර, බලහත්කාරකම් වලදි යන්තම් හෝ ගැලවෙන්න ඉඩක් තියෙනවනම් ඒක පාවිච්චි කරන විදිය ගැන කියන්න....  පළවෙනි කෑල්ලට මෙතනින් ගිහින් බලන්න.. 

ඊයේ බේත් ගන්න ගියා හවස... අම්මා කෙනෙක් ළමයි දෙන්නෙක් අරං ආවා එතනට... අපි දෙන්නා ඉස්සරහින් ඉඳගත්තා.. එක පොඩි එකෙක් වඩාගෙන යන වයසේ... අනිත් ගෑණු ළමයා අවුරදු 9-10 ක් ඇති... ලස්සන කෙල්ලෙක්.. මේ ගෑණු ළමයා ඇඳලා හිටියේ කොටම කොට, කොට කලිසමක්... ඉණේ ඉඳලා අඟල් 5ක් විතර දිග ඇති..කකුල් දෙක ඔක්කොම එළියේ... ඒ ඇඳුම දැක්කම ඕනේ කොල්ලෙක්ට අප්සට් වෙනවා... මේ ළමයා පොඩි ළමයෙක් කියලා හිතෙන්නේ නෑ... අපේ මහත්තයත් ඇඹරි ඇඹරි හිටියේ... මොකද ඒ පැත්ත බලන්නවත් බැරි නිසා.... මටත් එහෙමයි... මොකද කෙල්ලෙක් හැටියට ඒවගේ දෙයක් දැක්කම මටත් අප්සට්... 

මම හැමතැනම දකින දෙයක් ඕක... ඇයි අම්මලට මේ ගැන හිතන්න බැරි පොඩ්ඩක්... 

අම්මලා හැමතිස්සෙම හිතන්න ඕනේ දරුවන්ට අන්දන්න ඕනේ ඇඳුම් ගැන.. කලිසම් ඇන්ඳුවට කමක් නෑ.. ඒත් ළමයා වයසට වඩා පේන විදියට අන්දන්න එපා... පොඩි පිරිමි ළමයින්ට උනත් ටිකක් දිගට ඇදුම් අන්දන්න... දුවලට ලේසියි කියලා ස්කිනීස්, ෂෝට්ස් අන්දගෙන සුපර්මාකට් එකේ බඩු ගන්න යන්න එපා.. අර ලොකු ළමයි අඳින විදියේ ඩෙනිම් එහෙම අඳින්න දෙන එක අඩු කරනවා නම් හොදයි.. එහෙම කරලා ලොකු අනාම හරියට අඳින්න දන්නේ නෑ කියලා ළමයින්ට බනින්න ලෑස්ති වෙන්නත් එපා.. ඒ වගේම ගවුමක් අන්දනකොට යටට දණහිසට වත් දිග කලිසමක් ඇන්දුවා නම් හොඳයි.. පොඩි අයට ගවුම් හදාගෙන ඉඳගන්න තේරෙන්නේ නෑ නේ... ( අපි හිතුවට පොඩි එවුන්ගේ ඕවා කවුද බලලා කැත විදියට හිතන්නේ කියලා... එහෙම අසහනකාරයෝ ඉන්නවා... )

ඒ ව‌ෙග්ම අපේ පොඩි එවුන් මම දැකලා තියෙනවා ගොඩක් තැන් වලදි හැමතිස්සෙම ඇඳුම් ගලවලා දානවා.. පොඩි කාලේ ඉඳලම ගෙදරදි උනත් පොඩි ළමයින්ට ( අවුරුදු1 පැන්නට පස්සෙ) හැමතිස්සෙම කොට්න් ඇඳුමක් අන්දලා තියන්න... ගෙදරදි ඇඳුම් නැතුව ඉන්න පුරුදු උනාම තමයි ‌වෙන තැනකට ගියාමත් දාඩියයි කියලා ගලවලා දාන්න දඟලන්නේ...  

අපේ පොඩි එවුන් ජාතියක් ඉන්නවා මල් වට්ටි වගේ.. ඕනේ කෙනෙක්ගේ අතට යනවා.. ඒක හුරතල් තමයි.. ඒත් එතකොට ළමයගේ හිතේ අර තියෙන බය නැති වෙලා යනවා.. ඒක නිසා ඒ හුරතලේ ළමයගේ පරිස්සම වෙනුවෙන් අමතක කරලා දාන්න පුළුවන් නම් හොඳයි... 

ඒ වගේම මං මේකට අමුණනවා බිඟුනද බ්ලොග් එකේ දැම්ම පෝස්ට් එකකත් අමුණලා තිබ්බ වීඩියෝ එකක්.. පුංචි දේවල් කීපයක් දරුවන්ට කියලා දෙන්න.. මං ලියන්න හිටපු දේවල් කීපයක්ම මේකේ තියෙනවා...


1. තමන්ව අම්මා තාත්තා සහ ඩොක්ට කෙනෙක් ( අම්මා තාත්තා ළඟ ඉන්නවනම් විතරක්) ඇරෙන්න වෙන කෙනෙක්ට අල්ලන්න දෙන්න එපා.

2. තමන්ට අපහසුවක් දැනෙන විදියට කෙනෙක් තමන්ව අතගානවා නම් ඒකට එපා කියලා කෑගහන්න.. 

3. එහෙම දෙයක් උනොත් ඉක්මණටම අම්මට හරි තාත්තට හරි කියන්න.

මේ වගේ පුංචි දේවල් දරුවන්ට කියලා දෙන්න... අවුරදු 4-5ක් විතර ළමයිට මේක කියලා දෙන්න පුළුවන්... 

ඒ වගේම වැඩිපුර ළඟින් ඉන්න හිතවත් කෙනෙක් ගැන ළමයා ලොකු අකමැත්තක් දක්වනවා නම් ටිකක් සැලකිලිමත් වෙලා බලන්න.. තමන් ගොඩක් විශ්වාස කරන කෙනෙක් උනත් ළමයිනට කරදර කරන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න...නොදන්න අයගේ ඔඩොක්කුවේ ඉඳගන්න දෙන්නත් එපා... බස් වලදි එහෙම ළමයි ඉල්ලා ඉන්ද ගන්න අයගේ අතින් ළමයින්ට නරක වැඩ වෙනවා කියලා මම දැකලා තියෙනවා.. ඒවා මම කියන්න ඕනේ නෑ නේ... හිටගෙන හිටියත් ළමයව වෙන කෙනෙක්ගේ අතට දෙන්න එපා.. 


පොඩි ළමයි ( ගැහැණු හා පිරිමි) අතවරයට ලක් වෙන වැඩිම අවස්ථාවල් වෙලා තියෙන්නේ තමන් විශ්වාස කරන කෙනෙක් එක්ක තනි උනාම කියලා තමයි දැන් පෙන්නේ.. ඒ කියන්නේ යාලුවෙක් හෝ නෑයෙක් හෝ එක්ක විශ්වාසවන්තකමට ආශ්‍රය කරන වෙලාවල් වලදි...  

ගෙවල් වලදි... තමන්ට පුංචි දුවෙක් ඉන්නවා නම් අම්මා තාත්තා සැලකිලිමත් විය යුතු දේවල් ගොඩක් තියෙනවා.. එකක් තමයි ගෙදර ඉන්න අය අතරින් දුව, පුතා වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද කියන එක හොයලා බලන එක.. ඒ අය එක්ක දරුවට හොඳ සම්බන්ධයක් තියගන්න ඉඩ දෙන්න.. ( අම්මා තාත්තා ඇරැනම ගෙදර ඉන්න අනිත් අය අතරින්...) අපිට නෑයෝ හරිම විශ්වාසයි තමයි.. ඒත් මේ ව‌ෙග් කාලෙක ඒ විශ්වාසයට වඩා තමන්ගේ දරුවා වටිනවා කියලා මම හිතන්නේ... මිණිබිරියෝ, මුණුබුරෝ ආච්චිලට සීයලට හරි ආදරෙයි... හරි එකතුයි... ඒත් තමන්ගේ අම්මා තාත්තා නොවෙනවනම් ඒ වැඩිහිටියෝ ගැන, දෙමවුපියෝ පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුමයි.... 

මං දන්න නංගි කෙනෙක්ගේ ඥාතී වෙන සීයා කෙනෙක්, ඒ නංගිගේ තාත්තගේ අම්මගේ මල්ලි, මේ ළමයා තනියෙන් ඉන්න වෙලාවට ඇවිත් පස්ස අතගානවා, මිරිකනවා කියලා නොදන්න කමට මට කිව්වේ ඊයා අක්කේ.. මං පොඩි සීයට කැමතිම නෑ කියලා.. එතකොට මට වයස 14ක් විතර ඇති.. ඒ නංගිට 12ක් විතර.. මට ලොකුවට තේරුනේ නැති උනත්, ඒ නංගි අකමැති දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුන නිසා, මම ඒ නංගිව හැම තිස්සෙම සෙල්ලමට ඇදගෙන ගියා ඒ සීයා විතරක් ගෙදර ඉන්න වෙලාවට.. පස්සේ ඒ නංගිගේ අම්මලට මේක තේරුනා... ඒ සියව ඉක්මණට වෙන තැනකට යැවුවේ ඒක නිසා කියලා මට පස්සේ කාලෙක එයාලා කිව්වා... 

ඉස්සර මගෙත් එක්ක යාලුවෙන්න දඟලන සමහර අය, මං ගනං ගන්නේ නැති උනාම මල්ලිව ෂේප් කරගන්න හදනවා... එහෙම කරපු එක්කෙනෙක් මල්ලිගේ නහය මිරිකන්න ගිහින් ඌ කට්ටකින් ඇනලා ලේ එන්නම... මට ගෙදර එනගමන් කිව්වේ... එතකොට ඒකට අවුරදු 10ක් විතර ඇති.. හි හි

ඒ වගේම තාත්තලා ගෙදර බොන පාටි දානවා නම්... ( නොදානවා නම් වැඩිය හොඳයි) පුළුවන් තරම් පුංචි දුවලා පුතාලා ගේ ඇතුලේම තියන්න.. බයිට් ගේන්න හෝ යාලුවොන්ට දරුවන්ගේ හපන්කම් පෙන්නන්න එතනට ගෙන්න ගන්න එපා... යාලුවෝ හුරතලේට ඔඩොක්කුවේ තියාගත්තත් දරුවාට වැරදි දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න...

ඒ වගේම ගෙදර පිට කෙනෙක් රෑ නවතින වෙලාවකදි දරුවෝ තනියෙන් නිදාගන්නවා නම්, එක්කෝ තමන් ළඟට ගන්න.. නැත්තම් කාමරේ දොර ඇතුලෙන් ලොක් කරන්න උපදෙස් දීලා තියන්න.. පිටිනුත් ලොක් කරන්න පුළුවන් නම් හොඳයි..

ඒ ව‌ගේම ... අනුන්ගේ ළමයි ආදරේට හුරතල් කරන්න, වඩා ගන්න, ඔ‌ෙඩාක්කුවේ තියාගන්න පුරුද්දක් තියෙනවා නම් අතෑරගන්න... විශේෂයෙන් පිරිමි අය...(ගෑණු අය නම් වඩා ගත්තේ එහෙම නැතත් කට්ටිය එක එක ඒවා කියනවනේ... හි හි) ඔය සමහරු ඉන්නේ .... අනේ හරී කියුට්, හරි ෂෝක් බබෙක් කියලා බබාව ( ටිකක් ලොකු ලමයින්ව උනත්) අතගාන අය..... ඒ දරුවගේ දෙමවුපියෝ අකමැති දෙයක් වෙන්න පුලුවන් ඒක... ඔලුව අතගාලා, ගෙනාපු දෙයක් දීලා, ආදරෙන් කතා කරලා ආදරේ පෙන්නුවට කමක් නෑ... ඒත් වැඩිපුර අතපත ගාන්න යන්න එපා... මොකද ඔයා හොඳ කෙනෙක් උනත්, එහෙම කළාම ළමයා වෙන කෙනෙක්ට තියෙන බය නැති වෙන්න පුළුවන් කියලා හිතන්න ඒ වෙලාවට... 

ඒ වගේම ‌ගොඩක් දරුවෝ දැන් අවුරදු 3-4 වෙනකොට ඩේ කෙයාර්ස්, මොන්ටිසෝරි යනවා... ඒක නිසා දරුවන්ට තේරුම් කරලා දෙන්න පුංචි පුංචි දේවල් ටිකක්.. 

එකක් තමයි දන්නේ නැති අය එක්ක කතා කරන්න, එයාලා දෙන දේවල් කන්න එහෙම එපා කියන එක...  නොදන්න අය එක්ක කොහෙවත් යන්න එපා කියන එක... 

ඒ වගේම කොච්චර වැඩ තිබ්බත් මොන්ටිසෝරි‌ෙය් ටීචර්, තව ළමයි කීප දෙනෙකගේ අම්මලා එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න... බැරිවෙලා හරි තමන් එතනට යන්න පරක්කු වෙනවනම් දරුවව ඒ අය ගාව තියාගන්න ක්‍රමයක් හදාගන්න.. ළමයා මොන්ටිසොරියේ උනත් තනියෙන් තියන්න එපා මොනම වෙලාවකවත්... මොකද මොන්ටිසෝරිය ඇරුනට පස්සේ ළමයින්‌ෙග් ආරක්ෂාව ගැන ඒ තරම් වගකීමකින් කටයුතු කරනවා කියලා පේන්න නෑ අපේ රටේ.... 

ලොකුම දේ තමයි ළමයි එක්ක හැමතිස්සෙම කතා කරන්න.. එයාලට කරදරයක් නොවී, එයාලව කතා කරන්න උනන්දු කරන්න.. එතකොට එයාලා හැම දෙයක්ම කියන්න පෙළඹෙනවා... ගොඩක් ළමයින්ට කරදර වෙන්නේ අම්මලා තාත්තලට ළමයි ගැන බලන්න වෙලාවක් නැති උනාම කියලා පහුගිය ටිකේ වෙච්ච දේවලින් පේනවා... 

හයියෝ.. මේකට තවත් එකතු කරන්න දේවල් තියෙනවා අප්පා... ඒත් දැං ඇති... කමෙන්ට් වලින් තව දේවල් එකතු වෙයි කියලා හිතෙනවා.... මොන දේ උනත් මේ රටේ සිද්ධ වෙන දේවල් වල හැටියට සදාචාරේ සංස්කෘතිය පැත්තක තියලා අපේ ළමයි පරිස්සම් කරගන්න එක නුවණට හුරුයි කියලා මම හිතනවා..

83 comments:

  1. මේකේ කියන්න තියන දේවලුත් ඉස්සෙල්ල පෝස්ට් එකට කිව්වනේ... හෑබෑයි ඉතින් තාත්තලත් ඉන්නව ඔය වගේ තිරිසන් අය.. මොනව කරන්නද ඉතින්... මගේ නෑදෑ වෙන අක්ක කෙනෙක් කියනව එයාගේ නෑන්දගෙ පුතා ඔයවගේ දේවල් කරනව කියල මතකයි ලු.. ඒත් ඒ අය්ය එක එක දේවල් ගේන නිසයි අම්මලත් ඒ අය්යව ගොඩාක් විස්වාස කරන්න නිසයි මෙයා ගොඩාක් ලන්වෙලා තියෙන්නෙ... තේරෙන්න ගත්තයි පස්සෙ නම් ඒ අය්යගෙ මුනවත් බලන්නෙ නෑ මෙයා..
    කරන්න තියෙන්නෙ ඉතින් පොඩි අයගෙන ඈහෑ ගහගෙන ඉන්න එකයි.. ඒ අයව තමන් ලගම තියගන්න එකයි..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අත්දැකීමක් මටත් තියෙනවා නදිනි... මොනවා උණත් ඒ වෙලාවට ලිස්සලා යන්න පුළුවන් කම තිබ්බ එක මගේ වාසනාව.... ඒකයි මං මේක ලිව්වේ... ඒ වෙලාවට බය හිතුනම කියන්න බෑ කාටවත්.. අම්මලා බනියි කියලා හිතෙනවා... මොකද මොන දේ උනත් මුලින් බැනුම් අහන්නේ ළමයනේ... ළමයි ගැන හොඳ අවධානෙන් ඉන්න එක අනිවාර්යයි... පොඩි වෙනසක් පෙනුනත් හොයලා බලන්න ඕනේ....

      Delete
  2. මටත් කෙල්ලො දෙන්නෙක්ම ඉන්න නිසා අපිදෙන්නම මෙතැන කියූ බොහෝ කාරනා පිලිබඳව දැනුවත් වෙලා ඉන්නෙ.
    මහා අත්දැකීම් ගොන්නක් එකතු කරපු පෝස්ට් එකක් ලෙස හඳුන්වා දෙන්න කැමතියි.
    දැන් තියෙන සමාජයත් එක්ක ලම්යින්ව සෙල්ලම් කරන්නවත් ලඟපාත ගෙදරකටවත් යවන්න බැහැ.

    අර වගේ ඇඳුම් ඇදල යනකොට කොල්ලො හූ කියන එක සාදාරනයි මගෙ හිතේ. පෝලිම් වල ඉන්නකොට ඕයවගේ ඇඳුම් ඇඳල ඉන්න කෙනෙක් ගෙ පිටිපස්සට අපිව වැ‍ටුනොත් ඉවරයි..ඊට වඩා හොඳයි පොලව පලාගෙන යන එක.

    ReplyDelete
    Replies
    1. ලොකු අය ඕවා ඇන්ඳට එයාලට තේරෙනවානේ වී, ඉන්න ඕනේ කො‌ෙහාමද කියලා... පොඩි අයට තේරෙන්නේ නෑ නේ.. අනිත් එක උන් ලොකු උනාම මොනාද අඳින්නේ පොඩි කාලේ ඉඳලම ලොකු අය අඳින ඇඳුම් ඇන්දම.... ඉස්සර මම අපේ තාත්තත් එක්ක කොච්චර වලි අල්ලනවද ඇඳුම් ගැන... ඒත් මට වසයට ආවාම තාත්තම ඒ ඇදුම් අරන් දුන්නා...

      පොඩි ළමයින්ට පොඩි ළමයෙක් විදියට පේන ඇඳුම් අන්දන්න ඕනේ කියලා මට කියන්න ඕනේ උනේ....

      Delete
  3. අර අම්මලා තමන්ගේ දරුවන්ට අන්දන ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන එකනම් සහතික ඇත්ත!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නාඩියෝ.. හි හි

      Delete
  4. උඩින් පල්ලෙන් බැලුවෙ.. මේක සමාජ මෙහෙවරක් හිරුවො... ලිපිය කියවන්න ආයෙ එන්නම්..

    ReplyDelete
  5. මොඩ් වෙන්න හදන අම්මලාට නියම පොස්ට් එකක්. දවසක් පත්තරේක දැක්කා සිද්දියක්. බස් එකේ ගිය පොඩි කෙල්ලෙක් (අවු:8-9ක් විතර) ඇඳගෙන හිටපු ගවුමේ යටින් අතින් අදිනවලු නිතරම. ඒක උස මදි නිසා කෙල්ලට ලැජ්ජ හිතිලා. ඕක දැකපු හාමුදුරු නමක් ඒ ළමයාගේ අම්මට හොඳ දේශනාවක් දීලා. ලජ්ජා බයට හැදෙන දරුවෝ බලෙන් මොඩ් කරන්න යන්නෙත් අපේ ගැනුම තමයි.

    කෙල්ලන්ගේ ඇඳුම් ගැන කිසිත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගේ ඇඳුම් ගැන කියන්න ඕනේ නම් අර පරණ පෝස්ට් එකක් තියෙනවා ගවුම් මෝස්තර කියලා.. අන්න එතනට ගිහින් බලන්න කියන්න දෙයක් තියෙනවද කියලා... හි හි

      Delete
  6. ඇත්තෙන්ම පසුතැවීමට වඩා පරිස්සම හොඳයි. දරුවන්ට රැකවරණය නොදී ළමුන්ට සිදුවන කරදරවලට දෙමාවියන්ද වගකිව යුතුයි. ඔහුන්ගේ නොසැලකිල්ල ළමයින්ගේ අනාගතය අඳුරුවීමට පුළුවන.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නිර්මලා.. වෙච්ච සිද්ධි බැලුවම අම්මලා තාත්තලත් යම්තරමින් වගකියන්න ඕනේ කියලා මටත් හිතෙනවා...

      Delete
  7. අර කියනවානේ, දෙවියන් විස්වාස කලාට කමක් නෑ, අශ්වයා බැඳ තබන්න කියලා. ඒවගේ කියන්න තියෙන්නෙ සමාජයේ මේවා සිද්ධ නොවියයුතු දේවල් වුනාට තමන්ගේ දරුවන් ආරක්ෂාකරගැනීම වැදගත් කියන එකයි. අනික පත්තරයක් බැලුවොත් ළමා අපචාර කීයක් තියනවද? දැන් ඒවා මාධ්‍යයන්ට නිකුත් කිරීමත් වාරණය කරලා කියලා මම දැක්කා.

    හිරු මේ කියන දේවල් එක්ක සම්පූර්ණයෙන් එකඟයි, ඒත් අපි මේ යන්නේ අමනුස්ස බව එන්න එන්නම වැඩි වෙන සමාජෙකට නේද කියන එක හිතෙනකොට නම් කලකිරෙනව. දැන් හිතලා බලන්න, තමන්ගේ යාලුවෙක්ගේ, සහෝදර, සහෝදරියකගේ දරුවෙක් හුරතල් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙන තැනකට අපි ඇවිත් ඉන්නේ. මම හිතන දෙයක් තමයි ළමයින්ට අපරාධ කරන මිනිස්සුන්ට තමයි දැඩිම දඬුවම් දෙන්න ඕනේ. ළමයෙන් කියන්නේ ගොඩක් වෙලාවට තමන්ව ගොදුරුකරගන්නාට විරුද්ධව සටන් කරන්න බැරි කෙනෙක්. මනසින්, කාය ශක්තියෙන් දෙකෙන්ම අසරණ කෙනෙකුට අපරාධයක් කරන එවුන්ට අඩුම ගානේ ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ සමාජේ නම් තිසර ඉක්මණට හැදෙන්න ඕනේ වැරදි කීපයක් තියෙනවා මං හැමතිස්සෙම දකිනවා... ඒවා ගැන තමා මං මේ ලියන්නෙත්... සමාජේ හැදෙනකම් අපිවත් පරිස්සම් වෙන්න ඕනේ... ඒකයි මේ ටික ලිව්වේ... මොකද 60% කට වැඩිය ළමයි ප්‍රමාණයක් පොඩි කාලෙදි මොන ආකාරයේ හෝ ( උගන්නන්න කරන ඒවට අමතරව ) අතවරයකට ලක් වෙනවා... පස්සේ කාලෙදි උනත් ඒවා අමතක වෙන්නේ නෑ.... සමහර ළමයි ඉන්නවා එක එක විදියේ මානසික තත්ව වලට පත් වෙන, පස්සේ කාලෙදි... ඔය සමලිංගික තත්වයට, සමාජයට යන්න බය ගතිය, ලිංගික සම්බන්ධකම් වලදි බය වෙන වගේ ලෙකු දේවල් වගේම, ඉස්කෝලෙ වැඩ අතපහු කරන ගතිය, නිකර කල්පනා කරන ගතිය වගේ දේවල් ... ඒක නිසා බලහත්කාරකම්, අතවර කියන්නේ ලිංගික එකතු වීමක් හෝ දූෂණයක්, ගැබිගැනීමක් කියන තැනින් එහාට ගිහින් බලන්න මේ සමාජෙ පොළඹවන්න ඕනේ... Verbal abuse, Mental abuse, Physical abuse කියන දේවල් අපේ මිනිස්සු තේරුම් අරන් නෑ තාමත්... ඒ ඔක්කොම, දූෂණ, අතවර සහ බලහත්කාරකම් කියන කැටගරියට වැටෙන්නේ...

      Delete
  8. අනේ මන්දා හිරුවො මෙව්වා අපේ ගොඩක් අයට කියන්න ගියොත් දිරවන්නෙ නෑනෙ..කොච්චර කිව්වත් වැඩක් නෑ..මේ අද දවල් මේ ගේ ළඟ ඉස්කෝලෙක තිබ්බා ළමා අපචාර වලින් ළමයින්ව බේරා ගන්නෙ කොහොමද කියලා වැඩසටහනක්..ඒකෙ කිව්ව කරුණු මට ගොඩක් ඇහුනා..ඒ අහලා පාර බලද්දිත් දකින්නෙ අර එපා , සැලිකිලිමත් වෙන්න කියන කාරණ තඹ සතේකට ගනන් නොගෙන තමන්ගෙ දරුවන්ව ඉස්සර කරන් යන අම්මලා ! තමන්ගෙ ළමෙක් අපචාර වලට ලක් වෙනවා නම් මන් නම් කියන්නෙ ඒ ළමයගෙ අම්මගේ නොසැලකිල්ලට දඬුවමක් තියෙන්නෙ ඕනි. මතකද අර කිරුළපන අවුරුදු 7-8 ක ළමෙක් මාම අරන් ගිහින් දූෂනය කරලා තමන්ගෙ යාළුවන්ටත් දීලා අමාරු උනහම මැරුනා. මට මතකයි ඒ මල ගෙදර ඒ ළමයගෙ ඉන්න කාලෙ ෆොටෝ අරන් හැමතැනම අලවලා තිබ්බා මරණ දැන්වීම් එක්ක..අනේ අර ළමයට අන්දවලා තිබ්බෙම කොටම කොට සාය කෑලි..නැත්නම් අර හොලිවුඩ් නිලියො සම්මාන උළෙලවල් වලට ඇඳන් එන ජාතියෙ ඇඳුම්ම තමයි..අර අම්මා අර ෆොටෝ ඇල්බම් එක පෙන්නා පෙන්නා අඬනවා..මට ඒ ගෑනිගෙ බෙල්ල මිරිකන්න හිතුනා. අරෙහෙම වරදට පොළඹවපු ඒ ගෑනිගෙ මල්ලි තමයි වැරදි මන් ඒක සුදනා කරන්නෙ නෑ. තිත්තම ඇත්ත තමයි අවුරුදු හයේ ඉඳලම ඒ ළමයව මුඛ සංසර්ගෙට පුරුදු කරවා ගෙන තියෙන මේ තිරිසනා..යාළුවන්ට දුන්නහම උන් මහ වැඩේම කරන්න ගිහින් අර ළමයට අමාරු වෙලා තිබ්බෙ..ඒකෙන් අර කුණු ඇලකට දාලා මරලා තිබ්බෙ අහු වෙයි කියලා..අවුරුදු හයේ ඉඳන් අච්චර දෙයක් වෙනකන් අර අම්මා බබා වගේ ඉඳලා තියෙන්න කොයිතරම් නම් නොසැලකිල්ලක් තියෙන්නෙ ඕනිද ?මේකෙ තියෙන කරුණු අමු වැඩි නම් එඩිට් කරලා දාන්න හිරු කමක් නෑ..අම්මලා තාත්තලා දැන්වත් අමු තිත්ත ඇත්ත දැන ගත යුතුයි. නැත්නම් ළමයින්ට වඩා බබ්බු වෙන්න දඟලන්නෙ අම්මලා සහ ආච්චිලා.. ඔව් මන් කේන්තියෙන් තමයි මේ ටික ලිව්වෙ !

    ReplyDelete
    Replies
    1. ඔය සිද්ධිය මමත් දැක්කා වෙනි අන්කල්.. ඒ වෙලාවේ ඔය විදියටම මටත් හිතුනා... ඊයේ වැඩේදිත් අපි දෙන්නා විතරක් නෙවෙයි.. ඩිස්පැන්සරියේ හිටපු තව පිරිමි කීප දෙනෙක් ඔය අපහසුතාවයට පත් උනා... මම නම් ඇත්තටම ඔය වගේ අන්දගෙන එන අම්මලට බැනලා තියෙනවා... දැන් අපේ මහත්තයා මට බනින නිසා කට වහගෙන ඉන්නවා.. අපේ නැන්දලා එහෙම මගෙන් ඇතිවෙන්න බැනුම් අහනවා ඉස්සර... වැඩිහරියක් ඔය වගේ දේවල් වෙන්‌ෙන් අම්මලගේ නොසැලකිලිමත්කම නිසා තමයි කියලා මාත් හිතනවා...

      Delete
  9. //ලොකුම දේ තමයි ළමයි එක්ක හැමතිස්සෙම කතා කරන්න.. එයාලට කරදරයක් නොවී, එයාලව කතා කරන්න උනන්දු කරන්න.. එතකොට එයාලා හැම දෙයක්ම කියන්න පෙළඹෙනවා... ගොඩක් ළමයින්ට කරදර වෙන්නේ අම්මලා තාත්තලට ළමයි ගැන බලන්න වෙලාවක් නැති උනාම කියලා පහුගිය ටිකේ වෙච්ච දේවලින් පේනවා... //මහා දිග පොස්ටුවේ කිවු සේරම දේවවල් ගැන මේතැන කියැවෙනවා හිරුවෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නලීන් අයියේ.. ඕක තමයි ලොකුම දේ.. ඒත් අපේ අය කතා කරනවට වඩා කරන්‌ෙන් බනින් එකනේ...

      Delete
  10. මම මේ ළඟදී සැලෝන් එකකට ගියා ,ඒ සැලෝන් එකේ අක්කගේ දුව තමයි එලියට ඇවිත් මගෙන් ඇයි කියලා ඇහුවේ ..ලස්සනම ලස්සන බෝලයක් වගේ කෙලි පොඩ්ඩෙක් ..අවු 11 ක් විතර ඇති ..අන්දලා තිබ්බේ කොටම කොට ස්කර්ට් එකක් ..එවෙලේ මට හිතුන මේ ළමයාගේ අම්මට මොලේ හොඳ නැද්ද කියල ..එවෙලේම එතනට පිරිමි ළමයෙක් එක්ක ගැණු ළමයෙකුත් ආව ..හිරු කියල තියන කාරනා ටිකම තමයි එතැනදී මට හිතුනේ ..සියලු කරුණු වලට මම එකඟයි හිරු ...මේක ගුරුවරු අතිනුත් වෛද්‍යවරු අතිනුත් ළමයින්ට අපචාර වෙන කාලයක් ..දෙමව්පියන්ට තමයි ලොකුම වගකීම තියෙන්නේ දරුවන් දැනුවත් කරන්න ..නැතිනම් දරුවා මානසික රෝගියෙකු පවා වෙන්නට ඉඩ තියනවා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ රෙහානි.. ළමයෙක්ට පහසු ඇඳුම් අන්දන එක එකක්.. ඒත් ළමයා ළමයෙක් විදියට පේන්න මිසක් මහ ගෑණියෙක් වගේ පේන්න අන්දන එක තමයි මාත් දකින වැරැද්ද...

      Delete
  11. කියන්න තියෙන ඔක්කොම ලියවිලා. 100% අම්මලා දැන ගන්න ඕනෙ තමන්ගෙ දෝණිව එළියට එක්ක යන්නෙ කොහොමද ? කියල. වැඩේ අම්මලත් දැන් කොට කලිසම ගහ ගෙන ඉන්න නේ බලන්නෙ. අපේ ගෙදරට දැනට අවුරුදු ගානකට කලින් ඤාති දියණියක් ආවා. අපේ ගෙදර ඉන්නෙ කොල්ලොම තුනක් නෙ. උන් ඒ වෙනකොට හිරිමල් වයසෙ. ඈ ආවෙ අම්මා එක්ක කොටම කොට සායක් ඇදලා . ඒ සායට යටින් කොට කලිසමක් තියෙන බව මම දැන හිටියා. නමුත් අපේ උන්දෑ දන්නෙ නෑ. එයා එක පාරටම කිව්වා, සමාවෙන්න දුවේ මේක කවුරු හරි ඔයාට කියන්න ඕනෙ, ඔහොම ඇදුම් ඇඳල එහෙ මෙහ යන්න එපා. ඒක හරිම අශෝබනයි. මටවත් ඔයා ඉස්සරහ වාඩි වෙලා ඉන්න බැහැනෙ කියල ගත් කටටම කීවා. මටත් කරගන්න දෙයක් තිබ්බෙ නෑ. එයාගෙ අම්ම එකපාරටම කිව්ව එයාගෙ සාය යටින් කලිසමක් තියෙනවා මල්ලි කියල. ඒ උනාට ඒ දරුවා එදා ඉඳලා කොටට අඳිනවා මම දැක්කෙ නැහැ. එයා අද වෛද්යය වරියක්. ඈ මේ ළඟදී මට කිව්ව ඒ වචනෙ එයාගෙ ජීවිතේ වෙනස් කලා. එයා එදා හිතුව කියල එයාට දුවක් ඉපදුනොත් මෙහෙම කෙනෙක් කිව්වොත් කියල. ඇත්තටම ඈට දැන් ඉන්නෙත් දුවක්. ඈ බොහොම පරිස්සම් දුව ගැන.
    හිරු මෙතනදී අපි අම්මලට ලොකු වගකීමක් තියෙනවා. අපේ ජීවිත අපි හොඳ විදිහට හදා ගත්තම මේ මල් කැකුළු මෙහෙම පරවෙන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳලාම පිරිමි දරුවන්ට ගැහැනු ලමයෙක් එයාලත් පරිස්සම් කරන්න ඕනෙ කියල කියල දෙන්න ඕනෙ. එතකොට එයාල දන්නවා නංගියෙක්ව බලා ගන්න ඕනෙ කියල. දැනුවත් කිරීම වටිනවා. මම අත්දැකීමෙන් දන්නවා එයාල ඒකට ගරු කරන්න ඉගෙන ගන්නවා කියල. දහම් පාසැලේදිවත් අපේ මහත්තයා දැරියන්ට බුරිය පේන්න අඳින්න දෙන්නෙ නෑ. එයා මූණටම කියනවා ඇඳුම හදාගන්න කියල. නිතර වැඩ සටහන් වලදි ඇදුම කතාව චරිතය හදාගන්න කියල දෙනවා. ගෙවල් වලින් කරන්නෙ නෑ නෙ අම්මලා. ඉතින් මෙහෙම දැනුවත් කිරීමක් කරන එක හරිම වටිනවා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දි.... බටහිරින් එන හැමදේම මොක්කුද වගේ බදා ගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ... අවශ්‍ය දේ අනවශ්‍ය දේ තෝර ගන්න ඕනේ....

      අම්මලා කලිසම් ඇන්දට කමක් නෑ.. මම නම් එපා කියන්නේ නෑ.. නමුත් දරුවගේ ඉස්කෝලෙට යනකොට සාරියක් ඇඳගෙන යන්න බැරිකමක් නෑ නේ... ඒකටත් නීති දාන්න ඕනේ ඉස්කෝලවලින්... අම්මා සාරියක් ඇන්දම ළමයගේ හිතේ උනත් ඒක රැඳිලා තියෙනවා... අපේ අම්මා තමයි ලස්සනටම ඇඳලා ආවේ ඉස්කෝලෙට කියන එක.. ඒ ළමයා උනත් ඒක පිළිපදින්න උත්සාහ කරනවා... අවශය තැනදි අවශ්‍ය ඇඳුම අඳින්න ඕනේ...

      ඒ වගේ ම චන්දි මතක් කරපු දේ.. පුතාලට ගෑණු ළමයි ගැන ගෞරවයක් ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ.. දැං පේන දේවල් වල හැටියට ඉස්කෝලෙ යන පොඩි එවුන් පවා කෙල්ලෙක් දැක්කම කැත වචන කියනවා... අර ලොකු අයියලා දිහා බලාගෙන පොඩි එවුනුත් පුරුදු වෙනවා... නමුත් ගෙදරදි අම්මලා තාත්තලා ඒ වගේ දේවල් වලදි ඒවයේ වැරදි කතා කරනවා නම් එයලා තේරුම් ගන්නවා... බනින එක නෙවෙයි කරන්න ඕනේ... කියන එක.. බැන්නම තරහා ගන්න එක විතරයිනේ වෙන්නේ ඔය කාලෙදි...

      චන්දිටත් ස්තුතියි.. අම්මා කෙනෙක් විදියට මේ කියපු අදහස් වලට..

      Delete
  12. // මේ ගෑණු ළමයා ඇඳලා හිටියේ කොටම කොට, කොට කලිසමක්... ඉණේ ඉඳලා අඟල් 5ක් විතර දිග ඇති..කකුල් දෙක ඔක්කොම එළියේ... ඒ ඇඳුම දැක්කම ඕනේ කොල්ලෙක්ට අප්සට් වෙනවා... මේ ළමයා පොඩි ළමයෙක් කියලා හිතෙන්නේ නෑ...//
    එකෙන්ම හිරු ලමයින්ව ඔය තත්වෙට පත් කරන්නේ අම්මලා.සාමාන්‍ය වයසෙදිම මිනි ස්කර්ට් ෂෝට්ස් එහෙම බලෙන්ම අන්දවනවා

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක දැක්කම හරිම අප්සට්... කියන්නත් හිතුනා... ඒත් අපේ මහත්තයා මට කෑ ගැහුවා කට වහගෙන ඉන්න කියලා.. හි හි

      Delete
  13. වැඩිවිය පත් මගේ හිතවතෙකුගේ දියණියට ඔහු බොහොම සුහදව දී තිබූ ඔවදන තමයි...ඔයා දුවේ ඉස්සර වගේ පොඩි ළමයෙක් නෙමෙයි දැන්.... පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වුනොත් ළමයෙක් හම්බ වෙන්න පුලුවන් කියන එක...

    මම නම් අන්න ඒ ක්‍ර‍මය අනුමත කරනවා...දෙමාපියො ළමයින්ට බොහොම ළං වෙලා යාලුවො වගේ ඉන්නවා නම් විශේෂයෙන් ගැහැණු දරුවො පාසල් වයසෙදි නොගැලපෙන ප්‍රේමයන්හි පැටලෙන එකක් නෑ...

    ලිපියෙ කරුණු වලදි මම හිරු එකක් එකගයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා ඔය ටික කියන්න ඕනේ වැඩිවියට පත් වෙන්න කලින්.. මාත් ඔය කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ ඕක වෙනකම්ම... අවුරුදු 12 විතර වෙනකොට පොඩියට කියලා දීලා තියෙන්න ඕනේ.. මොකද ඇඟ හැදෙන්න පටන් ගන්නවානේ ඒ කාලෙදි...

      //දෙමාපියො ළමයින්ට බොහොම ළං වෙලා යාලුවො වගේ ඉන්නවා නම් විශේෂයෙන් ගැහැණු දරුවො පාසල් වයසෙදි නොගැලපෙන ප්‍රේමයන්හි පැටලෙන එකක් නෑ...///

      මේන්න මේක සහතික ඇත්ත.... ඇත්තටම ගොඩක් තැන්වල වෙන්නේ අමමලගෙන් නොලැබෙන ආදරය, විශ්වාසය හොයාගෙන යන එක තමයි මාත් දන්න විදියට... අම්මලට ආදරය පෙන්නන් වෙලාවක් නෑ නේ... පොඩි කාලෙදි පෙන්නන ආදරය ලොකු වෙනකොට අතෑරලා දානවා.. ඇත්තටම දුරුවන්ට දෙමවුපියන්ගේ ආදරය වැඩිපුරම දැනෙන්න ඕනේ ලොකු වෙනකොට....

      Delete
  14. ආයෙ කියනවා මේක බොහොම වැදගත් ලිපියක්.. ළමයි සිටින, විශේෂයෙන් ගැහැණු ළමයි සිටින හැම දෙමාපියන්ම කියවිය යුතු ලිපියක්.. මේක ඊ-මේල් මගින් බෙදා හැරීමට මම හිරූගෙන් අවසර පතනවා..

    ඇත්තටම අද කාලෙ විෂමයි.. කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි කාලයක් මේක. ළමයින්ව පුලුවන් තරම් දැනුවත් කරලා තියන එක හරිම වැදගත්..

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ සෙන්නා.. මේවයින් වැඩක් වෙනවනම් මොන තැනක දැම්මත් ප්‍රශ්නයක් නෑ...

      Delete
  15. මේක කියවලා මට මාර ගිල්ටි.මොකද මම අද දවලුත් ළමයෙක් වඩා ගත්තා.අය නම් ළමයි වඩාගන්නේ නැහැ කියල හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. මේකනේ නඟා... අපිට ළමයි දැකක්ම ආදරේ හිතෙනවා තමා... මං කිව්වේ අර එහෙම අපි වඩාගන්න ගියාම එයාලා පුරුදු වෙනවනේ.. එහෙම උනාම උස්සගෙන යන්න හරි පුළුවන් මොකෙක්ට හරි.. ඒකයි...

      Delete
  16. දරුවන්ව දැනුවත් කරලා තියන එක වැදගත්. මේ වෙද්දී පුංචි වයසෙන් ම සමාජයත් එක්ක ගැටෙන්න වෙලා තියනවා නේ. වටිනා ලිපියක්..!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැනුවත් කිරීම ව‌ෙග්ම ළමයි ගැන හොද අවධානෙන් ඉන්නත් ඕනේ චන්දන...

      Delete
  17. හ්ම්ම්ම්...හිරු අක්කා කියල තියෙන කරුණු 100%ක්ම වගේ ඇත්ත....
    මාත් කැමතිම නැති වැඩක් තමා සමහර අම්මලා මේ පොඩි එවුන්ට ගැලපෙන්නේ නැති ඇදුම් අන්දන එක.ඕක අද ගොඩක් වෙලාවට පාරට බැස්සම දකින්න පුළුවන්. මට නම් මාරම අප්සට්. කොටින්ම කිව්වොත් මං දන්නා ගෑනු ළමයෙකුත් ඉන්නවා.තාම ඉන්නේ 6 වසරේ. ඒත් අදින ඇදුම් දැක්කම එපා වෙනවා.ඒ ළමයාගේ ළමා කමත් යනවා අදින ඇදුම් වලින්. ඒ ළමයා ලොකු වුනාම කොයි වගේ ඇදුම් අදිද කියල හිතා ගන්න බෑ. හැබැයි එතකොට සෑහෙන පරක්කු වැඩියි.ඕවට ළමයට බැනල වැඩක් නෑ. දෙමව්පියෝ ඕනි මේවා තේරුම් ගන්න....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමනලී ගොඩක් කඩවල්වල තියෙන ඇඳුම් දැක්කම මං කල්පනා කරනවා මේ ළමයින්ට අඳින්න තියෙන ඇඳුම්ද කියලා... එත් ඇත්තටම ළමයි ගැන ලොකු අවධානෙන් ඉන්න අම්මලත් ඉන්න බව කියන්න ඕනේ.. එදා අර බේත් ගන්න ගිය වෙලාවේ එහෙම අයත් එතන හිටියා.. ඒ ළමයි එතනදි සෙට් වෙච්ච තව ළමයි කට්ටියක් එක්ක තමන්ගේ වාරය එනකම් දඟල දඟල සෙල්ලම් කර කර හිටියේ අම්මලා තාත්තලා ඉස්සරහ.. ඒ අම්මලා ළමයි සෙල්ලම් කරන දිහා බලාගෙන හිනා වෙවී හිටියා... ඒ ළමයින්ගේ ළමා කම චුට්ටක්වත් අර මං කියපු ගෑණූ ළමයගේ තිබ්‌ෙබ් නෑ.. එයා ඔහේ වාඩි වෙලා බලං හිටියා.. මට නං ඒ අම්මත් එක්ක පුදුම කේන්තියක් ගියේ....

      Delete
  18. මේක මෙච්චර ප්‍රශ්නයක් වෙලා ඇති කියල හීනෙකින්වත් හිතුවේනෑ...

    බොරු මොකටද... මගෙත් එක්ක පොඩි ළමයි ටිකක් එකතුයි.. මේවගේ පෝස්ටුවක් දැක්කොත් අපේ බාප්ප ඒ ළමයට මගෙත් එක්ක කතා කරන්න දෙන එකකුත් නෑ.. මට පේන්නෙ මේක අතිශයෝක්තියක් ‍වගේ.. තරහ වෙන්න එපා..

    දැං පොඩි බබෙක් හුරතල් කරන්න නොදෙන්න ආරක්ෂා කරන්න වෙනතරම් අවුල් ගිහිං වගේ.. අනේ මංදා...

    ආරක්ෂාව හොඳයි.. ඊට වඩා පරිස්සම හොඳයි.. ඒ නිසා මේ පෝස්ටුවේ සැර පොඩ්ඩක් අඩු උණානම් හොඳයි වගේ..

    මං ඉතිං පොඩි එකානේ... වරදින්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. @ හිරු මන් දැන් නිදාගන්න යනවා ..ඒ නිසා පොස්ට් එකට කමෙන්ට් එකක්
      පස්සේ දාන්නම්...ඉතාම වැදගත් තවත් පොස්ට් එකක් හිරු මේකත් බ්ලොග්
      වල හිර නොවිය යුතු...
      එත් මේ යාන්ත්රිකයාගේ කතාව දැක්කම මේක කියල යන්නම හිතුන පරක්කු නොකර ..

      @ yanthrikaya
      යන්ත්‍රිකයො මෙතන කිසිම අතිශෝක්තියක් නැහැ .
      මේක තමයි ඇත්ත . සර්ව සම්පූර්ණ ඇත්ත .අඩුම තරමේ
      අද වෙද්දී තාත්ත එක්ක උනත් දුවව තනි නොකරන අම්මල
      ඉන්නවා...මන් පස්සේ කමෙන්ට් එකක් දාන්නම්..මාව නිදි
      කිරා වැටෙනවා යකෝ දැන්...

      Delete
    2. මමත් සහන් ගේ අදහසට එකඟයි. පහු ගිය දවසක මම කියෙවුවා,දුවව අඹු කමට ඉල්ලපු තාත්තාව මරලා දාලා. වෙන කවුරු වත් නෙමෙයි දුවගේ අම්මා. එහෙම නැත්නම් මැරුම් කාපු කෙනාගේ බිරිඳ.අද අපි ජීවත් වෙන්නේ ඒ වගේ නරුම ලෝකයක.

      Delete
    3. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වා .
      හැමෝම හැම දේම එකතු කරලා තියෙනවා ගොඩක් වටිනා.
      පුද්ගලිකව මම දරුවන්ට පුදුම විදිහට ආදරෙයි.මට ලොකු පැතුමක්
      තිබ්බ මන් වගේම කටකාර , දඟ කාර , ලස්සන, හුරතල් පුංචි
      දුවෙක්ට මගේම ලෙයින් මට දාව මගේ බිරිඳට හම්බෙන.ඉතින්
      ඒ පැටියා එනකම් හැම තාත්තෙක්
      වගේම මාත් වෙන කෙනෙක්ගේ දරුවෙක් දැක්කම ඒ සෙනෙහස
      දෙනවා.පස්සේ පස්සේ රටේ වෙන දේවල් දැක්කම මන් පාඩුවේ ඉන්නවා .
      අනුන්ගේ දරුවෝ වඩගන්නවත් යන්නේ නැහැ.බස් එහෙක පොඩි
      එකෙක් හිටගෙන ගියත් මන් ඔඩොක්කුවට ගන්නේ නැහැ ,
      නැගිටලා එයාට සීට් එක දෙනවා මිසක් .හැබැයි මේ තත්වේ මහ බලු තත්වයක්.ඊට වඩා මට නම් නම්බුයි මහ පාරේ නිරුවත් වෙන
      එක.කවද හරි මගේම පැටියෙක් බලන්න හැකි උනොත් එයාට මේ
      ලෝකේ හැම දේටම වඩා වටිනා ආදරේ දෙනවා.

      එතකම් ඉන්න වෙනවා මෙහෙම .ඔන්න සමාජේ ..
      (මීට වඩා මට නම් අවන්කවම ලජ්ජා නැහැ පාරේ නිරුවත් වීම...)

      Delete
    4. තමන්ගේ කෙනෙක්ගේ දරුවෙක් හුරතල් කළාට කමක් නෑ මලයා... මොකද අපේ ඉන්න එවුනුත් මායි මල්ලියි එක්ක හරි එකතුයි.... ඉස්සර ඉඳලම.. අපි දෙන්නා තමයි වැඩිමල්ම.. තාමත් අපි එක්ක නටනවා 5 වසරේ ඉන්න එවුනුත්...

      ඒත් අපි අතරත් ඉන්නවා ඒ වගේ පුංචි පුංචි අවුල් තියෙන ළමයි... .ඒ වෙලාවට අම්මලට ඒවා පේන්නේ නෑ.. අම්මලා කිසි කෙනෙක් එහෙම හිතන්නේ නෑ නේ... විශේෂයෙන් අවුරුදු 12 විතර වෙන‌ෙකාට පිරිමි ළමයි සෙක්ස් ගැන හිතන්න ගන්නවා.. ඒක දැනගන්න පුලුවන් සම වයසේ අයට තමයි.. එයාලා වැරදි පාරට වැටෙන්න තියෙන චාන්ස් එක වැඩියි... ඒ වෙලාවට නොදැනුවත්ව උනත් වැරදි දෙයක් වෙන්න පුළුවන්...මොකද එහෙම කෙනෙක්ව කෙනෙක්ට නම්මගන්න පුලුවන් ලේසියෙන්ම...

      Delete
  19. මිනිස්සු විකෘති ආශාවලින් පිරිල දැන්.. සමාජය විනාසයි.. පිළියම මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. සමාජයට පිළියමක් නම් මට දෙන්න අමාරුයි මලයා.. අඩුගා‌ෙන් අපි පරිස්සම් වෙලා, අපි වටේ ඉන්න අයව වත් පරිස්සම් කරගමු...

      Delete
  20. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා..මේකා හොරා වගේ පැනලා ගිහින්.... ‌

      Delete
  21. හිරු කියලා තියෙන්නෙ සහතික ඇත්ත කියලා මට අනිත් හැමෝම එක්ක එකඟවෙන එක ලේසි වුනත් මට එහෙම කරන්න හිත් දෙන්නෙ නෑ. උඹ දන්නවනෙ මම වැල යන පැත්තට මැස්ස ගහන්නෙ නැතිබව, නමුත් පවතින අසහනකාරීම් කාමාතුර සමාජයෙන් ළමයින් බේරාගන්න නම් හිරු දීලා තියෙන උපදෙස් හරි.

    නමුත් ඇයි අපේ සමාජෙ මේ තරම් අසහනකාරී, කාමාතුර සමාජයක් වුනේ? අනික සමාජෙ කියන්නෙ අපිටම නේද?

    මේක හරියට වහලෙ අබලන් වෙලා තෙමනකොට වහලෙ අලුත්වැඩියා නොකර කුඩ ඉහලාගෙන තොප්පි දාගෙන් ඉන්නවා වගේ වැඩක්.

    එතකොට අර ජංගි කොට ඇඳගෙන සෙල්ලම් කරපු කාලෙ සහ ඒ නිදහස ඉවරයි? ඒ තියා අර අවුරුදු දවසට රෙද්දයි හැට්ටයි ඇඳපු කාලෙත් ඒ නිදහසත් ඉවරයි?

    අර ගෑනුන්ට අතවර වෙන්නෙ අඳින ඇඳුම නිසයි කියලා කවුද කිව්ව දේ සනාත වේගනද එන්නෙ?

    මට නම් පේන්නෙ අපිත්, ඔලුව වහන, අරාබි ලෝගුව අස්සෙ හැංගෙන දවස වැඩි ඈතක නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා මං අහක බලනකම් ඉදලම කමෙන්ට් එක ස්පෑම් එකට යැව්ව නේද... හි හි

      මම එහෙම හිතන්නේ නෑ ඩූඩ් අයියේ.. ළමයින්ට ජංගි කොට ඇඳගෙන සෙල්ලම් කරන්න තැනක් දැං මෙහෙ ඉතුරු වෙලා නෑ.... රෙද්ද හැට්ටේ අඳින්‌ෙන් ඉස්කෝලේ අවුරුදු උත්සවේට විතරයි...

      ගෑණුන්ට අතවර වෙන්නේ ඇඳුම නිසා කියන කතාව ගොන් කතාවක්... නමුත් අපි දැනගන්න ඕනේ තැනට ගැලපෙන්න අඳින්න.... ළමයින්ට වයසට ගැලපෙන්න ඇඳුම් අන්දන්න... අර මං කිව්වා වගේ ඇදුම් ඉස්සර ළමයින්ට ඇන්දුවේ නෑනේ... ඉස්සර ගෑණූ ළමයි ඇන්දේ දණිස්සට දිග චීත්ත ගවුම්... පිටිපස්සට බෝ එක ගැට ගහන්, ඉණට රැලි තිබ්බ පුංචි ගවුම් පොඩි... කොල්ලෝ ඇන්දේ කලිසම් කමිස... පුංචි සරං පොඩි... හිටියේ ගමේ අහල පහල අය විතරයි.. දැං එහෙම නෙවෙයි.. සුපර් මාකට් එකට අම්මයි දුවයි යන්නේ දෙන්නම එක ජාතියේ කොට කලිසම් ඇඳලා... ස්කිනීස් ඇඳලා... ඒක කැතයි... එහෙම උනාම ළමයින්ට වයසට වඩා වැඩිය වයස පේනවා...

      අර ඊයේ මං දැක්ක එක දැක්කනං ඩූඩ් අයියට හුස්ම හිරවෙයි... ඒ තරම් අප්සට්.... කාමාතුර නෙවෙයි... සාමාන්‍ය පිරිමි කෙනෙක්ට උනත් ඒ ළමයා අවුරුදු 10ක ළමයෙක් කියලා හිතෙන්‌ෙන් නෑ... ඒ ඇඳුම හින්දා..

      අරාබි ලෝගුවට එන්න කලින් තමයි මං මේ ටික ගැන කිව්වේ.. අපි සැලකිලිමත් වෙනවා නම් අරාබි ලෝගු කතාවක් කියන්න කාටවත් අවශ්‍ය වෙන් නෑ.... සමාජේ හැදෙයි මේ ටික වෙනකොට... මේවා ගැන අම්මලා තාත්තලා දැනුවත් උනාම මේ වගේ අවදානම් ගැන හිතනවා.. මොන්ටිසෝරි වලට උනත් ආරක්ෂිත වැඩිපිළිවෙල් හදන්න වෙනවා... ඒවා කෙරෙන්න ඕනේ.. නැතුව අර ඉස්සර තිබ්බ සමාජේ නෑ කිය කිය, ඒක ආපහු ඕනේ කිය කිය ඉඳලා වැඩක් නෑ...

      Delete
    2. ඩූඩ්ගේ කතාවට එකඟයි. තමන් පාලනය කරගන්ට පුලුවන් සමාජයක් නැතුව එක පැත්තකින් පමනක් ඔයදේ කරන්ට බෑ. බටහිර රටවල අඩ නිරුවතින් ගෑනු කොච්චර හිටියත් බොහෝ දෙනෙක් එයාලා ඇදගෙන ගිහින් රේප් කරන්ට යන්නේ නෑ. ඒ වගේ දර්ශන අඩු සමාජයක, ඒවගේ අඩ නිරුවත දැක්කාම, මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්සෙනවා කියමුකෝ. ඒත් ඔය වගේ දේවල් කරන තරම් පහත් මානසික මට්ටමකට මිනිසුන් වැටෙන්නේ කොහොමද?

      නිකමට බලන්ට කාට හරි (පිරිමියෙකුට ) ගෑනියෙක්ගේ දොසක් කියන්ට තියෙනවා නම් ඉස්සෙල්ලාම ඇදලා ගන්නේ ඇගේ නිරුවත නේද? ගෑනු උදවිය පිරිමින්ට මෙහෙම කරනවා කොහෙවත් දැකලා තියනවද?

      මේ ලඟදි කරපු සමීක්ෂන වලින් පෙන්නන්නේ 'ලිංගික දර්ශන' වැඩියම බලන රටට ලංකාව තේරිලා කියලලු ....ඕක මම උදේ ජාලේ තියනවා දැක්කා.

      Delete
    3. ///මේක හරියට වහලෙ අබලන් වෙලා තෙමනකොට වහලෙ අලුත්වැඩියා නොකර කුඩ ඉහලාගෙන තොප්පි දාගෙන් ඉන්නවා වගේ වැඩක්. //

      වැසස් ඉවරවෙනකම් කුලයක් ඉහලගෙන හරි නොතෙමි ඉන්න වෙනවා ඩූඩ් අයියේ.. නැත්තම් ලෙඩ වෙනවා.. වැස්සේ වහලේ හෙවිල්ලන්න බෑ නේ.. මේකත් එහෙම දෙයත් තමයි....

      සමාජේ වැරද්ද මේ වැරදි පෙනි පෙනි නිකම් හිටපු එක... උඩින් පේන සදාජරේ, සංස්කෘතිය පැලැස්තර දදා හිටපු එක... අපි මේවා ගැන කතා කරන්න පරක්කු වෙච්ච එක... මේවා කරන්න තිබ්බේ කලින්.. දැං තියෙන්නේ මොනවා හරි කරලා ළමයි පරිස්සම් කරගෙන, ඊට පස්සේ සමාජේ ගැන බලන එක... මොකද මේ ළමයි ටිකත් විනාස උනොත් ආයිත් සමාජයක් හදන එක හරි ආමරුයි... මේ යන්නේ ඩුඩ් අයියා කියපු පරම්පරාවේ අන්තිම කොටස... පොඩ්ඩිලා අපි හරියට හිටියේ නැත්තම් ඒ කාලේ එතනින් ඉවරයි...

      Delete
  22. //අර ඊයේ මං දැක්ක එක දැක්කනං ඩූඩ් අයියට හුස්ම හිරවෙයි... ඒ තරම් අප්සට්.... කාමාතුර නෙවෙයි... සාමාන්‍ය පිරිමි කෙනෙක්ට උනත් ඒ ළමයා අවුරුදු 10ක ළමයෙක් කියලා හිතෙන්‌ෙන් නෑ... ඒ ඇඳුම හින්දා.. //

    ඕක ලේසියෙන්ම බලන්න පුළුවන් food city එකක නැත්තන් keels super එකක.

    ReplyDelete
    Replies
    1. මාත් දැකලා තියෙනවා මානවකයෝ ඕනේ තරම්.. හරිම අප්සට් ඒ වෙලාවට.. මොකද ඒ ළමයි, ළමයි වගේ පේන්නේ නැති නිසා....

      Delete
  23. කලින් පොස්ට් එකට කොමෙන්ටුවක් දන්නා බැරි උනාට සමාවෙන්න.සති අන්තයේ ජංජාලේ පැත්තේ එන්නේ නැනේ.
    පොඩි දරුවන්ගේ ඇදුම් ගැන වග කියන්න ඕනි අම්මලම තමා.ටීවී එකේ යන හැම කුනුගොඩක්ම බලලා ඔලුව අවුල් කරගෙන රටේ ලෝකේ නැති හැම විකාරයක්ම කරනවා.ඒ මදිවට ඒවා පොඩි දරුවන්ටත් බලෙන් උගන්නනවා.
    අනික පොඩි ළමයි උනත් අනුකරණය කරන්නේ තමන්ගේ අම්ම,තාත්තව.තාත්ත හවස ගෙදර එන්නේ බීලා හතර ගතෙන්නම් ඒ පොඩි එක බේබද්දෙක් වෙන එක අහන්න දෙයක්ද.ගැණු දරුවෝ තමන්ගේ අම්මා අදින පළදින විදිය අනුකරණය කරනවා.එක හිරු දන්නවා ඇතිනේ.....අම්ම ඉන්නේ බාගෙට ඇදගෙන නම් පොඩි දරුවා ගැන කවර කතාද.පොඩි කෙල්ලන්ට කොටම කොට කලිසම් ගවුම් ඇන්දුවට කමක් නැ.(එක ඒ දරුවාගේ අම්මගේ තාත්තගේ කැමත්තනේ.)ගෙදරට පිට කවුරුවත් අවොත් වෙන ඇදුමක් ඇදගන්න කියන්න ඕනි.නැත්තන් වෙන්නේ අර අපු මිනිහ කුපාඩියෙක් කියල නිකන් නරක නාමයක් ගාගන්න එක විතරයි.

    ඉස්කෝලෙදි ගැන කියල දෙන්න ඕනි උනත් මේවා මග අරිනවා.ලැජ්ජාවටද,කම්මැලි කමටද දන්නේ නැ.එයාල හරියට ඒ දැනුම දෙනවනම් ළමා අපචාර,ස්ත්‍රී දුෂණ එහෙම ගොඩාක් අඩුකරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //අනික පොඩි ළමයි උනත් අනුකරණය කරන්නේ තමන්ගේ අම්ම,තාත්තව.//

      අනිවාර්යයෙන්ම කල්හාන්... ඔයා කියන කතාව ඇත්ත...

      Delete
  24. ඇත්තටම දෙමාපියන් අතේ තමයි දරුවන්ගේ ආරක්ෂාව තියෙන්නේ. ඒත් ඉතින් තාත්තාම තමන්ගේ ගෑණු දරුවා ව දූෂණය කරද්දී අනිත් රටේ ලෝකේ මිනිස්සු ගැන කවර කතා ද?අම්මලා විශේෂයෙන්ම ගෑණු දරුවන් ගැන සැළකිලිමත් විය යුතුමයි.ඊට පෙර අම්මලා නිවැරදි විය යුතුයි. තමන් වැරදි කර කර දුව ව වරදින් මුදවා ගන්න අවවාද කරනවා නම් ඒක බොරු වැඩක්.දරුවෙක් එහෙම අම්මා-තාත්තා කියන දෙයක් අහයිද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත බට්ටි... මේ තාත්තලා මේවා කරනවා කියන එක නම් මටත් දරාගන්න හරි අමාරු දෙයක්.. දරුවෙක්ට විශ්වාස කරන්න පුළුවන් කියලා හිටියේ අම්මයි තාත්තයි විතරයි.. දැං ඒකත් නෑ... පුදුම දුකයි අප්පා...

      Delete
  25. ඇත්ත කතාව හිරු අක්කේ, පොඩි කාලේ ළමයින්ට ඔහොම ඇඳුම් අන්දවල, එවුන් ලොකු වෙද්දී කොටට ඇන්දම ළමයින්ට දොස් කියලා වැඩක් නෑ එක අතකින්

    ReplyDelete
  26. අද කාලේ පොඩි එවුන් ලිංගිකත්වය ගැන දන්නවා. පෝතක බාලදක්ෂයන් (3,4,5වසරවල) අපිත් එක්ක බොහොම සුහදයි. චුට්ටක් ෆෝම් උනාම ගොඩාක් දේවල් කියවනවා. හිරු කියන දේ පුංචි පිරිමි ළමයින්ටත් අදාළ වෙන්න ඔනේ.
    ගෑනු ළමයින්ට වැඩිවියට පත් උනාම ලිංගිකත්වය ගැන කියලා දෙන්න යනකොට සමහර විට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. එහෙන් මෙහෙන් දැන ගන්න දේ අත්හදා බලන්න යන්න පෙළබෙනවා වැඩියි. මමත් ඩූඩ් එක්ක එකගයි. අසහනය තියෙන මනුස්සයා හික්ෂූණින් කෙනෙක්ව උනත් දූෂණය කරන්න පෙළෙබෙනවා. ඒකට ඇදුම බලපාන්නේ නෑ. (ඒත් සමහර විට අසංවර ඇදුම අඩන්න ඉන්න එකාට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩක් වෙන්නත් පුලුවන්.)
    ළමයින්ට පුංචි කාලේ ඉදලාම සංවර කම පුරුදු කරනවානම් තමයි වටින්නේ. අපේ අම්මලා අපිට කන විදිහ, පුටුවක වාඩි වෙන විදිහ, විතරක් නෙමෙයි හරියට දනගහලා වදින්නේ කොහොමද කියලත් ඉගැන්නුවා. දැන් සමහර පොඩි උන් ඒ මුකුත් දන්නෙ නෑ.
    අම්මලා තාත්තලා සංවර වෙලා දරුවන්ටත් සංවර වෙන්න උගන්නන්න පුලුවන්නම් කොච්චර හොදද. මගේ පොඩි අක්කා ගුරුවරියක් එයා උගන්වන්නේ තඹුත්තේගම රාජාංගනය ප්‍රෙද්ශයේ පාසලක ඒ පාසලේ නීතියක් තමයි පාසලට එන අම්මලා දිගට ඇදගෙන එන්න ඕනෙ කියන එක. ඉතිං අම්මලා කරන්නේ පාසලේ ගේට්ටුව ගාවදි චීත්තයක් පටලගන්න එක. මම මේක ඇස් දෙකට දැකලා තියෙනවා. ළමයාව පාසලට එක්කන් එන ටිකවත් පිළවෙළට අදින්න බැරි අම්මලා ළමයින්ට කොහොම ආදර්ශමත් වෙයිද.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිරිමි ළමයි මේ අතවර වලට අපි හිතනවට වඩා ලක් වෙනවා බණ්ඩෝ.. අපේ මේ මඟුල් සමාජේ ඒවා හිතන්නේ නෑ... ඒ ළමයි පහු වෙලා මානසික ලෙඩ්ඩු වෙනවා කියන එකවත් හිතන්නේ නැ.. තාම එල්ලිලා ඉන්නේ කන්‍යාභාවයේ නේ... ( එහෙම කිව්වේ මේ අපචාරය කියන එකේ තේරුම හරියට දන්නේ නැති අයට තේරෙන්න)

      //ළමයාව පාසලට එක්කන් එන ටිකවත් පිළවෙළට අදින්න බැරි අම්මලා ළමයින්ට කොහොම ආදර්ශමත් වෙයිද.//

      සහතික ඇත්ත.. මෙහේ අම්මලා දැක්කම ඕක ‌තෙරෙනවා.. කලිසම් ඇන්දට, ස්ටයිල් කළාට කමක් නෑ.. ඒත් හරි තැනට, හරි විදියට...

      Delete
  27. Amma kenekuta watina upades tikak horu oya dila thiyenne. Mewagen godak dewal babata kiyala dila thyenne. Anek tikath kiyannamko. bala, wadihiti,mahalu hamoma athawarayata lak wena me kale kathakala uthu deyak me. Oya gana mata hari adambarai loku samaja mehewarak me karanne.

    ReplyDelete
    Replies
    1. ඔයාලා වගේ තරුණ අම්මලට තියෙන ඔය අවබෝධය, සංවරයවත් මේ ටිකක් වයසට ගිය අම්මලට නැති එකත් මෙතන ප්‍රශ්නයක් නඟා... තැන්ක් යූ.. හි හි

      Delete
  28. මේ කෙහෙල්මල් සමාජය නිසා දරුවෝ බය වෙලා ඉන්නේ. සමහර විට මේ වගේ දේවල් දරුවන්ට දෙමව්පියෝ කියා දෙනවා ඇති. සමාන්‍යයෙන් මම පොඩි දරුවන්ට හරිම ආදරෙයි. ඒත් දැන් දැන් පොඩි ළමයි අපි හිනා උනත් බයයි. අහක බලා ගන්නවා බිල්ලෙක් දැකලා වගේ. මොනවා කරන්නද කාලකන්නි සමාජෙක.

    ReplyDelete
    Replies
    1. //බිල්ලෙක් දැකලා වගේ.//
      ඒක ගැන නම් ඉතිං කරන්න දෙයක් නෑ... බිල්ලා වගේ මහතයිනේ කොහොමත්... හි හි... ( විහිලුවට හොදේ...)

      ඇත්ත මාතලන්.. දැං ඉස්සර වගේ ළමයෙක් දිහා බලලා හිනාවෙන්න මටත් බයයි.. දරුවෝ හිනා වෙන්නේ නෑ ඉස්සර ව‌ෙග් ... මොනවා කරන්නද... දරුවෝ රැක ගන්න නම් මේ දේවල් කරන්න වෙනවා... අපිත් හිත් රිදෝ ගන්නේ නැතුව ඉමු... මොනවා උනත් අපි දරුවන්ට ආදරෙයිනේ...

      Delete
  29. පොඩි කාලේ ඉදන් ලැජ්ජා බයට ළමයි හදනවා නම් උන් ලොකු උනත් යම් කිසි සංවරයක් ඇතුව ඉන්නවා.අක්කේ ඔයාගේ උපදෙස් ටික පට්ට වටිනවා.අම්මලා තමා දරුවන්ව රැකගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හි හි.. ඉගෙන ගනිං මේවා....

      Delete
  30. ගොඩක් වටින සටහනක් අක්කේ.. කොටස් දෙකම මම මේ දැන් එක පාර බැළුවේ..

    ReplyDelete
    Replies
    1. ආ.. මේ අනිත් එකා... කෝ මදාරටත් මේවා පෙන්නුවා නං හරි...ඉස්සරහට ඕනේ වෙන දේවල්.. හි හි

      Delete
  31. සහතික ඇත්ත කතාවක්..සමහර තැන් වලට එන අම්මලා දූලත් හොයාගන්න බෑ පැටලෙනවා. ;)

    ReplyDelete
    Replies
    1. හි හි.... ඒක නම් ඇත්ත කොල්ලෝ...

      Delete
  32. සම්පූර්ණ ඇත්ත කතාවක් අක්කේ...සමහර තැන් වලට එන අම්මලා දුවලත් පැටලෙනවා හොයාගන්න බෑ.. ;)

    ReplyDelete
  33. අම්මල පොඩි කාලේ ඉඳලම දරුවොන්ට කියා දෙන්න ඕනේ තැනට සුදුසු විදියට ජිවත් වෙන්න.ඊටත් කලින් ඒ අම්මලාට කවුරු හරි උගන්වන්න ඕනේ වැදගත් කම හා තමන් අම්මා කෙනෙක් කියන විත්තියා.

    අපේම කෙනෙක්ගේ පොඩි එකෙක්ව හුරතල් කරද්දී ඒ කෙනා අපෙන් ඒ දරුවා අරන් ගියොත් අපිට මොන වගේ හැඟීමක් ඇති වෙයි ද?

    ReplyDelete
    Replies
    1. අපේම කෙනෙක්ගේ දුවෙක් නම් එහෙම වෙන එක අඩුයි මලයෝ.. ඒත් අපි පොඩ්ඩක් දරුවා පැත්තෙන් හිතමු.. ඔයාව වැඩිය හුරු නැත්තම් වඩා ගන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්න එක තමයි දරුවගේ ආරක්ෂාවට සුදුසු.. අපි හොඳ උනාට නරක කෙනෙක් එහෙම කළොත් දරුවා පරිස්සම් වෙනවනේ කියලා හිතමු...

      Delete
  34. පසුව කියවමි හිරුවෝ. දිරවගන්නත් එපායැ..

    ReplyDelete
  35. කවදාහරි හිරු හොඳ අම්මකෙනෙක් වෙන ලකුණු පෙනෙනවා. ඒ ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා දැක්කේ.. සොරි හොදේ නැන්දේ..

      හි හි....

      Delete
  36. hiru oyage blog role eke "Snippet, Thumbnail "
    on karanna.mokada oyage blog roll eka
    thamai danata wadima blog gaanak thiyenne...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ විදියට තමයි දාලා තියෙන්නේ. හි හි

      Delete
  37. පැය දෙකක්ම කියෙව්ව. වැදගත් ලිපියක් පල කිරීම ගැන මගේ ප්‍රණාමය. කියන්න දේවල් තිබුණත් දැන් too late.
    ආ‍යෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. කිසි කමෙන්ට් එකක් ටූ ලේට් වෙන්නේ නැ මට.. දැක්ක ගමන් රිප්ලයි කරනවා... හි හි..
      බො‌ෙහාම ස්තූතියි කමෙන්ට් එකට...

      Delete
  38. ස්තූතියි හිරු මේ ලිපි පෙලම හෙමින් හෙමින් කියෙව්වා. මිනිස්සුන්ගේ වල් වැදුනු විනාශ වෙච්චි හිත් හදන්න ක්‍රමයක් හොයා ගත්තානම් මීට වඩා වෙනස් සමාජයක් අපිට දකින්න තිබුනා.... දිගටම ලියන්න හිරු.. මේවා කියවලා හරි වෙනසක් වෙනවානම් යමෙකුගේ ඒක ලොකු දෙයක් . ඔබේ ලියවීම් සමාජය ගැන වැටහීම්..ඇත්තටම නියමයි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. හි හි..

      මේවට ඇත්තටම තවත් දේවල් තියෙනවා එකතු වෙන්න.. ඒත් ඒවා බර වැඩි වෙයිද කියලා ෂුවර් නෑ තාම.....

      Delete
  39. හරිම වටින කාලීන මාතෘකවක් හිරු වැඩියෙ කතා නොකරන මම ගුරුවරියක් විදියට ස්තුතිවන්ත වෙනවා හිරුට
    ඇත්තටම අම්මල විදියට අපි පොඩි දරුවෙකුට ඇදුමක් අන්දනකොට උනත් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනි විශෙෂයෙන් අවුරුදු 5 , 6 කාලෙ ඉදන්ම දුවෙක් උනත් පුතෙක් උනත් අද කලෙ පිරිමි ළමයි උනත් පරෙස්සම් කරන්න වෙලා තියෙන කාලයක්නෙ.
    ලොකු අය අදින විදියෙ ඇදුම් දරුවන්ට සුදුසු නෑ. කැපිල පේන විදියෙ හිර ඩෙනිම් කලිසම් ගොඩක් කොට සායවල් ඇගට ෆිට් ඒව ළමයින්ට අන්දවන්න හරි නෑ.ගොඩක් අම්මල මේව හිතන්නෙ නෑ.එයාල දකින ලස්සන නෙමෙයි පිට අය දකින්නෙ.විශේෂයෙන් ගෑනු දරුවෙක්ට කොට සායක් ගවුමක් අන්දනකොට පෑන්ටියක් අන්දනවට වැඩියෙ දනහිස හරියට දිග තියෙන කලිසමක් අන්දන්න පුලුවන් නම් ගොඩක් හොදයි.මොකද පොඩි අයට ගවුම (සාය ) හදාගන්න තේරෙන්නෙ නෑනෙ.යට සායක් අන්දෙව්වත් වැඩක් නෑ ගොඩක් වෙලාවට කලිසමක් අන්දන එක තමයි ගොඩක් හොද මොකද ළමයින්ට සෙල්ලමට ගියාම අදුම් ගැන වගක් නෑනෙ.සමහර වෙලාවට අම්මල මේ ගැන හිතනව අඩුයි.ඉස්කොලෙ යනකොටත් ඒ වගේ සුදු කලිසමක් යටට අන්දල යවන්න ඕනි ඒක හොද පුරුද්දක්.දැන් වෙලදපොලේ ඒව ගන්න තියෙනව එක පාසල් දරුවන්ට වගෙම තරුනියන්ටත් ගොඩක් වටිනවා.ඉස්සර ළමයින්ට ඒව තිබුනෙ නෑ.අම්මල විදියට අපි දැනගන්න ඕනි දරුවන්ට පිලිවෙලට ඇග වහෙන විදියට ඇදුම් අදින්න පුරුදු කරන්න.පිරිමි දරුවෙක්ට උනත් ඕනවට වඩියෙ කොට කලිසම් හිර අදුම් අන්දවන එක සුදුසු නෑ ඒ වගෙම ගෙදරින් පිටට යනකොට යට කලිසමක් අන්දවන්න පොඩි කාලෙ ඉදන් හුරු කරන්න ඕනි.ඒත් අවුරුදු 8-10 වයසෙ පිරිමි දරුවන්ට පවා පාසල් එවනකොට යට කලිසමක් අන්දවල එවන්න තරම් වත් සමහර අම්මල දැනුවත් නෑ.අපි අම්මල විදියට මීට වඩා දරුවන්ගෙ ඇදුම ගන සැලකිලිමත් වෙන්න ඕනි කියලයි මන් නම් හිතන්නෙ.
    ඒ වගෙම දරුවන් පිට අයත් එක්ක පසලට හෝ වෙනත් ගමනක් යවන විටත් ඉතාම සැලකිලිමත් වෙන්න ඕනි ඒ පුද්ගලය ගැන පිරිමි කෙනෙක් උනත් ගෑනු කෙනෙක් උනත් මොකද දැන් කාලෙ ඉස්සර වගේ නෙමෙයි.ඒ වගේම මේ තරගකාරි අධ්යාපන ක්‍රමය නිසා පාසල් වෑන් රථවල කුඩා දරුවන් ගොඩක් දුර යවන එකත් සුදුසු නෑ.මොකද ඒ පැය කීපය තුලදිම දරුවගෙ අරක්ෂාවට ඉන්නෙ රියදුරා පමණයි.ඔහුටත් දරුවන් ගැන බලන්න තියෙන ඉඩ කඩ අඩුයි.හදිසියෙ දරුවකුට වැසිකිළි යන්න ඕනි උනත් යන්න තැනක් නෑ.මුත්‍ර කරන්න ඕනි උනත් යන්න වෙන්නෙ පාර අයිනෙ නත්තම් එළිමහන් තැනක පිටස්තර කෙනෙක් එක්ක අපි එහෙම දෙවල් දකල තියෙනව.එතකොට දරුවගෙ පෞද්ගලිකත්වය නැති වෙනවා විශේෂයෙන්ම ගෑනු දරුවෙක්ට ඒක සුදුසු දෙයක් නෙමෙයි.ඒ වගෙම දරුවට නරකක් වෙන්නත් ඉඩ කඩ තියෙනවා.එනිසා විශ්වසවන්ත කෙනෙක් නැතුව දරුවෙක් පාසල් වෑන් එකක ලොකු දුරක් යවන එක මන් නම් අනුමත කරන්නෙ නෑ.
    මන් මේ දෙවල් කිව්වෙ ගුරුවරියක් විදියට මට තියෙන අත්දකිම් වලින් අපි අතර මේ වගෙ දේවල් කතා කෙරෙනව මදි ඇත්තටම.කොහොම උනත් හිරු මේ වගෙ වටිනා මාතෘකා බ්ලොග් ඔස්සේ හරි කතා කරන එක ලොකු සේවයක්..

    ReplyDelete