දැන් දවස් කීපයක් තිස්සේ මේ කතාව ඇහුනා... දැං මේ සිද්ධිය මතක් වෙන වාරයක් වාරයක් ගානේ මගේ කොදු නාරටිය වෙවුලලා, ඇඟ සීතල වෙලා,බඩ ඇතුලේ තියෙන ඒවා රිදෙන්න ගන්නවා... ඒ තරම් කම්පනයක් ඇතිවෙච්ච සිද්ධියක් මං හිතන්‌ෙන්, සුනාමියෙන් පස්සේ දැක්කමයි මං... නමුත් ඊයේ මම හිත තද කරගෙන මේ ගැන පොඩි සර්ච් එකක් දාලා බැලුවේ, මේ ගෑණූ ළමයා මිය ගියා කියලා දැන ගත්තට පස්සෙ...
මේ ලියන්න යන්නේ මොකක් ගැනද කියලා සමහර විට මාතෘකාව දැක්කම හිතගන්නත් පුලුවන් වෙන්නත් ඇති...
ඒත් මං ලියන්න ගත්තේ මේ සිද්ධිය හෝ එයට අදාළ පුද්ගලයන්ට දිය යුතු දඬුවම මොකද්ද කියල වත් කතා කරන්න නෙවෙයි.. The Indian Express අඩවියේ පල වෙච්ච මෙන්න මේ කතාව ගැන... Link to the post of The Indian Express.
“When a movement is happening, it is sometimes hard to know you are at the epicentre,” says the younger brother of the Delhi bus gangrape victim who continues to battle for her life.Ironically, the 19-year-old adds, nobody lets you forget it either — not the protesters, not the eager internet rumour-mongers, not the politicians, not the police and certainly not the media. In the midst of all, their only concern is a woman who only partly knows the extent of her injuries but senses the worst as the buzz around her grows.It’s been a week since the family has been at the bedside of the woman at Safdarjung Hospital. Since then, from the floor of Parliament to the doors of Rashtrapati Bhavan, the story of their tragedy is the only thing they have been hearing.“It is like the life we had a week ago never existed. Every day is now passing by in a flash. When I switch on the TV or log on to a social networking site, I see these emotional outbursts about Damini, Amanat, Nirbhaya (the names some media organisations have given the victim). It’s hard to digest that this is my sister they are talking about,” says the brother.The first time he saw a pseudonym flashing on TV, he says he raised the issue with doctors and some police personnel. “I thought the channel in question had got my sister’s name wrong, because they said ‘Damini’s condition is deteriorating’ — they addressed her like that. I was reassured from the first day that our names, my sister’s name would not come out. I was furious,” he says.He has since learnt the ropes, even the terms for it. “Somebody explained to me it is a phenomenon known as personification. I don’t like it, but they say she is the face of a movement,” he says. However, the Net barrage was something he couldn’t take — he has blocked his Facebook account.“Every two hours, there is a new rumour. On social networks, celebrities and many friends flash her obituaries every night. For them it is just an online status they correct in two hours. At the same time, media channels say she has had a two-hour conversation, she has walked, she has smiled, she has hugged UPA chairperson Sonia Gandhi,” he says.Last Friday, he saw claims on a TV channel of his sister having “taken a few steps, with brother’s help”, and “walking for the first time after the incident”. She was actually vomiting and complaining of a new abdominal pain that day.“That night, my mother and sister hardly slept. It was a long and bad night for us, and TV channels were flashing that she was on her feet. I was tired and angry,” he recounts.On Sunday, as the protests over the rape turned violent in Delhi, the family faced another pressure. Even as the victim went through one more operation, her brother says the police approached them.“They told us more than 80 people had been injured, that people were getting violent in my sister’s name. They wanted us to make an appeal for peace. We wanted the movement to continue, but we did not want violence,” her brother says.Towards the evening, when she was brought back to the ICU after her surgery, her father finally conceded to the demand. The father’s appeal to “Please help the police in maintaining law and order. Pray for my daughter, vandalism can serve no purpose”, rang out through media channels late on Sunday night.A day later, the father does not want to interact with the media, despite repeated requests. “My father is scared that a wrong message has gone out. It seems like we don’t want the protests. We are suffering so much, why should we be against the movement? Now, he has decided against speaking to the media. There were more requests from the police, but we told them we don’t want to risk it again,” the brother says.The flood of relatives and neighbours has not made things smooth either. “People want to know what she said, what she wrote in notes, how long she had known her male friend, who was accompanying her. Relatives want us to ask doctors if she will be able to get married and have children. My parents have become tired of answering questions,” he says.Politicians have gone so far as to seek a meeting with the girl. “There is a risk of infection, we have said that repeatedly. But the requests continue to pour,” a senior administrative official at Safdarjung Hospital said.While some politicians paid solitary visits, others have been calling the family and landing at the hospital every day. “They are protesting outside the hospital, calling us at odd hours, telling us they will pay us for her medical treatment. Each one speaks to the doctor, gets a new update, and calls us. While we appreciate the support, it gets scary sometimes,” the brother says.Meanwhile, the family’s efforts are concentrated on keeping the victim as guarded from the hue and cry as possible. While she wants the accused to be hanged, the brother says, she is also scared.“She does not know her intestines have been removed. She doesn’t even know the extent of the public outcry,” says the brother. “Even when her friends or relatives come to visit, she asks us how much they know. When she hears of politicians coming, she gets scared. She keeps asking my mother if she has told anyone what happened.”
මේ තියෙන්නේ ඒ ගෑණු ළමයගේ අවුරුදු 19ක් වයස මල්ලි කියන කතාවක්... මට මේක ට්‍රාන්ස්ලේට් කරන්න තරම් දැනුමක් නැති උනත් මේ කියන්න මොකද්ද කියන එක මේක කියෙව්වම ඕනේ කෙනෙක්ට හිතාගන්න පුළුවන් වෙයි... මට ලියන්න ඕෙන් උෙන් මේක ගැන..
මං දන්න කියන හැම ඉන්දියන් කෙල්ලෙක්ගේ, කොල්ලෙක්ගෙම වගේ ප්‍රොෆයිල් එක කලු රවුමක් වෙලා තියෙන්නෙ මේ ටිකේ ෆේස්බුක් එකේ... ඒ වගේම හැම විනාඩි 5කටම සැරයක් මොකක් හරි මේ සිද්ධිය ගැන තොරතුරක් ෂෙයා වෙනවා... ඒ හැම වෙලාවකම මගේ ඇඟ ඇතුලේ ඇතිවෙන පෙරළිය මෙහෙම නම්, මේ සිද්ධියට මුණු දුන්නු මේ පවුලේ අයට මොන වගේ දැනෙනවා ඇද්ද කියලා මට හිතාගන්නත් බෑ....
මාධ්‍ය වලට බනින්න, ගරහන්න මගේ කිසිම කැමැත්තක් නෑ.. මාධ්‍ය නිසා තමයි අපි උනත් මේ සිද්ධිය දැනගත්තේ... ඒත් ඇත්තටම මේ සිද්ධියේ තොරතුරු එළියට එන්න එන්න, මේ කරපු අමනුස්සයෝ ටික ගැන මිනිස්සුන්ගේ හිත් වල තියෙන තරහා, පිලිකුල වැඩි උනා මිසක් සිද්ධිය හෙලා දැකීමක් හෝ මේ වගේ දෙයක් ආයිත් වෙන එක වලක්වගන්න දෙයක් කළ යුතුයි කියලා නැඟෙන හඬක් මං ගොඩක් තැන් වල දැක්කේ නෑ... ... මොකද ෂෙයා වෙච්ච ගොඩක් දේවල් තිබුනේ සාප කරලා, දියයුතු දඬුවම් මොනාද කියලා කතා කරලා මිසක්, මෙහෙම දෙයක් වෙන්න හේතුව ගැන කතා කරලා තිබුනේ බොහොම කීප දෙනයි...මේ සිද්ධියේ තියෙන කෲර බව නිසා ඉතිහාසයටම කලු පැල්ලමක් බව අමුතුවෙන් කියන්න දෙයන් නෑ.. නමුත් මේ ඔය වගේ, එක සිද්ධියක් විතරයි කියලා පිළිගන්න කාටවත් අමාරුවක් නෑ කියලා මම හිතන්නේ...
මේ කතාව කියවද්දි උනත් ඕනේ කෙනෙක්ට තේරෙනවා මේ සිද්ධිය මෙච්චර කෲර දෙයක් නොවී, මාධ්‍යට හෙලි නොවී තිබුණනං මේක තවත් කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාස වෙලා, ඒ කෙල්ල සහ ඒ පවුල තනියෙන් විඳවන දෙයක් බවට පත්වෙයි.... ගොඩක් වෙලාවට මේ ගෑණූ ළමයා සියදිවි නසාගෙන මේ කතාව ඉවර වෙයි... මේ වගේ වෙන කීයක් අපරාධ මේ අපේ රටේ සහ ඉන්දියාවේ වෙනවාද.... ?
බටහිර රටවලට වඩා අපේ වෙග් ආසියාතික රටවල මේ වගේ දේකදි ඇති වෙන ප්‍රශ්න වැඩියි.. බටහිර රටක නම් බොහෝ වෙලාවට හිතන සහ උත්සාහ කරන එකම දේ මේ වගේ ළමයින්ගේ ජීවිත බේර ගන්න එක.... නමුත් මම දන්න දේ තමයි අපේ ආසියාතික රටක නම් මෙහෙම සිද්ධියක් කෙල්ලෙක්ට උනොත් ඒ ළමයා විතරක් නෙවෙයි, ඒ පවුලමත් අන්තෙටම ඇදගෙන වැටෙනවා... ඒ ළමයට කසාද බඳින්න බැරි වෙනවා.. කතන්දර හදනවා... එළියට බැස්සම ඔක්කොම කන්න වෙග් බලනවා... තනිකරම ඒ ළමයට ජීවිතේ මිහිපිට අපායක් කරනවා...
ගොඩක් අය එහෙම ජීවත් වෙනවට වඩා මරණය හොඳයි කියලා දිවි නසා ගන්නවා... එහෙම නැත්තම් ඒ සිද්ධිය හංගගෙන විඳව විඳව ජීවත් වෙනවා....
ඒක ඇත්තටම මේ වගේ අමනුශ්‍යයන්ට ලොකු හයියක්... එකක් මරලා දැම්මොත් සාක්ෂියක් හොයන්න බැරි කම.. අනිත් එක මැරුනට පස්‌ෙස් ටික කාලෙකින් ඒ ආවේගය අඩු වෙන නිසා.... සමහර වෙලාවට අම්මලා තත්තලා උනත් හිතනවා මළා නම් ඒක එතනින් ඉවරයි කියලා...
මම නම් හිතන්නේ මේ සිද්ධිය ඉන්දියාවට විතරක් නෙවෙයි, ලංකාවටත් යුද්ධය,සුනාමිය වගේ මාක් එකක් වෙන්න ඕනේ කියලා... අදටත් සුනාමිය කිව්වම ගොඩක් අයගේ ඇඟ හිරි වැටෙනවානේ... ( සමහරුන්ට නම් දැන් එහෙම එකක් මතක නෑ තමයි...) මේවට නීති ගේන එක විතරක් නෙවෙයි, ඒ නීති ක්‍රියාත්මක කරන්න සමාජය පොළඹවන්නත් පටන් ගන්න ඕනේ කියලා.. මේ වගේ සිද්ධියක් යට ගහන තරමට තවතවත් මේ වගේ සිද්ධි වැඩි වෙන බව තේරුම් කරලා දෙන්න ඕනේ.. ඒ වගේම මේ අහිංසක කෙල්ලොන්ව අපහසුතාවයට පත් නොකරන සමාජයක් හදන්න ඉක්මණින් පටං ගන්න ඕනේ..
බස් එකකදි කෙල්ලෙක්ට ජැක් ගහන මිනිහෙක් දැක්කමත් අහක බලං යන මිනිස්සු ඉන්න අපේ සමාජේ මේ වගේ දෙයක් කරන්න අමාරුයි තමයි... තමන්ගේ කෙනෙක්ට උනොත් එන තරහා, ආවේගය ඒ වෙලාවට මතක් වෙන්නේ නැත්තේ ආත්මාර්ථය හින්දම තමයි... ඒ වගේම මේ වගේ සිද්ධියකදි පොලිසියට ගියොත් ඒ පවුලම කොච්චර සමාජයෙන් කොන් කරන්න ගන්නවද...? ඒ ළමයගේ චරිතය නැති කරනවා කට කතා වලින්.. ඒ ළමයගේ පවුලේ අයට පාරේ බැහැලා යන්න නැති වෙනවා.... ඒ ළමයට තියා, ඒ ළමයගේ පවුලේ වෙන ළමයෙක්ට වත් කසාදයක් කරගන්න බැරි තරමට මිනිස්සු කතා හදනවා... අනුකම්පාව පෙන්නගෙන ගිහින් තමන්ගේ ආත්මාර්ථකාමී දේවල් ඉටු කරගන්න හදනවා... මාධ්‍ය, දේශපාලයෝ, නෑ දෑයෝ, හිතවත්තු උනත් මේ වගේ වෙලාවලදි හැසිරෙන්නේ වදයක් වෙන විදියට... ඒ පවුලට තමන්ට කරන්න පුළුවන් උදවුව, ඒ අයගේ හිත් නොරිදෙන විදියට කරන්න අපේ මිනිස්සු දන්නේ නෑ...
ඔය ඔක්කොටම හරි නම් මුහුණ දෙන්න ඕනේ අර වැරදි කරයා ..ඌ එක්කො හිරේට යනවා, නැත්තම් හොඳට තමන්ගේ පාඩුවේ ගේ අස්සට වෙලා ඉන්නවා.. නැත්තම් තවත් මේ වගේ දේවල් කරන්න ගන්නවා...
ඒ වගේම මාධ්‍ය හැමතිස්සේම ඔය ගැන කතා කරනවා... අර මිනිස්සුන්ට වදයක් වෙන තරමට පස්සෙන් පන්නනවා... තමන්ගේ කුතුහලය නිසා ඒ පවුල තවත් අසරණ වෙනවා කියලා හිතන්නේ නෑ කිසි කෙනෙක්... යම්කිසි දේකදි යම් තොරතුරක් එළිකරන්න අවශ්‍යද නැද්ද කියන සදාචාරයක් අපේ රටේ උනත් මාධ්‍ය වල නෑ කියලා මට හිතෙන්නේ...
අනිත් එක නීති තිබ්බත් ඒ නීති ගැන විශ්වාසයක් නැති උනාම තමයි මිනිස්සු තොරතුරු හොය හොය යන්නේ.. නීතිය ගැන විශ්වාසයක් තියෙනවා නම් ගොඩක් අය සාධාරණයක් ඉටු වෙන බව දැනගෙන ඉවසීමෙන් ඉන්නවා.. මේකෙදි උනත් කියවගෙන යනකොට පේන්න තියෙන දේ තමයි බොහෝ ඉන්දියානුවන්ට මේ සිද්ධියෙදි නීතිය ක්‍රියාත්මක නොවෙන බව දැනිලා තියෙන බව... අෙප් රටේ උනත් අපි ගොඩක් දේවලට පොලිසියට යන්න කැමති නෑනේ.. එකක් නීතියක් නැති කම.. අනිත් එක නීතියක් ඇති බව නොදැන ඉන්න එක.. අනිත් එක නීතිය ගැන විශ්වාසයක් නැති කම....
පහුගිය කාලේ අපි ලිංගික අධ්‍යාපනය ගැන කතා කළානේ.. ඒකෙදි මතු වෙච්ච එක ගැටළුවක් තමයි ගබ්සාව ගැන තියෙන විරෝධය.. ගොඩ දෙනෙක් පළ කරපු මතයක් තමයි දැනුවත් වීමෙන් පිළිසිඳ ගැනීම් වලක්වන්න පුළුවන්කම තියෙද්දි ඇයි ගබ්සාව ගැන කතා කරන්නේ කියන එක... ඒකට හේතුව විදියට මම නම් දකින්නේ නිසි දැනුවත් වීම් නැති කම... ඒ වගේම මානසිකව ඒ වගේ අවස්ථාවක් සදහා සුදානමක් නැති කම... අපේ රටවල තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් නේ ලැජ්ජාවට සහ බයට මේ වගේ දේවල් හංගගෙන ඉන්න එක.. කිසි කෙනෙකුට කියන්නේ නෑ... එහෙම උනාම අපරාධකාරයෝ අල්ලන්නත් බෑ.. සාක්ෂි නැති වෙන නිසා... අපේ රටවල තියෙන යල් පැනපු නීති උනත් වෙනස් විය යුතුයි දැන් නම්.....
මේ දේවල් හැදෙන්න නම් මේවා සමාජයේ ඉස්සරහට ඇවිත් කතා කළ යුතු දේවල්.. ඒ කියන්නේ මේ සිද්ධිය ගැන කතා කරලා, ඒ පවුලට කණගාටුව පළ කරලා, ඒ ළමයට නිවන් සුව පතලා විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්න එක නෙවෙයි.... මේ සිද්ධිය වගේ දෙයක් ආපහු නොවෙන්න දේවල් කෙරෙන්න ඕනේ... නීති ගැන දැනුවත් කරන්න ඕනේ.. බටහිර රටවල නම් ගොඩක් ගෑණූ ළමයි තමන්ට කරදරයක් උන ගමන් රෝහලට හරි යන්න දැනුවත් වෙලා ඉන්නවා.. ඒකට අපේ අය...තමන්ට යම් අතවරයක් සිද්ධ උනා නම් කරන්න ඕනේ දේවල් දන්නේ කීයෙන් කී දෙනාද...? ඒ වගේ සිද්ධියකින් බේරෙන්න පුළුවන් ක්‍රම ගැන දන්නේ කෙල්ලෝ කීයෙන් කී දෙනාද...?
කොහොම උනත් මේ සිද්ධිය ඉන්දියාවේ වෙච්ච නිසා “ අපෝ අපේ රටේ ඔහොම ඒවා වෙන්නේ නෑ ” කියලා අහක බලං ඉඳලා හරි යන්නේ නෑ... මේ සිද්ධියෙන් යම් බලපෑමක් අපේ රටටටත් සිද්ධ නොවුනා කියලා මම හිතන්නෙත් නෑ.. ඒක නිසා මේ දේවල් ගැන කතා කරන්න, හරියාකාර වැඩපිළිවෙලක් පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා...
ඒ වගේම මේ අවසනාවන්ත සිද්ධියට මුහුණ දීලා, ආකාලයේ මිය ගිය සොයුරියට මේ සසරේ කිසිම දිනෙක මේ වගේ දුකකට මුහුණ නොදීමටත්, නිවන් සුව ලැබීමටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...