ඒ ලෙවල් වලට මම තෝර ගත්ත චිත්‍ර විශය, මං හිටපු ගෝතමියේ නැති උන නිසා අනුලාවට යන්න සිද්ධ උන කතාව මං කලින් කියලා තියෙනවා මං හිතන්නේ..
මං පළවෙනියෙන් ඉස්කෝලෙට ගියේ සිකුරාදා දවසක අන්තිම පීරියඩ් එකේ දි... උදේ ඉඳන් ලියලියවිලි වැඩ වගයක් තිබ්බ නිසා.. ඒක නිසා මම මුලින්ම ඉස්කෝලෙට යනවා කියලා ගියේ සඳුදා දවසක... එදා මුලින්ම තිබ්බේ ඉකෝන්... ආට් ක්ලාසස් වලදි හැමතිස්සෙම වගේ සිද්ධ වෙන දෙයක් තමයි ක්ලාසස් දෙකක් එකට දාලා උගන්නන එක.. ඒ තරම් විශය ප්‍රමාණයකට ළමයි බෙදිලා හිටියේ... ඉතිං ඔන්න එදත් පන්තියේ පරණ ළමයි ටික අලුත් ළමයි ටිකට පොඩි රැග් එකක් දෙන්න කියලා හිනා වෙලා අලුතින් ආපු අපි පස්දෙනාව පන්තියේ මුල්ම පේලියේ වාඩි කෙරෙව්වා.. අපිත් හිනා වෙවීම ඒ රැග් එක බාර ගත්තේ කට්ටිය ඒක ටික කියන්න දඟලපු දැඟලිල්ල නිසා.. ඕක ලොකු දෙයක් නෙවෙයි නේ..
ඉතිං ඔන්න පන්තියට ටීචර් කෙනෙක් ආවා.. තරැණ ගුරුතුමියක්... ඇවිත් බොහොම කාරුණිකව අපිවත් පිළි අරගෙන, පොත පෙරලන්න කියලා මුලින්ම ලියා ගන්න කිව්වා සිඟාලෝවාද සූත්‍රයේ ළමයින්ගෙන් ගුරුවරුන්ට විය යුතු යුතුකම් සහ ගුරුවරුන්ගෙන් ළමයින්ට විය යුතු යුකුතම් කියලා තියෙන කොටස...
මං ටිකක් හොල්මන් උනා.. මේ ඉකෝන් යැ... කොෙහාමත් මට පෙන්නන්නම බැරි පිරීයඩ් එකක් තමයි බුද්ධාගම පීරීයඩ් එක... ඒකට කළේම නිදා ගත්ත එක තමයි... ඕලෙවල් වලින් බුද්ධාගම ඉගෙනගැනිල්ල ඉවර වෙච්ච එක ගැන මං හරිම සන්තෝසෙන් හිටියේ.. සතියට සැරයක් ළමා සාරිය ඇඳලා, දහම් පාසල් ගිහින්, පන්සල අතුගාලා, බෝ මළුව පිරිසිදු කරලා, මල් පෙරහරේ ගිහින් මල් පූජ කරලා, පන්තිවලට වෙලා මෙනා හරි ගාධාවක් දෙක්ක පාඩම් කරගන්න එක වගේ දෙයක් ඉගෙනගැනීමෙයි, ඉස්කෝලේ බුද්ධාගම ඉගෙනගැනීමෙයි මට නම් මහා වෙනසක් තිබ්බා..
කොහොම හරි ඔය කිව්ව වැඩේ ඉවර කළාට පස්සේ මේ ගුරුතුමිය දිග දේශනාවක් දුන්නා... ( ඒ වෙනකොටත් මට ඒ ටීචර්ට බාගෙට එපා වෙලා තිබ්බේ) පාසල ගැනත්, පාසලේ ළමයි ගැනත්, පාසලේ හොඳ දේවල් ගැනත් වගේ දේවල්... කොෙහාම හරි මට ඒ වෙලාවේ තේරුනේ මේ ගුරුතුමිය මේ පාසලේම පෙර පාසලේ ඉඳන්ම ඉගෙන ගෙන, දැන් ගුරුපත්වීමත් මෙහෙටම ලැබුණ කෙනෙක් බවත්, ඒ ගැන ලොකු ආඩම්බරයකින් ඉන්න කෙනෙක් බවත්...
කතාව ඉවර වෙලා එතුමිය කිව්වා මේ කතාව කිව්වේ අලුතින් ආපු ළමයින්ට තේරුම් ගන්න මේ ඉස්කෝලේ ඔයාලා කලින් හිටපු ඉස්කෝල වලට වඩා ගොඩක් වැදගත් බව... කියලා.....
අන්න එතකොට මගේ රතුකට්ට පැන්නා... මම කලින් හිටපු ඉස්කෝලෙන් අයින් උනේ ඒකේ ඉගැන්වීම් අඩුපාඩුවක් නිසාවත්, වෙන මොකක් හරි අවුලක් නිසාවත් නෙවෙයි.. විශයයක් නොතිබුණු නිසා.. ඒ ඉස්කෝලේ මගේ චිත්‍ර ටීචර් කිව්වා මායි මගේ යාලුවයි වෙනුවෙන්ම එයා තවත් පන්තියක් කරන්නම්... කියලා..ප්‍රින්සිපල් මැඩම් උනත් ගොඩක් අකමැත්තෙන් තමයි අස්වීමේ සහතිකය ලියලා දුන්නේ.. ඒත් ළමයි දෙන්නෙක් විතරක් ඉඳලා විභාගයට සූදානම් වෙන එකට අභියෝගයක් නැතුව පාස් වෙන්න බැරි බව දන්න නිසයි අපි දෙන්නම අස් උනේ... ඒ දුකෙන් හිටපු මට, අර වගේ මගේ ඉස්කෝලේ පහතට දාලා කතා කරනවා දරා ගන්න ටිකක් ආමාරයි .. ඒ කාලේ ඉතිං ඉස්කෝලෙට ලොකු ආදරයක් තිබ්බානේ....
කොෙහාම හරි ඔය අතරේ තමයි අර ගුරුතුමිය අපේ දැනුම පරික්ෂා කරන්න පටන් ගත්තේ.. පටන් ගත්තේ සිංහල භාෂාවෙන්... වෙන ඉස්කෝලවල සිංහල වත් හරියට උගන්නනේ නෑ කියලා වාක්‍යයක් දාලා තමයි ඔය වැඩෙත් පටන් ගත්තේ... ( ඒ කියන්නේ එයා කියන විදියට සිංහලයි, බුද්ධාගමයි හරියට උගන්නන්නේ අනුලා එකේ විතරයි..) මට සිංහල ගැන කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඒලෙවල් වලට තෝරගෙන හිටියෙත් සිංහල...
ඉතිං කාට හරි ඇවිත් "ක්ෂිතිජය" කියන වචනේ හරියට බෝඩ් එකේ ලියන්න කිව්වම මං නැගිට්ටා.. ගිහින් ලිව්වා වචනේ... ලියලා පන්තිය පැත්තට හැරිලා කිව්වා..
“ මම කලින් හිටපු ගෝතමී එකේ මේ හැමදෙයක්ම හොඳට ඉගැන්නුවා... ඒක ගොඩක් හොද ඉස්කෝලයක්... මම ඒකෙන් අස් උනේ මම තෝරගත්ත එක විශයයක් කරන්න පහසුකම් නැති උන නිසා විතරයි... " කියලා ... ඊට පස්සේ මම ඉඳගත්තා..
ඒ ටීචර් මම ගැන මොනවා හිතුවද කියලා මම දන්නේ නෑ... ඒත් මට නම් ටීචර්ව විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එතනින්ම එපා උනා.. ඇත්තම කිව්වොත් ඒ විශයත් එපා උනා...අදටත් කවුරුහරි ඉකෝන් ගැන ඇහුවොත් මම කෙලින්ම කියනවා මට ඉකෝන් පෙන්නන්න බෑ කියලා... ඒ වෙග්ම අදටත්ම මම අනුලා එකට වඩා ගෝතමියට ගොඩක් ආසයි... ඒත් මාත් එක්ක හිටපු ළමයි අර ටීචර්ගේ තත්වෙට වඩා උසස් තත්වෙක හිටියා කියලා මම දැනගත්තේ ඒ පීරියඩ් එකෙන් පස්සේ අපිත් එක්ක කතා කරද්දි, වෙච්ච දේ ගැන ... ඕවා ගනං ගන්න එපා.. එයා කොෙහාමත් පොඩ්ඩක් උඩින් තමයි යන්නේ .. කියලා අපේ රිදුනු හිත් හදන්න උත්සාහ කරපු නිසා.... ( අපේ මහත්තයගේ පවුලේ ඔක්ෙකාම ගෑණු අය අනුලියන්ස්ලා නිසා ඕක කිව්වම මාව මරන්න වගේ බැලුවත් මං ඇත්ත කියන්න බය වෙන්නේ මොකටද...හි හි)
( ඉස්කෝලවල නම් ගම් දාලාම ලිව්ව එකට කිසි කෙනෙක් තරහා වෙන්න ඕනේ නෑ... හි හි )
මේ කතාව මට ලියන්න හිතුනේ පහුගිය ටිකේ
රයිගමයි,
ඩූඩ් අයියයි දෙන්නම ලියලා තිබ්බ සමරසිංහ ගුණසේකර මහත්තයාගේ ඉන්ටවිවු එකේ දක්වලා තිබ්බ අදහස් ගැන තිබ්බ පෝස්ට් ටික කියවලා, අද බයිට් ටික හම්බුන ගමන් ගිහින් ඒ ඉන්ටවීවු එක කියවගෙන යද්දී අහු උන මෙන්න මේ කෑල්ල නිසා...
//මොනරාගල ප්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ඒ ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමද? ළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙ? උච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්.//
///ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ඒ ළමය නෑ. ඇයි මේ? පාසල අසාර්ථක වීම. ලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. ඒ නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. ///
ඇත්තටම ඉස්කෝල වල ආගමි ඉගැන්වීම විකාරයක් කියලා හිතන තැනක මාත් හිටියා... නමුත් වැට උඩ... මොකද ඇත්තටම යහපත් ළමයෙක් කියලා අපේ හිතේ ඇදිච්ච රෑපයක් තියෙනවනේ.. අම්මට තාත්තට වැඳලා ගෙදරින් එළියට බහින, ගුරුවරුන්ට කීකරු, රස්තියාදුවේ යන්නේ නැති, රණ්ඩු වලට පැටලෙන්නේ නැති, හොඳට ඉගෙන ගෙන විභාග වලට හොඳ ළකුණු ගන්න, කුඩු ගහන්නේ සිගරට් බොන්නේ නැති... බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන.... ඔන්න ඔහොම ලිස්ට් එකක් තියෙනවානේ...
නමුත් ඇත්තටම යහපත් ළමයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද.... ?
දැන් ඉතිං මට මතක් වෙන්නේ ෆිල්ම් වල ඉන්න ගුණ යහපත් චණ්ඩියෝ... එයාලා හැමතිස්සෙම ෆයිට් කරන්නේ සාධාරණය වෙනුවෙන්... ඒක නිසා එයාලා චණ්ඩි... හැබැයි කතාවේ වීරයා විදියට එයාගේ තියෙනවා යහපත් ගතිගුණ... වැඩිහිටියන්ට සලකනවා.. ගෑණුන්ට සලකනවා... අසාධාරණයට විරුද්දව කතා කරනවා.. සටන් කරනවා.. අපි නරඹන්නෝ විදියට හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා චණ්ඩියා දිනයි.. දිනලා කාව හරි කසාද බැඳලා යහපත් ජීවිතයක් ගත කරයි කියලා... ගොඩක් ෆිල්ම් ඉවර වෙන්නෙත් එහෙමනේ...
ඕකම ළමයින්ට ආදේශ කරන්න බැරිද කියලා මං මේ උදේ කල්පනා කළා... ළමයි කියන්නේ ෆයිට් කරන්න හැමතිස්සෙම සූදානම් පිට ඉන්න ජාතියක්... ඒත් අපි දෙමවුපියෝ විදියට බලාපොරොත්තු වෙන්නේ එයාලා ෆයිට් නොකර කීකරුව ගෙදරදි, පාසලේදි, ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් වලදි ඉන්නවා දකින්න....කියන දේ අහලා, කියන විදියට පාඩම් කරලා විභාග පාස් වෙනවා දකින්න... එයාලට හිතෙන දෙයක් කියන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද... එයාලා හිතන දෙයක් කරන්න අපි අවස්ථාව දෙනවා අඩුයි නේද...
මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා ලංකාවේ ඒ ලෙවල් වලට වඩා ලන්ඩන් ඒ ලෙවල් මාර ලේසියි කියනවා... මං දැන් හිතෙනවා... ( මේක මම ෆැක්ට්ස් හැටියට දන්නේ නෑ .. මට හිතෙන දෙයක් විතරයි.. වැරදි නම් හැදුවට කමක් නෑ..)මේ ලන්ඩන් ඒ ලෙවල් වලට දෙනවා ඇත්තේ විශය කරුණු ගැන බේසික් දැනුමක් විතරයි වෙන්න ඇති කියලා...
අපේ වගේ විභාගෙට එන්න පුළුවන් ගනං ටික ඔක්කොම උදාහරණ දීලා, හදවලා හදවලා, කටපාඩම් කරවලා යවන්නේ නැතුව ළමයින්ට තියරිය ගැන බේසික් දැනුම හොඳින් දීලා, ඉතුරු ටික හදා ගන්න එයාලටම ඉඩ දීලා ඇති කියලා... එතෙකාට ළමයින්ගේ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ එයාලා තියරියේ බේසික් ටික හරියට ග්‍රහණය කරගෙනද කියලා පරික්ෂා කරලා බලන එක මිසක්, ගානේ උත්තරේ හරියටම ඇවිල්ලා කියලා බලන්න නෙවෙයි කියලා.... මං හරිද දන් නෑ ඉතිං... ඒත් එහෙම නේද හරි නම් වෙන්න ඕනේ.... ඔන්න මට හිතෙන විදිය...
කීප දෙනෙක්ම මේ කතාවට ලින්ක් දීලා තිබ්බා.. අතෑරිච්ච අය ඉන්නවනං ගිහින්
කියවලා බලලා අදහසක් ඇත්නම් කියමුකෝ බලන්න...