Friday, February 26, 2016

හප්පා... මකුළු දැල් ගොඩ....

මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....

දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ...... 

The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files...   ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න... 

අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...)  මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )

පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...




අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජි‌ෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව... 




හෝම් කමිං එකට හදපු එක... 
හොඳ වෙලාවට අම්මයි මායි කල්පනා කරල මේකට කප් කේක් ස්ට්‍රක්චර් එකකුත් හැදුවෙ... කපල් එක පැය ගානක් පරක්කු වෙලා හෝල් එකට එනකොට මේ ස්ට්‍රක්චර් එකෙන් බාගයක් විතර පොඩි උන් ටික ඉවර කරල තිබුන.... හි හි