Tuesday, March 1, 2016

ඩිප්‍රෙෂන් පෝස්ට්.... ( ඇඩ් නැති, නමුත් කියවීමේදි විශාදය ඇතිවීමට ඉඩ ඇති බවට කාරැණික අවවාදයයි )


ඉතිං... මේ දවස් වල මොනාද කතා කරන්න තියෙන්නෙ.... ඉඳල හිටල ෆේස්බුක් එකේ කරක් ගහද්දි තේරෙන්නෙ නං ක්‍රිකට්, මාර පාලන -යහපාලන කතා, මෛත්‍රී-රනිල්-මහින්ද වාද, මුස්ලිම්-සිංහල වලි... (ඉන්දියන්කාරයන්ට රස්සා දෙන කතාවකුත් දැක්ක )ඕවා තමයි වැඩිපුරම විකිණෙන්නෙ කියල... 

ඒ අස්සට ඒඩ්ස් නමට බයේ ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න ගොන්නු රැලක් ගැනත් කතාවක් යනව... 

තව ඒ මදිවට අවුරුද්ද පටං ගත්ත දවස්වල ඉඳලම දන්න කියන මිනිස්සු අවසන් ගමන් යනව....අබිලිං, එන්සිනා එක්ක අජන්තා රණසිංහ කියන අපි ආදරේ කරපු චරිත කීපයක්ම අපෙන් සමුගත්ත... 

වැලන්ටයින් කතාත් දැක්ක... කොහෙද මන්ද තිබ්බ වැලන්ටයින් එකට ලංකාවෙ කෙල්ලො කොච්චරද ගානකට අඬන්න සිද්ධ වෙනව කියල... කොහෙන්ද දන්නෑ ඔය ගොසිප් සයිට් සංඛ්‍යා ලේඛණ හොයා ගන්නෙ.... ඒ අතරෙ කට්ටිය පරණ පෙම් කතාත් ලියල තිබ්බ දැක්ක.... 

බ්ලොග් වලත් ගොඩක් දේවල් ලියවිලා තියෙනව දැක්ක... සම්මාන උළෙලක් ගැනත් කොහෙදි හරි දැක්ක මතකයි... 

ඒ මදිවට අර සෞඛ්‍ය ඇමතිකම දීල තියෙන හරකට බයිපාස් එකක් කරන්නත් පිටරට යන්න ඕනෙ උනා.. මේ රටේ කී දෙනෙක් මැරෙනවද දන් නෑ දවසකට ඔය මැෂින් හරියට වැඩ කරන්නෙ නැති හින්ද... අපෙ ලොකු මාමට angiogram එක කරන්න තිබ්බෙ පෙබරවාරි 3... ඒත් එදා අනුරාධපුරේ ඉස්පිරිතාලෙ මැෂින් එක කැඩිල කියල වැඩේ කල් ගියා.. අපි බල බල ඉන්නෙ නැතුව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක ටෙස්ට් එක කළාම තත්වෙ හොඳටම බරපතලයි... එදාම ඔපරේෂන් එකට ගත්ත... අපිට හදිස්සියට සල්ලි ටික හොයා ගන්න උගස් තියාගන්න ඉඩං කෑල්ලක් හරි තිබ්බ හින්ද මාම තාම ජීවත් වෙනව... 

කොහොම කොහොම උනත් මේ රටේ වෙන දේවල් ගැන නං ලියන්න තියා හිතන්නවත් හිතෙන්නෙ නැති තරං එපා වෙලා දැං තියෙන්නෙ... ටීවී එක නං දෙයියනේ කියල කැඩිලා ගියා... පත්තර නං ඔය තාත්ත ගන්න ඒව උඩිං පල්ලෙන් බලනව.... එච්චර තමයි.... 

ඕනෙ බම්බුවක් කරගන්න එකයි ඇත්තෙ කියල කට පියා ගෙන ඉන්න එක තමයි මම මේ දවස් වල කරන්නෙ... ඕව හිතල බ්ලොග් ලියන්න ගියාම මගේ ඇගේ ලේ ටික තමයි නාස්ති වෙන්නෙ... 

අනිත් එක මොනව කියල ලියන්නද... 

තවත් ඩිප්‍රෙෂන් වැඩි කරගන්න පිස්සුයැ ... 

මේකෙ ඉන්නෙ හොර දේශපාලුවො මදිවට උන්ව පත් කරගත්ත ගොන් මොට්ට හරක් රැලක් එක්ක, ළමයෙක්ගෙ අධ්‍යාපනේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කොන්ද පණ නැති අධ්‍යාපන නිළධාරීන් එක්ක, අවුරුදු ගානක් තිස්සෙ කරන දැනුවත් කිරීමුත් එක්කම අඩු ගානෙ පොතක් පත්තරයක් කියවන්නවත් දැනුම තියෙන- ඒත් ඒ දැනුමින් සහපහක වැඩක් ගත්තෙ නැති මොට්ට මොංගල් දෙමවුපියො රැලක්... 

( ඔව් ... ඔය ඉස්කොලෙ නැතුව වෙන ඉස්කෝලෙකට දැම්මත්, කොච්චර උගත් උනත් ඒ දෙමවුපියො ටික කරන්නෙ මේ හරක් ටික කරපු දේම තමයි.... )

----------------------------------------------------

එක්ස් ෆයිල්ස් සීසන් 10 එකත් ඉවර උනා... ඒ ගැන පෝස්ට් කෑල්ලක් ලිව්වනෙ ඉතිං... හි හි... 

ඒ උනාට ඒ අස්සෙ අපි ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් කෙල්ලන්ගෙ ක්‍රෂ් එකක් උන ලියනාඩෝ ඩිකැප්‍රියෝට නාමයෝජනා 6කට පස්සෙ ඔස්කාර් සම්මානයක් ලැබිලා.... ඒ දවස්වල මට වෙන ක්‍රෂ් එකක් හිටිය හින්ද ( ඔව් ඔව්... මෝල්ඩර් තමා... දැං නාකි උනාට ඒ කාලෙ හෙන හැන්ඩියා...) ලියෝ ගැන එච්චර ගානක් තිබ්බෙ නෑ... හි හි.... ඒත් පස්සෙ කැච් මී ඉෆ් යූ කැන් බලද්දි මනුස්සයගෙ රඟපෑම් ගැන ආසාවක් ඇති උනා... 

Congratulations to Leo DiCaprio for finally winning an Oscar... 

------------------------------------------------------------

මං මේ ඇත්තටම කියන්නෙ.... 

මා‌ෙවල් යුනිවර්ස් එකට හරි වෙලා ඉන්න එක සැපයි මේ රටේ ඉන්නවට වඩා.... ඒකෙ ඉන්න එවුන් අඩු ගානෙ බිල්ඩිං කුඩු කර කර හරි , ඒලියන්ලා එක්ක ෆයිට් කර කර හරි යුක්තිය සාධාරණේට වැඩ කරනව... දේශපාලුවො හොර වැඩ කළත් සාධාරණේට වැඩ කරන්න සුපර් හීරෝස්ලා ඉන්නව.... 



( මට මේ දවස් වල Loki පිස්සුවක් ගහලා තියෙන්නෙ.. ඒක් හින්ද කොමික් රෙෆරන්ස් එච්චර ගනං ගන්න එපා කියල අවවාදයක් දෙන්න වෙනව.. හි හි) 

21 comments:

  1. හරක්ට අැමතිකම් ෙදන රටක හරකියකෙග් බ්ෙලාග් ෙපා්ස්ට් ඒක්ක් හැක්

    ReplyDelete
  2. කැප්‍රියෝ ලංකාවේ හිටියනං

    ReplyDelete
    Replies
    1. අනේ හොඳ වෙලාවට... එහෙනං මෑන් මෙහෙ තාම ස්කල් යුනිෆොම් එකක් ඇඳගෙන ගස් වටේ දුවනව....

      Delete
  3. අන්න ඔස්කාර් ගන්න විදිහ... හරියට ලංකාවේ අගමැතිකම ගත්තා වගේ....

    ReplyDelete
    Replies
    1. අනේ එයාට වඩා මෙයා සිය ගුණයක් හොඳා.... හි හි

      Delete
  4. මාවල් යුනිවර්ස් එකත් ඩිප්‍රෙසින් සිවිල් වෝ එක නිසා
    http://marvel.com/universe/Civil_War

    මං ආස බ්ලඩ් ඩයමන්ඩ් එකේ රෝල් එකට.
    ඒත් වලහ එනකම් ඔස්කාර් හම්බවුනේ නෑනෙ :-D

    ReplyDelete
    Replies
    1. Curse is broken only because of that bear....

      Delete
    2. ඩිකැප්‍රියෝගේ ගැන්ග්ස් ඔෆ් නිව්යෝර්ක් රඟපෑමත් නියමයි. තව ටයිටැනික් වලට කලින් තියනවා දිස් බෝයිස් ලයිෆ් කියලා වැඩිය ෆේමස් වුනේ නැති එකක්. මම ආසයි පොරගේ එකේ රඟපෑම් වලටත්...

      Delete
  5. //සම්මාන උළෙලක් ගැනත් කොහෙදි හරි දැක්ක මතකයි... //:p

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලෙ උඩට පල්ලෙහාට යද්දි කොහෙදි හරි දැක්ක... ආයිත් ඉතිං සම්මාන දුන්න කියල දැම්මම ගිහින් බලනව ... හි හි....

      Delete
  6. මාර බ්ලොග් පෝස්ට් එකක්නෙ. මට මේක කියවල නිකං විශාදය වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. වෝනිං දීල තියෙන්නෙ... හි හි

      Delete
  7. මොක හරි... ආපහු ලියන එක ගැන නං සතුටුයි. :-)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔලුවෙ වැඩ කරන්නෙ එක්ස් ෆයිල්සුයි කොමික්සුයි... ඕවා ලිව්වොත් මට පිස්සු වැඩි වෙලා කියල කට්ටියම දැනගන්නව.. ඒකයි සද්ද නැතුව ඉන්නෙ... හි හි...

      Delete
    2. එක්ස් ෆයිල්ස් කොහොමවෙතත් කොමික්ස් ගැන ලියන්න. මං කියන තරමක් කමෙන්ට් දාන්නම්!

      Delete
  8. කැප්‍රියෝ කියන්නේ මම අසා නළුවෙක්.ඌට අසායි කිව්වේ පොරවයි අර ටොම් කෘස් කියන උන්නැහේ ගැන ඇරෙන්න වෙන ඔය බටහිර නළුවෝ ගැන මම දන්නේ නැති නිසා.:D

    අම්මපා සෞඛ්‍ය ඇමතිකම දීලා තියෙන එකා නම් නියම මීමෙක් තමයි.ඌගේ අර ඕෂධ පණතට මක් වුනාද දන්නේ නැහැ.

    ReplyDelete
  9. ආ හිරු අක්කා ආපහු ලියන්න අරං තියන්නේ.. ඇයි හත් ඉලව්වේ අර පත්තර වල හිටං ආටිකල් ගිය ගල් අඟුරු කෝච්චිය දැක්කේ නැද්ද? දේශපාලන වැලන්ටයින් කතා නම් මමත් ඇති තරම් දැක්කා.
    ලංකාවේ ඉලව් ගැන නම් මමත් කතා කරන්නේ නෑ. අර අක්ක උඩින් කියල තියන හෙතුවටම.
    මොන සම්මාන උළෙලක්ද? මේ පාර ගෙට් එකක් වත් දැක්කේ නෑ..

    ReplyDelete
  10. හපොයි ඉතින් ෆේස්බුක් එකේ ඔය ෂෙයාර් වෙන ජාතික ආලේ පොස්ට් කියවල ඩිප්රේෂන් හදාගන්නත් ඔව්වට කොමෙන්ට් කොරල අබ යහළුවෝ නැතිකරගනත් කලින් මුලින්ම කොරේ ෆේස්බුක් එක ඩියක්ටිවෙට් කොරල තපසක් රැකගෙන බ්ලොග් එකක් කියවගෙන ඉන්න හිතුව.

    ReplyDelete
  11. ඕනෙ ඉස්ස‍ෙක් කිලා්‍ෙ එකයි තුං කාලයි කියලා වෙන ද‍ෙයක් බලාග‍ෙන ඉඳලා බාෙග දාග‍ෙන අපි ඉමු සුදා.....

    ReplyDelete
  12. මේ දවස් වල නම් ෆේස්බුක් පැත්තේ ගියොත් ඩිප්රේෂන් විතරක් නෙවෙයි ඒඩ්ස් පවා හදාගන්නයි වෙන්නේ.

    ReplyDelete