Monday, November 23, 2015

ෆේස්බුක් ස්ටේටස් එකක්මි....


මං අයවැය ඇහුවෙ නෑ... ඔය රවිය මට පෙන්නන්න බෑ... ඒක නෙවෙයි මේ...

මේ දවස් ටිකේ පොඩි කේස් එකක් හින්ද අපි දෙන්න වීක් එන්ඩ් එක ගත කරන්නෙ ගෙවල්, ඉඩම් හොයමින්.... සාමාන්‍යයෙන් හෝමගම, ගොඩගම, මීගොඩ, පාදුක්ක පැත්තෙ ඉඩම් පර්චස් එක 125 ත් ලක්ෂ 2ක් අතර වගේ වෙනව... ඒ ඉතිං අපි බලපු හයිලෙවල් පාරට කිට්ටුවම නැති ඉඩං... පාරට කිට්ටුව ඊට වඩා වැඩි ඇති.. කරත්ත පාරවල් වගේ පාරවල් තියෙන තැන් වල තියෙනව පර්චස් එක 95 ඉඳල 65ට වගේ අපි වගේ දුප්පත් එවුන්ට යන්තං ඉඩමක් ගන්න හීනයක් මවාගන්න පුළුවන් ඉඩං කෑලි...

FYI : කොහොම හරි අපි දැනගත්ත විදියට හෝමගම ප්‍රාදේශීය සභාවෙන් පර්චස් 10ට අඩු ඉඩං වල ගෙවල් හදන්න ප්ලෑන් පාස් කරන්නෙ නෑ, පාරෙ වතුර ලයින් එක හෝ ඉඩං විකුණන කට්ටියම වතුර දෙන්න ප්‍රොජෙක්ට් එකක් හදල නැත්තං.... එතකොට මේ විකුණන්න තියෙන ගොඩක් ගෙවල් හදල තියෙන්නෙ අනුමත ප්ලෑනක් නැතුව... බෑන්ක් ලෝන් ගැනිලි නං බොරු... (35000ක් විතර දීල නල ළිඳක් ගහගත්තම වතුර නං අවුලක් නෑ...)

ඒක නෙවෙයි වැඩේ... මේ ගොඩක් ඉඩං තියෙන්නෙ බස් එකක් දවසකට එක වතාවක් විතර එහෙට මෙහෙට යන පාරවල් වලිනුත් කිලෝ මීටර් ගනං ඇතුලට වෙන්න... බයික් එකක්වත් නැති මනුස්සයෙක්ට මේ ගෙවල් වල ඉඳන් වැඩපල කරගන්න වෙන්නෙ, රස්සාවලට යන්න වෙන්නෙ අර සිරිමා නැන්ද සලාක කාඩ් දුන්න කාලෙ කරගත්ත විදියට... එහෙව් රටෙයි මේ යක්කු දුප්පත් මිනිහෙක්ට බයික් එකක්, ත්‍රීවීලර් එකක්වත් ගන්න තිබ්බ හීනෙට කෙලවල තියෙන්නෙ...

ඕයි බූරු රැල... තොපි හිතාගෙන ඉන්නෙ මේ රටේ ඔක්කොම මිනිස්සු තොපි වගේ කුඩුයි, අරක්කුයි විකුණලා කෝටිපතියො වෙච්ච එවුන් කියලද... තොපි හිතාගෙන ඉන්නෙ මේකෙ ඉන්න හැම එකාම තොපි වගේ ගෙවල් දෙක තුනයි, වාහන පෝලිං ගනනුයි තියාගෙන ඉන්න එවුන් කියලද....
දැං අවුරුදු දහයක් පහලොවක් මේ බූරු රැලට තවමත් ජන්දෙ දෙන උන්ට අම්මප මොලයක් ඇත්තෙම නැද්ද... තාම නෑ මුන්ට තේරුනෙ...

( ඔව් ඔව්.. අපෙ තාත්තල වගේ දේශපානේ පොඩ්ඩක් හරි තේරෙන මිනිස්සු තමයි මේ බූරුවන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ.... අපි වගේ මෙලෝ හසරක් නෙතේරෙන හරක් නෙවෙයි.... ඔය පක්ෂ ගත්තොත් මං නං දන්නෙ නෑ ඕවයෙ අල ගිය තැන් මුල ගිය තැන්... අනිත් එක පක්ෂ ඔක්කොම අච්චාරු වෙලා හින්ද ඕවයෙ ඉන්න එවුන් කොල පාටද නිල් පාටද රතු පාටද කියන්නත් මට මෙලෝ හසරක් නෑ... හැබැයි මෙලෝ හසරක් නැති මටත් තේරුනා මේ පාරත් මේ බූරු රැලටම මේ යක්කු ඡන්දෙ දෙනව කියල එදාම... කවද්ද අප්පා මේ බූරු රැල සදහටම ගෙවල්වලට යවල, බූරුවන්ට වැඩිය ටිකක් උඩිං ඉන්න තෝරාගත් හරක් ටිකක් පාර්ලිමේන්තු යවන්නෙ අපේ ජෙනරේෂන් එකේ හරක් පට්ටිය.... ??? )


ප/ලි 

බ්ලොග් එකේ දාන්න තරං දෙයක් මේකෙ නෑ... ඒත් ඉතිං මේ වෙන දේවල් එක්ක මේවා ලියන්න තරං මට දැනුං තේරුං ඇත්තෙත් නෑ.. මොකද මේවා ලිව්වම කට්ටිය එන්නෙ පීඩීඑෆ් කිහිල්ලෙ ගහගෙනනෙ... හි හි... ඒකයි දේශපාලනේ ගැන මෙලෝ හසරක් ලියන්නෙ නැත්තෙ.... 

මේ ලිව්වෙ ගෙවල්, ඉඩං හොයන්න, අර මර අව්වෙ වේලි වේලි, එක පාරටම කඩං වැටෙන වැස්සට තෙමි තෙමි, බයික් එකේ යද්දි ඇත්තටම හිතිච්ච දේවල් ටිකක් විතරයි... 

42 comments:

  1. Aye ahawalak dodawanawa. Oka thamayi 100% eththa. Owwa denadenath labana parath kathire gahala munta nodewenima set ekak diyawannawe yawanawa. Munta pissuda apita pissuda kiyala therenne kawadda manda.. Hayyo Samanthi...!!

    ReplyDelete
  2. කාටෙයි සත්තරනේ කියන්නේ...

    ReplyDelete
  3. හිරු, ඉඩම් ගන්නකොට පරිසමින්. හොර ඔප්පු කාරයො , වතූරට යට වෙන එවා , හොර අයිති කාරයො. ප්‍රස්න ගොඩයි. හොදට හොයලා බලලා ගන්න.

    ReplyDelete
  4. ගල් හොරුත් එක්ක අපිත් හෙළුවෙන් අඩේ
    සිරාවටම...

    ReplyDelete
  5. //එහෙව් රටෙයි මේ යක්කු දුප්පත් මිනිහෙක්ට බයික් එකක්, ත්‍රීවීලර් එකක්වත් ගන්න තිබ්බ හීනෙට කෙලවල තියෙන්නෙ..//

    වාහන ගන්නව බොරු..

    ReplyDelete
    Replies
    1. සපත්තුත් මග දාලා දුවන උඹට මොකටද බං වාහන ...දුප් යන්න :P

      Delete
    2. ඇයි අපි වාහන ගත්තොත් ඒවා දුවන්නෙ නැද්දෙ?? මේවා දුප්පතාව පාගලා ඉවාන් පාන්තිකයෝ රජ වෙන්න කරන සතරකංමන්ත්‍රණ.. නෑ නෑ.. ඉහල පාන්තිකයො රජ වෙන්න කරන කූඨ උපක්‍රම.. ඕ යෙස් ඉවාන් අයියා.

      Delete
  6. පබිලික් ට්‍රාන්ස්පෝට් කියන එක නහුතෙටම තියෙන රටේ මොකටද එකෙකාට වාහනේ ගානේ ... ඔන්න කනෝ පිනුම් කිව්වලු

    ReplyDelete
  7. හිරු නෝනේ.. මාත් මේ දවස් වල ඔය වැඩේමයි කරන්නේ.. හැබැයි තාම බලන්න නම් ගියේ එකයි දෙකයි.. දෙදාස් දාහත වෙද්දී ගාල්ලට (හෝ කොළඹට) සංක්‍රමණය වීමේ පරමාර්ථයෙන් තමයි හොයන්නේ.. ඉඩන් කෑලි වලට ගිය කල.. හැබැයි ඉතින් අර දිරල යන වාහන යකඩ ගොඩවල් වල ගණන් එක්ක බැලුවම ඉඩන් තාම ඒ හැටි ගණන් නෑ කියලත් හිතෙනවා..
    දේසපාලනේ ගැන නම් මටත් වගේ වගක් නෑ.. අත හෙල්ලුවොත් කට හෙල්ලෙයි කියල හිතන් නැහෙනවා.. මාතා කියුවා වගේ කාටෙයි කියන්නේ?

    ReplyDelete
    Replies
    1. උබ ගාල්ලට එනවද? වරෙන් වරෙන්..

      Delete
  8. //ඔය රවිය මට පෙන්නන්න බෑ..//

    හිටං මං මාගලයට කියන්න.. හැක්.. බලං ගියාම රවිල දෙන්නම මාගල් කාරයෝ නෙව..

    මොන එහෙකටද බං ගෙවල්. ඔය ඉන්න විදියකට හිටු.. ඉස්සෙල්ලම සල්ලි හොයගනිං ජීවත් වෙන්න. ඊට පස්සේ ඉතිරි කරහං. පුලුවන් කමක් තිබ්බොත් හැකි විදියට ගේ හදාගං. මහ ලොකු ගෙවල් ඕන නෑ.. බොරු විච්චුරණ

    ReplyDelete
  9. අපේ ජෙනරේෂන් එකේ පාර්ලිමේන්තු යන එවුනුත් කරන්නෙ කලින් එවුන් කල හොරකම්ම තමයි.
    ඉඩං ගනිද්දි වතුර බහින්නෙ කොහේටද කියල බලන්න. අනික වාහනයක් හරවන්ඩ තැනක් තියනවද බලන්ඩ. අනික අසල්වැසියෝ කොහොමද කියල බලන්ඩ.

    ReplyDelete
  10. මටත් පෙනෙන්ට බෑ...
    එක අතකට ඔය තියෙන වාහන තොගය ඇති අප්පා...
    පාරක බැහැලා යන්ට බැරි වෙනවා තව වාහන දැම්මොත්...

    ReplyDelete
  11. ආ මෙන්න හිරු ආපහු ඇවිල්ලා.. හොල්මං අවතාර එහෙම හිටියේ නැද්ද?
    අයවැය නම් මම බලව්වෙත් නෑ. ඕවා ඉතිං කිව්වට වෙන දේවල් නෙවේ නේ. අර වැඩි කරන ටික නම් අනිවාර්යෙන් කරයි. ඉතිරි ටිකට ඉතින් බාලගිරි දෝෂය තමයි. ජන්දේ ගැන කතා කරලා වැඩක් නෑ ලංකාවේ මිනිස්සු එක්ක. රටට හෙණ ගැහිලා ගියත් අන්තිමට ඔය ගස්තරයෝ ටිකම ඇතුලට යනවා කිසිම ප්‍රශ්නයක් නැතුව.

    ReplyDelete
  12. අවසර දෙන අඩුම පර්චස් ප්‍රමාණය කීයද ඒ ගානට වත් හදල ගන්න.

    ReplyDelete
  13. මෙහේනං ප්‍රාදේශීය සභාව ඉස්සරහම අනවසර ගොඩනැගිලි හදන ඒකේ ඕවත් ඒ වගේම ඇති.

    ReplyDelete
    Replies
    1. පුසන්න අයියා..
      ඔබගේ කොමෙන්ටුව දැක සිනහව නතරකර ගැනීමට නොහැකි විය.. හික් හික් හික්..

      Delete
    2. මොකටද හිනා වෙන්නෙ.
      වීථි රේඛා අඩි 35 යි.
      බොලා සභාව ගාවින් යනකොට බලාගෙන යන එකයි ඇත්තෙ.

      Delete
  14. පුළුවන් තරම් ඈත කැලේකින් ඉඩමක් ගන්න.

    පිදුරු හෙවිලි කරලා කටුමැටි ගහලා 'හොටෙල් කටුමැටි' කියලා නමක් දාලා, තෙම්පරාදු බත්, කොත්තු, පිටින් ගෙන එන අරක්කු බීමට බයිට් ආදිය දෙන්න. පෙම් කෙළියට ඉඩදී ගාස්තු අයකිරීමටත් හැකිය.

    අකාරුනිකව අසාධාරණ ලාභ ලබන්න.

    වසර 10 කට පසු ඔබට හෝමාගම නගරයේ 'රිසෙප්ෂන් හෝල්' එකක් අයිති කරගැනීමට හැකිවේ.

    (අපේ පැත්තේ ඇත්තටම සිදුවූ සිද්ධියක ඡායානුවාදයකි)

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තම සිද්දියේ කතා නායකයා විචාරක නම් පුද්ගලයෙකු බව සලකන්න.

      Delete
    2. යකෝ කටවහගෙන හිටපං, කීයක් හරි දෙන්නං.

      Delete
    3. විචාරක මහත්තයා තදබල ඉරිසියාවට කියූ කතන්දරයක් බව සක් සුදක් සේ පැහැදිලිය..
      හැක් හැක්

      Delete
    4. ඒහෙම කියන්නෙපැයි ලොක්ක.
      මා විසින් ඉහත කරන්නට යෙදුන ප්‍රකාශය අසත්‍යයක් බව මේ මොහොතේ ප්‍රකාශ කරමි. හැක්..

      විදානෙ, බොලා මොකටද හැම එකටම හැක් ගැන්නෙ.

      Delete
  15. මටත් හිතෙන්නේ කැලේකින් ඉඩමක් අරගෙන, විචාරක කියන විදියේ ගෙයක් හදලා, (එයා කියන දේවල් කරන්නේ නැතුව ) පොල් සම්බෝලයි, බතුයි කාලා ඉන්ට...:)

    ReplyDelete
  16. ආ ඔයා ඉන්නව නේද.

    ReplyDelete
  17. හිරුට කරුට තරු විසිවෙන්න ගහන්න හිතිලද කොහේද ?

    ReplyDelete
  18. දේශපාලනෙත් ලියමු....... අපි සහයෝගයට කතා කරන්නම්.... පුළුවන් වෙලාවක කීයක් හරි දුන්නා ම අැති .....

    ReplyDelete
  19. බයික් වල දුම් පරික්ෂාවට 2000, හැප්පුනොත් 10.000ක් ගෙවන්ඩ ඕනේ,ලයිට් බිල්,ටෙලිපොන් බිල් වැඩි වෙනවා, වැඩේ චන්දෙන් පරදුනුනුත් මේ ආණ්ඩුවේ ඇමතිකම් කරනවා,
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  20. වෙන්න බෑනෙ හිරුවෝ..අවම පර්චස් 6 තමා කලින් තිබ්බෙ.ඒත් ඒ ගානට ඉඩම් කැබලි කඩන්න අමාරුයි .ඒ නිසා තමා 10 වෙන්න ඇත්තෙ. අයවැය ගැන මුනා කියන්නද ගෑල්ලමයින්ගෙ බොග්වල කුනුහරප කියන්න හොඬ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අවම පර් 6, නගර සභා සීමාවක් තුල පමණයි...
      ප්‍රාදේශිය සභා සීමා තුල අවමය පර් 10

      Delete
  21. මොනා කොරන්ඩද අප්පා කළුගලේ ඔලුව ගහගන්ඩයැ..

    ReplyDelete
  22. වාහන ගන්න? ඉඩම් ගන්න? පිස්සු කතා කරනවා... ඇයි හතර මහා නිධානෙ පහල වෙලාද?
    ජයවේවා..!!

    ReplyDelete
  23. මේ මේ රවී අයිය කියන විදිහට ඕව ධනපතියන්ට පමණයි හොදේ...

    ReplyDelete
  24. පේස් බුක්ස් එක නම් දැන් අපා වලක්.. ඉව්ව්ව්ව්

    ReplyDelete
  25. 65??? සිරාවට?? අපෙ පැත්තෙ අවුරුදු 8ට විතර කලිනුත් පර්චස් එකක් ලක්ශ 5ට ගියා...65ට තියෙනවා නම් බල බල ඉන්ඩ එපා!! ගන්න ගන්න!!! වතුර නම් කානුවක් කපමු!!!

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. රටේ වාහන අයිතිය 10%. ගෑස්, කිරිපිටි, ආහාර වලට බදු ගැහුවම හැමෝටම වදිනවා. වැඩිපුර රිදෙන්නෙ රැකියා නැති සහනාධාර මත යැපෙන අයට. විශාල ව්‍යාපෘති වලට ගත්තු ණය ආණ්ඩුව මාරු වුනා කියල නොගෙව ඉන්නද? වරායට නැව් එන්නේ නැහැ මත්තලට ප්ලේන් එන්නෙ නැහැ කියල නොගෙව ඉන්නද? එහෙම නැත්නම් ඇමතිවරු ගෙදරින් ගේන්නද? බදු ගැහුවේ මධ්‍යම, ඉහල මධ්‍යම සහ ඉහල පන්ති වලට සහ විශාල කොම්පැණි වලට. හරි අසාධාරණය නේද?

    ReplyDelete
  28. අඩේ... ෆලෝ කලත් රෝල්ට ඇවිත් නැතුව තිබිල මිස් වෙලා.. ආයේ මිස් නොවෙන්න එල්ලගත්තා...

    ReplyDelete
  29. හම්මේ මමත් මුල්ම වතාවට මෙහෙට ගොඩ වුණා එහෙනං....

    ReplyDelete
    Replies
    1. මමත් මුල් වතාවටද කොහෙද ආවේ

      Delete
  30. මමත් මගේ වෝල් එකේ (ඔර්ජිනල් ප්‍රොෆයිල්) දැම්මා

    "අනේ සකර්බර්ග් මලේ මට දේශපාලනය නැති ෆේස්බුක් එකක් දියං" කියලා. අපි හිතුවා හිරු කෙල්ල වැඩේ අත ඇරලම දාලා කියලා.

    ReplyDelete