Tuesday, January 27, 2015

ඔයාලෑ ගෙදරත් රැපියල් 5 - 10 කාසි එකතු කරන කැට තියෙනවද...?

මට මෙහෙම අහන්න සිද්ධ උනේ මේ දවස්වල තියෙන මාරු කාසි හිඟය හින්ද.... කාලෙකින් රැපියල් 10 නෝට්ටු මුද්‍රණය කරල නැති හින්ද සංසරණයෙ තියෙන 10 නෝට්ටු බොහොම අබලන් තත්වෙයයි තියෙන්නෙ... ඒ අතරෙ නිකුත් වෙලා තියෙන කාසි වලිනුත් වැඩි ප්‍රමාණයක් කැට වල හිරවෙලා කියෙල තමයි හිතන්න පුලුවන්... ‌මොකද දැනට බැංකුවකින්වත් 10 කාසි 5 කාසි ගන්න හරිම අමාරුයි... 

අපි දන්න කියන කීපදෙනෙක්ම පුරුදු වෙලා ඉන්නෙ කැට වල තියෙන සල්ලි අපෙන් මාරු කර ගන්න.. ඒත් ගොඩක් වෙලාවට ඒවා පුංචි ළමයින්ගෙ කැට.. පුංචි ළමයි ඉතිං කාසි වල වටිනාකම හොයන්නෙ නෑ නෙ.. එයාලට අහුවෙන හැම කාසියම කැටේට දාගන්නයි ඕනෙ... 5 -10 කාසි එකතු කරන්නෙ වැඩිහිටියො තමයි... වැඩේ කියන්නෙ වැඩිහිටියන්ගෙ කැට ඉක්මණට පිරෙන්නෙ නැති හින්දද මන්ද එයලා ඒවා කාලෙකින් මාරු කරන්නෙ නෑ... ඉතිං අර කාසි ටිකට වෙන්නෙ නිදන් වස්තු කරන්න තමයි කවද හරි.... 

අනිත් කතන්දරේ පන්සල්වලයි දේවාල වලයි අවුරුද්ද පුරාම පිරෙන කැට... හයියෝ... ඒවා නං අවුරුද්දකට සැරයක් හරි සුද්ධ වෙනව කියමුකෝ... ඒත් මේ ආච්චි අම්මලා ශ්‍රද්ධාවෙන් ඔලුව උඩ තියන ගිහින් ඉන්දියාවෙ පන්සල් වලට දාන කාසි...?දැං අන්න ඉන්දියාවෙ තියෙනවලු ලංකාවෙ කාසි වටිනාකම කෝට් ගානක් වෙන.. ගෝනි ගනං පුරෝලා... 

මේ දවස්වල බස් වල එහෙම යන කට්ටිය දන්නව ඇති මේ මාරු කාසි කතන්දරේ බරපතල කම... දැනට සිල්ලර කඩ වලින් රැපියල් පහේ වටිනාකමට දෙන්නෙ ගිනි පෙට්ටි... බස් වල රැපියල් පහත් තියාගන්න කියන්න වෙලා තියෙන්නෙ... 

ඒ මදිවට මේ අපේ පැත්තෙ අයියල පහේ කාසි උණු කරල මාල, දම්වැල් හදනවලු... මුන්ට මොංගල්ද මන්ද.... 

( කොහොමත් හොරණ, පාදුක්ක, ඉංගිරිය පැත්තෙ දැං ඔය ජාතියෙ අයියල වැඩියි.. දෙසැම්බර් අන්තිම අම්මලගෙ ගෙවල් ළඟ මං අර එක පෝස්ට් එකක ලියපු අපේ චිත්‍ර මිස්ගෙ පුතාව, ගෙදරටම පැනල, පිහියකින් කපල මරල දැම්ම... (පත්තරේ ගිය කතාවලින් වැඩිහරියක් එහෙන් මෙහෙන් හොයාගත්ත ඕපදූප විතරයි..)  සති දෙකකට ඉස්සෙල්ල අපේ ගෙදට්ටත් හොරු පැන්න... ඒ එක රෑකට ගෙවල් හතකට පැනපු පාර.. ගිය මාසෙටම විතරක් අතුරුගිරිය පොලිසියෙ හොරු පැනපු පැමිණිලි 30කට වඩා තියෙනව.. ඒ අස්සෙ පාදුක්කෙ පොලිසියෙ එකෙක් හොරු අල්ලන්න ගිහින් මැරුම් කාල... ඒ මදිවට කුඩු... පොලී කාරයො.. අවුරද්දෙන් දෙකෙන් ලක්ෂපතියො කෝටිපතියො වෙන ‘‘ව්‍යාපාරිකයො’’ වැහි වැහැල...) 

ඒක නිසයි මේ පෝස්ට් එක ලිව්වෙ... 

අනේ ඔයාලෑ ගෙදරත් මාරු කාසි එකතු කරපු කැට තියෙනව නං පුළුවන් තරං ඉක්මණට ඒවා මාරු කර ගන්න එක රටටම කරන ලොකු උපකාරයක්.... 


ගිය ටිකේ හදපු පිස්සු කේක් සෙට් එකෙන් එකක්.. මේක නං හෙන ආසාවෙන් හැදුවෙ.. මොකද මේ බර්ත්ඩේ ගර්ල් මං වගේම කමිපියුටර් පිස්සියක්... හි හි

44 comments:

  1. මටත් කියන්න තියෙන්නෙ බොලාලට පිස්සු තමා කියල...නැත්තං මේ වැල්වටාරන් කාසි අස්සෙ කේක් දමාවිය.........:)))

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදිලා බේරුනොත් මදෑ වී... හි හි

      Delete
  2. කෝ.. කව්රුවත් අහන එකක්යැ.. මම කියන්නෙත් කොයි කාලෙක් ඉදලද කෝ කොයින්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ දේශො.... හි හි

      Delete
  3. මේක නවත්වන්න ක්‍රමයක් නෑ. ළඟදී වැඩිපුර ගෙවන්නත් සුදානම් වුණා. එතකොට නම් පොඩි ප්‍රතිචාරයක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙත් නැගලා ගියෙ නෑ... මොකෝ අපේ අය ඒ තරං කම්මැලියි කැට මාරු කරන්න යන්න....

      Delete
  4. අඩේ .... අපේ ගෙදර තියෙන කැටේ දැන් පිරිලා ගොඩක් කල් ( අවුරුදු ගානක් වෙනවා) ඒත් බැංකුවට ගෙනියන්න අදි මදි කරන්නේ ගෙදර ඕක කවුන්ට් කරන්න තියෙන කම්මැලි කමට. මොකද බැංකුවට කියන්න පුලුවනෑ ගැනපල්ලා කියල.

    හ්ම්ම්.. හ්ම්ම්.. බලමු

    ReplyDelete
    Replies
    1. බැංකුවල කාසි ගනින්න මැෂින් තියෙනවා නේද? කොළ ගනං කරන්නත් තියෙන්නේ.
      මෙහේ බැංකගුවල හයි කරලා තියෙනවා මැඃිමක් අපිටත් පාවිච්චි කරන්න. කාසි ටික දැම්මාට ගනං කරලා කොළ කෑල්ලක ප්‍රින්ට් එකක් එනවා. ඒක ගිහින් කවුන්ටරේට දුන්නාම සල්ලි ටික එකවුන්ට් එකට දානවා.

      Delete
    2. මෙහෙත් තියනව දන්න තරමින්

      Delete
    3. ගෙනියල බලන්න ඕනේ. මොකද එකපාරක් ඔහොම ගෙනිහිල්ල එතන කවුන්ටරේ උන්න හාදයා පොඩි එකෙක් වගේ කාසි ගනින්න ගත්ත. වෙලාවට රෂ් එකක් තිබ්බ වෙලාවක් නෙවෙයි. නැත්තම් මිනිස්සුන්ගෙන් සපත්තු පාර කන්න වෙනවා.

      Delete
    4. ඌ මොකෙක් හරි විශේෂ අවශයතා තියෙන එකෙක් වෙන්ටෑ. නැත්නං තෝව එතැන විනාඩියක් වත් තියාගන්නෑ

      Delete
    5. හැබෑද? ඔන්න බලන්ටකෝ ඉතින් මට ඔව්ව මීටර් නොවෙන හැටි! චඃ චඃ...... ඉරණම් කාරයෙක්ම තමයි බොලේ, නැත්තම් විශේෂ අහවල් විශේෂ අවශ්‍යතාවයද?? සිද්ධිය වෙලා නම් දැන් අවුරුදු ගානක් වෙනවා. ඒකට මොකද අදම ගොහිං බලන්ට ඕනේ එතැනට !!

      ටැංකියු ඈ කිව්වට..

      Delete
    6. යකෝ සිංහලෙන් විශේෂ අවශ්‍යතා තියෙන අය කියන්නෙ අර අංගවිකල, අබාධිත අයටනෙ බන්!

      Delete
    7. මැෂීන්ස් හැම බැංකුවකම වගේ තියෙනව... රෂ් එක නැති වෙලාවක ගිහින් දෙන එකයි තියෙන්නෙ... ඒ නැත්තං දන්න කියන කඩේකට දෙන්න... කතන්දරේ ක්ලෝස්...

      විශේෂ අවශ්‍යතා නැති එකෙක් නං එහෙම ගනං කරයියැ ඉන්දික... අපේ එක මලයෙක් ඉන්නව.. ඌ පොඩි කාලෙ ලොකුම විනෝදාංශෙ තමයි කාසි මල්ලක් තියන් ගනං කරන එක... අපි කිව්වෙ ෂුවර් එකට මැරිච්ච පොලී කාරයෙක් කියල....

      Delete
    8. ඉන්දික: ඔව් අනේ... ඒකනේ මම කිව්වේ ඉරණං කාරයා කියල. ෂුවර් එකට ඇස්වල දෝසයක් ඇති....
      හිරු: හෙහ්..... ෂුවර් එකටම.... සල්ලි ගැන ගැන ඉන්නකොට 'හෝස්' ගාල පණකෙන්ද ගිහින්

      Delete
  5. මගේ කැටෙත් පිරිලා,අමාරුවෙන් රුපියල් 05 ඔබ්බලා දැම්මා ඊයේ රෑ.
    මාරු කරගන්න ඕනේ කැටේ.

    ReplyDelete
  6. පහේ කෑල් එකතු කරන එක හොඳ ප්‍රයෝජනවත් වැඩක්. මං ලංකාවේ දී එහෙම කළ කලෙක්ෂන් එකකින් තමයි වරක් පිටරට යන්න ඇඳුම් සහ බෑග් එකක් ගත්තේ!

    ReplyDelete
    Replies
    1. එහෙම හරි කාසි ටික මාරු වෙනව නං හොඳයි... එහෙම වෙන්නැති එකනෙ වැඩේ...

      Delete
  7. හිරු අක්කා දැකපු කල්....

    ReplyDelete
    Replies
    1. බස්සි කොහෙද ඉතින් හිරු දකින්නෙ. සදු නම් දකිනවා ඇති.. හික් .හික්.

      Delete
    2. එහෙම තමයි අප්ප.... හි හි

      Delete
  8. හැබෑම අවුලක් තමයි මේක. හැබැයි ඉතිං ටිකක් වැඩිපුර කාසි ගැහුව නං හරිනෙ

    ReplyDelete
    Replies
    1. මුන් කාසි වලින් දංවැල් හදනවලුනෙ.... මොංගල් උපරිම...

      Delete
  9. මාරු කාසි කතාව අස්සේ දාපු මේ කේක් ඇඩ් එක කාගේද... :P

    ReplyDelete
    Replies
    1. මේකෙ ඇඩ් දාන්නෙ මංම තමයි... හි හි

      Delete
  10. කැට වලට දාන්න ආසයි නේ ළමයි..... කැට දිහා බලන්නත් ආසයි....//ඒ මදිවට මේ අපේ පැත්තෙ අයියල පහේ කාසි උණු කරල මාල, දම්වැල් හදනවලු... මුන්ට මොංගල්ද මන්ද.... // ඔයා අයියා ගැන හරියටම කියල තියනවා....

    ReplyDelete
  11. මං හරි ආසයි අරවගේ සුදුපාට අයිසින් තියන කේක් එකක් ජාගේ හරි මූනේ අනින්න. ඉස්සර හමුදාවේදී ඔය වැඩේට මං බොහොම පුරසිද්දයි.

    මගේ ළඟ තියනවා උකුකිරි ටින් එකකට වඩා ටිකක් උස මහතින් වැඩි, අත් බෝම්බයක් අහුරලා එන, ප්ලාස්ටික් කන්ටේනරයක්. ඒකෙන් තුන්කාලක් විතර පිරිලා තියනවා කාසි. අපේ උන්දැට එව්වා හරි පොරෝජන්. මම එකතු කරනවා එයා වියදම් කරනවා.

    ReplyDelete
    Replies
    1. මේ කේක් එකත් එක්ක වෙනම අයිසින් ටිකකුත් ඇරිය කට්ටියට පිස්සු නටාගන්නත් එක්ක.. හි හි...

      හා හා... එහෙම හරි වියදම් කරනවා නං කමක් නෑ ... ඕක නිදන් කරන්න බලාගෙන පුරවන්නෙ නැතුව.... හි හි

      Delete
  12. ඔය පන්දාහෙ කොල ගහන ගමං දහදෙ කාසි ටිකක් ගහල දාන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද.... කියල වැඩක් නෑ...

      Delete
  13. ඉතුරු හොය හොය දගලන්නැතුව ඉතුරු ගන්න ක්‍රමයක් තියෙනවා.... අපි නම් කරන්නේ මේකයි... දවසකට රුපියල් දෙකක් ඉතුරු දෙන්න ඒපැයි රුපියල් දහයක් දුන්නාම.... පළවෙනි දවසේ කියනවා ඉතුරු ඒපා කමක් නැහැ කියලා.... දෙවැනි දවසෙත් ඒහෙමමයි... දවස් පහක් හතරක් හිනාවෙලා ඔහොම කියලා පස්වැනි දවසේ කියනවා දවස් හතරේ ඉතුරු ඒකතු කරලා අද ගාන හදාගන්න කියලා.......... කොන්දොස්තර මල්ලිත් ගොඩ.. අපිත් ගොඩ................ ගැමුනු අයියාටත් මේක ලියන්න කියලා අපි හිතං ඉන්නේ හිටං............

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න... හි හි

      Delete
  14. කාසි හදන විට බාල ලෝහයකින් හදන්න ඕන ඒ වගේම කාසි නිපදවන විට කැට වල හිර වෙන ප්‍රමාණයටත් එක්ක හදන්න ඕන. කැටවල දා න එක ප්‍රොමෝට් කරන්න ඕන. දඹදිව ට ගිහින් කාසි දාන එක වගේම මෙහේදී උනුකරන එක වැරදියි. එයට දෙන්න තියන විසදුම තමයි කාසියේ වටිනා කමට වඩා ලෝහමය වටිනාකමක් සහිත පරණ 5 කාසි රජය මගින් එකතුකර ඒවා ලෝහ ලෙස මුදල් කිරීම හෝ කුඩා කාසි නිපදවීම.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්ප.. දහයෙ පහේ කාසි දෙකක් තුනක් දාගත්තම පර්ස් හිල් වෙනව... ඒවා ලොකුත් වැඩයි... බරත් වැඩියි....

      Delete
  15. පිස්සුවෙ හොඳම එක.කාසි ගැන කියා කියා ඇවිත් අවවාදත් දීල කේක් පිංතුර දානවා.අපිත් මේවා කියවනව නොවැ.

    ReplyDelete
    Replies
    1. හි හි... මේ දවස්වල මගේ මොලේ තත්වෙත් මේ වගේම තමයි... ඉතිං මේ විදියට තමයි ලියවෙන්නෙ...

      Delete
  16. අම්මපා කාසි අස්සේ කේක් එකක් ඔබලා..

    ReplyDelete
  17. මගෙ ලඟ තියෙනවා මාරු සල්ලි දාපු ලස්සන භාජනයක්. ගෙදර ආව ගමන් කරන්නේ මාරු ඒවා ඒකට දාන එක. එලියට යනකොට ඒකෙන් කාසි කීපයක් අරගෙන හදිසියට ලඟ තියාගන්නවා.

    මට මාරු කාසි පේන්ට බෑලු. :D

    ReplyDelete
  18. මමත් ගෙදර තියන කැටේට මාරු සල්ලි දානවා සතියකට සැරයක් විතර, කැටේ පිරිලා තියෙන්නේ ඒත් ප්‍රශ්නේ ඩිරම් වැඩක් නෑනේ නේද? :D

    ඉදල හිටල හිරූ හීනෙන් නැගිටල දානවා ඇඩ් එකක්

    ReplyDelete
  19. මාරුකාසි පර්ස්වල දාන්න බෑනෙ. ඒ නිසා මට විකල්ප දෙකක් තීනව. එකක් ගෙදර පොඩි භාජනයක්. ඒකෙන් අරන් තමයි ගෙදරට එන වතුර බෝතල් වලට, ඩිලිවරි කාරය්න්ට එහෙම සුළු මුදල් ගෙවන්නෙ. අනෙක මගෙ වාහනේ ඇතුලෙ ට්‍රේ එකක්. ඒකෙ තීන මාරු කාසි වලින් මම පාන් ගන්නෙ, ත්ව පොඩි පොඩි දේ ගන්නෙ. රටටවත්, අපිටවත් මාරුකාසි බරක් නෑ.

    ලංකාවෙ උද්ධමය හැටියට මාරුකාසි වලින් ඉතුරු කරන එක අන්තිම විහිළුවක්!

    ReplyDelete
  20. මේ ලගදි ලක් එෆ් එම් සෝදිසිය වැඩසට‍හනේත් ඔය මාරු කාසි හිඟය ගැන කථා කලා....මම හිතන්නෙ පිං කැට වලට වැටෙන කාසි ටික ඉක්මනින් මුදල් සංසරණයට එකතු කරන වැඩපිළිවෙලක් හැදුවා නම් මාරු කාසි හිඟය අඩු කරගන්න පුලුවන්.

    මාරු කාසි ගැන කියලා උඹ ඇඩ් එකකුත් අතඇරලනෙ.

    ReplyDelete
  21. මගේ කැට 2 ක් තියේ. එකකට 10 , 5 කාසි විතරයි. අනෙකට රුපියල සහ දෙක..
    මාරු කරන්න ලෝබයි :( ආසාවෙන් එකතු කරපුවානේ.. 10 කාසියකට 15 ගානේ වගේ දුන්නොත් මාරු කරනවා.

    ReplyDelete
  22. මෙහෙ නම් එක්කහු වෙන්නේ සත පහ දහය කාසි තමයි. ටැක්සියක ගියත් ඉතුරු සත පහට ගණන් බේරනවා. කාසි දාගෙන යන්න මම වෙනම පර්ස් එකක් තියන් ඉන්නේ. පර්ස් සාක්කුවේ දාගෙන යන අය නිසා තමයි කාසි එක්කහු වෙන්නේ. ළමයි කැමති නැහැ කාසි දෙනවට. කැන්ටිමේ පෝලිමම බලන් ඉන්නවලු කාසි ටික ගැනල කැෂියර් ට දෙනකම්. ඉතින් ලැජ්ජයි කියන්නේ.
    අද මාතෘකා ගොඩයි. කාසි හොරු සහ කේක් .
    කේක් එක හරි හැඩයි .

    ReplyDelete