Wednesday, November 12, 2014

මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ.....


ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ... 

කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න දෙයක් හදල කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම කොට කොට ඉන්න හිතෙන්නෙ නෑ... ඔය ටීවී සීරීස් එකක් දාගෙන පැයක් ව්තර බලල, ගිහින් නිදා ගන්නව මිසක්... 

ඒ කොහොම උනත් ලියන්න දේවල් නං නෑ කියල කියන්න බෑ.. අපේ කඩේ ඉන්නකොට නානාප්‍රකාර චරිත හම්බුවෙනව.. ඒවා ඉතිං ලියන්න ඕනෙ කියල හිතාගත්තට ගෙදර එනකොට අමතක වෙලා... හි හි... 

ඒ උනත් මේ අද උදේ කට්ටියගෙ පුස් කාපු පෝස්ට් බලනකොට සිරා ලියපු පෝස්ට් එකකට කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැකල, කාලයක් තිස්සෙ ලියන්න ඕනෙ කියල හිතපු දෙයක් ලියල දාන්න හිතුන... වෙනදා වගේ ආරලු බුරලු දාන්න වෙලාවකුත් නැ...ඒක නිසා ඔන්නොහෙ කෙලින්ම කතාවට බහිමුකො... 

ඒ තමයි මේ අපේ රටේ වගේ රටවල් වල මිනිස්සු බොහොම කලාතුරකින්වත් කෝටිපතියො බිලියනපතියො වෙන්නෙ නැත්තෙ කකුලෙන් අඳින උන් වැඩි හින්ද කියන එක... 

ගිය ඉරිද ලංකාදීපෙ ඊයෙ උඩින් පල්ලෙන් බලනකොට ඒකෙ තිබ්බ පෝර වලට ගත යුතු මට්ටමේ කසල තේ දැං පිටරටටත් යවනව කියල.. මට ඇත්තටම ‘‘ ඇති යන්තං ‘‘ කියල කියවුනා. ඒ මොකද කිව්වොත් දැංවත් මේ යක්කු මේ වැඩේ නවත්තන්න මොනා හරි කරයි කියල හිතිච්ච නිසා... 

ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ... 

මට අර විදියට කියවුන එක ගැන කාටහරි වැරදියට හිතෙන්න පුළුවන්.. රටට නරක නාමයක් එනවට හොඳයි කියන්නෙ ඇයි කියල... ඒත් නිකමට කල්පනා කරලා බලන්න... 

අපි කන පළතුරු ගැන.. 
අපි කන එළවළු ගැන..
අපි කන හාල් ගැන... 
අපි බොන කිරිපිටි ගැන.. 


තව ගොඩක් ජාති තියෙනව... 

අම්ම අසනීප උනාම මේ දේවල් මාර විදියට දැනෙන්න ගත්ත... 

කඩෙන් කෙහෙල් ඇවරියක් ගෙනාවම ඒක නැට්ටෙ ඉඳලම කහ පාටයි... කෙහෙල් නැට්ටට වෙනකම්ම කහ පාට උනාම ගෙඩිය ඉදිල වැඩිවෙලා කඩං වැටෙනව.. ඒ උනාට මේවා හොඳ හයියයි... අනේ.. බලනකොට අපේ මේ කඩවල මිනිස්සු කෙහෙල් කැනට රසායනික බෙහෙත් ( කෑමට සුදුසු නැති) ස්ප්‍රේ කරල දවසක් තියල විකුණනව... 

මඤ්ඤොක්ක අපි ගෙදර වත්තෙ ගහක් උදුරපුවම අල හතරක් පහක්ම කැඩෙනව.. මෙන්න පොලේ තියෙනව සීරුමක් වත් නැති ලස්සන ලොකු මඤ්‌‌ෙඤාක්ක අල... අනේ.. බලනකොට මේ මඤ්‌ඤොක්ක උගුල්ලන්න කලින් පසට බෙහෙතක් ගහනව... පස බුරුල් වෙන්න ... ඒක ගහල සතියක් යනකං මඤ්ඤොක්ක උගුල්ලන්න හොඳ නෑ.. ඒත් මේ මිනිස්සු ඊළඟ දවසෙම උගුල්ලලා පොලට එන වෙළදුන්ට විකුණනවා.. අර බෙහෙතෙ සැර යන්නත් කලින් මඤ්ඤොක්ක ටික අපේ බඩේ... 

මම සාමාන්‍යයෙන් ගෙදරට ගේන්නෙ රෝස කැකුළු කියන හාල් ජාතිය... පොලෙන් දවසක් ගෙනාපු හාල් ටික හෝදන්න හෝදන්න වතුර ටික රෝසම රොස පාටයි.. අනේ.. බැලින්නම් මේවට ඩයි දාලා... 

හැම එකාටම මිරිස් ගෙනල්ල වේලලා කොටාගන්න වෙලාවක් නෑ නේ.. අපි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පැකට් කරලා සුපර් මාර්කට් වල තියෙන මිරිස් කුඩු... මාත් එහෙම ගෙනාපු මිරිස් වගයක් බොහොම පොඩ්ඩක් දැම්මම ඇති, හොද්ද රතුම රතු පාටයි... ඒත් මෙලෝ සැරක් නෑ... අනේ බැලින්නං මේවට ඩයි දාලා පාට කරල...

මේ ඩයි කියන්නෙ කෑමට සුදුසු කලරින් කියන ජාති එහෙම නෙවෙයි... ගොඩක් වෙලාවට කෑමට නොගත යුතු වර්ණක... 

මේ බොහොම පොඩි කතා ටිකක්... 

මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ රටේ මිනිස්සු කවුරුහරි කන කෑමකට මේ වගේ දේවල් කරන්නෙ කියන එක... 

මම අපේ අම්මට හැමතිස්සෙම කියන දෙයක් තමයි ‘‘ ගනං වැඩි උනාට කමක් නෑ.. හැබැයි හරියට දෙන දේ දෙන්න කියන එක... 

ඒත් අපේ ගොඩක් මිනිස්සු හොයන්නෙ රස ගුණ නෙවෙයි... 

සෝබ‌නේ.... වටේ මිනිස්සුන්ට පෙන්නන්න කරන වැඩ... 

එක උදාහරණයක් මේ... 

ඔය මගුල් ගෙවල් වල දෙන කේක් කෑල්ල තියෙනවනෙ... වෙඩිං කේක් කෑල්ල කියන එක... ඕක ඉස්සර නං ටොපිය වගේ ඔතල දුන්න.. දැං පෙට්ටියක දානව.. 

සාමාන්‍යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ 25.00 විතර ඉඳන් බොහොම ලොකු ගනං වලට වෙනකං.. එක එක අමුදූව්‍ය වලින්, එක එක විදියට හදල...

ඉතිං ගිහින් හොයලා හොයල ගන්නවා රැ 50.00 විතර ලස්සනට හදල, නම ගම ප්‍රින්ට් කරපු පෙට්ටි.. තව රු 50 විතර වියදම් කරනවා වෙඩිං ඉන්විටේෂන් එක.. අනිත් ඒවා පැත්තක තියමුකො ඊට පස්සෙ.. 

අනේ අර පෙට්ටියට දාන්න කේක් කෑල්ල හොයං එනව රු 25- 30 කට විතර... 

ඒ වෙලාවට මම අහනව ඔයාලට කේක් පෙට්ටියට 50ක් වියදම් කරන්න පුළුවන් නං කේක් කෑල්ලට ඒ ගාන වියදම් කරන්න බැරිද කියල... එතකොට දෙන උත්තරේ තමයිනෑ ඉතිං .. කේක් පෙට්ටිය හැමෝම තියාගන්නවනෙකියන එක... 

අනේ මං දන්නෙ නෑ... බොහොම වෙලාවට මේ මං වගේ ඔය කේක් පෙට්ටි අරවා මේවා හදන අය මිසක් වෙන‌ කවුරුවත් ඔය කේක් පෙට්ටි දවසකට දෙකකට වගේ පරිස්සම් කරන්නෙ නෑ... 

අනිත් එක වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක.... ඒ ගැන නං වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

ඇයි හත්දෙයියනේ මේ රටේ වත් නොවිච්ච සම්ප්‍රදායක් කරන්න මේ තරං නහින්නෙ.... දෙනවලකො තේ එකක් එක්ක හොඳ චොක්ලට් කේක් කෑල්ලක්.. ඔය මල මඟුල් නැතුවට...

( සමහර දුප්පත් මිනිස්සු ණය වෙලා අමාරුවෙන් වෙඩිං කේක් කෑලි ගන්න හොයන් එනකොට මං පැහැදිලි කරල කියල දෙනව ඕක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. චොක්ලට් කේක් කිලෝ තුනක් ගෙනිහිල්ල කෑලි කපලා හවස තේ එකත් එක්ක කට්ටියට දෙන්න කියල... ඒ මිනිස්සු තේරුම් ගන්නවා... ) 

කොතනද අවුල තියෙන්නෙ කියන එක මට තාම හිතාගන්න බෑ... 

මේ තියෙන්නෙ බොහොම සිම්පල් වෙඩින් කේක් එකක්... රිජිෆොම් ඩමි නැත... බටර් කේක් කිලෝ 4යි... අඩි එකහමාරක් විතර උසයි... වැඩි විස්තර විකාර නෑ... රැ 8500 යි..  කෑලි 50කට ලේසියෙන්ම කපන්න පුළුවන්... 

64 comments:

  1. හිරු අක්ක අර මයියොක්ක වලට ගහන්නෙ ෙබ්තක් කීවට ඒක විස රසායනයක් කැලෑ තෙල් වගේ..
    ඒව හොයාගන්න ලේසියි සාමාන්‍යයෙන් ඒව නොයොද ගලවන මයියොක්ක වල වටේට තියෙන පස් එහෙම ගැලවිල යන්නෙ නෑ මඩ වගේ ඇලිල තියේ ඒත් අරව ගහපුව ගෙ පස් කුඩු කුඩු වගේ වැටෙනව පොඩ්ඩක් අතගාපුවම අනික තමා පොත්ත නිකං ගැලවෙන එකේ පොත්තෙ ඒහැටි ලස්සනක් නැ ඒත් හොදට බලන්න අර විදියට ගලවන ඒව පොත්ත ලස්සනයි දිලිසෙනව විකාර ගොඩයි...

    රෝස කැකුළු කියන්නෙ රතු හාල් කීප වරක් පොලිෂ් කරල නිකුත් කරන එකට සාමාන්‍ය රතු හාලට වඩා ගණං වැඩී වගේම ගුණයක් නෑ.. ඒව එළ දෙන්නුන්නෙ බඩේ...........

    අර වෙඩි කේක් අනං මනං සීන් එකට කියන්න තියෙන්නෙ නං මෙච්චරයි
    අනික් කෙනා කරපු විදියට වඩා හොදට ඊළග ට වෙඩිම ගන්න එකා එකී හිතන එක..
    අනේ අපි නං මීට වඩා හොදටගන්න ඕන නැත්ත ලැජ්ජාවෙ බෑ මෙයා කියන අම්මණ්ඩිල ලෝන්දාල මගුල් කනව අන්තිමට තුන්වෙනි ළමයත් ඉපදෙනකං ලෝන්එක ගෙවනව...

    ReplyDelete
    Replies
    1. රොස කැකුළු එක ගේන්නෙ රතු හාල් වලට ටිකක් අකමැති එක්කෙනෙක්ගෙ බත් එක බඳින්න තියෙන හින්ද මහේෂ්... හි හි...

      ඔතන අම්මණ්ඩිලා විතරක් නෙවෙයි බං පිස්සු නටන්නෙ.. මහ අම්මණ්ඩිලත් නටනව..

      Delete
  2. මාර්කට් කරන්න බඩු එළියට දාන්න ඕන ඒකයි ඔය හැමදේම.. අපි ගන්නවද අල කැඩිච්චි කෑලි නෑනේ..

    කුසල තේ කියන්නේ අකුසල තේ වර්ගයක්ද??

    ඒක නෙමෙයි ලියන වෙලාවට ප්‍රාෙයා්ජනයට ගන්න අර මුල් පේලි දෙක තුන සේවි කරල තියාගන්න. හැමදාම ඕන වෙනවා නෙව.. හැක්..

    අන්තිමට පොඩි බිස්නස් එකකුත් කරා නේද?? එළ

    ReplyDelete
    Replies
    1. අඩේ මූ මේ දේසනා කොරලා තියෙන්නේ මගේ අදහස් ටික නොවෑ. ශික්... මං මොනාද බොල දැන් කියන්නේ.....?

      Delete
    2. වැරදි හැදුවා....

      මාර්කට් කළාට වැඩක් නෑ නේ බං... දෙන්නෙ වස විස නං... ඒකනේ මේ අපේ උන් තේරුං ගන්නෙ නැත්තෙ...

      Delete
  3. කෙක් විතරක් නෙවෙයි මුලු වෙඩින් එකම තනිකර විහිළුවක්!!
    රටට ම ණය වෙලා ලොකෙටම පෙන්ඩ ලොකුවට වෙඩින් අරන් ඊට පස්සේ දෙන්නම එකතු වෙපා අවුරුදු ගාණක් ණය ගෙවනවා...ඒක නම් පිස්සුවක්!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත..

      Delete
    2. ලොකුවට වෙඩින් ගැනීම ගැන මං නං මුකුත් කියන්නෙ නෑ.. ගොඩක් එවුන් බඳින්නෙ එක පාරනෙ... ඒත් තමන්ට පුළුවන් තරමට ඕනෙ ඒ වැඩේ කරන්න....

      ඔතන වැඩිපුරම කේස් එක තියෙන්නෙ බඳින උන් දෙන්නගෙ අවශ්‍යතාවයන්ට වඩා මහ උනගෙ අවශ්‍යතාවයන් ඉස්සරට එන එක... එන්න එතකොට වැඩේ අංජබජල් වෙනව..

      Delete
  4. උඩිං ඔපේ යටිං හපේ කියන්නෙ මේකයි. "මේ යන විදිය ඇති" කියල හිතෙන දේවල් වලින් එකක් තමයි මල ඉලව් වෙඩින් සිස්ටම් එක. මේකට මූලික හේතුව තමයි ටීවී එකේ පෙන්නන මඟුල් විකාරයන්. ඒව බලන මිනිස්සුන්ටත් ඕන වෙන්නෙ ඒ ලෙවෙල් එකට වැඩේ කරන්න. ඉතිං සල්ලි නැති වෙද්දි බොක්ස් එක ලස්සන වෙද්දි කේක් කෑල්ල පොඩි වෙන්නෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි බං ඉරිදා උදේටයි,හවසටයි හැම චැනල් එකේම යන්නේ ඔය මල මගුල්ම තමයි.උන්ගේ මගුල් චැනල් ලස්සනට මාකට් කරනවා,ඒවා බලන උන් රටටම ණය වෙනවා මගුල් කන්න.

      Delete
    2. ටීවී එකේ පෙන්නන මඟුල් නං මං එච්චරම බලල නෑ.. ඒත් ඉතිං ඒකත් මල විකාරයක්නෙ බං... මඟුලක් කියන්නෙ යම්කිසි තරමකට පෞද්ගලික දෙයක්... ඒක රටටම පෙන්නනන්න ඕනැයැ... ඕකත් දැං මේ යන රියැලිටි ටීවී රැල්ලෙ තියෙන නරකම පැත්තක් තමයි...

      Delete
  5. මිනිසුන් කන කෑමට විස එක තරම් බලු වැඩක් නැහැ. පොල්තෙල් ප්‍රවාහනය කරන්නේ එන්ජින් ඔයිල් බැරල් වල. එන්ජින් ඔයිල් අතේ ගෑවුනාමත් එකපාරට සබන් වලට යන්නේ නැති එකේ. පොල්තෙල් දාන්න කලින් අනිවාර්යෙන් හොඳට සුද්ද කරලා තියෙන්න බැහැ. ආප්ප වලට ප්ලස්ටෝපැරිස්, පලතුරු වලට කාබයිට්, මුරුක්කු, බයිට් හදන්න්න කලින් රත්වූ තෙලට (මෙගා බෝතලයක්)PET දාලා දියකරලා තමයි බදින්නේ. ඕවා කරන උන් එල්ලලා මරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තේ කොළ හදනවා නම් කෙලින්ම අවන්එකේ දාලා වෙලන්න එපා. නිකන් තියන්න ටිකක් මලවෙනකම්(එන්සයිම ප්‍රතික්‍රියාවක් වෙනවා) පස්සේ තලලා යම් වෙලාවක් තියලා පස්සේ අවන් එකෙන් වේලලා ගන්න. ඔය එක එක පොසෙස් එක කරලා තියන්න ඕන වෙලා මට මතක නැහැ.

      Delete
    2. ඔව් බං... වැඩේ කියන්නෙ අර පල්ලෙහා ඩූඩ් කියල තියෙනව වගේ අපේ මිනිස්සුමයි මේව කරන්නෙ... නැතුව ඉන්දියාවෙන්, පකිස්තානෙන්වත්, ආරාබියෙන්, ඇමරිකාවෙන්වත් ඇවිල්ල නෙවෙයි... අන්න ඒකයි මේ තරං තරහා යන්න හේතුව...

      Delete
  6. කොච්චර කතා කලත් තමන්ගෙ විවාහය කරනකොට ඇයි ඒක සරලව කරගන්න බැරි?
    එතනයි ප්‍රස්නෙ
    හතර වරිගෙ ඉස්සරහ, දුකට, සැපට, ලඟ ඉඳන් කන්න අඳින්න දීලා ආදරෙන් බලාගන්නව කියල පොරොන්දුවක් දෙන අවස්තාවක්නෙ විවාහ මංගල්ලෙ!
    යාලුවො ඉන්න බව ඇත්ත - ඒත් දීර්ඝ කාලයක් තියන ලෙඩ රෝග හැදුනම එහෙම හෝ බරපත දුක් කරදර ආහම ඉතින් අන්තිමට ඒ අයව රැක බලාගන්නෙ ඔය හතර වරිගෙ උදවිය තමා - නෑයන්ට වඩා ගුණයහපත් යාලුවෝ ඕන තරම් ඉන්නව වුණත් (අන්තිමට ඒ නෑයෝත් කාගෙ හරි යාලුවෝ - අර යාලුවොත් කාගෙ හරි නෑයෝ!) ඉතින් නෑයන්ට (මිත්‍රයින්ට) හොඳ සංග්‍රහයක් හිතේ සතුටින් දුන්නම මදෑ නේද?
    සංගීත සංදර්ශන, දිය යට පොටෝ, තැබෑරුම්, විකට ඇඳුම් තරඟ වෙනම තියාගන්න බැරුවායේ නේද හිරු?
    මම දන්න මතවාදීව පුදුම රැඩිකල් මිතුරො ඉන්නව - හැබැයි කසාදෙට ගත්තෙ අම්ම කැමති කෙනෙක් (මේක වරදක් නොවුණත් තමන්ට රුචි/ තමුන් රුචි කෙනෙක් සොයාගන්න හයියක් නෑ) - උත්සවයත් ඉතින් ඒ වගේමයි අර රැඩිකල් මතවලට තිත!

    ReplyDelete
    Replies
    1. ඔතන අපිට තියෙන සම්ප්‍රදායික බැඳීම් වලට යටවෙන්න වෙන එකත් එක හේතුවක් තිස්ස.... සමහර ජෝඩු කේක් එක හදන්න දෙන්න එන්නෙ දෙපාර්ශවයෙම අම්මලා තාත්තලා එක්ක... හැමෝගෙම උවමනා එපාකම් බලල තමයි ඒ වැඩෙත් කෙරෙන්නෙ... (මටත් ඔය වැඩේ උනා මඟුල් මුදු හදන්න ගිහින්.. මං තනියෙන් ගියාම අපේ මහත්තයගෙ අම්මලා තාත්තල අක්කල ඔක්කොම ගියා... මට ඕනෙ මුද්ද නෙවෙයි හදන්න දුන්නෙ එයාලගෙ අම්ම ආස උන මුද්ද... මට මුද්දෙ එන්ග්‍රේවින් එක කරන්න ඕනෙ උන ‌‌දේ අම්මල එක්ක ගිහින් කරන්න බැරි උන හින්ද මට තාම තරහයි..)

      Delete
  7. වෙඩින් කියන්නේ මහ විකාරයක්...
    ඔය විකාර ඔක්කොම නටන්න අපේ ගැහැනු උදවියට පුදුම උණක් තියෙන්නේ.
    පොඩියට උත්සවයක් අරගෙන නාස්තිය අවම කරගෙන වෙඩිම ගන්නවානම් ඉතුරුවෙන සල්ලි වලින් ගෙදර අවශ්‍යතාවයක් ඉටුකර ගන්න පුළුවන්.

    කෑම වලට එක එක ඩයි වර්ග, විෂ දේවල් දාන එක තනිකරම කරන්නේ ගෙරි තම්බි.
    දැන් දැන් අපේ සිංහල මෝඩයොත් විෂ බෙහෙත් වර්ග පලතුරු, එළවළු වලට ගහන නිසා අපිට තනිකරම වස විස කන්න වෙලා
    අපි කඩෙන් ගන්න හාල් වලත් මොන තරම් වස තියෙනවද
    අපේ මොඩ් ගොවියෝ නිර්දේශිත ප්‍රමාණය වගේ දෙගුණයක් වසවිස වගාවට දානවා වැඩි හොඳට...
    ඒ වගේ ගොන් වැඩ නිසා අපේ ගොවියන්ට මේ වෙද්දී වකුගඩු ලෙඩ, අපිට තව ටික කාලෙකින් ඒවි....

    ReplyDelete
    Replies
    1. ගැනුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් ඔය ඕනෙකම් ඔක්කොම තියෙනව.. හැබැයි යවන්නෙ ගෑණිගෙ පිටිං... හි හි... කේක් හදන්න එක කට්ටියගෙ හැටි අපි දන්නවනේ...

      ඔක්කොම එකයි බං.. තමන්ගෙ බඩගෝස්තරේ විතරයි හිතන්නෙ....

      Delete
  8. වෙඩිං කේක් විතරක් නෙමේ කඩවල්වල විකුණන්න තියෙන දේවල්වල උනත් පෙටටිය කොලිටි වෙනකොට ඇතුලෙ තියෙන දේවල්වල ගුණේ අඩු වෙනව.
    දැන් ලොකු ගාණක් වියදං කරල වෙඩිං ගන්නවයි කියන්නෙනං බොරු වැඩක්. එක එකාට කන්න බොන්න දීල, හෝටල්, ෆොටෝග්‍රැපර්ලට ගෙවල අන්තිමට මගුලෙන් පස්සෙ හිඟ‍ාකන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වෙඩිං වල තියෙන් අනවශ්‍ය කොටස් අයින් වෙනව වෙනුවට දවසින් දවස අලුත් කුණු ගොඩවල් එකතු වෙනව... අපි වගේ බිස්නස් කරන උන්ට ඒක හොඳක් උනාට ඒකෙන් තැලෙන්නෙ අපි වගේම මධ්‍යම පාන්තික මිනිස්සුමයි....

      Delete
  9. ආහාර කියන්නෙ ජීවිතය.... ජීවිතයට ගරු කරන වටිනාමක් දෙන මිනිස්සු ලංකාවෙ හරිම අඩුයිනෙ හිරූ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි තරූ අපේ රටට මේ වෙලා තියෙන එකම හෙනේ....

      Delete
  10. හිරූගෙ කරදර ටික අහවරද දැන්? අම්මට එහෙම කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉවරෙටම ඉවරයක් නං නෑ ඉතිං... අම්මගෙ ට්‍රීට්මන්ට් ඉවරයි... දැං නං අවුලක් නෑ.. පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් ටිකක් තියෙනව... ඒවා හරි යනකං ඉතිං ඉවසා ඉන්න තමයි තියෙන්නෙ...

      Delete
  11. //ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ... //
    මේ කතාව හරි දෙයක් නෙමෙයි හිරු. ලංකාවෙ තමයි හොදම තේ විකුනන්නෙ. පිටරට පටවන තේ මිල අතින් ඉහල උනත් අපේ වතුරට ඒව රසනෑ. ඒ තේ විකුනන්නෙ පෙනුමට.
    සිල්ලරට තේ විකුනන තැනකින් කළු පාට, තේ සුවද තියන එකක් ගන්න. ලොකු නම් තියන තේ පැකට් රස නෑ. ( ඒ තේ ජාති ගොඩක් කලවම් කරන හින්ද ).

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඔය එක එක වල, ගල, කහට වලට වැඩිය කඩේ සිල්ලර විකුණන්න තියෙන තේකොළ හොඳයි. හැබැයි ඒකත් කොලිටිය බලල තමයි ගන්න වෙන්නෙ.

      Delete
    2. කම්මල අයියා තමයි බ්ලගේ අවකාශයේ ඉන්න තේ විශේෂඥයා....

      Delete
    3. ඒක නං මන්ද කම්මල.. මම ඔය කාලයක් වටවල තේ ගත්ත... ඒකෙ 100 පැකට් එකේ තියෙන ‌‌තේයි 400 පැකට් එකේ තියෙන තේයි රස වෙනස්... කාලයක් අපේ මාමා තේ කුඩු ගෙනල්ල පැකට් කලා... අනූගනං වල.. ඒ කාලෙ නං තේ කුඩු කියල තිබ්බෙ කොලිටි අඩු තේ ජාතියක් තමයි...

      සිල්ලර තේ හොඳයි... ඒත් ඒවා හැමදාම එක විදියට නෑ නේ... එතකොට පිස්සු හැදෙනව හොය හොය යන්න වෙලාවක් නැති අපි වගේ උන්ට.. අන්න ඒකයි ලේබල් කාරයොන්ට වඳින්න වෙලා තියෙන්නෙ....

      Delete
  12. දැන් හැම ජාතියටම බේත් ගහනවා...දවසක් මම පත්තරේ දැක්කා කඩල රටජකු ජාති බඳින්ඩ කලින් තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතලයක් දානවයි කියලා.

    ReplyDelete
  13. මටනම් හිතෙන විදිහට ඔය කේක් බොක්ස් ලග තියන් ඉන්න අය ගොඩක් අඩුයි හිරු කියනවා වගේ... තමන්ගේම කෙනෙක්ගෙ නම් පරිස්සම් කරල තියාගත්තට අනිත් අය විසිකරල දානවා... කෑම බීම ගැන නම් කතා කරල වැඩක් නෑ.. මේ ලගඩි කතරගම ගිහින් එද්දි නැවැත්තුවා බෙලිමල් බොන්න මගේ ආසාවට.. හකුරු ගත්තම තනිකරම සීනි. ඒ ගැන ඇහුවාම ඒ ගෑණු කෙනා කියනවා කිතුල් හකුරු ගනන්, අනික එක්කෙනෙක් දෙකක් කෑවොත් අපිට පාඩුයි. ඒ නිසා සීනි හකුරු තියන්නෙ කියලා.. එයාලගෙ පැත්තෙන් ඇත්ත වෙන්න පුළුවන්, ඒත් අපි බෙලිමල් බොන්න ගියේ කිතුල් හකුරු එක්ක රසවත් විදිහටනේ.. සීනි එක්ක බෙලිමල් බොන්න නෙමෙයිනේ...

    ReplyDelete
    Replies
    1. කොහේ කිව්වා....? ලගඩි කතරගම......? ඒ කොයි පලාතද නගෝ......

      Delete
    2. ඔන්න පේනවනේ සරා අයියටත් ඉදල ඉදල පෙනුන දේ....

      Delete
    3. ඔය සරා ගොයියට මතකද දන්නෑ සරාගෙ ලෝකය කියන බ්ලොග් එක ගැන. :D

      Delete
    4. ඔන්න ඉතින් ප්‍රසා අයියා ඉල්ලන් කන්න හදන්නේ....

      Delete
    5. ඒක දැන් අර Praසන්ன යගේ බ්ලොග වගේ වෙලා. කිවුවට තරහ වෙන්න එපා බොලල්ලා සරා ටිකක් යාන්ත්‍රීකරනය වෙලා දැන්. මොකෑ ඉතින් පුංචි පවුල රත්තරං කියලා ඉස්සර කිවුවට දැං කියන්න ඇහැකිය...? පහුනු දවස් වල අල්ලපු අඩවුවක් මිස් උනානේ කෙස් ගහෙන්.......!!!!

      Delete
    6. හකුරු කෑල්ල උඩ නියපොත්තෙන් ඉරක් ඇන්දම ටික වෙලාවකින් ඒක නොපෙනී යනවා නම් ඒක නියම කිතුල් හකුරු ලු...දැන් හැබැයි නියම කිතුල් හකුරු හොයාගන්න එක හරිම අමාරු වැඩක්...කිතුල් කපන පලාත් වලත් සීනි හකුරු තමයි කිතුල් හකුරු කිලා විකුණන්නෙ.

      Delete
  14. කිව්වහම මොකෑ නංගියේ ඔය ගැන ලියනවානම් මහා පතරංග ජාතකේ වගේ පොතක් ලියන්න කරුණු කරනා මටත් තියෙනවා. හැබැයි වැඩක් නෑ. ඒ හිංදයි සද්දේ වහලා ඉන්නේ...! මම මේ දවස්වල චින්තකලගේ අලුත් සහන මල්ල ගෙදර ගේන්න පාර හදනවා. සුළුප‍ටු වාසි කන්දරාවක්ද අෆ්ෆා......?

    ReplyDelete
  15. අද නම් මොකක හරි බූත දෝසයක් තියන දවසක්. එකෙක් කුසල් තේ බොනව ලු. අනික රටජකු බදිනව ලු. තව එකෙක් ලගඩි කතරගම කියල අලුත් ගමක් හොයාගෙන.

    මං පස්සෙ එඤ්ඤා...!!!! :D :D :D

    ReplyDelete
  16. 8500 යි.. කෑලි 50

    යකෝ එතකොටත් කෑල්ලක් 170 ක් වෙනවනේ... එයිට ලාබයිනේ පෙට්ටියක් 50ට අරං බොලාගෙන් ඔය 20 ට :D කෑල්ලං අරං ඔබලා දෙනවා.. :D :D :D

    ReplyDelete
    Replies
    1. පිස්සු මාරයො.. මේ තියෙන්නෙ වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක කියල හදන තට්ටු පිට තට්ටු රිජිෆොම් ඩමි ගොඩක් තියල හදන සෝබන කේක් එක වෙනුවට කේක් වලින්ම හදපු එකක්... ඕනෙ කෙනෙක්ට පෙට්ටි වල දාන වෙඩිං කේක් වලට වියදමක් කරන්නෙ නැතුව, මේ කේක් එක කෑලි කපලා අමුත්තන්ට දෙන්න පුළුවන් අවුලක් නැතුව...

      Delete
    2. ඉතිං බොල ඒක තමා මාත් කියන්නේ.. අර පෙට්ටි කේක් කවනවට වඩා වියදමක් යනවනේ මෙහෙම කවන්න ගියාම.. කෑල්ලක් 170ක් වෙලානේ පෙට්ටි නැතිවම :D

      Delete
    3. ඉතිං බං ඒකත් කරල, රිජිෆොම් කේක් එකත් හදන්න බොරුවට වියදම් කරන්නෙ මොකටද... 8500න් වැඩේ ඉවරයි නේ මේ විදියට කළාම..... කොහොමත් කේක් ස්ට්‍රක්චර් එකක් හදනවමනෙ... එහෙම නැත්තං රුපියල් හත් අට දාහක් විතර වියදම් කරල කිරිබත් කපනවනෙ.... හි හි

      අපේ වෙඩිං කේක් කෑල්ලක් දැං 95-110 ත් අතර තියෙන්නෙ....

      Delete
    4. කුණූ එලෝලු ගන්න උන් ඔහොමමයි බං හිරුවෝ. ගණං ගන්න එපා.. හැක්

      Delete
    5. මාරයාට විතරක් රිප්ලයි කිරීම හෙලා දකිමි. ඔවු... ඉඳගෙන. :D

      Delete
    6. මෙහෙමනේ බං ප්‍රසන්න. කොක්කක් ඇද්දොත් විතරයි රිප්ලයි කරන්නේ. අපි වගේ සාමකාමී පොරවල් ඉග්නෝර් කරනවා. අපිත් අදිමුද කොක්කක්? ඔවු... ඉඳගෙන. :D

      Delete
    7. +++
      අන්න හරි ප්‍රසන්න, ඩුඩ් අයියා, අපි වෙනුවෙන් අපි. මාත් වැටක් ගහනව. ඔව්... හිටගෙන :D

      Delete
    8. කොමෙන්ට් කරුවන්ගේ සභාපති (පිරිනැමීම සිංදු ඇනෝ) විදියට මේ වගේ අසාධාරනකම් වෙනුවෙන් නිහඬව ඉන්නැතිව නැගී හිටින්න ඕන. ඔවු... ඉඳගෙන ඉන්නවනං නැගිටහල්ල. :D

      Delete
    9. ආ නැගිට්ට එව්වෝ ආයේ වාඩි වෙයල්ලා :D
      යකෝ මං වගේ එක කොමෙන්ට් එකක් නෑර උත්තර බදින බ්ලොග් කරුවන්ට විතරයි මෙහෙම අහන පරක්කුවට උත්තර ලැබෙන පින තියෙන්නේ.. නිකං ඉන්නේ නැතිව උඹලත් ඔය තම තමන්ගේ බ්ලොග්වල අනිත් උන්ගේ කමෙන්ට් වලට වරද්දන්නේ නැතිව උත්තර බැදහල්ලා.. නිකං මට ඊරිසියා නොකර.. :P :P :P

      Delete
    10. බැළුවහම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා ඉඳගෙන... !!!

      Delete
    11. වලිගෙ පාගගත්තම ඉතිං ඉක්මණට ‌බේරගන්න එපැයි.. ඒකයි මුලින්ම උත්තර දීලා හිටියෙ... ඕක තේරෙන්නෙ නැද්ද අප්පා.... හි හි

      Delete
  17. ඇත්තෙන්ම මිනිස්සු කන කෑමට වහදාන උන්ට නම් හොඳක් වෙන්න එපා. මම කාලෙකට කලින් මගේ HeyDude බ්ලොග් එකට ලියපු මේ 48. HAVE YOU HAD YOUR DAILY DOSE OF POISON TODAY? පෝස්ට් එකේ මේ කොටසෙත් තියෙන්නේ ඔය වගේ දෙයක්.

    Then I found this article about the sufferings of our farmers. They are always in trouble and a constant struggle. Compared with the American farmers our farmers’ standard of life is pathetic. I always sympathized them. And, suddenly I saw this line which made me just wonder if they sympathize us in return.

    The writer was interviewing a farmer and his family. And, when asked about the crucial issue of the misuse of insecticide, the wife said, “We know it is wrong to use these lethal doses of chemicals on foodstuff. But if we don’t we can’t protect our crop and make an income. We will be in serious debt. We owe to the bank. So, we can’t help it. So we have a separate plot cultivated for our family’s consumption free of any chemicals.”

    48. HAVE YOU HAD YOUR DAILY DOSE OF POISON TODAY?

    ReplyDelete
  18. හොඳ හොඳ එව්ව පිටරට ගොහිං අපිට ඉතුරු වෙන්නෙ කසළ ටික විතරයි නෙහ්..
    පික්සු නෙහ්..

    ReplyDelete
  19. හප්පේ හිරු අක්කටත් ලියන්න මතක් වෙලා තියන්නේ.. මේකේ හොල්මන් එහෙම ඉඳල අහු උනේ නැතෙයි??
    කෑම ගැන නම් කතා කරන්න එපා අක්කේ.. අපේ වත්තෙත් ඔය තේ පඳුරු ටිකක් තියනවා. පරණ පැළවලින් ඉතුරු වෙච්ච. මම දවසක් එයින් ටිකක් කඩල වේලලා නිකමට හදල බැලුව.. ඒවත් මාර රහයි.. මිරිස් නම්.. මිරිස් ග්‍රෑම් 10ට එකක් ගඩොල් කුඩු.. කාබයිඩ් ගහල ඉඩවපු කෙහෙල්.. මේවා කාල තමා ඉතින් ඔය පිළිකා අරවා මේවා රටේවත් නැති ලෙඩ..
    මේවා කරන්නේ නම් ඉතින් මේකනේ- යුගයේ ජීවන රටාව තමා අනුන්ට හෙණ ගැහුනත් කමක් නෑ තමන් රැකෙනවා නම්.. ඔන්න ඕක නිසා..

    වෙඩින් ගැන නම් කියල වැඩක් නෑ. මම නම් ලෙසියකට යන්නෙත් නෑ.. ඔය ටයිකෝට් අරව මේවා හිර කරගෙන, යක්කු වගේ ඇවිල්ල, බීල, අර කන්නත් බැරි කේක් ඒකත් අරගෙන යන්න මොකට යනවද.. සමහරු බැඳලා ඉතින් ජීවිතේ පුරාවට වෙඩින් එකට ගත්ත ණය ගෙවනවා.. සෝබන තමා.. අර පොඩ්ඩි අක්කගේ පෝස්ට් එහෙකට දවසක් දාල තිබ්බේ මරු මරු කමෙන්ට්ස් ටිකක් හෙම..

    ReplyDelete
    Replies
    1. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු දානවා කියන කතාව බොරුවක් මල්ලි... එහෙම දැම්මනං හොද්ද අඩියේ වැලි තියෙන්න ඕන හැමදාම... හැබැයි ලුනු කුඩුවලනං සමහර ඒවයේ වැලි තියෙනවා.. ඒ ඇවිල්ලා ඒවා හදන උන් බාල මඩ ලුනු එහෙමත් කලවමට දාලා කුඩු කරන හින්දා...

      මිරිස් කුඩු.. තුනපහ කුඩු.. කහ කුඩු වගේ දේවල්වලට එකතු කරන්නේ හාල් පිටි.. ඒකෙත් හොදම හාල් පිටිනං නෙවෙයි.. සත්ව ආහාර වලට යවන්න තියෙන හාල් කුරුටු එහෙම තමා.. ඒවායේ ඉතිං කිසි අගුණයක් නැහැ.. වරද තියෙන්නේ සාමාන්‍යෙයන් හොද්දකට අපි දාන්නේ මිරිස් මේස හැන්දක් නං.. මේ කලවං මිරිස් හැන්දක් දැම්මට නියම මිරිස් සැර එන්නේ නැහැ.. තුනපහ උනත් එහෙමම තමා... හැබැයි පාට හදන්න දාන ඩයි වර්ගනං තනිකරම ෆැබ්රික් ඩයි.. අමු වහ...

      කිසිම වෙලාවක තද රතු පාට මිරිස් කුඩු ගන්න එපා... මිරිස් කුඩු කරපුවා තද රතු පාටක් නැහැ.. බොහෝම මලානික යන්තම් රතු පැහැයක් තියෙන්නේ... රතු පැහැයයි ගුරු පැහැයයි මිශ්‍ර උන පාටක්...

      Delete
    2. ඕක මම සාමාන්‍ය පෙළ කරන කාලේ පත්තරේක ගිය එකක්.. මතක විදියට දිවයින.. ස්තුතියි මේ ගැන කියල දුන්නට! අපි නම් මිරිස් වේලලා ගෙනිහින් අඹරාගෙන එනවා පුළුවන් හැම වෙලාවේම. කෑලි මිරිස් නම් ගෙදරම හදාගන්නවා. ඒ උනාට කඩෙන් ගේන වෙලාවලුත් තියේ.. ඒ මිරිස් නම් මෙලෝ රහක් නෑ තමයි...

      Delete
  20. ඔය ගඩොල් කුඩු කතාව හැදුනේ මිරිස් කුඩු ගඩොල් පාට නිසා. මාරයා කියනවා වගේ පිටි කලවමක් තමයි යන්නේ. පිටි කලවම් මිරිස් කුඩුවලින් කෑමක් හැදුවාම ඒ හොද්ද ටිකක් උකු වැඩිවෙනවා. ඒ අර පිටි සාත්තුව නිසා. ඔය පිටි නිසා තමයි ඒ වගේ මිරිස් කුඩුවලට ගොඩාක් පරණ වුනාම පොඩිසත්තු බෝවෙන්නේ මගෙ හිතේ.

    ReplyDelete
  21. බලන්න මිනිස්සුන්ට විෂ වෙලා තියෙන්නෙ අන්තිමට මිනිස්සුම නේද...හාල් වලට වැලි දානවා / පරිප්පු වලට ඩයි දානවා / ගම්මිරිස් වලට ලඹු ඇට දානවා / මිරිස් වලට ගඩොල් කුඩු දානවා...නැත්තං පිටි දානවා පාට කරලා / තමන්ගෙ බඩ වියත රැක ගන්න මොන තරම් නම් බොරු කරනවද...

    අර අන්තිමට තියෙන කේක් එක නියමයි හිරු...සෘජුෆෝම් කේක් වල ෂෝ එක විතරයි...

    ReplyDelete
  22. මං හිතුව පෝස්ට් එක අදාල ගී රචකයාගේ වියෝව ගැන කියල.
    කෙසේ වුවද ප්‍රයෝජනවත් යමක් ඉගෙන ගත්තා.

    ReplyDelete
  23. මං මේ ලඟදි දවසක් කර්ත කොලොම්බන් අබ ගෙඩි දෙකක් පොඩි උන්ට දෙන්න ගත්ත.. කඩේ එකාට නොවදිනා වැඳුන් වැඳල කිව්ව මේව ගන්නෙ පොඩි උන්ට දෙන්න බෙහෙත් ගහල නැත්නම් විතරක් දෙන්න කියල.. ඌ කැට කඩල දුන්න ගෙඩි දෙකක්.. සුවඳෙත් අවුලක් නැති නිසා ගෙනිහින් හෝදල කපනකොට පොඩි වෙනසක් දැනුන.. බැලින්නම් පට්ට අමු ගැටයක් බෙහෙත් ගහල ඉදෝල කපනකොට ඇටෙත් එක්ක කැපෙන්නේ.. අපේ ගෙදර උන්දැ බෙල්ලෙ එල්ලිල නතර කර ගත්තෙ නැත්නම් මන් ආපහු ඇවිත් අරූව කපනව ඒ පිහියෙන්ම අඹේ කැපුව වගේ.. ඒ තරමට ඌරු ජුවල්..
    අනේ මංද අපේ රටට මොනව වෙනවද කියල.. අබුද්දස්ස කාලේ විපරීත බුද්ධේ..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වගේ පලතුරු ගන්නකොට පොඩි එකෙක්ට, ලෙඩෙක්ට වගේ ගෙනියනවා නම් කඩේ මනුස්සයට කියල වැඳලා වගේ ගෙනියන්නේ. අනේ වැඩක් නැහැ කතා කරලා. අන්තිමට ලෙඩකට ගෙනියන පලතුරත් අරූ මරන්න ගෙනිච්ච වස කුප්පියක් වගේ.

      මේ විස පලතුරු, එළවලු ගැන පත්තරේ ( රන්දිව) ලිපි ගියා දිගටම. කියෙව්වට පස්සේ වතුරවත් බොන්න හිතෙන්නේ නැහැ... ඔක්කොම අපිව මරණ වහ. සමහර සමාගම් ලොකු මාර්කටින් කරන්නේ වස කවන්න.

      මම නම් පොළකින් වගේ තමයි පලතුරු ගන්නේ. පොළෙත් ගෙඩි කීපයක් වගේ තියාගෙන ඉන්න කෙනෙක්ගෙන් ගන්නේ. මම උපකල්පනය කරනවා ඔය ගෙඩි දෙක තුනක් පොලට ගෙන්න අවම වස යොදල ඇති කියල.

      Delete
  24. අනේ මන්ද හිරු ඔයා කියන කතාව ඉතින් ඇත්ත තමයි..ඒත් මේ දේවල් දැන් හරියට වැදි බණ වගේ වෙලා තියෙන්නෙ.කොච්චර මිනිස්සුන්ට කිව්වත් මිනිස්සු කරන්න කැමති එපා කියන දේම තමයි.අනිත් එක මේ වගේ දේවල් මෙහෙම වෙන්න ජනමාධ්‍ය කෙලින්ම වගකියන්න ඕනෙ.

    ReplyDelete
  25. ගානක් නෑ හිරු.. අර සායම් ආටෝප ඔක්කොම අයින් කලාම මනමාලිත් අච්චර ලස්සන නෑනෙ.. ඒ වගේ ලස්සන පෙට්ටි ඇතුලෙ බාල කේක්..

    ReplyDelete
  26. කාලෙකට පස්සෙ අවේ හිරු අක්කෙ ...

    කෑම ගැන නං කතා කරල වැඩක් නෑ ,, විශේෂයෙන් අපි ඉතින් හැමදාම වගේ කන්නෙ 45 හේ බත් එක ,, ඒ වුනාට පට්ට රහයි ,, දවසක් මට සුප් කැට කාලක විතර අජි-නො-මොටෝ කෑල්ලක් හැපුන ,, සංසාරේ කලකිරෙනවා ඉතින් ,,
    පාදුක්ක පැත්තේ තේ නං ඔරිජිනල් ම ඒවා රහයි තමා ,, අර පුස්සැල්ලාව වත්තේ තේ එකත් ටිකක් හොඳයි වගේ නිකන් එදා පාවිච්චියට...
    ඩයි කරපු හාල් එක නං පාදුක්ක සතොසෙත් තාම තියනව ,, අපේ අම්ම සති තුනකට විතර කලින් ගෙනාව,,

    ReplyDelete
  27. හිරූ................. කාලෙකින් ලියලා නැහැනේ............... අැයි මොකක්ද අවුල

    ReplyDelete