Wednesday, April 2, 2014

ඔන්න එහෙනං වේලාසනම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා....


මේ දවස් ටිකේ කඩේ ඉන්න එකේ මට ඉවසගන්න බැරිම දේ තමයි අර අපේ පිස්සි කරකෝගෙන ඉන්න හිරු එෆ් එම් එක අහගෙන ඉන්න එක... 

රිමෝට් කන්ට්‍රොල් නැති හින්ද උඩම රාක්කෙකට වඩම්මලා තියෙන රේඩියෝ රාජයා එහෙට මෙහෙට කරකවන්නෙ ලීයක අධාරයෙන්... ඔය නැටිලි කරන්න බැරි හින්ද සදාකාලික හිරු එකට සෙට් කරල තියෙන්නෙ අපේ පිස්සු කේස් එක හින්ද.. වෙන එකක් නෙවෙයි... අර  අනුත්තරා කියන මල හෝන්තු කතාව අහන්න... 

ඕක ඉවසගෙන ඉන්න බැරිම තැන මට ඒකට ටීවී සීරීස් ලෙඩේ බෝ කළා.. ලැප් එකේ ෆිල්ම් එකක් දාලා දීලා අර මළ ජරාව අමතක කරවන එක මට පාඩු නෑ එහෙම බැලුවාම... හි හි... 

අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ...... 

ඕක යන්තමින් හරි ලේ ටික බේරගෙන අහන්න පුලුවන් බදාදට විතරයි.. එදාට පරණ සින්දු යන හින්ද.. ඒත් ඉතිං අර ටකරං හිනාව නං ඉවසගන්න වෙනව... 

-------------------------------------------------------

ඡන්දෙ දවසේ අපේ කඩෙත් ඡන්ද පොළක් වගේ... කඩේ පහුකරගෙන ඉස්කෝලෙට ඡන්දෙ දාන්න යන හැමෝම අපේ තාත්තගෙන් තමයි මනාප අංක අහන්නෙ.. අපේ තාත්ත මං හිතන්නෙ ගම්මංපිලටයි හිරුණිකාටයි ඡන්ද 100ක් විතර අරන් දෙන්න ඇති ඔතන්ට වෙලා කියෝල... හි හි... 

මං නං කිව්ව හිරුණිකාට නං මං ඡන්දෙ දෙන්නෙ නෑ කියල... පහුගිය ටිකේ අපේ තාත්තා මාත් එක්ක හැමදාම පොලිටික් ගෝරි... කොච්චර ගෝරි දැම්මත් ඉතිං මට ඡන්දෙ නැති හින්ද, (පාදුක්කෙ ඉඳං නුගේගොඩට මාරු වෙච්ච වෙලාවෙ අපෙ ගෙදරින් මගේ ඡන්දෙ අපේ මහත්තයා අයින් කරවගත්ත හින්ද ) ඒකටත් බලු බැනුං අහ අහ ඉඳලා මෙන්න එදා උදේ අපේ මහත්තයා කෝල් කරනවා මගේ ඡන්ද කාඩ් එකත් ගෙදට්ට ඇවිල්ල කියල... 

තාම තාත්තගෙයි මගෙයි පොලිටික් වලි ඉවර නෑ... අපේ අම්මා බයිනවා තාත්ත එක්ක පොලිටික් කතා නොකර ඉන්න කියල... එහෙම කොහොමද ... මගේ පොලිටික් වල මුල් අඩිතාලම අපේ තාත්ත තමයි... හි හි... 


-------------------------------------------------------

අපේ කඩේ ගාවම තව පේස්ට්‍රි ෂොප් එකක් දාලා.. එයාලත් දැං කේක් හදනව... අපි හදන කේක් එකට දාන දේවල් එහෙම අහගෙන යන්න අහල පහල අයව එවනව.. අපි මෝඩයොනෙ.. හි හි... අපේ අම්මට පොඩ්ඩක් නෙවෙයි තදට කේන්ති ගිහින්... එයා පේස්ට්‍රි පැත්තට යන්නෙ නැතුව ඉන්නෙ ඔය දෙකම පටලෝගත්තම එයාට මහන්සි වැඩි වෙනවා කියලා අපි තුන් හතර දෙනාම ඒකට කැමති නැති හින්ද... ( ඒකටත් ඉතිං අපි තමයි පලි... ) 

මං නං කිව්ව කමක් නෑ කියලා... එයාලට පුළුවන් නං හදපු දෙං... තරඟයක් තියෙනකොට අපිටත් වාසි නැතුව නෙවෙයිනේ... 

අද ආවේ කඩේ බෝඩ් එක හදන්න දෙන්න.. දැනට තියෙන බෝඩ් එකේ ලොරියක උඩ තට්ටුවක් හැප්පිලා කැඩිල තියෙන්නෙ.. දඩිබිඩියෙ ලයිට් බෝඩ් හදන්න බැරි හින්ද නෝමල් බෝඩ් එකක් හදමු කියලා මාමා කිව්වා... මගේ කම්පියුටරේ තියෙන ඒවා තියෙන තැන් හොයන්න ඉතිං මම එන්න එපැයි.... 

මෙන්න තව ආතල් කේක් ටිකක්... 

මේ දවස් වල හැම පොඩි එකාම ඉල්ලන... Ben 10

මෙයා නං කාර් එක අරගෙනම ආවා....  
මැක්වීන්... 

මෙයත් කාටූන් එකක් ලු... මං පොඩි එකාට තාම මේක අහුවෙලා නෑ ද කොහෙද...  හි හි

අවුරුද්දට මෙහායින් මට අයිත් පෝස්ට් දාන්න චාන්ස් එකක් හම්බුනොවෙන පාටක් තියෙන නිසා ඔන්න දැම්මම කිව්වා... 

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

61 comments:

  1. ///අනුත්තරා විතරක් නං ඉවසන්න බැරියැ.. අර චට පට ගගා කියෝන මොකාද අරා එක්ක, මෙලෝ තේරුමක් නැතුව හිකි හිකි ගගා බෙරිහන් දෙන කෙල්ලෙක් කරන, උදේ පාන්දරම ඇඟේ ලේ ටික රත් කරවන මොකද්ද වැඩසටහන ... හාපෝ...... ///
    දමිත් අයියටයි සෑමටයි මේක දැක්කම හරියට දුක හිතෙයි :D

    කේක් ටිකනම් පට්ටයි අක්කෙ :)
    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ReplyDelete
  2. ආ , කේක් ටික නම් පට්ට.

    එහනම් මගේනුත් , වෙලාසනින්ම , අලුත් අවුරුද්දට සුභ පැතුම් !!

    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ !! :D

    ReplyDelete
  3. හිරු එෆ් එම් ජරාවක් තමා. මමනම් අහන්නේ සිරස.

    තරඟකාරිත්වය තරහින් නෙමේ නිර්මාණශීලිත්වයෙන් තමා පරාජය කරන්න ඕනා..ඒක අම්මට කියහන්..

    හිරූටත්, අපේ මහත්තයටත්, අම්මටත්, තාත්තටත්, පිස්සිටත්, හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. මටන්ම හෙන ජුගුප්සාජනකයි බන් ඔය කේක් වලින් මිනිස්, සත්ව රූප හදලා ඒවා කපාගෙන කන එක.

      Delete
    2. එහෙම කියන්නෙපා සෙන්නෝ, වෙජිටේරියන් කෙනෙකුට කුකුලෙක්වත් කන්න තියෙන චාන්ස් එකට අකුල් හෙලන්නෙපා... ;)

      Delete
    3. එහෙම අය ඉන්නවා සෙන්නා.. එයාලට ඉතිං ඔය මල් කොල ගෙඩි තියෙන්නෙ කපාගෙන කන්න.. ඒත් පොඩි උන්ට ඕවා තේරෙන්නෙ නෑ නෙ.. උන් ආස දෙයක් හදලා දෙන්නෙ නැතුව කේක් හදලා මොකටද... මට නං එහෙම හිතන එක මහ විකාරයක්... ඕවා ඉතිං එක එක්කෙනාගෙ හිත් වල හැටිනෙ...

      හිටපු ගමන් වෙඩින් කේක් එනවා හාට් එක කපන්න බෑ කියාගෙනත්.... හි හි

      අපි දැම්මා කොඩි ටිකක් සෙන්නා.. ඒකෙන් ගොඩක් අලුත්ම බිස්නස් ඇවිත් තිබ්බා අවුරුද්දෙන් පස්සෙත්...

      ඔයාලටත් එසේම වේවා.....

      Delete
  4. මෙහෙම අවුරුද්දට සුබ පතන්නේ නැහැ. බුලත් අතක් එහෙම අරන් එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හි හි.... බුලත් ගනං අප්පා...

      Delete
  5. හොඳයි හොඳයි සුබ අළුත් අවුරුද්දක් වේවා! වැඩියෙන් කේක් හදන්න සිදුවේවා!

    ReplyDelete
    Replies
    1. හපෝ බෑ... මේ අවුරුද්දෙ කොන්ත්‍රාත් එක ඉවරයි.. හි හි....

      එසේම වේවා ඔයාලටත්....

      Delete
  6. ඕ යෑස් සුභ අලුත් අවුරුද්දක් වේවා එකෙන්ම ඈ !!!

    පොඩි නිවැ‍රදි කිරීමක්..

    කේක් කියලා වැරදිලා චිකන් කොත්තුවකයි බීෆ් කොත්තු තුනකයි පොටෝ වැටිලා.. ඒ ටික අයිං කරල කේක් වල පොටෝ දාපං !!! : D

    ReplyDelete
    Replies
    1. දුවපිය.. හි හි...

      එසේම වේවා....

      Delete
  7. අනුත්තරා චොප්ප. සගා ඉන්න වැඩ සටහන් චොප්ප. අරා නම් එල.

    ඡන්දෙ දවසෙ අපේ කඩේ ඉස්සරහ මනාප අංක තුනක් ලියපු කොලයක් ඇලෙව්වා අපෙ අම්මා. එජාපයට මනාප සැට් කරන්න.

    මම ඒ ටික අතේ ලියන් ගිහින් ගිණි සිළුව පත්තු කරල ආව..

    සුභ අ.අ. වේව...

    ReplyDelete
  8. සුබ අළුත් අවුරුද්දක්...!!!

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  9. මුල ටික නං මෙලෝ දෙයක් තේරුනේ නෑ ඕං.එහෙනං සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ තේරැනේ නැත්තෙ....

      එසේම වේවා....

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් හිරුටත් පවුලේ සැමටත්!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔයාලටත්...

      Delete
  11. හොඳ වෙලාවට අපට දැන් ඕවා අහම්බෙන්වත් ඇහෙන්නෙ නැත්තෙ...
    අර කේක් වලින් මගේ හිත වැඩියම ඇදිලා ගියේ බෙන් ටෙන් කේක් එකට... ඒක හෙන ගති...
    හිරුටත් පවුලේ සැමටත් ලබන්නා වූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන, වාසනාවන්ත නිරෝගී අවුරුද්දක් වේවා කියල පතනවා...!!

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් හදන්න අමාරු කේක් එකක් මියුරු.... අපි බොහොම කලාතුරකින් තමයි ඔහොම එකක් හදන්න ගන්නෙ... ඕකට යන වෙලාවෙන් තව කේක් දෙකක් හදන්න පුලුවන්... හි හි

      එසේම වේවා ඔයාලටත්...

      Delete
  12. හිරුඑකේ යන අරා නම් ටිකක් ශේප් අනිත් මලමගුල් නම් වමනේ යනගානයි ඔඇක්... හපෝ ඡන්දෙ ඉවරයි නේ ඔය මල මගුල බ්ලොග් වල ලියවෙන්නැති තරමට මම කැමති මොනා උනත් පහල තිබ්බ කෙක් මොස්තර ටිකනම් පංකාදුයි පොඩ්ඩක් ඔය කඩේ තියන හරිය හරියටම කිව්වනම් තවත් හොඳයි නේ බ්ලොග් කස්ටර්මස්ලත් එයි නේව ලඟ පාත ඉන්න එවුන්....තවටිකෙන් අමතක වෙනවා සුබ අලුත් අවුරුද්දක් වේවා එහේනම් !!!

    ReplyDelete
    Replies
    1. කඩේ තියෙන්නෙ පාදුක්කෙ රාජ්...

      එසේම වේවා...

      Delete
  13. ඩයරි මොඩල් එකට ගියපු කතාවක්.. හැක්..

    අවුරුද්දට කලින් කඩේ කුනු වෙච්චි කේක් ටිකක් හරි අරන් වරෝ...

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා කලින්ම.

    දැන් ඔය විදියට අදාලත්වයක් සහිත කේක් හදාගෙන හදාගෙන ගිහින් හදිස්සියේ gynecologist කෙනෙක්ගේ උපන් දිනයකට කේක් එකක් හදලා දෙන්න කිව්වොත් තමයි වැඩේ නේද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ !!

      කේක් එකට ලුණු පොඩ්ඩක් වැඩිපුර දැම්මම හරි මචං.

      Delete
    2. හි හි... හදන්න නං පුළුවන් අදාලත්වයට කේක්.. කට්ටිය කයිද කියන එකයි කේස් එක... හි හි...

      එසේම වේවා කට්ටියටම....

      Delete
  15. මට නම් හැමදාම අවුරුදු නිසා බොටයි... උඹේ මහත්තැන ටයි.... කියන්නෙ මේ වරුසේවත් වාසනාවන්ත දරුවකුගෙ සිහින පහල වේවා කියල....... හෙක්... හෙක්...

    ReplyDelete
  16. හිරුටම හිරු එෆ්.එම්. එපාවෙච්ච එකනේ වැඩේ කියන්නේ . කොහොම හරි කමක් නෑ සුබ අලුතවුරුද්දක් වේවා හිරුටයි අපේ මහත්තයටයි

    ReplyDelete
    Replies
    1. ඒක එපා වෙලා දැං ගොඩක් කල් ඉවාන්...

      එසේම වේවා....

      Delete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්..

    ReplyDelete
  18. කේක් ටිකනම් පන්කාදු 5 යි.. ඔයාටත් එසේම වේවා...

    ReplyDelete
  19. කේක් ටිකනම් දැක්ක ගමන් කන්නමයි හිතෙන්නේ..

    එහෙනම් ඔන්න වේලස්සනම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව හැදෙයි.... හි හි

      එසේම වේවා...

      Delete
  20. ඔන්න එහෙනම් අවුරුදු පටන් ගන්නත් ඉස්සෙල්ලම ඉස් ඉස්සෙල්ලම හිරුටත්, අපේ මහත්තයටත්, පවුල් දෙකේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අකම්... කෝ බං උඹේ බ්ලොගේ....

      Delete
  21. ඔන්න හිරුටත් දැම්මම සුබ අලුත් අවුරුද්දක් කිවුව...

    ReplyDelete
  22. හෆ්ෆේ මේ පැත්තේ ආපු කල්... මේ මාසේ එක දිගට මල ගෙවලුයි හිර ගෙවලුයි අරවයි මේවයි සෙට් උන නිසා බ්ලොග් පළාතේ එන්න බැරි උනා.. ආපු ගමන් රීඩින් ලිස්ට් එකේ උඩම තිබ්බේ මේක.
    හිරු අක්කට එයාගෙම එෆ් එම් එක එපා වෙලා නේ.. :D හරි එකෙන් කමක් නෑ මොකද මමත් ඔය හිපාටුව අහන්නේ නෑ දැන්..
    කලටිපොල් නම් මම කතා කරන්නේ නෑ එපා වෙලා තියන්නේ.. හෆෝ....
    හරි එහෙනම් ඔන්න මමත් සියලු අඟහරු වාසීන් වෙනුවෙන් හිරු අක්කා ඇතුළු සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!! සියලු පැතුම් ඉටු වේවා! පේස්ට්‍රි කඩේට වඩා බිස්නස් ලැබේවා!!

    ReplyDelete
  23. මෙදා අවුරුදු උත්සවේට වරෙන් බං දෙන්නත් එක්ක

    ReplyDelete
  24. හෑහ් .....චන්ද 100 ට වැඩිය අරන්දුන්නා ගම්මන්පිලටයි හිරුනිකාටයි?????

    ඉතින් කොහොමද මේ රට හදන්නේ?

    කමක් නෑ එහෙනම් ඔන්න සුබ අලුත් අවුරුද්දක් කිව්වා මමත්

    ReplyDelete
    Replies
    1. හි හි.... මේ රට හදන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද දැං....

      එසේම වේවා....

      Delete
  25. හපොයි....බුලත් කොලයක්නෙ....!!!!

    කමක් නෑ...ඕං අපිත් කිව්ව සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මං නෑ ඕවාට... හි හි


      එසේම වේවා වී... දැං ලියන්නෙම නැද්ද ඒ පාර....

      Delete
  26. අඩෙ හිරුවො අරාට බනින්න එපා බොලේ.මම පොස්ට් තුනක්ම ලිවුව ඔය අරා නිසා.අනුත්තරා නම් ඉතින් මල හොන්තුවක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. කැමතිනම් මෙතෙන්ට ගිහින් පොඩ්ඩක් කියවලම බලන්නකො හොද නැද්ද කියල
      http://damgune.blogspot.com/search/label/%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

      Delete
    2. බැලුවා බැලුවා... මට නං අල්ලන්නෙම නෑ... හි හි

      Delete
  27. ඔන්න හිරු අපේ ව්‍යසායකත්වය. අල්ලපු වැටේ එකා බණ්ඩක්කා වවනවා නම්, ඒක බලාගෙන වවනවා. අන්තිමට විකුණාගන්න බැහැ. වැඩේ කියන්නේ ගහන පොහොරත් භාගයක් ජනතාවම තමා දමල තියෙන්නේ. ගණන් ගන්න එපා, තැන දෙකේ "බඩු වල කොලිටිය" බලල ගන්න දැන් අවස්තාව තියනවනේ.

    ඔබට සුබ අනාගතයක් හා සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ රයිගම්.. අපේ අය ඔහොමම තමයි... අනිත් එක ගන්න දේක කොලිටිය ගැන ලංකාවෙ අය හිතනවා අඩුයි.. ලාබෙ තමයි බලන්නෙ.. ඒකනේ මේ රටේ මෙච්චර කෑම බීම වලට වස විස දාන්න පුලූවන් මාකට් එකක් හැදිලා තියෙන්නෙ.....

      අපි පොඩි වෙනසකට කොඩි ටිකක් දැම්ම එකෙන් ගොඩක් අලුත් බිස්නස් ආවා... අවුරුදු කීපයක් තිස්සෙ හිටිය ස්ථිර කස්ටමර්ස්ලට අමතරව ඈත පළාත් වලිනුත් ගොඩක් අලුත් අය ආවා....

      Delete
  28. සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ජය වේවා!!!

    ReplyDelete
  29. සිරාවටම, හිරුවට ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා අහන්න බෑ කිව්වම පුදුමයි...

    ReplyDelete
    Replies
    1. අහන්න බෑ අනේ ... මහ විකාරයි.... හි හි

      Delete