Monday, April 21, 2014

ඔන්න.. මාත් ආවා...... සයිබර් අවුරුදු උත්සවේ 2014



ඔන්න... අවුරුදු ගානක් පෙරුම් පුරලා සයිබර් අවුරදු උත්සවේකට ගියා.... හි හි.... අවුරදු ගානක දොල දුකක් සපුර ගත්තෙ... 

පහුගිය අවුරුදු වල මොනා හරි බාල්දියක් පෙරලිලා යන්න බැරි උනානෙ.. මෙදා පාර හර්තාල් පටන් ගත්තෙ සතියකට විතර කලින් උනත් ෂුවර් එකක් තිබ්බෙ නෑ යන්න පුළුවන් වෙයි කියල... ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බෙ අපේ ගෙදර යන්න... ඒත් උදේම වෙනී අන්කල්ගෙ අලුත් Live blogging වැඩේ හින්ද දාපු ෆොටෝ ටිකත් පෙන්නලා, පොඩ්ඩක් ඇඬුවම හා එහෙනං යන්න ලෑස්ති වෙන්න... කිව්වම තමයි මතක් උනේ කියෙව්වට ඇඳගෙන යන්න හරි හමන් ඇඳුමක් වත් නෑ නේ කියල... ඔක්කොම ඇඳුම් පාදුක්කෙනෙ... අවුරුද්දට අඳින්න කියල අලුතින් ඇඳුම් ගන්න සිරිතක් මගේ නැති හින්ද දෙසැම්බර් වල ගත්ත ඇඳුමක් තමයි නෑ ගෙවල් වලට ඇන්දෙත්.. කොහොම හරි එළහරකයි මී හරකයි වගේ තැනට නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන තමයි අන්තිමට අවුරුදු උත්සවේට ගියෙ... එහෙම හරි කමක් නෑ ගියානෙ කියල ඔන්න හිත හදා ගත්ත... හි හි


ග්‍රවුන්ඩ් එක හොයා ගන්න නං පොලොසියෙන් උදව් ගන්න උනා... අපේ මහත්තයා හිටි ගමන් යුනිෆොම් එකක් පැත්තට බයික් එක හැරෙව්වම මගේ ඇඟත් සීතල උනා... වෙඩිං කාඩ් එකක් තමයි කියල... නෑ... බලද්දි අපේ උන්දැ මේ ග්‍රවුන්ඩ් එක කොහෙද කියල අහන්නනෙ ඒ පැත්තට හරෝලා තියෙන්නෙ.... 

කොහොම හරි ආවයි කියමුකෝ... මෙන්න රෙජිස්ටර් වෙන තැන හෙන පෝලිමක්... ඔය පොඩි උන් අස්සෙ රිංගන්න පුළුවනෑ... අපි දෙන්න පැත්තකට වෙලා හිටිය මුන් ටික යනකං... මොන... එකෙක්වත් හෙල්ලෙන්නෙ නෑ.. පැය බාගයක් විතර බලං ඉඳලා බැරිම තැන ළඟටම ගියාම දැක්කෙ මුන් එතනට වෙලා පච ඇද බානව කියල... ඒ පාර ඔන්නොහෙ කියපු විදියට ෆොම් එකකුත් පුරෝලා, වටපිට බැලුව... ම්හු... එකෙක් නෑ දන්න කියන.... ටිකක් ඉස්සරහට ගියා... මෙන්න එකෙක් පැන්න ඉස්සරහට... මොනා නැතත් උෟව නං අඳුරතෑකි කිසි කරදරයක් නැතුව... කෝරලයා සහ බනියා... හි හි

ඊට පස්සෙ ඉතිං නලීන් අයියට කෝල් එකක් එහෙම දීලා හොයා ගත්තා... හොයා ගත්ත එවුන් දෙතුන් දෙනාම හොයා ගත්තෙ කෝල් දීලා තමයි... එකෙක්ට දෙන්නෙක්ට මරණ තර්ජන කරන්නත් උනා... හි හි... ඊට පස්සෙ ඉතිං එකා එකා කතා කළානෙ... රනාව නං මට මුලින් අඳුරගන්න බැරි උනා.. කොහෙද.. මූනෙං බාගයක් වැහෙන්න පත සන්ග්ලාස් දාගෙනනෙ... හි හි

අර කැබ් එකකට වෙලා හැංගිලා හිටිය බේබද්දො ටිකගෙ නම් නොලිය ඉන්නං නේ.... හි හි... 

අඟහරුවලින් ආපු කෝච්චි පිස්ස නං මං හිතපු තරමටත් වඩා පොඩි එකෙක්... එත‌ෙකාට අපේ කකා... ෆොටෝ වල තරං නාකි නෑ නේ... හි හි... 

කකාට කියන්නත් අමතක උනා මට කවි ඇලජික් කියල.. ඔන්න අපේ මහත්තයා අවුරුදු ගානකට පස්සෙ පොතක් කියෝනව දැක්ක අද උදේ... හි හි... 

පහුගිය අවුරුදු උත්සව වලදි කට්ටිය කියපු කතාව නං සහතික ඇත්ත ඔන්න.. බ්ලොගේ හෙන චණ්ඩි පාට් දාගෙන ඉන්න වල් රජා නං ගෑණු ළමයෙක් වගේ ඇඹරි ඇඹරි හිටියෙ... හි හි

බෝතලේට වතුර පුරෝන එකයි, කොට්ට පොර ගැහිල්ලයි විතරයි බලන්න හම්බුනෙ... ඊට පස්සෙ ගේම්ස් නැවැත්තුවනෙ මුන්ට සාගතේ හැදිල... කොට්ට පොර ගහන එක පැත්තක තියල කොටේ උඩ සර්කස් පෙන්නුව මාරයයි ඇල්කෙමියයි දෙන්න... තව උන් දෙන්නෙක් ආදරේට කොට්ට පොර ගැහුව... කොට්ටෙන් මූණ අතගාන එක තමයි කළේ...  හි හි

මං ෆොටෝ නං ගත්තෙ නෑ ඉතිං ... කට්ටිය ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා තිබ්බනෙ... 

අපි දෙන්න ගියාට පස්සෙ තමයි ‌ගොඩක් අය ඇවිල්ලා තියෙන්නෙ මට පේන විදියට... අපරාදෙ... ඒත් ඉතිං නිවාඩු තියෙන දවස් ටිකේ අනිත් වැඩත් කරගන්න එපැයි...හි හි... 

කොහොමත් ‌මගේ ෆේස්බුක් පාවිච්චිය බොහොම අඩු හින්ද මං දන්න කියන කට්ටිය ගොඩක්ම අඩුයි.... බලමුකෝ ආයිත් පාරක් එන්න පුළුවන් වෙයිද කියල... 

72 comments:

  1. ශක් කොහොමද බං උඹව මිස් වුනේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් එනකොට මං ගිහින්ද කොහෙද.... හි හි

      Delete
  2. කතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇහ්.. මාත් බ්ලොග් ලියන තියා කියවන්නෙ වත් නැති කෙනෙක්ව ඇදගෙනනෙ ආවෙ... හි හි

      Delete
  3. කථන්දරට දකුනු පැත්තේ ඉන්න ගැහැනු ළමයා ලගට ඉන්නේ මම මෙි මමම තමයි..අක්කන්ඞි ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මුන පේන්නෙ නැති එක තමයි කේස් එක මේ ෆොටෝ එකේ... හි හි...

      Delete
  4. කට්ටිය නැතිව තනියෙන් සිරි විඳගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ආරංචියි ආරංචියි... හි හි

      Delete
  5. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්ව වගේ මදැයි මේ සැරේවත් ගියා.බලපුවම යන්න ඔයාගෙ කැමැත්ත තිබ්බට එක්කං යන්න කෙනෙක් නෙවැ ඉඳල නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. එක්ක යන්න ඉන්න කෙනා එක්කං යන්නෙ නැති කේස් එකක් තිබ්බෙ... හි හි

      Delete
  6. මම ලබන සැරේ එන්නේ ළොකු බෝඩ් එකක නම ලියාගෙන කරේ එල්ලගෙන..

    ReplyDelete
    Replies
    1. ආයේ නම් ලියන්න ඕන වෙනේකන් නැ.දැන් අපි දන්නවා මාතලන් කියන්නේ කවුද කියලා.

      Delete
    2. මෙයා මොකට හැංගෙන්න හදනවද මන්ද... අපිට නං ඕනෙ තැනක හොයා ගන්න පුළුවන්... නේද ගයනි... හි හි...

      Delete
  7. ගිහිං කට්ටිය හම්බුනා.. සුපිරියි..
    ඔබ මුණ නොගැසීම දුකක්..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔයත් එන්න ඇත්තෙ පරක්කු වෙලා එහෙනං... හි හි...

      Delete
  8. අපි දැක්ක හි හි හිරු

    ReplyDelete
    Replies
    1. හා ... මේ ඉන්නෙ කැබ් එක අස්සෙ හිටපු තව එක්කෙනෙක්... හි හි...

      Delete
    2. දැක්ක කිව්වෙ බං පොටෝවකින්. මම ආපු උලව්වක් නෑ. ආවනං කැබ් එකේ එක වෙනම දෙයක්. මම ආව නං අපේ මහත්තය යවන්නෙ හිරුගෙ කරේ :-)

      Delete
  9. අනේ මේකිගේ මනුස්සයව මං එක්ක යන්න හැදුවා අර කැබ් එක පැත්තට කොහෙද රැව්ව රැවිල්ලට අරු ඇඹරි ඇඹරි හිටියා.

    ReplyDelete
    Replies
    1. එව්ක නං ජරා වැඩේ හිරු. හැමදාම නෑනෙ බං

      Delete
    2. හරියට හරි නලීන් මේකි රැව්ව තමයි රැවිල්ලක්.....

      Delete
    3. එයාව ඔය නරක ළමයින්ගෙ ආශ්‍රයට එවන්නෙ නෑ... හි හි....

      Delete
  10. ඈ අක්කෙ ඔයා මගෙන්ද ටිකට් එක අරගත්තෙ? :D

    ReplyDelete
  11. එන්න බැරි උනත් ආපු එවුන්ට සුබපතන්නම් ජය වේවා කියලා

    ReplyDelete
    Replies
    1. ආවට කමක් නැහැ ඒ අවුරුදු උත්සවයේදී සැබෑ ලිංගික නිදහස බලාපොරොත්තු වෙන්න එපා. මේක swinger clubs එකක් නොවේ නේ

      Delete
    2. එන්න බැරි මොකෝ....

      මකසි... හි හි

      Delete
  12. අනේ මාව දැක්කෙ නැතෙයි? මට ඔයාව මිස් වෙලානෙ.සැක්

    ReplyDelete
    Replies
    1. කොහෙද... සාගතේනෙ හිටියෙ කට්ටිය... හි හි

      Delete
  13. මේ සැරේ නම් එන්න බැරි උනා, ලබන සැරේ අනිවා එනවා...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම හිතන්න... මාත් අවුරදු 6ක් 7ක් පෙරුම් පුරල තමයි ඔය ආවෙ... ශි හි

      Delete
  14. //අර කැබ් එකකට වෙලා හැංගිලා හිටිය බේබද්දො ටිකගෙ නම් නොලිය ඉන්නං නේ.... හි හි...//
    එතන හිටපු එවුන්ට මොන අපහාසෙ කරත් කමක් නැහැ, මගෙ කැබ් එකට බාර් එක එහෙම කියනව නෙවෙයි..!

    ReplyDelete
    Replies
    1. හැබෑටම කවුද එතන හිටියෙ?

      Delete
    2. ඔය අහන කෙනත් එතන හිටියයි කියල තමයි ආරංචියනං ආවෙ. :D

      Delete
    3. හපොයි... හිටපු අයගේ නම් කියන්න බෑ.. මට ගුටි කන්න වෙනව... හි හි

      Delete
    4. අප වෙනුවෙන් ජංගම අවන් හලක් ඉදිකර දුන් හිතාදර කන්නාට අපේ ආචාරය..

      Delete
    5. කොහේ කොහොම ගියත් ඕක තමයි කට්ටියගෙ වාහනේ..!

      Delete
    6. කැබ් එක නොවෙන්න ගොව බෙහෙත් බීලා වගේ තමයි මට ඉන්න වෙන්නෙ.එක්ක ගෙන ආව සුමිය ඇරෙන්න එතන දන්න එකෙක්ට හිටියෙ නලිය විතරනෙ(උෘත් පස්ස කඩපු කඩිය වගේ)වෙලාවට නලිය කල්පනා කරල කන්නංගරට සෙට් කරපු හින්ද රස බීමකුත් හමුබ වුණා රසවතුන් රැසක් සමග රස විදින්නටත් ලැබුණා

      Delete
  15. කියන්නෙ නං ලෝකෙටම කවන්න කේක් හදන්න දන්නවා කියලා. කෝ එක කෑල්ලක්වත් ගෙනත් තිබුනැයි.

    ReplyDelete
    Replies
    1. වෙන දවසක බලමු... හි හි

      Delete
  16. //අර කැබ් එකකට වෙලා හැංගිලා හිටිය බේබද්දො ටිකගෙ නම් නොලිය ඉන්නං නේ.... හි හි...
    //
    බේබද්දො....!!! හුඃ....කියපු ලස්සන විතරක්...!!! ....බේබද්දො නෙවෙයි එතන හිටියෙ වැදගත් මහත්තුරු.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ එතන හිටපු එක්කෙනෙක්.

      Delete
    2. මුන්ට කිව්වට වැඩක් නැහැ සුමිත්.

      Delete
    3. ඔය ඉතිං... මං නම් නොකියා හිටිය පවු කියල... මෙයාලම කියනවනෙ... හි හි

      Delete
  17. ශික්! මටත් මිස් වෙලානේ හිරු අක්කා ව!

    ReplyDelete
    Replies
    1. ඔයාව දැක්කා අපි... හි හි

      Delete
  18. කැබ් එක (කන්නන්ගරයගේ බාර් එක) ලගදි හිරුව සැට් වුනේ..

    මම බොන්න ගියා නෙවෙ.. හිරුව බලන්න ගියේ..

    ReplyDelete
    Replies
    1. මම දැන් එකපාරක් කිව්වා...!

      Delete
    2. හි හි... පුහුල් හොරා කරෙන් දැනේ... හි හි

      Delete
    3. ගහට ගහක් මොරටුවේදී වගේ කන්නන්ගරට කන්නන්ගර බුද්ධදාසේ හමු වුණේ.

      Delete
  19. යකෝ මාව දැක්කේ නැද්ද උඹ...

    ReplyDelete
    Replies
    1. නෑ නේ.. මං හිතන්නෙ ඔයා ඉන්න ඇත්තෙ කැබ් එක යට වෙන්නැති... හි හි

      Delete
    2. මේකව යට උනාද දන්නෙත් නැහැ..

      Delete
  20. බොලා එනකොට අපි නෑ. අපි එනකොට බොලා නෑ.

    ReplyDelete
    Replies
    1. හම්මේ කියන බොරු... හි හි

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. දුකයි අඳුන ගන්න නොලැබිච්ච එකට

    ReplyDelete
  23. පෙරුම් පුරල එන්න ඕන දවසක... මේ සැරේ නම් කරදර ගොඩයි... සතුටුයි ආ ගිය අයගෙ විස්තර දකිද්දි සතුටුයි...

    ReplyDelete
  24. මෙදාපාර එන්න බැරි උනා.. ඊලඟ වතාවෙදිවත් බලමු

    ReplyDelete
  25. හිරු කේක් එහෙම අරගෙන ගියෙ නැතෙයි... :-D

    ReplyDelete
  26. ඔය ඉන්නේ තව එක්කෙනෙක්.. ඔයා නම් හිතුවටත් වඩා හොඳයි හිරු අක්කේ.. ආපහු පාරක් මීට් වෙමු ඊළඟ ගෙට් එකේ!

    ReplyDelete
    Replies
    1. ප/ලි-
      කියන්නෙ නං ලෝකෙටම කවන්න කේක් හදන්න දන්නවා කියලා. කෝ එක කෑල්ලක්වත් ගෙනත් තිබුනැයි. X2.
      ඇත්තට කෝ කේක් එකක්වත් ගෙන්න එපාය. පිටසක්වලින් හිටන් එනකොට..

      Delete
  27. මම දැක්කෙ නෑනෙ බං උඹ ඇවිත් ඉන්නවා...

    ReplyDelete
  28. ලබන සැරේ කෙක් ගෙඩියකුත් අරගෙනම එන්ඩ මුනගැහිම සතුටක් හිරු..!!!

    ReplyDelete
  29. අයියෝ මට බොහොමයක් අය මිස් වෙලා. අපි ග්‍රවුන්ඩ් එකට ලඟා වුණේ 2.00 ට විතර. කොහෙද අටමා, සාගර, මාතලන් පාර දන්නේ නෑ කිව්වනේ.අනික මුන්ට යහපත් සිහියෙන් එන්න බෑ කිව්වනේ. ඉතිං ගමට (ඔෆිස් එක කිට්ටුවට) ආපු එවුන්ට සලකලා එක්කන් ආවා. බලමු පාරක තොටකවත් හමු වේද කියලා. ඔය කොලුවාව නම් මට හොඳට මතක හිටින ඩයල් එකක්.

    ReplyDelete
  30. හෆෝයි හිරුව දැක්කෙ නෑ නොවැ,

    ReplyDelete
  31. එන්න බැරි වුණා තව ඉස්සරහට බලමු

    ReplyDelete
  32. අන්න දැක්කනේ අපායට ගියත් කලින් යන්න කියන්නේ ඕකනේ හි හී :D

    ReplyDelete
  33. උයාව මිස් වෙලා :O
    හවසනේ අක්කෝ ආවේ..

    ReplyDelete
  34. ඔය නොකිව්වට මමත් මුනගැහුනනේ...

    මූනෙන් භාගයක් තියෙන පොඩි එකා :3

    ReplyDelete
  35. එන පාර එන්න හිතං ඉන්නේ.

    ReplyDelete