Tuesday, March 25, 2014

මේ දවස්වල කේක් කතා...


බොහොම අමාරුවෙන් අම්මගෙන් නිවාඩුවක් ඉල්ලගෙන ගෙදර ආපු එකේ මේකෙත් මොනවා හරි ලියන්නම එපැයි නේ... ඒක නිසා දාන පෝස්ට් එකක් හින්ද ඔන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ මේ ටික දැකලා බීසී පිට මෙහෙ දුවගෙන එන්න ඉන්න අය කරදර වෙන්න එපා ඔන්න... පස්සෙ නිවාඩු පාඩුවෙ බැලුවම ඇති... හි හි... 

අවුරුදු ළඟ ළඟ එනවනෙ අප්ප.. මේ දවස් ටිකේ ඉතිං ඒවට ලෑස්ති වෙනව... දැම්ම තියා කේක් හදන්න නෙවෙයි... සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චි කරන්නෙ අවන් තුනෙං එකක් නැත්තං දෙකක්... ඉතිං අවුරුද්දට ඔය තුනම ඕනෙ වෙන නිසා මේ ටිකේ ඒවා සර්විස් කරනව... එතකොට බීටර්ස් වලටත් සර්විස් එකක් දෙන්න වෙනව මොකද තුන්සිය හැටපස් දවසෙම ඔහේ දුවල අවුරුදු දවසෙම හනේ මට බෑ අප්ප කියල නැවතුනොත් එහෙම අපි අනාථයි නිසා.... ඒසී ලොක්ක නං පෙරේදා දුන්න සම්බුවක් ආයෙ නැති වෙන්නම... දවස් දෙකක් තුනක් ඒසී නැතුව හුලං විතරක් වැදි වැදි ඉඳලා බැරිම තැන කෝල් එකක් දීලා සර්විස් එකට එන්න කිව්ව.. ඇවිත් බලද්දි තව ටිකක් ඔහොම ගියානං කම්ප්‍රෙෂර් එකටත් සොරි තමයි කිව්ව... එහා පැත්තෙ ටේලර් ෂොප් එකේ රෙදි වල දූවිලි ගතිය සහ නූල් කෑලි ටික ඔක්කොම එයා ඇදල අරගෙන... ඔන්න දැං එයාව නං හරි ගස්ස ගත්ත... 

ඒ අස්සෙ වෙඩිං... මං කාලෙකට කලින් හදල කඩේ කියල තිබ්බ වෙඩිං කාඩ් ටික අපේ නැන්ද උස්සං ගිහින්... ඉතිං එහෙට එන අයට පෙන්නන්න මට සාම්පල් කාඩ් නෑ.. අද මේක ලියල ඉවර වෙලා කාඩ් ටිකක් හදන්න වෙනව... ( ඒකට කියල තමයි පැනල ආවෙ.. ඒ උනාට තාම මේ කම්පියුටරේ ගාවින් නැගිට්ටෙ නෑ... හි හි) 

හදල ඉවර කරල තිබ්බ වෝල් හැඟින්ස් ටිකත් ඉවර වෙන්න ළඟයි... මගේ මාසෙකට ඩිසයින් 10ක් හදන ටාගට් එකට යන්න තව මාස තුනක්වත් බලං ඉන්න වෙනව... හි හි

ඒ අස්සෙ අපේ අම්මගෙ මැහුම් දාපු තුවාලෙ යන්තං පැහැවගෙන ඇවිත්... සතියකට වේලෙන්න බේත් දීලා හරි ගියෙ නැත්තං ඇඩ්මිට් වෙන්න කියල තියෙනව... ඔය තුවාලෙ පැහැවනවා කියන්නෙ ටිකක් භයානක දෙයක්.. මොකද විශබීජයක් ගියොත් ඒක ඇතුලටම යන්න තියෙන චාන්ස් එක වැඩි හින්ද... 

ඔය කේස් හින්ද අපේ බලුස්ව දැං ගෙයින් එළියටම තල්ලු කරලා තියෙන්නෙ... ඒ තරහටද මන්ද එයාටත් දැං කේන්ති යනවා වැඩියි... අපේ තාත්තගෙ ලෙඩේ බෝවෙලා... හි හි...

ඡන්දෙ හින්ද වෙන කරදර නං තියෙනව ඉතිං.. දවසට දෙතුන් පාරක් කට කණ ගාවට අලෝ ගත්ත කීප දෙනෙක් ඇවිත් කොල බෙදල යනව.. ගෙදරට එන අයගෙ කරදරෙන් බේරෙන්න මං කිව්ව " අපි ඡන්දෙ දෙන්නෙ නෑ " කියල බෝඩ් එකක් ගහමු කියල... තාත්ත එක්ක දවසකට සැරයක් වත් ඡන්ද කතන්දර කතා කරලා වලි දාගන්නෙ නැතුව කෑවෙ නෑ වගේ.. හි හි... අම්ම බයිනව මට... මල්ලියි මායි සත්තු වත්ත ගෙදට්ට ගෙනාවම තාත්තට කේන්ති ගිහින් කියනව මුන් දෙන්න පරාණ වෛරක්කාරයො දෙන්නෙක් ද කොහෙද, කවදාවත් මරාගන්නෙ නැතුව ඉන්න බෑ නේ කියල... ඒ උනාට අපි දෙන්නා මරාගන්නෙ පුරුද්දට ඉතිං... ඌට මං නැතුව බෑ.. මට ඌ නැතුව බෑ.. තාත්තට ඕක තේරෙන්නෙ නෑ... හි හි... 

පහුගිය ටිකේ කියවපු පෝස්ට් එක්ක ලියන්න දේවල් ගොඩක් හිතේ තියෙනව... ඒත් දැං මේ දඩිබිඩියෙ ඕවා ලියන්න බෑ... ඒවා පස්සෙ බැරියෑ... 

මෙන්න ඊයේ පෙරේදා හදපු කේක් එකක්.... හැමෝම ලේසියට හොයන් එන රිජිෆොම් තට්ටු කේක් නැතුව මෙහෙම එකක් හදද්දි අපිටත් ආසයි අප්පා... 

Cup cake structure

70 Cup cakes made of Orange cake and simple Orange flavored butter icing, decorated with edible items .



Top tier is Orange cake and edible fondant... 



මේකට වැඩියෙන්ම ඉල්ලුම තිබ්බෙ වෙඩින් එකට ආපු පොඩි උන් ටිකෙන්ලු... හි හි

53 comments:

  1. අර ඉස්සර කාටුන් වල එහෙම පෙන්වන්නේ කේක් වලින් මූනට දමලා ගහන සීන් එකක්. මේ පොඩි පොඩි කේක්නම් ඒකට මරුවට ගැලපෙනවා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අන්තිමට ජෝඩුවට ගහන්න වෙන්ටැ ලොකු කේක් එක තියෙන්නෙ. :D

      Delete
    2. කප් කේක් නම් අවුලක් නෑ තමයි ඒත් සැකිල්ලේ තියෙන කම්බි කූරු වැදුනොත් සොරි .කොම්

      Delete
    3. පොඩි උන්ට නං මේ කේක් මරු තමයි සෙන්න.. මටත් මතක් උනේම පොඩි කාලෙ බලපු ෆිල්ම් එකක්... හි හි..

      ජෝඩුවට නං ගහගන්න ඔය ඕනෙ තරං දේවල් තියෙන්නෙ ප්‍රසා අයියෙ... බැරිම උනොත් ටේබල් ඩෙකෝ එකක් හරි ගන්න බැරියැ.. හි හි

      මේකෙ කම්බි නෑ සරා අයියෙ... ස්ටෑන්ඩ් එක තනිකරම ප්ලාස්ටික්... අපේ මහත්තයා තමයි ස්ටෑන්ඩ් එක හැදුවෙ මේකෙ...

      Delete
  2. ඒසී දාගෙන අවන් තුනක වැඩ කරනකොට ඒසී එකට කෙලවෙන්නැතුව තියෙයියැ. :D

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ.. අවන් දාගෙන ඒ සී දාන්ඩ හොඳ යෑ..

      Delete
    2. අවන් තියෙන කෑල්ලට ඒසී නෑ අනේ... අපි වැඩ කරන රෑම් එකට විතරක් යන්තං ඒසී දාගෙන ඉන්නවා , නැත්තං දවල්ට වැඩ කරන්න බැරි තරං රස්නෙයි..

      Delete
  3. ඒ මොනව උනත් මරේ මරු කේක් ටික හිරු .....දුක හිතෙනවා අනේ

    ReplyDelete
    Replies
    1. මොකෝ දුක හිතෙන්නෙ... පොඩි එකෙක්ගෙ බර්ත් ඩේ එකකට හරි මේකක් හදමු.. අවුලක් නෑ.. හි හි...

      Delete
    2. හිරු මොකද කියන්නෙ ඕඩරේ භාර ගන්නවද

      Delete
  4. ඇත්තටම ඒ කේක් එකනම් මරේ මරු... නැත්තම් තියෙන්නෙම දෙන්නා උද හිටගෙන ඉන්න සුදුපාට රිජිෆෝම් තට්ටුනේ

    ReplyDelete
    Replies
    1. උඹේ වෙඩින් එකට හිරුට දීපන් ඕඩර් එක ...ඉවාන

      Delete
    2. රිජිෆොම් තට්ටු නම් එපා වෙලා තියෙන්නෙ ඉවාන්.. කොහෙද මේ අපෙ මිනිස්සු ලේසියට හොයන් එන්නෙම ඒවනෙ... ඔය දෙතුන් දාහට එකම කේක් එක කුලියට දෙන තැන් තියෙන නිසා සෝබනේට ඕනෙ අය එහෙම වැඩේ කරගන්නවා ඉතිං... හි හි

      Delete
  5. කේක් ඩිසයින් එක නං ලස්සනයි... !

    ReplyDelete
  6. මේ දවස්වල කේක් කතා...
    මෙහෙම නෙවිනෙ දාන්න තිබ්බෙ,මේ දවස්වල කේක් කකා කියලනෙ.

    ReplyDelete
    Replies
    1. කේක් නං කනවා අඩුයි හැලපයියෙ... අපේ කට්ටිය ඔව වඩේ රටකජු තමයි හොය හොය ගන්නෙ.. පැණි රහ ගොඩේම ඉන්නකොට කන්න හිතෙන්නෙ නෑ.. (චොකලට් වලට අදාල නැත... හි හි)

      Delete
  7. හිරු.........ඔයාගේ කේක්ස් හරිම නීට්. ඔය කප්කේක්ස් ස්ට්‍රක්චර් එක වගේ ඒවා අපේ අයට තාම හුරුවෙලා නැද්ද? මෙයා ගැන දන්නවාද? මාත් එක්ක එක කාමරේ හිටියේ ඒ කාලේ. නියම පොරක්. කේක්ස් නිසා කියවා බලන්න.
    http://sundaytimes.lk/101114/BusinessTimes/bt39.html

    කේක් ගැන නොවුනත් මේ පොත කියවලා බලන්න. ඇත්ත කතාවක්. පිස්සු හැදෙනවා.පුදුම ගැහැනියෙක්. කප්කේක් බ්‍රවුන් කියන්නේ එයාගේ ඇත්ත නම.
    A piece of cake....By Cupcake Brown.

    ReplyDelete
    Replies
    1. මගේ කේක් නෙවෙයි අරූ අපේ අම්මගෙ කේක්... හි හි... මම ඔය ඩිසයින් පොඩ්ඩක් කරනවා විතරයි...

      මෙහෙ අය හෙන බයයි අරූ අලුත් දේවල් කරන්න... අනිත් එක ඕනෙ තරං තියෙනව රිජිෆොම් රෙඩිමේඩ් ස්ට්‍රක්චර් රුපියල් දෙතුන් දාහකට ගන්න... ඕකක් අරගෙන සෝබනේට වැඩේ කරගන්න පුළුවන් නේ.... අපි නං ගොඩක් වෙලාවට රිජිෆොම් කේක් හදන්නෙ නෑ.. ඒ මිනිස්සුන්ටත් පාඩුයි අපිටත් නිකං මහ බොරුවක් කළා වගේ දැනෙනව.. මොකද කේක් වලින් හැදුවත් රිජිෆොම් වලින් හැදුවත් යන ගානෙ රුපියල් දාහක විතර වෙනසක් තියෙයි වැඩිම උනොත්...

      තාම කප් කේක් ස්ට්‍රක්චර්ස් වැල්ලවත්තෙන් එහාට ගිහින් නෑ... මේ කේක් එකත් අලුත්ම කේක් එකක් ඕනෙ කිව්වම මං ඉන්ටනෙට් එකෙන් බලලා ප්‍රින්ට් එකක් දාගෙන එන්න කිව්වම දාගෙන ආවෙත් අර පරණ සම්ප්‍රදායික කේක් ටිකක්මයි .. පස්සෙ මම කිව්ව ඔයිට වැඩිය හොඳ එකක් තියෙනවා මං හදලා දෙන්නං කියල... මාව දන්න කෙනෙක් හින්ද එහෙම කියල හැදුවා මිසක් නැත්තං මේක හදන්න බය වෙනව.. අනේ අපි ඔහොම කේක් එකක් දැකලා නෑ නේ කොහෙවත් කියල...

      අනිත් එක අපේ මිනිස්සු හරිම බයයි වෙනස් වෙන්න... අලුත් ෆ්ලේවර් එකක් රස බලන්න... කේක් කිව්වම දන්නෙ බටර් කේක්, චොක්ලට් කේක් සහ ටික දෙනෙක් කොෆි කේක් විතරයි... නිකමට බලන්න ඕනෙ රිට්ස්බරි නැතුව කැඩ්බරි දැම්මොත් වෙන වැඩේ... හි හි... පොඩ්ඩක් වෙනස් කළොත් උස්සන් එනවා කේක් එක වෙනස් කියල... සමහර වෙලාවට ඉම්පෝර්ට් කරලා හරි හොඳම දේ දැම්මම අනේ මේක නං හරි නෑ කියනව...

      Delete
    2. මේ වෙනස්කම් කරන්න මිනිස්සු බයයි තමයි..... cooking වගේ නෙමෙයි baking වලදි මොකක් හරි කිව්වොත් ඒ වෙනස හරිගස්සලා දෙන්න අමුතුවෙන් පටන් ගන්න වෙනවා. ඒකනේ හොඳ වැඩකාරයෝ පවා ලංකාවේ බටර් ස්පොන්ජ් එකට සීමා වෙලා ඉන්නේ. ඉස්සර ෆයිව් ස්ටාර් හෝටල්වල එක්ස්පෙරිමන්ට්ස් වලට ඕන තරම් ඉඩ තිබුනා. ඒ නිසා තමයි cakes/pastry/sweets& chocs වල මම දන්න නියම වැඩ්ඩෝ ටිකක් ඉදිරියට ආවේ.

      Delete
    3. අපේ මිනිස්සු වැඩියෙන් බය රිසක් එකක් ගන්න. එහෙම නොගෙන කවදාවත් අලුත් දෙයක් කරන්න බෑ.

      Delete
  8. කප් කේක් වල පිහියෙන් කපන්න දෙයක් නෑ නේද බං...ඒ නිසා සැට් එක සූ ගාලා ඉන්න තැනකට ගැලපෙන්නෙ නෑ....කට්ටිය හිමිකරුවන්ගෙ ඇස් වහලා කප් ටික වාෂ්ප කරලා දායි....

    ReplyDelete
    Replies
    1. උඩම තියෙන ටියර් එක තමයි සිරා කපල් එකට කපන්න තියෙන්නෙ.. ඒකත් වෙනසක්.. අනිත් කේක් වල ඒ කපන කොටස තියෙන්නෙ පල්ලෙහා නේ... මේකෙ කප් කේක් ටිකටත් ඔය සන්තෑසිය උනාලු... කපල් එක කේක් කපනකං පොඩි උන් ටිකගෙන් කේක් එක බේර ගත්තෙත් අමාරුවෙන්ලු... හි හි

      Delete
  9. කප්කේක් වැඩේ කොරන්න අදහසක් මටත් තියේ. (කොරන්න කිවුවෙ හදන්න නෙමෙ ඕම එකක් වෙඩිමට ගන්න.) රිජිෆෝම් තට්ටුව පේන්න තියනවට වඩා.... කන්ට දෙන්නත් පුලුවනි නේ.
    හිරු අක්කේ කේක් ෆොටෝ එක කන්න හිතෙනව අනේ.

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ නඟා කන්න.

      Delete
    2. හදමු හදමු... හි හි

      අපේ අයට තාම වෙඩින් කේක් එක කපලා ගෙස්ට්ලට සර්ව් කරන කන්සෙප්ට් එක පුරුදු නෑ ... මෙහෙම හරි පුරුදු කරන්න වෙනව.. නැත්තං හැමදාම රිජිෆොම් තමයි ... හි හි

      කප් කේක් කන්සෙප්ට් එක මීට වඩා ගොඩක් වෙනස් විදියට කරන්නත් පුලුවන් බස්සි...

      Delete
  10. අම්මපා 3 D තිබුනානම් මම මොනිටරේ කනවා.

    ReplyDelete
  11. එකත් හොඳයි...අනිත් කේක් වලින් කන්නේ කපල් එක විතරනේ. මේක තව සැහෙන දෙනෙක්ට කන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැං මෙහෙ කට්ටියත් වෙඩිං කේක් එක කේක් වලින්ම හදනවා සයුරි... පොඩ්ඩක් කියලා දුන්නම තේරුම් ගන්න අය රිජිෆොම් කේක් හදන්නෙ නෑ...

      Delete
  12. මෙහේ වෙඩිංවලත් මං දැකලා තියෙනවා ඔය කප් කේක් ස්ට්‍රක්චර්ස්... දවසක් කළු සුදු එකකුත් දැක්කා... ඒක හරි ලස්සනයි හිරුවො.... මගෙයි නංගිලාගෙයි වෙඩිං කේක් ස්ට්‍රක්චර්ස් නම් ඔක්කොම ඇත්තම කේක් ගත්තෙ... රිජිෆෝම් වැඩේට ආසා හිතුනෙ නෑ...
    දැන් අම්මගෙ තුවාලෙ අඩු වෙලාද ...? ඉක්මනටම සනීප වේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. කලු සුදු වගේ පාට වලට තාම මෙහෙ එච්චර ඉල්ලුමක් නෑ සයුරි.. කොල්ලො කෙල්ලො ඒවට කැමති උනත් අම්මලා තාත්තලා ඒවට ඉඩ දෙන්නෙ නෑ... හි හි...

      තුවාලෙ නං අඩුයි.. ඊළඟට ඉතිං අනිත් කකුලෙත් ඔපරේෂන් එක කරන්න එපැයි...

      Delete
  13. ඒ බං උඹද අර ෂම්මියට කප් දෙකක් අඩුවෙන් කේක් එක හදල දුන්නේ..???

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් එකකුත් වෙලාද.. හි හි

      Delete
  14. ඔහේ... එහෙනම් හිරුත් වෙනසකට ලෑස්තියි වගේ.. මම හිතන්නේ මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක. කොහොමත් වෙනසකට කැමති මිනිස්සු තමයි ළෝකේ දිනන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්න නං මං හරි කැමතියි මාතලන්... කම්මැලිකම තමයි කේස් එක... හි හි...

      Delete
  15. මමත් දන්නවා නම් එනවා කේක් එක කාලා යන්න. මේ බඩගින්නේ ඉන්න වෙලාවට ඔය වගේ දර්ශණ දැක්කාම ඇඬේනවා අප්පා

    ReplyDelete
    Replies
    1. මොනිටරේ තමයි ඉතිං කන්න වෙන්නෙ... හි හි

      Delete
  16. හිරු ගෙ ඩිසයින් වැඩයි අම්මගෙ කේක් වැඩෙයි හරියට කලොත් ගොඩ යන වැඩක්....

    ReplyDelete
    Replies
    1. අම්ම නං ගොඩ කෙන්ජි.. මං තමයි තාම මඟ... හි හි

      Delete
  17. අනේ බං අපේ මහත්තයා පව් නැද්ද..?

    ReplyDelete
    Replies
    1. එයා ඔය ඉන්නෙ හොඳට සරා අයියෙ.. හි හි...

      Delete
  18. ඕං හිරූ මමත් එනවා මීට පස්සේ හොඳේ... මම ඔයාලගේ ගෙවල් පැත්තෙත් එක්ක යන්න කියලා කිවුවා මෙයාට. කෝ ඒවා නම් කවදා කෙරෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං මෙන්න ඇවිත්... හි හි

      Delete
  19. කප් කේක් ටික නම් මරු ඈ හිරු අක්කේ..

    ReplyDelete
    Replies
    1. වෙඩිං ළඟ ළඟ එන උන්දැලා මේවා බලාගනිල්ලා.. හි හි

      Delete
  20. කප් කේක් වැඩේ ලස්සනයි. ඒත් තෝරගෙන තීන පාට නිසා ටිකක් ගර්ලි ලුකින් කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. හෝම් කමිං නේ සිංහයො.. වෙන පාට වලට යන්න විදියක් නෑ.. රතුමත් බෑනෙ.. කන්න හිතෙන පාට ටිකක් දැම්මා ඉතිං...

      Delete
  21. මේ වෙනස සිද්ධ වෙන්න ඕනේ. අඩුම ගානේ රෙජිෆෝම් එක්ක කෑම මිශ්‍ර වෙලා වස වෙයි කියලවත්. සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. රිජිෆොම් කේක් කන්නෙ නැති නිසා විසවීමක් නං වෙන්නෙ නෑ සුදීක අයියෙ.. ඒත් බොරු සෝබන කේක් එකක් විතරයි ඉතිං...

      Delete
  22. ලස්සන කේක් එකක්. කප් කේක් නිසා කපන්න අවශ්‍ය නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. උඩම කේක් එක තමයි කපල් එකට කපන්න තියෙන්නෙ... ඒක නං ඉතිං කපලා කන්න වෙනව.. අනිත් ඒවා නං ඉතිං වාශ්ප තමයි.. හි හි

      Delete
  23. හරි අපූරුයි හිරු..ඇත්තටම රෙජිෆෝම් ෂෝ එකට තියනවට වඩා මේක කොච්චර ලස්සනද...
    මාත් මෙහෙම දෙයක් ගැන හිතල බලන්න ඕනි...
    ඒ කිවුවෙ කේක් හදන්න නෙමෙයි හිරු...මගෙ වෙඩින් එකට මේවගෙ කේක් එකක් ගැනිම ගැන ඇහ්.... :-D

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අයිඩියා එකක්... අපෙ අම්මටම ඕඩරෙත් දෙන්න පුළුවන්නෙ.. හි හි

      Delete