Monday, March 10, 2014

අතිසාර්ථක ලෙස කඩේට හිර වීමි.....


හිරුවා මැරිලද අහන කට්ටිය දැං වැඩි හින්ද පොඩි දඩිබිඩි පෝස්‌ට් එකක් දාන්න හිතුව... නැත්තම මුං මාව මරලා, වලත් දාලා, ඊට පස්සෙ දානෙත් උයාගෙන කන ජාතියෙ එවුන් ටිකක් බව මම දන්නවනෙ... හි හි.. 

උන්හිටි ගමන් හිරුවට මොකද උනේ කියලා හොයලා බලපු උන් ටිකට බොහොම ස්තූතියි ඔන්න මුලින්ම... ( කටකතා පතුරවපු උන් දෙතුන් දෙනා හිටපියව් මං අල්ලගන්න... හි හි..) 

ඇත්තටම මට උනේ එච්චරම අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි ඔන්න... කාලෙකට කලින් මම කිව්වනෙ බ්ලොගේම අපේ අම්මගේ ඔස්ටියෝ ආතරයිටිස් තත්වය ගැන.. ඉතිං ඔන්න ඕකෙ ඔපරේෂන් එක කළා පහුගිය ජනවාරියෙ අන්තිම... අපේ ගෙදරට මගේ අඩුව එච්චර ගානක් නොවුනට ,ෂොප් එකට නං දැනෙන බව මම දන්න නිසා කලින්ම ගිහින් වැඩ බාර ගත්ත ඉතිං.. මොකද නැත්තං අපේ අම්ම ඔපරේෂන් එකට ගිහිල්ලත් කඩේ ගැනම හිත හිත ඉඳියි... හි හි.... 

කොහොමත් අවුරුදු කීපයක්ම දණිස් කුක්කුම් තිබිලා, අන්තිමට රටේ නැති බෙහෙත් ජාති කරලා ඔපරේෂන් එක කරන්න, කකුල කැපුවට පස්සෙ තමයි දොස්තරලා ටික ලෙඩේ හරියටම හොයා ගත්තෙ... 

දැං කියන හැටියට නං අපේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස් කියන ලෙඩේ තිබිලා නෑ... එහෙම බැලුවම ඔය එක එක බේත් කරලා ලෙඩේ හොඳ නොවුන එක ගැන පුදුමයක් තියෙනවයැ නේද... 

අම්ම පුංචි කාලේ කකුල් දෙක පිහිටලා තියෙන්නෙ අසාමාන්‍ය විදියකට.. ඉතිං ඒ කාලෙ ඔය සම්බන්ධයෙන් කරපු ප්‍රතිකර්මයක් තමයි චූටි කාලෙදිම විශේෂ සපත්තු දෙකක් දාලා කකුල හදන එක.... අපේ අම්මගේ ඔන්න ඔය ප්‍රතිකර්මය නිසා වෙලා තියෙන්නෙ කකුල වළලුකර හරියෙන් හරි ගියාට දණිස් දෙක හරියෙන් ළං වෙච්ච එක... ඊට පස්සෙ ඇඟ මහත් වෙලා, බර වැඩි වෙනකොට තමයි ඔස්ටියෝ ආතරයිටිස් රෝග ලක්ෂණ ඇවිත් තියෙන්නෙ... 

දැං ඔපරේෂන් එක කරපු කකුල හරි... අවුලකට තියෙන්නෙ ඒ කකුල තිබ්බට වඩා අඟල් බාගයක් දිග වීම තමයි... අනිත් කකුලත් තව මාස ගානකින් ඔපරේෂන් කළාට පස්සෙ තමයි ඒ ලෙඩේ හරි යන්නෙ...දැනට විශේෂයෙන් හදපු සෙරෙප්පු දෙකක් දානව.. නැත්තං ඒක බලපාන්නෙ උකුල් අටේට... 

ඔය ඔපරේෂන් එක ගැන තියෙන් පොඩි පොඩි මත කීපයක් තියෙනවා අපේ අම්මා බොරු කියලම ඔප්පු කරපු... එකක් තමයි ඔපරේෂන් එකෙන් පස්සෙ කකුල නවන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයකට විතරක් බව... ඒත් අපේ අම්මට කකුල සාමාන්‍ය විදියටම නවන්න පුළුවන්... ඇවිදින්න හොඳ නෑ නෙවෙයි, ඔපරේෂන් එකෙන් පස්සෙ දවසෙම ඇඳෙන් බහින්න වෙනව දොස්තර එනකොට... හි හි... බයේ පුටුවට වෙලා හිටියොත් සොරි තමයි.... 

ඉතිං කොහොමින් කොහොම හරි අන්තිමට මාව කඩේට හිර උනා අතිසාර්ථක විදියට... ලැප්ටොප් එකක් හදාගෙන බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්න විදියක් නෑ ඒකෙ කී බෝඩ් එක ලෙඩ ගොඩක්.. ඔන්ස්ක්‍රින් කීබෝඩ් එකකින් තමයි ඔය පොඩියට කොටපු කමෙන්ට් එක දෙක දැම්මෙත්.. චැට් වලින් හායි හූයි ගාපු අයටත් ඔය ටිකම තමයි... මොකද මට එක වචනයක් ටයිප් කරන්න හෙන වෙලාවක් යනව... ඒක මහ කම්මැලි වැඩක්... හි හි

මං දැක්ක අපේ කකා තුමා රිසර්ච් එකක් කරලා තියෙනව බ්ලොග් බැලිල්ලෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියල... මට නං පුළුවන් උනා... හි හි... ඒ වගේම ඉස්සර ගෙදර හිටපු කාලෙදි වගේම ආයිත් පොත් වලට ඇබ්බැහි උනා.. පරණ පොත් ඔක්කොම වගේ කියෙව්ව... හිත හොඳ දොස්තරගෙ ඉඳලා බොඳ මීදුම් වෙනකනුයි, අමුතු ඉලංදාරියගේ ඉඳන් ප්‍රංශ පෙම්වතා වෙනකනුයි.. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ඉඳලා ටාර්සන් වෙනකනුයි... පොත් ගොඩක් අතුරුදහන් වෙලා බව නං තේරුනා... ඕවා ඔහොම තමයි කියල හිත හදා ගත්ත... හි හි

අවුරුදු තුනකට පස්සෙනෙ ඉතිං ඔය ගෙදර ගියේ... මුල දවස් ටිකේ ටිකක් කරකවලා අතෑරපු ගතියක් තිබ්බා... අපේ තාත්ත ඉතිං ඒ අවුරුදු තුනටත් ගේ තුන් හතර වතාවක් වෙනස් කළානෙ... හි හි... හැබැයි දවස් දෙකක් යනකොට ආයිත් ඉස්සර වගේම තමයි... තාත්තයි මායි පොලිටිකල් වලි දාගෙන රණ්ඩු වෙනකොට සහ මල්ලි ගෙදර ඉන්න දවස් වලට ගොනා, හරකා, බූරුවා වගේ වචන දවසට දහ පාරක් වගේ ඇහෙන කොට ඇත්තමයි ආයිත් ගෙදර නවතින්න හිතෙනවා... කසාදත් බැඳලා, ළමයිනුත් හදාගෙන, කොච්චරකල් ජීවිතේ ගෙවුනත් අම්ම තාත්ත සහෝදරයෝ එක්ක ඉන්න නිදහසේ වටිනාකම තේරෙන්නෙ දැං තමයි... වගකීම් නැති, ඕන රණ්ඩුවක් විනාඩි දෙකෙන් තුනෙං සමනය වෙන, කවුරු මොනා කිව්වත් ගනං නොගෙන පාඩුවෙ ඉන්න, අනේ අපේ ඇඟේ වදිනවයැ කියලා හිනා වෙන්න... සිරාවට ඒක මාර සහනදායී ජීවිතයක්.... අවුරුදු 30ටත් කිට්ටු වෙලා මං ආයිත් මගේ ළමා කාලයට ගියා.... 

හැබැයි ඉතිං ගෙදර අපි හතර දෙනයි, බල්ලෝ පූසෝ ටිකයි විතරක් ඉන්නවනං තමයි ඔය නිදහස... නැත්තං නීති රීති තහංචි දාන්න අයිතිකාරයෝ වැඩි උනාම ඒ නිදහසේ කෑලිවත් හොයන්න හම්බුවෙන්නෙ නෑ.... 
මේ ඉන්නෙ එන්ටටේනර්ස්ලා දෙන්න.. මරාගනිද්දි එහෙමයි,  තුරුල් වෙලා නිදා ගනිද්දි මෙහෙමයි... 


කොහොම හරි ඉතිං අනිද්ද දිහාවට මං ආයිත් ගෙදර යනව.. ඊට පස්සෙ නං කමෙන්ට් වලට වත් රිප්ලයි නැති වෙයි ආපහු ගෙදර එනකං... හි හි... 
අපිට කේක් එකකට නිර්මාණශීලී නිදහස හම්බුනොත් අපි පිස්සු කෙලිනවා... මල්ලිගේ බර්ත්ඩේ එකට හැදුවා පිස්සුම පිස්සු කේක් එකක්..  චොක්ලට් කේක්, බටර් කේක්, කොෆි කේක් තුනම දාලා හදපු ඒ කේක් එක කාපු කෙනෙක් දුන්න ඕඩරේකට හැදුව මේ කේක් එකේ චොක්ලට් කේක් සහ බටර් කේක් දෙකම දාලා, ඩිසයින් එකටත් පිස්සුම කෙලියා... හි හි

70 comments:

  1. අර කෙක් එක් කාපු අයගේ ජීර්ණ/අජීර්ණ තත්වය කොහොමද?

    ReplyDelete
    Replies
    1. තාම නං අවුලක් නෑලු... දැං මාසෙකට වැඩි නිසා අවුලක් නැතුව ඇති... ( කිව්වම මොකෝ අපිටත් ෂුවර් තිබ්බෙ නෑ මොනවයින් මොනවා වෙයිද කියල.. ඒක නිසා බඩට ගල් දැම්මත් දිරවන ජාතියෙ සෙට් එකකට මල්ලිගෙ කේක් එක කන්න දුන්නෙ... හි හි..)

      Delete
  2. ෂැහ්...........දානේකට සෙට් වෙන්ඩ තිබුන චානස් ඒකක් නැති වුණා නොවැ.:D
    (දේශකයාගේ ක්‍රමයට කියුවේමි.බිසීට නැවැත එමි.)

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ කිව්වේ පලියා... හැක්..

      Delete
    2. අර බන් එදා උඹේන් මන් බුකියේ ඇහුවාම කියුවේ........මුල් ජේදේ වාක්‍ය 3ක් කියවලා ඔක්කොම කියෙව්වා වාගේ කොමේට් ඒක දානවැයි කියලා කියුව ක්‍රමේ...

      ඒක නෙමෙයි කොමැයි ගාළු හමුව??? දේශකයාට සැහෙන්න අතවර වුණැයි කියලා ආරංචීයි.

      Delete
  3. අපි මේ පොලෝෂි යන්ඩ හිටියෙ හිරු අතුරුදන් කියල පැමිණිලි කොරන්ඩ..

    අර අසනීපෙ හැදුන මගේ ලඟම ඥාතියෙකුටත්. ඔපරේෂන් කලා. කකුල නවන්න පුලුවන් ටිකයි.

    ReplyDelete
    Replies
    1. කකුල නවන්න බය උනොත් ඉතිං එහෙම තමයි චන්දන... ෆිසියෝතෙරපිස්ට් දෙන එක්සසයිස් ටික හරියට නොකළොත් කකුල ඒ විදියටම හයි වෙනවා.. එතකොට තමයි නවන්න බැරි වෙන්නෙ...

      Delete
  4. අර පිස්සු කෙලපු කේක් එක පට්ටනෙ අක්කෙ :D

    ReplyDelete
  5. දැනගන්න අහන්නෙ...ඕය වගේ ඔපරේෂන් එකක් කරන්න සුදුසුම ඉස්පිරිතාලෙ මොකක්ද..?

    ඉක්මනින් නැවත ආවොත් හොඳා...වලියට බර වෙලා කමෙන්ට් කොටන්න..
    හි..හි නැතුවම බෑ නේ....!!!

    ReplyDelete
    Replies
    1. සිකේකයියා.. මට උඹව අමතක උනා නේ.. සැක් දාස් ගානක් ගෙවාගෙන ගාල්ලේඇවිල්ලවත් උඹේ කුඹුරු කෑල්ල බලන්න බැරි උනා නෙව

      Delete
    2. අපේ අම්මගේ ඔපරේෂන් එක කළේ ජයවර්ධනපුරේ... දාපු කෑලි ටික වෙනම ගත්තෙ.. හොස්පිට්ල් එකට නං ඔක්කොම ගිහින් තිබ්බෙ 35000 විතර තමයි වී...

      Delete
    3. @ හිරු...ස්තූතියි තොරතුරට...ඕය වගේ තොරතුරු දැනන් ඉන්න එක හොඳානෙ ඒකයි ඇහැව්වෙ නැත්තං හදිසියක් උනාම නිවැරදිම දේ කොරන්න බැරිව යනව.
      ජපුර පිලිබඳව මටද ඇත්තේ යහපත් ආකල්පයක්. මගේ ලොක්කිව ලෙඩවෙලා දව්ස් දෙකෙන් හොඳ කලා...කලින් මාස ගානක් නොයෙක් තැන්වලට දාස් ගානක් පූජා කලා.


      @දේශා...නිකංවත් එන්න එපා ‍තෝ...! හපෝ..!! :)))...:D

      Delete
  6. හිරුගෙ බල්ල නං මරු, එහෙනං හෙට අනිද්ද ඉඳල ආයෙ ලියන්න ගමුකො.

    ReplyDelete
    Replies
    1. මචං ඔය හිරුලාගේ ගෙදර බල්ලා නෙමේ...අල්ලපු ගෙදර එකා. මේ දැන් මම දැණ ගත්තේ.

      Delete
    2. හහ්.. දෙනව අල්ලපු ගෙදරට ඌව.... හි හි...

      හෙට අනිද්ද ඉඳල නං ලියන්න වෙන්නෙ නෑ හැලපයියේ.... තව මාසයක්වත් මාව ඩියුටි වලට හිරවෙනවා..... හි හි

      Delete
  7. හිරු පායයි....පිස්සු හැදෙයි කිව්වාලු. ඉතින් හිරු මව්තුමීට හොඳටම හොඳ සනීපයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඉතින් කේක් එක ගැන කිව්වොත්......මම නම් හරිම ආසයි කුකින් එක්ක විප්ලව කරන්න...මම උයනකොට කවුරුත් නොහිතන කම්බිනේෂන් දානවා. මගේ ඒ විප්ලවවලට එරෙහිව කවුරුත් කඩු තුවක්කු උස්සන් එන්නේ නැහැ. මොකද ඒවා සාර්ථක විප්ලව.

    ReplyDelete
    Replies
    1. හ්ිර්ු
      හිරු නැති ලොවක් නෑ!

      Delete
    2. who dares machan to go against a star chef 's combination.

      Delete
    3. අනිත් කකුලෙ ඔපරේෂන් එකත් කළාට පස්සෙ තමයි ඉතිං සාමාන්‍ය විදියට වැඩ කරන්න පුළුවන් වෙන්නෙ අරූ...

      කුකින් නං ඉතිං විප්ලව තිබ්බත් එකයි මට නැතත් එකයි... ආසම නැති වැඩක්නෙ... අනිත් අය කුකින් කරනකං මට පැත්තකට වෙලා උපදෙස් දෙන්න, සුපවයිස් කරන්න නං පුළුවන් ඔන්න... හි හි

      Delete
  8. හැමදෙම ඉක්මට හරි ගිහින් අම්මාට ඉක්මනට වෙනදා වගේ සනීපෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හිරු අක්කේ :) 

    කෙක් එකත් මරු... දෙකම මික්ස් නිසා තවත් මරු ^_^ රස බලන්න තිබුනනම් තමා මාරේ මරු ;)

    ReplyDelete
    Replies
    1. බඩට ගල් දැම්මත් දිරවන ජාතියෙ අයට කියාපු කේක් එක ... හි හි

      Delete
  9. මවටත් දුවටත් සැමටම ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කකා මේ දවස් වල ඡන්දෙ වත් ඉල්ලනවද.... හි හි

      Delete
  10. ලෝකේ හොඳම ලැබ් එක කුස්සිය නේ හිරු.....

    අම්මට ඉක්මනින් සනීප වෙන්න පතනවා

    ReplyDelete
    Replies
    1. ඕ යෑස්... ඒක නං ඇත්ත... මාත් එක්ස්පෙරිමන්ට් කරලා අපේ මහත්තයට හරි යන්න කෑම හදන විදිය පුරුදු උනේ බැන්දට පස්සෙනෙ.... ගෙදර ඉන්නකං කුස්සිය පලාතේ ගියේ නෑ නේ... ඒ සිස්ටම් එක අපේ ගෙදර අයට හරි යන්නෙම නෑ.. එයාලට මගේ කැම සැර වැඩියිලු... හි හි..

      Delete
  11. කීබෝඩ් එක නැති නිසා කොමෙන්ට් කරන්න විදිහක් නැහැ කියලා තිබ්බ නිසා, වෙන විශේෂ කරදරයක් නැති බව දැනගෙන හිටියා. හිරුලගෙ බල්ලා නම් අර චිත්‍රපටි වල ඉන්න ජාතියේ නේද? මරු බලු පූස් ප්‍රේමය.

    ඉඳලා හිටලා ඔහොම වෙනසක් වෙන එකත් හොඳයි එක අතකට. චොකලට් සහ බටර් කේක් එකට දාලා මාබල් කේක් කියලා හදනවා නේද? අපේ ගෙදර උන්දෑ නම් එහෙම හදනවා නිතර. මම නම් කැමති අයිසිං මොකවත් නැති බටර් කේක්... හැබැයි හොඳට බිත්තර දාලා බර ගතියට තියෙන්න ඕනේ, වේලිච්ච පුළුං වගේ නැතුව.

    ඔපරේෂන් එක ගැන නම් දැනගත්තේ අද. අම්මට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔය ඩැල්මේෂන්ලා ෆිල්ම්ස් වල ඉන්නවා තමයි තිසර... මං හිතන්නෙ හරිම ෆ්‍රෙන්ඩ්ලි බල්ලෝ ජාතියක් හින්ද වෙන්නැති... හපාකන්න එහෙම තේරෙන්නෙවත් නැද්ද මන්ද.. හරිම අහිංසකයි... ඔය පූසි එක්ක වෙලාවකට මාර යාලුයි.. වෙලාවකට ගේ වටේ එලෝනවා...

      මාබල් කේක් නං හදනවා තමා.. එක එක විදියට.... බටර් කේක් වලට තමා අපේ කඩේටත් වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ... අනිත් එක පොල් කේක් එක... අයිසින් වලට ආස පොඩි උන් තමයි....

      Delete
  12. හප්පේ අපේ අම්මටත් තියෙනවනේව ඔය ආතරයිටිස් කේස් එක ඒ ලෙඩෙනම් මහා වාත කේස් එකක් අර කෙක් එකෙත් පොඩි ගතියක් තියෙනව රහද....?

    ReplyDelete
    Replies
    1. කාපු කට්ටිය නං හොඳයි කිව්ව... ඊට පස්සෙ මොනා උනාද දන්‌ නෑ... හි හි...

      වාතම ලෙඩක් තමයි රාජ්... වයසට යනකොට හැමෝටම වගේ ස්වාභාවිකවම එනවලු... ඇඟ මහත අයට සහ වැඩිපුර හිටගෙන ඉන්න අයට තමයිලු ලෙඩක් විදියට එන්නෙ... මාත් පුලුවන් තරම් මේ මහත අඩු කරගන්නෙ දඟලන්නෙ ඕක මටත් අනිවා එනවා කියලා තේරෙන නිසා දැං... හි හි

      Delete
  13. යකෝ මෙච්චර තාක්ෂනේ දියුණු කාලේ ඔය ලැප් එකට USB කී බෝඩ් එකක් ගහන්න බැරිද. :D
    මොක උනත් කමක් නෑ සියලු දේ සිතන ආකාරයෙන් සාර්ථක වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. ඒකත් වැඩක් උන් නෑ අප්පා.. ගෙදර තියෙන කී බෝඩ් එක ලැපේ කී බෝඩ් එකට හපන්... මල්ලි ෆොන් එක ගත්ත දවසෙ ඉඳලා ගෙදර කම්පියුටරේට හෙනහුරා ගහල...

      Delete
  14. Replies
    1. ලේසියෙන් මැරෙන්නෙ නෑ... හි හි...

      Delete
  15. //මොකද මට එක වචනයක් ටයිප් කරන්න හෙන වෙලාවක් යනව... ඒක මහ කම්මැලි වැඩක්... හි හි//
    රු.400/-ක් 500/- දීල ගන්නකො යුඑස්බී කීබොඩ් එකක්

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අප්පා... මං මෙහෙ ආවට පස්සෙ ඕකත් කොහෙ හරි මුල්ලක දාලා, ගෙදර කම්පියුටරේට වෙලා තියෙන සන්තෑසියම වෙනව.. අනිත් එක මට ටයිප් කරන්න තරම් වෙලාවක් අහු වෙන්නෙත් නෑ.. කඩේ වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ ඇඳ විතරයි පේන්නෙ.. හි හි....

      Delete
  16. කේක් එකනම් නියමයි හිරු ! ඒත් ඔස්ටියෝ ආතරයිටිස් නෙමෙයිනම් මොකද්ද අම්මට ඇතිවෙලා තිබ්බ තත්වය.. මම දෙපාරක්ම කියෙව්වා මට මග ඇරුනද කියලත්... අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහොමත් ගෙදර යනවා වගේ සහනයක් නෑනේ හිතකට...

    ReplyDelete
    Replies
    1. අම්මා පොඩි කාලෙ වළලුකර හරියෙන් කකුල ඇතුලට පිහිටලා තිබිලා විශේෂ සපත්තු දෙකක් දාලා ඒක හරිගස්සලා තියෙනව...වළලුකර හරියෙන් ලෙඩේ හරි ගියාට දණිස් දෙක හරියෙන් ඇද වෙලා ඊට පස්සෙ.. ඇඟ මහත් වෙනකොට කාටිලේජ පැත්තකට තල්ලු වෙලා ගිහින් ඔස්ටියෝ ආතරයිටිස් රෝග ලක්ෂණ ඇවිත්..

      Delete
  17. එහෙනම් ආයෙත් හි.. හි.. කොමෙන්ට් වැටේවි. හපෝයි...!!

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් ඉන්න වෙනවා සරා අයියෙ.. හි හි

      Delete
  18. අනේ හිහි උඹ හිටියත් එකයි නැතත් එකයි මලත් එකයි නැතත් එකයි... හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි ආයිබොවං.... හි..හි..

      Delete
    2. ඔය දුකට කියන කතා සරා අයියෙ.. ගනං ගන්න එපා... හි හි....

      Delete
  19. හිරු අක්කාගෙ අම්මාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    කේක් එකේ පෙනුම නම් නියමයි... :)

    ReplyDelete
    Replies
    1. ඕක හොඳට රහ වෙන්න ඇති චම්ස්.. මොකද ඒ තරම් චොක්ලට් ගොඩක් තිබ්බෙ... කට්ටියටම පාටියට බයිට් එහෙම ඕනෙ වෙන්නත් නැතුව ඇති... හි හි

      Delete
  20. මං හිතුව අඩුගානෙ කාන්තා දිනේටවත් එයි කියල

    ReplyDelete
    Replies
    1. ආවා ආවා... මෙලෝ රහක් නෑ මෙදා පාර... ගියපාර නලීන් අයියගෙ පෝස්ට් එකකටද කොහෙද පැල් බැදගෙන කමෙන්ට් දදා හිටියනේ... මෙදා පාර නං නලීන් අයියා ගුටි කන මාතෘකාවක් දාලා කේන්ති අවුස්සන්න හදලා තියෙනව දැක්කා... වැඩක් නෑ ඒවට කමෙන්ට් කරල... හි හි

      Delete
  21. අම්මට නිරෝගී සුවය... හිරූ..

    අර කිව්ව මහගෙදර සැනසුම... අහිමි වෙනවා හැබැයි මල්ලි පුංචි පවුලක් වුණදාට.. මම මේ අත්දැකීමෙන් කියන්නෙ හිරූ...

    ReplyDelete
    Replies
    1. එයාට දැම්මම කියලා තියෙන්නෙ කසාද බඳිනව නං ඊට කලින් ගෙයක් හදා ගනිං කියලා.. අම්මලගේ ගෙදර අම්මලගෙ... අලුත් පවුලක් උනාම වෙනම ඉන්න ඕනෙ... නැත්තං මෙලෝ ගතියක් නෑ අලුත් ජීවිතේ... ( මම උගේ කෙල්ලගේ පැත්තෙනෙ... හි හි)

      Delete
  22. Welcome back!

    උඹ කකුල කැපුවයි කියලා කියලා තියෙන කැත! දැන් කොහොමත් මවු තුමියට සනීප හන්දා මට මේ කතාව කිව්වෑකි.

    එක පොරකගේ ජීවිතේ බේරාගන්න කකුලකට කපලා අයින් කරන්න වුනාලු ගැංග්‍රීන් හැදිලා. ඔපරේෂන් එකට පස්සේ ඔන්න පොරට සිහිය ඇවිත්. දොස්තර ඇවිත් කියනවලු මෙහෙම:

    "මං ගාවා තියෙනවා හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක්ම. ඉස්සෙල්ල දැනගන්න ඕනේ කොයි එකද?"

    "ඉස්සෙල්ල කියමු බලන්න නරක එක."

    "අපි වැරදීමකින් කපලා තියෙන්නේ, ඔහේගේ හොඳ කකුල."

    "දෙයියෝ සාක්කි. තොපේ @#$###...."

    ලෙඩා තව ටිකක් වෙලා සාප කරලා ඉන් පස්සෙ ඇහුවලු:

    "දැන් මොකක්ද අර හොඳ ආරංචියක් තියෙනවා කිව්වේ?"

    " ආ ඒ තමයි. ඔහේගේ නරක කකුල ඇත්තෙන්ම සනීප වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒක කපන්න ඕනේ වෙන්නේ නෑ."

    ReplyDelete
    Replies
    1. මේ ජාතියේ කතා ඔහේ ගාව නැවක් තිබුනත් වැඩක්යෑ, ඔහේ ඒවා ලියන්න කම්මැලියි නෙව.

      Delete
    2. ඕකෙ ඉතිං ආයිත් වෙන මොන විදියට කියන්නද ඩූඩ් අයියේ.. කකුල කපපු මනුස්සයත් ගෙදර ඇවිත් කිව්වෙ ගල් කටුයි, මිටියි, කියතුයි අරගෙන කරපු ඔපරේෂන් එක එයා බලාගෙනත් හිටිය කියල... හි හි

      Delete
  23. හපොයි දැනුයි මේක දැක්කේ. කේක් එක මාර ලස්සණයි මට නම්.

    මේ... මේ... ඒවා හරියන්නේ නෑ කඩේ ඉන්න ගමන්, එන අයව එලවමින්, බ්ලොග් කියවන්ට. කැමති නම් එයාලගේ අදහස්ද විමසමින් කමෙන්ට් කරන්ට. :D

    ReplyDelete
    Replies
    1. තව පුළුවන් නම් උන් ටිකෙන් එකෙක් දෙන්නෙක්ට හරි බ්ලොග් ලෙඩේ බෝ කරන්න. ඒව මහා පුණ්‍ය ක්‍රියා !! :D

      Delete
    2. මේ යෝජනා සියල්ල මා ස්ථීර කරමි.

      එහෙනන්

      Delete
    3. හම්මේ... මං එහෙ ඉන්නෙ බ්ලොග් කියන්නෙ බිත්ති පුවත්පත් ජාතියක් කියලා හිතාගෙන ඉන්න විදියට... නැත්තං ඉඳලා හමාරයි... හි හි

      Delete
  24. ඔයා මොන්ත ක්‍රිස්තොත් කියෙව්වද... මං මේ ඉරිසියාවෙ පැලෙනවා... ඔය පොත් සෙට් එක පස් හය පාරක් කියවලත් ඒකට තියෙන මගේ පෙරේතකම තාම අඩුවෙලා නෑ... මගේ පොත් ටික ගෙදර දාල ආවෙ...

    අපේ අම්මටත් කොන්දෙ අමාරුවකට ඔස්ටියෝපොරෝසිස් කියලා කැල්සියම් දුන්නා... අන්තිමට ඒ වැඩි කැල්සියම් තැන්පත්වෙලා හාට් එකේ නහරයක... බලනකොට ඒ ලෙඩේ තිබිලා නෑ අම්මට... යාන්තම් හදිසි ඔපරේෂන් එකක් කරලා ගොඩ ගියා...

    ඒ... මරු කේක් එක... :D

    ReplyDelete
    Replies
    1. හි හි... මං ඒ ටික පරිස්සමට ගෙදර තියලා ආවේ...

      ඔහොම වැඩ තමයි අප්පා වැඩිපුරම වෙන්නෙ...

      Delete
  25. කොහොම වුනත් කමක් නැහැ.... මෙහෙම පරක්කු වෙලා ආපු එකත් ලොකු දෙයක්....
    වයසට යද්දී නොයෙකුත් ලෙඩ රෝග එනව ..ඔය කල ලෙසටම ප්‍රතිකාර කරගෙන යාමයි හොදම දේ....ඔබ ඇයගේ කටයුතු කරගන යාම ප්‍රතිකර්ම සේම ඇයට ලොකු සහනයක් වෙන්න ඇත.
    ඔබයි රෙහානියි නැති බව මට නම් ගොඩක් දැනුන රණ්ඩු කරගත්තත්....
    ඔබගේ මව්&පිය දෙපලට නිරෝගී සුවය සහ දිගායුෂ පතමි....!

    ReplyDelete
    Replies
    1. මං ගෙදර නොහිටියට අම්මට ගානක් නෑ කෙන්ජි.. කඩේ ඉන්නවනං ඇති.... ඔන්න ඔහොමයි එයා... හි හි

      Delete
  26. බව්වයි පූසයි ඔහොම සහයෝගෙන් ඉන්න එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔහොම හිටියට අපි පූසිව එහෙම වඩාගත්තොත් බුලට් කඩාගෙන එනවා ඊරිසියාවෙ පැලි පැලී.... හි හි.... ඒ උනාට අනිත් වෙලාවට ඔහෙ දෙන්නම සෙල්ලම් කර කර ඉන්නව...

      Delete
  27. මම මේ තව ටිකක් ගියානම් මෙයාවත් අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකට දාන්න කියලා හිටියේ.. කේක් එකනම් රස පාටයි.. කන්ඩ පුළුවන්ද දන්නේ නෑ හැබෑටම.. ;)

    ReplyDelete
    Replies
    1. කෑවලු කෑවලු කට්ටිය... හි හි....

      Delete
  28. ඒත් බැලුවා.. අනිත් කෙල්ලෝ වගේම, කස්ටියට බයේ වහන් උනාවත්ද කියලා.. මවට ඉක්මන් සුවය පතනවා..

    පුළුවන්නම් කියන TLC, Fox Traveler චැනල් බලන්න.. ඒකේ යනවා නියම කේක් මේකින් ෂෝ ටිකක්.. මගේ ප්‍රියතම වැඩ සටහන් කීපයක් තමයි ඒ.. ඒවා දැක්කම් හිතෙනවා, අපි දකින් කේක් මක්කද කියලා..

    ReplyDelete
    Replies
    1. හයියෝ... රෙස්ට් කරන්න කියල ගෙදර හිටිය ටිකේ, රෙද්දකුත් පොරෝගෙන උදේ ඉඳන් හවස් වෙනකං ඔය දෙකම බලපු එක තමයි එයාගේ වැඩේ... ඒව බල බල කියනව අයියෝ මේවා බලනකොට හිතෙනවා අපි මොනාද මේ හදන කේක් කියල... හි හි.... අර Ultimate Cake off එහෙම බලලා දැං මගේ වැඩේ ලැප් එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කර කර දෙන එක...

      ඒත් ඉතිං අපේ රටේ අයට ඔන්නොහෙ සිරිතට කපන්න කේක් එකක් මිසක්, ඒකත් තිතට, සම්ප්‍රදායට මිසක් පොඩ්ඩක් ඒවයින් මිදිලා හිතන්න බැරි නිසත් ඕවයෙ හදනවා වගේ කේක් නං මේ ආත්මෙට හදන්න වෙන්‌ෙන නෑ... හි හි.. අපිට එනවා සත්තු කේක් කපන්න බෑ, හාට් කේක් කපන්න බෑ... මනමාලයි මනමාලියි අතින් විතරක් අල්ලන් ඉන්න Toppers විතරක් තියන්න කියල ඕඩර්ස්... හි හි

      Delete
  29. මෙ උඹ නම් නාවට කමක් නැ.ඔය කෙක් එක එවහන්කො ටිකක් බලන්න.

    ReplyDelete
  30. ඔය හි හි පාර නැතිව බ්ලොග් පොස්ට්, කොමෙන්ට් එහෙම පාලුවට ගිහිනුයි තිබ්බේ . අම්මාට ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  31. මුලින්ම අම්මාට සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා.

    අර කේක් එක නම් මරු. හැබැයි කාපු කට්ටියට බඩට කොන්ක්‍රීට් දැම්මා වගේ ඇති.

    අවුරුදු 15 කට විතර ඉස්සර සැණකිළියක තිබ්බ තරඟයකින් මට කේක් එකක් තෑගි ලැබුණා. ගෙදර ඇවිල්ලා ඒක කපලා කන්න හදද්දී ඇතුලේ තිබ්බේ රිජිෆෝම්. පස්සේ ඒ සංවිධායකයින් තව කේක් එකක් ගෙනත් දුන්නා. :)

    ReplyDelete
  32. මොනවා කියන්නද බන් දැන්...මේක පලවෙලා සති දෙකකට පස්සෙ මම ආවෙ...වැඩ වැඩ වැඩ

    ReplyDelete