Tuesday, February 26, 2013

හුදකලාවේ කල්පනාව...



බොහොම සාමාන්‍ය විදියට මුහුදේ ඈත පැත්තෙන්... මට මතක විදියට ඒකට කියන්නේ ක්ෂිතිජය කියල... ඉර බැහැගෙන යනවා... වෙනදා වගේම තමයි... මම සුපුරුදු විදියටම මූදු වෙරලේ පත ගල් ගෙඩියක් උඩට වෙලා, පස්ස පැත්ත රිදි රිදී, මූද දිහා.... වැරදුනා... ඉර දිහා බලං ඉන්නවා..... 

හැබෑට ඉර දිහා කෙලින් බලන්න පුළුවන් එකම වෙලාව මේක නේද....නෑ නෑ.. මට මතක විදියට සූර්‌යග්‍රහණයක් වෙලාවටත් පුළුවන්.. හැබැයි කෙලින්ම ඉර දිහා බලන එක හොඳ නෑලු.. වතුර බේසමකින් පේන ප්‍රතිබිම්බය හරි කලු කරපු වීදුරු කෑල්ලක් තුළින් සුර්‌යග්‍රහණය බලන්න කියලා ඉස්කෝලෙන් කිව්වා මතකයි.... හප්පා.. ඒ කොයි කාලෙකට ඉස්සරද.... 

ඇත්තටම අද මම මේ පාලු මුහුදු වෙරළකට වෙලා, මොලේ කචල් වෙච්ච ගෑණියෙක් වගේ මොනවා කල්පනා කරනවාද... වැරදියිනේ... අද විතරක්ද... පහුගිය මාස කීපයෙම මම මේක පුරුද්දක් විදියට කරනවා... 

බොරුනේ... මේක පුරද්දක් වෙන්නේ කො‌ෙහාමද... පුරද්දක් නම් මම නොදැනුවත්වම මේ වැඩේ කරන්න ඕනේ.. මම 4.30 ඉඳලා මටම මතක් කරනවා මූද පැත්තේ ගිහින් ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා.... 

හැබෑට මම මොනවා කල්පනා කරන්නද මෙතනට ආවේ.... 

වෙනදට නිදහසේ කල්පනා කරන්න මෙතනට එන එකේ, අද නම් මට හිතුනා ඉර බැහැගෙන යන හැටි චිත්‍රයක් අඳින්න... අවුරදු ගානකින් පින්සලක් අල්ලපු නැති මං කොහෙ චිත්‍ර අඳින්නද.. ඒත් මං පැය ගානක් හොයලා අද මගේ චිත්‍ර මල්ල එල්ලගත්තා කරේ... ඉස්කෝලේ යන කාලේ කරේ එල්ලන් ගිය චිත්‍ර බම්බුවෙන් පරණ කොලේකුයි, හයිය කාඩ්බෝඩ් කෑල්ලකුයි හොයා ගන්න තව පැය බාගයක් විතර ගියා.... දැන් මං ඒ ටික ඔක්කොම මූදු රැළි වදින්නෙ නැති හරියක පරිස්සමට තියලා මෙතනට වෙලා ඉර දිහා බලං ඉන්නවා....  

මේක පුදුම වැඩක්නේ.. නිදහසේ කල්පනා කරන්න කියලා මම මෙතනට ආවේ.. මොනවට චිත්‍ර මල්ලක් උස්සන් ආවද මන්දා.... 

ඔන්න ඔන්න.. අත් අල්ලගෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එනවා මේ පැත්තට... හපොයි... මේ නාකි ගෑණියෙක් ගල් ගෙඩියක් උඩට වෙලා, කුණු ගෑවිච්ච මල්ලක් ළඟින් තියාගෙන ඉන්නවා දැකලා මොනවා හිතයිද දන් නෑ... චික්.. මං මේ මල්ල මොනවට අරං ආවද මන්දා.. ඒ මදිවට අද මම ඇඳාගෙන ආවෙත් හම්පඩ වෙච්ච පරණ සායක්.... ඇයි අප්පා.. චිත්‍ර අඳින්න ගියාම මම තින්න නාන හැටියට හොඳ ඇඳුම් අඳින්න පුළුවන්ද.... ඒකයි මම මේක ඇන්දේ.... 

දැන් නං ඉරේ කෑලිත් නෑ.. මොන චිත්‍රද දැන්.... කලුවරයි අප්පා... අර කොල්ලයි කෙල්ලයි මේ රෑ වෙනකම් මොනවා කරනවද මෙතන.. ගෙවල් වලට යන්නේ නැතුව... බැඳපු දෙන්නෙක් වෙන්න ඇති... 

අප්පා.. බැන්ඳට පස්සේ කවුද ඔහොම අත් අල්ලන් යන්නේ. මාත් හිතුවා නේන්නං බඳින්න කලින් අපිත් හැමදාම ඔහොම ඉඳියි කියලා.... 

අන්න හරි... මං ආවේ ඒක කල්පනා කරන්නනේ... මොකද්ද අපිට උනේ කියලා .. අද මම තනියෙන් මේ ගල් ගෙඩිය උඩට වෙලා ඉන්නේ ඇයි කියල...

මේ මොන මඟුලක්ද.... යන්තම් මතක් උනත් අඬන්න වෙන නිසා ද මම මෙතනට ඇවිත් මේක කල්පනා කරන්න හිතුවේ...  

බෑ බෑ.. දැන් බැ... හොඳටම කලුවරයි අප්පා.. තව ටිකකින් පාර පේන් නැතුව යනවා... අවුරුදු 30ක් උනත් මං නාකි ගෑණියෙක් නෙවෙයිනේ... මේ මහ දවල්වත් ගෑණියෙක්ට පාරේ ඉන්න පුළුවන් කාලයක්ද... 

ඔන්න ඔහෙ දැන් ගෙදර යමං... හෙට බැරියැ කල්පනා කරන්න.... 

----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි

Tuesday, February 19, 2013

සබන් බෝල බොතලේ......



මේක ලියනවා කියලා හිතාගත්තේ ඊයේ උනාට ලියන්න හම්බුනේ නැති නිසා ඔන්න අද පටන් ගත්තා... 

පින්තූරේ බලලා කල්පනා කරනවා ඇතිනේ කට්ටිය මේ මොකද්ද මේ වැඩේ කියලා.. හි හි... මේ ගෙදර ඉන්න පොඩි එකා මම තමයි.. ඉතිං පොඩි එකාට සබන් බෝල පුම්බන්න හම්බුවෙලා තමයි ඔය.. හි හි

ඇත්තටම වෙච්ච වැඩේ තමයි එදා ගෙවල් අස් කරද්දි ලට්ට ලොට්ට ඔක්කොම කුණු ටැක්ටරේට පටවන්න කියලා අපේ ගෙදරට ගොඩ බාලා ගියාට පස්සේ අපේ නැන්දම්මා ඕනේ කරන බඩු වගෙකුත් නැති වෙලා කියලා කිව්ව එක.. ඉතිං අපි දෙන්නා ඉරිදා ඔය ඔක්කොම ඇදලා බැලුවා නැන්දම්මගේ නැති උනාය කියපු රාජකීය කොරහ තියෙනවද බලන්න.. ඒ අස්සේ තමයි මට ඔය භාණ්ඩේ හම්බුනේ... 

ඕක ඇවිල්ලා පේන විදියටම සබන් බෝල පුම්බන එකක් තමයි... ඕක දැකපු ගමන් මට හිතුනේ අනේ ඇත්තටම අපේ ළමයින්ට අපි කරන ලොකු අපරාදයක් නේද මේක කියලා... 

ඉස්සර ගස්ලබු බටයක් කපාගෙන, සබන් ටිකක් දිය කරගෙන ඕකෙන් බෝල පුම්බ පුම්බ වත්ත වටේ ඇවිදින එක මගේ හරිම ජොලි සෙල්ලමක්... අවුරදු 7ක් වෙනකම්ම තනියෙන් හිටපු එකානේ මම... ඉතිං ඔය වැඩේට මම එක්ස්පර්ට්... හි හි... 

හරි පුංචි දෙයක් වගේ උනත් ඕකෙදි කොච්චර දේවල් හිතන්න තිබ්බද.... වැඩේට හරියන විදියේ ගස්ලබු බටයක් හොයා ගන්න ඕනේ.. වැඩිය වේලිච්ච ඒවා හරියන්නේ නෑ... හීනි ගස්ලබු බටත් වැඩේ වණ කරනවා... 

ඊට පස්සේ සබන් දිය කිරිල්ල... ඒකත් එක්තරා සිස්ටම් එකකට කරන්න ඕනේ.. සන්ලයිට් වලින් සබන් පෙණ හදාගත්තම ලොකු බෝල පුම්බන්න බෑ... ඔන්න රින්සෝ ටිකක් දා ගත්තනං වැඩේ ගොඩ.. ගොඩක් ‌පෙණ එන්න හදාගෙනත් වැඩක් නෑ... ගානට තියෙන්න ඕනේ.. 

ඊට පස්සේ ඕක පුම්බන කලාව... ඒක තමයි සෙල්ලම... ලොකු බෝල පුම්බන්න නම් හිමීට, සීරුවෙන් පිඹින්න ඕනේ.. දඩිබිඩියට බෑ... ඒ ව‌ෙග්ම එක පාරට බෝල ගොඩක් පුම්බන්න නම් ඒකටත් පුරුද්ද තියෙන්න ඕනේ... ඒ අස්සට බටේ දිගේ සබන් වතුර ටික කටට එන්නේ නැති වෙන්නත් පරිස්සම් වෙන්න ඕනේ... 

හප්පා.. ඕක ලොකු ප්‍රොජෙක්ට් එකක්... හි හි

පස්සෙ කාලෙක ආවා මට මතකයි පොඩියට හදපු බෝතලයක් ඔය වගේ.. ඒකෙනුත් ‌බෝල පුම්බන්න එක පාරට බෑ.. පුරුදු වෙන්න ඕනේ... අනිත් එක ඒකේ සබන් වතුර ටික ඉක්මණට ඉවර වෙනවා... හි හි... 

ඔය සබන් බෝල පිම්බිල්ල හින්දා මම එක පාරක් හොඳ වැඩක් කරගත්තා... 

අපේ අම්මලගේ මහ‌ෙගදර හිටියා බලුස් කෙනෙක්.. ජිංගල් කියලා... දවසක් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, මෙයා එක්ක නට නට, මම සබන් බෝල පුම්බ පුම්බ ඉන්න කොට, වැරදිලා සබන් බෝලයක් මෙයාගේ ඇහැට ගියා... මෙයා පැන්න ගමන් කෑවේ මගේ ඇහැ ගාවම... හොඳ වෙලවට දම්පාට බේත් ටිකක් ගාලා ෂේප් කරගන්න පුලුවන් තරටම තුවාල උනේ.. ඊට කලින් දවසකුත් එයා මට ඔහොම වැඩක් කළා.. ඒක පස්සේ දවසක කියන්නම්.... 

මං මේ හෑල්ලක් ඇදබෑවේ මේක කියන්න... 

මේ මට අහුවෙච්ච බෝතලේ මාසයක් බෝල පිම්බුවත් වතුර නම් ඉවර වෙන්නේ නෑ.. පිඹින්නත් කිසිම ප්‍රැක්ටිස් එකක් ඕනේ නෑ.. ඔහේ පිම්බම සබන් බෝල පාවෙනවා.. එක එක සයිස් එකට ....... 


ඊළඟ හොඳම වැඩේ මේකත් Made in China.. හි හි..... 

මේ බෝතලයක් අරන් දුන්න ළමයෙක් කවදාවත් හිතන්නේ නෑ මේ වැඩේ ගස්ලබු බටේකින් කරන්න පුලුවන් කියලා... එහෙමත් නැත්තම් මේකට දාන සබන් වතුර එක හදන්නවත්.. මොකද මේ බෝතලේ තියෙන සබන් වතුර ටික ඉවර වෙනකොට ළමයගේ සබන් බෝල පිම්බිල්ලේ ආසාවත් ඉවරයි.. හි හි

එහෙම බැලුවාම වැඩිහිටියෝ, දෙමවුපියෝ හැටියට අපිම නේද මේ ළමයින්ගේ හැකියාවන්, දක්ෂකම් නැති කරන්න වැඩ කරන්නේ කියලා මට හිතුනා... ළමයින්ට හිතන්න අවස්ථාවක් දෙන්නේ නැත්තේ අපි ආදරේට කරන මේ වගේ වැඩවලින් නෙවෙයි ද කියන එක මට හිතට තදින් වැදුනා.... ඒ වෙලාවෙම හිතාගත්තා මේක ලියනවා කියලා....  

ඉතිං අපේ මහත්තයට කියලා ඔය ෆොටෝ දෙක ගත්තා මේකේ දාන්න... ඊට පස්සේ සබන් බෝල පුම්බ පුම්බ වත්ත වටේ ඇවිද්දා ගෙදර ඇන්ටිවත් හිනස්සවන්න එක්ක... 

හරි වැඩක්නේ... මං තාම පොඩි එකා තමා...... මොකද හිනාවෙන්නෙ.... හි හි.... 

ප/ලි... 

කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දැම්මෙ නෑ. .... දැන් දන්නවනේ කට්ටිය කියපු දේවල් ඇත්ත කියල.. හි හි.... 

Thursday, February 14, 2013

Love ... and yes... it`s everything for a lover and loved one...



Boys
Chalte Chalte yunhi ruk jaata hoon main,
Baithe baithe kahin kho jaata hoon main 
Kahte Kahte hi chup ho jaata hoon main. 
Kya yahi pyar hai, kya yahi pyar hai ?

Walking walking along I suddenly stop
Sitting down I get lost in myself
Talking I suddenly fall silent
Is this love , is this love ?



Girls
Haan yahi pyar hai, haan yahi pyar hai 

Yes this is love , yes its love


Boys
Tumpe marte hain kyon, hum nahin jaante.
Aisa karte hain kyon, hum nahin jaante.
Band galiyon se chup chup ke, hum guzarne lage.
Saari duniya se rah rah kar, hum to darne lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.

Why I die for you , I dont know
Why I do this , I dont know
In narrow streets I walk along trying to hide
From the whole world , I seem to be afraid
Sigh , what am I doing !?
Is this love , is it love ?


Girls
Haan yahi pyar hai, haan yahi pyar hai 

Yes its love , its love

Boys
Teri baaton mein ye, ek shararat si hai.
Mere honton pe ye, ek shikayat si hai.
Teri aankhon ko aankhon se, choomne hum lage.
Tujhko baahon mein le lekar, jhoomne hum lage.
Hai ye kya karne lage.
Kya yahi pyar hai, kya yahi pyar hai.

There is a flirtation ( naughtiness-imagined )in your talk
On my lips there is a question (complaint)
Your eyes with my eyes I have started to kiss ( imagined)
Taking you in my arms we started to sway together
Sigh , what am I doing ! ? Is this love ?


Girls
Haan yahi pyar hai, haan yahi pyar hai. 

Yes its love all right .



Love is not what u get, but it is what you give......... 
and those Love stories live forever......  

For Every Lover & Loved one, and also 
one's who still seeking Love.....  

Happy Valentines Day to you all..........

Tuesday, February 12, 2013

අනේ මෙයා... එයා හරීඊඊ ෂෝක් එකට ලියනවා අනේ.....



අද උදේම සුදීක අයියගේ සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන්ද? කියලා තිබ්බ පෝස්ට් එක දැකලා මං මගේ බ්ලොග් රෝලේ තිබ්බ පරණම බ්ලොග් කීපය ආයිමත් දිගඇරලා බැලුවා... අලුත් ඒවා ගොඩක් තියෙන නිසා බ්ලොග් හොයාගන්න අමාරු උනත්, ඒවායේ තිබ්බ සමහර නිර්මාණ තාමත් මතක නිසා හොයා ගත්තා... 

මම 2010 අන්තිම හරියේ මේක පටන් ගත්තට ඇත්තටම ඊට ‌‌ගොඩ කාලෙකට කලින් බ්ලොග් කියවන්න පුරුදු උනේ... ඒ කියවපු බ්ලොග් අතර තිබ්බා නිර්මාණාත්මක අතින් උසස්ම තත්වයේ තිබ්බ බ්‌ෙලාග් කීපයක්... 

ඇත්තටම මට අද හිතුන දෙයක් තමයි බ්ලොග් කෙරුවාව අදට වඩා වෙනස් තත්වයකින් එදා පැවතුනා කියන එක... මට පෙනුන විදියට මුල් කාලේ තිබ්බ බ්ලොග් වැඩි හරියක් තිබ්බේ කතා, කවි වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පටන් ගත්ත ඒවා වගේ.. ඒ කියන්නේ තමන්ට ලියන්න පුළුවන් උනත්, ඒකට අවස්ථාවක් නොලැබී ගිය අය, තමන්ට හදාගත්ත වේදිකාවක් වගේ... ඒක නිසා මුල් කාලයෙදි බ්‌ෙලාග් වල හාෂාව උසස්, සාහිත්‍යමය රසයෙන් පිරිලා... සමහර ඒවා නම් කියවලා තේරුම් ගන්න නම් මාරයියා කියනවා වගේ කවි තෙල්, නැටුම් තෙල් බොන්න වෙනවා... හි හි... 

ඉතිං ඔය නිර්මාණ කියවන නවක නිර්මාණකරුවන්, කාරිනියන් තමන්ගේම බ්ලොග් එකක් පවත්වාගෙන යනවා වෙනුවට එකතුවෙලා නිර්මාණ ඉදිරිපත් කරන්න පුලුවන් බූන්දිය වගේ සයිට් වලට එකතු වෙලා නිර්මාණ ඉදිරිපත් කරන්නත් පටන් ගත්තා.. ඇත්තටම බුන්දිය හරහා බිහිවුන නවක නිර්මාණකරුවන් ඉන්නවා අද වෙනකොට ‌ජනප්‍රිය නවකතා, කෙටිකතා, කාව්‍ය නිර්මාණ රචකයො... 

පස්සේ කාලෙකදි ඒ බ්ලොග්කරුවන් අතර සුහදතාවය වර්ධනය වෙන්න ගනිද්දි, බ්ලොග් ගෙට්ටු පැවැත්වෙද්දි, බ්ලොග් වල පෞද්ගලික තොරතුරු ඇසුරෙන් ජීවිත අත්දැකීම් වගේ තොරතුරු ලියවෙන්න පටන් ගත්තා.. ලියන භාෂාවෙන් කියන භාෂාවට මාරු උනා... භාෂාව සරල උනා... ඒ අතරදි කෙනෙක්ගේ ජීවිත අත්දැකීම් කියන්නේ ලංකාවේ නම් බො‌හෝ දුරට පසුබිම සමාන වෙන්න පුළුවන්... හිතන්නකෝ ගමේ ඉස්කෝලෙන් නගරෙට ඇවිත්, කැම්පස් ගිහින් රස්සාවක් කරන කෙනෙක් ඒ කාලේ ලබපු අත්දැකීමක් ලිව්වොත්, ලංකාවේ ගොඩ දෙනෙක්ට ඒ පසුබිම තියෙනවා... ඒක සමීප අත්දැකීමක් වෙනවා.. ඉතිං හිත බැඳෙනවා ඒ කතාවත් එක්ක... ඔන්න අර සාහිත්‍ය රසය විඳින්න බැරුව පැත්තකට වෙලා හිටපු අයටත්, මේවා කියවලා රස විඳින්න පුළුවන් වෙනවා... ඉතිං කියවන කට්ටියත් වැඩි උනා ඔහොම යනකොට... 

ඔ‌ෙහාම කියව කියව ඉන්න අතරේ කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ අත්දැකීම් මටත් තියෙනවානේ.. මටත් මේවා ලියන්න පුලුවන්නම් හොඳයි කියලා... ඉතිං එයත් බ්ලොග් එකක් පටං ගන්නවා... ඔය විදියට නිර්මාණකරණය ගැන ඒ තරම් තේරුමක් නැති උනත්, ලියන දේවල් ඇත්තටම භාෂාව ගලපලා ලියන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඉක්මණට ජනප්‍රිය වෙනවා... 

ඔය අතරේ පටන් ගත්තා අපේ සමාජයේ එළිපිට කතා කරන්නේ නැති දේවල්, කතා කරන්න බැරි දේවල් මේ බ්ලොග් අවකාශය ඇතුලේ කතා කරන්න ... ඇත්තටම ඉංග්‍රීසි බ්ලොග් වලයි, සිංහල බ්ලොග් වලයි මං දකින ලොකුම වෙනස ඒකයි.... ඇත්තටම සිංහල බ්ලොග් ඇතුලේ පෝස්ට් එකකට, කමෙන්ට් එකක් දැම්මම, ඒකට රිප්ලයි එකක් දාන්න පටං ගත්තේ මේ හින්දයි කියලා මං හිතන්නේ.. ඉංග්‍රීසි බ්ලොග් වල ලියවෙන ගොඩක් දේවල් ඒ අයට සමාජයේ එලිපිට කතා කරන්න පුලුවන් විදියේ මාතෘකා... ඉතිං ඒ අයට කමෙන්ට් දදා ඒවා කතා කරන්න ඕනේ නෑ.. ඒත් අපිට තාමත් ඒ නිදහස අඩුයි.. ඉතිං මේක ඇත්තටම හොද වේදිකාවක් සමාජ කතිකාවතක් හදන්න... විශේෂයෙන් දේශපාලනය වගේ මාතෘකා... ( මට ඒවා පටන් ගන්න කාලේ මඟඇරුනා මං හිතන්නේ.. විශේෂයෙන්ම ටැබූගේ පෝස්ට්... ) අඩුම ගානේ රට ඇතුලේ සංසරණය වෙන මාධ්‍ය වල අහන, දකින,කියවන දේට වඩා වැඩි දෙයක් ඒ සම්බන්ධයෙන් ලියවුනු බ්ලොග් පෝස්ට් එකක් සහ ඒකේ කමෙන්ට් ටික කියෙව්වම ගන්න පුළුවන්... 

ඔය මං කිව්වේ ව්‍යාපාරික හෝ ව්‍යාපෘතික වශයෙන් පවත්වාගෙන යන බ්‌ෙලාග් ගැන අතෑරලා... 

දැන් දැන් අලුතින් ප්‍රවණතාවයක් තියෙනවා ඉස්කෝල වල ප්‍රොජෙක්ට් සහ පාඩම් මතක තියාගන්න ක්‍රමයක් විදියට අවුරදු 17ට අඩු ළමයි පවා බ්‌ලොග් ලියන්න පටන් ගන්න එක... අර ඉස්සර කියනවානේ තව කෙනෙක්ට කියලා දුන්නම තමන්ට වඩා හොඳට පාඩම් හිටිනවා කියලා... මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ.. ඉතිං ඒක හොඳ ප්‍රවණතාවයක්... හැබැයි අම්මලා තාත්තලා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න එක නම් කෝකටත් හොඳයි... බ්ලොග් අවකාශයේ ඒ වයසේ ළමයින්ට තේරෙන්නේ නැති විදියේ සහ වයසට නොගැලපෙන විදියේ කතාබහ ඇතිවෙනවා කියන එක දැනගෙන හිටියම හරි... නැත්තම් සමහර වෙලාවට අවුරුදු 30ත් පැනපු බැඳලා ළමයි ඉන්න කට්ටියකගේ කතාවක් මැද්දට, අවුරුදු 12ක විතර ළමයෙක් පැනලා මරු කතාව කියල කිව්වම මට නම් පොඩ්ඩක් අප්සට් යනවා.. හි හි....

( මට සාධාරණ සැකයක් තියෙනවා ලංකාවේ සිංහල බ්ලොග් වලින් මුලින්ම පටන් ගත්තේ සෙක්ස් ගැන ලියවුනු ඒවද කියලා... මට මතකයි 2006 විතර වෙනකොටත් yahoo, Google ගෲප් තිබ්බා සිංහලෙන් ලියවුනු වැල කතා සහිත ඒවා...හි හි ) 

ඔන්න ඔහොම පටන් ගත්තා සිංහල බ්ලොග් එකින් එක වැඩි වෙන්න... මේ වෙනකොට ඒ අතරේ නිර්මාණාත්මක හැකියාවන් තියෙන අය, එහෙම බැරි උනත් කතාවක් රස කරලා කියන්න (ලියන්න) දක්ෂ අය, ආදරෙන් පැරදුන අය ( හි හි) , දේශපාලනික මතයක් ඉදිරිපත් කරන්න හදන අය හිටියා... 

ඔය අතරේ තිබ්බා අ‌ෙසනිය කුසුම නමින් රාජකීය විද්‍යලයේ තිබ්බ සාහිත්‍ය මහෝත්සවයේ කොටසක් විදියට සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමකුත්.. මට මතක විදියට 2009/2010/2012 වසර වල මේක තිබ්බා.. සමහර විට මම මේ කාල වකවානු ගැන නම් වැරදි ඇති... මොකද ඒ කාලයේ මම බ්ලොග් වලින් ඈත් වෙලා හිටපු නිසා.... 

ඔය අපේ සඳරු මලයා ලියන හිස් අහස , බුද්ධි ලියන සයිබර් යාය , එත‌ෙකාට කට්ටියම එකතු වෙලා ලියන ONE ZERO ZERO එහෙම ඔය විදියට සම්මාන ලබපු බ්ලොග් අඩවි තමයි.... තව තියෙනවා. ඒත් මට දැන් මතක නෑ... 

හරි.. හෑල්ල පැත්තකින් තියමු... මං මේක ලිව්වේ පොඩි දෙයක් පැහැදිලි කරගන්න.. ඒ කිව්‌ෙව් මටත් එක්කම..... මේ පරණ බ්ලොග් කියවන කොට මට හිතෙන දෙයක් තමයි මං මේ මොනවද ලියන්නේ කියන එක.. ඇත්තටම බ්ලොග් එක්ක බැලුවාම මං ලියන දේවල් හරියට මල් ගස් වටේ දුවන හින්දි පිචෑර් එකක් වගේ.. මෙලෝ රහක් නෑ.. උනාට බලාගෙන ඉන්න පුළුවන්...  හි හි... 

ඒත් ඒ බ්ලොග් වල ලියවුනු ඒවා සාහිත්‍යමය අතින් උසස්, භාෂාමය අතින් උපරිම ඉහලයි, රසවින්ඳනාත්මක අතින් උපරිමයි... ඒවා හරියට සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලේ ෆිල්ම් වගේ.. හි හි ( එහෙම කිව්වේ සමහර ලිපි ඔය මණ්ඩලේට අහු වුනොත් කැපිලා කෙටිලා , සුන්බුන් ටිකක් විතරක් එළියට එන්න ඉඩ තියෙන හින්දා.. හි හි) 

අදටත් ඒ වගේ නිර්මාණාත්මක, ලස්සන ලිපි පළවෙන බ්‌ෙලාග් තියෙනවා... මට කවි ටිකක් අරහං නිසා මං කවි ලියවෙන ඒවා බැලුවත් කමෙන්ට් කරනවා අඩුයි.. මොකද කියවලා මරු කයිය ඈ කියලා දාලා එන්න මට හිතෙන්නේ නැති නිසා.... ඒත් මම ඒ හැම එකම කියවනවා... 

දැන් ඉතිං මං මේ පෝස්ට් එකේ පුද්ගලික බ්‌ෙලාග් එකක් වත් ලින්ක් දීලා ප්‍රමෝට් කරන්‌ෙන් නෑ.. මං දන්නවා ඒවා ලියන අය පවා එහෙම කරනවට අකමති බව.. ඉතිං මට කියන්න තියෙන්නේ අපේ අලුතින් බ්ලොග් ලියන්න එකතු වෙච්ච කට්ටියට ඔන්න ඔය පරණ බ්ලොග් ටිකක් පුළුවන් නම් හොයාගෙන කියවන්න... සමහර විට බ්ලොග් වලින් කරන්න පුළුවන් මීට වඩා වැදගත් දෙයක් ඔයාලට අහුවෙන්නත් පුලුවන්.... 

ඒත් මෙන්න මේ බ්‌ෙලාග් එක, අමුතු කතාවක්, මෙච්චර කල් අහු උනේ නැත්තම්, පොඩ්ඩක් කියවලා බලලා, දිගටම ඇඳගෙන යන්න පුළුවන් නම් මං හරි ආසයි... මොකද මේක හරි අමුතු වැඩක්... මම දන්නේ නෑ මේක කාගේ අදහසක්ද, කවුද පටන් ගත්තේ වගේ දේවල්.. ඒත් මං හිතනවා අද වෙනකොටත් මගේ පෝස්ට් බලන, මේ වැඩේට සම්බන්ධ හෝ මේක කරන අයව දන්න කට්ටිය, මේ කතාව ආයිත් පටන් ගන්න කැමති අයට ඕනේ කරන විස්තර කමෙන්ට් එකකින් දානවා නම්... මොකද අදටත් ඉන්නවා හොඳ නිර්මාණකාරයෝ මේ බ්‌ෙලාග් අවකාශේ.... හරි .. මං බොරුද කියන්නේ ළමයි..... හි හි... 

‌ෆොටෝ එක ගත්‌තේ අමුතු කතාවක් බ්‌ෙලාග් එකෙන්... 

Friday, February 8, 2013

පුච්චපු බඩ ඉරිඟු කරලක මතකය...



නෑයෝ... 

මම මීට කලින් කීප වතාවක්ම ලියලා තියෙන මාතෘකාවක්... ඒත් අද මේ ලියන්න යන්නේ එක පාරක්වත් නොලියපු කතාවක්... 

කල්පනා කරලා බැලුවම ලංකාව පුරාම නෑයෝ ඉන්නවද කියලා හිතෙන තරමට අපේ තාත්ත කියන කතාවල කට්ටිය ඉන්නවා... හැබැයි ඔය අයගෙන් මම නම් දන්නේ කීප දෙනයි.. සමහරු ළඟම නෑයෝ.. සමහරු ඈතින් නෑයෝ... සමහරු නෑයෝ වගේ ඉන්න යාලුවෝ.. සමහරු හතුරෝ වෙලා ඉන්න නෑයෝ.... වෙලාවකට මට නම් මේ නෑකම් පැටලෙනවා.... 

ඔය අතරේ ඉන්නවා මේ පුංචි ලංකාවේ දුර ප්‍රමාණය නිසා ආශ්‍රයෙන් ඈත් වෙච්ච ළඟම නෑයෝ... අන්න එහෙම කතාවක් තමයි අද මේ ලියන්න ගත්තේ... 

ඉස්සර අපි හැමෝටම කාර්, වෑන් තිබ්‌ෙබ නෑ... දුර ගමන් යන්න, නිවාඩු ගත කරන්න යන්න සල්ලිවත, විවේකයවත් තිබුනේ නෑ... ඒක නිසා ළඟින්ම ඉන්න ඕනේ අය පවා ඈත් වෙලා හිටිය...ඒ වගේ අපෙන් ඈත් වෙලා හිටපු අපේ අම්මගේ ලොකු අයියගේ, මගේ ලොකු මාමගේ පවුලේ අය ගැන මගේ මතක ගැනයි මේ කතාව.. 

ලොකු මාමා ඉන්නේ අනුරාධපුරේ... ඇත්තටම මම කාලයක් යනකම් දැනගෙන හිටියේ නෑ ඒ මගේ ලොකු මාමා කියලා.. හේතුව ඉතිං කවදාවත් දැකලා නැති හින්දා තමයි.. ලොකු මාමා හිටියේ රට... නැන්දා එයාලගේ ගමේ.. ඒ කිව්‌ෙව් අනුරාධපුරේ හිටියේ.. මට ඒ කට්ටිය ගැන මුලින්ම යන්තම් මතකයක් තියෙන්නේ මම 8 වසරේ විතර ඉන්න කාලේ අනුරාධපුරේ ගිහින් අක්කෙකුයි අයියලා දෙන්නෙකුයි හිටපු ගේකට ගියා කියන මතකය විතරයි... 

පස්සේ කාලෙක, ඒ කිව්වේ මං ජොබ් කරන්නත් පටන් ගත්තට පස්සේ, අපේ මාමා වෑන් එක අරගෙන කො‌ෙහ හරි දිග ගමනක් යන්න ඕනේ කිව්වම අපි කිව්වා එහෙනං අනුරාධපුරේ යමු කියලා... 

ඔන්න වැඩේ ලෑස්ති කරගෙන යන්න පිටත් උනා කියමුකෝ.. මඟක් දුරට ගියාට පස්සෙයි දන්නේ මාමා ආනුරාධපුරේට යන්න පාර දන්නේ නෑ කියලා... ඒ පාර කඩේකින් මැප් එකක් අරගෙන ඒක බලාගෙන අනුරාධපුරේ ගිය ගමන තමයි මං ගියපු ජොලිම ගමන මෙච්චර කාලයක්.. මොකද වෑන් එකේ හිටපු කිසි කෙනෙක්ට නිදා ගන්න නම් හම්බුනේ නෑ මඟදි.. පාරවල් හොයන්නේ මායි මල්ලියි... ඒක ඉතිං එකම විකාරයක්... කාගෙන්වත් පාර අහන්නෙත් නැතුව, එක පාරක්වත් වරද්දගන්නේත් නැතුව, ලයිසන් නැති ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අනුරාධපුරේ ගිය හැටි අපි තාමත් කට්ටිය සෙට් උනාම කියනවා.. හි හි... 

කොහොම හරි අපි අතුරුආන්තරාවක් නැතුව අනුරාධපුරේට සැපත් උනාට පස්සේ මාමා, ලොකු මාමට කෝල් කරලා කිව්වා අපි මෙහෙ ආවා කියලා.. මෙන්න ඒ පාර එහෙනං එහෙ නවතින්න කියලා ආරාධනාවක්... ඉතිං අපි එහෙ ගියා... ඔන්න ඕකයි මට මතක පළවෙනි පාරට ලොකු මාමලගේ ගෙදර ගියා කියලා...

අපි එහෙ ගියාම හරිම පුදුමාකාර විදියට නැන්දා අපිව පිළිගත්තේ.. හරිම ලෙංගතු විදියට... මට හරිම අපහසුවක් දැනුනා ඇත්තටම ඒ කවුද කියලවත් මම නොදැන හිටපු හින්දා... ඒත් පැය කීපයක් යනකොට ඒ අපහසුව නැති වෙලා ගිහින් අපි කට්ටිය පිස්සු නටන්න පටන් ගත්තේ ගෙදරදි වගේම.. 

ලොකු මාමගේ දුවයි පුතාලා දෙන්නයි අපි යනකොට ගෙදර හිටියේ නෑ.. පස්සේ තමයි දන්නේ අක්කා බෝඩ් වෙලා ජොබ් එකක් කරනවා, ලොකු අයියා රට කියලා... ගෙදර හිටියේ පොඩි අයියා ධනංජය විතරයි...   

ධනංජය අයියටයි එයාගේ අම්මටයි වෙන වැඩක් තිබුනේ නෑ අපිට කන්න දෙනවට වැඩිය.. හි හි... හරියට සෝමාලියාවේ ඉදලා ආපු සරණාගතයෝ වගේ.. බලන බලන වේලාවට මොනවා හරි කන්න හදන එක තමයි නැන්දගේ වැඩේ... 

ධනංජය අයියත් නිවාඩු දාගෙන ඒ දවස් ටිකේම අපිව එක්කන් හැමතැනම ගියා.. ඒ යන ගමනුත් එක තැනකින් නවත්තලා බඩ ඉරිඟු අරගෙන වෑන් එකේ පිටිපස්සට වෙලා ඒක කාලා ඉවර වෙලා, ආයිත් තව තැනකින් අරගෙන කෑවා... ඒ තරම් බඩජාරියෝ ටිකක්.. 

වෑන් එක කිව්වට ඒක මේ සීට් දෙකේ වෑන් එකක්.. ඉතිං පිටපස්සේ යන කට්ටිය යන්නේ බිමට කොට්ට දාගෙන ඒවයේ ඉඳගෙන... හොඳ වෙලාවට වීදුරු ටින්ට් කරලා තිබ්බේ... හි හි... ඒක අමුතුම ජොලියක් ඉතිං.. අනිත් එක ඒ පැත්තේ හැම තැනම දන්න කෙනෙක් එක්ක යන පළවෙනි වතාව නිසා ගොඩක් අය නොදන්න තැන් වලට ධනංජය අයියා අපිව එක්කන් ගියා....

වෑව් වලින් නාලා, කවදාවත් ගිහින් නැති තැන් වලත් ගිහින්, ගෙදර එන ගමන් බඩ ඉරිඟූ හේනකින් බඩ ඉරිඟු කඩාගෙන ඇවිත්, ගිනි ගොඩක් ගහලා, ඒවා පුච්චලා දුන්නේ ධනංජය අයියමයි.... කිරි රහට හැපෙන පුච්චපු බඩ ඉරිඟු වලට ලුණුයි මිරිසුයි දාලා, බටර් චුට්ටක් දාලා කාපු කෑම තමයි මට එහෙදි කාපු රහම කෑම තාමත්... 

දවස් පහක් ඉඳලා, ඒ දවස් පහේම කාලා කාලා, ගියාට වඩා කිලෝ 10කින් විතර බරත් වැඩි කරගෙන ආවට පස්සේ ෆොන් එකෙන් අපි කට්ටිය නැති වෙලා තිබ්බ නෑදෑකම්, සහෝදරකම් ඇති කරගත්තා... එතනින් එහාට අපි ඇත්තටම පොඩි කාලේ ඉඳලා එකට හැදිච්ච අය වගේ හිටියේ, ඒ අයගේ තිබ්බ මනුස්සකම් නිසා කියලා මට තාම හිතෙනවා...

ඒ ගමනින් පස්සේ කීප පාරක්ම ආයිත් එහෙ යන්න හැදුවත් අම්මගේ වැඩයි, මල්ලිගේ විභාග වැඩයි එක්ක යන්න බැරි උනා... ඉතිං ධනංජය අයියා අපිට කෝල් කළාම කියන්නේ “ අම්මලා ඕනේ නෑ... නංගියි මල්ලියි දෙන්නා කොළඹින් බස් එකේ නඟින්න, මං ගල්කුලමෙන් ඔයාලව බස්සගන්නම්... කියලා.... 

අවුරදු දෙකකට පස්සේ රස්සාවෙන් හෙම්බත් වෙලා හිටපු වෙලාවක, මෙදා පාර නම් තනියෙන් හරි යනවා කියලා හිතලා ධනංජය අයියට කෝල් එකක් දෙන්න හිතනකොට, අපේ අම්මා කෝල් කරලා කිව්වේ මං හීනෙන්වත් හිතපු නැති දෙයක්.... 

 ධනංජය අයියා නැති වෙලාලු.. 

මගේ ඔලුවට හෙණයක් වැදුනා වගේ දැනුනේ... එදා උදේ හීනෙන් වගේ ධනංජය අයියව මතක් වෙච්ච හැටි මට අදටත් මතකයි.... පුදුමාකාර අහිංසක කොල්ලෙක්.. ඒ වගේම හරිම ආදරණීය අයියා කෙනෙක්.. එයා ගැන කියන්න මට වචන නෑ තාමත්... එයා නැති උනේ ඩෙංගු හා සමාන ලෙඩක් හැදිලා... 

මළගෙදරට ආපු හැ‌මෝම කියපු එක දෙයක් මට හොඳට මතකයි... වැඩි කාලයක් මෙහෙ ඉන්න බලං ආපු දරුවෙක් නෙවෙයි... ඒකයි ඉක්මණට ගියේ ...”..  මම අයියා කිව්වට එයා මට වඩා වැඩිමල් මාස ගානකින් විතරයි... 

ධනංජය අයියගේ තුන්මාසේ දානේ දුන්නේ එයාම කරපු කුඹුරේ වී වලින්... අවුරුද්දේ දානේට ගියාට පස්සේ මම තාම එහෙ ගියේ නෑ.... ලොකු මාමට අංශභාගේ හැදුනලු.. මට ඒත් යන්න බැරි උනා... අපි ආශ්‍රය කළේ පුංචිම පුංචි කාලයක් උනත් ධනංජය අයියා තමයි මට හිටපු ආදරණීයම අයියා... අදටත් එයාගේ මතකයට මාව අඬවන්න පුළුවන්.. 

බඩ ඉරිඟු පෙරේතයෙක් වෙච්ච මට, බඩ ඉරිඟු දකිනකොට මේ මතකය එකපාරටම අලුත් වෙන්නේ දරාගන්න අමාරු විදියට තාමත්... 


මේක ලියන්න මට හිතුනේ දඬු වැට පැනලා නවදැලිහේන බ්ලොග් එකට ගිහින් කියවපු කතාවක් හින්දා .. බඩ ඉරිඟු පුච්චලා කන එකේ මගේ මතකය වේදනාත්මක උනේ මේ සිද්ධියෙන් පස්සේ... කාලෙකට පස්සේ අමුතුම විදියකට ලියවෙන බ්ලොග් එකක් ඒක... ස්වාභාවික පරිසරයත් එක්ක ඉන්න ආස උනත්, ඒකට ඉඩක් නොලැබෙන අපි වගේ අයට කියවලා හරි ඒ වින්දනය විඳින්න ඉඩ ලැබෙන එකත් ලොකුදෙයක් කියලා හිතෙනවා...

Tuesday, February 5, 2013

කතන්දර අච්චාරුවක්...


පහුගිය ටිකේ බ්ලොග් එක ලිවීම හිතාමතාම අතෑරලා හිටියා වගේ කියලා හැඟීමක් හිතේ තියෙනවා... බ්ලොග්ස්පොට් අවුල නිසා දවස් තුනක් විතර අතෑරියත් කතාවේ කෑලි දදා බොරු කර කර හිටියා කියලා පිළිගන්නම වෙනවා... 

ගිය ටිකේ දැකපු, අහපු, කියවපු, කතා කරපු වැදගත් දේවල් කීපයක් තිබුනත්, ඇත්තටම බ්ලොග් එකේ ලියන්න තරම් වැදගත් දෙයක් හරි, මට කතා කරන්න තේරුමක් තියෙන දෙයක් හරි නැති උනා කියලා කියන එක නිදහසට කාරණයක් වෙයි කියලා හිතනවා... 

ඒ මදිවට බරපතල විදියේ හින්දි ෆිල්ම් පිස්සුවක් හැදිලා තිබ්බ එකත් එක හේතුවක් උනා... ගිය මාසේ බයිට් ටික ඉක්මණටම ඉවර උනා... ඒක නිසා ‌ෆිල්ම් ඩවුන්ලෝඩ් කරපු එකම තමයි කළේ... හි හි... 


හි හි.. පේනවනේ පිස්සුවේ තරම... ( දැන් බැනපල්ලා මට...) 

කොහොමහරි එක එක දේවල් නිසා බ්ලොග් එකේ වැදගත් දෙයක් නම් ලියවුනේ නෑ... 

අද උනත් ඒ තරම් ලොකු දෙයක් ලියන්න නෑ වගේ.. හි හි... 

ඒත් පොඩි දෙයක් තියෙනවා.... අද අපේ මලයගේ උපන් දිනේ.. කලින් උන්දෑ ගැන මම පෝස්ට් එකක්ම ලිව්ව නිසා ආයිත් එයා ගැන ලියන්න දෙයක් නැ.. ඒක නිසා ඒ පෝස්ට් එකට ලින්ක් එකක් දාලා ෂේප් වෙනවා... හි හි.. 

උදේම ඒකට කතා කරලා බැලුවම නෝ ආන්සර්.. දැන් මට කෝල් කරලා අහනවා කෝ ඕයි මට විෂ් කරන්නේ නැද්ද කියලා... හි හි

හරි.. පල් හෑලි ඇති... 

ගිය ටිකේ එක එක වැඩ අස්සේ කරන්න ආසම නැති වැඩක් කරන්න සෙට් උනා.. ඒ තමයි කුලියට ඉඳලා ගෙවල් අස්කරගෙන තව තැනකට යාමේ මහා මෙහෙයුමක්.. හි හි

මේක ඇත්තටම මට අලුත් අද්දැකීමක්.. මට යමක් කමක් තේරෙන කාලේ ඉඳලම අපි හිටියේ ලෑලි ගහලා, පොල් අතු හෙවිල්ලපු උනත් අපේම කියලා ගේක... කවදාවත් බඩු පැක් කරගෙන වෙන ගේකට යෑමේ අත්දෑකීමක් මට තිබුනෙ නෑ කසාද බැඳලා එනකම්... ඔන්න ඊට පස්සේ තමයි මේ අත්දෑකීම ලැබුවේ..

අපේ ගෙදර නම් ඇත්තටම පරම්පරා ගනන් පරණ බඩු තිබුනේ නෑ.. ඒ ඉතිං එකක් අපේ අම්මලා තාත්තලා පරම්පරාවෙන්ම දුප්පත් මිනිස්සු නිසා... අනිත් එක ඒ වගේ බඩු ගොඩ ගැහීමේ පුරුද්දක් අම්මටයි තාත්තටයි දෙන්නටම තිබුනේ නැති නිසා... අම්මා පාවිච්චි නොකරන බඩුවක්, වැඩක් ගන්න පුලුවන් කෙනෙක්ට, පාවිච්චි කරන්න පුළුවන් තත්වෙන් දීලා දාන එක අපේ අම්මගේ පුරුද්ද නිසා... අම්මලාගේ වෙඩින් එකට හම්බුන වීදුරු සෙට් පුරෝලා තිබ්බ කැබිනට් එකක්ම අම්මා ගෙවල් ළඟ කේටරින් සර්විස් එකක් පටන් ගත්ත කෙනෙක්ට දීලා දැම්මේ, ඒවයින් අපිට වැඩක් නැති එ‌ෙක් කවුරු හරි වැඩක් ගනියි නේ කියලා...

දැන් උනත් අම්මා නම් තමන්ට වැඩක් නැති බඩුවක්, අවශ්‍ය කරන කෙනෙක්ට දෙන්න දෙපාරක් හිතන්‌ෙන් නෑ.. ඒ වගේම අනේ කවදහරි ඕනේ වෙයි කියලා අවුරුදු 20 -30 ගනන් පරණ කැඩිච්ච බඩු පරිස්සම් කරන්නෙත් නෑ... සිහිවටන විදියට තියෙන පුංචි දේවල් කීයක් ඇරෙන්න ( ඒවත් පොඩි බිස්කට් පෙට්ටියකට අහුරන්න පුලුවන් තරමේ ඒවා..) මහා ලොකු දේවල් නම් ආච්චිලා සීයලා මතක් වෙන්න කියලාවත් තියාගෙන නෑ....

ඇත්තටම මේ වගේ ගෙයක් මුල ඉඳලා අගටම අස් කරන වෙලාවට තමයි හිතෙන්නේ අපි කොච්චරනම් වැඩකට නැති දේවල් ගොඩගහගෙන ඉන්නවද කියලා ගෙවල් අස්සේ...

අපේ මිනිස්සුන්ගේ වැඩ මහ විකාරයි කියලා මට හිතුනා... 

පුදුමාකාර කුණු ගොඩක් තිබ්බා ඒ ගේ ඇතුලේ.. කැඩුන බඩු හදන්න පුලුවන් කියලා තියාගෙන ඉන්නවා අවුරදු ගනන්.. නිකම් දිරලා ගියත් හදන්න පුලුවන් කියලා ගොඩ ගහගෙන ඉන්නවා... පරම්පරා ගනන් පරණ ලී බඩු... කකුල් කැඩිච්ච පුටු කෑලි.. දිරච්ච යකඩ කෑලි... හයියෝ.. 

ඇත්තටම ඇයි අපේ මිනිස්සු මෙච්චර කුණු ගොඩගහගෙන ඉන්නේ ගෙවල් වල.... 

මේ ගැන වැඩි විස්තරයක් මම ලියන්නේ නෑ අද.. වෙන එකක් නෙවෙයි මතක් වෙනකොටත් මට පිස්සු වගේ නිසා.... හි හි...  කාට හරි අදහසක් තියෙනවා නම් මේ ගැන ඔන්න ඒ ගැන කතා කරන්න කමෙන්ට් තීරුවේ ඉඩ තියෙනවා වෙනදා වගේම... 

හා තව එකක්... මම කමෙන්ට් බොක්ස් එක ඔන්න උඩින්ම දැම්මා..තරියා නහයෙන් අඬලා තිබ්බනේ කමෙන්ට් බොක්ස් එක හොයන්න යන්න කම්මැලියි කියලා... හි හි.. 

මං දන්න html එකක් නෑ.. සංජය සිතුවිලි එකේ තිබ්බ පෝස්ට් එකක් බලාගෙන හදාගත්තේ.. සංජයට බොහොම ස්තූතියි.. මගේ වගේ මෙලෝ දානයක් දන්නේ නැති එකෙක්ටත් තේරෙන විදියට කියලා දුන්නට... මේක හරි නෑ කියලා හිතෙනවා නම් කියන්න හොඳේ.. මං ආයිත් වෙනස් කරන්නම්.... 

( මීට පස්සේ, වෙනදට කට්ටියගේ කමෙන්ට් හරහා ඇතිවෙන රසවත් සංවාද වලට නැවතීමේ තිත තියවෙයිද කියලා මට බයකුත් තියෙනවා.. හි හි.. ) 

මේ ඉන්නේ බර්ත් ඩේ බෝයි... 



HAPPY BIRTHDAY ම‌ෙග් වදකාර මලයෝ..... 

Saturday, February 2, 2013

ගෙදර ඉන්න එකත් පිස්සු හැදෙන වැඩක්... පාරමී දම් 8 කොටස





සුද්දී.... මං අද හැමෝටම කියනවා.. ඉන්නවකෝ....


සුදු අයියා එහා කාමරේ ඉදන් කෑ ගැහුවා.. 

අනේ එපා සුදු අයියේ...

මං එයාට කෑ ගැහුවා අඬ අඬම..මෙයාගේ කට ගැන මම දන්නැද්ද.... මොනවා කියයිද දන්නේ නෑ.. 

නෑ...මං කියනවාමයි..

අම්මා මාව තනිකරලා දාල යන්න බෑ කියලා විමලක්කව එනකම් මං ගාව හිටියා.. විමලක්කා කාමරේට ආවේ මට නෝණ්ඩියට හිනාවේගෙන... 

 මොකෝ මේ අඬන්නේ...”

විමලක්කා මාව තුරුළු කරගත්තා.. 

අරයට කියන්න යාලුවන්ට කියන්න එපා කියලා...”

හරි හරි... ඔන්න කසුන් බේබි මුකුත් කියන්නෑ හොඳේ.. පවුනේ අපේ චූටි....

විමලක්කා හයියෙන් කිව්වම අයියා ආයිත් කෑ ගැහුවා නෑ මං කියනවාමයි කියලා...ආපු කේන්තියට මං මගේ කොටේටේ අරන් බිත්තියට උඩින් එහා කාමරේට විසි කළේ ඒක අයියට වැදෙයි කියලා හිතලා... කොහෙද.. ඒක රිටන් උනා ආයිත් මගේ කාමරේටම... එයා ඉතිං බාස්කට්බෝල් කාරයානේ... 

මං ඉතිං දැන් ගෙදර ඉන්න එපැයි.. අයියා නං ඉස්කෝලේ ගියා... මාර පාළුයි.. අප්පච්චි හොඳ වෙලාවට අලුත් පොත් වගයක් ගෙනත් තිබ්බ හින්දා, මං ඒවා කියව කියව කාමරේට වෙලා හිටියා.. මට කන්න ජාති නං වැහි වැහැලා... අප්පච්චියි අයියයි පළතුරු බෑග් දෙක්කම ගෙනත් දුන්න නිසා දවල්ට කන්න කියලා හම්බුන තැම්බුම් හොද්ද ජනේලෙන් එළියට විසි කරන්න පුළුවන් උනා... 

සුදු අයියා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන‌ෙකාටත් මං කාලා නෑ.. ගෙදර ඉන්න දවසට දවස තිස්සෙම කෑවත් බඩ පිරෙන්නේ නෑ.. ඒත් බතුයි පරිප්පුයි කන්න පුළුවන් මොකාටද... මං හිමීට සුදු අයියට කතා කළා... 

සුදු අයියේ.. අනෙ මේවා කන්න බෑ හලෝ...  
මං ඇඳ උඩට වෙලාම හිමීට කිව්වේ අයියා ඒ ළඟපාත ඉන්නවා කියලා දැනුන නිසා..  

ඔහොම තමයි.. හොඳ වැඩේ.. අපි නං මෙහෙ හොඳට වැඩ දෙනවා..

මේකා නං හරිම නරකයි.... මට සුදු අයියත් එක්කත් තරහා ගියා... 

හරි හරි... ඉන්නවා බලන්න මොනා හරි තියෙනවාද කියලා ගෙනත් දෙන්න..

හොඳ සුදු අයියා.. 

ඕයි.. පපඩමක් විතරයි උස්සන්න පුළුවන් උනේ... ආ ගන්නවා..

ටික වෙලාවකින් එහෙම කියාගෙන ඇවිත් පපඩමක් දික් කළා කාමරේට... වෙලාවේ හැටියට ඒකත් දිව්‍ය බෝජනයක්... පපඩමේ පිහිටෙන් මං බත් ටික කෑවා...  

මතු සම්බන්ධයි... 


ප/ලි 

මේ දවස් ටිකේම ඩයලොග් අවුලක් හින්දා බ්ලොග්ස්පොට් වලට යන්න බෑ මට..  ( දහපාරක් විතර කෝල් කළාට පස්සේ පිළිගත්තා එයාලගේ අවුලක් කියලා.. ඒ මදිවට එතන ඉන්න සමහර කට්ටිය බ්ලොග් කියන්නේ මොනාද කියලා දන්නෙත් නෑ කියලා කෝල් කරපු සමහර කිව්වා .. හි හි ) 

අපේ රටේ පාරිභෝගික සේවාවන් ගැන මල් හතේ රිපෝට් එකක් හිතේ තියාගෙන‌ මේ දවස් ටිකේ බැන බැන ඉන්නවා.... ඒක නිසා කමෙන්ට් නොදැම්මට කට්ටිය සමාවෙන්න හොදේ... රීඩරෙන් කියවන්න පුළුවන් නිසා පෝස්ට් නම් හැම එකම කියවනවා... එච්චර තමයි ඉතිං... ඒක නිසා කමෙන්ට් දාන්න නම් බෑ...  අඟහරුවාදා වෙනකම් මේ සන්තෑසිය තියෙයිද දන්නේ නැති නිසා මේක දාන්න හිතුවා.. මේක දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා...