Monday, November 11, 2013

රූං පෙත්ත සහ ආගන්තුක සත්කාරය... CHOGM Style


මේ.... 

කට්ටියක් එනව ගෙදට්ට... 

මේ පරණ පුටු වල ඉඳගන්න දෙන්න පුළුවනෑ... 

දම්රෝ එකෙන් අලුත් සෝෆා එකකුයි, ඩයනින් ‌ටේබල් එකකුයි, පුටු ටිකකුයි ගේමු... 

කර්ට්න් ටිකක් මහගන්නත් ඕනෙ.. 

ඒ මිනිස්සු හොඳ තැන් වල මිනිස්සු... 

අපිත් ඒ ගානට ඉන්න එපැයි... 

නැත්තං අපිටනේ ලැජ්ජාව... 

හොඳ තැනකින් කෑම ඕඩර් කරමු.... 

McDonald හරි KFC හරි කෑම ඕඩර් කරමු... 

අපිටත් ඒවා තියෙනවා කියලා පෙන්නන්න එපැයි... 

සල්ලි නෑ තමයි අනේ... 

අපි ලෝන් එකක් ගහමු...  

ගිනි පොළියට හරි කමක් නැ... 

පස්සෙ ගෙවාගන්න බැරියැ... 

මෙහෙම චාන්ස් එකක් ආයිත් එන්නෙ නෑ නේ.... 

97 comments:

  1. ඔව් ඔව් සිරි ලාංකික සත්කාරය එහෙම නේහ්..

    ReplyDelete
  2. ගෙවන්නෙ පස්සෙනෙ ඉස්සෙල්ල ආගන්තුක සත්කාරය කරල ඉම්මුකො,නැත්නං ආයමත් මේ ගොල්ල අපේ ගෙවල් පැත්ත බලන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ ඉතිං.. එනවයි කියලා මාසයක් දෙකක් කන්න බොන්න දේවල් වල් අරං එනවා නං කමක් නෑ... හි හි

      Delete
  3. කුසට නැතත් සළු පිළි පෙරවීමට වෙර දරනා - වීරසිංහ
    ඔහු කියන, කරණා දෑ, හරි හෝ වැරදි, මහ ඉහලින් පිළිගන්නා - සුදු හාමිනේ
    තම ආත්ම ලාබය උදෙසාම කටයුතු කරනා, වැරදුනු විට ඇත්වෙන, හරියන විට ලන්වෙන දරු කැල - රින්ස්ලි, සුනිමල් හා රන්ජනී
    සියල්ල දෙස උපේක්ශාවෙන් බලා සිනාසෙන - බලදේව
    බලදේවගේ අඩිපාරේ යන - සූර තිස්ස

    මේ සියලු චරිතයනට අඩු වැඩි වශයෙන් පණ පොවමින්, අප සියල්ල එක්ව රඟනා නූතන යශෝරාවය හෙවත් CHOGM . දැන් පෙන්වනවා !

    ReplyDelete
    Replies
    1. මසුරං කමෙන්ට් එක සෙන්නා!!!!!!

      Delete
    2. ඔය තියෙන්නෙ අයිඩියා.... හි හි...

      Delete
  4. ඔවු ඔවු ළමයි හරි ගෙවන්නෙ නැතැයි පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ගෙවන්න බැරි නං මූදෙ පනින්න බැරියැ... හි හි

      Delete
  5. ළෝකේ ළොකුම මගුල් ෆොටෝ එකක්ද මොකක්ද ගහලත් මගුලක් නටපු රටනේ..

    අපේ අය ළෝකේ අනිත් අයට වඩා වෙනස්නේ..

    ReplyDelete
    Replies
    1. පව් නේ බං...අනික් රටවල් වල මිනිස්සුන්ට පුලුවනෑ ඔහොමදෙයක්..!

      Delete
    2. මඟුල කරපු උන්ට නං මං මොකවත් කියන්නේ නෑ.. උන්ගේ සල්ලිනේ.. අපිට මොකෝ... සල්ලි තිබ්බට මෝඩකම වහන්න බෑනේ... හි හි

      Delete
  6. චෝගම් = ණයට මඟුල් කෑම !

    ReplyDelete
    Replies
    1. වෙනසක් නෑ නේද... හි හි

      Delete
  7. අක්කේ සිංහල මිනිස්සු ආගන්තුක සත්කාරයට හරි දක්ෂයි නොවැ.............

    ReplyDelete
    Replies
    1. ආගන්තුක සත්කාරය කියන්නේ මොකද්ද කියනෙක පටලොගත්තම මෙහෙම තමයි... හි හි

      Delete
  8. අපෙ ඉන්නව බං මාමෙක්..හෙහ්, හෙහ්, අම්මගෙ ලොකුම අයිය...එක ජාතියක පොර..කිව්වොත් කිව්වම තමයි...ආය පන්සලේ ලොකු හාංදුරුවො කිව්ව උනත් තඹ සතේකට ගණං ගන්නෙ නෑ. කොටිම්ම හාමුදුරුවොත් බයයි මේ වසවර්තියට..

    පොර හරිම කැමතියි රටේ ලෝකෙ මිනිස්සු අතර මිනිහට ලොකු පිළිගැනීමක් තියනවය කියල පෙන්නනට. ඕකට කරන්නෙ බලෙම්ම බාර ගන්නව එක එක උස්සව පවත්තන්ට මිනිහගෙ ගෙදර. එක පාරක් එයයිගෙ වත්තෙ අවුරුදු උස්සවයක් පවත්තන්ට ඕනය කියල පුක විකාගෙන දැඟලුව. ඒත් වැඩේ හරිගියෙ නෑ..ඕකට බොහෝම විස්සෝප වෙලා හිටිය කාලයක්.

    මෙදා පාර ඔන්න ගමේ ගෙවල්වල ගෘහ මූලිකයො ඉන්නවනෙ ....උන්දලගෙ රැස්විම කොහොම හරි ගෙදර තියාගන්ට වැඩේ සැට් කරගත්ත. හැබැයි එකක් තියෙන්නෙ ගෙදර උගස් කරල හරි මිනිහ උස්සවේ නම් ගන්නව කාටවත් කිසිදෙයක් නොකියන්ට..අන්න එහෙමයි අපෙ ඔය මාම. ආ..තව එකක්..මිනිහ ආගන්තුක සත්කාරෙට කොච්චර කැමතිද කියනවනං මේ ආතල් එකට එන්නෙ නැති ගෘහ මූලිකයින්ට පස් පඩංගුවෙ බණිනව හවස දෙකක් දාගෙන හන්දියක් හන්දියක් ගානෙ.......

    ReplyDelete
    Replies
    1. ආ මම දන්නව බං ඔය මාමව,ගෘහ මූලිකයන්ට බනින ගමන් පපුවට තඩිබාගන්නව නේද දේයි දේයි කියල.

      Delete
    2. අන්න හැලප්ස් උඹ දන්නව පොර ගැන...ගෙදර අය වෙනුවෙං අර මොන පුටුවෙ ද උනත් ඉඳගන්ට බය නෑය කියල අම්මාපල්ල දේයි දේයි ගාල පපුවට ගහ ගන්න ගහ ගැනිල්ල තමයි ගහ ගැනිල්ල..සත්තෝද්දියානෙ ඉන්න ගෝරිල්ලො උනත් බය වෙල බලා ඉන්නව තුස්නිම්බූත වෙලා..හෙහ්, අන්න එහෙමයි අපෙ ඔය මාම…

      පොරට කාලෙන් කාලෙට එනව එක එක විසිවිත්තර අයිඩියාස්..ඔන්න කාලයක් ඉස්ටේජ් වලට නඟින්නෙ නෑ හනුම ඉන්දියාවෙ ඉඳල ලංකාවට පැන්නැහෙ දබෝරියං ගාල පනිනව ඉස්ටේජ් එකට..හෙහ්, හෙහ්...හිනා කාල මැරෙනව ඕයි..අහවල් මඟුලට ඉස්ටේජ් එකට නඟින්ට පඩි හදනවද මන්ද...

      Delete
    3. අපෝ ඔය මාමා මාත් අඳුනනවා.. එහා ගෙදර එකාට දෙයි ආයේ නෑ පොරි හැලෙන්න.. ඌ හීතලටද මන්දා තලප්පාවක් ඇඳන්,, බොම්බයි මොටයි කිට් එකකුත් ගහගෙන ඉන්න අහිංසකයා..

      Delete
    4. හැමෝම දන්නවනේ බොලේ ඒ මාමා ගැන.. හි හි

      Delete
  9. අනිවාර්යෙන්ම... එහෙම තමා..
    බඩ පිට පොත්තට ඇලුනත් සල්ලිකාරකම පෙන්වන්ඩ එපෑ. :)

    ReplyDelete
  10. වියදම් ගියාට මොකද ඕකෙන් ගොඩක් වාසි අත්වෙනවලු නේ. අපිට නොතේරුනාට. එකනේ ඔය දැන්වීම් දම දමා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕ යෑෂ්... වාසි තව ටික කලෙකින් බලාගත්තෑකි අර පැලැස්තර අලෝපු පාරවල් වල ගල් ගැලවිලා පාරවල් වල යන්න බැරි වෙන ගානට ආවම... හි හි

      Delete
  11. ගියාට පස්සේ වේලක් දෙකක් නොකා මාස ගානක් ඉන්න එක ඒ හැටි දෙයක් නෙවේනේ

    ReplyDelete
  12. අනිච්චන්..දුක්කන් ...සංසාරේ..කියනව ඇරෙන්න වෙන මොනවා කියන්නද අෆ්ෆා මේවට.

    ReplyDelete
    Replies
    1. කියන්න නං මෙහෙම හරි බැරියැ.. කරන්නනෙ දෙයක් ඇත්තෙම නැත්තෙ.. ඒක තමයි ලොකුම කරුමෙ...

      Delete
  13. ණය ගමු බන්ස්ලා ගෙවන්නේ අපි නෙවෙයිනේ ...නැද්ද මන් අහන්නේ ....!

    ReplyDelete
  14. මේ පින්තූරේ නොදා ලිව්වනම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ ගානක් දීලා හදපු ලෝගෝ එක... පුළුවන් තැන් වල පාවිච්චි කරන්න එපැයි සුදීක අයියෙ...හි හි ...

      Delete
  15. සහතික ඇත්ත හිරුවෝ...

    ReplyDelete
  16. ලෝකෙට පරකාසේ ගෙදරට මරගා‍තෙ කියන්නෙත් මේ වගේ වැඩවලට තමයි.... අපිට තියෙන්නෙ ඉතින් යාංතං කාල ඇදල... වැඩිමනත් හූල්ලලා ගන්න තඹ දොයිත්තක් ‍‍ඓශ්චර්ය වෙනුවෙන් ගෙවල දාන්න තමයි...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ තරූ... අපි කන බොන හැටි දන්නවං නං මුන්ට මේ පිස්සු කෙලින්න සල්ලි වියදම් කරන්න බෑ.. ප්‍රශ්නෙ අපි කන බොන හැටි මුන් දන්නෙ නැති කම... උන් හිතං ඉන්නේ අපිට අඩු වෙලා තියෙන්නෙ දැං KFC, McDonald විතරයි කියල...

      Delete
  17. දැන් ඕවා ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද ගත්තෙ ?.... කමක් නෑ සෝෆා එකක් අරන් අලුත් කර්ටන් එහෙම දාගන්න චාන්ස් එකක් ලැබෙන්නෙ මෙහෙමත් වෙලාවකනේ

    ReplyDelete
    Replies
    1. ඒක නං ඉතිං එහෙමයි තමයි....

      Delete
  18. කන්න නැත්ත මොකටෙයි. අර පැය ගානෙන් හැදපු බස් හෝල්ට් ටික දැක්කත් බඩකට පිරෙනවා නොවැ.
    ඒ විතරක්ද පාරට බැහැලා බලන්න එපෑයැ. අර පේමන්ට් එකට අල්ලලා තියෙන රතු කැට. ෂා.
    මේ යන විදියට අපිව ලගදිම පේමන්ට් එකට වැටෙනවා එදාට අපිට ආඩම්බර වෙන්න පුලුවන් අපි නිදියන්න රතුකැට උඩ කියලා.
    :-) :-)

    ReplyDelete
    Replies
    1. ඇයි අර 9 වෙනිදා මහ දවාලේ පාරවල් වල තාර දාගෙන, ඒවා වේලෙන්නත් කලින් සුදු ඉරි කහ ඉරි ඇඳපුවා... හි හි

      Delete
  19. සමාවෙන්න හිරැ මටනම් මොකුත් කියන්න අයිතියක් නෑ වගෙයි මට හිතෙන්නේ මොකද මම රටෙත් නෑ. රටින් පිට වෙලත් අවුරැදු විස්සක් වෙන්නත් ළඟයි. මොනවා හරි කමක් නෑ අපේ රටට වැඩක් වෙන දෙයක් කලොත් මට ඒ ඇති...

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන දෙයක් නේද... බලමු කල්පනා කරල බලල... හි හි

      Delete
  20. සමහරු නම් එන්නෙ අපිටම කෙලවන්න තමයි ඒත් කමක්නෑ ලස්සෙට කොඩිය දාල ගුටිත් කාල පස්සෙ හිඟාකෑවත් මොකෝ ?

    ReplyDelete
  21. දැනුත් මේ හයි වේ එකේ ගිහින් ආවා විතරයි...මුකුත් කියන්න එපා අපේ අයියට

    ReplyDelete
    Replies
    1. හටයිවේ එක ගැන නං මුකුත් තියෙන්නෙ නෑ .. මං කලින් පෝස්ට් එකකුත් ලිව්වනෙ ඒක ගැන... හැබැයි අර යටමඩි ගහගත්ත සල්ලි ටික ගැන නං කතා කරන්න වෙනව.. 60% දීලා 40% ගහගත්තට කමක් නෑ... හැබැයි 20% දීලා 80% ගහගන්න එකට කැමති වෙන්න බෑනේ... හි හි (සංඛ්‍යාලේඛන උපකල්පන පමණයි.. නැත්තං එයි කොහෙන්ද සංඛ්‍යාලේඛන කියල අහගෙන කඩු පොලු උස්සන්.. හි හි... ...)

      Delete
  22. Replies
    1. ඇත්තටම හිරු මට තේරෙන්නේ නැත්තේ එළිපිට මේ තරම් සහගහන වංචා කිසිම බයක් නැතුව කරන්නේ කොහොමද කියලා ..

      හරියට නිකන් පුද්ගලික ආයතනයක් ගාණටම වැටිලනේ රට....එයාලට වඩා ලොක්කෝ මේකේ නැද්ද ?

      Delete
  23. වෙබ් අඩවිය හදන්න කෝටි ගාණක් ගියාලු....මේ ලෝගෝ එක හදන්නත් ලක්ෂ ගාණක් යන්න ඇති...දවස් දෙකක් පාවිච්චියට ගෙනාපු වාහන වල වියදම ලක්ෂ 1600

    රූං පෙත්ත කැරකෙනවා...පාන් පෙත්ත උඩයනවා
    මාමා අපිට සුරංගනා කථා කියනවා...
    අපිත් ඒවා කට බලියං අහං ඉන්නවා........ටකර ටකර ටකර ටකං......

    ReplyDelete
    Replies
    1. හික්.. ඒක නං ගානට ගැලපිලා තියෙනවා සිරෝ...

      Delete
  24. ණය වගේද අනේ අපේ සායම යයි ජැන්ඩියට නොහිටියොත්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... හි හි

      Delete
  25. කන්න ගත්තු බත් පත වුනත් දන් දෙන ජාතියක් වෙච්චි කොට...මට නිකන් ඕක පේන්නේ චුවින්ගම් කියල ..වෙනසකුත් නැහැ ඉතින් ..හපේ විතරයි...

    ReplyDelete
    Replies
    1. බින්දි, හයියෙන් ඔය පැත්තට එනවලු නේද ? ඕගොල්ලනට අවුලක් නැද්ද ? කෝකටත් පරිස්සමින් !

      Delete
    2. @බින්දි,

      ලස්සන කමෙන්ට් එක. හී හී...

      ඔව් ඔව් මමත් නිව්ස්වලට ඒක දැක්ක හටියේ මතක් උණේ ඔයාව. මග ඇරලා ගියාද? මග එනවද?

      Delete
    3. හපේ විතරයි නේන්නං.... ඒකත් දැන් තැන් තැන් වල අලවගෙන ලෙඩක් කරගත්තෙ...

      Delete
  26. උස්බෙකිස්තාන් වලින් නාඹර ගැටිස්සියොත් ගෙන්නලයි කියන්නෙ..අපිනම් දන්නෑ රට්‍ටු කියන කතා...!!!

    අනේසාදු..!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල එයා ටිකට් ගණන්ද බං?

      Delete
    2. ඇයි අයියෙ ලංකාවට එන්න හිතුනද..?

      Delete
    3. නැතුව බං, චෝගම් බලන්න හිතුණා,හොඳ නෑනෙ රටේ වැඩක්නෙ.

      Delete
  27. අපේ ඩැඩී කිව්වා වගේ...බොන්නේ විස්කි-රෙන්නේ බාල්දියේ...

    රෙන්න කියන වචනේ පොඩ්ඩක් කැතයි හිරූ.....ඒත් ඉතින් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. කැත උනාට හරි යන්නෙ ඒ වචනෙ නං ඒක කියනවා ඇරෙන්න වෙන මොනා කරන්නද අරෑ...

      Delete
  28. ආගන්තුක සත්කාරය සෑහෙන්න වටිනවනේ අක්කේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. හි හි...

      Delete
  29. මෙහෙමයි ඉතිං.... පුරස්නේ තියෙන්නේ චුවිංගං එකේ නෙමෙයි... ඒ කාලෙට ණය වෙන එක වැඩිපුර පේන්න තිබ්බට, අනිත් කාල වලත් වෙන්නේ ඕක තමයි...

    ReplyDelete
    Replies
    1. ණය වෙලා පාරක් තොටක් හරි හරියට හදනව නං ඒකත් එකක්.. ඒවත් උඩින් පැලැස්තර අලෝනවා විතරයි...

      Delete
  30. චුයින්ගම් එකක් නොවුනොත් හොඳයි.ණයවෙලා මඟුල් කෑවාම ඒ නය ගෙවන්න වෙන්නේ ගෙදර උන්ටලු ඈ

    ReplyDelete
    Replies
    1. අයිත් අහලා.. දැං ගෙවපල්ලකෝ ඉල්ලන් කාපුවටත් එක්කම...

      Delete
  31. මඩ ගහනවනම් නෙවෙයි...ඒත් ඉතින් මේව නොකියත් බැහැ...ඔය දැන් තියනවයි කියන එකේ ප්‍රතිලාබ ලගදීම ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. ලොකු ලූණු බද්ද අඩු කරලා.. හෙට අනිද්දට අයවැය ආවම 25කින් අඩුකරපු එක 50කින් වැඩි කරන්න බැරියැ... හි හි

      Delete
  32. නියමයි. ඒත් මේකෙ මොකද්දෝ අඩුයි වගේ.
    මට නං අවුල චෝගම් නෙවේ. චෝගම් හොඳයි කියන්න දරන වියදම. මම දවසක් බුකියෙ ස්ටේටස් එකකුත් දැම්ම මේ ගැන. මේක තමයි කියන්නෙ “කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ“ කියල

    ReplyDelete
    Replies
    1. මොකද්ද අඩු???????????????? හ්ම්ම්.....

      Delete
  33. හිරුවාගෙනුත් කලටිපොල් පෝස්ට් එකක්!

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඩූඩ් අයියෙ.. මේවා ඇවිල්ලා රූං පෙති පෝස්ට්... හි හි

      Delete
  34. සමහර ජවුසං මුහුණු බැඳගෙන නටනවා....සමහරක් එව්වා බඳින්නේ නැතිව නටනවා. චොගම් කියන්නේ ඔය ක්‍රම දෙකම මිශ්‍රවූ ජවුසමක්. අවසානයේ වෙන්නේ වෙඩිං වීඩියෝ එකට වෙච්ච දේ තමයි. ටික කාලයක් යනකොට පොඩී එව්වෝ ඒකට උඩින් තව හින්දි බයිස්කෝප් එකක් රෙකෝඩ් කරලා.

    ඊයේ එංගලන්තේ 11/11/2013 ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකරනවා ශ්‍රීලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ කබ්බ මන්ත්‍රීවරුන් මේ චොගමට ගෙන්වගන්න කරපු නාස්තිකාර උත්සාහයන්. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලිකව හමුවී......එක මන්ත්‍රීවරයෙක් කියනවා....ඔවුන් අපට "අවශ්‍ය ඕනෑම් දෙයක් " දෙන්නට පොරොන්දු වුනා ශ්‍රීලංකා රජයේ විදමින්, කෙසේ හෝ එන්න කියා. සමහරක් ඔවුන්ගේ මිතුරියන් සමග පෙරහුරුවක් ලෙස ඇවිත් ගොසින් තියෙනවා. එක්කෙනෙක් ඔහුගේ අනාගත සහකාරිය සමග එන්ගේජ් වෙලා තියෙන්නේත් ...අපේ රජයේ විදමෙන් ගෙන්න ගත්ත වෙලාවක. කොන්සවේටිව් පක්ෂය මේ ගමන් මේ සතියේ තහනම් කරා...

    ටෙලිග්‍රාෆ් යනු ලෝකයේ පිලිගත් පුවත්පතක්...මෙය මාධ්‍යවේදීන් කංඩායමක් විසින් කරන ලද ගවේශනයක ප්‍රතිපලයක්. මෙම පුවත්පතේ 6වැනි පිටුවේ ඔවුන් සමග අපේ තානාපති සමග ඡායාරූප තියෙනවා. මේ මංත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාලු.....මේ සල්ලි කාගෙද????????? රෝහලකට බෙහෙත් පෙත්තක්?????????

    මේ කමෙන්ට් එක මේ විෂයට අදාල තවත් පෙස්ටුවක සටහන් කල බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. අද උදේ ටීවි එක බලලා වමනේ යන ගානට ආව නිසා ඒකත් ඕෆ් කරලා දැම්ම... හොඳ වෙලාවට පහුගිය ටිකේම බූස්ටරේ කැඩිලා තිබ්බෙ.. නැත්තං මෙලහට ඉස්පිරිතාලේ ඉන්න වෙන්නෙ...

      Delete
  35. ආ.......
    කරකෝපන් මලින්ද මාමේ රූං පෙත්ත.......
    සුපිරි හුලං පාර.......
    පට්ට ආතල් හලෝ... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොළඹ වටේම හයි කරලා තිබ්බ එකම එක රූං පෙත්තයි බං කැරකෙනවා දැක්කෙ.. ඒක දකිනකං මං හිතුවෙ ඒවා කැරකෙන්න හදපුවා නෙවෙයි කියල... හි හි

      Delete
  36. කොළඹ රෑ පුරා ලයිට් දා ගෙන ,මහජන මුදල් නාස්ති කරගෙන ,දුප්පතාගේ බෙල්ල යට කරන් ගිය රේස් අමතක කරපු ලංකා වැසියනට චොංගම් වෙනුවෙන් දාන ස්ටයිල් වලට නාස්ති වෙන මහජන මුදල් ටිකත් ,ටික දවසකින් අමතක වෙලා යාවි.....එකෙන් මේකෙන් හැමදාම වෙනවා වගේ අපි හැමෝම ලෝකෙට තියෙන ණය තවත් වැඩි වේවි..... :D>

    ReplyDelete
    Replies
    1. ඕවා අමතක කළේ නැත්තං මෙලහට මේකේ උන් ප්‍රෙශර් හැදිලම මැරිලා ඉවරයි මේ වෙනකොට ශානු...

      Delete
  37. උන්ගෙ ආතල් උන්ට ආතල් - අපේ ආතල් අපිට ආතල් ද?

    http://hudekalanowusithuwili.blogspot.com/2013/11/blog-post.html මේකත් ඔය ගැනමයි. 'වෙලාවක හුදෙකලා නොවූ සිතුවිලි' වලටත් ගොඩවෙලා යන්න.

    ReplyDelete
  38. කාපට් ඇතිරී කාපට් මතින්
    දැල්වී විදුලි පහනුත් ඒ මැදින්

    හිටවද්දීම පිපුණු මල් සුවඳින්
    ඉතිරෙයි කොළඹ කදිමට කිරි පැණියෙන්

    කුණු ගඳ ගහන වැව් වට සුදු ඇතිරිලි එතුවා
    පැල්පත් වසා ලොකු ටකරන් ගැසුවා

    විලිබිය නසන හැඳිවත විතරක් සතුවා
    දුප්පත් අපිට බඩකිනි ගානක් නැතුවා

    ReplyDelete
    Replies
    1. බඩකිනි ගානක් නැතුවා///

      ඒකනෙ මේ ආතල් එකේ ඉන්නෙ අපි ඔක්කොම.. හි හි

      Delete
  39. ඇයි ගෙදරට එන්න මග ඉඳල කාර් සර්විස් එකක් දාන්න. තව පාර දිගටම කොඩි උස්සන්න. ස්ටේෂන් එකත් අලුත් කරලා හදාගන්න. මෙහෙ නම් පවර්සෙට් එකක්ම ට්‍රයල් දුවවල හදනවා.
    අද මම අහගෙන ස්ටේෂන් වල ජාතික කොඩි උස්සන්න කියනවා..
    අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. මෙන්න අද චුයින්ගම් ප්‍රවෘති-
      රාජ්‍ය නායකයින්ගේ ගෑනුන්ට යන්න දාපු පවර් සෙට් එක නිසා,
      කොළඹ කොටුව- මහනුවර හවස නගරාන්තර දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේ විනාඩි 45ක් ද,
      බදුල්ල- කොළඹ කොටුව අංක 1006 දුම්රිය;
      බදුල්ලෙන් විනාඩි 15,
      නාවෙලපිටිය දුම්රිය ස්ථානයේ මිනිත්තු 30ක්,
      ගම්පොල දුම්රිය ස්ථානයේ මිනිත්තු 15ක්
      නවතා තබා ධාවනය කරන ලද අතර,
      මහනුවර දුම්රිය ස්ථානයේ ඇතුල්වීමට සහ පිටවීමට එක් දොරටුවක් පමණක් විවෘත කෙරුණි.
      කොළඹ කොටුව - මහනුවර අංක 1023 දුම්රියට එස් 12 (930/931) යොදා, මහනුවරින් එහාට W3- 665 සමග මැදිරි 4ක දුම්රියක් ධාවනය කෙරුනේ මිනිත්තු 25ක ප්‍රමාදයකිනි. මහනුවර දුම්රිය ස්ථානයේ අංක 2, 3 වේදිකා වලින් අද දුම්රිය ධාවනය සිදු නොවීය. එහෙයින් වේදිකා මද තත්වයක් උද්ගත වී තිබුණි..

      මේ මම මූනුපොතේ දාපු පොස්ට් එකක්. මේ මහනුවර දුම්රිය ස්ථානයේ අද තත්වය මේ චුයින්ගම් එක නිසා..

      Delete
    2. මට අර ටවුන් හෝල් එක හරියෙ පාරවල් හදනවා දැක්කමයි සංසාරෙ කළ කිරුනෙ.. මහ දවාලේ තාර දාගෙන පැලැස්තර දානව... තාර වේලෙන්නත් කලින් සුදු ඉරි අඳිනවා.. ඒ ඉරි වේලෙන්නත් කලින් ඒවා උඩින් වාහන යනවා...

      Delete
  40. දැන් හොඳට කාල බිල පස්සෙ ටිකටික ගෙවමු

    ReplyDelete
    Replies
    1. ටිකටික ගෙවමු///

      ඒක අපේ ජාතික වාක්‍යනේ...

      Delete
  41. හිරු විප්ලවයක් කරලානේ. ගමු ගමු ලෝන්. හැබැයි අපිටනම් ගෙවන්න බෑ ඕන්.......

    ReplyDelete
    Replies
    1. මොන විප්ලවද සුදා... තියෙන හැටියට කාලා බැරිනං ලෙව කාලා හරි ඉන්නවා මිසක්... හි හි

      Delete
  42. ශ්‍රී ලාංකිකයන් වන අප ආගන්තුක සත්කාරය ඉහලින්ම දක්වන පිරිසක් වේ :D

    ReplyDelete